Tharangi Senarath

Tharangi Senarath

Be happy for no reason is the most authentic form of happiness 🥰

16/12/2022

සුන්දර ගීත අතර වඩාත් සුන්දර වූත් පහන් හැඟීමක් ඇතිකරවන්නා වූත් ගීතයක් අහමු ද ❤️

07/11/2022

සඳවතක් වී මගේ තෙවන පද රචනය ගායනා කළේ ස්වකීය කුළුඳුල් ගීතය ලෙස විශාරද සමින්දි පරණවිතාන විසිනි.

ගීතයට මනරම් තනුවක් යොදා සංඟීතවත් කලේ අනුරාධ අබයසිංහ වන අතර එම ගීතයේ අපූර්වතම නාද රටා සුගත් හෙට්ටිආරච්චි විසින් මවන ලද අතර එයට බට නලා වාදනය එක් කිරීමෙන් ඔපවත් කලේ සුපුන් පීරිස් විසිනි.

මෙහි නාද සංකලනය සඳරු ගමගේ විසින් වන අතර එහි වූ රූප රචනය ලෂාන් සංජීව විසිනි.

ඒ හැම දෙනාටම හෘදයාංගම ස්තූතිය පළකරන අතර මෙතෙක් ගීතය නෑසූවා නම් මේ සෙනෙහස් ඇරයුම ඔබ වෙනුවෙන්මයි.❤️

බලා හිදින්නට අවසරයි සඳවතක් වී ආදරයෙන්❤️

06/08/2022

ගී නෙත් සිතුවම් මැවූ අපූර්වතම රූප රචනාව සමඟින් "සඳවතක් වී" අසන්නට දකින්නට ඇරයුම් ආදරයෙන් ❤️

06/07/2022

ගොඩක් ස්තූතියි මේ කවි එකතු කර ගත්තට. ❤️❤️🙏🙏

18/06/2022

ගීතයක් බවට පත් වූ මගේ තෙවන පද රචනය මනරම් වූත් සුඟම වූත් තනුවක් හා ඉතාමත් මියුරු සංගීතයකින් හැඩකල අනුරාධ ඔබටත් සුගායනීය මනරම් හඬ ලබාදුන් සමින්දි ඔයාටත් ගොඩක් ආදරෙයි ,මගෙ වචන වලට අගයක් ලබාදීම වෙනුවෙන් ❤️

අසා බලන්නට ඈ ගයන මිහිරියාවේ අපූර්වත්වය ඇරයුමයි මේ ඔබ සැමට ❤️🙏

https://youtu.be/OoqUKm8G_ME

17/06/2022

ලස්සනම ගීතයක් වන තුරාවට

ඔබ මා ලං වූ දින දුටු සිහිනේ
මතකයි මනමාලිය වී මා
මල් ලියකම් රැඳි සිනිඳු සේල හැඳ
මල් පොකුරක් අතගෙන සිටියා
සිත්තම් බොඳ වී සිහින මියෙද්දී
නොදැනිම ඒ මල් මිලින වෙලා

මතු මතු සසරේ නුඹේම වී මා
ඉන්නයි පැතුවේ සිතැඟි ලෙසින්
මල් පෙති මිලිනව බිමට වැටෙද්දී
මිහිලිය සැලුනේ උමතුවකින්

පවනද රළු වී දසත හමද්දී
ඉරණම සරදම විලස ඇවිත්
මා දුටු සිහිනේ ඉරණම් කාරිය
හිනහෙනවා මා නොවන වෙසින්

Gayena Gee Nada - Devika Chathurani (ගැයෙන ගී නද - දේවිකා චතුරාණි ) 04/06/2022

මගේ දෙවන ගීතය .සෙනෙහසට ආදරයෙන් ගැයෙන ගී නද.
දේවිකා ඔයා මගේ වචන වලට ලස්සනට පණ දුන්න අනුරාධ එක්ක .ඒ වෙනුවෙන් හද පිරි ආදරය පිලිගන්න. ❤️

https://youtu.be/V-wcTEgqoVw

Gayena Gee Nada - Devika Chathurani (ගැයෙන ගී නද - දේවිකා චතුරාණි ) Melodies of Anuradha Abayasinghe අනුරාධ අබයසිංහ ගී තනු නිර්මාණVocals- Visharad. Devika Chathurani Lyrics -Tharangi Senarath Music and Melody - Anuradha Abaya...

Robarosia (රොබරෝසියා ) 02/06/2022

මගේ කුළුඳුල් ගී පද රචනය නැවත ඔබ සැම වෙනුවෙන් හද පිරි ආදරයෙන් ❤️🙏

https://youtu.be/E472th60zQghttps://youtu.be/E472th60zQg

Robarosia (රොබරෝසියා ) Vocal: Anuradha Abayasinghe Lyrics:Tharangi SenarathMelody & Music: Anuradha Abayasinghe

01/06/2022

❤️🙏

Videos (show all)

සුන්දර ගීත අතර වඩාත් සුන්දර වූත් පහන් හැඟීමක් ඇතිකරවන්නා වූත් ගීතයක් අහමු ද ❤️
සඳවතක් වී මගේ තෙවන පද රචනය ගායනා කළේ ස්වකීය කුළුඳුල් ගීතය ලෙස විශාරද සමින්දි පරණවිතාන විසිනි.ගීතයට මනරම් තනුවක් යොදා සංඟ...

Website