Singer Fashion Academy - Wellawatta Singer Plus

Singer Fashion Academy - Wellawatta Singer Plus

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Singer Fashion Academy - Wellawatta Singer Plus, Tutor/Teacher, .

09/11/2023

Calling all aspiring bridal designers!

Do you have a flair for bridal fashion? Like to craft exquisite bridal wear? You can now turn that dream into a reality in just a matter of 4 months. In this short bridal wear course, you will learn how to transform delicate silk, lace and satins into breathtaking bridal attire. This course teaches you to create 10 stunning bridal pieces, ranging from traditional Kandyan jackets and lehengas to fantastic ball gowns.

Enroll now and unleash your dream in style!

28/10/2023

The Joy of Dressing is an Art...
If you are also interested in learning sewing, call us on this number. 0762128081...

# # #

25/10/2023

අලුත් ඇඳුමකට අලුත් හැඩයක් දෙන්න කැමති ඔබට මාස හතරක් පුරාවටම Creative Embroidery ඉගෙන ගන්න මෙන්න අවස්ථාව

Singer Fashion Academy වෙතින් ඔබට ලැබෙන Creative Embroidery පාඨමාලාව හා එක්ව නිර්මාණාත්මක ගමනක් අරඹන්න.

සිංහල, ඉංග්‍රීසි, දමිළ භාෂා තුනෙන්ම ඔබට පහසු දිනයක, පහසු වෙලාවක පාඨමාලාව හා එක්වන්න.

අදම ලියාපදිංචි වෙන්න.
076 6 177 177

24/10/2023

30 நாட்களில் Needle painting நீங்களும் கற்றுக்கொள்ள வேண்டுமா?

தையல் ஊசியில் அதிசயம் படைக்கும் ஆற்றலைப் பெற Singer Fashion Academy இடமிருந்து சரியான வழிகாட்டி.

சிங்களம், ஆங்கிலம், தமிழ் என மும்மொழிகளிலும் உங்களுக்கு இலகுவான நாட்களில் கற்றுக்கொள்ள..
இன்றே பதிவு செய்யுங்கள்.

Photos from Singer Fashion Academy - Wellawatta Singer Plus's post 23/10/2023

Successfully Conducted Free Workshop For Advance Level Home Science Students at Muslim Ladies Collage

#
Freeworkshop #

20/10/2023

දින 30කින් Needle Painting ඉගෙන ගන්න ඔබත් කැමතිද?

ඉඳිකටු තුඩෙන් පුදුම හිතෙන රටා මවන්න හරිම මඟ පෙන්වීම Singer Fashion Academy වෙතින්.

සිංහල, ඉංග්‍රීසි, දමිළ භාෂා තුනෙන්ම, ඔබට පහසු දින වල ඉගෙන ගන්න.
අදම ලියාපදිංචි වන්න.
0766 177 177 අමතන්න.

17/10/2023

මුල සිට එම්බ්‍රොයිඩරි ගැන ඉගෙන ගන්න කැමති ඔබට Singer Fashion Academy වෙතින් ලබා දෙන එම්බ්‍රොයිඩරි සහතික පත්‍ර පාඨමාලාව

Certificate in Machine Embroidery

සිංහල, දමිල සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්, මාස 04න් එම්බ්‍රොයිඩරි ගැන ඉගෙන ගන්න දැන්ම ලියාපදිංචි වෙන්න.

පාඨමාලා පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමට පහත සඳහන් අංකයට whatsapp කරන්න.
0766177177

16/10/2023

මහන ඇඳුම් තවත් හැඩ කරගන්න ලස්සනට එම්බ්‍රොයිඩරි කරන්න ඉගෙන ගන්න කැමති ඔබට දැන් එම්බ්‍රොයිඩරි පාඨමාලා තුනක් Singer Fashion Academy වෙතින්.
- Certificate in Machine Embroidery
- Creative Embroidery Course
- Needle Painting Course

පාඨමාලා පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමටත්, ලියාපදිංචි වීමටත් අදම whatsapp කරන්න.

10/09/2023

ඔබේ හීනයත් Fashion Designer කෙනෙක් වෙන්නද?
අදම එක්වන්න Singer Fashion Academy අප සමඟ.

⭕️පාඨමාලා කාලය - මාස 06
⭕️පාඨමාලාව සම්පූර්ණ කළපසු ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍ර දෙකක්
✅ Tvec Registered
✅ Charted Society of Designers, UK validation
⭕️දිවයින පුරා තෝරාගත් Fashion Academy 53ක් සහ Online ඉගෙන ගැනීමේ හැකියාව
⭕️වාරික ලෙස පහසු ගෙවීමේ ක්‍රම

16/08/2023

Fashion Designer කෙනෙක් වෙන්නද ඔබත් හීන දකින්නෙ?
SINGER Fashion Academy ගෙන එන BSc. in Fashion Designing උපාධියට ඔබටත් සම්බන්ධ වෙන්න පුලුවන්.

මේ ගැන වැඩි විස්තර දැනගන්න ඔබ කැමති නම් 2023 අගෝස්තු 20 වනදා පැවැත්වෙන විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වන්න.
ප.ව. 3.00 සිට | ZOOM ඔස්සේ

වසර 60කට අධික කාලයක් පුරාවට ඔබේ සාර්ථකත්වයට මඟ පෙන්වූ SINGR Fashion Academy හා එක් වන්න!

16/08/2023

Aspiring to become an iconic Fashion Designer?
Join us for the best academic guidance and hands on experience with the BSc in Fashion Designing degree programme!
With 60+ years of excellence we assure you the best in knowledge, training and industry exposure.
Register now for the September Intake!

Photos from Pulse's post 08/08/2023
Photos from Singer - Apparel Solutions's post 08/08/2023

මට කාලය කලමනාකරණය කරගන්න උපකාර වුණේ zoje ..................................................
" හිත ඇත්නම් පත කුඩාද ?" යනුවෙන් අපේ පැරණි පිරුළක් තිබේ. එහි සරල අරුත වන්නේ අපට යමක් කරන්නට අවශ්‍ය නම් සෙසු බාධා එතරම් සැලකිල්ලට ලක් නොකළ යුතු බවයි.
මට මේ කතාව කියන්නට සිතුණේ ඇඳුම් ව්‍යාපාරයක් සහ රූපලාවන්‍ය ආයතනයක් තනිව පවත්වාගෙන යමින් ස්වෝත්සාහයෙන් විශාල කාර්යභාරයක් කර ගෙන යනු ලබන සූර වීර දිරිය කතක් නිසාය.
ඇය නුවරඑළියේ, හාවාඑළියෙ හි පදිංචි Fazwiya Fathima ය.

* ඔයා දවසට වැඩ ගොඩක් කරන කෙනෙක්. මට කියන්න පුළුවන්ද ඔයා කීයටද දවස පටන් ගන්නෙ කියලා ?
පාන්දර පහමාරට.

* දවසේ වැඩ අවසාන කරන්නේ?
හවස හය විතර වෙනකොට මගේ වැඩ ඉවරයි. මගේ සැමියා ඔහුගේ ව්‍යාපාර කටයුතු අවසන් කරලා හැන්දෑව හත විතර වෙනකොට ගෙදර එනවා. ඒ නිසා මම එයා එන්න කලින් වැඩ ඉවර කරනවා. ඉතාමත්ම හදිසි වැඩක් තිබුණොත් විතරයි රෑට කරන්නේ.

* ෆස්වියාගේ ගෙදර වෙන කවුද ඉන්නේ?
මම ඉන්නේ අපේ මහ ගෙදර. දැනට අපේ ගෙදර මායි මගේ සැමියායි හැරුණම, මගේ තාත්තා සහ මගේ අක්කාත්, ඇගේ සැමියා සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාත් සිටිනවා. මගේ අම්මා කලකට ඉහත දී මෙලොවින් සමුගෙන ගියා. මගේ ලොකු අක්කා ඇගේ සැමියා සහ දරුවන් සමඟ කටාර් රටේ පදිංචි වී සිටිනවා. මගේ එකම මල්ලිත් විදෙස්ගතව ඉන්නේ.

* ඔයා පුංචි කාලේ ඉඳන් ම සිහින මැව්වද මෙවැනි ව්‍යාපාරයක් කරන්න?
පුංචි කාලේ ඉඳන්ම ව්‍යාපාරයක් කිරීම කොහොම වුණත් මැහුම්වලට අත්කම්වලට නම් මම හරිම දක්ෂයි. නමුත් මමවත් දන්නෙ නැති විදිහට ඉබේම වගේ මම මගේ දෙයක් කරලා මුදල් ඉපයීම ආරම්භ කළේ මගේ වයස අවුරුදු පහළොවේදී විතර..

* මොනවද ඔයා කළේ?
මගේ පාසලේ දී මම විෂයක් විදිහට ගෘහ විද්‍යාව හැදෑරුවා. අපට එක පාඩමක් තිබුණා රෙදි බෝනික්කන් මහන්න. එතකොට මම හිටියේ සාමාන්‍ය පෙළ පන්තියේ. අපට උගන්වපු විදියට මම මුලින්ම මහපු රෙදි බෝනික්කා හරිම ලස්සනට නීට් එකට තිබුණා. ඊට පස්සේ ගොඩක් ළමයි මගෙන් රෙදි බෝනික්කෝ මහලා ඉල්ලුවා. මගේ තාත්තා නුවරඑළිය ටවුමේ ව්‍යාපාරයක් කරපු කෙනෙක්. ඒ නිසා තාත්තා ගේ මාර්ගයෙන් මට හඳුනා ගන්නට ලැබුණා ජර්සි මහලා විකුණන කාන්තාවක්. ඇය මට ජර්සි මැසීමට ගන්නා රෙදිවලින් ඉතුරුවෙන රෙදි කැබලි බෝනික්කන් මහන්න නොමිලේම දුන්නා. මම ඒවයින් ලස්සනට බෝනික්කෝ මැහුවා. ඒවා මගේ ඉස්කෝලෙ ළමයි ගොඩක් දෙනෙක් මිලදී ගත්තා.

* බෝනික්කෙකුගේ මිල කීයද?
රුපියල් 300යි.

* ෆස්වියාගේ ව්‍යාපාරික ජීවිතයේ ආරම්භය එතැන කිව්වොත් මම හරි ද?
මම ඒකෙන් පුංචි මුදලක් ඒ කාලේ උපයා ගත්තා තමයි. නමුත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දිය යුතු අවුරුද්ද වෙනකොට මං ඒක නතර කළා. මං ඇඳුම් මහන්න පුරුදු වුණේ නම් මගේ වයස අවුරුදු දොළහේදී විතර.

* මොනවද ඔයා මැහුවෙ?
අම්මා ඇඳලා අයින් කරන පරණ ගවුම් අරගෙන ඒක උඩින් මගේ ගවුමක් තියලා මම ගාණට කපනවා. ඊට පස්සේ මුළු ගවුම ම මං අතින් මහලා අඳිනවා. ඒක මම මට අඳින්න ඇඳුම් නැතුව කරපු වැඩක් නෙවෙයි. මට හරි ආසාව තිබුණා මගේ අතින්ම ඇඳුම් මහලා අඳින්න. ඔය විදිහට තමයි මම ඒක පුරුදු වුණේ.

* ඊට පස්සේ ඔයා ඇඳුම් මහන්න ඉගෙන ගත්තාද?
ඇඳුම් මහන්න මගේ තිබුණු කැමැත්ත නිසාම අම්මා සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ මාව නුවරඑළියෙ සිංගර් මැහුම් ඇකඩමියට ඇතුළත් කළා. මම ඉතාමත් දක්ෂ ලෙස ලොකු උනන්දුවකින් විද්‍යානුකූලව ඇඳුම් මැසීමේ මූලික පාඨමාලාව හදාරමින් සිටියා. ඒ දවස්වල ඇකඩමියේ මගේ ගුරුතුමිය ඉරෝෂිණී මිස්. මගේ හැකියාවන් දැකලා ඇය තමයි මාව උනන්දු කළේ සාරි ජැකට් පාඨමාලාවත් හදාරන්න කියලා. මම ඒකත් ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉරෝෂිණී මිස් වෙන බ්‍රාන්ච් එකකට මාරු වෙලා ගි‍ය නිසා අපට උගන්වන්න ආවෙ ලක්මාලි මිස්. ඒ මිස්ගෙන් මම ඩ්‍රෙස්මේකින් ඩිප්ලෝමා පාඨමාලාව, මැෂින් එම්බ්‍රොයිඩර් ඩිප්ලෝමා පාඨමාලාව වගේම , බ්‍රසීලියන් එම්බ්‍රොයිඩර්, රිබන් එම්බ්‍රොයිඩර්, රිච්වර්ක් එම්බ්‍රොයිඩර් පාඨමාලාත් ඉගෙන ගත්තා. මේ අතරතුරදී ලක්මාලි මිස්ටත් මාරුවීමක් ලැබිලා යන්න සිද්ධ වුණා. ඊට පස්සේ අපේ ඇකඩමියට ආවේ කුමුදු මිස්. කුමුදු මිස් යටතේ ෆැෂන් ඩිසයිනින්, ටේලරින් ක්‍රමයට ඇඳුම් මැසීමේ පාඨමාලාව, මනාලියන්ගේ ඇඳුම් මැසීම කියන පාඨමාලාවන් තුන සම්පූර්ණ කළා.

* ඒ කියන්නේ ආසාව උනන්දුව සහ කැපවීම තියෙනවා නම් ජයග්‍රහණය කියන්නේ ඉතා පහසු දෙයක්?
සත්තකින්ම. මම මේ පාඨමාලාවන් ඉගෙන ගන්න කාලයේදී ම මට විවිධ අයගෙන් ඇඳුම් මහන්න ඇණවුම් ලැබුණා. ඒව මම ඉතාමත් සාර්ථකව මට පුළුවන් උපරිමයෙන් කරලා දුන්නා. මේ නිසාම මගෙන් ඇඳුම් මසා ගත් අයගෙන් කටින් කට ගිහින් මට දිගින් දිගටම ඇඳුම් මැසීමේ ඇණවුම් ලැබෙන්න පටන් ගත්තා. කිසිම දැන්වීමක් දාන්නෙත් නැතුව, සෝෂල් මීඩියාවල ප්‍රචාරය කරන්නෙත් නැතුව ඕනෑ තරම් වැඩ ලැබුණා. ඉගෙන ගන්න අතරේම ව්‍යාපාරයකුත් මම කරගෙන ගියේ ඒ විදිහට.

* ඔයා ඇකඩමියේ උපදේශිකාවක් විදිහට සම්බන්ධ වුණේ නැද්ද ?
මට ඒ සඳහා අවස්ථාව ලැබුණා. අපේ වැඩ පිළිබඳව නිරීක්ෂණය කරන්න ආපු මැහුම් ඇකඩමියේ කළමනාකාරිනී ධම්මිකා මිස් මගේ වැඩ ගැන බොහොම ප්‍රශංසා කළා. ඒ නිසාම ඇය මට ආරාධනා කළා උපදේශිකාවක් විදිහට ඇකඩමියට සම්බන්ධ වෙන්න කියලා.
මම මැහුම් සම්බන්ධයෙන් දක්වපු දක්ෂතාවයට අමතරව මේ සඳහා තවත් විශේෂ සුදුසුකමක් වුණේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මට වැඩ කිරීමේ හැකියාවක් තිබීම. නමුත් එම වෘත්තියේ ස්වභාවයට අනුව ඇතැම් විට පිට පලාත්වල ඇකඩමිවලටත් අනුයුක්ත කරන අවස්ථා තිබෙනවා. මේ හේතුව නිසා මම ඒ රැකියාව භාරගන්නවට මගේ දෙමාපියන් කැමැති වුණේ නෑ. ඒ නිසා මම ගුරු උපදේශිකාවක් වීමේ කැමැත්තක් තිබුණත්, ඒ පිළිබඳ අදහස අතහැර දමලා මගේ ගෙදර ඉඳල මගේ ව්‍යාපාරය කරන්න පටන් ගත්තා. ඇත්තටම මට එයින් ඉතා හොඳ ආදායමක් ලැබෙනවා.

* ඔයා රූපලාවන්‍ය ආයතනයකුත් පවත්වාගෙන යනවා නේද ?
මගේ මූලික ව්‍යාපාරය ඇඳුම් මැසීම. ඒ ව්‍යාපාරයටම රුකුලක් වෙන නිසාත්, මගේ ව්‍යාපාරය තවත් පුළුල් කර ගත යුතු නිසාත් මම රූපලාවන්‍ය NVQ Level 4 සාර්ථකව හදාරා සහතිකයකුත් ලබාගත්තා. මම මනාලියන්ගේ ඇඳුම්, මනාල යෙහෙළියන්ගේ ඇඳුම්, මල් කුමරියන්ගේ ඇඳුම්, සියලුම ආකාරයේ උත්සව සාදවල ඇඳුම් මේ හැම ඇඳුමක් ම නිර්මාණය කරනවා. සාමාන්‍ය ඇඳුම්, සාරි හැට්ට මේ හැම ඇඳුමක්ම නිර්මාණය කළත් වැඩිපුරම මං අතින් නිර්මාණය වෙන්නේ මංගල ඇඳුම් සහ උත්සව සාද සඳහා වන ඇඳුම්. මම රූපලාවන්‍ය සහ මනාලයන් හැඩගැන්වීම හදාරා තිබෙන නිසා මගේ ළඟට එන මනාලියන්ගේ ඇඳුම් නිර්මාණයේ සිට මගේ අතින්ම නිර්මාණය කළ ඇඳුම්වලින් ඇයව හැඩ ගැන්වීමත් මට ම කිරීමේ හැකියාව තිබෙනවා. මීට අමතරව මනාලියන්ගේ මල් කලඹ හිස් පළඳනා මේ සියල්ලම මම නිර්මාණය කරනවා. මනාලියගේ සහ ඇගේ යෙහෙළියන්ගේත්, මල් කුමරියන්ගේත් සියලුම ඇඳුම් නිර්මාණය කර, ඒ අය හැඩ ගන්වලා, මල් කලඹ හිස් පළඳනා සියල්ලමත් නිර්මාණය කර දීලා ඒ අය ලස්සනට සරසලා එයාල දිහා මොහොතක් බලා ඉන්නකොට හිතට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. ඒ මොහොතේදී දැනෙන ආත්ම තෘප්තිය මිල කරන්න බෑ.

* ඔයා උදේට වැඩ පටන් ගත්තම හැන්දෑවේ හයට වැඩ අවසන් කරනවා නම්, ඔය තරම් වැඩ ප්‍රමාණයක් කරන්න තව කී දෙනෙක් ඔයා යටතේ වැඩ කරනවද?
විශ්වාස කරන්න මගේ යටතේ කිසි කෙනෙක් වැඩ කරන්නේ නෑ. මට කාල වේලාවක් නැති නිසා අපේ ගෙදර උයන පිහන සහ අනිකුත් වැඩ සේරම කරන්නේ මගේ අක්කා. අක්කා ගෙදර වැඩවලින් මාව නිදහස් කර, ඇය ඒ සියලුම දේවල් කරන නිසා මට ඇගෙන් ලැබෙන සහයෝගය ඉතා විශාලයි. ඒ නිසා මට දවල් දවස පුරාම මගේ වැඩවලට අවධානය යොමු කරන්න නිදහස තිබෙනවා. අනික් කාරණය තමයි මම ඉතාම කඩිසර කෙනෙක්. මං පතරොම්වලට අනුව ඇඳුම් නිර්මාණය කරන්නේ. මේ නිසා සාමාන්‍ය ඇඳුමක් කපල මසා නිම කරන්න මට පැයක කාලයක් හොඳටම ප්‍රමාණවත්.

* ඒ තරම් වේගවත් ඔයා?
ඔව්. ඒත් ඒකට තවත් හේතුවකුත් තියෙනවා. ඉස්සර මම සාමාන්‍ය මැෂින් එකකින් වැඩ කළේ. නමුත් මම වේගයෙන් වැඩ කරන කෙනෙක් නිසා මගේ වේගය වගේ තවත් කීප ගුණයකින් මැෂිම වේගවත් වුණේ නැත්නම් ඇත්තටම මම ෆේල්. ඒ කියන්නේ මගේ වේගවත්කමට ගැළපෙන සහයක් මගේ මැෂින් එකෙන් මට ලැබිලා නෑ. වේගයෙන් වැඩ කරන්න නම් මගේ වේගයට වඩා කීප ගුණයකින් වේගවත්, මා සමග එක්ව ගමනක් යා හැකි, මට අනගි සහයක් වෙන කල්‍යාණ මිත්‍රයෙක් වගේ මහන මැෂින් එකක් මට තිබිය යුතු බව මම වටහා ගත්තා. මම ඇකඩමියේ මැහුම් පාඨමාලා ඉගෙන ගන්නකොට අපි වැඩ කළේ zoje මහන මැෂින්වලින්. ඇත්තටම ඒවායින් මහන කොට මහනවද කියලවත් දැනෙන්නෙ නෑ. මැෂින් එකේ ශබ්දයක් එන්නෙත් නෑ. අපේ දෙපාවලට වෙහෙසකුත් නෑ. කිසි මහන්සියකුත් නැතුව වැඩේත් උපරිමයෙන් කෙරෙනවා. ඊට පස්සෙ මම zoje මැෂින් එකක් ගත්තා. ඒකෙන් මට කලින් කළාටත් වඩා දෙගුණයක් ඉක්මනට වැඩ කරන්න පුළුවන්කම ලැබුණා. zoje මට ඉතා විශ්වාසවන්ත ගමන් සගයෙක්. මට කාල කළමනාකරණය කරගන්න උදව්වක් වුණේ zoje.

* කොහොමද මහන වැඩයි සැලෝන් එකේ වැඩයි දෙකම එකට කරන්නේ ?
මගේ මැහුම් ව්‍යාපාරය වගේම සැලොන් එකත් අපේ ගෙදර ඉදිරිපස වෙනමම වෙන්වුණු කොටස් දෙකකට සකස් කරගෙන තියෙන්නේ. මම සැලෝන් එකේ වැඩ කරන්නේ ඇපොයින්මන්ට්ස් භාර අරගෙන. ඇඳුම් මහන්න භාර ගන්නෙත් එය නැවත භාරදීම සඳහා දිනයක් වෙන්කර ගෙනයි. මේ හැම දෙයක්ම මම තනිවම කරන්න හේතුවක් තියෙනවා. මට කෙනෙක් වැඩක් භාර දෙන්නෙ මං ගැන සම්පූර්ණ විශ්වාසය තියලයි. එක මගේ අතින්ම කළොත් විතරයි මට ඒ ගැන සීයට සීයක් ඇප වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම භාර ගන්න වැඩේ ලොකුද පොඩිද කියන එක මට ප්‍රශ්නයක් නෑ. හැකි උපරිමයෙන්ම ඒ දේ ඉතාමත් හොඳට, වගකීමකින් යුතුව මං ඉටු කරනවා. ඒ වෙනුවෙන් මගේ කාලය ඉතා හොඳින් කළමනාකරණය කර ගන්නවා.

* ඔයාගේ විවාහය ගැනත් කියන්නකො
මගේ සැමියා අස්කර් ව්‍යාපාරිකයෙක්. අපි කුඩා කාලයේ පටන්ම ඉතාම ළඟින් ඇසුරු කරපු පවුලේ ඥාතීන්. මගේ ව්‍යාපාරයට ඔහුගෙනුත් ලොකු ආශිර්වාදයක් හිමිවී තිබෙනවා. තවම අපි විවාහ වෙලා මාස හයක් වගේ කෙටි කාලයක් තමයි ගතවෙලා තියෙන්නේ.

* සස්වියාගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් මොකක්ද අනාගත බලාපොරොත්තුව?
ඇඳුම් මැසීම මෝස්තර නිර්මාණකරණය වගේ පාඨමාලාවන් උගන්වන්න පන්තියක් පටන් ගන්න මට අරමුණක් තියෙනවා. එතකොට මට අවශ්‍ය විදියට ළමයින් පුහුණු කරලා මගෙ ළඟ රැකියා අවස්ථා දෙන්න මට හැකියාව ලැබේවි. ඒ විදිහට පුහුණු කරගත් ශිෂ්‍යාවන් පිරිසක් සම්බන්ධ කරගෙන මගේ ව්‍යාපාරය පුළුල් කිරීම තමයි මගේ බලාපොරොත්තුව වන්නේ. දැනට මගේ ළඟ zoje නෝමල් මහන මැෂින් දෙකක් වගේම zoje ඕවර්ලොක් මහන මැෂින් එකකුත් තිබෙනවා. ව්‍යාපාරය ආරම්භ කරන්නට කලින් තවත් zoje මහන මැෂින් කීපයක් මට ගන්න සිදුවේවි. මොකද මගේ ව්‍යාපාරය දියුණු කරගන්න නම් මට අත්‍යවශ්‍ය අංගයක් වන්නේ හොඳ මහන මැෂින්. ඒකට zoje හැර වෙනත් කිසිම විකල්පයක් නෑ. මේ විදිහට අනාගතයේදී සාර්ථක දුර ගමනක් යන්න පුළුවන් බව මම හොඳින්ම විශ්වාස කරනවා.

සටහන
ඉන්දු පෙරේරා

02/08/2023

Witness the most awaited fashion experience!

�Singer Fashion Academy proudly presents ‘𝗙𝘂𝘁𝘂𝗿𝗲 𝗼𝗳 𝗙𝗮𝘀𝗵𝗶𝗼𝗻’ - an exclusive fashion extravaganza, showcasing the incredible talents of our very own Singer Fashion Academy students who have completed the diploma and advanced diploma in Fashion Design.

Join our page to watch the live streaming of this glamorous fashion fiesta on the 𝟮𝗻𝗱 𝗼𝗳 𝗔𝘂𝗴𝘂𝘀𝘁 𝟮𝟬𝟮𝟯 from 𝟱.𝟯𝟬𝗽𝗺 onwards.

28/07/2023

🌟 Join us for a dazzling affair of style and elegance at the much-awaited Fashion Show Event on 2nd August 2023, at Eagles Lakeside Attidiya! ✨ Be captivated by the latest trends and creations as models strut down the runway in a mesmerizing display of fashion brilliance. 🎉

🕰️ Mark your calendars for an unforgettable evening from 5.30pm to 7.30pm! 🌅

💫 Tickets priced at just Rs 4000/- are now available! Don't miss this opportunity to witness the magic of fashion up close. Reserve your spot now and let the fashion enthusiast in you rejoice! 🎟️

📞 For more details and bookings, call us today
+94 711171000
See you there! 📲

28/07/2023
27/07/2023

Singer Fashion Academy proudly presents 'Future of Fashion' - an exclusive fashion extravaganza, showcasing the incredible talents of our very own Singer Fashion Academy students who have completed the diploma and advanced diploma in Fashion Design. ✨👗👠

🗓️ Mark your calendars for 2nd August 2023, from 5.30pm to 7.30pm at Eagles' Lakeside, Attidiya

🎟️ Hurry, limited tickets available! Reserve your seat now.

📞📲 Call or WhatsApp 0766 177 177 to secure your tickets.

Don't miss the chance to be inspired by the next generation of trendsetters! 🌟💃

Photos from Singer - Apparel Solutions's post 24/07/2023
Photos from Singer Sri Lanka's post 10/07/2023

Embracing Brilliance: A Spectacular Evening of Recognition and Achievement at the Award Ceremony 2023 of Singer Fashion Academy.

We celebrated the exceptional accomplishments of our talented students at the Singer Fashion Academy on 21st June 2023 at Bishops College Auditorium.

Photos from Singer Fashion Academy - Wellawatta Singer Plus's post 01/07/2023

Hurry up exclusive offer

Videos (show all)

The Joy of Dressing is an Art...If you are also interested in learning sewing, call us on this number. 0762128081...#Sin...
මහන ඇඳුම් තවත් හැඩ කරගන්න ලස්සනට එම්බ්‍රොයිඩරි කරන්න ඉගෙන ගන්න කැමති ඔබට දැන් එම්බ්‍රොයිඩරි පාඨමාලා තුනක් Singer Fashion...
ඔබේ හීනයත් Fashion Designer කෙනෙක් වෙන්නද?අදම එක්වන්න Singer Fashion Academy අප සමඟ.⭕️පාඨමාලා කාලය - මාස 06⭕️පාඨමාලාව සම...

Website