HEVA

HEVA

Lyricist | Rapper

27/12/2023

බස්සන්නම් හිරටම, බස්නාහිරටම

17/12/2023

11/12/2023

කවි වස් වදී මේක පශ්චාත් යුද සමයක්
තැති ගැස්මකි මගේ හැකියාව තොට පරයා
මාව අනුකරණය උඩ හේතුවේ ඵලයක්
ලූලා නැහැ වලේ තවත් විකාරයක් වේ කනයත්

2024 Album

Xyren HEVA Hiroo

01/12/2023

“මාව දැන් කොටු වෙලා
මුන්ට ඕන බර දේවල් කියව ගන්න මගෙන්
සිහසුනේ පාඩුවේ ඉන්න දීපන්
මට දැන් ඕනේ මිදී යන්න ගතෙන්”

25/11/2023

කලාව හා සාහිත්‍යය යනු මිනිසාට හිතකර මත්ද්‍රව්‍යයකි.

29/10/2023

ඉන්න දෙන්නෑ හිත
කැලැත්තෙන්නෙ පිත
හාවා නෙමේ හේවා
කැරට් එපා අපිට

මේ දූපතෙන් එපිට
ලෝකයක් තොපිට
පෙන්නන්නම් කියා
උන් කවන්නේ ටොපිද

අර්ථ ශාස්ත්‍ර උබ තියා ගනින් කෞටිල්ය
අපි අව් කාෂ්ටකේ එන්නෙපා පව් දෙන්න
පන්ති ගාස්තුව මාටි සාක්කුව
පොඩි කාලෙමයි දෙපිට කාට්ටුව

බත් පිඩ ගත් කට තක්කෙට දක්කන්න
ඉරක්ද කොම්බුව දිරච්ච ලක් හඬ
මං පිට සක්වල දොරෙන් එයි තුන්ඩුව
අත ලඟ චන්දේ මොකක්ද ගුන්ඩුව

අපි නැති බැරි උන් තරමක්
ඒත් ඇති හැකි උන් අරහන් නෑ
එන්නේ ඝන රැලි හරවන්
ඇත්ත ඇති සැටියෙන් වරහන් නෑ

පොඩ්ඩෝ මාළු මන්න අතේ ගහන්නේ පොළු
මේවා බෙන්තර ගගෙන් එහා ආව ඔළු
අත පාන කොලු අපි තනි කළු
ඒක හින්දා කරන්න බෑ අත කොළු

පතුල් යටි වැලි පෑගෙන කරිජ්ජ
පටු නැති හිස් මල් වැනි පවිත්‍ර
අටු කඩා පුටු එතුමන් හරිද
වාදේ ධන පිටු දැකුමන් හරිද

Hiroo Kavindu Asintha(Ambaka)

Photos from HEVA's post 29/10/2023

The subtle art of not giving a ****

29/10/2023

Eddie ✨

08/10/2023

Manasick ඔයා මුල් ගල මං කපන්නේ ගෙපැල
බලන් බටහිරින් හේවා Hiroo පායපු දෙපල !

04/10/2023

න්‍යායචාර්ය කටින් ඕෂෝ
සෙරෙප්පුවෙන් කරයි කෝචෝක්
කියවන්නේ Montesquieu, Rousseau
කලු ලෑල්ල එතනමයි කෝ Chalk

#සමුඅරල

12/09/2023

කවුද විරසක මං ගනිද්දි සියතට
අතින් අත ගියත් ඔටුන්න හිමි මේ සිරසට

Hiroo

11/09/2023

Album Alert 💸

Hiroo

10/09/2023

Opinion කර තියන් කීපදෙනෙක් මං ගාව
හිරූ ඕනෙද බං අපිට අනුකම්පාව ?

Hiroo

HEVA - YouTube 06/08/2023

Subscribe to my YouTube ✊🏻
https://youtube.com/

HEVA - YouTube 'Heva' is a song writer and a rapper who is clear and unbiased in his expressions. Political, social and economic realities are the essence of most of his cr...

HEVA - Le Waki (feat. HIROO) (Official Lyric Video) 2023 - Sri Lanka 06/08/2023

https://youtu.be/_OENohNJIpY

HEVA - Le Waki (feat. HIROO) (Official Lyric Video) 2023 - Sri Lanka "Le Waki" available on all streaming platformshttps://ffm.to/azzew0pwritten & performed by - HEVA produced, mixed & m...

06/08/2023

Le Waki
Prod. By Hiroo

Youtube : https://youtu.be/_OENohNJIpY
Stream & Download : https://distrokid.com/hyperfollow/heva1/le-waki-feat-hiroo

Sadukara by Heva 30/07/2023

https://distrokid.com/hyperfollow/heva1/sadukara
"Sadukara" is available on all streaming platforms.

Sadukara by Heva Stream and Save Sadukara - Distributed by DistroKid

HEVA - Sadukara (Prod. HIROO) (Official Music Video) 2022 - Sri Lanka 30/07/2023

HEVA- Sadukara | Prod. By Hiroo
https://youtu.be/2RZgnrIjack

Share and Show some love 🤍

HEVA - Sadukara (Prod. HIROO) (Official Music Video) 2022 - Sri Lanka Heva - Official Youtube Channelhttps://www.youtube.com/channel/UCqiRqkyGOqw41CWTSyj9VlAHEVA - Sadukara (Prod. HIROO) (Official Mu...

30/07/2023

SADUKARA

Youtube : https://youtu.be/2RZgnrIjack
Stream & download : https://distrokid.com/hyperfollow/heva1/sadukara

Artist : HEVA
Produced, mixed & mastered by : Hiroo
Artwork by : KAIGA graphic

Lyrics :
තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑ

මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා

ඉදිමුනොතින් හිස ඉක්මවා ධාරිතාව
ගමනාන්තය අසීරු වේ දිවි චාරිකාව
කෙසේ තීරණ ගන්නෙ ඒ දුර තාරකාව
තමාට තමා විතරයි වැදගත්ම කාරණාව

හිතා මතාම සිනාසේ හංඟා වේදනාව
කවන්දයන් අතරින් ගැලවෙයි අවබෝධෙන් මාව
මත ගැටීම් බිඳ වැටීම් අතරින් අනේක වාද
මා තුල දොංකාර දේ පිස්සෙකුගේ විලාප නාද

පාද පත්ම වඳින්න නගියි හති දමාන
ගෞතම තොපෙන් ඉල්ලුවේ නැහැ යකෝ සාදුකාර
හීන ගැට ගැහුවා ගහකට බාර හාර
ඇති දාපන් වෙර එලි වෙනකන් නෑ ප්‍රාතිහාර

කතිකාව පෙරලන්න ක්‍රමේ ඇතුලෙන්ම
වේදිකාව තනා මං හමාරයි හෙමින් නැග ගන්න
පීරි ගා මල මොලේ කබල හිස් මතු වෙන්න
ලඟින් ගියත් ඇති මෙි වදන් කන රතු වෙන්න

තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑ

මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා

ලිව්වෙ දකුණෙන් මං චින්තනේ වමත්
ඔය 13 සමත් උන් වත් තේරුම් ගනින් යමක්
ඇයි වදයක් වෙන්නෙ නවකයෙක්ට සරසවියත්
මොනා ගත්තත් ඉගෙන තොපි ජීවිතේ අසමත්

ප්‍රතිමාව රැක්කා ප්‍රතිපදාව නැතත්
හැමදාම යැද්දා දෑහට නොදැක්කත්
තාම පැත්තක් ගන්නෙ මෝඩ හැත්තක්
පිරිමැද්දා මොල
අකුරක් ගානේ කිව්වේ මං ඇත්තක්

කියපන් ගුරු ගීතේ මුන්ට අල්තීනායි
ප්‍රශ්නෙ අද අපෙ මාර සංකීර්ණයි
කොපමණ ඉහිරුනත් බිම රුහිරු
බෑ වෙනස් වෙන්න ක්‍රමේකට නුහුරු

ලිව්වා මදි තියනවා අදහස් අනන්තයක්
දැන්වත් අහපන් කීදේ මාක්ස්වාදී පිරිස
පිට කරන්නේ මම ධන තරංගයක්
දැම්මා රැප් අහන්න මං වහපන් පිරිත

තාල දැමු වදන් කුරුටු ගෑ
යටි පෙල කියව ගන්න මුන්ට පුරුදු නෑ
ඉවත් කරන් හිසෙන් පිලුනු දෑ
වපුරන්නෙ තැන මිථ්‍යාව උදලු ගෑ

මලත් මං වැපුරූ මත ජීවත් වෙයි සදා
යන්නෙ ගමනක් දුර කාටවත් අත නොපා
හඳ එලියයි වලාකුලෙන් මිදුණු දා
රහ වෙන්නෙ මිනිස්සු හැදුවොතින් හැඳි නොගා

29/07/2023

“වගකීමක් දැන් වචන ගැලපීමත් කාලය
හරස් වෙද්දි මගේ මොලෙන් බාගයක් හමාරය”

#ලියනගමන්

Photos from HEVA's post 16/07/2023

“I’m a man of few words, but each one carries weight.”

14/07/2023

“Sirimath”
This is the beginning bro!
Hiroo

Photos from HEVA's post 10/07/2023

“හිස ගිනි ගත්තත් පිටතින් මං සාමකාමි”

29/06/2023

HEVA - Dura Gamanak | Prod. By Hiroo

Watch full video -https://youtu.be/nmXEGDR4_B0

11/05/2023

මේ හඬ ගම් දනව් සිසාරා..

13/04/2023

සුඛ න වසරක් වේවා!

10/04/2023

HEVA x Hiroo
https://youtube.com/

HEVA - Dawasa (feat. HIROO) Official Music Video 30/03/2023

Heva - Dawasa ft. Hiroo
https://youtu.be/YE4w4sViq9U

බෑ මට සෑහෙන්න
බෑ මට සෑහෙන්න
බෑ මට
දෙන්නෑ කාටත් නැසෙන්න
දෙන්නෑ වැටෙන්න මනස
නෑ මට තැවෙන්න
නෑ මට තැවෙන්න
දේ තව
දෙන්නෑ තාමත් මැරෙන්න දෙන්නෑ ගෙවෙන්න දවස//

වෙන් කරාට පව පිනෙන් වගේ හංසයා කිරි දියෙන්
වෙනස් විය යුතුයි ආකල්ප ගොඩක් උන් අඩ සිහියෙන්
ත්‍රීරෝද රථයකින් මරු පලා යාවි මට බියෙන්
මිලදී ගත්තා මං බිම් කඩක් දෙවියන්ගෙ අඩවියෙන්

හොඳින් පිරික්සපන් මගෙ ඉවසීමේ ගුණෙත්
හේවා නෙමේ පිස්⁣සෙක් කතා කලේ උඩ පේලි තුනෙන්
මට පිහියෙන් අනියි වගෙ මේ කාලීන සිදුවීම්
මේ වෑයම නැගිට්ටවන්න වචනෙන් හෝ දිරි දී

බෑ මට සෑහෙන්න බෑ මුං දුකින් ඉද්දි මිරිකී
නෑ මට තැවෙන්න හේතු දේ ගැන මං කල කී
නා නා විද හැල හැප්පීම් ආවා මැදින් පෙරදී
කාටත් නොදැනෙන් පීඩනෙන් මං ඉන්නේ තෙරපී

වෘත්තීයමය ඝාතන හානි දේපල බුද්ධිමය
රක්ත වර්ණ ක්ෂිතිජය දිහා බලන් ඉද්දිමය
ප්‍රේමනීයයිද ගෙල කපා ගලද්දි රුධිරය
වේදනීයයි තමයි බැදීම් කල් යද්දි කෘතිමය

බෑ මට සෑහෙන්න
බෑ මට සෑහෙන්න
බෑ මට
දෙන්නෑ කාටත් නැසෙන්න
දෙන්නෑ වැටෙන්න මනස
නෑ මට තැවෙන්න
නෑ මට තැවෙන්න
දේ තව
දෙන්නෑ තාමත් මැරෙන්න දෙන්නෑ ගෙවෙන්න දවස//

තෝරගන්න වී මරණය නැත්නම් ජීවත් වීම
පැරදුනත් කෙලින් නින්දිතයි තරඟෙන් ඉවත් වීම
කවියක් ලිවීම හුරු කරාවි මට මිනිහෙක් වීම
බෙරිහන් දීමට පිළියම් යොදා කලේ මං ඇත්ත කීම

අකපේය අධිවේග ගමන් හෙමින් අගනේය
හිරු මුන්ට බර වැඩි අපේ වචනේය
මට පේන මෘත දේහ එක්ක මොන මතභේද
වට මේස උපදේස එක්ක නොම පැටලේය
ඉබ්බාගාතේ ඇවිද්දා බේරේ ලේ කට කොනෙන්
පත පොතෙන් උගත් දෑ හුඟක් මට නෑ වැඩක් ඕකෙන්
මේවා හේවා ගෙ. නෙමෙයි ෆිදෙල් කැස්ත්‍රො ගෙ
ටූපක් බලන් මා දෙස හැරවූ ඇස් තොගේ

තව මොලේට එකක් හොයපු උන්ට ආ මෙන්න
මාව බිමින් තියපන් ආස නෑ පා වෙන්න
මට ඕන දේට අවසර ගන්නේ කාගෙන්ද
ආසයි ජීවත් වෙන්න මං හේතු තිබ්බත් එපා වෙන්න

බෑ මට සෑහෙන්න
බෑ මට සෑහෙන්න
බෑ මට
දෙන්නෑ කාටත් නැසෙන්න
දෙන්නෑ වැටෙන්න මනස
නෑ මට තැවෙන්න
නෑ මට තැවෙන්න
දේ තව
දෙන්නෑ තාමත් මැරෙන්න දෙන්නෑ ගෙවෙන්න දවස

HEVA - Dawasa (feat. HIROO) Official Music Video Subscribe HEVA official youtube channel- https://www.youtube.com/channel/UCqiRqkyGOqw41CWTSyj9VlAHEVA - Dawasa (feat. HIROO) (Offic...

HEVA - Dawasa (feat. HIROO) Official Music Video 22/03/2023

හෙට 'දවස' අහන්න!

HEVA - Dawasa (feat. HIROO) Official Music Video Subscribe HEVA official youtube channel- https://www.youtube.com/channel/UCqiRqkyGOqw41CWTSyj9VlAHEVA - Dawasa (feat. HIROO) (Offic...

22/03/2023

"දවස" (24th)
https://youtube.com/

19/03/2023

Hiroo on fire ✊🔥

www.youtube.com

10/03/2023

පද්ධතියෙන් බාහිරයි ලෙඩ නැති උන්ට මේවා රස කැවිලි
කසාදෙ කටු ගාපන් ගැලපෙන්නෑ ඔය කටු බැල්ලි
නොමේරු කළල ජම්බු ගහෙන් බිම උන්ටමයි පත හෑලි
ඉරිසියයි උන්ට මං ගැන මට උන් ගැන හේතුව මගෙ පද පේලි

09/03/2023

ඒකාධිපතිවාදය අජීර්ණය වෙද්දි වම ගැහුවා අමුඩයක් එතකොට හැත්ත එක
කේක් නැත්නම් පාන් ලේ එක්ක පොඟවන් කාපන් උන් දැකපු ඇත්ත ඒක

මගේ අවශේෂ විප්ලවීය ජාන තාම (න)ලියනවා!!

08/03/2023

මිලියනේ නැති පොඩි පිරිසක්
සවන් දේවි මගේ හිස ගිනිගත්
https://youtube.com/

Videos (show all)

ඉන්න දෙන්නෑ හිතකැලැත්තෙන්නෙ පිතහාවා නෙමේ හේවාකැරට් එපා අපිටමේ දූපතෙන් එපිටලෝකයක් තොපිටපෙන්නන්නම් කියාඋන් කවන්නේ ටොපිදඅර්...
Eddie ✨
කවුද විරසක මං ගනිද්දි සියතටඅතින් අත ගියත් ඔටුන්න හිමි මේ සිරසට#heva Hiroo
Album Alert 💸Hiroo #heva
“Sirimath”This is the beginning bro!#heva #sirimath Hiroo
HEVA - Dura Gamanak | Prod. By HirooWatch full video -https://youtu.be/nmXEGDR4_B0#heva #hiroo #duragamanak
"මාව දිලිසෙනකන් පිහදනපිරිසට දෙමි ස්තූති පුද කර"#heva Zane98beats
Heva x Hiroo - "අවාරෙට"කවද්ද ඕනෑ ?#Heva #Hiroo #Awareta #upcoming