MLix Beauty Products

MLix Beauty Products

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MLix Beauty Products, Health/Beauty, .

04/09/2021

තරුණ විදිහට හැමදාම ඉන්න කවුද අකමැති.🥰🥰🥰🥰

🤔 නමුත් හැමදාම එකම විදිහට ඉන්න පුළුවන් ද?

🤔 එහෙම ඉන්න බැරි වෙන්න හේතු මොනවද?

🤔 ඒ හේතු වලින් අපි වැලකිලා ඉන්නෙ කොහොමද?

අපි අද කතා කරන්න යන්නේ අන්න ඒ සම්බන්ධවයි.😇😇😇

වෙෙදය විදයානුකූලව තරුණ පෙනුමක් ලබා ගන්න නොහැකියාවක් නෑ. මොකද ඒ සදහා විවිධ ක්‍රම දැන් තියනවා.

හැමෝටම තියන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ වයසක පෙනුම එන්නෙ කියන එක. එයට ප්‍රධාන හේතුව තමයි හමේ තිබෙන කොලජන් ස්ථරය හානි වීම. තව සමහර කෙනෙක්ට ඇති වන ප්‍රශ්නයක් තමයි ඇයි මේක මූණට පමණක් බලපාන්නේ කියන එක. මේ තත්ත්වය මුළු ශරීරයේම🧘‍♀️🧘‍♀️🧘‍♀️ සමට බලපානවා. අපි බොහෝ දුරට විවිධ ප්‍රතිකාර මුහුණට සිදු කලත් දෑත් දෙපා සදහා ප්‍රතිකාර නොකරන බැවින් සමහර අයෙක්ගේ මුහුණට සාපේක්ෂව වැඩි පෙනුමක් දෑත් දෙපා වලින් පිළිබිඹු වෙන්න පුළුවන්.

අපි නිරන්තරයෙන් ගෙවෙන හැම තප්පරයකින්ම වයසට යනවා. වයසට යාම හැරුණු කොට සම වෙනස් වෙන්න බලපාන තවත් කාරණා තියනවා.

⚡ භාහිර පරිසරයේ බලපෑම්.
⚡ අභ්‍යන්තර ශරීරයේ ඇති වන වෙනස්කම්.

භාහිර පරිසරය ගත් විට

🌞 හිරු එළිය
❄ සීතල
🔥 උෂ්ණත්වය
☀️ වියළි බව
💧 තෙත බව

වැනි දේවල් බලපානවා.

ඊට අමතරව බලපාන දෙයක් තමයි අපි ආලේප කරන ප්‍රමිතියකින් තොර 💧💧💧 ආලේපන වර්ග.

තවද කිරණ වර්ග, හිරු එළිය 🌞 වැනි දේවල් ගත් විට අධෝරක්ත ⚡ කිරණ වර්ග ප්‍රබලයි. මේ කිරණ අතරින් C කිරණ පොළවට පතිත නොවන අතර AB කරණ පොලවට පතිත වේ. A කිරණ වලින් කොලජන් තට්ටුව විනාශ කරන අතර B කිරණ වලින් සම🤲 දුර්වර්ණ වෙනවා.

මේ දෙකම සිදු වු විට සම රැලි වැටුණු දුර්වර්ණ වු වයසක පෙනුමක් පෙන්වනවා. නිදසුනක් ලෙස එය ඔබ ජීවත් වන වට පිටාවේම සම වයස් වල සිටියද ගෘහස්ථව රැකියා කරන අයට වටා වැඩි පෙනුමක් එළිමහන් රැකියා වල නිරත වන අය සතු වෙනවා.

මීට අමතරව ලෙඩ රෝගද බලපානවා. වැරදි 🥪🍕🌮🌭🍔 ආහාර පුරුදු නිසාද හම වයසට යනවා.මෙයින් වැදගත්ම දේ තමයි හිරු එළියෙන් 🌞 ආරක්ෂා නොවීම හා ප්‍රමිතියකින් තොර ආලේපන🧫🧫🧫 වර්ග භාවිතය. ආලේපන වර්ග තෝරා ගැනීමේදී අප ප්‍රවේසම් විය යුත්තේ මේ නිසයි.

❓❓❓මෙම තත්වය වළක්වා ගන්නේ කෙසේද?

චර්මය යනු තනි සෙෙල තටිටුවකි. මෙහි ඇති කොලජන් තංතු මගින් සම මතු පිට සෙෙල නිශ්පාදනය කරයි. මේ ආකාරයට සජීවී සෙෙල තටිටු 7/8 ක් පමණ සම මතුපිට තිබෙනවා. සමේ දිදුලන බවක් ලස්සනක් දක්නට ලැබෙන්නේ මෙම සෙෙල තට්ටුව නිරෝගී නම් පමණි. 🌟🌟🌟

ඉන් පසු ටික දිනකින් මෙම සෙෙල අර්ධ ලෙස අජීවී බවට පත් වී පසුව අජීවීව ගැලවී යාමකට ලක් වෙනවා. සාමාන්‍ය සමක මෙම අජීවී සෙෙල සුළඟට මෙන්ම ස්පර්ශ වීම මගින්ද ගැලවී ගියත් වියළි සම තුළ මෙම සෙෙල දක්නට ලැබෙනවා. සම මතු පිට නිය මගින් ඇන්ද විට සුදු පාටට මතු වන්නේ මෙම මියගිය සෙෙලයි.

දිදුලන ⭐⭐⭐ හොද සමක් උරුම වන්නට කොලජන් ස්ථරය නිරෝගී විය යුතුය. කොලජන් තන්තු යනු, ප්‍රෝටීන වර්ගයකි. චර්මයට අවශ්‍ය රුධිර නාල සහ ස්නායු සපයන්නේ ද මෙම කොලජන් තංතු හරහායි.

මෙලෙස වටිනාකමක් ඇති කොලජන් තට්ටුව හානි උන පසු මතු පිට තිබෙන සම තුනී වීමකට ලක් වෙනවා. පසුව සම එල්ලා වැටීමකට ලක් වෙනවා. වයසට ගිය පුද්ගලයකුගේ සම බෙල්ල යටින් මෙන්ම නිකට යටින් එල්ලා වැටීම දක්නට ලැබෙන්නේ මේ නිසාවෙනි.

❕❗❕❗❕

ඇත්තෙන්ම, කොලජන් තටිටුව හානි වූ පසු හම පෘෂ්ඨිමත් භාවය අඩු වෙනවා. හම තුනී උනාම සම යට තිබෙන මේද තටිටුවත් හොද සහයෝගයක් සමට දෙන්නෙ නෑ. ඒ ලෙසට හම පහලට ඇදී යාමක් සිදු වෙනවා.

මේ සදහා ප්‍රතිකාර ඉතා පහසුයි. කොලජන් තටිටුව විශාල කර ගැනීමට නමි කොලජන් තටිටුව උත්තේජනය කරමින් ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනවා. ප්‍රමිතියකින් යුතු වෙෙද්‍ය විද්‍යානුකූලව තහවුරු කල මේ සඳහාම නිම උන ආලේපනක් භාවිතාය, මසකට එක බැගින් එක දිගට මාස 3ක් hifu කිරීම වැනි ක්‍රම මගින් මෙම තත්ත්වයට යහපත් පාලනය කල හැකිය.

🔄🔄🔄🔄🔄🔄

‐------------------------------------------------

මේ වගේ වටිනා දේවල් පිළිබඳව ඉදිරියටත් දැනුවත් වෙන්න අපේ Page එකට Like 👍👍👍 කරල එකතුවෙලා ඉන්න අපිත් එක්ක.

ඒ විතරක් නෙමෙයි. ඔයාලගෙ යාළුවො අතරත් මේ දැනුම බෙදාගන්න.

01/09/2021

දිනපතා ෂැම්පු කිරීම අහිතකර බව ඔබ දැන සිටියාද???

😎😎😎😎

අපේ ශරීරයේ සම ගත් විට කිලිටු වන ප්‍රමාණය වැඩි උවත් හිස් කබල වසාගෙන සිටින කෙස් හේතුවෙන් හිස් කබල කිලිටු වන ප්‍රමාණය අඩුයි.🌼🌼🌼

ඒ නිසා රසායන ද්‍රව්‍යක් වන ෂැම්පු නිතරම භාවිතා කරන්න අවශ්‍ය වන්නේ නෑ. අපගේ හිස් කබල මතු පිට යමි කිසි තෙල් මටිටමක් පැවතිය යුතු වෙනවා. මෙම තෙල් මටිටම කෙස් ගසේ සරු බවට ද බලපානවා. මෙලෙස ඔබ දිනපතාම ෂැම්පු කළොත් මෙම තෙල් මටිටම පහව ගොස් හිස් කබල වියලීමකට ලක් වෙනවා.

💦💦💦💦💦💦

තවත් කරුණක් තමයි, ෂැම්පු කල පසු හිස හොඳින් සෝදා ෂැම්පු ඉවත් කල යුතු වෙනවා. හිස් කබල වියළී යාමෙන් හා ෂැම්පු නිසි ලෙස සෝදා ඉවත් නොකිරීමෙන් වියළි හිස් හොරි පවා ඇති වීමට ඉඩ කඩ සුලභ වෙනවා.

💆‍♀️💆‍♀️💆‍♀️

කිසිම විටෙක ෂැම්පු කිරීම මගින් කෙස් ගසට පෝෂණයක් ගෙන නොදෙයි. ෂැම්පු වල කාර්යය වන්නේ හිස පිරිසිදු කිරීම පමණයි. ෂැම්පු භාවිතා කිරීමේ දී ඝෘජුවම හිස් කබල මත තැවරීම නොකර වතුරත් සමඟ මිශ්‍ර කර හිස් කබලේ ආලේප කිරීම කෙස්ගස් වල ආරක්ෂාවට බෙහෙවින් උපකාරී වේ.

🧖‍♀️🧖‍♀️🧖‍♀️

නමුත් කන්ඩිෂන(ර්) දිනපතා කෙස් සදහා භාවිතා කිරීම ඉතා සුදුසුයි. මොකද කියනවනම්, කන්ඩ්ෂන(ර්) වල ප්‍රධාන කාර්යය වන්නේ කෙස්ගස් පෝෂණය කිරීමයි. ඒ අතරම කන්ඩිෂන(ර්) භාවිතා කිරීමේ වාසි රාශියක් තිබෙනවා. කෙස්ගසේ පිටතින්ම තිබෙන කියුටිකල් ස්ථරය මාළුවකු ගේ කොරපොතු පිහිටන ආකාරයට පිහිටා තිබෙන අතර ෂැම්පු කිරීමෙන් හා ජලය තුළ අඩංගු වී ඇති සංඝටක හේතුවෙන් මෙම ස්ථරය තරමක් විවෘත වීමක් සිදු වේ. 💦කන්ඩිෂන(ර්) කිරීම මඟින් මෙම තත්ත්වය පහව යයි. තවද හිස කෙස් අවුල් වී යාම,ගැට ගැසීම, කැඩී යාම වැනි සිදුවීම් වලින් කෙස් ගස ආරක්ෂා වේ.

ඔබ කන්ඩිෂන(ර්) භාවිතයේ දී කිසිම විටෙක හිස් කබල සඳහා භාවිතා කරන්න යන්න එපා. කන්ඩිෂන(ර්) කෙස් වල ගල්වා හැකි නම් ලොකු දැති සහිත පනාවක් ආධාරයෙන් පීරා ගන්න. නැතිනම් ඔබේ දෑත් පනාවක් ආකාරයට කෙස් අතරින් ගෙන යන්න.කන්ඩිෂන(ර්) හිස කෙස් වලින් සම්පූර්ණයෙන්ම ඉවත්ව යන තුරු සෝදන්න යන්න එපා. ඔබ ස්නානය කිරීමට පෙර කොණ්ඩය ගැට හැර පීරා ගන්නටත් අමතක කරන්න එපා…

💟💟💟💟💟

_______________________

අනිත් අයටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්න එපා...🤗🤗🤗

Like and share 💙💙💙

Website