Uva online library Travel Places

Uva online library Travel Places

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uva online library Travel Places, Library, .

25/07/2022

සීතාවක උද්භිද උද්‍යානය| Seethawaka Bitanical Garden

මෙය ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති උද්භිද උද්‍යාන පහ අතුරින් අවිස්සාවේල්ලෙහි පිහිටුවා ඇති උද්භිද උද්‍යානය වේ. මෙරට අනෙක් උද්භිද උද්‍යාන හතර වන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයයි. ශ්‍රී ලංකාවේ අවසානයටම ඉදිකල උද්භිද උද්‍යානය වන්නේ මෙම සීතාවක උද්භිද උද්‍යානයයි.උද්‍යානය 2014 වසරේ අගභාගයේදී මහජනයා වෙත විවෘත කරන ලදී .

26/03/2022

රාවණා ඇල්ල | Rawana Water Falls

රාවණා ඇල්ල කියන්නේ අපේ රටේ තියන ලස්සනම දිය ඇලි වලින් එකක්.ඇල්ල -වැල්ලවාය මාර්ගයේ(A23) 21වෙනි කිලෝමීටර් කනුව අසල මේ ඇල්ල පිහිටා තියෙනවා.ඇල්ල දුම්රිය ස්ථානයේ ඉඳල මෙතනට කිලෝමීටර් 6ක වගේ දුරක් තියෙනවා.ඉතාම පහසුවෙන් ලඟා වෙන්නට පුළුවන් නිසා ඉතා ඉහල සංචාරක ආකර්ෂණයක් රාවනා ඇල්ලට ලැබිල තියෙනවා. කිරිඳි ඔය තමයි රාවනා ඇල්ලේ මුලාශ්‍රය.මුහුදු මට්ටමේ සිට අඩි 3445 ක උසකින් රාවණා ඇල්ල පිහිට තියෙන්නේ.ඒ වගේම මේ දිය ඇල්ලේ උස අඩි 82ක් (මීටර් 25 ක් ). ඕවලාකාර සහ අවතල ගල්කුළු මතින් ඇදහැලෙන මේ සුන්දර දිය ඇල්ල රාවනා ඇල්ල වනජීවී රක්ෂිතයේ කොටසක්. ඇල්ල සම්බන්ධ පුරාවෘත්ත ගනනාවක්ම අතීත තොරතුරු ඇතුලත් පොත්පත් වල දැකගන්න පුළුවන්. පුරාණයේ රාම රාවණා කතාවේ රාවණා රජු සීතා කුමරිය පැහැරගෙන ඇවිත් සඟවාගෙන සිටියේ මේ ඇල්ල අසල පිහිටි ගල් ගුහාවක කියලා මතයක් තියෙනවා. රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයත්, දෝව පුරාණ විහාරයත් පිහිටලා තියෙන්නෙත් මේ ඇල්ල කිට්ටුව.

Copied Post !

Video Credits goes to the respective owner ✅

13/03/2022

බෝඹුර ඇල්ල | Boburu waterfall

බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ, ඌවපරණගම ප්‍රදේශයේ උරුමයක් වන බෝඹුරුඇල්ල මනස්කාන්ත දිය ඇල්ලකි. වැලිමඩ නගරයේ සිට 15 km දුරකින් පිහිටා ඇත.
ඔබ බසයෙන් ගමන් කරනවා නම් වැලිමඩ නගරයට පැමිණ ප්‍රධාන බස් නවතුම්පලෙන් වැලිමඩ-බෝඹුරුඇල්ල බස් රථයට ගොඩවන්න. ඔබගේ ගමනාන්තය වන්නේ බෝඹුරුඇල්ල ප්‍රධාන බස්නැවතුම්පලට එක් බස් නැවතුම්පලක් පෙර ඇති නවතුම්පලයි. විනාඩි 30 කට එක් බසයක් වැලිමඩ නගරයෙන් පිටත් වේ. මෙම මාර්ගය ඉතා හොඳ තත්වයේ තිබෙන අතර ඕනෑම රථයකට පහසුවෙන් ගමන් කල හැක. ප්‍රධාන මාර්ගයේ සිට පයින් මීටර් 300 ක් පමණ ගමන්ළ කල යුතුය.

ඇල්ලට ගමන් කරන අතරමග ඉතා සුන්දර වූ වනයකි. ඌවපරණගම ප්‍රදේශයට ජලය සපයන්නේද මෙම ඇල්ලෙනි. එනිසා ඇල්ල අපවිත්‍ර නොකරීම ඔබගේ යුතුකමකි. ස්නානය සඳහා සුදුසු ස්ථාන කිහිපයක් ඔබට යන අතරමග දැකගත හැකිය. ♥️🙏

Copied Post
Video Credits goes to the Respective owner .

21/02/2022

සිංහරාජ වනාන්තරය| Sinharaja Forest

සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින ජාතික වන වනෝද්‍යානයකි එය ගාල්ල දිස්ත්‍රික්ක්කකට මායිම්වේ. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත.

ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1607වස‌‍රේ දී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, 1988 වස‌‍රේ දී ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍යේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ.

රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 81ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අවසන් තෙත් කලාපීය අලි තිදෙනා දැකගත හැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි.මෑතකදී දුර්ලබ කලු දිවියෙකුගේ (කොටියකුගේ) මරනයක් වර්තා වූ අතර බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.

එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය.මෙහි විවිධ පක්ශීන් දැක ගත හැකිය - උපුටාගැනීමකි.

Copied Post : Video Credits goes to the respective Owner

25/09/2021

සුන්දර ගාලු කොටුව | Galle Fort | Sri Lanka 🖤

ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි.වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු 9 භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී. ලොක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි.ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය.එය පෘතුගීසින් විසින් නිමවූවකි.පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී.එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි.ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් උක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.එහි ලන්දේසි ගෘහ නිර්මන ශිල්පය පිලිබඳ කදිම නිද්සුනකි. ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස හදුන්වයි.ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි.ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයක් වේ.

Photos from Uva online library Travel Places's post 26/08/2021

🖤 Visit SriLanka- UVA TOURISM 🖤

22/07/2021

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

ඉර සේවය ලස්සනට දකින්න පුලුවන් සමනල කන්ද මුදුනෙ දී විතරක් ද... එහෙම නෑ කියලා හිතේවි උදේ වරුවක හෝ හවස් වරවක නෙල්ලගලට ආවොත්.. දළදා මාළිගය තරම් ම බෞද්ධ ජනතාව අතර ප්‍රසිද්ධ පුද බිමක් තමයි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය.

2014 වසරේ ලඳු කැළෑවක් සංරක්ෂණය කරමින් තමයි නෙල්ලිගල පුදබිම නිර්මාණය වෙන්නේ. මෙතනදී කැළෑව සංරක්ෂණය කර ඇති බව නම් විශේෂයෙන් සඳහන් කළ යුතුමයි. වන විහඟුන්ගේ මිහිරි නාදය දසත පැතිරෙන මනරම් පරිසරයක මේ බෞද්ධ උරුමය පිහිටනවා.

මුහුදු මට්ටමේ සිට මීටර් 700 උසින් පිහිටන නෙල්ලිගල මුදුනේ සිට හන්තාන, හුන්නස්ගිරි, අඳාගල, අලගල්ල, බතලේගල, අම්බුළුවාව, ඇටිගල, රාමසාර කන්ද, ශ්‍රී පාදය, පිදුරුතලාගල යන කඳු සියල්ල අංශක 360ක දර්ශන පථයකින් නරඹන්න පුලුවන්. අවුරුදු හයක කැපවීමෙන් තමයි මේ රන් පුදබිම නීල කඳු වළල්ල මැද ඉදි වෙන්නේ. මෙහි පිළිම, නිර්මාණ රන්වන් පාටක් ගන්නා අතර රත්‍රන් විශාල පාත්‍රයක ඇති බෝධිය විශේෂයි.

අඩි හැත්තෑවක් උස බුබ්බුලාකාර චෛත්‍ය නීල පසුබිමේ රන්වන් අනෙකුත් නිර්මාණ අතර කැපී පෙනෙනවා. එම ස්තූපය මාස තුනකින් වැඩ අවසන් කර තිබීම තවත් පුදුමයක්. ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ධ කුටිය තුළ කේශ ධාතූන් වහන්සේ වැඩ සිටනවා. ශ්‍රී ශාක්‍යසිංහ සුභසාධක සමිතිය මඟින් ප්‍රදේශයට සහන සලසන, කර්ම නම් ධර්ම සඟරාව ඔස්සේ ධර්ම ප්‍රචාරය සිදු කරන නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යුගයේ මහත් යුග මෙහෙවරක් සිදුකරනවා.

ලක්ෂයකට අධික ජනතා සහභාගිත්වයෙන් සිදු කරන දාස්පෙතියා මල් පූජාව, චෛත්‍ය වන්දනා වැඩසටහන් හා පොහොය වැඩසටහන් මෙහිදී සිදුකෙරෙනවා. අවට ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව සමඟ ද සහයෝගයෙන් කටයුතු කරන නෙල්ලිගල මුළු මහත් සමාජයට ම ආදර්ශයක්.

මෙහි දකින්න ලැබෙන සුභාරතී ධර්ම ශාලාව ද ඉතාම විශාලයි. සියලු විහාරාරාංග සම්පූර්ණ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඒ හිත ගත නිවන පරිසරය නිසාම කෙටි කලක් ඇතුළත බොහෝ ජනතා ආකර්ශනය දිනාගත් බව නම් නිසැකයි. වතුර බුබුලේ ධම්මරතන හිමියන් නිර්මාතෘ වන කොම්බෑකඩුව ගම්මානයේ නෙල්ලිගල පුදබිම ඉහළටම වාහනයකින් ගමන් කිරීමේ හැකියාව පැවතීම වන්දනාකරුවන්ට මහත් පහසුවක්.

උපුටා ගැනීමකි.

09/07/2021

සුන්දර ශ්‍රි ලංකා 🖤
SriLanka 🖤

Copied

19/06/2021

සීගිරිය හෝ සිංහගිරි යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිඹිස්ස ග්‍රාමය අශ්‍රිතව පිහිටා ඇති පැරණි බලකොටුවකි. මෙම නම සඳහන් වන්නේ ඓතිහාසික හා පුරාවිද්යාත්මක වැදගත්කමකින් යුතු ස්ථානයක් වන මීටර් 200 ක (අඩි 661) පමණ උසකින් යුත් පර්වතයක දැවැන්ත තීරුවකිනි.

Copied

17/06/2021

#ගලේ_පන්සල
කහටරුප්ප - බදුල්ල

Photos from Uva online library Travel Places's post 13/06/2021

#මඩොල්සිම

මඩොල්සිම කියන්නේ ඉතාමත් මනස්කාන්ත ප්‍රදේශයක්. වටපිටාවේ සුන්දරත්වයනම් කියා නිමකරන්නම බෑ. පුංචි ලෝකාන්තය නැරඹීම සදහා ප්‍රවේශ වීමට මාර්ග කිහිපයක් ඇත.

1.බදුල්ල -පස්සර -මඩොල්සිම කුරුවිගොල්ල -අම්බලම හංදිය -පුංචි ලෝකාන්තය

2.ඇල්ල -නමුණුකුල -පස්සර -මඩොල්සිම -කුරුවිගොල්ල -අම්බලම හංදිය -පුංචි ලෝකාන්තය

3.බිබිල -ලුණුගල -ජනතාපුර -අම්බලම හංදිය -පුංචි ලෝකාන්තය

4.මීගහකිවුල -පිටමාරුව -පුංචි ලෝකාන්තය

Photos from Uva online library Travel Places's post 11/06/2021

ශ්‍රී දළදා මාලිගාව

ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.

11/06/2021

විවේකය සහ සංචාරය ඔබේ විවේක කාලයේ සංචාරයක් කරන්නට තීරණය කරනවා වෙන්නටඇති. එහෙම නැතිනම්, නිවසේ ඉඳලම නිවාඩුව නිස්කලංකව ගත කරන්නට තීරණය කරනවා ඇති. එය කෙසේ වෙතත්, ඔබට අනර්ඝ අදහස් යෝජනා, කරන්නට ක්‍රියාකාරකම් වැනි නොයෙක් දේ ගැන නානාවිධ දැනුවත් කිරීම් මෙම ෆේස් බුක් පිටුවෙන් ලබා ගන්නට පුළුවන්. විවේකය සහ සංචාරය සංචාරය සහ නිවාඩු සැලසුම් කිරීම (travel and holiday planning), නිවාඩු නිඛේතන, සංචාරයට අදහස් (travel ideas), සති අන්ත නිවාඩු (weekends), දිග නිවාඩු (long weekends), කෙටි නිවාඩු ආදිය ගැන ලිපි හා විඩියෝ ,ඡායාරූප පිළිබද තොරතුරු ඵල කරන්නට අප සූදානම්..

Videos (show all)

රාවණා ඇල්ල | Rawana Water Falls
බෝඹුර ඇල්ල | Boburu waterfall
සිංහරාජ වනාන්තරය| Sinharaja Forest  Copied Post : Video Credits goes to  the respective Owner
#ගලේ_පන්සල  කහටරුප්ප - බදුල්ල

Website