BUDU BANA

BUDU BANA

DHARMA DANA PINESA

20/11/2020

NAMO BUDDHAYA!!!

Photos from ඒහිපස්සිකෝ - ehipassiko's post 17/11/2020

NAMO BUDDHAYA!!!
biya karu sasara

04. ​ඇත්ත ඇති සැටියෙන් දකින සිහි නුවණ | දහම් ඇස පහළ විය 12/09/2020

නමෝ බුද්ධාය!!!

04. ​ඇත්ත ඇති සැටියෙන් දකින සිහි නුවණ | දහම් ඇස පහළ විය Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka....

30) බාහිර ගින්නට කලින් අභ්‍යන්තර ගින්න නිවාගන්න | අසිරිමත් දම්සක - පටිච්චසමුප්පාද විවරණය. 12/09/2020

නමෝ බුද්ධාය!!!

30) බාහිර ගින්නට කලින් අභ්‍යන්තර ගින්න නිවාගන්න | අසිරිමත් දම්සක - පටිච්චසමුප්පාද විවරණය. Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. T...

බියකරුය මේ සසර චිත්‍රපටය | Biyakaruya Me Sasara Film 11/09/2020

නමෝ බුද්ධාය!!!

බියකරුය මේ සසර චිත්‍රපටය | Biyakaruya Me Sasara Film ''බියකරුය මේ සසර'' (Love Over) චිත්‍රපටය දැන් අන්තර්ජාලයේ.. තායිලන්තයේ DMC ආයතනය මගින් නිෂ්පාදිත 3D චිත්‍රපටයක් .....

සිහිය දියුණු කරගනිමින් අවම දින 7ක් උපරිම වසර 7කින් නිවන් දකින එකම ක්‍රමය|Galigamuwe Gnanadeepa Thero 11/09/2020

නමෝ බුද්ධාය!!!

සිහිය දියුණු කරගනිමින් අවම දින 7ක් උපරිම වසර 7කින් නිවන් දකින එකම ක්‍රමය|Galigamuwe Gnanadeepa Thero ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ සියළුම ධර්ම දේශනා ශ්‍රවණයට මෙය Click කරන්න ➡️ https://bit.ly/GaligamuweGnanadeepaThero !! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා ....

19) ලෝකයේ සෑම කල්හි ම දක්නට ඇති ධර්මතා | අසිරිමත් දම්සක - පටිච්චසමුප්පාද විවරණය. 11/09/2020

නමෝ බුද්ධාය!!!

19) ලෝකයේ සෑම කල්හි ම දක්නට ඇති ධර්මතා | අසිරිමත් දම්සක - පටිච්චසමුප්පාද විවරණය. Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. T...

23) භාග්‍යවතුන් වහන්සේගේ සුවිශේෂී අවධානය යොමු වූ පිරිස.. | අසිරිමත් දම්සක - පටිච්චසමුප්පාද විවරණ 11/09/2020

නමෝ බුද්ධාය!!!

23) භාග්‍යවතුන් වහන්සේගේ සුවිශේෂී අවධානය යොමු වූ පිරිස.. | අසිරිමත් දම්සක - පටිච්චසමුප්පාද විවරණ Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. T...

26) පංචුපාදානස්කන්ධයේ නවාතැන් ගත් සත්වයා | අසිරිමත් දම්සක - පටිච්චසමුප්පාද විවරණය. 11/09/2020

නමෝ බුද්ධාය!!!

26) පංචුපාදානස්කන්ධයේ නවාතැන් ගත් සත්වයා | අසිරිමත් දම්සක - පටිච්චසමුප්පාද විවරණය. Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. T...

11/09/2020

# මිථ්‍යා දෘෂ්ටිය #

අඳුරෙන් ආලෝකයට.....

*ශ්‍ර‍ද්ධාව ඇතිකර ගැනීමට නම්*

ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රධාන ඉගැන්වීමක්. අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි අමූලිකා ශ්‍රද්ධාව. අනෙක තමයි ආකාරවතී ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධා කියන්නේ විමසන්නේ නැතුව, හොයන්නේ බලන්නේ නැතුව, අධ්‍යයනය කරන්නේ නැතුව යමක් විශ්වාස කිරීම. ඒ විශ්වාස කරන එකට පදනමක්, මුලක් නෑ. ඒ නිසා ඒකට අමූලිකා ශ්‍රද්ධා කියලා කියනවා. මේ අමූලිකා ශ්‍රද්ධාව කෙනෙක් දියුණුවක් කරා ගෙන යන එකක් නෙවෙයි. අමූලිකා ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ලක්ෂණය තමයි, එයා කෙනෙක් ගැන පහදිනවා. ටික කාලයක් යනකොට ඒ පැහැදීම නැතිවෙලා වෙන කෙනෙක් ගැන පහදිනවා. තව ටික කාලයක් යනකොට ඒ පැහැදීමත් නැති වෙලා ඊළඟ කෙනා ගැන පහදිනවා. සමහර විට ඒ පැහැදීම පෞද්ගලික වාසි තකා වුණත් කෙරෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ අමූලිකා ශ්‍රද්ධාව අගය කළේ නෑ. උන්වහන්සේ අගය කළේ ආකාරවතී ශ්‍රද්ධාව යි.

ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු ගේ යම්කිසි තේරුම් ගත් වටහා ගැනීමක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ආකාරවතී ශ්‍රද්ධාවට එන්න කියලයි. ආකාරවතී ශ්‍රද්ධාවට පැමිණි කෙනා තුළ තියෙන විශේෂ ලක්ෂණය තමයි (සද්ධාති තථාගතස්ස බෝධිං) එයා අදහන්නෙ තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය යි. මේ ලෝකයේ පුද්ගලයන් එක එක දේවල් විශ්වාස කරනවා. එක එක දේවල් අදහනවා. නමුත් ඒ අදහන බොහෝ දේවල් වලට පදනමක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පදනම් වෙලා තියෙන්නේ උන්වහන්සේ ගේ අවබෝධයෙන් ය. ඒ අවබෝධය නැමති පදනම තුළ හිඳගෙනයි, උන්වහන්සේ ධර්ම දේශනා කළේ. ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළා ද, ඒක අවබෝධයෙන්ම යි දේශනා කළේ. භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ අවබෝධය හරි කියලා අප තුළ ඇතිවෙන පැහැදීමටයි. ඒ අදහසට ආවාහම ඒ ඔස්සේ තමයි ඊට පස්සේ එයා කල්පනා කරන්නේ.

සාමාන්‍ය මනුෂ්‍යයාට හිතන්න වත් බැරි, සාමාන්‍ය මනුෂ්‍යයන්ට නො තේරෙන, වටහා ගන්න බැරි මාතෘකා උන්වහන්සේ කතා කරලා තියෙනවා. විශ්වය ගැන, ලෝක ගැන, බුදුරජාණන් වහන්සේ සතු වූයේ අසමසම අවබෝධයක්. උන්වහන්සේ සමහර අවස්ථාවල “මහණෙනි මෙන්න මෙහෙමයි නිරය..” කියලා නිරය ගැන විස්තර කරනවා. විස්තර කරලා මහණෙනි, මේ දේවල් ශ්‍රද්ධාවට පැමිණි ශ්‍රාවකයා පිළිගන්නවා” කියලා දේශනා කරනවා. එතකොට ශ්‍රද්ධාව කියලා අදහස් කළේ භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ අවබෝධය විශ්වාස කිරීමයි. බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය විශ්වාස කරන්නේ නැති අය තමයි දිව්‍ය ලෝකයි, නිරයයි ඔක්කොම තියෙන්නේ මෙහේ කියලා කියන්නේ. ඒ අය මේ මනුෂ්‍ය ලෝකයෙ සැප විඳින මිනිස්සු දෙස බලලා “ඔන්න දිව්‍ය ලෝකය..” කියලා කියනවා. දුක් විඳින අය දිහා බලලා “ඔන්න අපාය..” කියලා කියනවා. මේ විදිහට තමන්ගේ පෞද්ගලික මත විග්‍රහ කර කරා ප්‍රමාදී වෙනවා. ඒ කෙනා අමූලිකා ශ්‍රද්ධා මුලක් නැති ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක්. මේ නිසා අපට ආකාරවතී ශ්‍රද්ධාව උපදවා ගැනීම හරි වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ කතාවක් තියෙනවානේ ප්‍රඥාව නැතුව ශ්‍රද්ධාව තිබුණොත් ඒ ශ්‍රද්ධාව මෝඩකමක් කියලා. එතැන මෝඩකම කියලා කියන්නේ ඔය අමූලිකා ශ්‍රද්ධාවට.

10/09/2020

***පෙර බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වූ සමයෙහි බොහෝ කුසල් දහම් වඩා, අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි විසාලා නුවර සිංහ සේනාපතිගේ නැගණියගේ දුව වී ‘සීහා’ උපන්නා ය. සීහාව වියපත් වූ කල, එක් දිනක බුදුරජාණන් වහන්සේ සිංහ සේනාධිපතිට දෙසූ ශ්‍රී සද්ධර්මය අසා පැහැදී, සැදැහැ සිත් ඇතිව දෙමාපියන්ගේ අවසර ගෙන පැවිදි වූවා ය.

පැවිදි ජීවිතය අහස සේ නිදහස් වූ තැනකි. සම්බාධ රහිත වු ස්ථානයකි. කාමයෙහි නිසරු බව . ගිහි ජීවිතයෙහි නිසරු බව, සංසාරයෙහි භයානකත්වය දැක ඒ උතුම් වූ නිෂ්කාමී ජීවිතයට ප්‍රවිෂ්ට වූ කල අරමුණ වන්නේ උතුම් නිවනින් සැනසීම ය. තණ්හාව දුරු කිරීම ය. සීහා තෙරණි උතුම් අරහත් ධජය දරාගෙන විවේකී ස්ථානයකට ගොස් හුදකලා ව, එකළාව විදසුන් නුවණ වඩන්නට නිරතුරු ව වීර්යවන්ත වූවා ය.

සිත නම් පුදුමුකාර ය. සංසාරයෙහි දුක්ඛිත ගමනට හේතුව සිතම ය. සීහා තෙරණිය විදසුන් වඩද්දී බැහැරින් පැමිණෙන දළ අරමුණු වලට සිත නතු වීම වළක්වා ගත නොහැකි විය. සත් වසරක් පුරා අයහපත් සිතුවිලිවලින් බාධා විඳිනු ලැබුවා ය. පෘථග්ජන සිත නිරතුරුව ම කිලිටි අකුසල සිතිවිලිවලට තෝතැන්නක් වේ. සසරේ කෙලෙස් දහම් ඉස්මතු වී පැමිණේ.

වීර්යවන්ත සිතකින් කෙලෙස් දුරු කිරීමට උත්සුක වීමේ දී දියෙන් ගොඩගත් මසකු සේ සිත මහත් වු අසහනයෙන් අපහසුවෙන් ක්‍රියා කරයි. අළුයට ගිනි අඟුරු ලෙසින් යටපත්ව තිබී කෙලෙස් දහම් ඉස්මතු වේ. ලෝභය, ද්වේෂය, මෝහය මුල් වූ අකුසල සිතිවිලි මහත් සේ වෙහෙස කරයි. ලෝභය හේතුවෙන් රූපාදී ආරම්මණයන් හි ඇලේ. එය මක්කටාලේපය මෙන් ආරම්මණය තදින් අල්ලා ගනී.

මක්කටාලේපය ලෙස හඳුන්වනුයේ වඳුරන්, රිලවුන්, ඇල්ලීම සඳහා සාදාගන්නා, ලාටුවකි. එය ගසක යම්කිසි තැනක ගල්වා තැබූ කල් හි එතැනින් යන වඳුරාගේ අතක් හෝ පයක් එහි ඇලේ. එක් අතක් ඇලුණු වඳුරා එය ගැල්වීම සඳහා අනික් අත ලාටුව මත තබයි. එය ද එහි ඇලේ. අනතුරුව අත් ගැලවීමට වීර්ය ගැනුම පිණිස එහි තබයි. අත් පා ගැලවීම සඳහා මුහුණ ළං කරයි. එය ද ඇලී වඳුරා මිනිසුන්ට හසුවේ.

මක්කටාලේපය වඳුරා තදින් අල්ලන්නාක් මෙන් මේ ‘ලෝභය’ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් තදින් අල්ලා ගනී. යම්කිසි අරමුණක ලෝභය වරක් ඇති වූ කල්හි ගංගාවක් ගලා යන්නාක් මෙන් දිගින් දිගටම නැවත නැවත ඒ ලෝභය ඇති වේ. ගංගා ප්‍රවාහය ඊට හසුවන සියල්ල සාගරය කරා ගෙන යන්නාක් මෙන් ගංගාවක් මෙන් දිගට ඇතිවන ලෝභය එයට හසුවන සත්ත්වයන් අපාය කරා ගෙන යන්නේ ය. මෙලෙස ලෝභය නමැති අකුසල සිතුවිලි නිසා සංසාරයෙහි දීර්ඝ ගමනක් යන්නෙකු බවට පත් වේ.

ද්වේෂය ද එවැනි ප්‍රබල අකුසල ධර්මයකි. වස්තුන් පිළිබඳ ව, පුද්ගලයන් පිළිබඳ ව මෙලෙස ද්වේෂ සිත් පහළ වේ. තමාට අලාභයක් හෝ අවමානයක් කළ අයෙකු සිතට අරමුණු වූ කල ඒ පුද්ගලයා හා ගැටෙන පුද්ගලයා තල්ලු කර දමන, පුද්ගලයා කෙරෙහි එල්ලෙන, පුද්ගලයාට රිදවන එක්තරා රෞද්‍ර ස්වභාවයක් සිත හා එක්ව ඇතිවන බව බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. මෙසේ වු ද්වේෂ සිත ගල්පහරක් වැදුනු සර්පයකු සේ බොහෝ බියකරු ය. රෞද්‍ර ය. එය විසක් සේ වහා ශරීරය පුරා පැතිර යයි. ගින්නක් සේ පුද්ගලයාගේ සිත, කය දවයි.

අනෙක් ප්‍රබල අකුසල ධර්මය නම් මෝහයයි. සිතින් යම් අරමුණක් ගන්නා කල්හි, ඒ අරමුණ ඇති සැටියට නිවැරැදි ලෙස දැනගත නොහැකි පරිදි ආවරණය කරණ ධර්මය මෝහය යි. මෝහයෙන් කරන ආවරණය නිසා අනිත්‍ය වු පඤ්චස්කන්ධය නිත්‍ය වූවක් සේ දකී. දුකක් වූ පඤ්චස්කන්ධය සැපයක් සේ දකී. නියම සැපය වු නිවන නපුරක් සේ දකී. නිවන් මග වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කරදරයක් සේ දකී.

මෙසේ අකුසල් සිතුවිලිවලින් බාධා කරනු ලැබීම නිසා “සීහා” මෙහෙණිය සිතේ සැනසීමක් නොලැබු වාය. මට මේ පව්කාර ජීවිතයෙන් ඇති ප්‍රයෝජනයක් නැතැයි සිතුවා ය. ගෙල වැලලා මැරෙමියි, ලණුවක් ගෙන ගසකඅත්තක බැද අනෙක් කොණ තමාගේ ගෙල වටා බඳිද්දී, පෙර කළ පුරුදු විසින් සිත භාවනාවෙහි නියැළුණි. මෙය ඇයගේ අන්තිම ආත්මභාවය විය. මද්ද ගෙලෙහි පිහිටියේ ය. එකෙණිහි ම නුවණ මුහුකුරා ගිය නිසා විදර්ශනා ප්‍රඥාව අවධි කොට සිව්පිළිසිඹියා සහිත මහ රහත් භූමියට පත්වූවා ය. සියලු දුකින් අත්මිදුණු ශ්‍රේෂ්ඨ උත්තමාවියක බවට පත් වූවා ය.

කෙලෙස් ගැට දුරුකොට විදර්ශනා නුවණින් ලෝකය දකින්නට ප්‍රඥාවකින් යුක්ත වු සීහා මහරහත් තෙරණියක ලෙස උත්තරීතර තත්ත්වයට පැමිණෙත් ම මද්ද බෙල්ලෙන් මිදී ඉවත් විය. නිවනින් නිවී සැනසුනා වූ සීහා මහරහත් තෙරණියගේ නික්ලේෂී හදවතින් නිපන් විරාගී සිතුවිලි අපූර්ව වෙති. ධෛර්යක් ඇති කිරීමට සමත් වෙති.

“දැඩි ලෙස ගත්තා වූ කාමරාගා දී ක්ලේශයන් විසින් මැඬලනු ලැබීමි. රූපාදින් කෙරෙහි සුභ වශයෙන් පැවතීමි. කාමරාගාදීයෙන් මැඩුණු සිතෙහි වසඟට පැමිණියෙමි . සිතෙහි සුළු වූ හෝ සාමයක් නොලැබුවෙමි. දමනයක් නොලැබුවෙමි. එකඟ බවක් නොලදිමි.”

“කෙලෙස් වලින් මැඩුණූ හෙයින්, මහණ සුවයක් නොලද හෙයින් රැහැන් තොණ්ඩුව ගෙන වනයට පිවිසියෙමි. නැවත හීනබවට පැමිණෙනවාට වඩා මෙහි ගෙල වැලලා මියයෑම යෙහෙකි.”

තද මද්දක් සාදා ගසක අත්තක බැඳ තොණ්ඩුව ගෙලෙහි දා ගතිමි. ඒ කෙණෙහි ම මගේ සිත කෙලෙසුන් කෙරෙන් මිදිණ.” මේ ආකාරයට පඤ්චඋපාදානස්ඛන්ධය පිළිබඳ වූ තෘෂ්ණාව දුරු කළ සිතක් ලබන්නට සීහා මහරහත් තෙරණින් වහන්සේ කෙතරම් භාග්‍යවන්ත වූවා ද?

90) ලෝක විනාසය (සත්ත සුරියුග්ගමන සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ |Asirimath Sambudu Sarana 09/09/2020

නමෝ බුද්ධාය!!!

90) ලෝක විනාසය (සත්ත සුරියුග්ගමන සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ |Asirimath Sambudu Sarana Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri La...

16) සත්‍යයට පැමිණෙන්නේ කෙසේ ද?(චංකි සූත්‍රය) | වස්සානයේ සදහම් සිසිල 09/09/2020

නමෝ බුද්ධාය!!!

16) සත්‍යයට පැමිණෙන්නේ කෙසේ ද?(චංකි සූත්‍රය) | වස්සානයේ සදහම් සිසිල Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The...

21) ලද විවේකය තමාගේ යහපත උදෙසා යොදවා ගන්නේ කෙසේ ද? | අසිරිමත් දම්සක - පටිච්චසමුප්පාද විවරණය. 09/09/2020

නමෝ බුද්ධාය!!!

21) ලද විවේකය තමාගේ යහපත උදෙසා යොදවා ගන්නේ කෙසේ ද? | අසිරිමත් දම්සක - පටිච්චසමුප්පාද විවරණය. Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. T...

08/09/2020

නමෝ බුද්ධාය!!!

08/09/2020

නමෝ බුද්ධාය!!!

පිනක් කළ කල්හි මිය ගිය නෑයන්ට හා දෙවියන්ට පමණක් නොව සකල සත්ත්වයන්ට ම ඒ පින අනුමෝදන් කරවිය යුතු ය. එසේ කිරීමේ දී යමෙක් යමෙක් අනුමෝදන් වූවාහු නම් ඔවුනට පින් ලැබේ. අනුමෝදන් වීම හෝ නො වීම අන්‍යයන් අයත් දෙයකි. පින්දීම පින් කළ තැනැත්තාට අයත් කාර්‍ය්‍යයෙකි. දෙන පින අන්‍යයන් අනුමෝදන් වෙතත් නො වෙතත් පින් දෙන තැනැත්තාට එයින් පින් දීමෙන් ලැබෙන කුශලය ලැබේ.

පින් දෙන ආකාරය

නෑයන්ට :
ඉදං වො ඤාතීනං හොතු
සුඛිතා හොන්තු ඤාතයො

දෙවියන්ට :
එත්තාවතා ච අම්හෙහි - සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දෙවානුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

සියලු සතුන්ට :
එත්තාවතා ච අම්හෙහි - සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්ති සිද්ධියා

සිංහලයෙන් කියතොත් මෙසේ කියනු.

මා විසින් (දන් දීමෙන්) අත්පත් කර ගන්නා ලද කුශලය අපගේ කාලක්‍රියා කළ ඥාතීහු අනුමෝදන් වෙත්වා, කාලක්‍රියා කළ ඥාතීන්ට මේ පින අයිති වේවා, මේ පින අනුමෝදන් වීමෙන් ඥාතීහු සුවපත් වෙත්වා.

මා විසින් (දන් දීමෙන්) අත්පත් කර ගන්නා ලද කුශලය ලෝක ශාසනාරක්ෂක දෙවියෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී අප ඇතුළු ලෝකයා මනා කොට ආරක්ෂා කෙරෙත්වා.

ලෝකයෙහි වෙසෙන සැප ඇති නැති සකල සත්ත්වයෝ අපගේ මේ පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් සැපතට පැමිණෙත්වා.

(බෞද්ධයාගේ අත්පොත - රේරුකානේ චන්දවිමල මහනාහිමි)

සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැරීමෙන් (share කිරීමෙන්) සහ ඔබගේ මිතුරන් මෙම පිටුවට එකතු කර (invite කර) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න. තෙරුවන් සරණයි!

15. ජීවිතයේ සැබෑ තතු නුවණින් දකින්නට | අයං වස්සාන කාලෝ - වස්සාන ධර්ම දේශනා 07/09/2020

නමෝ බුද්ධාය!!!

15. ජීවිතයේ සැබෑ තතු නුවණින් දකින්නට | අයං වස්සාන කාලෝ - වස්සාන ධර්ම දේශනා Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. Th...

සසර භිය දකින්න මේ බණ විතරක් හරි අහන්න - Galigamuwe Gnanadeepa Thero - Buddhism 07/09/2020

නමෝ බුද්ධාය!!!

සසර භිය දකින්න මේ බණ විතරක් හරි අහන්න - Galigamuwe Gnanadeepa Thero - Buddhism බණ අහන්න අකමැති කෙනෙකු නම් සසර භිය දකින්න මේ බණ විතරක් හරි අහන්න - Galigamuwe Gnanadeepa Thero - Buddhism

ප්‍රේත ලෝකයේ දුකසේ විඳිය යුතු කර්ම විපාක | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා උයන්දන 03 | Shraddha TV 06/09/2020

නමෝ බුද්ධාය!!!

ප්‍රේත ලෝකයේ දුකසේ විඳිය යුතු කර්ම විපාක | වස්සානයෙන් ඇරඹි ධර්ම දේශනා උයන්දන 03 | Shraddha TV Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watch...

මරණින් මතු ජීවිතය තීරණය කරන මේ ජීවිතයේ හැසිරීම? | දායකත්ව ධර්ම දේශනා 06/09/2020

නමෝ බුද්ධාය!!!

මරණින් මතු ජීවිතය තීරණය කරන මේ ජීවිතයේ හැසිරීම? | දායකත්ව ධර්ම දේශනා Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watch...

රාගය, අධර්ම රාගය, වැරැදි කාමසේවනය, සමලිංගික සේවනය, ධර්මානුකූල විග්‍රහය- Galigamuwe Gnanadeepa Thero 06/09/2020

නමෝ බුද්ධාය!!!

රාගය, අධර්ම රාගය, වැරැදි කාමසේවනය, සමලිංගික සේවනය, ධර්මානුකූල විග්‍රහය- Galigamuwe Gnanadeepa Thero ඔබ දැනගත යුතු ගින්නක් සමාන රාගය, අධර්ම රාගය, අසම්මතය. බ්‍රග්මචාරී බව. වැරැදි කාමසේවනය, සමලිංගික සේවනය, පිලිබඳ ධර්ම.....

14) නැටුම්,ගැයුම්,වැයුම් මැද ජරාවට පත්වන සත්වයා | අසිරිමත් දම්සක - පටිච්චසමුප්පාද විවරණය. 06/09/2020

නමෝ බුද්ධාය!!!

14) නැටුම්,ගැයුම්,වැයුම් මැද ජරාවට පත්වන සත්වයා | අසිරිමත් දම්සක - පටිච්චසමුප්පාද විවරණය. Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. T...

13) සිංහ නාද කරන බුදු සසුනේ ශ්‍රාවකයා | අසිරිමත් දම්සක - පටිච්චසමුප්පාද විවරණය. 06/09/2020

නමෝ බුද්ධාය!!!

13) සිංහ නාද කරන බුදු සසුනේ ශ්‍රාවකයා | අසිරිමත් දම්සක - පටිච්චසමුප්පාද විවරණය. Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. T...

Website