ලංකා බස් කවය - Ceylon Bus Circle

ලංකා බස් කවය - Ceylon Bus Circle

ලංකා බස් කවය මගින් මෙම ගිණුම පවත්වා ගෙ

24/12/2023

මේ 1960 වසරේ ලංගම යොදාගත් එවකට නවීන තාක්ෂණයේ තවත් එක් පැතිකඩකි.
එදා අදමෙන් ජංගම දුරකථන පහසුකම් නොවිය. එවකට ශ්‍රී පාද වන්දනා සමය ආරම්භයත් සමග ලංගම නිලධාරී මහතෙකු වාහ්‍ය පණිවිඩ හුවමාරු උපකරණයක් ( walkie-talkie transmitting unit ) මස්කෙලියේදී ක්‍රියාකරවිමයි.

සැ:යු එකල ශ්‍රීපාද සේවා බස් රථ ධාවනය කලේ මස්කෙළිය දක්වා පමණි. එම අවදියේ ද ලංගමය මගින් විශේෂ දුම්රිය බස්රිය ඒකාබද්ධ සේවාවක් ධාවනය කෙරිණ. එහිදී බස් රථ පාලනය කිරීමට ගුවන්විදුලි සම්බන්ධතා යන්ත්‍ර භාවිතා කෙරිණ.
නමුත් කනගාටුවට කරුණ නම මෙපමණ තාක්ෂණයක් භාවිතා කලද වර්තමානයේ ලංගමය තාක්ෂණික ක්‍රම වෙදයන් භාවිතා කරනුයේ අවම වශයෙනි.

ලංකා බස් කවය

27/11/2023
27/10/2023

මම අද කියන්න යන දේ බස් වලින් යන එන හැමෝටම වැදගත් වෙයි කියල හිතෙනවා. අපි සමාජයේදී ලබන විවිධාකාර අත්දැකීම් අන් අයගේ යහපත වෙනුවෙන් බෙදාහැරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් දෙයක් කියල මම හිතනවා.

මේ කතාව බසයක් තුළදී ඇහිඳගත් පසුම්බියක් සම්බන්ධ එකක්.

එක් දිනක උදේ වරුවක මම පිටකොටුවේ සිට වත්තල යාමට බසයකට ගොඩ වුනෙමි. බසයේ ආසන ගණනට වගේ සෙනගක් තමා හිටියේ. බස් එක ඉදිරියට යනවා. ක්‍රමයෙන් සුගතදාස ස්ටේඩියම් එකට ආසන්න වෙත්ම මට වඩා මඳක් ඉදිරියෙන් සිටි වයස අවුරුදු 70 ක පමණ වැදගත් පෙනුමැති මහත්මයෙක් ඉදිරි බස් නැවතුමේ බහින්න ඉදිරියට යනවා. පසු පසින් පැමිණි ගැහැණු කෙනෙක් දඩිබිඩියේ අර මහත්මයා පසු කර ඉදිරියට ගිය හැටි මම දැක්කා. එහෙම යනවිට පර්ස් එකක්ද බිම වැටෙනවා. හෝල්ට් එකේ බස්රථය නවත්වන විට අර කාන්තාව බහිනවා. එයාගෙ පර්ස් එක අර මහත්මයා ඇහිඳ ගෙන කොන්දොස්තරට කියනවා..
"අනේ අර මිස් ගෙ පර්ස් එක වෙන්න ඇති මේ තියෙන්නේ" කියල කොන්දොස්තරට ඒක දෙන්න උත්සාහ කරණවා. නමුත් දෙන්න ලැබෙන්නෙ නැහැ. කොන්දොස්තර ඒක ගන්න උනන්දුවක් දැක්වූයෙත් නැහැ.

නමුත් එම සැනින්ම ආපහු බස් එකට අර ගැහැණිය ගොඩවුනා. දැන් එයාගෙ පර්ස් එක අර මහත්මයාගෙ අතේ. එවිටම එම කාන්තාව "ආ..උඹ මගේ පර්ස් එකට ගැහුවා නේද " කියමින් ඒක උදුරාගෙන පර්ස් එක ඇරලා බැලුවා. ඒකෙ සල්ලි සත පහක්වත් නැහැ. දැන් අමු තිත්ත අසභ්‍ය වචන කියමින් බලෙන්ම අර අහිංසක මනුස්සයගෙ සාක්කුවෙන් පර්ස් එක ඇදලා අරගන්නවා. එහෙම අරගෙන "මේ තියෙන්නේ මූ මගෙන් පොකට් ගහපු සල්ලි" කියල කෑගහනව. අර මහත්මයා ඉතාමත් අසරණ වෙලා ලැජ්ජාවට පත්වෙනවා.

බැරිම තැන එයා කියන්නෙ "මම පැන්ෂන් කාරයෙක්. අද ක්ලිනික් ගිහින් බෙහෙත් අරගෙන එන ගමන්. මේ තියෙනවා මම ATM එකෙන් සල්ලි ගත්ත රිසිට් එක" කියල පෙන්නුවා. ඒත් පර්ස් එකේ තිබුණ සල්ලි ඔක්කොම ඒ ගැහැණිය අරගෙන පර්ස් එකෙන් මූණට දමලා ගහලා බස් එකෙන් බැහැලා යන්න යනවා. හැබැයි අර මහත්මයා ඒ හෝල්ට් එකේ බහින්න හිටියත් බැස්සෙ නැහැ බයටම වෙන්න ඇති.

මම මේ සිද්ධිය මුල ඉඳන් හොඳින් බලාගෙන හිටියේ. කොන්දොස්තර දැක්කා මම ඒක බලාගෙන හිටපු විදිහ. ඊට පස්සෙ කොන්දොස්තර මගේ ලඟට ඇව්ත් හෙමින් කියනවා..
"මහත්තයා නොදැක්කා වගේ ඉන්න. මොකද ඕකට මැදිහත් වෙන්න ගියොත් අනිවාර්යයෙන්ම දැලිපිහි පාරක් කන්න වෙනවා ඒ ගෑණිගෙ සෙට් එකක් බස් එකේ ඉන්නවා." කියල. ඉතින් මම මොනවා කරන්නද ? වැරද්ද ඇහැට පෙනි පෙනී කරබාගෙන ඉන්න උනා.

කවදාවත් බස් වලදී අනුන්ගේ මුදල් පසුම්බියක් දැකලා ඒක අරගන්න යන්න නම් එපා. එහෙම ගත්තොත් ඔබට ලැජ්ජාවට පත්වෙලා හිස් අතින් තමා ගෙදර එන්න වෙන්නෙ.

මේක පොකට් ගැසීමේ අලුත්ම ක්‍රමය වෙන්න ඇති කියල හිතෙනවා. පුළුවන් තරමින් මේ පිළිබඳව හැමෝම දැනුවත් කරන්න.

උපුටාගැනීමකි.

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 25/07/2023

🔴 පොළොන්නරුවෙ ඔයාට පාසිකුඩා ගිහින් නාල කාල ෆන් එකක් අරන් එන ගමන් මාලු ටිකකුත් අරන් එන්න පුලුවන්.....

සෑම ඉරිදාකම උදෑසන 7.30 ට කදුරුවෙල බස් නැවතුම්පලින් උදෑසන 8 ට ගල්විහාර භූමියෙන් පාසිකුඩා වෙරළ තීරය බලා..

එදිනම සවස 4 ට නැවතත් පාසිකුඩා වෙරළ තීරයෙන් පොළොන්නරුව බලා පිටත් වේ...

එන්න යන්න අපිත් එක්ක..මේක ගිහින්ම බලන්න ඕන ටුවර් එකක් .............

යනවනම් දැන්ම බුක් කරගන්න 077 4 457 556

19/07/2023

පොදු මගී ප්‍රවාහන සේවා බස් රථ රියදුරු බලපත්‍ර නියෝග ක්‍රියාත්මක කිරීමේ වැඩමුව -2023
පොදු මගී ප්‍රවාහන සේවා බස් රථ රියදුරු බලපත්‍ර නියෝග ක්‍රියාත්මක කිරීමේ පාඨමාලාව 2023.08.03 හා 04 යන දිනයන්හී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.
මෙම පාඨමාලාව සදහා ආධුනිකයින් 80ක් සදහා පමණක් බදාවාගනු ලබන අතර ලියාපදිංචිය සදහා පහත සදහන් දුරකථන අංකවලට අමතන්න.
0771058441 - ආබෲ මයා - (විදුහල්පති
0771055337 - උපුල් මයා - (ස.ක මුදල්)
0342222409- කාර්යාලය

11/06/2023

අතීත සැමරුම්
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරනය කිරීමට එම නැවතුම්පොළ ගෑස් කර්මාන්ත විථියට ගෙනඑන ලදී 1972 පමන එහි දර්ශන පෙලකි
1 ,1975 ගෑස් ටැංකිය ඉදිරිපිට
2 , මාර්කට් එක ලඟ සිට දර්ශන පථය පෙලගැස්වීම පරන පාරෙ බස් රථ
a ,අම්පාර ,මොනරාගල ,අක්කරපත්තුව
b, හැටන් ,බොගවන්තලාව , ඩයගම
c , බදුල්ල ,බන්ඩාරවෙල ,බලoගොඩ
d ,අවිස්සාවේල්ල ,බුලත්කොහුපිටිය ,දේදුගල
මොරොන්තොට ,කනම්පැල්ල ,674 කෑගල්ල නාවලපිටිය (ගිනිගත්හේන හරහා )පිටත්වෙන බසයක්)
e , රත්නපුර, කුකුලේගම ,පැල්මඩුල්ල ,පදලoගල (මීතොටමුල්ල හයදාස් බසයක්
සූදානම්ව ඇත (කුකුලේගම පදලoගල රත්නපුර ඩිපෝවෙන් )
3 , කොළඹ පුවරුව ඇති බසය 240 මීගමුව / කොළඹ
4 , ලොරි රථය ආදම්ජී 911
5 , හාරදාස් ඉන්දියානු රූබි බොඩියක් (මීගමුව හෝ ජාඇල ඩිපෝවෙ )
6 , මීගමුව බසයට පසුපසින් හයදාස් ඉසුසු බසයක් එයට පසුපසින් ඉස්සර කිරීමට වෙරදරන ඉන්දියානු ටාටා බෙන්ස් බොඩියක්
ලoගම බස් රථ දහතුනක් පමන දර්ශන පථයේ ඇත
සටහන - ඇන්තනි ප්‍රීනි මහතා

10/06/2023

මහනුවර දකුණ ඩිපෝව ජනතා සන්තක ප්‍රවාහන සේවාව ලෙස පැවති සමයේ ගෙවීමේ පදනම මත ලබාගත් අශෝක් ලේලන්ඩ් බස් රථය 61-1643 මුල් අවදියේ මහනුවර සිට කටුනායක ගුවන්තොටුපළ දක්වා ධාවනය වූ අතර ඉන්පසුව මහකන්ද සරසවිගම සේවාව සදහ යොදවා තිබුණි .විශේෂ චාරිකාවක් අතර ලබාගත් ජායාරූපයක්
📸 චන්දන පුශ්පකුමාර සොයුරාට ස්තුතිය

25/05/2023

ශ්‍රී ලංගම වාලච්චේනයි ඩිපෝව සතු 63-2445 දරණ TATA 909 (ෆවුසි බඩි ) බස් රථය 2000 වසරේ මඩකලපුව වාලච්චේනයි සේවාව සදහා යොදවා තිබිණ. බස් රථය ඉතා හොඳින් නඩත්තු වූ අතර සේවක මහතුන් විසින් මෙලෙස අලංකාර කටයුතු කර ඇත.ඩිපෝ පරිශ්‍රයේ ගන්නා ලද ජායාරුපයක්

19/05/2023

දඹුල්ල ඩිපෝව මගින් දඹුල්ල ගලකිරියාගම සේවාව සදහා මීට වසර 30 පෙර පමණ එක්කර තිබු 30 ශ්‍රී 3686 දරණ TATA 1210 වර්ගයේ ඇලුමිනියම් බදක් සහිත බස් රථයක්

03/05/2023

සීතල බණ්ඩාරවෙලින් උතුම් සිරි වෙසගේ යලි පිබිදුන කූරගල පුදබිමට . වෙසක් පුන් පොහෝදිනය සහා ඉන් පසු දිනය (මැයි මස 05/06 )බණ්ඩාරවෙල ඩිපෝව මගින් විශේෂ සේවාවක් ආරම්භ කරලා..බණ්ඩාරවෙල සිට උදෑසන 7.15 ගමන් කරන බස් රථය නැවත කූරගල සිට බණ්ඩාරවෙල දක්වා හවස 2.30 ධාවන කරන්නේ...බස් රථය පබහින්න/ සමණලවැව හරහා යන්නේ..කියන්න ඕනි විශේෂ කාරණාවක් තියෙනවා .සවස බස් එක බණ්ඩාරවෙල එනකොට සමණලවැව බන්ට් එකේ ටික වේලාවක් නවත්වනවා..කැමති කෙනෙක්ට ඕනි නම් නාකියාගන්න පුළුවන් ...ගිය කට්ටිය නම් දන්නවා ඒ ගැන...වෙසක් පෝයට කූරගල යනවා නම් අපේ කට්ටිය බස් එකේ කොන්දොස්තර කසුන් මහත්මයාට දුරකථන ඇමතුමක් දෙන්න .මේ තියෙන්නේ ☎️ 0712000490 .බණ්ඩාරවෙල ඉදන් කූරගලට යන්න ගන්නේ Rs 500 හොදේ...යනවා නම් කලින්ම කියන්න .

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 29/04/2023

හක්මන ඩිපෝව සතුව තිබී ,
පසුව මාතලේ ඩිපෝවටත් ,
සේවා අවශ්‍යතාව නිසා මහනුවර උතුරට ආපු
එයා ,
2022 -08-07 දින 3/602 පල්ලේකොටුව මහනුවර මාර්ගයේ ස්ථීර බස්රථය වෙනුවට සේවය සපයන මොහොතක් . සේවක මහතුන් දෙපලද පසෙකින් සිටී.
📸 අතුල සමරකෝන්

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 25/04/2023
25/04/2023

නටබුන් ව ගිය දේදුගල නගරය ගැන නොදත් කතා

දේදුගල කියන්නේ වර්ෂ 1970 වනවිටත් ඉතා ජනාකීර්ණ නගරයක් බවට පත් ව තිබුණු කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ටවුමක්. දොළොස්බාගේ කඳුකරයේ බෑවුමක පිහිටි මේ නගරයේ ගනුදෙනු කිරීමට කඩසාප්පු රාශියක් ද එදා තිබුණා. පාළු වී මිනිසුන්ගෙන් තොර හොල්මන් රජකරන නටබුන් නගර බටහිර සිනමා පටවලින් අප දැක තිබෙනවා.

පසු කාලයක වැසී ගිය අද එවන් පාළුවක් රජ කරන නගරයක් තමයි දේදුගල කියන්නේ. ක්‍රමයෙන් මේ නගරය අතුරුදහන් වුණා. අපි මේ උත්සාහ කරන්නේ ඒ මිය ගිය නගරය සොයා යාමට යි.

දේදුගලට යන්නේ කොහොමද?
මේ පෙදෙස වැඩිදෙනෙක් නොදන්නා අපූරු කඳුකර සංචාරක ඉසව්වක්. මේ ගමට නුදුරින් අද පිහිටා ඇත්තේ බුලත්කොහුපිටිය නගරය යි. කොළඹ සිට කරවනැල්ල හරහා බුලත්කොහුපිටියට දුර කිලෝමීටර 84ක්. එහෙම නැත්නම් කොළඹ ඉඳන් කෑගල්ලට ඇවිත් (කිලෝමීටර 78) එතැනින් බුලත්කොහුපිටියට යන්නත් (කිලෝමීටර 25) පුළුවන්.
බුලත්කොහුපිටිය සිට දේදුගලට කිලෝමීටර 11ක් දුර යි. බුලත්කොහුපිටිය සිට කිලෝමීටර 2ක් ගිය විට හමුවන අම්පාගල හන්දියෙන් තවත් සුන්දර කඳුකර මාර්ගයක් ඇරඹෙනවා. ඒ පරුස්සැල්ල හරහා යටියන්තොට පාර යි.

දේදුගල එක් පසෙකින් මායිම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයට යි. දේදුගල සහ එයට ආසන්න පැලැම්පිටිය ගම්වලින් තමයි සබරගමු පළාත මධ්‍යම පළාතට නැත්නම් මහනුවර දිස්ත්‍රික්කයට මායිම් වන්නේ. ප්‍රදේශයේ උසම ස්ථානය වන උඩපැලැම්පිටිය මුහුදු මට්ටමින් අඩි 4000ක් උස යි. දේදුගල ගම උසින් අඩි 2000ක් වෙනවා. එය නිතර මිහිදුමින් බර සිසිල් පෙදෙසක්.

බුලත්කොහුපිටිය සිට දේදුගල, පැලම්පිටිය හරහා නාවලපිටියට යන මාර්ගයක් ද වැටී තිබෙනවා. තිබෙන මාර්ගය පටු වුවත් කාපට් අතුරා සකස් කර තිබෙනවා. වංගු බහුල මාර්ගයේ යනවිට නළඟන ඇල්ල, රිටිගහ ඇල්ල, රුක්මල් ඇල්ල, රිකිල්ල ඇල්ල ආදී දියඇලිත් දැක ගැනීමට ලැබෙනවා.

දේදුගල පිහිටීම
කුඩා ගම් ඇතැම් විට නගර බවට පත්වෙන අන්දම අප දැක තිබෙනවා. ඕනෑම නගරයක් කල් ගත වන විට දියුණු වී කඩසාප්පු වැඩි වී කාර්යබහුල වෙනවා. මේ නගරයේ සිදුවණේ එහි අනෙක් පැත්ත යි. බුලත්කොහුපිටියේ සිට පැලම්පිටිය පාර දිගේ යනවිට දේදුගල දී දකුණු දෙසට හැරෙන්නට අතුරු පාරක් දැකගත හැකි යි.
එය 1960 දශකයේ ඉදිකළ පැරණි මාර්ගය යි. එම මාර්ගයේ තරමක දුරක් ගිය විට දේදුගල පාළු නගරය හමුවෙනවා. එය 131 සී දේදුගල ග්‍රාම සේවා වසමට අයත්. හැත්තෑව දශකයේ පැලම්පිටියට පාර හදන විට දේදුගල ටවුම මඟහැර පාර හැදුණු

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 10/04/2023

ඌව ප්‍රදෙශිකය සදහා නව බස් රථ බෙදාදීම

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 09/04/2023

ගොකරැල්ල ප්‍රදේශයේදී දාවනය වෙමින් තිබූ ත්‍රිකුණාමලය කොලඹ බස් රථයක පිටුපස රෝද දෙක ගැලවී යයි...

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 09/04/2023

පෙර දින වලපනේ ඩිපෝවට ලැබුණු නව බස් රථ 5 සමග ඩිපෝ කළමනාකරතුමා ඇතුළු සේවක මහතුන් සමග නුවරඑළියේ දි ගත් ජායාරුපයක්
📸 ස්තුතියි Roshan Cooray

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 06/04/2023

💐ඇගයිය යුතු මිනිසුන්.💐

රියදුරැ දෑතට දෙවි පිහිටයි!...නමුත් ඔහු අද මගීන්ගේ දෙවියා විය.

අද දින(2023/04/06) අදික දුස්කර මාර්ගයක් වූ ඔහිය මාර්ගයේ දාවනය වන කැප්පෙටිපොල ලංගම ඩිපෝවට අයත් බස් රථය තිරිංග වල ඇති වූ දෝසයක් නිසා අනතුරට පත්විය.රියදුරැ (අසංක)මහතගේ දක්ෂතාවමත අඩි 150ක පමන ප්‍රපාතයකට මගීන් සමග පෙරලීමට ගිය බස් රථය ඔහුගේ ජීවිත අවදානම නොතකා පාරෙන් දකුනු පස වෙල්ලට අල්වා නතර කර ගැනීමට සමත්විය.

දැනට ඔහු දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුටද ,බොරලන්ද රෝහලේ ප්‍රතිකාර ලබන් කොන්දොස්තර මහතා හා අනකුත් රෝගීන්ටද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.!
ජායාරුප මුල්හිමිකරුවන් සතුය

05/04/2023

😍😍😍 මාතර ඩිපෝවට ලැබුන දෙවෙනි නව බස් රථය 😍😍😍

☸️☸️☸️ සම්මා සම්බුදු සරණයි .....!!! ☸️☸️☸️

🌹🌹 ශ්‍රී ලංගම මාතර ඩිපෝව 🌹🌹
🌿🌿 MT .... 🌿🌿
🌼🌼 WP NE 1594 🌼🌼

💐💐 මාතර 351 දික්වැල්ල ( N ) 💐💐
🏵️🏵️ සාමාන්‍ය ගාස්තු සේවය 🏵️🏵️

ගමන් මාර්ගය :-
🔵 මාතර වෙලේවත්ත හංදිය වේරදූව තල්පාවිල කැකණදුර පරවහර මඩවල උඩුවිල රත්මලේ දංදෙණිය රදම්පල නාවරහේන වලස්ගල වැවුරුකන්නල දික්වැල්ල

⚜️ සාමාන්‍ය සේවා ගාස්තුව :- රු.169.00/=
⚜️ ආසන්න වශයෙන් දුර :- 30 km
⚜️ ධාවන කාලය :- පැය 1 මිනිත්තු 10

📷📷 Ishan Abeysundara 📷📷

04/04/2023

ලංගමට මැර ප්‍රහාරයක්

වසර ගණාක සිට ඇස්වත්ත සමූපකාර ගොඩනැගිල්ල අසල රාත්‍රි නවතා තබන අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ඇස්වත්ත බස් රථ දෙකට කිසියම් පිරිසක් එහි ඉදිරි පස වීදුරු බිඳ දමා තිබෙනවා...

මෙවෙනි පහත් වැඩක් කර සතුටක් ලබන්නේ නම් එය මානසික රෝගයක්ය... මෙම ක්‍රියාව අසල CCTV කැමරා වල සටහන් වී ඇත... මෙවෙනි කුජීත වැඩක් කර සැගවී සිටිය නොහැක...

උපුටා ගැනීම ඇස්වත්තඅපි

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 26/03/2023

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මුලතිව් ඩිපෝවේ අලුතින් ඉදිකරන ලද ඉන්ධන පිරවුම්හළ ( ඊයේ ) 2023 - 03 - 25 දින ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන), ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර (උතුර ප්‍රාදේශිකය) ඩිපෝ කළමණාකාර මුලතිව් ඩිපෝව සහ ඩිපෝ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

24/03/2023

මහනුවර උතුර ඩිපෝව මගින් 60 දශකයේ ලුලුවත්ත සේවාව සදහා යොදවා තිබු Fiat වර්ගයේ 23 ශ්‍රී 1650 බස් රථය

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 22/03/2023

ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට පත්වීම්ලිපි පිරිනැමීමේ උත්සව අවස්ථාව සදහා සහභාගීවීම.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අත්‍යවශ්‍ය රියදුරු සහ කොන්දොස්තර වරුන්ගේ පුරප්පාඩු දහසකට අධික ප්‍රමාණයක් පිරවීම සඳහා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව රියදුරන් 800ක්‌ සහ කොන්දොස්තරවරුන් 275ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය. ඒ අනුව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් පළමු කණ්ඩායම ලෙස රියදුරු මහතුන් 100 දෙනෙකු සහ කොන්දොස්තර මහතුන් 50 දෙනෙකු සඳහා පත්වීම් ලිපි පිරිනැමීම නාරාහේන්පිට ජාතික ගමනාගමන කොමිෂන් සභා ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණ.

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 22/03/2023

කඩවත ඩිපෝවේ බෞද්ධ සංගමය විසින් සමාජ සත්කාර සේවාවක් ලෙස සංවිධානය කරනු ලැබු හම්බන්තොට දිස්ත්‍රික්කයේ අති දුෂ්කර පාසලක් වූ බූන්දල කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දැරියන් වෙත 2023 නව පාසල් වාරය වෙනුවෙන් පොත් පත් පාසල් උපකරණ පාසල් බෑග් හා දිවා ආහාරය ලබා දීම 2023.03.19 දින එම විද්‍යාලයේදී පවත්වන ලදි.මෙම විද්‍යාලය තෝරා ගැනීම සදහා මග පෙන්වූ නියෝජ්‍ය විභාග කොමසාරිස් දිලීප ධර්මසේන මහතාටත් සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් උදවු කල බූන්දල ග්‍රාම නිලධාරී තුමියටත් විශේෂ ස්‍තූතිය පුද කරමි.
මේ සදහා ශ්‍රමය හා ධනය කැප කල කඩවත ඩිපෝවේ සමස්ථ සේවකයන්ටත් කඩවත ඩිපෝවේ බෞද්ධ සංගමයට හා නිලධාරී මණ්ඩලයටත් ද්‍රව්‍ය හා මුදල් ආධාර ලබා දුන් පිටස්තර පරිත්‍යාග ශීලීන්ටත් මගේ හදපිරි ප්‍රනාමය පුද කරමි .

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 20/03/2023

ලංගම බස් රථවල ආසන වෙන් කිරීම ONLINE ක්‍රමයට.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික අංශයේ සහය ඇතිව මගීන්ට තම බස් රථ මාර්ගස්තව ආසන වෙන්කරවා ගැනීමේ නව ව්‍යාපෘතියක් පසුගියදා දියත් කර කෙරිණි.මෙම මුලපිරීම මගින් දිවයින පුරා බස්රථ 1200 කට අධික ජාලයක් සහ ගමනාන්තයන් ආවරණය වන පරිදි මගීන්ගේ බස් ටිකට්පත් වෙන්කරවා ගැනීම හා මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දිමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස් රථවල ඔන්ලයින් ක්‍රමවේදය හරහා ආසන වෙන් කර ගැනීමේ ක්‍රමවේදය හඳුන්වාදීමේ සමාරම්භක උළෙල මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්විය.බස් පර්යන්තවල මගීන්ට නිතර මුහුණ දෙන දිගු පෝලිම් සහ රැඳී සිටීමේ වේලාවන් අවම කිරීම මගින් මෙම ව්යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ සමස්ත කාර්යක්ෂමතාව සහ ගුණාත්මක බව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය සිරිපාල ගම්ලත් රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගරැ සභාපති එස්.එම්.ඩී.එල්.කේ.ඩී.අල්විස් මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක නැගුණී.

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 20/03/2023

ශ්‍රී ලංගම පුහුණු හා සංවර්ධන කොට්ඨාශය මගින් ක්‍රියාත්මක කල ආරක්‍ෂිතව රියපැදවීමේ තාක්ෂණික ක්‍රම පිලිබඳ ප්‍රයෝගික පුහුණු වැඩසටහන සදහා සහභගි වූ මෝටර්රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු පිරිස

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 14/03/2023

අවම සම්පත් අවම මානව සම්පත් උපයෝගී කරගෙන මහජනතාවට උපරිම සේවාවක් සැපයීම සිදුව ඇති ජාතියේ ගමන් සගයා SLTB ගිරිඋල්ල ඩිපෝවෙන් පන්නල කුරුණෑගල කාර්යාල සේවයේ යෙදවූ නවතම NE1542 බස්රථය සම්බන්ධයෙන් ස්තූති කර අපිට ශක්තිය ධෛර්යය ලබා දුන් ඔබට අපගේ ප්‍රණාමය ,

11/03/2023

ශ්‍රී ලංගම වත්තේගම ඩිපෝව මගින් පන්විල සේවාව සදහා යොදවා ඇති නව බස් රථය

08/03/2023

සීටීබී බස් එක ඔහේ ඔහේ පැද්දි පැද්දි ..ඉස්සරහට ඇදුනා..

ඉඳහිට තදියමට වදින බ්‍රේක් පාරක් ඇරෙන්න වෙන කිසිම දෙයක් බස් එකේ ඉන්න අයට දැනුනෙ නෑ.....
සුක්කානම කරෝකන ගමන් ඩැයිවර් උන්නැහැ කටේ දාගත්තු බුලත් විට ඒ හක්කෙන් මේ හක්කට දාල රහ වින්දා....
කොන්දොස්තර ⁣තුමානෝ යං ගැටයෙක්...අවුරුදු තිහෙං තිස්පහේ මෝරපු පෙනුම...
එක පාරටම වංගුවකින් හැරෙද්දි බස් එකේ බ්‍රේක් වැදුනා...නැවතුන බස් එක ඇතුලට අළු කොබෙයියො සැට් එකක් රිංගුවා...බස් එකේ පස්සෙන් ඉස්සරහින් නැග්ග චැකර්ල පස් හය දෙනෙක් තමා ඒ....

කම්මැලිකමට ඔහේ සීට් උඩ බුම්මගෙන තිබුන ආත්ම .....පටාස් ගාල ඇහැරුනා....හුස්ම ඉහල පහල දාන්න ගත්තා...
ඔක්කොම ටිකට් අතට ගන්න....අළු කොබොයි චැකර් කෙනෙක් ඕඩරේ දුන්නා බස් එකෙටම ඇහෙන්න
දැන් අළු කොබෙයි චැකර්ල ටිකට් චැක් කොරන් ඒ පැත්තෙන් මේ ⁣පැත්තෙන් බස් එකේ මැදට ගාටනවා....
බස් එකේ මැදක් හරියෙ හිටිය අම්ම කෙනෙක් ගාව චැකර් නැවතුනා...
⁣කෝ අම්ම ටිකට් ගන්න ....එයා ඒ අම්මගෙන් ටිකට් ඉල්ලුවා...
හරිම සාන්ත දාන්ත වැදගත් වැඩිහිටි උපහාර පෙනුමක් තියෙන ඔසරියක් ඇඳගත්තු අම්ම කෙනෙක් ඒ...

ඒ අම්ම අතේ ගුලි කරන් හිටිය රුපියල් පනහ චැකර්ට පෙන්නන ගමන් මට ටිකට් දුන්නෑ නොවැ කියල කිව්වා....මං ටිකට් කොන්දොස්තර මහත්තෙයගෙන් ඉල්ලුවත් එක්කල....ඈ වග උත්තර බැන්දා
චැකර් එයාගෙ නලියන ඇස්වලින් බස් කොන්දොස්තර ගැටය ඇරස්ට් කරා
ඇයි මේ අම්මට ඉල්ලලත් ටිකට් දුන්නෑලු...ඇත්තද මේ කතාව
ප්‍රශ්ණය චැකර්ගෙන් කොන්දොස්තර ගැටයට
ඔවු මහත්තෙය මං ඒ මිස්ට ටිකට් දුන්නෑ තමා
එයා බොල් බොල් හඬකින් වචන ඇමිනුවා
තමුන්ගෙ අම්මද මේ
නෑ මහත්තෙය...මේ මගේ දහේ පන්ති බාර මිස්...මිස්ට නම් මාව අමතක ඇති....මං ගණන් පාස් වුනේ මිස් හන්ද...මිස් ටිකට්ගන්න මට සල්ලි දික්කරා...ඒත් මං ටිකට් කැඩුවෙ නෑ මහත්තෙය..

කොන්දොස්තර ගැටය.....ටිකට් පොත පපුවට තුරුළු කරගෙන හෙමින් හෙමින් ඒ වචන අහුර අැමිනුවා....වැරදිකාරයෙක් උසාවියෙ විත්තිකූඩුවෙ නැගල වාගෙ .....
බස් එකටම එකම පණ ඇවිල්ලා...හැමෝගෙම ඇස් කන් කොන්දොස්තර ගැටය ගාව නැවතිලා

එහෙම්ම හරියෙන්නෑ නොවැ...ඔහේ කරල තියෙන්නෙ වැරැද්දක්...දඩයක් වදීවි ඔහේගෙ පඩියට මං ක්ම්ප්ලේන් කරාම
චැකර් ගොරෝසු තාලෙට ඔලුව වන වන කිව්වා
හනේ දරුවො....ඒ ළමයට දඩ ගහ⁣න්නෝන නෑ...මං ඔය දඩේගෙවල දාන්නම්...මං මේ පැන්සොන් පඩිය ගන්න ගිහිල්ල එන ගමන්...
මයෙ අතේ සල්ලි තියෙනවා...
මිස්ගෙ කරුණාවන්ත හඬ බස් එකේ ඇතුලෙ ඉහිරිල ගියා..
ඒත් ඒ එක්කම.....
නෑ කොන්දොස්තර මහත්තෙයට දඩ ගහන්න ඕන නෑ...මේ මිස් ටිකට් නොගත්තු එකට දඩ ගහන්න...ප්‍රශ්ණෙ ඉවරනේ එතකොට ....මං ඒ දඩය ගෙවන්නම් ....බස් එකේ පිටිපස්සෙ හිටිය මහත්තයෙක් එයා වාඩිවෙලා හිටපු සීට් එකෙන් නැගිටින ගමන් හයියෙන් කිව්වා

ඒ එක්කම බස් එකේ තැනින් තැනින් මෙහෙම ඇහෙන්න ගත්තා
මං ඒ දඩේ ගෙවන්නම්
මං ඒ දඩේ ගෙවන්නම්
මං ඒ ද⁣ඩේ ගෙවන්නම්
ඉන්න මං ඒ දඩේ ගෙවන්නම්

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 06/03/2023

ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝව සතු 61-8782 ලේලන්ඩ් කොමට් මයිනර් බස් රථයේ චැසිය කැඩීයාමෙන් ධාවනයෙන් ඉවත් කෙරිණ

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 03/03/2023

මැදමහනුවර වේඩරුව ගම්මානයේ සිට තෙල්දෙණිය හරහා මහනුවර නගරය දක්වා දිවෙන මාර්ගය සඳහා නව බස් රථයක් ධාවනයට එක් කිරීම…

ඉතා දුෂ්කර ගම්මාන සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් එක් බස් රථයක් බැගින් ධාවනයට එක් කිරීමෙන් ඉතා දුෂ්කර ගම්මානවල ජීවත් වන ජනතාවට පහසුවෙන් නගරය කරා පැමිණිමට ඉඩ සලසමින් එම ව්‍යාපෘතියේ පළමු අදියර මහනුවර දිස්ත්‍රික්කයේන් ආරම්භ කර වේඩරුව ගම්මානයේ ප්‍රදේශවාසීන් විසින් කරන ලද ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තෙල්දෙණිය ඩිපෝව වෙත ඉන්දීය රජයේන් ලැබුණු නව බස් රථයක් 2023-02-27දින මාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශීය ප්‍රධාන කලමණාකර ප්‍රසන්න දෙල්ලංග මහතා සහ තෙල්දෙණිය ඩිපෝ කලමනාකාරතුමා ඇතුලුව ඩිපෝ ඉංජිනේරු තැනද සහභාගිත්වයෙන් නව බස් රථය වේඩරුව බෝධිය අසලින් ධාවනයට එක් කරන ලදී...

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 01/03/2023

හැටන් වටවල ප්‍රදේශයේදී පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මාර්ගයේ ලිස්සා යාමෙන් සිදුවූ අනතුර

Photos from ලංකා බස් කවය - Ceylon Bus Circle's post 28/02/2023

මෙම බස් රථයේ බැටරි 2 පෙර දින රාත්‍රී ගාල් කර ඇති ස්ථානයේදී සොරුන් විසින් ගලවා ඇත දුප්පත් අහිංසක මිනිස්සු වගේම පාසල් ළමුන්ට විශාල සේවයක් සිදු වූ බස් රථයකි. බැටරි 2 කුමන හෝ ආකාරයට ලැබීමට සලස්වන්න ශ්‍රී ලංගම නිට්ටඹුව

කරල තියෙන්නෙ නම් මහ තිරිසන් වැඩක්

Videos (show all)

පෙර දින හම්බන්තොට වරායෙන් රැගෙන එන අතරතුර අම්බලන්තොට ඩිපෝ පරිශ්‍රයේ මෙලෙස ගාල් කර ඇත

Website