සිංහ ලිය -Sinha Liya- சிங்க பெண்
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සිංහ ලිය -Sinha Liya- சிங்க பெண், Writer, .
"අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා...බුදු හාමුදුරුවනේ."
අද පාර්ලිමේන්තුවේදී ගුණදාස කපුගේ මහත්මයාගේ මේ සිංදුව ගැන කතා වුණා.
ඇත්තටම අපි අසරණකමට ඇබ්බැහි වෙච්ච ජාතියක්.
ටීවී එකේ news එක දාල ටික වෙලාවක් යනකොට හැමදාම කඳුලු පෙරා ගත්ත ගෑනු උදවිය කියනවා අපි අසරණයි, අපිට උදව් කරන්න කියලා.
radio එක දැම්මොත් බූට් කාලා අසරණ වෙච්ච කොල්ලො නාහෙන් අඬනවා "ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි" කියලා.
ඔව්, යම් යම් තත්වයන් යටතේ අපි හැමෝම අසරණ වෙනවා තමයි.
හැබැයි රටක බහුතරයක් ජනතාව තමන් අසරණයි කියලා හිතාගෙන ඉන්නවා නම්,
ඒ අසරණකම නිසා තමන්ට වරප්රසාද උරුම විය යුතුයි කියලා හිතනවා නම්,
ඒ වරප්රසාද ලැබෙන්නෙ නැත්නම් කාට හෙන ගැහුවත් කමක් නෑ, ඒවා මොන මාර්ගයෙන් හරි ලබාගන්නවා කියලා හිතාගෙන ඉන්නවානම්,
සක්කරයා ජනාධිපති වුණත් ඒ රට හදනවා බොරු.
අපේ පරම්පරාවෙන් වත් අපි මේ බොරු අසරණකම අතාරිමුද?
අසරණකම කියල කියන්නෙම තමන්ට බලයක් නැති බව පිළිගැනීමක්.
තමන්ට බලයක් නෑ කියන්නෙ තමන්ට වගකීමක් නැහැ කියන එක.
කිසිම දේක වගකීමක් නොගන්න, අසරණකමට කෙඳිරි ගගා, ණයට තණකොළ කකා ඉන්න පූස් පැටවු වෙන්නෙ නැතුව,
අවදානම් අභියෝග ලෙස භාරගන්න, පැත්ත ගහලා ගියත් ඇත්ත කියන
වටේ පිටේ මොන හිවලා හූ තිබ්බත් තමන්ගේ target එකට නොනැවතී යන කේශර සිංහ රැලක් වෙමු!
අන්න එතකොට ලෝකයා අපිට නමස්කාර කරාවි.
අපිට විතරක් නෙමෙයි, අපෙන් පස්සේ එන හැම පරම්පරාවටත් "I am proud to be Sri Lankan " කියලා ලෝකේ ඉස්සරහ කියන්න පුළුවන් විදිහේ රටක් හැදේවි.
"උඹෙන් ඇති වැඩක් නෑ. උඹත් එක්ක මොකෙක්ටවත් ඉන්න බෑ. බලපන්, උඹ එක වැඩක්වත් හරියට කරනවාද? උඹට නම් මේ කපේට කිසි දෙයක් හරි යන්නේ නෑ"
මෙහෙම කියලා ඔබගේ පෙම්වතා නිතරම ඔබට බනිනවා නම්, ඔබ මොකද කරන්නෙ?
නිකමට මේ ප්රශ්නෙ FB Ladies group එකක දාලා බලන්න.
"නංගි, ඔයා ඔය මිනිහාව අතාරින්න... ඔයා ආදරේ කරන මනුස්සයා ඔයාට ගරු කරන්නෙ නැත්නම් ජීවිත කාලෙම ඒ මිනිහාත් එක්ක ඉන්නේ කොහොමද?" කියලා comment 100ක් වැටෙයි.
ඒත් ඒ විදිහටම අපි වෙන කෙනෙක්ට බනිනවා නම්...?
උපන් දා ඉඳල අපිට හැම දෙයක්ම දුන්න, අපට කිසිම වරදක් කරපු නැති කෙනෙක්ට අපි හැම වෙලේම සාප කරනවා නම්...?
ඔව්, අපි හැමෝම ඒක කරනවා.
කාටද දන්නවාද?
අපේ රටට. අපි උපන් ශ්රී ලංකාවට.
අපි අපේ රටට සාප කරන්න පුරුදු වෙන්නෙ පොඩි කාලෙමයි.
"මේ රට නම් හැමදාමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. බලන්න, අපිට වඩා දුප්පත් රටවල් ඔක්කොම අපි පහුකරගෙන ගිහිල්ලා. අපි අවුරුදු ගානක් තිස්සෙ එක තැන " ඉස්කොලේ ටීචර් කියන්නෙ පොඩි හිනාවකුත් එක්ක.
"මේ රට නම් එන්න එන්න යන්නෙ වලපල්ලට!" තාත්ත එහා ගෙදර uncle එක්ක පොඩි අඩියක් ගහන ගමන් කියන්න ආසම වචන ටික.
ඉතින් අපිත් පුරුදු වෙනවා අපේ රටට දොස් කියන්න. සාප කරන්න.
ඒත් අපි අපේම රටට සාප කරනවා කියන එකේම තේරුම මොකද්ද?
අපිට මේ රට වැඩක් නෑ කියන එක. අපි මේ රටට ගරු කරන්නේ නෑ කියන එක.
ඉතින් අපිටම අපේ රට ගැන පැහැදීමක් නැත්නම්, වෙන රටවල අය අපේ රටට ගරු කරයිද?
මේ ලංකාව, අපි වෙන රටකට පැන ගන්නකන් ගුලිවෙලා වැටිලා ඉන්න අම්බලමක් විතරයි නම්, අපේ රටට ආදරය කරන්න, ඒක ගොඩ නඟන්න කියලා අපි දේශපාලකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද?
ඔව්, අපි ඉන්නේ හිතින් කඩාවැටිලා තමයි.
ඒත් ඉච්ඡා භංගත්වය තමයි දූශිත දේශපාලුවාගේ ලොකුම ආයුධය.
අපිව depression එකකට ඇදලා දැම්මාම එයාලට තව තවත් බලයේ ඉඳගෙන හොරා කන්න හරිම ලේසියි.
ඉතින් එයාල වපුරන ඉච්ඡා භංගත්වය බාර නොගෙන ඉම්මු.
අපි අද ඉඳන් වෙනස් වෙමු.
"මගේ රටට හරියනවා, මගේ රට දියුණු වෙනවා, මම ලෝකෙ කොහේ හිටියත් මගේ රට මම දියුණු කරන්න උදව් වෙනවා," කියලා කියන්න පුරුදු වෙමු.
ඔව්, මෙච්චර ප්රශ්න අස්සේ එහෙම කියන එක පිස්සුවක් වගේ තමයි.
ඒත් වැහි පිරිත අහන්න එනකොට කුඩයක් අරගෙන එන්න එපැයි? :)