ආදායම් බදු විස්තර Income tax Details

ආදායම් බදු විස්තර Income tax Details

ආදායම් බදු පිළිබඳව සරල පැහැදිලි කිරී?

06/01/2024

මොකක්ද හැමෝම කතා කරන TIN?

මේ දවස් වල මිනිස්සු වැඩියෙන්ම කතා කරන කතාවක් තමයි ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන එක ගැන සහ TIN අංකය.
ටින් අංකය කියන්නෙ TAXPAYER IDENTIFICATION NUMBER එහෙමත් නැත්නම් බදු ගෙවන්නා හදුනා ගැනීමේ අංකය.
මේක ගන්න යන්න ඕන කච්චේරියටද, පෝස්ට් ඔෆිස් එකටද කියල අහන අයත් මේ බදු ගොනුවක් විවුර්ත කරන්න අර මුද්දර බදු ගෙවන්න යන පලාත් ආදායම් එකට යන අයත් නැතුවා නොවෙයි.

ඉතිං මේ බදු ගොනුවක් විවුර්ත කරගන්න යන්න ඕන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්‍යාලයකට. ඒක ප්‍රාදේශීය කාර්යාලයකින් හරි ප්‍රදාන කාර්‍යාලයෙන් හරි කරගන්න පුළුවන්.

මේ සේවාවට මුදලක් අය කරන්නෙ නෑ. හැබැයි ඔයා බදු උපදේශක කෙනෙක් හරි වෙනත් ආයතනයක් සම්බන්ධ කර ගත්තොත් එයාගෙ කාලය වෙනුවෙන් අය කිරීමක් කරයි.

TIN එක ගත්ත ගමන් බදු ගෙවන්න ඕනද?
නෑ. අවුරුද්දකට සේවා නියුක්ති ආදායම හෝ ආයෝජනයකින් ලැබුනු ආදායම හෝ ව්‍යාපාරික ලාබය ලක්ශ 12 කට වැඩි නම් තමයි ටැක්ස් ගෙවන්න වෙන්නෙ. මේවයෙ එකතුව ලක්ශ 12ට වැඩි වුනත් බදු ගෙවන්න ඕන.

තමන්ටම මේව කරගන්න බැරිද?
පුළුවන්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් ඒකෙ ඊ සේවාවන් වෙත පිවිසිල ලියාපදිංචි වෙන්න පුළුවන්.

මේ ගැන වැඩි විස්තර හොයා ගන්නෙ කොහොමද?
යූ ටියුබ් එකේ මේ ගැන සර්ච් කරා නම් අටෝ රාශියක් වීඩියෝ තීනව. දෙකක් තුනක් බැලුව නම් වැඩේ කර ගන්න තිබ්බ ලේසියෙන්ම.

මේකට යටින් මොකක් හරි ප්‍රශ්න තියෙනව නම් දාන්න. දන්න දෙයක් නම් උත්තර දෙන්න පුළුවන්

31/10/2023

VAT 18%
2024/01/01 සිට බැලපැවැත්වෙන පරිදි VAT බද්ද 18% ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
තවද, දැනට පවතින VAT නිදහස් භාන්ඩ සඳහා VAT බදු පැනවීමට ද අනුමැතිය ලැබී ඇත.

29/10/2023

ප්‍රාග්ධන ලාභ මත බදු
ප්‍රාග්ධන වත්කම් උපලබ්දි වීම මත ඇතිවන ලාභ මත 10% ක මුදලක් ගණුදෙනු දින සිට දින 30ක් ඇතුලත ගෙවීමටත් අදාළ වාර්තාව ලබා දීමත් සිදු කළ යුතුය.

ප්‍රාග්ධන ලාභ සුලභ ලෙස බලපානු ලබන්නේ ඉඩම් විකිණීම පිළිබඳව හෙයින් ඒ පිළිබඳව මෙහිදී සාකච්ඡා කරමු.

වසර තුනක් හිමිකාරීත්වය දැරූ අවම වශයෙන් වසර දෙකක් පදිංචි නිවස සහිත ඉඩම විකිණීම ප්‍රාග්ධන ලාභ මත බදු සඳහා අදාළ නොවේ.

2017/9/30 දිනට පෙර මිලට ගනු ලැබූ හෝ ලැබුනු ඉඩමක් නම් එහි පිරිවැය ලෙස සලකන්නේ 2017/9/30 දිනට ලබා ගත් තක්සේරුවක වටිනාකමයි.

ඉන් පසුව මිලට ගත්තේ නම් ගත් මිල පිරිවැය ලෙස සලකයි.

20179/30 දිනට පසු හෝ මිලට ගැනීමෙන් පසු සංවර්දනය සඳහා දරන ලද වියදම් සහ බ්‍රෝකර් ගාස්තු නීතිමය වියදම් ආදිය පිරිවැයට එකතු කළ හැකිය.

විකුණුම් මිලෙන් ඉහත පිරිවැය සහ වියදම් අඩු කළ පසු ලැබෙන ලාබයෙන් 10% ක් ප්‍රාග්ධන ලාභ මත බදු ලෙස අදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුය.

17/09/2023

තනි පුද්ගල ආදායම් බදු 2022/2023

බදු නිදහස් දීමනාව
දෙසැම්බර් 31 අවසන් මාස නවය සඳහා - 2,250,000/=
ජනවාරි සිට මාර්තු දක්වා වන මාස තුන සඳහා - 300,000/=
එකතුව - 2,550,000/=

15/09/2023

2022/2023 තක්සේරු වර්ශය සඳහා ආදායම් වාර්තාව, උපලේඛන සහ උපදෙස් පත්‍රිකාව පහත ලින්ක් භාවිතා කරන්න

තනි පුද්ගල වාර්තාවhttp://www.ird.gov.lk/si/Downloads/IT_Individuals_Doc/Asmt_IIT_001_2022_2023_S.pdf

තනි පුද්ගල උපලේඛනhttp://www.ird.gov.lk/si/Downloads/IT_Individuals_Doc/Asmt_IIT_002_2022_2023_S.pdf

තනි පුද්ගල වත්කම් බැරකම් ප්‍රකාශයhttp://www.ird.gov.lk/si/Downloads/IT_Individuals_Doc/Asmt_IIT_003_2022_2023_S.pdf

උපදෙස් පත්‍රිකාව - තනි පුද්ගලhttp://www.ird.gov.lk/si/Downloads/IT_Individuals_Doc/Asmt_IIT_004_2022_2023_S.pdf

www.ird.gov.lk

Photos from ආදායම් බදු විස්තර Income tax Details's post 31/05/2022

වහාම ක්‍රියාත්මක වන පරිදි (2022/6/1) එකතු කළ අගය මත බද්ද(වැට් බද්ද) 8% සිට 12% දක්වා ඉහළ දමා ඇත.

තවද, විදුලි සංදේශ බද්ද ද 11.25% සිට 15% දක්වා ඉහළ දමා ඇත.

තවද 2022 ඔක්තෝබර් මාසයේ සිට
පුද්ගල ආදායම් බදු සහනය මිලියන 3 සිට මිලියන 1.8 දක්වා අඩු කිරීමටත්, බදු කාන්ඩ මත පරතරය මිලියන 3 සිට මිලියන 1.2 දක්වා අඩු කිරීමටත් බදු අනුපාත 4% සිට 32 දක්වා පැනවීමටත් යෝජිතයි.

ඉහත යෝජනා සහ තවත් යෝජනා සඳහා මේ සමඟ ඇති ඇමුනුම පිරික්සන්න.

25/11/2021
Photos from ආදායම් බදු විස්තර Income tax Details's post 14/07/2021

යම් පුද්ගලයකු විසින් හෙලිදරවු කරනු නොලැබූ යම් වත්කම් හෝ ආදායම් තිබේ නම් ඒවා ස්වේච්චාවෙන් හෙලිදරවු කිරීමට අවසර දීමට රජය කටයුතු කොට ඇත.
ඊට අදාල නීති සහිත පනත් කෙටුම්පත රජය විසින් නිකුත් කොට ඇත.

26/02/2021

2019/2020 තක්සේරු වර්ශය සඳහා ආදායම් වාර්තාව භාර දීම සඳහා අවසාන දිනය 2021/02/28 වන ඉරිදා දිනයයි. එ සඳහා කාර්යාල සෙනසුරාදා සහ ඉරිදා දිනවල විවුර්තව පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

18/09/2020

එකතු කළ අගය මත බද්ද (එ. අ. බ.)
2020 අගෝස්තු මාසය සඳහා එකතු කළ අගය මත බදු ගෙවීමට ඇති අවසාන දිනය
2020 සැප්තැම්බර් 20
ගෙවීම් කාල කේතය - 20320

07/09/2020

COVID 19 ආදායම් බදු නොගෙවා සිටීමට හේතුවක් නොවේ. නියමිත පරිදි බදු ගෙවීම් සිදු කරන්න.

27/08/2020

2020/08/26 දින අමාත්‍ය මණ්ඩල තීරන අනූව ආර්තික සේව ගාස්තු, ජාතිය ගොඩ නැගීමේ බදු, දේශීය ආදායම් බදු පනත සහ එකතු කළ අගය මත බදු පනත සංශෝධනය වීමට නියමිතයි.

14/08/2020

2020/2021 සඳහා වන පළමු කාර්තු ගෙවීම කළ යුතු දිනය වන්නේ අගෝස්තු මස 15 වන දිනයයි.
දෙවන කාර්තුව නොවැම්බර් 15 හෝ ඊට පෙර, තෙවන කාර්තුව සඳහා 2021/2/15 හෝ ඊට පෙරත්, අවසාන කාර්තුව සඳහා 2021 මැයි 15 හෝ ඊට පෙරත් ගෙවීම් කළ යුතුය.
(2020 ජනවාරි සිට පුද්ගලික ආදායම් බදු සහනය රුපියල් මිලියන තුනකි)

20/05/2020

වාර්තා බාරදිය යුතු දිනයන් තවදුරටත් දීර්ඝ කිරීම පිලිබඳව වූ නිවේදනය
http://www.ird.gov.lk/si/Lists/Latest%20News%20and%20Notices/Attachments/260/CMN19052020_S.pdf

www.ird.gov.lk

30/11/2019

2018/2019 බදු වාර්තා ලබා දීමට තිබූ අවසාන දිනය 2019/12/02 දින දක්වා දීර්ඝ කොට ඇත.

29/11/2019

2018/2019 මූල්ය වර්ෂයේ බදු වාර්තා ලබා දීම සඳහා නොවැම්බර් 30 සෙනසුරාදා දිනයේ ආදායම් බදු කාර්යාලයන් විවෘතව පවතී..

29/11/2019

As instructed by the Ministry of Finance, new tax proposals made for Income Tax
and approved by the Cabinet of Ministers, will be implemented subject to formal
amendments to relevant legislation.
1) Income from Agriculture, Fisheries and Livestock shall be exempted from
income tax, with effect from the year of Assessment 2019/2020.
2) Income Tax Rate applicable on construction industry shall be reduced from
28% to 14%, with effect from the year of Assessment 2019/2020.
3) Religious institutions shall fully be exempted from income tax, with effect from
December 01, 2019.
4) Tax free threshold of the employment income of all public and private sector
employees for the purpose of the Pay-As-You-Earn (PAYEE) shall be
increased from Rs. 100,000 to Rs. 250,000 per month and the excessive
personal income shall be liable for income tax at the progressive rate of 06%,
12% and 18% for each tax slab of Rs. 250,000, with effect from January 01,
2020.
5) Interest income up to Rs. 250,000 per month shall be exempted from the
Withholding Tax (WHT), with effect from January 01, 2020.
6) Income of an individual up to Rs. 3,000,000 per annum from any source of
income shall be exempted from income tax and the excess income to that
amount shall be liable for income tax at the progressive rates of 06%, 12% and
18% for each tax slab of Rs. 250,000, with effect from January 01, 2020.
7) Income earned from the supply of services for the receipt of foreign currency
shall be exempted from income tax, with effect from December 01, 2019.
8) Income from the Information Technology and enabling services shall be
exempted from all taxes, with effect from the year of Assessment 2019/2020.

19/10/2019

NBT Return_ 2019/10/25 දක්වා දීර්ඝ කොට ඇත.

ජාතිය ගොඩනැගීමේ බදු වාර්තාව 2019 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා....
2019/9/30 දිනෙන් අවසන් කර්තුව සඳහා ජාතිය ගොඩනැගීමේ බදු වාර්තාව භාර දීමට නියමිත දිනය වූයේ 2019 ඔක්තෝබර් 20 දින වූ නමුත්, එම දිනය ඔක්තෝබර් 25 වන දින දක්වා දින 5 කින් දීර්ඝ කොට ඇත.‍
http://www.ird.gov.lk/si/Lists/Latest%20News%20and%20Notices/Attachments/174/NBT18102019_S.pdf

www.ird.gov.lk

13/10/2019

VAT_එකතු කළ අගය මත බද්ද. (සරල පැහැදිලි කිරීම්)

විකුණුම් සඳහා වන VAT බද්දෙන්, ගැනුම් සඳහා වන VAT බදු ප්‍රමානය අඩු කොට ඉතිරිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවීම් කළ යුතුය. මාසයේ පළමු දින 15 සඳහා VAT බද්ද 30 වන දිනට පෙර ගෙවිය යුතු අතර අවසාන දින 15 සඳහා වන VAT බද්ද ඊළඟ මාසයේ 15 වන දිනට පෙර ගෙවිය යුතුයි. බදු වාර්තාව කාර්තුවකට පසුව එළැඹෙන මාසයේ 30 වන දිනට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර දිය යුතුය.
ඔබ චෙක්පත් මගින් ගෙවීම් කරන්නේ නම් ගෙවිය යුතු අවසාන දිනයට පෙර නිශ්කාශනය වන ලෙස ගෙවීම් කරන්න.
බදු අයකළ හැකි ක්‍රියාකාරකමක් කරගෙන යන සෑම තැනැත්තෙකුම ඔහුගේ බදු අයකළ හැකි භාණ්ඩ හා සේවා සැපයුම​ කාර්තුවකට රු. ලක්ෂ 30 ඉක්මවා ඇත්නම් හෝ,වර්ෂයකට රු. ලක්ෂ 120 ක් ඉක්මවා ඇත්නම් ඔහු VAT බදු ගෙවීමට යටත් වේ. තොග හා සිල්ලර වෙළෙඳාම සඳහා මෙම ප්‍රමානය කාර්තුවකට රු. ලක්ෂ 125 ක් හෝ වසරකට ලක්ෂ 500 ලෙස වෙනස් වේ.
වාර්තාව සමග අදාළ උපලේඛනයන්ද ලබාදිය යුතු අතර එම උපලේඛන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි මෘදුකාංගයක් භාවිතයෙන් නිවැරදි බවට තහවුරු කරගෙන තිබිය යුතු වෙයි.

20/09/2019

2018/2019 තක්සේරු වර්ශය සඳහා ගෙවිය යුතු සියළු ආදායම් බදු 2019/09/30 දින හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතුයි. එසේ ගෙවීමට අපොහොසත් වන සියළු බදු ගෙවන්නන් හට දඩ සහ පොලී පනවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

07/08/2019

ඇස්තමේන්තුගත ගෙවිය යුතු ආදායම් ප්‍රකාශය / Statement of Estimated Income Tax Payable

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනූව ආදායම් බදු සඳහා ලියාපදිංචි වූ සෑම පුද්ගලයකු විසින්ම ඇස්තමේන්තුගත ගෙවිය යුතු ආදායම් ප්‍රකාශය (Statement of Estimated Income Tax Payable/SET ආකෘති පත්‍රය) සම්පූර්ණ කොට අදාළ මූල්‍ය වර්ශයේ අගෝස්තු මස 15 වන දිනට පෙර දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට ලබා දිය යුතුය.
අදාල තක්සේරු වර්ෂයේ ලැබෙන ආදායම තක්සේරු කොට ඊට අදාල ආදායම් බද්ද ගනනය කොට වාරික 4 කින් ගෙවීම් කළ යුතුය.
යම් අවස්ථාවකදී පළමුව ඉදිරිපත් කරනු ලැබූ ප්‍රකාශයේ ඇස්තමේන්තු ගත ආදායම වෙනස් වන්නේ යයි ඔබට පෙනී යන්නේ නම් සංශෝධනය කරනු ලැබූ ප්‍රකාශයක් ඉදිරිපත් කොට ඒ අනූව ගෙවීම් කිරීම් සිදු කිරීමට ද විදිවිදාන සලසා ඇත.

යම් හෙයකින් මෙම ආදායම් ප්‍රකාශය ඉදිරිපත් නොකලේ නම් රු. 10,000 සිට 400,000 දක්වා දඩ අයකිරීම කොමසාරිස් වරයාට හැකියාවක් පවතී.

අදාළ බදු වාරික අගෝස්තු 15 (19201), නොවැම්බර් 15(19202), පෙබරවාරි 15(19203) සහ මැයි 15(19204) යන දිනයන්ට පෙර පිලිවෙලින් අදාල කාලපරිච්චේද අංක භාවිතා කරමින් ගෙවිය යුතුය.

තැපෑලෙන් හෝ අතින් භාර දීම කළ හැකි අතර තැපැල් ලිපිනය වන්නේ කොමසාරිස්, මධයම දත්ත කළමණාකරන අංශය,
දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත, කොළඔ 02.

Website