WinSpiration

WinSpiration

අරමුණ සිහිනයක් නොවන්නට ප්‍රායෝගිකව ව

04/12/2022

15/11/2022

අපෝ තාමත් ඉගෙන ගන්නවද???
තාම උපාධියවත් අරන් නැද්ද?
රස්සාවකට යන්න අදහසක් නැද්ද???
දැන් වයස කීයද?
කසාදයක් බඳින් නැද්ද?
30 පැන්නට පස්සේ කෙනෙක් හොයනවා බොරු....
බැඳලා ගොඩක් කල් නේද ළමයි හදන් නැද්ද?
35 පැන්නට පස්සේ ළමයි හදන්න අමාරුයි..
ඊට පස්සේ ළමයි ව ඉස්කෝලේ එක්ක යන්නේ හැරමිටියෙන් ද?
තාම කුලියට ද ඉන්නේ?
ගෙයක් හදාගන් නැද්ද?
තාම බස් එකේද යන්නේ කාර් එකක්වත් ගන්නේ නැද්ද????

මෙහෙම කතා ඕනී තරම් ඔයත් අහලා ඇති....

සමහරවිට ඔයා ඒ ගැන හිතලා දුක්වෙලත් ඇති...

ඒත් එක එක්කෙනා ජිවිතේදි ලබාගන්න achievements එක එක කාලේදි වෙන්න පුලුවන්.....

මේ දේ මේ වයසෙදි අනිවාර්යයෙන්ම කරන්න ඕනී කියලා නියමයක් නෑ ළමයෝ....

මොකද එක එක්කෙනාගේ time line වෙනස්.

මේ ජීවිතේ ඔයාගේ....
ඒ නිසා හිත කරදර කරගන්නේ නැතුව ඔයා නිදහසේ ඔයාගේ ගමන යන්න ළමයෝ....

❤️🌸💪

This is specially for you.

07/11/2022

ඔලු ගෙඩිය අස්සෙ තියන පීඩනය
ගෙදර මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ
අපි කන කට්ට අපි දරාගන්න තරම
අපි වටේ ඉන්න උන්ට තේරෙන්නෙ නෑ

ඒ හැමදේම දරාගෙනත් අපි වටේ උන්ගෙ
හිනාව පරිස්සං කරන්න කන කට්ට උන් හීනෙන් වත් හිතන්නෙ නෑ.උන්ට හිතෙන්නෙත් නෑ

උඹ කන කට්ට දන්නෙ උඹ
උඹ ඒව දරාගන්න හැටි දන්නෙ උඹ
අසරන උනාම පැත්තකට වෙලා ගොඩයන හැටි හිතන්නෙ උඹ.ඒ හැම දේමත් ඔලුවෙ තියාගෙන හිනාවෙන්න ට්‍රයි කරන්නෙත් උඹ

මතක තියාගනිං පොඩි තැන ඉඳන් ඉපදිල ජීවිතේ ට මූන දෙන්න වෙන එක උඹට මට ජීවිතේ දුන්න තෑග්ගක්.මේ ලෝකෙ මිනිස්සු කතා කරන්නෙ කට්ට කාල ගොඩ ගිය එවුන් ගැන.මේ මිනිස්සු වටිනාකමක් දෙන්නෙ පීඩනය දරාගෙන ඉස්සරහට ගිය මිනිස්සු ගැන

ඔලුව අස්සෙ හිත අස්සෙ තියන කුණු ගොඩවල් අයින් කරල දාල,අනවශ්‍ය උඹව පස්සට අදින බැඳීම් වලින් අයින් වෙලා තව ටිකක් බර සැහැල්ලු කරගෙන උඹ ඉස්සරහට පලයං

04/11/2022

මාරාන්තික දුක,පීඩනය මිනිහෙක් එක වතාවක් හරි අත්විඳින්න ඕන !

මිනිහෙක්ට පිස්සු හැදෙන්න ඕන !

උදේ හවා දැවෙන්න ඕන !

කනට ගැහුවා වගේ අතඇරලා දාන rejection එකක් වෙන්න ඕන !

දුන්න මල් ටික පවා කුණු කූඩෙට දාන උන් හම්බවෙන්න ඕන !

අතේ සතේ නැතිවෙන්න ඕන !

මෙලොව බලාපොරොත්තුවක් නැති හිස් මිනිහෙක් වෙන්න ඕන !

අරමුණක් නැති හැල්මෙ දුවන එකෙක් වෙන්න ඕන !

උපරිමෙන්ම කෙළවෙන්න ඕන !

Su***de එකේ ගැට්ටෙ ඉන්න ඕන !

ඔව්

මෙතනින් පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ.
ජීවිතේ ලස්සනම කාලෙ එන්නෙ.
එන ඕන දේකට මූණ දීලා ඉන්න පුරුදු වෙන්නෙ.
සාර්ථක මිනිහෙක් බිහිවෙන්නෙ.

03/11/2022
01/11/2022

ජීවිතේ pressure කියන දේ හැමෝටම සාමන්‍ය දෙයක්. හැබැයි අපි ඒ පීඩනයන් දරාගන්නේ කොහොමද කියන එක සහ ඒවට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක උඩ ගොඩක් දේවල් වෙනස් වෙනවා. ප්‍රශ්න නැති මිනිස්සු නෑ ඒ නිසා හැමදේම සම සිතින් දරාගෙන නවතින්නේ නැතුව මේ ගමන යමු.

26/10/2022

ජීවිතේ වැරදි කරන්න බය වෙන්න එපා. ඒ වැරදි වලින් ලැබෙන අත්දැකීම් තමා දවසක ඔයාව ශක්තිමත් කරන්නේ. හැබැයි එකම වැරැද දෙපාරක් කරන්න තරම් මෝඩ වෙන්නත් එපා...

25/10/2022

මොකක්ද මේ product development initiatives කියලා කියන්නේ?

සරලවම, එළියෙ තියෙන අවශ්‍යතාවයකට හෝ ප්‍රශ්නයකට උත්තරයක්, භාණ්ඩයක් විදියට එලියට ගන්න එක. සංකීර්ණ නොවන සරල විදිහට.

අපි එදිනෙදා ගෙදර දොරේදී මුහුණ දෙන ප්‍රශ්න, වැඩ පහසු කරගන්න පාවිච්චි කරන උපකරණ, ගෙදරදොර ලස්සන කරගන්න ඕන කරන දේවල්, හරියට බැලුවොත් අපි මොනාද අපේ රටේ මේවයින් හදන්නේ. හැමදාම විවසායකත්වය කියලා දුරු තුනපහ ටිකක් විකුණන එක විතරයි ඇත්තටම කරලා තියෙන්නේ. අලුතෙන් කිසිම දෙයක් හදන්න උත්සාහ කරලා වත් නෑ. මේ දේ වෙනස් කර ගත්තොත් අපි හිතනවට වඩා දෙයක් අපිට සහ සමාජයට කරන්න පුළුවන්.

මේ වෙනකොට මේ product development initiative කියන දේ මහා පරිමාණයෙන් කරන රටක් තමයි චීනය කියන්නේ. ඒගොල්ලො දැවැන්ත නිෂ්පාදන ක්‍රියාවලියක් ඔස්සේ හැම ක්ෂේත්‍රයකටම ඕන කරන දේවල් නිෂ්පාදනයය කරමින් ඉන්නවා. අපේ රටේ ඉඳිකට්ට ඉඳලා කොස්සට යනකම් made in china products අපි ඕනතරම් දැකල තියෙනව.

ඉතිං මේ ආනයනික භාණ්ඩ වලට ආදේශක නිෂ්පාදනය කරන්න මේ තරම් හොද කාලයක් තවත් නැති තරම්.

සමාජ මාධ්‍ය ආගමනයත් එක්ක භෞතික ස්ථාන වල මේ බඩු විකුනගන්න තිබුන අමාරුකම් නැතිවෙලා ගිහින් තියෙනවා. මේ හැම දෙයක්ම හරියට කළමනාකරණයණය කර කරගන්න පුළුවන්නම් product develop කරනවා කියන එක සහ විකුණනවා කියන එක අමාරු දෙයක් නෙවෙයි.

23/10/2022

හැම අසාර්ථක වීමක් පිටිපස්සෙම ලොකු පාඩමක් තියෙනවා. මේ දේ හරියට අල්ලගන්න එක තමා අපි හරියටම කරගන්න ඕන. ඒ නිසා අසාර්ථක වීම් නිසා වැටෙන්නේ නැතුව ඒ හැම අසාර්ථක වීමක්ම අපිට කියලා දෙන්න හදන පාඩම හරියට ඉගෙන ගමු.

21/10/2022

💧ලෝකයා අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න යන්න එපා.
💧ප්‍රශ්නෙ නොගැළපෙනවා නම්, ප්‍රශ්නෙ අහපු කෙනා නොගැළපෙනවා,නම් ඒත් උත්තර දෙන්න යන්න එපා.
💧අනවශ්‍ය චෝදනා වලට, බොරු චෝදනා වලට ප්‍රතිචාර දක්වන්න එපා.
💧ඔබව නොතේරෙන අයට ඔබව පැහැදිලි කරන්න මහන්සි වෙන්න එපා.
💧ජීවිතේ එක එක කොන්වලින් අල්ලන් බාගෙට ජීවිතේ එල්ලිලා ඉන්න මිනිස්සුන්ට ජීවිතේ ගැන පැහැදිලි කරන්න යන්න එපා.
💧දෙයක් තේරුම් කරන්න බැරි බව දැන දැනත් අමාරුවෙන් තේරුම් කරන්න මහන්සි වෙන්න එපා.
💧ඔයාට බනින හැමෝටම බනින්න යන්න එපා.
💧එකම දෙයක් වෙනුවෙන් නිතර නිතර ඉල්ලීම් කරන්න එපා.
💧මෝඩයොත් එක්ක තර්ක කරන්න එපා.
💧කපටියොත් එක්ක වාද කරන්න එපා.
💧කෝටියක් ආශ්‍රය කලත් ගැලපෙනම අය මිසක් හදවතේ ලිස්ට් එකට දාගන්න එපා.
ජීවත් වෙනවා කියන්නේ, එක එකා එක්ක වලි කකා, තර්ක කර කර, ලෝකෙට උත්තර දිදී කරන විවාද තරඟයක් වත් කුකුල් පොරයක්වත් නෙමෙයි.
ඒක තනිකරම මානසික ආනන්දයක්, සුන්දර විඳීමක්..💜
ඒක සැනසිල්ලේ විඳගන්න නම් ඕන වෙන්නෙ එකම එක දෙයයි.
ඒ තමයි,
" මානසික සැනසීම "
කිසිම දවසක කිසිම කෙනෙකුට කිසිම ම විදිහකින් ඔයාගේ මානසික සැනසීම, මානසික නිදහස,අවුල් කරන්න ඉඩ තියන්න එපා.
ඔයා,මොනදේ උනත් , කවදාවත් කාගෙවත් මානසික නිදහසට බාධා කරන්නත් එපා.
මිනිස්සු විදිහට මේ ලෝකෙ හැමෝම ජීවත් වෙන්න පුදුම ගේමක් දෙනවා.
සතුටෙන් ඉන්න පුදුම කට්ටක් කනවා.
ඒ නිසා කාගෙවත් ජීවිතයක දුකට හේතුවක් වෙන්න එපා.
අන්න එතකොට මානසික සැනසීම මැරෙනකම්ම ඔයා ලඟින්ම රැඳෙයි.💜

17/10/2022

ඔයා මේ වෙලාවේ මොනතරම් ප්‍රශ්න එක්ක ජීවත් වුණත්, මොන තරම් වේදනාවකින් හිටියා වුණත්, මේ කිසිම දෙයක් සදාකාලික නෑ....
හැබැයි මේ දේවල් ඉවසන්නේ නැතුව, ඔයා මේ මොහොතේ කරමින් ඉන්න දේවල් අත හැරියොත්, ඒක සදාකාලිකවම ඔයාගේ ජීවිත කාලය පුරාවටම බලපානවා...
ඒ නිසා මේ මොහොතේ වේදනාවන්ට, ඔයාගේ මුළු අනාගතයම තීරණය කරන්න දෙන්න එපා...
අමාරුම තැන්වලදී හයියෙන්ම අල්ලං ඉන්න...

"ඉඩෝරයකට පස්සේ වසන්තය එනවාමයි..."

14/10/2022

දියුණු වෙන එකත් හරියට බඩගින්නක් වගෙ අපට දැනෙන්න ඕන.

11/10/2022

අපිට නොතේරුනාට අපේ ජීවිතෙත් හරියට කෝච්චියක් වගේ. හරියට රේල් පීලි දිගේ මේ කෝච්චිය ගෙනියන එක තමයි ජීවිතේ කියල කියන්නේ. අපිට එන ප්‍රශ්න එක්ක මේ කෝච්චිය පීලි පන්නගන්නේ නැතුව ගෙනියන්නනම් හැම වෙලේම ධනාත්මක මානසිකත්වයකින් මේ හැම දේකටම මූන දෙන්න වෙනවා. ඒ වගේම තමා බැරි වෙලාවත් මේක පීලි පැන්නොත් ආපහු පීල්ලට මේක දාගන්න එක හරිම අමාරු වැඩක්. ජීවිතේ දිනන්නම් මේ වගේ අවස්තාවන් වලදී හරියට තමන්ව අදුරගෙන මේ වැඩේ කරන්න පුලුවන් විදියේ මානසික ස්ථාවරත්වයක් හදගන්නම වෙනවා. ඒක එක දවසකින් කරගන්න පුලුවන් දෙයක් නෙමේ. ජීවිතේ අපි මුහුන දෙන දේවල් එක්ක මේක ක්‍රමාණුකූලව වෙන දෙයක්. වැදගත්ම දේ තමයි මේ මොන විදියේ අවස්ථාවකදි උනත් මානසික ස්ථාවරත්වය එකම විදියට තියගන්න උත්සාහ කරන එක. ප්‍රශ්න වලට අපිව පාලනය කරන්න දෙන්නෙ නැතුව අපි ප්‍රශ්න පාලනය කරන්න උත්සාහ කරන්න ඕන මෙන්න මේ නිසයි. ඉස්සෙල්ලම තමන් කවුද කියන එක අදුරගන්න උත්සාහ කරමු. තමන්නට තමන් අදුරගන්න පුලුවන් උන දවසට මේ ජීවිතේ හරියටම පීල්ලේ ගෙනියන එක අමාරු දෙයක් නෙමෙයි.

10/10/2022

දෙයක් ලබා ගන්න නම් අපි ඒ වෙනුවෙන් කැපවෙන්නම ඕන. අපේ හීන දිනාගන්නත් ඒ වගේම අපට අපේ කාලය,ශ්‍රමය කැප කරන්නම වෙනවා. ඉතිං හෙට දවසේ ඔබ දිනාගන්න හීන මවන දේවල් වෙනුවෙන් මේ මොහොතේ ඉදලම කැප වෙන්න. හෙට දවසේ ඔබට බැබලෙන්න අවශ්‍ය කරන අඩිතාලම ඒක වේවි.

03/10/2022

හයියට හිටිය දරුවෝ !

හයියට හිටිය දරුවො දෙමාපියෝ අතෑරලා යන්න පටන් අරන්.

තමන්ගේ කූඩු හදන්, තමන්ගේ දරු පැටව් අරන්, දුර ඈත රටවලට තමන්ගේ දෙමාපියෝ අතෑරලා දරුවො යන්න පටන් අරන්.

"මගේ හයිය මගේ දරුවෝ" කියලා කට පුරා, හිතපුරා කියපු දෙමාපියෝ ඇස්වල කඳුලු පුරවගෙන් ඉකිගහන හිත හංගන් "පරිස්සමෙන් ගිහින් එන්න පුතේ" කියන්න පටන් අරන්. Mom's Diary

තමන් හදපු දෙමාපියො අතෑරල, තමන් වදපු දරුවො වෙනුවෙන් කෙනෙක්ට තෝරාගැනීමක් කරන්න වෙන එක මොන තරම් අසරණකමක්ද?

කවදා හරි දවසක "අපිට බැරිවෙනකොට උන් අපිව බලාගනීවි" කියලා හිතපු දෙමව්පියන්ගේ "හයියට හිටිය දරුවෝ", "අපි ගිහින් එන්නම් අම්මෙ" කියලා කකුල් දෙක අල්ලලා වදිනකොට , කඩා වැටෙන කදුළු කැට අම්මගේ කකුලට වැටෙන්නනොදී උරහිසෙන් පිහන තමන්ගේ දරුවන්ව නොදැක්කා වගේ ඉන්න අම්මලා කොයිතරම් අසරණද?

තාත්තට ඕනේ බෙහෙත් ටික ගන්න මාසේ පඩිය මදි වෙනකොට, අම්මගේ චැනලින් තුන්ඩුවට ගෙවන්න තියන ගාන පර්ස් එකේ හිඟ වෙනකොට, දෙමාපියන්ගේ "හයියට හිටිය දරුවෝ" හිත තද කරන් "අපිට අපිව හදපු දෙමව්පියෝ රැක බලා ගන්න විදිහකුත් නෑ, අපි වදාපු දරුවෝ පෝෂණය කරන්න විදිහකුත් නෑ, ඉතිං යනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද" අහනකොට දෙන්න උත්තර නැතිව බිම බලාගන්න අපිට සිද්ද වෙලා.Mom's Diary

අපි ලෝක ළමා දිනයයි ලෝක වැඩිහිටි දිනයයි දෙකම "සැමරුවා".

කවදා හරි දවසක අපි වෙනුවෙන් දුක් විදපු දෙමාපියන්ට සැනසීමක් දෙන්න හිතන් හිටපු ඔබත් මාත් වගේ මේ රටේ ඉන්න දහස් ගන්න දරුවන්, අද අම්මා තාත්තගේ බඩගිනි නිවන්න ඊළඟ වේල සපයා ගන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි තැනකට වැටිලා.

කවද හරි අපේ දරුවන්ට මේ ලෝකේ තියන හොදම දේ දෙන්න හීන මවපු ඔබත් මාත් වගේ තරුණ දෙමව්පියෝ හෙට දවසේ අපේ දරුවන්ට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරි තැනකට ඇද වැටිලා.Mom's Diary

අපි කොච්චර අසරණද? දරුවෝ විදිහට අපේ ඒ අසරණකම දකින අපේ රත්තරන් දෙමව්පියෝ අපිට හැමදාම වගේ අදත් විසඳුමක් දෙනවා.

" පුතේ අපේ කාලේ ඉවරයි. ඔයාලා මේ රටේ හිටියත් නැතත් අපි හෙට අනිද්දා මැරෙනවා. ඒක අනිවාර්යයි. යන්න, ගිහින් ඔයාලගේ දරුපැටව් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න. ඔයාලට වරදින්නේ නෑ පුතේ, ලෝකේ කොහේ ගියත් ඔයාලට හරි යනවා"

ඉතිං

දෙමාපියන්ගේ හයියට හිටිය දරුවො දෙමාපියෝ අතෑරලා යන්න පටන් අරන්.

අයිතිය,
Mom's Diary

28/09/2022

පහලට යද්දි නැවතුනා නේද 😌

එහෙනම් ඔයත් පොඩි තැනක ඉපදිලා
ලොකු හීන පස්සෙ යන එකෙක් ❤️

21/09/2022

මිනිස්සුන්ව රැකගන්න.❤️

අනික් අයට ගොඩයන්න උපදෙස් දෙන මිනිස්සුන්ට තමයි වැඩිපුරම ප්‍රශ්න තියෙන්නේ ‼️

උන් තමන්ට තියෙන එක එක ප්‍රශ්න හංගගෙන හිනාවෙලා ජීවත් වෙනවා. සමහර වෙලාවට උන් අනික් එවුන්ට උපදෙස් දීලා ගොඩ දාන්න බලන්නෙත් අනික් උන්ටත් තමන්ට වගේ ප්‍රශ්න ඇතිවෙනවට අකමැති නිසාම වෙන්නැති.

පොඩි හරි විශ්වාසයක් තිබුණා තවම කොහේහරි ජීවත් වෙනවා ඇති කියලා. ඒත් යන්නම ගිහින්.

ඒ ලියුමේ ලියලා තිබුණු අන්තිම පේලි ටික.

" දැන් වෙලාව රෑ 8යි, තව පැය බාගයක් ඇතුලත කවුරුහරි මුණගැහිලා බාධාවක් වුනේ නැත්තම් මම මහවැලියේ ඉඳී.
මට සමාවෙන්න. " AK

උපුටා ගැනිමකි

15/09/2022

Photos from WinSpiration's post 15/09/2022

කොයිතරම් අඩු පාඩු තිබුනත් සිහිනය අත්හරින්න එපා ..❤

13/09/2022

ජීවිතේ වැඩියෙන්ම කට්ට කාපු උන්ට දවසක හරියන්න ඕනේ.. 🙏

හරියට බඩට නොකා
අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමී
කලුතර බෝධිය ඉස්සරහා කකුල් හිරිවැටෙනකල් හිටගෙන මල් විකුණපු එක දුප්පත් අම්මා කෙනෙකුගේ පුතෙක් ,

අද රෑ ලෝකයක් ඉස්සරහා මේ පුංචි රටට අභිමානයක් අරගෙන එන ගමනේ මුල් තැන ගන්න හැටි මිලියන 22 ක මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒ අම්මාත් ඇතුලුව ❤️🇱🇰

ඉතිං කාලය ගැන හොදම දේ තමයි , ඒක හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා !

Pathum Nissanka

10/09/2022

මිනිස්සු උනාම දිනුම වගේම පැරදුමත් බාර ගන්න පුලුවන් විදියෙ මානසිකත්වයක් තියාගන්න ඕන. ගොඩක් අය ජයග්‍රහනය ආදරෙන් වැලද ගත්තට පරාජය කියන දේට පුදුම විදියට බයයි. හැබැයි පරාජය වීම් කියන්නෙම අලුතෙන් මහ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන අවස්ථාවන්. ඒ නිසා පරාජයනුත් ආදරෙන් වැලද ගන්න. ඒවයින් ඉගෙන ගන්න.

නිසල මුහුද නෙමේ රළු මුහුද තමා හැම වෙලේම හොදම කපිතාන්ලා හැදුවෙ.......

08/09/2022

ජීවිතේ හැමදාම අපිට ජයග්‍රහන විතරක් උරුම වෙන්නේ නෑ. පරාජයන්ට තමයි වැඩිපුරම මූන දෙන්න වෙන්නේ. ඒ නිසා ජයග්‍රහනයේදී සතුටු වෙනවා වගේම පරාජයන් වලදී මානසිකව වැටෙන්නේ නැතුව පුලුවන් තරම් ඒ දේවල් වලින් ඉගෙන ගන්න බලන්න.

එකම වැරද්ද දෙපාරක් වෙන්න තියන්න එපා.

07/09/2022

ඔයාට ඕන 8 - 5 රස්සාවෙන් අයින් වෙලා තමන්ගෙම කියල දෙයක් ගොඩනගෙන ජීවිතේ ගොඩදාගන්නද?

මේ සිතුවිල්ල ඔයාට දැනටම ඇවිල්ලනම් මේ වෙන කොටත් ඔයා බහුතරයකට වඩා වෙනස්. ඔයාගේ ගමනාන්තය සමාන්‍ය මනුස්සයෙක් හීනෙන් වත් බලාපොරොත්තු වෙන ගමනාන්තයක් නෙමේ.

ඒ වගේ ගමනාන්ත වලට කොහොමත් කෙටි මාර්ග නැහැ. ඔයාට අනිත් මිනිස්සු නිදාගනිද්දී අවදියෙන් ඉදන් ඔයාගෙ හීන වෙනුවෙන් මහන්සි වෙන්න වෙයි. සමහර ආදරනීය බැදීම් අතාරින්න වෙයි. ලොකු කැපකිරීම් කරන්න වෙයි. ඒ දේට ලෑස්ති වෙන්න.

ජීවිතේ දිනනවා කියන්නෙම හැමෝටම කරන්න පුලුවන් සෙල්ලමක් නෙමේ.

06/09/2022

මොකක් හරි දෙයක් එක දිගට දීර්ඝ කාලයක් තිස්සේ කරල ප්‍රතිපල නැති උනාම ඒ දේ අතෑරලා දාන්න හිතෙන එක, තමන් ගැනම පරාජිතයෙක් වගේ හැගීමක් දැනෙන එක අපි හැමෝටම පොදු දෙයක්. හැබැයි ප්‍රතිපල නැති උනා කියල අපි ඇත්තටම පරාද වෙලාද?

හිතන්න හැම දෙයක්ම අපිට ජීවිතේ එක දවසින් ලැබෙන්නේ නෑ. කොහොමත් ජීවිතේ වටිනම දේවල් ලබාගන්න නම් ලොකු කැප කිරීම් කරන්න වෙනවා. මොන විදියට දැනුනත් මේ ගේම් එක අතාරින්න එපා. එහෙම ඇතෑරියොත් අන්න එදාටයි ඇත්තටම අපි පරාජිතයෝ වෙන්නේ.

03/09/2022

හීන දැක්කට මදි ඒ හීන හැබෑ කරගන්න මහන්සි වෙන්න ඕන.

Website