Insta

Insta

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Insta, Art, .

18/02/2022

Wonderfull Srilanka🙏

Timeline photos 24/09/2020

🌚

25/07/2020

08/07/2020

💕

01/06/2020

😍

19/05/2020

ගැබුරු හුස්මක්
අවසන් කර,
කිති කැවුලක මේ
මා හෘදෙක,
පහන් රෑ දෙවොල්
ගිම්හානයක,
උනුසුම් හාදුවකින්
මා සැනහෙන
රාත්‍රියක......
ඉවසන්නට කිති ඔබෙ
නොහැකිය මට,
හිත් එක්කල මෙම
පතිකුල,
හෙට දිනයට කල්
ඉතිරව ඇත,
නවතනු මැන ඔබෙ
හැගුමන් අද......
වියැවුල් පොද වැහි
මල් වැස්සක,
කෙදුරුම් හඩ
පා ස්නේහෙක,
අපි අපටම කල
ඇසුරක,
අමාවක රස පද
අප ගත යට.......
සුසුම් පා හඩ වැකු
මැකී යත්ම,
අප එක් වෙන
මහ රෑ යම,
දෝංකර දෙන හඩ
රිද්මෙක,
නැලවුනි මම ඔබ
තුරුලෙම..........

🅘🅝🅢🅣🅐

Timeline photos 12/05/2020

#සෙයාරුව_දෙස_නොව_අදහස_පමණක්_බලන්න...
🅘🅝🅢🅣🅐

සිල් රකින ගෑණුන්ට හිත ගියාට,
පිරිමි ආසම ගෑණුන්ගෙ හැංගුනු දගකාර බවට.... !

විලුඹ වැහෙන්න අදින ගෑණූ පස්සේ ගියාට, පිරිමි කැමතිම තමන් ඉස්සරහා
අඩනිරුවත් වෙන ගෑණුන්ට...!

තනිකරලට කොන්ඩෙ ගොතන උන්ට වහ වැටෙන පිරිමි ආසම ,
තමන් ගාවදි කඩා දාන කොන්ඩෙට... !

මූණ නොවුස්සා බලන ගෑනූන්ට හිත දුන්නට පිරිමි, රත් වෙන්නෙම අඩැසින් බලන ගෑනු ගාව... !

ඔව් !
පිරිමි ආසම ලෝකයටම තැන්පත් වෙලා,
තමන් ලගදි විතරක් නැහැදිච්ච ගෑනුන්ට...!

රටටම බෙදන ,
නගර සෝබනියක නෙවේ !

( 🤡 #ගැහැනියක්_කඩුපුල්_මලක්_වියයුතුමයි,
#තමන්ගේ_හෝරාවෙදී_පමනක්_පිබිදෙන ! 🤡

✍️

29/04/2020

𝔼𝕧𝕖𝕣𝕪𝕠𝕟𝕖 𝕔𝕣𝕒𝕤𝕙𝕖𝕤. 𝕊𝕠𝕞𝕖 𝕘𝕖𝕥 𝕓𝕒𝕔𝕜 𝕠𝕟. 𝕊𝕠𝕞𝕖 𝕕𝕠𝕟’𝕥. 𝕊𝕠𝕞𝕖 𝕔𝕒𝕟’𝕥. 🖤

28/04/2020

#නේවි_කොල්ලෙක්• 👮‍♀️
#අපි_වෙනුවෙන්_මොනතරම්_කැපකිරීම්_කලත්_අපි_කොච්චර_කුහකද?
කියවද්දිම ඇඬුනා..

ගේට්ටුවෙන් එළියට ඇවිත් මහබාගෙ හංදියට වෙනකම් ඇවිදගෙන පාරට ඇවිත් වාහනයක් හොයාගන්න පොලිස් චෙක් පොයින්ට් එකකට ගියා.එතන හිටිය රාළහාමි කෙනෙක් මං කතා කරන්න කිලන්ම මහත්තයා කොහේටද කියල ඇහුවා."මොණරාගලට" කිව්වාම. මගින් මගට තමයි යන්න වෙන්නෙ මහත්තායා.කියල ටික වෙලාවකින් අත්‍යවශ්‍ය සේවා කියල ගහපු ටෙන්වීල් එකකට නැග්ගුවා.එකෙන් ඇවිත් කැළණි පාළම ලගින් බැහැලා ආමි එකේ රෝඩ් බ්ලොක් එකේ කෝපල් කෙනෙක්ට කියලා වෑන් එකකට නග්ගවා ගත්තා. එකෙන් හංවැල්ලට වෙනකම් එන්න පුළුවන් වුණා. එතන ඉඳන් කිලොමීටර් හත අටක් පයින්ම යන්න වුණේ කිසිම වාහනයකින් පාරේ ිකන් යන මිනිහෙක්ව වාහනේට නග්ග ගන්න අකමැති බව දන්න නිසා. ඒ යද්දි පොලිස් ජීප් එකක් ආවා. විස්තර අහලා අවිස්සාවේල්ල ටව්න් එකට දාලා එතන හිටිය රාලහාමි කෙනෙක්ට කිව්වා මාව මොණරාගල පැත්තට යන වාහනේකට දාන්න කියල.එතන පැය බාගයක් විතර ඉද්දි ඇඹිලිපිටියට යන බට්ටෙක්ට නගින්න පුළුවන් වුණා. ඉස්සරහා ගෝලයයි ඩ්‍රයිවරුයි.කොළඹට කෙසෙල් ගෙනිච්ච වාහනයක්. වේලිච්ච කොසෙල් කොල බක්කයේ තාම.ඒවා ටිකක් එකතු කරලා ඇතිරිල්ලක් වගේ හදාගෙන වාඩි වෙලි හිටයත් දවස් ගාණක් නිදිමරපු මහන්සියටත් එක්ක එහෙම්මම දිගාවෙලා නිදාගත්තා. අඹිලිපිටියෙන් ඩ්‍රයිවර් ඇවිත් කතා කරනකම් නින්දගිහින්.එතනින් ආමි ට්‍රක් එකක් සෙට් වුණා වැල්ලවාය කෑම්ප් එකට යන.ඒකේ ගියලු සාජන්ට්ට නේවි අයිඩී එක පෙන්නලා විස්තරේ කිව්වාම දාගෙන ගියා. ගිහින් වැල්ලවාය රෝඩ් බ්ලොක් එකෙන් බස්සලා එතන හිටිය සාජන්ට කතා කරලා මං ගැන කිව්වා. එතනින් මට තේ එකකුයි බිස්කට් දෙකකුයි ලැබුණා.ඒ තමයි පැය නමේකින් බඩට වැටුණු කෑම.එතනින් සියඹලාණ්ඩුවට යන වෑන් එකකට නැගලා ඇවිත් හුලංදාවෙන් බැහැලා නක්කලට වෙනකම් පයින්ම ආවා.

පැය එකොලහකට ආසන්න ගමනකින් පස්සේ මම ගෙදරට ගියේ මාස දෙකකින්.මං යද්දි නෝනයි පුතායි ආසාවෙන් බලන් හිටියේ.මහ රෑ වුණත් පුතා නිදි නෑ. මටත් ඉවසිල්ලක් නෑ දරුවවයි මගේ මැණිකවයි පැනපු ගමන් බදාගන්න.ඒත් එහෙම කරන්නේ කොහොමද?

පුතා මගේ අතට එන්නමයි හදන්නේ. මම නෝනට කිව්වා මං ලඟට එන්න දෙන්න එපා කියල..ඒත් පුතාට වඩා මටයි පුතාව වඩාගන්න ඕනකම තිබුණේ.මං ඒක නොකිව්වට නොනා ඒක මගේ ඇස් වලින් කියවන්න ඇති..

ගෙ⁣ට ඇතුල් වෙන්නත් කලින් බෑග් එකයි ඒකේ තිබුණු ඇඳුම් ටිකයි නෝනා රත් කරල දුන්න උණු වතුර බේසමට දාලා මමත් කොහොඹ කොළයි, කහයි, පින්න කොළයි දාලා රත් කරපු වතුර එකකින් නාගෙන ගෙට ගියා.

ඒත් වෙනදා මැණිකටයි පුතාටයි කවල බඩයි හිතයි පුරවගන්න මම , පැත්තකට වෙලා බත් කාලා බඩගින්නේ හිටියා.

නෝනයි දරුවයි කාමරේ නිදාගනිද්දි මං සාලෙ පැදුරක් එළාගෙන නිදාගත්තා. පුතා මං ලඟ නිදාගන්න ඕනේයි කියල අඬද්දි මං පඅතාට වඩා හොරෙන් ඇඬුවා.නොනා මොකුත් නොකිව්වට මටයි පුතාටයි වඩා අඬනවා කියල මට දැනුණා.

පහුවදා උදේ නැගිටලා මූණ හෝදද්දි අල්ලපු ගෙදර අයියා කතා කරලා ඇහුවා කවදද ආවේ කියලා.. මා එක්ක ආව ගිය විස්තර රටේ ලෝකේ තොරතුරු එහෙම කතා කර කර මං මූණ හෝදනකම් එයා මිදුලේ කැරකි කැරිකි හිටියා.

දවල් දවසේ ගෙදර එළවළු කොරටුවට අලුතින් පාත්ති දෙක තුනකුත් එකතු කරලා දවල්ට කාලා ඉද්දි ග්‍රාමසේවක රාළහාමි තකහනිකයක් දුවගෙන ආවා. ඒ එක්කම පොඩි කැමරාවක් අරන් අල්ලපු ගමේ කොල්ලෙක් මාවයි ගෙදර වට පිටාවයි වීඩියො කළා.ඒ අස්සේ නෝනවයි දරුවවයි වීඩියෝ කරන්නත් හදනවා.මං එපා කිව්වට එයා කිසි ගාණකට ගත්තේ නෑ." අයියෝ කරුණාකරල මට බාධා කරන්න එපා මම මාධ්‍යවේදියෙක්." කියල හැඳුනුම්පත් පෙන්නුවා.

දරුවවත් අරන් ගේ ඇතුලට යන්න කිය. නෝනව ගේ ඇතුලට යැව්වා.ඊට පස්සේ ග්‍රාම සේවක රාළහාමි ."ගෙදර ආවට කමක් නෑ.පාරට එහෙම අඩියක් තියන්න එපා.කියල කරුණාවෙන් කියලා ගියා.ඒ ගිහින් ටික වෙලාවකින් කෝල් එකක් ආවා කෑම්ප් එකේ යාළුවෙක්ගෙන්." මචං නිවාඩු කැන්සල්ලු අපේ අයගෙන් මිනිස්සුන්ට බෝ වෙයි කියල මතර වටේම අය 119 ගහලලු" මම නෝනා දිහා බලපු විදිහෙන්ම එයාට තේරුණා මොකක් හරි අව්ලක් තමයි කියලා..

හෙට දවසත් මගටම ගෙවන්න වෙන නිා වේලාසනින් නිදා ගත්තා.. පාන්දර නැගිටලා නෝනා උයල දුන්න බත් පාර්සලයකුත් අරගෙන තම්බල තිබුණු බතල අල දෙක තුනකුත් බඩට දාගෙන , නෝනවයි පුතාවයි ඇස් දෙකට අරන් පාරට බැස්සා.

ගෙදර එද්දි තිබුණු තරම්වත් වාහන නෑ. එක එක ආයතන වල බස් වෑන් යනවා. අත දැම්මට සමහර ඒවා නවත්තන්න තියා බලන්නෙවත් නැතුව යනවා.සමහර අය නවත්තනවා."මම නේවි එකේ..කෑම්ප් එකට යන්නේ. පුළුවන්නම් යන තැනකින් බස්සන්න කිව්වාම මාරයාව දැක්කා වගේ රේස් කරලා යනවා යන්න.කොහොම හරි පැය පහලොවකින් විතර වැලිසරට එන්න පුළුවන් වුණා.

"මැණික මම කෑම්ප් එකට ආවා. ආපු ගමන් නාලා කාලා නිරොධා්‍යානය කරන්න හදපු බිලට් වලට අපිව දැම්මා.කාඩ් එකක් ගන්න කඩයක් ඇරල තිබුණේ නෑ. සල්ලි දාගත්ක ගමන් මං කතා කරන්නම්. පුතා එක්ක පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ." අපිව ඇතුලට ගන්නකම් ගේට්ටුව ලඟ හිටගෙන ඉද්දිම මං නෝනට කතා කරල එහෙම කිව්වා.නැත්තම් ඒ පිස්සු කෙල්ල නොකා නොබී මං කතා කරන කම් බය වෙලා දුකෙන් බලන් ඉන්නවා.

- උපුටා ගැනීමකි -

Timeline photos 28/04/2020
26/04/2020

😭😭💔

23/04/2020

#මෙහෙම_කෙල්ලෙක්_ඉන්නවානං_ඉන්බොක්ස්_එන්න. 😋😍😁
🅘🅝🅢🅣🅐
🥰 ඇත්තටම මට ඕනේ මේ වගේ කෙල්ලෙක්

❣️දවසට සියපාරක් Call කරන කෙල්ලෙක් නෙමේ, උදේට ඇහැරුනහම Good Morning කියලා රෑට නිදාගන්න කලින් Good Night කියන කෙල්ලෙක් ☺️

❣️හැමදෙයක්ම මට කිය කිය කරන කෙල්ලෙක් නෙමේ, කරපු ඕනදෙයක් හංගන්නේ නැතුව මට කියන කෙල්ලෙක් 🥴

❣️ඔයා කන්නේ නැත්තන් මම කන්නේ නෑ කියලා මට හොරෙන් කාලා නොකා ඉන්නවා වගේ ඉන්න කෙල්ලෙක් නෙමේ, උඹට ඕනෙනම් බඩගින්නේ ඉඳපං මට බඩගිනි මම කනවා කියලා කන කෙල්ලෙක් 😂

❣️කිසිම කොල්ලෙක්ට message කරන්නේ නැති කෙල්ලෙක් නෙමේ, කවුරු එක්ක message කරත් මාත් එක්ක විතරක් love කරන කෙල්ලෙක් 😚

❣️හැමවෙලේම එපා වෙනකන් කතා කරන කෙල්ලෙක් නෙමේ, කතා කරන ටිකට හුරතල් වෙවී ආදරෙන් කතා කරන කෙල්ලෙක් 😘

❣️මගෙන් වැරද්දක් උනහම ටක් ගාලා whatsapp එකේ storyයක් දාන කෙල්ලෙක් නෙමේ, මාත් එක්ක රණ්ඩු වෙලා හරි මාත් එක්ක විතරක් ප්‍රශ්නෙ කතා කරලා බේරුමක් කරගන්න කෙල්ලෙක් 🤫

❣️යාළුවොත් එක්ක trip එකක් හරි, set වෙන්න හරි ගිය වෙලාවට මට කතා කර කර බනින කෙල්ලෙක් නෙමේ, මාව එදාට මතකවත් නැති කෙල්ලෙක් (මටත් මතක නෑ එදාට) 🤣

❣️හැබැයි මොන ලෝකේ ගියත් මගෙන් ගියාද? කෑවද? කියලා message එකක් දාලා අහන කෙල්ලෙක් 😍

❣️අරයගෙ කොල්ලා මෙහෙමයි ඇයි ඔයාට එහෙම වෙන්න බැරි කියලා අහන කෙල්ලෙක් නෙමේ, ඔයාගෙ විදිහට මං කැමතියි හැබැයි මේක විතරක් පොඩ්ඩක් වෙනස් කරගන්න කියල ආදරෙන් මාව හදාගන්න හදන කෙල්ලෙක් 🤩

❣️Call එකක් ගත්ත වෙලාවක මං game එකක් ගහනවා/ film එකක් බලනවා කිව්වහම නාහෙන් අඬන කෙල්ලෙක් නෙමේ, "එහෙනම් ඉවරවෙලා මට කියන්න" කියන කෙල්ලෙක් 🥳

❣️මම දෙයක් කිව්වම තේරුම් ගන්න අමාරු කෙල්ලෙක් නෙමේ, මම දෙයක් කියන්න කලින්ම මාව තේරුම් ගන්න පුළුවන් කෙල්ලෙක් 😘

❣️Birth Day එක දවසට කලින් දවසෙ රෑ 12.00ට wish කලේ නෑ කියල තරහවෙන කෙල්ලෙක් නෙමේ, Birth Day/ Valentine ඕනම එකක් සරලව සමරන්න පුලුවන් කෙල්ලෙක් 😌

❣️කන්න ගියහම මට කන්න බෑ කියන කෙල්ලෙක් නෙමේ, තව ගමුකෝ මට ගොඩක් බඩගිනි කියන කෙල්ලෙක් 😂

❣️යාළුවො එක්ක කොහේ හරි යන්න හදනකොට (සුරාජ් පුතේ මේ අම්මා මැරැණා කියලා හිතාගනින් 😂) වගේ වැළපෙන කෙල්ලෙක් නෙමේ, නෙමේ ඕන මඟුලක ගිහින් මැරෙන්නැතුව පරිස්සමට වරෙන් මැණික කියලා ආදරෙන් කියන කෙල්ලෙක් 🥰

❣️අනේ අපි ඉක්මනට බඳිමු සුදු මහත්තයො කියන කෙල්ලෙක් නෙමේ, බුදු අම්මෝ දැන්ම නම් බඳින්න බෑ තව ටිකක් කල් සැපට ඉන්න ඕනෙ කියන කෙල්ලෙක් 🤣

❣️අන්තිමට, මොන දේ උනත් මාත් එක්කම ඉන්න, මම හිතින් වැටුනත් මාවත් ඇදන් ඉස්සරහටම යන්න පුළුවන් මැරෙනකන්ම මගේ පස්සෙන් නෙමේ, මගේ ලඟින්ම ඉන්න කෙල්ලෙක් ❤

🥰 ඇත්තටම මට ඕනේ මේ වගේ කෙල්ලෙක්
🙈

21/04/2020

#මතක

නුවර වැවට මල් ඉහින්න
වැව වටේම ඇවිදන් යන්න
මාලිගාවේ ඉස්සරහ ඉඳන්
අහස දිහා බලන් ඉන්න
කරඬුව ලඟට ගිහින්
එක පාරක් හරි කරඬුව බලන්න
පොරකාගෙන ගිහින්
මලක් පූජා කරලා එන්න
ඒ භක්තියෙන් හිතම නිවා ගන්න

ආසයි

ඒත්

මතක ගොඩක් තිබුන තැනකට
ආයෙ යන්න බෑ තවත් මතක එකතු කරන්න

මොකද

නුවර වැවයි, කරඬුවයි , මාලිගාවයි

ඒ මතක වලට වඩා

පින්වන්ත නිසා.

Photos from Insta's post 21/04/2020

/04 •

20/04/2020

🅘🅝🅢🅣🅐
#අනාගත_හබියා_වෙත_ලියමි..😁

උඹ කොයි ගුබ්බෑයමේ රිංගුවත් කමක් නෑ හවසට කහ වතුරෙන් නාලා ගෙට පලයන් මයෙ අම්මා.

ඒක නෙමේ,

මට උඹට කියන්න කාරණා ටිකක් තියෙනවා..

මට උඹේ පාටින් වැඩක් නෑ.
මමත් ඉස්සර සුදු කොල්ලෙක්ට හීන මැව්වා.
හැබැයි දැන් තැලිලා පොඩි වෙලාම තත්වෙ තේරෙන නිසා ආදරේට පාට වැදගත් නෑ කියලා දන්නවා.

මට වඩා උසයි නම් හොඳයි.
මොකද,උඹට තුරුල් උනාම ලබ් ඩබ් සද්දෙට කෙලිම්ම කන අහු වෙනවනෙ..

රස්තියාදු ගගහා නම් ඉන්නෙ,මේ දැන් ඉඳන් රස්සාවක් හොයලා කරන්න ඕනෙ.
දැන් මම හොඳට කන බොන ගෑණි.
එහෙම ඉඳලා හාමතේ මැරෙන්න බෑ.

ඉඳලා හිටලා පොලුයි බතුයි කෑවැකි.
හැබැයි හැමදාම බෑනෙ..
උඹේ ලේ මගෙ බඩේ වැඩෙනකොට සක්තිය(ශක්තිය) ඕනනෙ...

ටිකක් තදට හැසිරෙන්ඩ වග බලා ගනින්.
මම නාහෙට අහන්නැති එකී..

ගෙදර වැඩ ටික බාගෙට ඉතුරු නොකර හරියට කරපන්.
මට ඕනෙ ලොකු ගෙවල් නෙමේ.
පොඩියට හරි පිලිවෙලට ගෙයක්..

නිවාඩු දවසට යාලුවො එක්ක රවුමෙ යමන්.
මට කිසි ප්‍රශ්නයක් නෑ.
ඉඳලා හිටලා බීපන්.
හැබැයි ඩේලි බෑ.තෝව මරාගෙන මැරෙනවා මම.

සිගරට් එකක් ගැහුවට කමක් නෑ.
ලබ්බ පරිස්සමට ඈ.
දරුවො වදන්ඩ එහා ගෙදර යන්ඩ බෑනෙ.

ආතල් එකට ජොයින්ට් පාරක් ගහලා කදේ දාලා වරෙන්.
මාසෙට දෙපාරක් වගේ.නෝ ප්‍රොබ්ලම්.

උයන්න ටිකක් පුරුදු වෙමු.
අසනීප කියන දේවල් කිය කිය එන්නෑනෙ.

අනේ වැඳලා කියන්නම් අනවශ්‍යය විදියට ඇඟ පත හදා ගන්ඩ කියලා නැහෙන්ඩ එපා..

කෝටු ඇඟ පත නම් මම මහත් කරලා ගන්නම් උඹව...

කෙට්ටු පපු ඇතුලෙ ආදරෙත් වැඩීනෙ..

කුනුහරප බැරිනම් ඕන මල දානයක් කියලා කෑ ගහපන් මම විතරක් ඉද්දි..

අත උස්සන්ඩ එපා.
උඹෙන් පාරක් කන්න බැරි නෑ.
හැබැයි මම එහෙම වැරදි කරන්නෑ.
නොකර සැක කරලා ගැහුවොත් උපරිම තුන් පාරයි මම උඹ ගාව ඉන්නෙත් නෑ..

උඹට ඕන දේවල් මට බය නැතුව කියපන්.
තේරුම් ගැනීම ඉහලයි ඈ..

කොත්තු පරාටා රයිස් අස්සෙ සොසේජස් බන් උනත් කන්න බැරි නෑ..
උඹ ආස මොනවද ඒවා ගානට ලැබෙයි..

වෙන වෙන හොටෙල් ගානෙ රිංගලා එන්ඩනම් එපා
තෙල් හැන්ද රත් කරලා පස්ස පැත්තෙ තියන්නෙ

අඬන්න රුසියා මම...
හිත රිද්දන එක අඩු කරපන්..

තදට ඔලුව කැක්කුමක් තියෙනවා...
ඉඳලා හිටලා ඇඟිලි ටික කෙස් අස්සෙ යවපන්.

හොඳම දේ,
උඹේ බැඳීම් මම කඩන්නෑ...හැබැයි උඹ ඒවා කඩාගෙන මට බනින්නත් බෑ.

අවධානෙ මට වැඩියෙමත් ඕනෙ.
ඒක මතක තියා ගනින්..

අහ් හොඳම දේ..
සුද්දෝ අඩුම බයික් කට්ටක් හරි ඕනෙ ඈ..

උඹ ඕන ෆැෂන් එකක් කරපන්...
හැබැයි මාව හෙලුවැල්ලෙන් පාරෙ ගෙනියන්ඩ බෑ..

මම ටිකක් ඇවිදින්න ආසයි..
ඒ ගැනත් අවධානයක් දීපන්..

හැමදේම උඹේ පාත් එකක යන්න පුරුදු වෙලා
මාව ලගට ගනින්...

එතකම් මම බලන් ඉන්නම්...

Timeline photos 18/04/2020

🅘🅝🅢🅣🅐

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ...... ❤️ # #
🌙 💤

14/04/2020

#අසම්මතපෙම

දවසක අහම්බෙන්
මන් උබව දැක්කා
උබ මාව දැක්කා
හිනා උනා එක පාරක්
මාත් හිනා උනා එක පාරක්
එතනම අපි ගලපගෙන අපේ හිත්
අපිටත් නොදැනිම
ඉතිං
තව දවසක
එතනින් එහාට ගිහින්
මන් කතා කලා උබට
එදා උබේ මූනෙ තිබ්බ සතුට මට තාම මතකයි
හරියට හිරෙන් නිදහස් උනු හිරකාරයෙක් වගේ
ඒ තරම් සතුටක්
අපි ලංවුනා කතාව සියුම් උනා
රෑවල් ගෙවුනා නිදි නැති
හීන දැක්කා පොඩි නැති
ඒකට අපි කිව්වේ ආදරය කියල
ඒත් උබට තව ආදරය ඕන උනා
ඒත් කොහොමද
ඒ හිතට නෙමෙයි ගතටත් දැනෙන විදිහට
මන් උබට ආදරේ කලේ හදවතින්
මන් දන්නවා උබත් මට එහෙමයි ආදරේ කලේ කියල
ඒත් මම උබට උබ ඉල්ලපු ආදරේ ඒ විදිහට දුන්නේ නෑ
මොකද තාමත් උබ මගෙ බිරිඳ නෙමෙයි
ඉතිං මම මගෙ හිතට අවනත උනා
උබට රන්ඩු කරන්න ඕන උනා
ඉතිං උබ රන්ඩු කලා
මං බලන් හිටියා
අන්තිමට උබට යන්න ඕනෙ උනා
උබ ගියා
ඒත් මං බලන් හිටියා
යනකොට උබ කිව්වේ
"උබ ආදරේ කරන්න දන්න එකෙක්ද" එහෙමයි.
මං අද වැඩ ඇරිලා වාහනේ ගෙදර යනකොට
හරි අමාරුවෙන් බඩදරු අම්මා කෙනෙක් පයින් ගාටනවා දැක්කා පාරේ අඬ අඬ
එහාපැත්තේ කෙට්ටු සිගරට් එකක් කටේ ගහගත්තු මිනිහෙක් ඒ අම්මට බනිනවා නොසෑහෙන්න,
පුදුමයි ඒ උබ,
ඉතිං මං මගෙම හිතට කියාගත්තා
"අසම්මත පෙමක්"
ඉතිං මං වෙන මොකක් කියන්නද ඒකට එහෙම හැර.

Photos from Insta's post 13/04/2020

රෝගබිය දුරැවෙන, ලෝවාසී සැම සුවපත් වෙන, සියලු සිත් සතුටින් පිරී ඉතිරෙන, සාමය රජවෙන, වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!❣️❤️

13/04/2020

🅘🅝🅢🅣🅐
#බඩුව
සැලුන් කරන්නෙ බඩුලු
ටැටු ගහන්නෙ බඩුලු
බොන්නෙ බඩුලු
කොන්ඩෙ කලර් කරන්නෙ බඩුලු

එතොට....................

දිගට ගව්න් අදින
කොන්ඩෙට මොකුත් නොකරන
ටැටු ගහලා නැති
සෙරම උන් පත්තිනිද😐

නටන්න තියෙන හැම නැටුමම නටලා
කරන්න තියෙන හැම ?ත්තම කරන්නෙ බබාලා වගෙ ඉන්න උන්😐😹
(හොද කෙල්ලොත් ඉන්නවා)

සැලුන් කියන්නෙ කෙනෙක්ව ලස්සන කරන දෙයක්♥️
#ශම්මි_කුමාර්ලා_වගෙ_ගැනු_නිසා_එක_පහත්_උනාට_ටැටු_කියන්නෙ_කලාවක්♥️
#කෙල්ලෙක්_කරාම_බඩුවක්_වෙන😈
#කොල්ලෙක්_කරාම_කුඩු_කාරයෙක්_වෙන🤢

විදින උන් දිලා බලලා විදවන පරිනත නැති උන්ගෙ විජ්ජාවක්🙂

කෙල්ලෙක් බිවාම බඩුවක් වෙනවාද🙄
#ඔනිම_කෙල්ලෙක්_බොනවා_ලොකෙට #හොරෙන්_මිනිස්සුන්ගෙ_කතා_වලට_බයෙ
ලොකෙට පෙන්න බිවොත් වෙසියක් වෙන සමාජයක් නිසා

අම්මා කෙනෙක් වෙන්නෙ කන්තාවක් තමා
මව් පදවිය ලබන කාන්තාවක් බොන්න හොද නැලු🙂
ඔව් ඉතිම් දරුවෙක් කුසට ආවාම කවුද බොන්නෙ😌

කොන්ඩෙ කලර් කරන්නෙ බඩුවක්නම්😐
මොකටද එ දෙවල්
හදන්නෙ😌♥️
ඔනිම කෙල්ලෙක් ආසයි ජිවිතෙ විදින්න
එත් බයයි ලොකෙට😹🙂
#හොයා_ගන්න_ඔයාට_ගැලපෙන_කෙනෙක් #ඔයා_හිතන_විදියට_කැමති_කෙනෙක්
ඔයාගෙ විදියට කවෘත් ආස නැති වෙන්න පුලුවන්🤢
ඉතිම් කාටවත් බය නොවි ජිවත් වෙන්නකො

11/04/2020

#මිතුදම

ඔන්න කාලයක් ගිහින් එක දවසක, ගොඩ කාලෙකට කලින් ජීවිතේ හොඳම යාලුවෝ වෙලා හිටිය යාලුවො දෙන්නෙක් ආයෙ හම්බඋනාලු.

1යාලුවා :- අහ් කොහොමද බං ගොඩ කාලෙකින්
උබලව දැන් දකින්නත් නෑ මොකද
කරන්නේ.

2යාලුවා :- කොහෙ දකින්නද බං මේ
නිවාඩුවට ආපු ගමන් දැන් වෙලාවක්
නෑනේ බං ඒ දවස්වල වගේ. උදේ
යනවා හවස එනවා බන්.

1යාලුවා :- උබට මතකද අපි ඒ ලෙවල් කරන
කාලේ පිස්සු නේ බන්.එ් කාලේ නම් මරු
බන් පට්ට කිසිම බරක් පතලක් නෑ
ජීවිතේ හරිම නිදහස් හරිම සතුටින්නේ
ගෙවුනේ.මතකද අපි එකට පාඩම්
කලා.පාඩම් කලාට වැඩිය අපි පිස්සුනේ
කෙලියේ බන්.ඒ මතක තාම හිතේ
තියෙනවා මාර ලස්සනයි.උබ කාලා
කාලා නිදාගන්නවානේ ටිකක් පාඩම්
කරලා මතකද ඒවා.

2යාලුවා :- ඔව් ඔව් මොකද බං මට මතක
නැත්තේ මතක නැද්ද ඒ ලෙවල් කරන
දවස් වල අපි හැමදාම හවසට සෙට්
වෙලා නාන්න යන්නේ ඔයට.පට්ට
නෙහ්.මතකද මගෙ අර ගමම
දෙදරන්න සද්දේ එන බයික් එක. ඒ
කාලේ මතක් වෙද්දිත් ආයෙත් යන්න
හිතෙනවා ඒ කාලෙට බන්.

1යාලුවා :- ඔව් ඔව් ඒ විතරක්ද ඒ ලෙවල් ඉවර
උන ගමන් ජිම් ගියා උබයි මායි.ඒ
මදිවට උබ රයිස් ⁣ඩිලිවරි කරන
ලොරියකත් වැඩ කලා නේද.මන්
වෙල්ඩින් වැඩ කරන්න අපේ මාමා
ගාවට ගියා.මතකද අපේ පන්තියෙ
යාලුවොත් එක්ක ගිය අන්තිම ට්‍රිප්
එක.

2යාලුවා :- ඔව් යකෝ ඒවා කොහොම අමතක
වෙන්නද බන් මට දැන් කාලය ගැන
හිතත්දී අපි කොහොම හිටිය උන්ද
කියලා හිතෙනවා බන්.නුවරඑළි⁣ නෙ
ගියෙ අපි.අම්මෝ එදා මතක් කරද්දිත්
ආස හිතෙනවා.උබ ඊ⁣ට පස්සෙනෙ ඔය
කෝර්ස් එක කරන්න පටන් ගත්තේ.

1යාලුවා :- ඔව් උබත් ඒ කාලෙමනෙ දැන් ඔය
කරන කෝස් එක කරන්න පටන්
ගත්තේ.මම නම් ආයේ ඒ ලෙවල්
කරන්නත් එක්ක හිටියේ ඒත් උබෙනුත්
අහලා මතකද මන් ඒ ලෙවල් කරන්
නැතුව මේ කෝස් එක කලේ.එදායින්
පස්සේ පට්⁣ටෙටම වෙනස් උනා නේද
බන්.හැමදෙයක්ම.ආතල් එකෙන් හිටිය
කාලේ එහෙම.අපිටත් නොදැනිම
වෙනස්වුනා.

2යාලුවා :- ඔව් බන් ඒක නම් ඇත්ත අපිටත්
නොදැනිම වෙනස් උනා.මතකයිනේ
අපේ මහනුවර ට්‍රිප් එක.ඒකට දැන්
බලහන්කො බන්.උබ ට්‍රෙයිනින් ඉවර
වෙලා ගෙදර උබේ කෝස් එක ඉවර
කරනවා.මම දැන් එක දිගට ට්‍රෙයිනින්
බන්.හිතුනෙ නෑ ජීවිතේ මේ තරම්
වෙනස් වෙයි සංකීර්ණ වෙයි කියලා.

1යාලුවා :- ඔව් බන් ඒක ඇත්ත.ඒ කාලේ හීන
මැව්වෙ ඉක්මනට සල්ලි හොයන්න
කට්ටියට පේන්න ලොකු කාර් එකක්
ගන්න.ලොකු ජොබ් එකක්
කරන්නනේ.දැනුයි තේරෙන්නේ.ඒ
කාලෙ කොයි තරම් නිදහස්ද
සැහැල්ලුද කියලා.ඒ කාලෙට යන්න
තියෙනවනම් කියලා හිතෙන්නෙ දැනුයි
බන්.

2යාලුවා :- ඔව් බන් ඒ කාලෙ වගේ උබටයි මටයි
හැමතැනම ස්කූටියෙ නැගලා රවුම්
ගහන්නත් බෑනෙ බන්.දැන් කොහෙද
වෙලාවක්.මන් ඉන්න දවසට උබ
නෑ.උබ ඉන්න දවසට මන් නෑ.ඒත් ඒ
දවස්වල ස්කූටියෙ රවුම් ගහපු
හැටි.පිස්සු කෙලපු හැටි කවදාවත්
අමතක වෙන්නෙ නෑ.ඒ කාලේ වගේ
දැන් රවුම් ගහන්න තිබ්බා අපි ඒ
ලෙවල් තාම කරනව නම්.ඒත් හැමදාම
උනත් අම්මලාට තාත්තලට බරක්
වෙලා රවුම් ගගහ ඉන්නත් බෑනේ
බන්.මොනව කරන්නද මේක තමයි
ජීවිතේ බන්.

1යාලුවා :- ඔව් හැබැයි අපිට ආයෙ එහෙම ඉන්න
පුලුවන් කාලෙකුත් එයි බන්
අනිවාර්යයෙන්ම.කතාවක්
තියෙනවනේ මහන්සි වෙන්න ඕන
කාලෙ හාන්සි උනොත් හාන්සි වෙන්න
තියෙන කාලෙ මහන්සි වෙන්න වෙයි
කියලා.

2යාලුවා :- ඔව් උබ හරි බන් ඒ කාලේ එනකම් අපි
මහන්සි වෙමු මේ කට්ට කමු.

1යාලුවා :- ඔව් මචන් උබ හරි අනිවා දුකයි තමයි
මොනවා කරන්නද ඒ කට්ට කෑවොත්
අපිට අනිවා ආයෙ අපේ ආතල්
ජීවිතේට ආයෙත් යන්න පුලුවන් වෙයි.

2යාලුවා :- ඔව් මචන් එහෙනම් ආයෙ සෙට්වෙමු
පරිස්සමින් පලයං.ගිහින් මට කෝල්
එකක් හරි මැසේජ් එකක් හරි දාපං.

1යාලුවා :- හරි බන් එල.

ගොඩක් සල්ලි හම්බ කරන්න හිතාගෙන ගොඩක් පෝසත් වෙන්න හිතාගෙන මැරී ගෙන ජොබ් කරන ගොඩක් අයගේ පිටට නොකිව්වට පුංචි හරි දුකක් තියෙනවා හිත් වල.මේ වගේ හංගන් ඉන්න.⁣ඒකයි ඇත්ත.පිටින් පෙනුනට සැහැල්ලුවෙන් ඉන්නවා කියලා ඒ ජීවිත වල කිසිම සැහැල්ලුවක් නෑ හිතන්නත් බැරි විදිහට සංකීර්ණයි.ඔයාටත් ⁣ජීවිතේ අමතක කරන්න බැරි සුපිරිම මතකයන් ටිකක් තියෙනවා කියන්නේ ඔයාටත් ඉන්නවා ජීවිතේටම අමතක කරන්න බැරි හොඳම යාලුවෙක් .අන්න ඌව කවදාවත් අමතක කරන්න එපා.කවදහරි අන්තිමට ඉතුරු වෙන්නේ ඌ තමයි.ඌ වෙනුවෙන් ඕනෙම උදව්වක් කරන්න පස්ස ගහන්න එපා කවදාවත්.

.නිමි.

10/04/2020

🅘🅝🅢🅣🅐
පිරිමි කැමති නෑ හැම ගැනි එක්කම හුරතල් වෙන්න ..

මෙහෙම කියනකොට සමහර කෙල්ලො හිතයි අපො අපේ එකානම් .වටේම ඉන්න ගැනු එක්ක හුරතල් වෙනවා කියලා..
අවශ්‍යතවය සපුරගන්න හුරතල් වෙන එක වෙනයි..
ආදරෙදි හුරතල් වෙන එක වෙනයි...

ඒ දෙකෙ වෙනස ඉතින් ගැනුන්ට නොතෙරෙනව නෙමෙයිනේ දැන් බබලාත් නෙමෙයිනෙ පිරිමිම කියක් හුරතල් කරලා ඇත්ද.😂
(ජස්ට් කිඩින්ග්)

කතාවට එමුකො..

ඉතින් පිරිමි හුරතල් වෙන්න අසයි ... ආරක්ශාව සෙනහස ආදරේ තියෙන ගැනියෙක් ගාව..
එහෙම ගැනියෙක් ඉස්සරහ ඌ උගේ පෞද්ගලිකත්වය දිග අරිනවනවා ..
මොකද ඌට බයක් නෑ ...
ඒකි උගෙ පෞද්ගලිකත්වය වාසියට ගනී කියල...
පිරිමියෙක් තමන්ගෙ පෞද්ගලිකත්වය ගැනියෙක්ට කියනවා කියන්නේ ඌට ඒ කෙනා පට්ටම විශේශයි කියන එක සහා ඒ කෙල්ලව ඌටත් වඩා ඌ විශ්වාස කරනව කියන එක.
මොකද ඌට එතන ආරක්ශාවක් නිදහසක් .. මාව තෙරුම් ගනී ..
මට ඇහුම්කන් දෙයි කියන හැඟිමක් තියෙනවා.

ඇත්තටම ගැනු විතරක් නෙමෙයි සම්බන්ධතවයක් ඇතුලේ ප්‍රොටෙක්ශන් එකක් හොයන්නෙ ..
පිරිමිත් හොයනවා .. උන්ට හැම ගැනි ගාවම තමන් ආරක්ශිතයි කියන හැඟිම එන්නැ..
එහෙම හැඟිමක් එන ගෑණිව උගෙ ජිව්තෙන් කවදාවත් මැකෙන්නෙ නෑ.
ඒ තැන වෙන ගැනියෙකුට ගන්නත් බෑ..

ඇත්තම කිව්වොත් ආදරෙ කරන්න ගියාම පිරිමි පට්ටම බොළඳයි ඒකයි මිනිහෙක් ආදරේ කරද්දි කෙල්ලෙක්ට ඌට කියලා ඔනම දෙයක් කරගන්න පුලුවන් මොකද ඌ පොඩි එකෙක් වගේ ඌ බලාපොරොත්තු වෙන්නෙ සෙනහසයි ආරක්ශාවයි ඒ වෙනුවෙන් ඌ ඔන දෙයක් කරනවා...

මෙහෙම කියද්දි..

පිරිමියෙක්ට මොකටද ආරක්ශාවක් කියලා උඹලට හිතෙනව ඇති..

උන්ගෙ අතේපයෙ හයිය තියෙනවනේ උන්ට මොකටදා අරාක්ශවක්..

පිරිමි ඇඟ පතින් හයිය ඇති ඒ උනාට ගෑනු තරම් මනසින් හයිය නැ..
පිරිමින්ට ඔන මානසික ආරක්ශාවක්.

උන් එක එකම තැනකින් බලාපොරොත්තු වෙනවා..
ජිවිත කාලෙටම එකම තැනකින්.

පිරිමි මානසික ප්‍රශ්න වලදි සැහෙන්න වැටෙනවා උන් තනි වෙනව ..
හිතලා හිතලම නන්නතර වෙනවා..

අන්න ඒ වෙලාවට ලඟට ඇවිත් බදාගෙන ඔලුව අත ගාන ගමන්..
උඹ නැගිටපන් මං තාම උඹ ගාව ඉන්නවා..
මං තාම උඹව දාලා ගියේ නෑ.
මොකා ගියත් මගෙන් උඹව අත ඇරෙන්නෑ..
උඹ කවදාවත් මං ඉන්නකන් තනි වෙන්නැ..
උඹ අයේ දුවපන් දුවන ගමන් ඔන තරම් වැටියන් මං අල්ලගන්නම් කියන හයිය ගැනියෙක් ඉන්න ඔන..

අන්න එහෙම ගැනියෙක් ගාව තමයි පිරිමියෙක් බය නැතුව නිරුවත් වෙන්නේ.

රෙද්ද ගලවන හැම ගැනීටම පිරිමි හදවත දෙන්න යන්නෙ නෑ.

මොකද ඌට ඒ එක තැනකදිවත් ආරක්ශාවක් නොදැනෙන හින්ද..

ගෑනියෙක්ගෙන් ආදරේ කියන දේ විතරක්ම පිරිමියෙක් බලාපොරොත්තු වෙන්නැ..

උන්ට තමන් ආරක්ශිතයි කියන හැඟිමත් ඒ ගැනිගෙන්ම දැනෙන්න ඔන..

#පිරිමි_ගොළුයි_උන්_පරිස්සම්_නෑ_කියලා_හිතෙන_තැන්වල
#උන්_ඕනවට_වඩා_කියවන්නේ_පරිස්සම්ම_තැන්_වල
#සමහරවිට_ඒ_උඹේ_උකුල_උඩ_වෙන්න_පුලුවන්
#ඔලුව_අත_ගගා_අහන්_හිටපන්_ඌ_දකින_ලස්සනම_හිනේ_උඹට_ඇත්තක්_කරලා_පෙන්නාවි..!

✍️ #යෝමාල්

08/04/2020

🅘🅝🅢🅣🅐
#සුදු_රෙද්ද..................

මංගල දවස දා රෑට.......
එලාගෙන,
සුදු රෙද්දක් යහනට.......
උඹ,
හොයනවා,
ගෑනිගේ,
තියෙනවාද පතිවත............................

උඹට මතකද,
පෙර දවසක,
මෙවැනිම කෙල්ලක් සතපවා යහනක...
මුමුනලා පෙම් බස් ඕසෙට.....
රතු කරා සුදු රෙද්දක්,
හරි අපූරුවට.....

මතක් උනාද උඹට,
අදවත් ඒ කෙල්ල ගැන......
විදවනවා ඇති ඒකි,
උඹට සාප කර කර......

එහෙව් උඹ,
අදත්,
සුදු රෙද්දක් එලාගෙන......
හොයනවා,
තියෙනවද,
මනමාලිගෙ පතිවත.......

යකෝ............................................

ලැජ්ජයි උඹ ගැන......
හිනා යනවා වෙලාවකට.....
එලාගෙන සුදු රෙද්දක් ඇදට,
හෙව්වත් උඹ අද,
මනමාලිගෙ පතිවත,
උඹ වගේ එව්න් ඉන්නකොට,
ඉතුරු වෙයිද බන්,
කෙල්ලොන්ගෙ පතිවත............


..... ______🖌

05/04/2020

#සුන්දර #අතීතය

පොඩ්ඩක් නැවතිලා කියවල යන්න

තව අවුරුදු
10කින්
20කින්
නෑ
තව අවුරුදු 50කින් විතර
මතක් වෙයි අපිට
ගෙදරට හොරෙන් නාන්න ගිය හැටි
වෙලේ මඩ නාලා මඩ ගහගෙන මඩ කාලා ඇලටම පැනලා ඇලෙන්ම හෝදගත්තු හැටි
නියරක් නියරක් ගානෙ දුවපු හැටි
වෙලමැද්දෙ බෝක්කුව උඩට වෙලා සරුංගල් යැව්ව හැටි
සරුංගල් කඩන් ගියහම පන්නං ගියපු හැටි
මුදුනටම යවලා බෝක්කුව උඩ වාඩි වෙලා අහසේ උඩම තියෙන සරුංගලේ දිහා බලන් හිටිය හැටි
ඇලදිගේ ගිහින් ඉවර වෙන්නෙ කොතනින්ද කියල බලපු හැටි
ගමපුරා බයිසිකල් පැදලා අන්තිමට ගෙදරින් ගුටිකාපු හැටි
වැස්සෙ බෝක්කු අස්සේ මාලු ඇල්ලුව හැටි
පිට්ටනියෙ වතුර පිරුනම බයිසිකලේ පැදන් ගිය හැටි ඒ මැදින්....
මේ ටිකයි,
තව මතක ගොඩාක් තියෙනවා
ඔව් මතක තියෙයි ඒවා හොඳට ඔයා ලමා කාලෙ වින්දනම්
අන්න එදාට වයසට ගියත් ලමා කාලෙ මතක එක්ක කල් ගෙවපු හැටි හිනා වෙවී මතක් කරයි
ආපහු අවුරුදු 50ක් 60ක් අතීතෙට ගිහින්
එදාට අපිට සතුටු හිතෙයි අපි ජීවිතය වින්ද එකට
දුක හිතෙයි ඒ ජීවිතය ආයෙ ගන්න බැරි එකට!!!!,

05/04/2020

දෙපාරක් නෙවේ, සියපාරක් හිතාපල්ලා. 🙏🙏

🇱🇰 ආයතන නිවාඩු ඒ උනාට පඩි ගෙවනවා..

🇱🇰 දුප්පත් මිනිස්සුන්ට රුපියල් 5000 ගානෙ ගෙවනවා..

🇱🇰 දහස් ගානක් නිරෝධනය කරනවා. ඒ අයට නිකං කන්න බොන්න දෙනවා.

🇱🇰 හැංගිලා ඉන්න එවුන් හොයාගෙන ගිහින් උන්ටත් පහසුකම් දෙනවා. උන්ව රජය ගානෙම අරන් ගිහින් රජයෙන්ම ගෙදරටම ගෙනත් බස්සනවා.

🇱🇰 බැංකු ලෝන්, ලීසීං තාවකාලිකව අත්හිටුවනවා.

🇱🇰 අවුරුදූ මාසෙ පැන්ෂන්, වැටුප් කලින් දෙනවා.

🇱🇰 ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ගෙ බෙහෙත් ටික ගෙදරටම එවනවා.

🇱🇰 ඇඳිරි නීතිය අස්සෙ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේ දොරකඩටම එනවා.

🇱🇰 අත්‍යවශ්‍ය ආහාර වල මිල අඩු කරනවා.

🇱🇰 මහල් නිවාසවල නිරෝධනය කරපු අයට මනස හදන්න සංගීත සංදර්ශන පවත්වනවා.

🇱🇰 සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ අනිකුත් පරිපාලන අංශ දිවි නොතකා වැඩ කරනවා.

🇱🇰 සෞඛ්‍ය අංශයට ආරක්ෂක අංශයට විශේෂ පහසුකම් දෙනවා.

තව මොනවාද ඕනෙ. ගෙදරට ඇවිල්ලා උයලා අනලා කවන්නද..? පිස්සු නැතුව ගෙවල් ඇතුලට වෙලා ඉදහල්ලා. ලෝකෙ කිසිම රටක මෙහෙම දේවල් දෙනවාද.?

04/04/2020

හිස්කොලයක් ලැබුනා
පෑනකුත් තිබුණා
හිස්කොලේ ලස්සනට රූල් එහෙමත් තිබුණා
ඒත් ලියන්නෙ මොනවද
හිත හිස් වෙලා තිබුනා ඊට කලින්
ටික වෙලාවකට පස්සේ
මතක් උනා ලියන්න දෙයක්
කොලේ අරගෙන
පලවෙනි රූලෙම ලියලා ආවා,

"විභාගෙට පාඩම් කරපු මෙලෝ දෙයක් මතක නෑ සර්.අසරණකමට මේ කියන්නේ මට ලකුණු ටිකක් දෙන්න පාස් වෙන්නවත්.මේ දාහ තියාගන්න හදිසියක් උනොත් අඩුපාඩුවට ගන්න"

04/04/2020

🅘🅝🅢🅣🅐
ොල්ලෝ_ඉන්නවා💐

තාත්තා කෙනෙක් වගේ තමන්ගෙ කෙල්ලව පරිස්සම් කරන..😍

කොච්චර වැරදි කරත්
බැනලා බැනලා
ආයෙම ලගට තුරුල් කරගෙන ආදරේන් ඒ
දේවල් කියලා දෙන..😘

අසනීපයක් උනාම
කෑවද බිව්වද
බෙහෙත් ගත්තද කියලා ඇහුවට වඩා..
හැම තප්පරේම
හැම විනාඩියෙම
හැම පැයේම
පිස්සුවෙන් වගෙ හිතින් හිත හිත දුක් විඳින..🤩

උබේ ප්‍රශ්න උගෙ කරගෙන
ඒවාට උත්තර හොයන්න
උබත් එක්කලම ඉන්න..☺️

උබත් එක්ක කොච්චර කොහෙ ඇවිදින්න ගියත්
උබේ අතින්ම අල්ලගෙන පරිස්සමින් එක්කගෙන යන..😊

උගෙ හිත කොච්චර නපුරු උනත්
දඩබ්බර උනත්
උබේ ලග හුරතලෙන් ඉන්න..😉

අම්මා තාත්තාට පවුලෙ අයට පස්සෙ උබවම විතරක්
ජීවිතේ කරගත්ත..😌

උබෙ මත්තෙම නැහීගෙන
උබටම විතරක් ආදරේ කරගෙන🤗
උබ වෙනුවෙන්ම ජීවත් වෙන..

ඔව්...!
මේ වගෙ පිරිමි හිත් හොයාගන්න හරි අමාරුයි
දැන් සමාජෙදිනම්..😯

කසාද බදිනකල් පොඩි එකෙක් වගේ බලාගෙන.
පරිස්සමින් කරන්නෙ
ඇත්තම ආදර කතාවක් විතරයි බන්..

දෙයක් කියන්නම්..
උබට හම්බුනොත් ඔය වගෙ කොල්ලෙක්
රැකගනිම් මොන දේ නැතිවුනත් උබේ..

සල්ලි දවසක හම්බකරන්න පුළුවන්
ඒත් ආදරේ හම්බකරන්න බෑ

සමහරවිට ඒ වගෙ කොල්ලෙක් හම්බුනොත්
මේ ලෝකෙ ඉන්න පිංවන්තම කෙල්ලත් උඹ වේවි..❤️

03/04/2020

🅘🅝🅢🅣🅐
ජීවිතේ..😢

අවුරුදු 13 දී සිකරට් එක අතටගත්තේ
කටින් දුම ටිකක් ඇදලා එලියට දාන්න තියෙන ආසාවට,
ඒත් හරියට අල්ලන්නවත් දන්නෑ..🖤🥀

කොහොමහරි ගේමක් ගහලා
සල්ලි ටිකක් එහෙම් මෙහෙම් හොයාගෙන
අස්සකට ගිහින් ගහන කොටතමයි,
"අඩෝ ඔහොම නෙමෙයී පපුවට ඇදලා ටිකක් වෙලා තියාගෙන😞🍃
ඇරලා දාපන්" කියලා
එකෙක් කියනවා ඇහුනේ💔

එහෙම මුලින්ම ගහපු දවසේ
දැනුනු ෆීලීන් එක
හොදටම කැහැලා කදුලුත් පැනලා
අමුතු වැදිල්ලක් වැදුනෙ කියලා දැනුනා..😖🖤

ඒ ආසාවට
සතියට සිකරට් එකෙන් දෙකෙන් පටන් අරගෙන,
මටත් නොදැනීම සතියට හය හත ගහන්න ගත්තා..

ටික කාලයක් යනකොට
සුදු පාට කොලේ ඔතපු අමුතු දිග බඩුවක්
මගෙ ජීවිතේම නාස්ති කලා..🥀😖😢
ලස්සනට ගානට ඔතලා
දෙතුන් පාර අදිනකොට
දැනුනු ෆීලින් එක
බැන්නත් හිනායනවා
අමුතු දේවල් හිතෙනවා
අමුතු ලෝකෙක ඉන්නවා වගෙ දැනෙනවා..🥀🍁

ඔහොම අවුරුද්දක් විතර ගහන් යනකොට
දැන් වදින්න ගන්නෙ උදේ ගහන පැට්ටා විතරයි..
ඒකත් පැයක් වගෙ බඩු තියෙන්නෙ..
කලින් වගෙ පැය දෙකක් තුනක් තියෙන්නෙ නෑ..😔
ඒපාර අවුරුදු 17 දී
ටැබා දාන්න සෙට් උනා..
ටැබා පාරක් දාලා ජොයින්ට් එකක් ගැහුවම
අම්මොහ්හ් ෆීලීන් එක පිස්සු වගේ😖
ඒක මහ කාලකන්නි හැඟීමක්..

ජොයින්ට ගහලා සිකරට් එකක් නැතුවම බැරිවුනා..
අතේ සල්ලි නැති කමට
බීඩී ගහන්න ගත්තා..උගුර කට පපුව පිච්චිලා යන්න ගත්තා.🙂
ඔහේ දන්නෙවත් නැතුව
දවසට බිඩී මිටියක් දෙකක් ඉවර වුනා..

ටැබා පෙති තුන හතරක් දාලා ඒකත් ජොයින්ට වගෙ එපාවුනාම
කාඩ් තුන හතර දාන්න ගත්තා..🥀💊💉

ඔහොම ඉන්නකොට තමයි පුතේ..
ජීවිතේ ලොකුම පාපේ කරගත්තේ..
තැටියයි බටෙයි අතට ගත්තා..
ඒකත් ඇදලා
ටැබ පාරක් දාලා ජොයින්ට ගැහුවම
දැනෙන ෆීලීන් එක ඒ ආතල් එක..
ඒකට ඇබ්බැහිවෙනවා බන්
මොන දේ කලත් නවත්තගන්න බැරිවෙන්න ගත්තා..💉😖

අන්තිමට දවසට 4000,5000 ඕන වෙන්න ගත්තා..
ජොබ් එකකුත් නෑ
සල්ලිත් නෑ
ගෙදර ඉන්න රත්තරන් අම්මගෙ කරේ තියෙන මාලෙ පවා ගලවගන්න හිතෙන තැනට පත්වෙනවා බන්..
ඒක ගහන්න ගත්තම..😔🥀

අන්තිමට ගෙදරටම වදයක් වෙනවා..
ගෙදරින් කොච්චර බෙහෙත් අරන් දුන්නත් හරියන්නෑ..
සික් එක කඩාගන්න අන්තිමට ගෙදර අය වෙනුවෙන් හැදෙන්න ගන්නවා..🖤🌹

මචං
අපි සැප කියලා ආතල් පස්සෙ ගියාට වැඩක් නෑ
කරලා තියෙන්නෙ කරුමයක් පස්සෙ ගියපු එක
කියලා තේරෙනකොට..
ගොඩක් කල් යනවා බං..❤️😢😔

02/04/2020

🅘🅝🅢🅣🅐
ලස්සන කතාවක්.....😉

|"මචං.. සිගරට් 🚬 එකක් බොමුද.. සිතලත් එක්ක බං.. "

බෑ කොල්ලො.. මං කවදාවත් බීල නෑ.. බොන්නෙත් නෑ.. අනික කෙල්ලත් කැමති නෑ බං මේව කරනවට..

"හ්ම්.. එහෙමත් එකක් ද.. හැබයි මචං හොඳටෝම වහින වෙලාවක ජනේලෙ අයිනට වෙලා පරණ කෑල්ලක් ගැන මනෝ පාරක් ගහන් දුමක් දානකෝට එන feeling එක සල්ලි දීල ගන්න බෑ.. "

කමක් නෑ බං.. උබ බීපං... මට එපා..

"මේ සනා... අද ඇඟටත් අමාරැයි බං.. හීනියට මොනවහරි කරමුද "

බෑ මචං... මං ඔය ජරාව කටේ තියන්නෙ නෑ... මං කෙල්ලට පොරොන්දු වුනා බොන්නෑ කියල...

"කොල්ලෙක් වුනාම ඉඳල හිටල වත් පොඩි ෂොට් එකක් දාපං මචං. මොකද්ද ඔය ජීවිතේ.. "

මට එපා බං.. උබල බීපන්..

"මචං.. පේමන්ට් එකට අලුත් සෙට් එකක් බැහැල බං.. පට්ට කෑලි ටිකක් , පිස්සු හැදෙනව දැක්කම.. පැයට දාහයි ලු.. මොකද කියන්නෙ.. අද රෑට ගිහින් සැපක් අරන් එනන් යමං ද.. "

අනේ බෑ මචං.. මට ඉන්න කෙල්ල හොඳටම ඇති.. මං ඒකිට ආදරෙයි.. උබ පලයන් මට එපා...

"එතකොට උබ ජීවිතේට කෙල්ලෙක්ගෙ දනහිසෙන් උඩ දැකල නැද්ද බං.. "

නෑ ඉතිං..

"මොන ජීවිතයක්ද බං.. "

කමක් නෑ මේ ජීවිතේ මට හොඳයි...

"මේ අද රෑට මියුසිකල් එකක් තියෙනව ..යමං ද බලන්න.. "

බෑ මචං.. කෙල්ල කැමති නෑ රෑ වෙලා ගමන් යනවට... උබ ගිහින් වරෙන්...

"ඒ මචං... වරෙන් සිංදුවක් කියන්න... "

බෑ බං. දැං කෙල්ල කෝල් කරයි.. ඔය සද්ද ඇහුනොත් බොනව කියල හිතයි.. ඒ නිසා උබල කියපන්...

(අවුරැදු පහකට පසු.. )

මචං දැං කොහොමද..

හොඳයි කොල්ලො..

ගොඩ දවසකින් සෙට් වුනේ.. යමං ද දුමක් දාන්න..

යමං යමං.. කුඩු පොඩ්ඩකුත් තියෙයි.. ඒකත් ඇදල දාමු..

මොකක්........

හ්ම්...

යකෝ.... කෝ එතකොට උබේ කෙල්ල..

ඒකි ගියා බං... ගිය දවසෙ ඉඳන් මං මේවගෙන් තමයි හිත හදා ගත්තෙ..

ඉතිං හු # # # තෝ ඇයි කුඩු ගහන්නෙ.

මොනව කරන්නද බං..

යකෝ තෝ මේ ජීවිතේට හුරැ එකෙක් නෙමෙයි.. අපි නම් හැම දේම කරපු උං.. අපි දන්නව මේ ජීවිතේ ලිමිට් එක.. අපිට අද්දැකීම් තියෙනව ඇති වෙන්න.. මට අද වුනත් මේ දේවල් නවත්තන්න පුලුවන් .. ඒත් උබ එහෙම නෙවෙයි..

ජීවිතේ විඳින්න ඕනෙ කාලෙ විඳපන් මචං.. වෙන කවුරැ නිසා වත් තමන් ජීවත් වෙන විදිය වෙනස් කරන්නෙපා.. සමහරටිව අපි ජීවත් වෙන විදිය වැරදි ඇති. ඒත් ඒක අන්තෙටම විඳපං.

බලපං උබයි මායි ගත්තම කොච්චර වෙනස් ද. මං ඒ දවස් වල ඉඳං කෙල්ලො පස්සෙ ගියා. බිව්ව. රස්තියාදු ගැහුව, ජීවිතේ වින්ද ඇති වෙන්න..

ඒත් උබ ... කෙල්ලෙක් නිසා.. සතුටින් ඉන්න ඕනෙ කාලෙ හිර වෙලා හිටිය..

ඇත්ත... බිව්වම අපි වීරයො නෙමෙයි.. අපි හිතුවට.. මං ඒ දවස් වල බිව්වම උබ මගෙන් ආතල් ගන්න ඇති.. මොකද බිව්ව එකාට වැඩිය බලන් ඉන්න එකාට තමයි ආතල්..

දැනගනිං මචං.. කොල්ලෙක් නම් සමාජෙත් එක්ක ජීවත් වෙයං. හැමදේම කරපන්.. ජීවිතේ විඳපන්.. ඒත් ලිමිට් දැනගෙන..

එහෙම නැතුව අම්මලාට කීකරැව. කෙල්ලට කීකරැව ඉඳල සමාජෙට වැට්ටට පස්සෙ සමාජෙන් උබව එකෙන්ම කොන් මචං.. ඒක දැනගනින්.

කෙල්ලන්ටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි .. හොයා ගනින්.. හැමෝටම කීකරැව හැදුනු බලු කුක්කෙක්ව නෙමෙයි.. හැම දේකම අද්දැකීම් තියෙන යකෙක්.. ඌ උබව ආදරෙන් බලා ගනියි...❤️

උපුටා ගැනීමක් _ 💫

31/03/2020

#මතක

මතකයි අද වගේ
පුංචි ලස්සන හිත්
වැඩිහිටි අහිංසක හිත්
ගොඩක්....
ආදරේ ගැන හිත හිත
ආදරේ හොය හොය
තමන් මැරෙන බව දැන දැන
අසරණ වෙලා ඉන්න හැටි
ගිය දාක දවසක්
පිලිකා රෝහලට....
ඒ අතරින්,
පුංචි ගෑනු ලමයෙක්,
බොරු කොණ්ඩයක්,
තියාගෙන කෙස් ගහක් නැති ඔලුවට
හැඩ බලමින් හිටියා කන්නාඩිය ඉස්සරහ
ලස්සන හිනාවකින් මුව සරසාගෙන
හෝරා කීපයක්....

31/03/2020

🅘🅝🅢🅣🅐
******😢😌🙏 #මධුසමය😢😌*******

🔴 #විනාඩියක්_නැවතිලා_කියවලා_යන්න_තවත්_එක්_ඇත්ත_කතාවක්

""අනේ ආව් රිදෙනවා අයියේ ප්ල්ස් ඇති දෙයියනේ.. මගේ මුළු ඇගම රිදෙනවා..""

""පට්ට බැල්ලි මට දෙන්න බැරි දේවල් තියෙයිද උඹට....? ""

තවත් අහිංසක කෙල්ලෙක්ගේ කදුළු කතාවක්.. ඇය තරුලි ඉමායා ගුණසේකර.. ගෙදරින් කිසිම අඩුපාඩුවක් නොවුනු ඇය වින්දේ සුන්දර ජිවිතයකි.. මව පාසල් ගුරුවරියක් වූ අතර පියා බැංකු මැනේජ්ර් කෙනෙක් විය. පවුලේ සිටි එකම දරුවා ඇය වූ අතර ඒ වන විට ඒ ලෙවල් විභාගයද නිම වී ගෙදර සිටියාය... දවල් වරුවේ තම මව ගෙදර පැමිණෙන තෙක් ඇය සිටියේ තනියමය.... දිනක් ඇයට නොදන්න නොම්බර් එකකින් දුරකථන ඇමතුමක් පැමිණියා...

📞

👩 " හලෝ...."

" හලෝ මේ වින්දි ද...? "

👩 " නෑ සොරි රෝන්ග් නොම්බර් "

" එතකොට මේ කවුද...? "

👩 " කිව්වනේ එක පාරක් රෝන්ග් නොම්බර් කියලා මං තියෙනවා බායි.."

" අම්මෝ කොච්ච්මිරිස් කරළක් වගේනේ ඇයි ඔච්චර සැර..."

👩 "" පිස්සෙක් ""

තරුළි එසේ තනියම කියමින් පෝන් එක රූම් එකේ දමා පහළට ගියේ ටිවි එක බැළීමටයි...

පැය කිහිපයකට පසු නැවතත් ඇය රූම් එකට යද්දී මිස්කෝල් විසිදෙකක් වගේම මැසේජ් දෙළහක් තිබුණි.... තරුලි ඒ මැසේජ් එකින් එක බලද්දී ඒ නොම්බර් එකෙන් නැවතත් කෝල් එකක් ආව...

📞

👩 " හලෝ ඇයි අනේ වදයක් වෙන්නේ....? "

" ඇයි නංගෝ ඔච්චර සැර... "

👩 " මං නම් සැර නෑ කොල් ගන්න එපා අනේ ආයෙත්... "


" අදුර ගන්නනේ කෝල් ගන්නේ පැටියෝ.... "

තරුලිට ඒ #පැටියෝ කියපු වචනයට හිත මදකට නතර විය..එදා එසේ නතර වුණු හිත සදහටම ඔහු ළගටම ගොස් නතර විය...

ඔහු විහග සාලිය බමුණුසිංහ , රස්තියාදු ජිවිතයක් ගෙවන ඔහු තරුලිව ඔහුගේ ඇමට හසුකරගෙන අවසානය... සමාජය ගැන හය හතරක් වත් නොදන්නා තරුලිද ඔහුට ආදරය කරන්න පටන් ගත්තේ ඔහු ගැන කිසිත් නොදැනය....

📞

🧒 " හලෝ... "

👩 " හලෝ මොකද කරන්නේ රත්තරන්.. "

🧒 " මොකුත් නෑ සුදු ඔයා මොකද කරන්නේ... ? "

👩 " මොකුත් නෑ මාත්.. කම්මැලි අයියේ.. "

🧒 " අපි කවදද මීට් වෙන්නේ පැටියෝ තාම පෝටෝ එකක් විතරයිනේ දැක්කේ.. "

👩 " බලමුකෝ අයියේ මාව කොහෙවත් යවන් නෑනේ ගෙදරින්... "

🧒 " යවන් නැත්නම් මං එන්නම් ඔයලගේ ගෙදර... "

👩 " අම්මෝ එපා... "

🧒 " ඇයි ඉතින් ගෙදර කවුරුත් නෑනේ.."

👩 " ඒ වුනාට කවුරුත් දැක්කොත් "

🧒 " කවුරුත් දකින් නෑ.. මං එන්නද පැටියෝ.. "

තරුලි දෙලොවක් අතර තනි විය... විහගව දැක ගැනීමටත් ඔහුට ඇති ආදරය නිසාත් විහගව ගෙදර ගෙන්වා ගැනීමට තරුලි තීරණය කරා...

උදෑසනම නැගිටි තරුලි විහග එන තෙක් වාර කිහිපයක්ම පෝන් එකත් ඔරලෝසුවත් බැලුවේ භයකින් මෙන්ම ඉවසිල්ලක් නොමැතිවය...

📞

🧒 " හලෝ සුදූ මං ගේට් එක ළග.. "

👩 " හරි මං එන්නම්... "

🧒 " ඉක්මනටම එන්න මාව කවුරුත් දකින්න කළින්... "

තරුළි ඉක්මනින් දිව ගොස් ගේට් එක ඇරියේ විහගගේ මූණවත් නොබලාය... විහග වේගයෙන් තම බයික් එක තරුලිගේ මිදුලේ අඹ ගහ ළගට දැම්මේ කාටවත් නොපෙනෙන සේය...

දෙදෙනාම ඉක්මනටම ගේ ඇතුළට ගොස් දොර වහ ගත්තා... ඉතා කුඩා ශොට් එකක් සහ ට් ශර්ට් එකක් ඇද සිටි තරුළිව දුටු විහගගේ මුළු ඇගම සීතල වී ගියේ තරුළිගේ සුන්දර ලස්සනටය...

👩 " අයියේ වාඩි වෙන්නකෝ.. මොනවද බොන්නේ....? "

🧒 " අනේ මොනවත් ඕනී නෑ පැටියෝ ළගට එන්නකෝ වාඩි වෙන්න... "

👩 " හරි හරි ඉන්නකෝ මං ටී එකක් හදන්නම්... "

තරුළි එසේ කියා කුස්සියට ගියා... විහග සාලය පුරා ඇව්දිමින් බිත්තියේ එල්ලා තිබූ තරුලිගේ පෝටො වගේම තරුළිගේ අම්මගේ තාත්තගේ පෝටෝ බලමින් හිමින් කුස්සියට ගියා.. තරුළි ඒ මොහොතේ විහගට කිරි සාදමින් සිටි අතර විහග තරුළිට පිටුපසින් ගොස් ඇයව හයියෙන් තුරුල් කරගත්තා.....

👩 " ඒ මැට්ටෝ පිස්සුද... ? යන්නකො අහකට... බලන්නකෝ මගේ ඇගෙත් කිරි... "

🧒 " අනේ සොරි වස්තු ආදරේටනේ.... "

👩 " ආදරේටනේ තමයි... මේක බොන්න මං ඉක්මනට සෝදන් වෙන ඇදුමක් ඇදන් එන්නම්... "

තරුලි විහගට කිරි එක දී ඇය ඇදුමක් මාරු කර එන්නට ගියාය... විහගද මද වේලාවකින් ගියේ තරුළිගේ කාමරය දෙසටය... කාමරය දොර ඇර ඔහු හිමින් බැලනවාත් සමගම ඒ දුටු දෙයින් තවත් ඔහුට තම හැගීම් පාලනය කර ගත නොහැකි විය.... ඔව් ඒ මොහොත වන විට තරුලි සිටියේ ඇදුම් මාරු කරන ගමන්‍ ය.......

🧒 " පැටියෝ.... "

👩 " අයියේ මොකද මේ...? මං තාම ඇදුම් මාරු කරේ නෑ යන්නකෝ එළියට මං එන්නම්... "

තරුළි තුවායෙන් ඇග වසාගෙන විහගට කීවාය...

🧒 " මං පිට එකෙක්ද මැණික... "

👩 " අනේ ඒත්.... "

🧒 " එන්නකෝ වස්තු ළගට කෝ....."

👩 " අනේ දෙයියනේ ඇයි මේ... "

තරුළි ඇග වසා සිටි තුවාය ගලවා තරුළිව තමා ලගට ඇද තුරුල් කර ගත්තේ ඉතා වේගයණි..

චටාස්...... ✋

තරුළි ඉතා කේන්තියෙන් විහගට පහරක් ගැසුවේ ඔහුගෙන් බේරීමටය... එත් ඒ පහර ප්‍රමානවත් නොවීය... එයින් දැඩි කේන්තියට පත් වූ විහග ඇයව තමන්ට රිසි සේ භුක්ති විදින්නට පටන් ගත්තා...

👩 "අනේ ආව් රිදෙනවා අයියේ ප්ල්ස් ඇති දෙයියනේ.. මගේ මුළු ඇගම රිදෙනවා.."

🧒 "පට්ට බැල්ලි මට දෙන්න බැරි දේවල් තියෙයිද උඹට....? "

👩 " අනේ දෙයියනේ දැන් ඇති මට අමාරුයි... "

🧒 " හරි හරි මැණික තව ටිකයි... "

තරුලිගේ ඇස් වලින් කදුළු ගලද්දි ඒ හිත් පිත් නැති ඔහු ඔහුගේ සතුට භුක්ති වින්දා...

👩 " ඇයි අයියේ මගේ ජිවිතේ මෙහෙම විනාශ කරේ..... ? "

🧒 " විනාශ කරේ නෑනේ රත්තරන් මං ඔයාව බදිනවනේ.... "

👩 " ඇත්තටම මාව බදිනවා නේද අයියේ......? "

🧒 " ඔව් මගේ පැටියෝ... "

👩 " සොරි අයියේ ගහපු පාරට , ඔයාට රිදුනද......? "

🧒 " ඒකට කමක් නෑ රත්තරන් , ඔයාට අමාරුයිද මැණික..... ? "

👩 " ටිකක් අයියේ , එත් ඔයා මාව බදිනවා කිව්ව නිසා ඒ අමාරුවත් නෑ... "

🧒 " එහෙනම් පැනඩෝල් දෙකක් බොන්න රත්තරන්.. මං යන්නම් දැන් ඔයාගේ අම්මා එන්න කළින්...."

👩 " හා මගේ සුදු අයියේ පරිස්සමින් යන්න.... "

විහගගේ බයික් එක යනවා නොපෙනෙන තෙක් බලා සිටි තරුලි ගේ ඇතුලට පැමිණ ඇඩුවෙ ඇදේ තිබූ ලේ පැල්ලම දෙස බලමිණි... එදා දවසේ කිසිම කැමක් නොකෑ ඈ මවත් පියාත් සමගත් කතාකරේ නෑ....

📞

👩 " හලෝ අයියේ ගෙදර ගියාද....? "

🧒 " හ්ම් ඔව් මං ආව... "

👩 " මට කිව්වෙත් නෑ නේද... ? "

🧒 " දැන් කිව්වනේ ඉතින්..."

👩 " කාල නිදා ගන්න අයියේ... ගුඩ් නයිට් "

🧒" ගුඩ් නයිට් "

වෙනදට තරුලි කෑවද කියා සොයන ඔහු අද නිහඩය.. කෙමින් කෙමින් දින ගෙවද්දී තරුලි තාත්තා එක්ක ඇයගේ අලුත් ඩර්න්සින් ක්ලාස් එකට ගොස් නැවත ගෙදර එමින් සිටියා... කාර් එක බීච් එක පසු කරනවාත් සමගම විහගගේ බයික් එක ඇය දුටුවා... ඇය බීච් එකේ එහෙ මෙහෙ බලද්දී විහග තවත් කෙල්ලෙක් සමග තුරුල් වී සිටිනු තරුලි දුටුවා...

ලෝකයම තමන්ගේ කකුල් දෙක මුළ වැටෙනවා මෙන් දැනුන තරුලි විශාල වෑයමක් කරමින් කදුළු සගවා සිටියේ තම පියා ඉදිරියේ අඩන්නට බැරි නිසාය... ගෙදරට ගිය තරුළි කොට්ටයක් තුරුල් කරන් නොනවත්වා අඩන්නට විය.....

කිසිදු කෑමක් නොමැතිව රාත්‍රිය වෙන තුරු ඇඩූ ඇයට විහගගෙන් තිබුණේ "ගුඩ් නයිට් " මැසේජ් එක පමණි... තරුලි විහගට මැසේජ් එකක් දැම්මා....

👩📲📩

"""" අයියේ මං ඔයාට ගොඩක් ආදරය කරා , ගොඩක් විශ්වාස කරා ඒත් අද ඔයා වෙන කෙල්ලෙක්ට තුරුල් වෙලා හීනා වෙවී ඉන්නකොට මට දැනුන දුක මහමෙරක් රත්තරන්... ඒත් මගෙන් ගන්න ඕනි හැමදේම ගත්තට පස්සේ ඔයාට තවත් නොලැබුනේ මොනවද අයියේ මගෙන්... ඒ ගර්ල් මට වඩා ලස්සනයි අයියේ.. එයා එක්කවත් සතුටින් ඉන්න දුකක් නොදී... මට මේ ජිවිතෙත් දැන් වැඩක් නෑ අයියේ ඒත් මං මැරෙන් නෑ... මගේ අම්මා තාත්තා වෙනුවෙන් ජිවත් වෙලා එයාලව සතුටින් තියෙනවා මං , ඔයත් හැමදාම සතුටින් ඉන්න අයියේ මං තරහ නෑ... බුදු සරණයි අයියේ.......... """"

දැඩි වෑයමක් දී විහගව ටිකෙන් ටික ඇයගේ මතකයෙන් අයින් කරද්දී තරුලිට විශ්වවිද්‍යාල වරම් ලැබි ඇය විශ්වවිද්‍යාල යනවා....

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

#අවුරුදු_පහකට_පසු

අද තරුලිගේ වෙඩින් එක ඒ සදෙව් සමග... තරුලි මේ වන විට විශ්වවිද්‍යාල නිම කර තම පියාගේ බැංකුවේම සේවය කරන අතර සදෙව් තරුලිට ඇයගේ නිවසින් ගෙන ආ විවාහ යෝජනාවකි... තරුලි එයට කැමති වුයේ අම්මාත් තාත්තාගේත් සතුට ගැන සිතාය...

වෙඩින් එකේ සියල්ල නිම වී දෙදෙනාම මධුසමය සදහා සුන්දර නුවරඑළිය බලා පිටත් විය..... තරුලි විහගව අමතක කරත් විහගගෙන් විනාශ වූ ජිවිතය කිසිදා ඇයට අමතක නැත....

👩 """ මං මොනවද දෙයියනේ සදෙව් අයියට දෙන්නේ..? මේව දැන ගත්තොත් මාව ගෙදර ගිහින් දායි... මගේ අම්මටයි තාත්තාටයි ලොකු දුකක් ලැජ්ජාවක්... එහෙම වුනොත් නම් මං මැරෙනවා දෙයියනේ... සත්තයි.... """

තරුලි මෙසේ සිතමින් දිගු කල්පනාවක වැටුණි...

🧒 " ඇයි සුදු පැත්තකට වෙලා...? මොකද මේ ඇස් වල කදුළු....? මොනවද මෙච්චර කල්පනා කරන්නේ...? "

👩 " නෑ... නෑ... මහත්තයෝ.. අද ඉදන් මම ඔයාගේ ළගනේ... මට ගෙදර මතක් වුණා.."

🧒 " අනේ මැණික කවදා හිටියත් ඔයාට කසාදයක් බදින්න වෙනවානේ පැටියෝ... අනික අපි ගෙදර අයව අමතක කරනවාද....? මං ඉන්නවනේ රත්තරන් ඔයා ළග හැමදාම... "

👩 " නෑ... නෑ... දැන් ඒක ඉවරයි අයියේ... "

🧒 " හ්ම්.... කෝ...? ඉතින් එන්නනෝ ළගට මැණික... "

👩 " අහ්...ආ... අනේ... අනේ... මට නිදිමතයි අමාරුයි අයියේ... "

🧒 " අනේ ඇයි මේ අද වගේ දවසක.... "

👩 " ම්ම්ම්ම්ම්.. "

🧒 " මැණික ඇයි මොකුත් අසනීපයක්ද...? කතා කරන්නකෝ රත්තරන්... "

👩 " අනේ රත්තරන් මහත්තයෝ සමාවෙන්න මට... "

🧒 " ඇයි වස්තු කියන්න මට... ? "

👩

ආදරේ තරම ඒ හිත වෙත මං පිදුව...,

නොදනී එය තාමත් හිත නැත තාම...,

මං වගේ කෙනෙක් නැතිකර අද වෙන අතක...,

දැවටී ඉන්නවා හිමියනි ඒ කුමර...,

පටලා දෙතොල් පෙරදිනක ඔහු සමග...,

කුටියේ තනිවුනා මං පිදු පෙම තරම...,

විරසක නොවී ආදරයේ මිහිරි සුව...,

වින්දා හිමියනි ඔහු හා පෙර දිනක...,

දැනුනා කලක් ගතවනවිට ඒ වෙනස...,

දුටුවා දිනක් යනවිට ඔහු හා ඇය දුරක...,

දැනුනා දුකක් හද පැලෙනා තරම් මට...,

ඉවසා දරා සිටියා සිත උණු නොකර...,

අසරණ වෙලා ඉන්නවා හිමි නුඹ ගාව...,

දෙන්නට දෙයක් නැත රංකද මං ගාව...,

බුදුන් වදින මේ අත් එක්කර නුඹ ගාව...,

වැද වැද සමා ඉල්ලන්නම් ඔබ ගාව...,

🧒 " වස්තු මොකද මේ...? අනේ රත්තරන් නැගිටින්නකෝ කදුළු නවත්තලා.... "

👩 " අනේ මහත්තයෝ.. සමාවෙන්න ඒ දේවල් වුනේ මං එයාට ආදරේ කරපු නිස‍ා ඒ වගේම ගොඩක් විශ්වාස කරපු නිසා.. "

🧒 " රත්තරන් මං ඔයත් එක්ක තරහ නෑ මැණික.. ඔයාට බැනලා වැඩක් නෑ වස්තු... මේ සමාජේ හැදිලා තියන විදිහටයි බනින්න ඕනි... හොද මුණ පෙන්නන් තිරිසන් වැඩත් කරන මිනිස්සු ඉන්නවා මැණික මේ සමාජේ..... "

👩 " අනේ මහත්තයෝ..ඔයාට වරදක් කරලා නෑ...පුළුවන්නම් මට සමාවෙන්න..."

🧒 " මැණික පැල්ලමත් උඩ කරන ආදරයක් මං ලග නෑ... අනික ඔය දේට ආදරය කරන මිනිහෙක් නෙමෙයි මං... ඒ දේ අමතක කරන්න...අපි දෙන්නා අද ඉදලා අපේ ලෝකේ ගැන හිතමු වස්තු... ඒ දේවල් නරක හීන කියලා හිතන්න..."

👩 " ආදරෙයි රත්තරන් මහත්තයෝ ගොඩක්..."

🧒 " මාත් ආදරෙයි වස්තු...."

Copied......

Website