Smart Lady with Danu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Smart Lady with Danu, Business consultant, .
Good Morning All😍
හදවතට ගොඩාක් දැනුණු post 1ක්❤️
Good Morning world 🙂🌞
එක්තරා තරුණයෙක් තම පියා සමග විරසකයක් ඇති කරගෙන නිවසින් පිටවෙලා යනවා…කිසිම අරමුණක් හෝ පැහැදිලි දැක්මක් නොමැතිව…අග නගරයේ ඔහේ ඉබගාතේ ඇවිද යන ඔහු එක්තරා දැවැන්ත රාජ්‍ය ආයතනයකට යන ප්‍රධාන පාරක් අයිනේ තිබෙන කොට්ටම්බා ගස් කීපයක් ඇති ස්ථානයක නතර වන්නේ වෙහෙස නිවා ගන්නයි…ඔහු දකිනවා කොට්ටම්බා ගස් මුල විශාල වශයෙන් කොට්ටම්බා වැටී තියෙනවා..වෙහෙස හා දැඩි කුසගින්න සහ මානසික ආතතිය යන තත්වයන්ට පත් වෙලා හිටපු මේ තරුණයා කොට්ටම්බා ගෙඩි කිහිපයක් කළු ගලක් මත තබා තවත් ගලකින් තලමින් කොට්ටම්බා මද කමින් ටික වෙලාවක් එහි ගත කරමින් ඉන්න විට ඔහුට ඔහුගේ ඉරණම ක්ෂණයකින් වෙනස් කරන්න සමත් වුණ නව අදහසක් සිතෙහි ජනිත වෙනවා…
අග නගරයේ දැවැන්ත රාජ්‍ය ආයතනයකට ප්‍රවිෂ්ට වෙන ප්‍රධාන මාර්ගය තුළ දිනපතා විශාල ජනතාවක් ගමන් කරන මාර්ගයක්…එසේම මධ්‍යම ප්‍රාන්තිකයන් , ධනවතුන් , ප්‍රභූන් ගමන් කරන මාර්ගයක් ..ඇවිදින මන්තීරුවකින් සමන්විත සවස් යාමයේ විශාල ලෙස ජනතාව ව්‍යයාම කීරීමට පැමිණෙන පෙදෙසක්..ඒ වගේම ප්‍රසිද්ධ උද්‍යානයක් අසල පිහිටා ඇති ප්‍රදේශයක්…ඉතින් මොහුට ඇති වන සිතිවිල්ල තමයි කොට්ටම්බා ගෙඩි තලා මද එකතු කර අලෙවි කරන වෙළෙන්දෙක් බවට පත් වෙන්න ඕන කියන එක…ක්ෂණයකින් ඇති වෙන එම සිතිවිල්ල ඔහු ඔහුගේ ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂය බවට පත් කර ගන්න ඔහුට පුළුවන් උණා……මුලින්ම ඒ අසල තිබෙන කොට්ටම්බා ගස් වලින් වැටී තිබෙන ගෙඩි සියල්ල එකතු කරන ඔහු එ්වා තලා මද එකතු කර කැන්ද කොළ වලින් සාදා ගත් ගොටුවලට පුරවා විවිධ මිල ගනන් යටතේ අලෙවි කිරීමට පටන් ගන්නවා..රුපියල් සියයයේ සිට රුපියල් පන්සීය දක්වා මිල ගනන් යටතේ කොට්ටම්බා මද ගොටු සකස් කරන ඔහු ඒවා විකිණීමට පටන් ගන්නවා..දවසින් දවස ඔහුගේ කොට්ටම්බා මද කෑමට එන පිරිස වැඩි වෙන්න ගන්නවා..එසේ එන සියලුම දෙනා ඔහුව අගේ කරනවා..ඔහු කරන වෙළදාම ඉතාම වටිනා සේවයක් බව ඔහුට කියමින් ඔහුව ධෛර්යමත් කරනවා..වස විසෙන් තොර ඉතාම වටිනා ඔෟෂධීය ගුණයකින් සමන්විත කොට්ටම්බා මද මෙසේ මිනිස්සුන් අතට පත් කිරීම ඇත්තටම ලොකු සේවයක් තමයි…මෙසේ ඔහුව අගය කරන බොහෝ අය ඔහුගෙන් කොට්ටම්බා මද මිලදී ගෙන නැවත යන්නේ ඉතුරු සල්ලි පවා අරගන්නේ නැතිවයි ..මෙය ඉතාම සරු වෙළදාමක් බවට පත් වෙනවා..ඒ වගේම විශාල පාරිභෝගික පිරිසකුත් ඔහු වටා ගොඩ නැගෙනවා..මෙය ඉතාම ලාභදායි වෙළදාමක් .මොකද නිශ්පාදන වියදම් විදුලි බිල් ජල බිල් ප්‍රවාහන වියදම් හෝ කඩ බදු කිසිවක් නොමැති වීම..ඔහේ ගස් යට වැටෙන කොට්ටම්බා ගෝනි කිහිපයක් එකතු කර ගෙන ඒවා තලා මද ලබා ගැනීමට යොදවන මහන්සිය පමණයි…මෙසේ දිනෙන් දින වෙළදාම සරු කර ගන්නා ඔහු තව තව ජාති පොඩි පොඩි ලාබ තියාගෙන විකුණනවා …තැබිලි දොඩම් යුෂ පළතුරු වර්ග .. ඉතින් කොට්ටම්බා නොමැති කාලේට ඔහු අනෙකුත් ජාති විකුණනවා ඉතින් ඔහුට වසර පුරාවටම හොදට වෙළදාම සිද්ද වෙනවා..දිනෙන් දින දියුණුවට පත් වෙන ඔහු පස්සේ කාලෙන හොද ධනවතෙක් බවට පත් වෙලා හොද වාහන හොද නිවසක් සහ තවත් ව්‍යපාර ගණනක් හිමි සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා…
ඉතින් හිතන්න අපි කවුරුවත් නොහිතන පොඩි දේකින් ව්‍යාපාරික ක්ෂෙත්රයට අත්පොත් තැබූ ඔහු අද හොද සල්ලි කාරයෙක් වෙලා.. හොද ජීවිතයක් ගත කරනවා..ඔහුට එදා ඔහේ ඉබාගාතේ ඇවිද යද්දී කොට්ටම්බා කීපියක් තලමින් ආහාරයට ගන්න කොට ආපු සිතිවිල්ල ක්‍රියාවට නැංවීමෙන් ඔහු ලගා කර ගත් අති සාර්ථකත්වය තමයි ඒ…
ඔහු ඔහුගේ හිත තුළ ජනිත උන සිතිවිල්ල එම අවස්ථාවෙදී ම ක්‍රියාවට නැගුවා.. එම නිසා ඔහු සාර්ථකත්වයේ මුදුනටම ගියා..හිතන්න එම සිතිවිල්ල සමග ඔහු තුළ හට ගන්නා ලද සෘණාත්මක අදහස් බලවත් උනානම් අද ඔහුට එම සාර්ථකත්වය ලගා කර ගන්න පුලුවන්ද …ඔහු හිතුවනම් කොට්ටම්බා විකුණලා කවද ගොඩ යන්නද?…
කවදා හැදෙන්නද…අනික කොට්ටම්බා හැමදාම තියෙනවද.
එක කාලෙකට විතරයි..ඒ නැති කාලෙට විකුණන්න කොහෙන්ද කොට්ටම්බා ..මේ වගේ දේවල් හිතුවනම් අද ඔහු අර ඉබාගාතේ ගියපු තරුණයම තමයි…
වැදගත් වෙන්නේ පටන් ගැනීමයි…ඊට පස්සෙ තමයි අනික් හැමදේම..පටන් නොගෙන අනික් දේවල් ගැන හිතනවා කියන්නේ කවදාවත් පටන් ගන්නේ නෑ..පටන් ගන්නේ නෑ කියන්නේ ඔහු සාර්ථක වෙන්නේ නෑ කියන එක…මිනිහෙකුට ලේසියෙන් පටන් ගන්න බෑ වගේම පටන් ගත්ත මිනිහෙක් ආයේ ආපස්සට හැරෙන්නේ නෑ..මම ඒක කියන්නේ අත්දැකීමෙන්..පොළවේ පස් කාලා උඩට යන කෙනා උඩටම යනවා…ඒක වලක්වන්නට සක්‍රයටවත් බෑ……
අනිත් එක අපි පටන් ගන්න ඕන අපිට පුලුවන් සහ අපි දන්න තැනින් ..ඒක තමන්ගේ කැමැත්ත සහ ආශාව වෙන්න ඕන…ඒක වෙන කෙනෙක්ගේ ආශාව හෝ කැමැත්ත වෙන්න බෑ..ඒකට අම්මද තාත්තද බිරිදද පෙම්වතියද කියන එක අදාල නෑ…තමන්ට හරි දේයි තමන් කරන්න ඕන..ඒක තමන්ට විශ්වාස නම් වෙන අයගේ කතා මොකටද…තමන්ට ඕන සාර්ථක වෙන්නම් ඒක කොතනින් මොන විදියක පටන් ගත්තත් එකයි…දුර දකින මිනිහෙක් මේ දැන් තියෙන පොඩි පොඩි බාදා පයිසෙකට මායිම් කරන්නේ නෑ…එයා ඉන්නේ එතන..ඈත දුර හීනේ …ඒක එයාට වෙනවා කියලා හොදටම විශ්වාසයි…
අපේ සමහරු ඉන්නවා මොන තරම් වටින ව්‍යාපාරික අදහස් තිබුණත් පටන් ගන්න බයයි..හිතන්නේ මිනිස්සු මොනවා කියයිද අම්මා තාත්තා අපේ අරමයි මෙහෙමයි..ඉතින් මම මෙහෙම දෙයක් පටන් ගත්තොත් ඒ අයගේ නම්බුකාර කම වතුරේ..ඇත්තටම කිව්වොත් මාත් පටන් ගත්තේ බිංදුවෙන් කවුරුත් හිනා උනත් …ඕවා උබගේ පරම්පරාවේ එකෙක් කරපු වැඩද කියලා අහපු අය හිටියා මූණටම…හැබැයි ඉතින් ඒවට හිනා උනා විතරයි..වැඩ කරලා උත්තර දෙනවා කියන හැගීම විතරයි හිතේ තියා ගත්තේ…හැබැයි එහෙම කියපු ගොඩාක් අය දැන් අහන්නේ බිස්නස් සරුද කියලා විතරයි…
අපි දේවල් පටන් ගන්න ඒ ක්ෂේත්රය ගැන සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න හෝ අවබෝධ කරගන්න අවශ්‍ය නෑ..අවශ්‍ය වෙන්නේ හොද කළමණාකරුවෙක් වීම විතරයි…වැඩේ කෙරීගෙන යද්දී අපි හැමදේම ඉගෙන ගන්නවා සහ ප්රත්යක්ෂ කර ගන්නවා…අද්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නවා …එහෙමයි සාර්ථකත්වය කරා යන්නේ..සාර්ථක මිනිස්සු තමන්ගේ ගමන ගියේ එහෙමයි…ඒක පිනවත් ඒක වාසනාවන්ත බව වත් නෙවෙයි…
පකිස්ථානයේ යකඩ ගැහැණිය නමින් විරුදාවලිය ලත් ඇය නමින් මුනිබා මසාරි (Muniba Mazari) . 1987 මාර්තු මස 03 වන දින පකිස්ථානයේ රහීම් යා කාන් හි උපත ලද ඇයව 2015 දී BBC පුවත් සේවය මගින් ලොව ආකර්ෂණීය කාන්තාවන් සියදෙනා අතරට නම් කරනවා. ලොවක් ආකර්ෂණය කරගත් ඇය ආ ගමන එතරම් ලේසි පහසු නම් නෑ.
කළා උපාධියක් හිමි උගත් තරුණියක් වූ මුනිබා අවුරුදු 18 දී තම පියාගේ වුවමනාව මත විවාහයට පත් වෙනවා. විවාහයෙන් සතුට උදා වෙන බව සියලු දෙනාම ඇයට පැවසුවද ඒ තුලින් ඇයට සතුටක් නම් ලැබුනේ නෑ .2007 වසරේදී අවාසනාවන්ත ලෙස සිදු වූ රිය අනතුරක් නිසාවෙන් මුනිබා අබාධිත තත්වයට පත්වෙනවා. ඇගේ සැමියාට නින්ද යෑම නිසා ඇය ගමන් ගත් වාහනය මෙලෙස අනතුරට ලක් වුන අතර මුනිබාගේ සැමියා වහනයෙන් එලියට පැන ජීවිතය බේරා ගත්තද මුනිබා ඒ තුල සිරවීමෙන් බරපතල ලෙසට ඇගේ කොදුඇට පෙළට හානි වෙනවා.මුනිබාට අවුරුදු 20ක් වන විට ඇය ජිවිත කාලයටම දෙපා අප්‍රාණික වූ අබාධිත තරුණියක් බවට පත් වෙනවා.
මුනිබාගේ ස්නායු පද්ධතියට සිදු වූ හානිය නිසා ඇය මෙලෙස සදහටම අබාධිත තත්වයට පත් වුනා වගේම ඒ හේතුවෙන් මුනිබාට අවරුදු 2ක් රෝහලක ඇදක් මතට වී සිටීමට සිදු වෙනවා.මේ කාලයේදී ඇයව බැලීමට රෝහලට පැමිණෙන අය සමග කතා බහ කිරීමට මුනිබාට ඒතරම් කැමැත්තක් නොවුන නිසාම සැමවිටම නිදි ලෙස සිටීමට ඇය උත්සහා ගත්තා.නමුත් පැමිණෙන්නන් තම මව සමග කතාබහ කරන දේ පිලිබදව අවදානයෙන් සිටීමට ඇය අමතක කලේ නෑ. බොහෝදෙනා තමාට සිදු වී තිබෙන මෙම අබාධිත තත්වය නිසා ඇයට අනාගතයක් නොමැති බවත් අප්‍රාණික දෙපා නිසා කිසිවක් කර කියා ගත නොහැකි වනු බවත් තම මව සමග පවසනවා මුනිබා අසාගෙන සිටියා. ඇයට ඇවිදීමට නොහැකිය,චිත්‍ර ඇදීමට දෙඅත් එසවීමට නොහැකිය."ඇයි මම තවමත් ජිවත් වෙන්නේ?" මුනිබා මුනිබාගෙන්ම ප්‍රශ්න කරා.
ඇය බොහෝ සෙයින් උත්සහා දරනවා ඇගේ නොහැකියාවන් සගවා සිටීම. නමුත් අවාසනාවන්ත ලෙස ඇගේ පියා සහ සැමියා ඇයව ප්‍රතික්ෂේප කරනවා.අවසානයේදී ඇයට අයගේ මව සහ සහෝදරයා පමණක් ඉතිරි වෙනවා.
කාලයත් සමග ඇය තේරුම් ගන්නවා,මිනිස්සු බය බව දේවල් නැති වෙනවාට සල්ලි,පවුල,සමාජය වගේම නොදන්නා දේවල් පවා නැති වෙනවාට බය බව.පෝසත් වීමට,ප්‍රසිද්ද වීමට මිනිස්සුන් බෝහෝ කැමති උනත් යම් යම් දන්නා නොදන්නා දේවල් නැතිවෙයි යන බයෙන් එම ආශාවන් ,අවස්ථාවන් මගහැරගන්නා බව මුනුබා තේරුම් ගන්නවා. ඒ නිසාම ඇය තීරණය කරනවා නැති වීම තුලින්ම පටන් ගන්න.ලේසි පහසු නොවුනත් ඇය දිගටම උත්සහ කරනවා.නැවතත් ජීවත්වීමට.දුක සහ පසුතැවීම නැති කර ගැනීමට චිත්‍ර ඇදීන්න පටන් ගත්ත මුනිබා එම සිතුවම් ඇගේ blog පිටුව හරහා බෙදාහැදා ගත් අතර ඒ සදහා විශාල ඉල්ලුමක් ගොඩනැගෙන්නට විය.ඒ තුලින් මුනිබා "Muniba's Canvas "ලෙස ඇගේ සන්නාමයක් ගොඩනගා ගන්නවා. ඒ අතරම සමාජ සේවය සදහා රෝද පුටුව ආධාරයෙන් ගමන් ගැනීම පටන් ගන්නා මුනිබා ළමා අයිතිවාසිකම් සහ අපචාර වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වෙනවා.
පසුකාලීනව ඇය සදහන් කරන පරිදි අබාධිත වීමෙන් පසු ඇය තුල තිබු ලොකුම බය වුයේ දික්කසාද වීම සහ දරුවෙක් ලැබීමට නොහැකි බව වෛද්‍යවරුන් පැවසීම බව. ඇගෙන් වෙන් වූ සැමියා නැවත වරට විවාහ වන බව දැනගත් මුනිබා ඔහුට සුභපතා කෙටි පණිවිඩයක් යැවීමෙන් සහ දරුවෙකු හදා වඩා ගැනීමෙන් ඇය සතු ලොකුම බිය පරාජය කල බවත් ඇය සදහන් කරනවා.
තරුණියකගේ ලස්සනම වයසේදී සදහටම අබාධිත තත්වයට පත් වන මුනිබා එක්සත් ජාතීන්ගේ පකිස්තානු තානාපති ලෙස පත් වූ පළමු කාන්තාව වන අතර ඇය දක්ෂ චිත්‍රශිල්පිනියක් මෙන්ම මෝස්තර නිරුපිකාවක් වෙනවා.අවසානයක් නොමැති අභියෝග හමුවේ ප්‍රතික්ෂේප වීම් දරාගෙන ජීවිතය දිනන්න තම ආත්ම විශ්වාසය ගොඩනගා ගත් ඇය, සිනහවෙන් යුතුව "They called me disabled,I call myself differently able " ලෙස පවසනවා.
"ඔවුන් මම අබාධිත බව පවසනවා,මම ඔවුන්ට මම වෙනස් හැකියාවන් සහිත කෙනෙකු බව පවසනවා "🙂❤️
වෙනස් හැකියාවන් ලොවම දිනු මුනිබා,ලොවම ආකර්ෂණය දිනා ගත් ධෛර්යය වන්ත කාන්තාවක් බව ඇයට නොහැකි බව පැවසු සියලු දෙනාටම පසක් කර දී හමාරය.
Yes❤️🙂🙂
ඔබගේ මනසේ රැදී ඒ ඍණාත්මක සිතුවිලි වලට සමු දී ධනාත්මක සිතුවිලි තුලින් ඔබේ ජීවිතය ආලෝකමත් කර ගන්න..💪💪
අපි හැමෝම ආසයි අපේම කියල දෙයක් ගොඩනගන්න.නමුත් ආසයි බයයි වගේ දෙයක් දැනෙන්න පුළුවන්.. *Reframing a Negative Mindset* මේ කියන්නට යන්නේ අපි කාටත් පොදු අපි කවුරුත් හැමවෙලේම මට නෑ, මට බෑ, අම්මෝ අමරුයි, මට කරන්න පුළුවන් වෙයිද දන්නෙනෑ, මම ඔය දේවල් කරන්න වයස වැඩි මට එක හින්දා ඔය දේවල් කරන්න බෑ කියල කියන, තමන් ගැන මේ විදියට frame එකක් ඇතුලේ හිර වෙලා ඉන්න කාන්තාවන් වෙනුවෙන් ; 😊
ජීවිතයේ කිසිම දෙයක් ලෙසි නෑ..
>ඔබට යම් දෙයක් කරන්න බැරි නම් ඒ කරන්න බැරි දේ කිරීමට උත්සාහ ගන්න ඔබ, සැබෑ දක්ෂයෙක්.ඒ වගේම ඉගෙන ගන්න ඔබට, උවමනා දේ කල යුත්තේ කෙසේ ද කියා..
>ඔබ දන්නෙ නෑ කියලා ඔබගේ මනසින් පණිවිඩය ලැබුන සැනින්, ඔබ සොයන්න ගන්න ඔබ දන්නෙ නැති දේ පිළිබඳව ...
> "අම්මෝ හරි අමරුයි නේ"කියලා සිතෙන විට ඔබ එය අභියෝගයක් ලෙස ගන්න ඔබේ මනසට පණිවිඩය දෙන්න..
> ඔබට යම් දෙයකින් ජය ගැනීමට නොහැකි වේයැයි ,ඔබේ මනස ඔබට වද දෙන විට ඔබ "නෑ මට පුළුවන් උපරිමයෙන් කරන වායැයි" අදිටන් කර ගන්න...
> ඔබ නොහිතනා විටකදී ඔබට යමක් කිරිමට ඇත්නම් හිතන්න එපා මෙක නෙමෙයි හොදම වෙලාව කියා කිසි දෙයක් මග හරින්න එපා...මන්ද අයෙත් ඔබට ඒ දෙවල් ඔනා උනත් ලගා කර ගත නොහැක..ඔබට නොහිතනා මොහොතේ දී ඔබට ලැබෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන්න ...
> ඔබ යමක් කිරිමට යන තැන් හී ඔබ දක්ෂයෙක් නම් ඔබ ඔබව විශ්වාසය කරනවනම් වයස යනු ඉලක්කමක් පමණක් බව මතක තබා ගන්න ..
Good Morning ❤️❤️
මේ කතාව මොන තරම් නම් ඇත්තක්ද 🙂
ඉතින් අපි අපේ හීන දිනන්න ඔනේ
අපි වෙනුවෙන් කැප කීරීම් කරන්න හැමෝම වෙනුවෙන් ❤️
Thank you very much Mr.Arun for sharing your knowledge with us🙂
Oriflame 💪💪💪💪
මේ ඡායාරූප එකතුව ඔයාලා හැමෝටම පෙන්නන්න හිතුවේ Oriflame කියන්නේ මොන තරම් විශ්වාසණිය ව්‍යාපාරයක්ද, ලංකාවේ පමණක් නොව ලෝකයේ තව බොහෝ රටවල කාන්තාවන් Oriflam ව්‍යාපාරය හරහා ජිවිතේ ජයගෙන තියෙනවද කියලා ඔයාලා හැමෝටම පෙන්නවන්න.
🙂සැබවින්ම උත්සහවන්තනම්
🙂ඔයාට ඔයාව විශ්වාස නම්
🙂ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන්න සුදානම්නම්
Oriflam කියන්නේ අපි හැමෝටම ජිවිතේ දිනන්න පුළුවන් වසර 50කට වඩා පැරණි ව්‍යාපාරයක්.
❤මෙවැනි ලෝකයම ජයගත් ව්‍යාපාරයක් හා සම්බන්ධ වෙන්න ලැබීම ඇත්තෙන්ම ශ්‍රීලාංකික කාන්තා අපේ වාසනාවක් නේද? .
අපි හැමෝටම ජිව්තයේ මේ වගේ තැන් මොන තරම් හම්බ වෙලා ඇති නේද .
සමහර දේවල් දැන් හිතනකොට හිනා යන තරම් 😁
සමහර දේවල් මතක් වෙද්දී අපිට අපි ගැනම ආඩම්බරයක් දැනෙන තරම් ❤️
මොන තරම් තරම් අමරු දෙයක් උනත් අපේ අරමුණ ජයග්‍රහණය කරන්න යන ගමනේ අවසනයේ සුන්දරම වගේම ආදරණීය වෙන්නේ ඔයා අමරු වෙන් පහු කරපු තැන් 💪
ලේසිම වෙන්නේ ඔයා ගොඩාක්ම අමරුයි කියලා හිතපු දේවල් 🙂
දන්නවද චීන උණ ගසේ කතාව. ...🌿
චීන උණ ගස හරිම පුදුම දෙයක්. 😳
එය අවුරුදු 5ක් පොළව යට පෝශනය වෙනවා. වතුර වගේම අවශ්‍ය පෝශනය පොළව යට ඉදන්ම අවුරුදු 5ක් පුරාවට ලබාගන්නවා. නිහඩවම. 🤫අවුරුදු 5කට පස්සේ එයා හිරු එළිය දකින්න පොළවෙන් උඩට එනවා. හිරු එළිය දැකලා එයා සති 05ක් වගේ කාලයකදී එයා පෝශනය උන අවුරුදු 5 හේ සාර්ථක බව අත්විදිමින්, අඩි 90ක් උසට වැඩෙනවා. හරි ඉක්මනින් .😳 අවුරුදු 05 පුරා නිහඩව සිටිය චීන උණ ගහ මොන තරම් පුදුමද කියලා හිතෙන්නේ සාර්ථකත්වයේ අවසාන සති 05 තුළයි.
වැඩ කරන මිනිස්සුන්ට දිනන මිනිස්සුන්ට බාධක වැඩියි . 🙄ඔයා දිනනවා කියලා දැනුනොත් ඔයාව කකුලෙන් අදින්න වට්ටන්න බොහෝ දෙනා ඉදිරිපත් වේවි. 😯තමන්ගෙම අය පවා ඔයාව තනි කරාවි. ඔයාගේ ශක්තිය රහසක් වෙනතාක් ඔයාගේ ගමනට තියෙන බාධක අඩුවේවි. 😊දවසක දිනන්න. එදාට ඔයා වටේට ගොඩක් දෙනා එකතුවේවි. ඒ ඔයාගේ සාර්ථක බව මහ පුදුම දෙයක් නිසා. හරියට මේ චීන උණ ගස වගේ.🌿❤️
ඔයාට පුලුවන් චීන උණ ගහක් වගේ වෙන්න. නිහඩවම දිනන්න. නිහඩවම වැඩ කරන්න.😊 රහසේම දිනන්න . ඔයාගේ ශක්තිය සහ විශ්වාසයත් අධිෂ්ඨානයත් ඒකට ප්‍රමාණවත්. දිනන්න. නොනැවතී දිනන්න.
ඔයත් චීන උණ ගහක් වගේ දවසක සාර්ථක බව අත්විදින්න. ❤️💪🌿😊
Copied
- සතුටින් ඉන්න කවර හෝ හේතුවක් හොයාගන්න -
ඉපදුනු හැම කෙනෙකුටම සතුටින් ඉන්න සාර්තක වෙන්න අයිතියක් වගේම උරුමයක් තියෙනව.තමන් ආදරයකරන දේවල් ලබාගන්න, තමන් අපේක්ෂා කල ජයග්රහන අත්පත් කරගන්න,සැනසිල්ල සැහැල්ලුව විදින්න,ජනප්‍රිය වෙන්න,ධනය බලය රැස්කරගන්න, තමන් විශ්වාසකරන මිනිසුන් පිරිසක් තමන් වටා ගොඩනගා ගන්න,කවුරුත් ආදරය කරන කවුරුත් කතාකරන චරිතයක් බවට පත්වෙන්න හැමකෙනෙකුටම හැකියාවක් වගේම අවස්ථාවක් තියෙනව.
එහෙත් තේරුම්ගත යුතු දෙයක් තමයි තරගයක් දිනන්න නම් හැම විටම තරගයේ රීතීන් රකින්න පිලිපදින්නම අවශ්‍යයි කියන කාරනය. ඔබ ඉල්ලන ඕනෑම දෙයක් ඉල්ලන ප්‍රමානයටත් වඩා දෙන්න සොභාදහම සුදානම්.නමුත් විශ්වය ප්‍රථිචාර දක්වන්නෙ ස්තුතිපුර්වක, බලාපොරොත්තු සහගත, විශ්වාසයෙන් පිරුනු මනස්වලට.සල්ලි තියෙන තැනට සල්ලි එනව වගෙ සතුට තියෙන තැනට සතුට එනව.දුකට තව තවත් දුක ආකර්ශනය වෙනව වගේ සතුටට තව තවත් සතුටම ආකර්ශනය වෙනව.හැම දවසකම සතුටින් ඉන්න කවර හෝ හේතුවක් හොයාගෙන සතුටින් ඉන්න බලන්න කියන්නෙ ඒකයි.ටික දවසක් යනකොට සතුටම ඔබේ ජීව්තයට ආකර්ෂනය වෙන්න පටන් ගන්නව.නැවතත් කියනව වැඩිපුරම සතුටම පිරිනු ජීව්තයක් ඔබට ඇවසි නම් හැම දවසකම සතුටෙන් ඉන්න කවර හෝ හේතුවක් හොයාගන්න. එවිට විශ්වය ඔබට සතුටින් ඉන්න බොහෝ ප්රබලකාරනා ආකර්ෂනය කරල දෙනව.
Good Morning All😍
ඔබගේ ජයග්රහණයහී අරමුණ වෙනුවෙන් එක් පියවරක් හෝ ඉදිරියට යන්න ජයග්‍රාහී සුභ දවසක් .
🙂💪
❤️❤️🙂❤️❤️❤
❤️❤️💪💪💪💪❤️❤️
Oriflame ව්‍යාපාරය තුල ගොඩක් සාර්ථක ගමනක් යන්න ගමන් අපි හැමෝටම ව්‍යාපාරය ආශාවෙන් ,ලස්සනට කරගෙන යන්න ඔයගෙන් ලැබෙන,මග පෙන්වීම ගොඩක් වටිනවා
Congratulations Our super Good Director ❤️💐
One Team One Dream
Diani Rajapaksha
-ජීවිතය නිර්මානය කරදෙන සිතිවිල්ල-
මිනිස් ජීවිතය වඩාත් යහපත් සහ සුරක්ෂිත කරන්න මේ ලෝකෙ මිනිසා විසින් ගොඩනගා ඇති සෑම දෙයක්ම පලමුව බිහිවුනේ කවරෙකුගේ හෝ සිතක සිතිවිල්ලක් ලෙසය,ලෝකය හැඩවැඩ කලේ එම සිතිවිලි විසින්.
අපේ ජිව්තය නිර්මානය කර දෙන්නෙත් මේ සිතිවිලි විසින්ම තමයි.අද අපි ජීවිතය කියල මේ අද්දකින්නෙ අතීතයෙ කවදා හෝ දිනක අපි අපි ගැන හිතපු නිර්මානය කරපු සිතිවිලි. ඇත්තටම ජීවිතය නිර්මානය කලේ සිතිවිලි විසින්.උදේ පාන්දරම නැගිටපු ගමන්ම හිතුවොත් අද මහ කාලකන්නි දවසක් හරිම මුස්පේන්තුයි කියල දවස පුරාම ඔබ හිතපු තත්වයට ඔබට මුහුන දෙන්න වෙයි.ජීව්තේ දුකක් කියල හිතුවොත් සිතිවිලි වල තියෙන ආකර්ෂනය විසින් ජීවිතේට දුකම දේවල් ඇදල දෙන්න වැඩි ඉඩක් තියෙනව.කරදරම මුනගස්වනව.වද වේදනාවල්ම උරැම කරල දෙනව,සතුට ජීවිතෙන් ඈතට යවනව.
සතුටින් සිටීම කියන්නෙ පොඩි කාලෙ ඉදලම පුරුදු වෙන්න ඕනි හොද පුරුද්දක්,ඔබව සතුටින් තියන්න හොද ධනාත්මක සිතිවිලි විසින්.ජීවිතය ලස්සනයි කියල හිතුවොත් බොහෝ ලස්සන දේවල් මුනගැසෙන්න ඉඩ තියෙනව.හොද අවස්ථාවන් වගේම හොද සබදතාවයන්,ඔබට ජීවිතයෙ හොදම දේවල් ලැබෙන්නෙ ඔබ මනසින් නිර්මානය කරන සිතිවිලි වල හොද අනුවයි.හොද සිතිවිලි අපගේ ජීවිත හොදින් ගොඩනගනු ඇත.තමා තුල ඇතිවන සිතිවිලි කෙරෙහි හැම විටම කල්පනාකාරී වෙන්න.මොකද සිතිවිලි වලින් තමයි ජීවිතය නිර්මානය වෙන්නෙ.
Copied
Good Morning All ❤️
අලුත් මාසයක් කියන්නේම
🙂 අලුතින් හිතන්න
🙂අලුතින් වැඩ පටන් ගන්න
🙂තමන්ගේ හීන අරමුණු ජය ගන්න
🙂අලුත් ආරම්භයකට
හොඳ අවස්ථාවක් 🙂💪❤️
----උපුටා ගැනීමකි ----
‼️මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි..
සැන්ඩ්‍රා වඳුරාගල සභාපති - Selyn🇱🇰
• සැන්ඩ්‍රා වඳුරාගල... කලවම් නමක් තිබෙන ඔබ කවුද...
නමයි - ගමයි එකම වෙච්චි, රස්සා තුනක් එකවර කරන, බයක් කියන නාමයක් හඳුනන් නැති බොහෝ ම ධෛර්ය සම්පන්න හොඳ හිතක් ඇති ගැහැනියක් මම. බර්ගර් අම්මෙකුගෙයි - උඩරට තාත්තෙකුගෙයි දුවක් නිසයි නම කලවම්.
• ඔබ මේ රටේ නමක් හදාගත්තෙ Brand එකක් හදලා...
හෑන්ඩ්ලූම් රෙදි වලින් ‘Selyn’ Brand එක හැදුවා තමයි. හැබැයි ඊට කලින් මම මිනිස්සු අතරට ගියා. ඒ මගේ නීතිඥ වෘත්තිය නිසා.
• මොනවද ඔබ කරන රස්සා තුන...
මට කුරුණෑගල ජාත්‍යන්තර පාසලක් තිබෙනවා. අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ විහිදුණු ව්‍යාපාරයක් තිබෙනවා. ඔය දෙකට ම වඩා මං ඔප්පු ලියලා හම්බ කරනවා.
• ඔප්පු ලිනවාට වඩා නඩු කතා කරන එක ලාභ නැද්ද...
ආරම්භක යුගයේ අවුරුදු දෙක තුනක් මං නඩු කතා කළා. වැඩිපුරම දික්කසාද නඩු. ඒක මට හරි ගියේ නැහැ. දුක් අඳෝනා සහ හිත කළකිරෙන නඩු. මං ඒක අතහැරියා. ඔප්පු ලියන්න පටන් ගත්තා.
• එතකොට බිස්නස් එක, විනෝදාංශය ද...
ඒක තමයි මගේ ජීවිතේ Mission එක. මට ජීවත් වෙන්න අවශ්‍ය බොහොම සීමිත මුදල් ප්‍රමාණයක් පමණයි. නමුත් මම ව්‍යාපාරවලින් මුදල් හොයන්නෙ මේ කරන දේවල්වලට යළි ආයෝජනය කරන්න. ව්‍යාපාර පුළුල් කරන්න. සේවකයන්ට හොඳින් ගෙවන්න. ගමට රස්සා දෙන්න, මේ දේවල්වලටයි මට මුදල් අවශ්‍ය.
• ඔබේ ව්‍යාපාරයේ තිබෙන්නෙ Mission එකක් පමණද...
නැහැ. ඒකට බොහොම වර්ණවත් දැක්මක් තිබෙනවා. පාට පිරිලා. මෝස්තර පිරිලා. මිනිස්සු ලස්සන කරන්න සතුටු කරන්න අත් යන්ත්‍ර රෙදි පිළිවලට මේ තරම් ශක්තියක් තිබෙන බව දැන ගත්තෙ මේ ව්‍යාපාරයට අත ගැහුවට පස්සෙ. අපේ දැක්ම හෑන්ඩ්ලූම් රෙදි වලින් හොඳ කලාවක් නිර්මාණය කිරීම. අනාගතයට රැගෙන යාම.
• ඒ කියන්නෙ ලස්සන දේ විඳින්නත් ඔබට පුළුවන් කියන එකද...
මං වඩා සතුටු වෙන්නෙ ලස්සන දේ නිර්මාණය කිරීමෙන් සහ විඳීමෙන්. අඩුවෙන් ම කරන්න ලැබෙන්නෙත් ඒ දේ.
• හැම නිර්මාණයක් ම කරද්දි ඔබ හිතන්නෙ ලාභයද... නැතිනම් නිර්මාණශීලී බවද...
මේක විකුණගන්න පුළුවන් කොහොමද කියන තරමට ආකර්ෂණීයව සහ කොලිටියට හදන එක ගැනයි මං හිතන්නේ. ලාභ පාඩු හිතන්නෙ මල්ලි. මං මූල්‍ය පරිපාලනයෙ බිංදුවයි. ඒකෙ අති දක්ෂයා මගේ මල්ලි.
• ව්‍යාපාරික උණ ඇඟට ආවේ කොහොමද...
විවාහ වුණාට පස්සෙ. මං විවාහ වුණේ පවුලේ ව්‍යාපාරයක් හිමි කෙනෙක් එක්ක. හැබැයි එයාගේ ව්‍යාපාරවලින් අපිට ලොකු දෙයක් ලැබුණෙ නැහැ. නමුත් පිටරට ඉගෙන ගත්තු කෙනෙක් හැටියට එයාට හොඳ ව්‍යාපාරික ඥානයක් තිබුණා. එයාට කොහොමටත් ඒ වෙනකොට නෙදර්ලන්තයට හෑන්ඩ්ලූම් රෙදි යවන බිස්නස් එකක් තිබුණා. රෙදි ගත්තෙ පිටින්. ඔය අතරෙයි, රෙදි අපිම වියලා යැව්වොත් හොඳයි නේද කියන සිතුවිල්ල ආවේ.
• ඔබ කියන්නෙ අහම්බයකින් ඔබ ව්‍යාපාරිකාවක් වුණා කියලද...
නෙදර්ලන්ත රජයෙන්, හෑන්ඩ්ලූම් සැපැයුම් කරුවන් දිරිමත් කරන ව්‍යාපෘතියක් හරහා, ඔවුන් ම මට ආරාධනා කළා රෙදි විවීම අරඹන්න කියලා. ඇත්තටම ඒ අවස්ථාව ලැබුණේ මගේ මහත්තයාගේ ව්‍යාපරය ගැන මා තුළ තිබූ උනන්දුව නිසා.
• ඔබ ඒ ශිල්පය දැන ගෙන හිටියද...
අදටත් මං රෙදි වියන්න දන්නෙ නැහැ. නමුත් එදා මට අවස්ථාව ලැබුණා. නෙදර්ලන්තයට සහ ජර්මනියට ගිහින් මාකට් එක අධ්‍යයනය කරන්න. ඔවුන් දීපු ඒ අවස්ථාවෙන් තමයි, එකතැන පල්වෙන අපේ රටේ හෑන්ඩ්ලූම් රෙදි පිළිවලට කරන්න පුළුවන් වෙනස දැක්කේ. මං ව්‍යාපාරය පටන් ගනිද්දි ඒ සාම්ප්‍රදායික පෙනුම එහෙම පිටින් ම වෙනස් කළා.
• මොකක්ද ඒ වෙනස...
මළානික පැහැයන් වෙනුවට දීප්තිමත් පාට යොදන්න ගත්තා. ඒක තමයි ආකර්ෂණයට බලපෑ ප්‍රධානම හේතුව. ජර්මනියෙ නෙදර්ලන්තයේ ඉල්ලුමට සරිලන විදියෙන් අලුත් විදියකට නිර්මාණ කළා.
• ප්රාග්ධනය කොයිතරම් ගියාද...
තාත්තා මට දෑවැද්දට දීපු පර්චස් 36 ක ඉඩමකුත් එක්ක පොඩි ගෙයක් තිබුණා කොළඹ ප්‍රධාන පාර අයිනේ. මං ඒකෙ මැෂින් 15ක් දාලා වැඩ පටන් ගත්තා. රෙදි වියන්න දන්න - ඒත් රස්සා නැති කාන්තාවො හුඟක් ගමේ හිටියා. සිරිමා මැතිනියගේ කාලේ පේෂ කර්මාන්තයේ විශාල පිබිදීමක් තිබුණා. මේ හැම කෙනෙක් ම එහෙම යුගයක වැඩ කරපු, කර්මාන්තය දැනගෙන නමුත් අවස්ථාවක් නැතිව හිටි අය. ඒ නිසා, හැමෝම දන්න ශිල්පයට වෙනස් මුහුණුවරක් දෙන්න ඒ තරම් ලොකු වියදමක් ගියේ නැහැ.
• හිතුවොත් හිතූ දේ කරන එක ගැහැනියකට හොඳ ලක්ෂණයක් ද....
කරන්නෙ හොඳ දෙයක් නම් ඒකම තමයි හරි. මම එහෙමයි. ගමක ඉපදිලා අනන්ත කටුක ජීවිතයක් ගත කරලා අද මං මෙෙහම තැනෙක ඉන්නෙ ඒ හිතුවක්කාර ගතිය නිසාමයි.
• අපේ රටේ කාන්තාවො අත්යන්ත්‍ර රෙදි පිළි අඳින ප්‍රවණතාවක් යළි ගොඩනැගිලද....
ඔව්. ඒකෙ වටිනාකම දන්න කෙනා නැවත නැවත ගන්නෙ ඒකමයි. 52% ක් ගැහැණු ඉන්න මේ රටේ ඒ ප්‍රමාණයෙන් හරි අඩක්වත් අත් යන්ත්‍ර රෙදි පිළියෙන් හැඩ වෙනවා නම් ඔබ දන්නවද මේ රටේ ග්‍රාමීය කාන්තාවො කී දෙනෙක් එයින් ගොඩ එනවද කියලා. ඔවුන්ගේ ආර්ථිකයත් හැදෙන ගමන් කර්මාන්තයත් දියුණු වෙනවා.
• මේ ඇඳුම් හුඟක් මිල අධිකයි නේද...
අවුරුදු 5 - 6 ක් එක දිගට අඳින්න පුළුවන් වීම ඊට වඩා වටින්නෙ නැද්ද. ඉන්දියානු සාරියක් අරන් ඉන්දියාව පොහොසත් කරනවට වඩා අපේ රටේ කාන්තාවන් ගැන හිතලා හෑන්ඩ්ලුම් සාරියක් ගත්තොත් ඒකෙ ප්‍රතිලාභය ගමටයි. මේ රටටමයි.
• ඉන්දියාවෙන් ගේන අනේකවිධ සාරි ඔබට අභියෝගයක් නෙවෙයිද....
නැතුවා නෙවෙයි. මගේ ව්‍යාපාරයට ආපහු වෙනස් මුහුණුවරක් අවශ්‍ය වෙන්නෙ ඒ වෙලාවට. හෑන්ඩ් ලූම් වලට හෑන්ඩ් එම්බ්‍රොයිඩරි එකතු කරලා, අලුත් වෙනස් ඩයි වර්ග පාවිච්චි කරලා, නිර්මාණශීලී බව තුළින් අගය වැඩි කිරීමයි හොඳම දේ. ඔය කොයි තරම් සාරි ඉන්දියාවෙන් ආවත් එහෙම නිර්මාණය කරපු සාරියක් ෂෝරූම් එකට දාපු ගමන් ඒක කවුරුම හරි ගන්නවා.
• කුරුණෑගල විතරද රෙදි වියන්නෙ...
මඩකළපුව සහ කුරුණෑගල පළාතේ මධ්‍යස්ථාන 11ක් තිබෙනවා. වැඩිපුරම උතුරු නැඟෙනහිර පළාතේ දෙමළ කාන්තාවන් රෙදි වියන්නේ. ඒ සියල්ල එකතු කරලා කුරුණෑගලදි තමයි ඇඳුම් මහන්නේ - සෙල්ලම් බඩු හදන්නේ. වටිනා සාරි, පර්ස් - සපත්තු - බෙල්ට් - ආභරණ මොනවද මේ හෑන්ඩ්ලූම් වලින් කරන්න බැරි.
• ‘Selyn’ Brand එක විදේශිකයන් අතරත් අද ජනප්‍රියයි...
ඔව්. ඒ අය මෙහාට ආවම මේ විවීමේ මධ්‍යස්ථානය, ෆැක්ටරිය.... ඩයි ප්ලාන්ට් එක.... වැඩකරන අයගේ දරුවන් රැකෙන ‘Day care’ එක ඔවුන් බලන්න එනවා. ඔය රවුම ගිහින් නෙළුම් කොළේ කෑම වේලකුත් කාලා එන ටුවර් එකක් අපි විදේශිකයන්ට හඳුන්වා දුන්නා. ඒ ලැබෙන මුදල්වලින් උයන අම්මලා, යැපෙනවා. ‘Selyn Fund’ එකටත් යම් මුදලක් යනවා. ඒ අරමුදලින් තමයි සේවක සුබසාධනය ප්‍රවර්ධනය කරන්නේ.
• කොයිතරම් වටිනා - ලස්සන සාරියක් වුණත් හරියට ඇන්දෙ නැති වුණොත් හැඩක් නැහැ. මේ ගැන ඔබ මොකද කියන්නේ.
විලි බිය ඇතිව අඳින ඕනෑම ගැහැනියක් සාරියට ලස්සනයි. සාරිය ලස්සන වුණාට බාගෙට ඇඟ ඇරිලා නම් කවුරුවත් ඒ සාරියෙ ලස්සන ගැන නෙවෙයි බලන්නේ. අර ඇරුණු අඟ පසඟ දිහා. එතකොට තමන්ගෙ දේ පිටට පෙන්වලා හෑල්ලු වෙන්නෙ තමන්මයි.
• හෑන්ඩ් ලූම් සාරියක් හොඳින් කාලයක් අඳින්න පුළුවන් කොහොමද...
අතේ සෝදලා මඳ පවනේ වේළන්න. තද අව්වෙ දැම්මොත් පාට පිච්චෙනවා. අනික ඇඟේ වෙර දාලා මිරිකන්න එපා. එහෙම කළොත් කරදරයක් නැතිව අවුරුදු 6 - 7 ක් අඳින්න පුළුවන්.
• Selyn වෙත එන හුඟ දෙනෙක් ප්‍රභූ පැළැන්තියද...
ඒක වැරැදි මතයක්. චන්ද්‍රිකා මැතිනිය නම් නිතර එනවා ඇඳුම් ගන්න. චාල්ස් කුමාරයා ලංකාවට ආ වෙලාවෙ කැමිලා පාකර් ආර්යාව ඇඳුම් ගත්තා. පාප්තුමා මහ දිව්‍ය පූජාව පැවැත්වූ ගාලු මුවදොර අල්තාරේ සැරසූ මේස රෙද්ද හැදුවෙ මම. ඔය හැරුණුකොට හැම මට්ටමකම කාන්තාවො මෙතැනට එනවා. දෙන්න පුළුවන් සාධාරණම ගාන හැර විශාල ලෙස මිල ගණන් අය කරන්නේ නැහැ. හේතුව අපේ කාන්තාවො හදන මේ රෙදිපිළි ඉක්මණින් විකුණා ගැනීමයි අපේ අරමුණ.
• බිස්නස් හැරුණුකොට වෙන සමාජ ඇසුරක් පවත්වන්න ඔබට වෙලාවක් නැති හැඩයි...
උදේ නැගිටලා යාඥා කරලා හිත සැහැල්ලු කරගෙන මං එළියට බහින්නෙ මුලින් ම මගේ නීතිඥ කාර්යාලයට. එතැනින් ෆැක්ටරියට. ෂෝ රූම් වලට. ඔය අතරේ ඉස්කෝලෙ ගත කරන්නත් වෙලාවක් හොයා ගන්නවා. ළමයි එක්ක ගත කරන ඒ පුංචි වෙලාවත් මට මහා සතුටක්. රෙදි වියන ගම්වලට ගියාම, වයසක - තරුණ අය මාව වටකරගන්නවා. මා එක්ක කතා කරන එක ඔවුන්ට සතුටක් වග පේනවා. නිකම් ගෙවල්වල හිටි ඔවුන් දැන් කීයක් හරි හොයාගන්න හැටි කියනවා. මේවායින් මං ලබන සතුටට මිලක් නැහැ. මේ තමයි මගේ නිමක් නැති සමාජ ජීවිතය.
• ජාත්‍යන්තර පාසලක් පටන් ගන්න හිතුවේ ඇයි...
අපේ දුව ඉස්කෝලෙ දාන වයස එද්දි හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන්න හිතුවා. ඒත් හිතට හරියන ඉස්කෝලයක් ඒ දවස්වල කුරුණෑගල තිබුණෙ නැහැ. අපි පොඩි ගෙදරකින්, රුපියල් ලක්ෂයකින්, ළමයි 16කින් ජාත්‍යන්තර පාසලක් ඇරැඹුවා. මගේ දුව තමයි පළමු ශිෂ්‍යයාව. ඊට පස්සෙ පුතා ගියේත් ඒකටමයි. අද ඒක, ළමයි 2400 ක් ඉගෙන ගන්න සියලු පහසුකම් සහිත සුවිසල් පාසලක්.
• ඔබද විදුහල්පති...
නැහැ. මම MD. විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය ස්වාධීනව කටයුතු කරනවා. කොළඹ ජාත්‍යන්තර පාසලකට වඩා මෙහි ගාස්තුව 85% ක් අඩුයි. ගමේ ළමයින්ට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන්න ඕනෙ නිසයි එහෙම අඩු ගාස්තු යටතේ අධ්‍යාපනය දෙන්නේ. විශ්ව විද්‍යාලවලට ගිය, ඉංග්‍රිසි හොඳින් කතා කරන, උසස් රැකියා කරන දරුවො විශාල ප්‍රමාණයක් මෙයින් බිහිවුණා.
• ජාත්‍යන්තර පාසලත් හොඳ ව්‍යාපාරයක් නේද...
පාසලින් යමක් ඉපැයුවා නම් ඒ දේ යෙදෙව්වෙ පාසලටමයි. ඒකයි, මේ තරම් හොඳින් සියල්ල සිදුවුණේ. ලබන අවුරුද්දට අපේ පාසලට අවුරුදු 25ක්.
• අද ඔබට ඇති තරමට සල්ලි තිබෙනවා. ජීවිතේ කවද හරි දවසක දුක් අමාරුකම් දැනිලා තියෙනවද...
අනන්තවත්. පොල් වත්තක් මැද්දෙ මහ විශාල ගෙයක් තිබුණට, තාත්තට ස්ථිර ආදායමක් තිබුණෙ නැහැ. කතෝලික - ලන්සි කෙනෙක් බැඳගත්තු නිසා තාත්තගෙ වලව්කාර පවුලෙන් තාත්තට හැම දේම ලැබුණෙ අඩුවෙන්. ළමයි හය දෙනෙක්. පොල් වත්තක ආදායමෙන් කොහොමද අට දෙනෙක් ජීවත් වෙන්නේ. ආර්ථික අමාරුකම් එක්ක අම්මා කළේ මහා සටනක්. ලස්සන ඇඳුම් - සපත්තු ඉල්ලලා අපි කවදාවත් අඬලා නැහැ. ගමක් ඇතුළේ ජීවත් වෙච්චි නිසා, අපිට වඩා අනික් අයට තියෙනවා කියලවත් අපිට කවදාවත් හිතුණෙ නැහැ.
• පුංචි කෙල්ලෙකුට ඒ දුෂ්කර ජීවිතේ තේරුම් ගන්න පුළුවන් වුණාද...
මගේ මුළු ළමා කාලෙම පිරිලා තිබුණෙ වැඩවලින්. ගෙදර ලයිට් තිබුණෙ නැහැ. පාඩම් කළේ කුප්පි ලාම්පුවෙන්. ඉස්කෝලෙ යන්න කලින් පාන්දරින් නැගිටලා ළිඳෙන් වතුර ඇදලා කල ගෙඩි බේසම් බාල්දි පුරවන්න වුණා. ඉස්කෝලෙ ඇරිලා ආ වෙලේ පටන් මාස ගාණක පොඩිම මල්ලි උකුළේ. ළමයෙක් උකුළේ ගහගෙන, කිරි හදලා දෙන්නයි - අඬනකොට නළවන්නයි ...... මං මොකට ලොකු ළමයා වෙලා ඉපදුණද... මට අනන්තවත් හිතුණා.
• කොහේද ඔබ පාසල් ගියේ...
කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට. ගෙදර වැඩ පිරිච්ච ජීවිතේ මට එහෙම පිටින්ම අමතක වුණේ ඉස්කෝලෙදී. මං සතුටු හැම දේම කළා. කලා - සාහිත්‍ය සංගම්... හැම දේම.
• හොඳ නායකයෙක් බිහි වෙන්නේ ළමා කාලයෙන්. මේ කතාවට ඔබ එකඟද...
මං පවුලේ ලොකු අක්කා. පැවරුණු වගකීම් කටුක වුණාට ඒ ළමා කැළතේ නායකයා මං වග තේරුණා. ගමේ ළමයි එක්ක සෙල්ලමට ගියත් මං නඩේ ගුරා වුණේ ඉබේටම. ටිකෙන් ටික ලොකු වෙද්දි මට ඕනෙ වුණේ පාර්ලිමේන්තුවට යන්න. රට හදන්න.
• ළමයෙක් වෙලා ඇයි එහෙම සිතුවිල්ලක්...
ඒ කාලෙ වෙනකොට මං ඉගෙන ගත්තෙ දේශපාලන විද්‍යාව. කියෙව්වෙ විප්ලවාදි පොත්. උසස් පෙළ කරලා නීති විද්‍යාලයට යනකල් ම හිතේ තිබුණෙ දේශපාලනය. ටික කාලයක් දේශපාලනයට සම්බන්ධ වෙලත් හිටියා. නමුත් විවාහ වෙලා බිස්නස් එක පටන් ගත්තට පස්සෙ තේරුණා, කාගෙන් හරි මුදල් ලැබිලා ගමට වැඩ කරන්න බලන් ඉන්නවට වැඩිය මම ම හම්බ කරගෙන මගේ අරමුණට යන එක සාර්ථකයි කියලා.
• ඔබේ ඔය හයිය හිත ළමා කාලයෙවත් කඩා වැටුණු - හඬපු දවසක් නැද්ද...
මං අනන්තවත් ගුටි කෑවේ නංගිලා මල්ලිලා හින්දා. දවසක් මං ලැටීෂියා බොතේජුගේ ‘වංගෙඩි - මෝල්ගස්’ පොත කියව කියවා හිටියා. පොතේ රසවත් කමට මල්ලි අඬන බව මට දැනුණෙ නැහැ. කොහෙන්දෝ ආපු අම්මා, ‘උඹට ඇහෙන්නැද්ද ළමයා අඬනවා....’ කියලා ඇහුවා, ඊළඟට ගැහුවා ගැහුවා ඇති වෙනකල් ම. ඇදගෙන ගිහින් කාමරේකට දාලා වහලා, වේලක් කන්න දුන්නෙත් නැහැ. එදා මට හුඟක් දුක හිතුණා. ඇයි මං ලොකු දුව වුණේ කියලා හිතුණා.
• ඔබ තවමත් තරහද අම්මා එක්ක...
කීයටවත් නැහැ. හැබැයි, ඒ වෙලාවෙ නම් තරහින් හිටියේ. ඒත් අම්මා හිටපු පීඩනය ඇය කරපු කැපකිරීම් වඩාත් හොඳින් දැනුණෙ මාත් අම්මෙක් වුණාට පසසේ. මට මතකයි සුදු ලස්සන අපේ අම්මා, ගිනිකූටක අව්වෙ ගොයං කැපුවා. හරක් බැලුවා. වී තැම්බුවා. ගමේ ගෑනු එක්ක හරි හරියට වැඩ කළා. අම්මගෙ පොළොස් ඇඹුලත් ඒ වගේ ම රහයි. කාලා - බීලා නටලා සැහැල්ලුවෙන් ඉන්න බර්ගර් ජාතිෙය් වෙලත් මගේ අම්මා සියල්ල අත් හැරපු ගං - ගොඩේ ගැහැනියක් වුණා. ඒ අපි නිසා. අන්තිමේ මගෙ දරුවො දෙන්නා හදද්දි මං හොඳ පුරුදුකාරියක්. පොඩි කාලෙ අත්දැකීම් තිබුණු නිසා හැම දෙයක්ම තනියම කරගන්න පුළුවන් වුණා.
• මොනවද ඔබට අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු දේ...
ධෛර්යවන්ත හිත ලැබුණෙ අම්මාගෙන්. තමන්ට නැතත් දිය යුතු කෙනාට යමක් දෙන්න උදව් කරන්න කියන ගුණය ලැබුණෙ තාත්තාගෙන්.
• ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කුමක් ද...
මාව නීති විද්‍යාලයට තේරුණු දවස. තාත්තගෙ කට්ටිය කියන්න ගත්තා, ‘ගෑනු ළමයි ඕනෑවට වඩා ඉගෙන ගන්න ඕනෙ නැහැ - කාව හරි හොයලා බන්දලා දෙන්න.... ‘ කියලා. ‘එයා තව ඉගෙන ගන්න ඕනේ....’ අම්මා මං වෙනුවෙන් පෙනී හිටියා. මාත් අත්හැරියෙ නැහැ.
• ‘අභියෝග'.... ඔබේ ජීවිතයට ගෙනාවෙ කොහොම බලපෑමක් ද....
මගේ කතාව කොහොම ලියැවුණත් ඒ කොතැනකවත් මං පස්සට ගිය ගැහැනියක් කියලා නම් ලියැවෙන්නෙ නැති බව මං දන්නවා. මොකද මං කිසිදේකින් පස්සට ගියේ නැහැ. ජීවිතේ අත්හැරියෙත් නැහැ. ඒ නිසා ආපු කොයි අභියෝගයත් හොඳකට හරවා ගන්න පුළුවන් වුණා.
• නෙත් ඇදිලා යන වර්ණ හදන ඔබ, අඳින්න කැමැති මොන පාටද...
කොළ පාට. සාරියක් හැදුවත් කොහෙන් හරි කොළ පාට ටිකක් දානවා. කොළ පාට තුළ තිබෙන ජීවමය ගතියට මං හුඟක් කැමැතියි. ඒ පාට දකිද්දිත් හිතට දැනෙන්නේ ප්රබෝධයක්. මං දැන් අඳින්නේ අපේ ම කාන්තාවනගේ දෑතින් හදන මේ අත්යන්ත්‍ර සාරි විතරයි.
• දැන් ඔබේ වයස කීයද...
පනස් අටයි. මාව වයසට වඩා වැඩියෙන් පේනවා නම් ඒ වැඩ ම කරලා ආපු ජීවිත වෙහෙස නිසා. ඒ වුණාට මට ඒ ගැන දුකක් නැහැ. මං අනික් අයව ලස්සන කරනවනේ.... කියන සතුට ඊට වඩා වැඩියි.
• ‘Selyn’ අර්ථය කුමක් ද...
මගේ දුවගෙ නම සෙලිනා. එයාගෙ නමින් තමයි ‘Selyn’ නම හැදුවේ. අද මගේ පුතත් දුවත් දෙන්නම ව්‍යාපාරය වෙනුවෙන් වෙහෙසෙනවා.
• ඔබ හැම වෙලාවෙ ම අනිත් අයට උදව් කරන්න කැමැති බව කියනවා...
ඔව්. ඒ නිසා තමයි අපේ ෂෝ රූම් එකේ විවිධ අත්කම් විකිණෙන්නේ. ඒවා මේ රටේ කොතැනක හෝ ජීවත්වන කාන්තාවකගේ අතින් නිමැවෙන නිර්මාණයක්. ඔවුන්ට වෙළෙඳපොළක් හොයා ගන්න මගේ මේ ප්‍රදර්ශනාගාරය ලොකු වේදිකාවක්.
• ඔබ ඔය තරම් දුරක් ආවේ තනි හයියෙන් ද මහත්තයාගේ උදව්වෙන් ද...
එයා හුඟක් කාර්යබහුල කෙනෙක්. මගේ මල්ලි මාත් එක්ක වැඩකරන්න ආවේ අවුරුදු 19 දි. එදා ඉඳන් අද වෙනකල් අපි දෙන්නා බැහැලා වැඩ කළා. එයා තමයි මං පුංචි කාලේ උකුළෙ තියං හදපු මල්ලි. අපි දෙන්නගෙ ශක්තිය දහදිය කඳුළු තමයි අද මේ තරමට ලස්සන වෙලා තිබෙන්නේ.
• ඔබෙන් කෙනකුට ගන්න පුළුවන් ලොකුම ආදර්ශය කුමක් ද...
මං මහත්තයාගෙන්වත් රුපියල් සීයක් ඉල්ලන්න කැමැති කෙනෙක් නෙවෙයි. ගැහැනියක් වුණොත් කීයක් හරි හම්බ කරන්න ඕනේ.
කාගෙන්වත් යැපෙන ජීවිතයක් මට පුරුදු නැහැ. ජීවිතේ හැම දේම මං පටන් ගත්තෙ බිංදුවෙන්. කටුක ළමාවියක් ගෙවපු මං එහෙම වුණා නම් මේ රටේ හැම දරුවකුටමත් පුළුවන්, මං වගේ ජීවිතේ ජය ගන්න පුළුවන් මාවතක් හොයා ගන්න.
ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප - විමල් කරුණාතිලක
Yes We Can 🙂🙂 win our Dreams 💪
💪💪💪💫🙂
Yes 🙂🙂
- පරාජයන් ජයට හරවන නිවැරදිම සිතිවිල්ල .-
ඔබ ඔබේ දවසින් යම් කිසි කුඩා හෝ කාලයක් වෙන්කර ගන්නවද ඔබේම සිතිව්ලි දිහා ටිකක් බලන්න. එහෙම කරන්නේ නැතිනම් මම හිතන්නෙ අද තමයි ඒකට හොදම දවස. දවස පුරාම ඔබ හිතපු දේවල් මදක් මෙනෙහි කරන්න.හැම වේලාවෙම ඔබේ හිතේ පැන නැගුනු සිතිවිලි එක්කෝ සුභවාදියි, ධනාත්මකයි. එක්කෝ අසුභවාදියි. සෘණාත්මකයි. පරාජිතය. නැතිනම් දෙකෙහිම දුර්වල සංකලනයක්.එමර්සන් කියන ධාර්ෂනිකයා කියනව ඔබ හිතන්නේ යමසේද එය ඔබේ ජීවිතය බවට පත්වෙනව කියල.ඔබ හිතන සිතිවිලි වල සොභාවය අනුව තමයි ඔබේ ජීව්තයට ආකර්ෂනය වෙන දේවල් තීරනය වෙන්නෙ.ඔබේ සිතිවිලි වැඩිපුරම තියෙන්නෙ අසුභාවාදී ඒවනම් ඔබට වැඩිපුරම ආකර්ෂනය වෙන්නෙ ඔබ කැමති දේවල් නෙමෙයි අකමැතිම දේවල්. වෙහෙසකාරී පරාජිත දේවල්. අසතුටක්,දුකක් ඇතිකරන දේවල්. ඒ කිසිවක් වෙන්නෙ ඉබේම නෙමෙයි.ජීව්තය ඔබේ සිතිවිලි වලට ප්‍රශ්න කිරීමෙන් තොරව ප්‍රථිචාර දක්වනව.ඔබ ඔබේ ජීවිතයෙන් හොද දේවල්,ජයග්‍රාහී දේවල් බලාපොරොත්තු වෙනවනම් ඒව ප්‍රාර්ථනා කලාට විතරක් මදි එයට උචිත ලෙස සිතිව්ල්ල වෙනස් කරගන්න වෙනව.ඇතුල වෙනස් වෙනකොට එලියෙ වෙන දේවල් ඉබේම වෙනස් වෙන්න පටන් ගන්නව.හොදට මතක තියාගන්න ඔබ කොපමන මන්සි වුනත්. වෙහෙසිලා වැඩ කලත් සිතිවිල්ල වෙනස් වෙනකන් කිසිවක්ම වෙනස් වෙන්නෙ නෑ.සිතිවිල්ල තමයි ජීවිතය නිර්මානය කරන්නෙ.හරිම සිතිවිල්ල සමග ජීවත් වෙන්න.
Copied
❤️මතක ❤️
අපේ හැමෝගෙම ජිව්තයේ පිරිලා තියෙන්නේ වැඩි පුරම මතක වලින් නේද
ඉතින් ඒ අතරින් ජයග්‍රහී මතක අපි හැමෝටම සතුට ගෙන්වා ,අපි මේ ජිව්ත ගමන යද්දී වෙලවකට හරිම මහන්සි නෙද ?
ඉතින් මේ මතක දිහා හැරිලා බලද්දී ඒ මහන්සිය අමතක වෙනවා ,අයෙත් ජිව්තයේ හින ,අරමුණ මතක් වෙනවා 😊
කලින් හිටියත් වඩා වැඩි ජවයක් හිතට එනවා ✌️
මේ මතක දවසක මගේ සාර්ථකත්වයේ කතාවේ කොටසක් වෙයි .🙂
මන් හින දකිනවා මගේ සාර්ථකත්වයේ කතාව දවසක හැමෝටම කියන්න 🤗
ඉතින් ඒ ගමනට මේ වගේම තව ගොඩාක් ආදරණීය මතක එකතුවෙයි😍
ඉපදුනාට ජිවත්වෙලා මැරෙන කෙනෙක් නොවී
මට වගෙම ඔයාලටත් ඔනේ නෙද සාර්ථක කෙනෙක් වෙන්න ,ආදරණීය මතක ගොඩාක් ජිවිතේට එකතු කර ගන්න .
සාර්ථක වෙන්න අපි හැමෝම හරිම කැමතියි එත් ඒ වෙනුවෙන් වැඩ කරන්න ,මහන්සි වෙන්න කැප වෙන්න පුළුවන් කාටද😊 ඇත්තටම සාර්ථකත්වය අයිතිය තියෙන්නෙ සිහින දකින කෙනාට නෙමෙයි සිහින වෙනුවෙන් වෙහෙස වෙලා වැඩ කරන්න පුලුවන් කෙනාට 🤗🤗😍😍
අපි හැමෝටම ජිව්තයේ සිහින දිනන්න ඔනේ ,සාර්ථක වෙන්න අවශ්‍යයි කියන සිතුවිල්ල එන දවසක් එනවා ✌️🤘 ඒ වෙද්දී අපි මොන තත්වයක මොන වයසක හිටියත් ,ඒ ඉන්න විදිහට පටන් අරගෙන උත්සාහය ,උනන්දුව ,ආශාව තියෙනවා නම් ඔව් ඔයාට වගේම මටත් ජිව්තයේ හින දිනන්න පුලුවන් 🟨🟠