Lions Club Hemmathagama Elite
helping peoples who need help
හෙම්මාතගම සිංහ සමාජය...
හෙම්මාතගම එලයිට් සිංහ සමාජයේ සමාජික පිරිස සහ ඔහුන්ගේ නිලතල... 2024 - 2025
හෙම්මාතගම සිංහ සමාජයේ අපි... කොළඹ පැවැති වැඩසටහනකට එක් වු අවස්ථාවේ
සිංහ සමාජයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්විම අම්බුළුවාව තාත්තා හෝටලයේදි මේ මොහොතේ පැවැත්වෙනවා.
2024.04.15
2024 “ සිංහ බක්මහ වසන්තය ” සාර්ථික කර ගැනීමට ලබා දුන් සහයෝගයට අපගේ ප්‍රණාමය.
සිංහල අලුත් අවුරුද්ද කියා කියන්නේ අපේ එකමුතු බව, සහජීවනය යන කරුණු කාරණා එකට එකතු කරන්න පුළුවන් හොඳම මාසයයි. හෙම්මාතගම නගරය කෙන්ද්‍ර කරගෙන ලොකුවටම පවත්වන කටයුතු දෙකක් ඇති අතර ඉන් එකක් බක් මහ උළෙලයි. අනික් කටයුත්ත වන්නේ පෙරහැර මංගල්‍යයි. මෙම ප්‍රධාන කටයුතු දෙක සඳහා ප්‍රදේශයේ අවට ගම්මාන රැසක බොහෝ දෙනෙකු සහභාගි වන අතර මෙහි ඇති තවත් සුවිශේෂිම ලක්ෂණයක් වන්නේ ඉස්ලාම්, දමිළ ජනතාවගෙන්ද වැඩි දෙනෙක් මේ කටයුතු කරගෙන යෑමට විශාල වශයෙන් උපකාරයන් සිදු කිරීම සහ මේ සියලු සංවිධාන කටයුතු වලට උදව් කිරීම මෙන්ම මේ කටයුතු අවසන් වෙන තුරු ලබා දෙන සහයෝගයයි.
තමන්ගේ ආගමේ හෝ සංස්කෘතියේ උත්සව නොවුනත් කාලයක සිට හොඳ සමගියෙන් ජීවත් වන නිසාම තමන්ගේ නගරයේ ප්‍රධාන පෙළේ සංස්කෘතික උත්සවයන් නිසා දැන් පරම්පරා ගණනාවක සිට ඒ සහයෝගය වසරින් වසර පෙර වසර වලටත් වඩා වැඩියෙන් ඔවුන් ලබා දෙන්නේය. ඒ නිසාම හෙම්මාතගම බක්මහ උළෙල සහ පෙරහර මංගල්‍ය රටේ ප්‍රසිද්ධියක් ඇති කරන සැමට ආදර්ශයක් ලබා දෙන එකමුතුකමේ ශක්තිය පෙන්වන ආදර්ශමත් කටයුතු දෙකක් බවට පත් විය. එමෙන්ම අවට කදුකර ප්‍රදේශයන් වල ජිවත් වන දමිළ ජනතාවද මේ සඳහා සිය දායකත්වය ලබා දෙන අතර මේ සියලු දෙනා ඉතා සතුටෙන් නැරඹීමෙන් සහ තරග වලට එකතු විමෙන් මේ සඳහා සම්බන්ධ වන අතර මේ එකමුතුකමේ ශක්තිය බාල පරම්පරාවටද කියා දෙනුයේ ආදර්ශයකි. හෙම්මාතගම නගරය කෙන්ද්‍ර කරගෙන ඈත අතීතයේ සිට සිදු වන දෙයකි. අප ජිවත් වන මේ කාලය රට ආර්ථික වශයෙන් කඩාවැටිමකට ලක් වි ඇති කාලයක් සහ ක්‍රමයෙන් නැගිටින කාලසීමාවකි. ජනතාව ද විශාල වශයෙන් ආර්ථික අතින් අසීරු තත්වයක ජීවිකාව පවත්වාගෙන යන්නේ ඉතා අපහසුවෙනි. හෙම්මාතගම අවුරුදු උත්සවය ද දැනට වසර 5 කට ආසන්නව මඟ හැරුනේ රටේ පැවැති වසංගත තත්වයන් සහ මේ සඳහා කණ්ඩායමක් ඉදිරිපත් නොවි සිටිම ප්‍රතිඵලය නිසාය.
ඒ කටයුත්ත හෙම්මාතගම එලයිට් සිංහ සමාජය භාර ගත්තේ එවැනි වටපිටාවකයි. බක්මහ උළෙල සහ සංගීත රාත්‍රීයක් සිංහ සමාජය විසින් පවත්වන මුල්ම අවස්ථාව වුවත් මෙහි සිටින සමාජිකයන් නගරයේ බක්මහ උළෙල සහ පෙරහර කටයුතු වලට සම්බන්ධ වි කටයුතු කරන ලද ක්‍රියාකාරි සමාජිකයන්ය. සිංහ සමාජය බිහිකර ගත් පසුව ඒ හරහා කර ඇති සමාජමය සුභ සාධන කටයුතු රැසක් හේතුවෙන් සිංහ සමාජය කෙටි කාලයකින් බොහෝ සෙයින් ජනතාව අතර කීර්තිමත් නාමයක් දිනා ගත්තාය. පසුගිය වසරේ සිංහ සමාජය සංවිධානය කරන ලද “ සිංහ මේලා ” වෙළෙඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය කවුරුත් කතා කරන ලද හෙම්මාතගම වාර්තාගත ජනතාවක් සහභාගි වු වැඩසටහනකි.
එවැනිම මහ සෙනගක් මෙවර බක්මහ උළෙල සහ සංගීත රාත්‍රීයටද සහභාගි වන බව සක් සුඳක් සේ පැහැදිලිය. එම සාර්ථිකත්වය අප කණ්ඩායමක් ලෙස ලගා කරගත්තේ හැකි ඇති හැකි අය අප වෙත මුල්‍ය සහයෝගය ලබා දුන් නිසාත්. ව්‍යාපාරික ප්‍රජාව, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලන අධිකාරියේ සියලු දෙනා කරන මුල්‍ය උපකාරයන් හේතුවෙනි. එමෙන්ම අප සමාජිකයන් ඒ වෙනුවෙන් දිවා රාත්‍රී කරන ලද කැපවීම නිසාවෙනි. මේ සඳහා උපකාරයන් කල සියලු දෙනාට සහ වචනයෙන් පවා අපව ශක්තිමත් කල ඔබට අපගේ හෘදයාංගම ස්තුතිය මෙයින් පුද කර සිටිමු.
හෙම්මාතගම එලයිට් සිංහ සමාජය
සටහන මාධ්‍යවේදි, සාමවිනිසුරු, ව්‍යාපාරික සිංහ සමාජ සමාජික සමන් විජය බණ්ඩාර
හැමෝටම කියන්න හැමෝම එන්න
හෙම්මාතගම එලයිට් සිංහ සමාජය මේ පාර අප්‍රේල් 14 වැනිදා අවුරුදු උත්සවය සහ සංගීත ප්‍රසංගය සංවිධානය කර ඇති බව ඔබට සතුටින් දැනුම් දෙමි.
සමස්ත ලංකා සංස්කෘතික පරිසර සමාජසේවා බලගැන්වීමේ සංවිධානය මගින් පිරිනමන ලද මානව හිතවාදි කීර්ති ශ්‍රී දේශමාන්‍ය සාමවිනිසුරු අප සිංහ සමාජ සමාජික ඩී.ජී.නිමල් ජයසිංහ මහතාට අප සියලු දෙනාගේ උණුසුම් සුභ පැතුම්.
හෙම්මාතගම Sarfanට විශිෂ්ට ජයක්..
හෙම්මාතගම සිංහ සමාජෙයේ සමාජික Ahamed Sarfan දැන් 2023.12.03 කටුකුරුන්ද ධාවන පතයේ 1600cc මෝටර් රථ තරගයේ ජයග්‍රහණය කලා අවස්ථා දෙකෙදිම සහ අවසන් වටයේ ජයත් ඔහු...
හෙම්මාතගම හැමෝම සුභ පතන්න... ගිය වසරේදිත් ජයග්‍රහකයා Sarfan....
Live එක තම මොහොතකින්...
INDUCTION CEREMONY OF LIONS CLUB OF HEMMATAGAMA ELITE 2023 | 2024
Rohana Wijekoon Rohana Wijekoon Upul Senarathne Prasanna Saman Kumara
ජංගම දුරකථනයේ විඩියෝ කාටුන් දරුවා පාලනය කරන මෙවලක් බවට පත් වේලා.”
අද කාලයේ ගොඩාක් දරුවෝ ආවේගශිලියි. හික්මිම ටිකක් අඩුයි. පුංචි දරුවෝ ස්භාවයෙන්ම එහෙම වුනත් පවුල තුල සිදු වන පුංචි පුංචි අඩුපාඩු නිසා දරුවෝ මේ වාගේ ආවේගශිලි සහ කලහාකාරි වෙන්න පුළුවන්. අද දරුවෝ තාක්ෂණයත් එක්කමයි ජිවත් වෙන්නේ. අපිට තාක්ෂණය අවශ්‍යයි. හැබැයි තාක්ෂණය අපේ ජිවිතය විනාශ කරන මෙවලමක් බවට පත් කරගන්න හොඳ නැහැ. ඒ නිසා පවුල තුලදි තාක්ෂණය දරුවාට දෙන්නේ කොහොමද කියන කාරණය ගැන දෙමාපියන් මීට වඩා අවබෝදයකින් කටයුතු කර යුතු බව මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරී ආශෝකා රත්නායක මහත්මිය පවසනවා.
එතුමිය මේ බව පැවසුයේ මේ දින වල පෙර පාසල් දරුවන් සහ දෙමාපියන් සහභාගි කරගෙන සෞන්දර්ය රස විදිමට දරුවා හුරු කිරීම වෙනුවෙන් ජනප්‍රිය ප්‍රවීන ළමා ටෙලි නාට්‍ය ශිල්පින් ද සහභාගි කරගෙන මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් පවත්වන හෙම්මාතගම කලාපයේ වැඩසටහනකට 16 වැනි දින එක් වෙමින්ය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එතුමිය මෙසේද පැවසීය.
ජංගම දුරකථනයේ විඩියෝ කාටුන් දරුවා පාලනය කරන මෙවලක් බවට පත් වේලා. අතීතයේ දරුවන්ට වඩා දැන් ඉන්න වැඩිහිටියන්ගේ කාලයට වඩා අද දරුවන් ළමා කාලය හරිම වෙනස් අද දරුවෝ තාක්ෂණයත් එක්කමයි ජිවත් වෙන්නේ. අපිට තාක්ෂණය අවශ්‍යයි. හැබැයි තාක්ෂණය අපේ ජිවිතය විනාශ කරන මෙවලමක් බවට පත් කරගන්න හොඳ නැහැ. ඒ නිසා පවුල තුලදි තාක්ෂණය දරුවාට දෙන්නේ කොහොමද කියන කාරණය ගැන දෙමාපියන්ට අවබෝදයක් තිබිම අවශ්‍ය වෙනවා. අද ගොඩාක් දෙමාපියෝ දරුවෝ තාක්ෂණයට වැරදි ආකාරයෙන් නැඹුරු කරනවා.
පුංචි දරුවාට කෑම කවන්න පොවන්න තාක්ෂණය උපයෝගි කරගෙන තියෙනවා. ජංගම දුරකථනයේ කාටුන් එකක් දාලා දිලා දරුවාට කෑම කවනවා. දරුවා පාලනය කරන මෙවලමක් බවට පත් කරගෙන තියෙනවා. ජංගම දුරකථනයේ විඩියෝ කාටුන් දරුවා පාලනය කරන මෙවලක් බවට පත් වේලා.
දරුවෝ දුවලා පැනලා සෙල්ලම් කරන අවස්ථාව දෙන්නේ නැහැ. ළමයාට ජංගම දුරකථන දිලා ආරක්ෂිතව තියන්න තමයි උත්සාහ කරන්නේ. මෙතනදි දරුවා වැරදි හුරුවක් තමයි ලබන්නේ දරුවා උත්සාහ කරන්වා. මේ ජංගම දුරකථන දිලා දෙමාපියෝ දරුවන්ගේ ආරක්ෂාව ගැන විතරයි හිතන්නේ ළමයා දුවලා පැනලා කරදරයක් කරගයි කියලා එයාලා දෙන්නේ ජංගම දුරකථනය හෝ ටිවි එක එතනින් දරුවාට අයහපත් ප්‍රතිඵලයක් ඇති වෙනවා.
Saman Vijaya Bandara
2023 JULY 19 Aruna
මෙන්න ළගම තැනින් නිදහස් රැකියාවක් ගමේම කෙනෙක් ගමේ බොහෝ දෙනෙකුට රැකියා සපයමින් සිදු කරන සේවාවකි. ඔබත් රැකියාවක් හොයනවා නම් මෙතනට එන්න...
මෙහි අයිතිකරු වන ඉන්දික අයියා අපේ සිංහ සමාජිකයෙකු විම අපට ආඩම්බරයකි...
2023 | March | 29
ගර්භණිය මව් සත්කාර වැඩසටහන
Mother Care Program
ගර්භණිය මව් සත්කාර වැඩසටහන හෙම්මාතගම බෞද්ධ මන්දිරයේදි පැවැත්වු අතර ඒ සඳහා ගැබිණි මතාවන් විශාල පිරිසක් පැමි්ණ සිටි අතර එම වැඩසටහන හෙම්මාතගම එලයිට් සිංහ සමාජය විසින් සංවිධානය කලා
හෙම්මාතගම සිංහ සමාජයේ සභාපතිල ලේකම්ල ඇතුලු නිලධාරීන් මෙන්ම සමාජිකයින් කිහිප දෙනෙක් මෙම අවස්ථාවට සහභාගි වුනා.
The pregnant mother care program was held at the Hemmathagama Buddhist Mandir and a large number of expectant mothers attended and the program was organized by Hemmathagama Elite Sinha Samaj.
Hemmathagama Lions Club president and secretaries and several officers and members participated in this event
2023 | March | 29
හෙම්මාතගම එලයිට් සිංහ සමාජයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්විම හෙම්මාතගම ගම්පොල මාර්ගයේ ඇති තාත්තා උත්සව ශාලාවේදි පැවැත්විය...
මෙම අවස්ථාවට හෙම්මාතගම පොලිස් ස්ථානාධිපතිතුමන් සහභාගි වු අතර එතුමා පසුගියදා හෙම්මාතගම සිංහ සමාජය පැවැත්වු සිංහ අභිමන් වෙළෙඳ ප්‍රදර්ශනය සහ සැණකෙළියට ලබා දුන් දායකත්වය වෙනුවෙන් එතුමාට විශේෂ සමරුවක්ද අප විසින් ප්‍රධානය කරන ලදි.
The board meeting of Hemmathagama Elite Sinha Club was held at Papa Utsava Hall on Hemmathagama Gampola Road...
Susandesha News | 2023-03-28 | 8.30 PM | සුසංදේශ පුවත් විකාශය
2023 March 27 Aruna
කෑගල්ල දිස්ත්‍රීක්කයේ විශාලතම ලේ දන්දිමේ කඳවුර
2023 March 25
හෙම්මාතගම එකමුතු තරුණ කැල, පල්ලිපොරුව ලක්ෂමන් මහතා, සංවිධානය කරන ලද ලේ දන් දිමේ කඳවුරක් ඊයේ 25 හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලයේදි පවත්වන ලද අතර මෙම ලේ දන් දීමේ කඳවුරේ විශේෂත්වය වන්නේ දැනට කෑගල්ල දිස්ත්‍රීක්කයේ පවත්වන ලේ දන් දීමේ කඳවුරු අතරින් වැඩිම ලේ පරිත්‍යාගශීලින් ප්‍රමාණයක් රුධිරය පරිත්‍යාග කරන ලේ දන් දිමේ කඳවුර විමයි.
දැනට වසර ගණනාවක සිට මෙම ලේ දන් දීමේ කඳවුර පවත්වන අතර මෙවර ලේ දන් දිමේ පරිත්‍යාගශිලින් වෙනුවෙන් කිලෝ 5 ක සහල් උරයක් බිස්කට් පැකට් එකක් සහතිකයක් මෙන්ම ලේ පරිත්‍යාශීලින්ට තැඹිලි සහ ආහාර යනආදිය ලබා දෙමින් මෙම කඳවුර සාර්ථිකව සිදු කර ගෙන යෑමයි.
මෙම කටයුත්තට පරිත්‍යාගශිලින් විශාල වශයෙන් අනුග්‍රහක දායකත්වය ලබා දුන් අතර හෙම්මාතගම එලයිට් සිංහ සමාජය විසින්ද රුධිර පරිත්‍යාශිලින් විශාල ප්‍රමාණයක් වෙනුවෙන් කිලෝ 5 ක සහල් උර ලබා දීමක්ද මෙහිදි කටයුතු කර තිබුණි.
25 March 2023
හෙම්මාතගම එකමුතු තරුණ කැල සංවිධානය කරන ලද ලේ දන් දිමේ දැවැන්ත කඳවුර අද සාර්ථිකව සංවිධානය කර තිබුණා...
ඒ වෙනුවෙන් හෙම්මාතගම එලයිට් සිංහ සමාජයටත් ආරාධනා කර තිබුණු අතර ඔවුන් විසින් ඒ සඳහා විශේෂ පරිත්‍යාගයක් කරන්නට යෙදුනා...
හෙම්මාතගම එලයිට් සිංහ සමාජයේ බලාපොරොත්තුවෙන් 80% ක්ම දැන් අවසන් අදියරේ...
සියලු සිංහ සමාජ සමාජිකයින්ගේ මෙන්ම හෙම්මාතගම එලයිට් සිංහ සමාජයේ සමාජිකයින් බලවත් ශෝකය සංවේය මෙම අවස්ථාවේ පල කරනවා...
හෙම්මාතගම එලයිට් සිංහ සමාජය..
හෙම්මාතගම එලයිට් සිංහ සමාජය ....