Aluth Rasak

Aluth Rasak

Welcome to Aluth Rasak Official page Please Like & Join with our family😍.. Love you all?

Photos from Aluth Rasak's post 25/06/2021

ආලංගා 🍃

බොහෝ දෙනෙක් දැකලාවත් නැති පැරණි රජවරුන්ගේ රාජ භෝජනයට නැතුවම බැරි වූ දේශීය එලවළු වර්ගයක් තමයි "ආලංගා" කියන්නේ.

බෝංචි කුලයට අයත් ආලංගා දම් පැහැති මලක් හට ගන්නා වැල් වර්ගයකි.

වර්තමානයේ වඳවී යන ඉතා දුර්ලභ ඝනයේ එලවළු වර්ගයක් වන ආලංගා ප්‍රෝටීන් වලින් අනූන පිලිකා නාශකයක් බව පාරම්පරික ආයුර්වේද පොත පතේ සඳහන්.

ආලංගා ව්‍යංජනය 🍲

අවශ්‍ය වන්නේ,

🔖 ආලංගා කරල් (කරලේ පැත්තක ඇති මලක් වැනි කොටස කපා ඉවත් කර බෝංචි කපන ප්‍රමාණයට කෑලි කපා ගන්න)
🔖 ලියාගත් සුදු ලූණු, අමු මිරිස්, කොච්චි, රතු ලූණු, කරපිංචා හා තක්කාලි
🔖 උකු පොල්කිරි කෝප්පයක්
🔖 කහ, තුනපහ කුඩු හා මිරිස් කුඩු ස්වල්පය බැගින්
🔖 අබ ටිකක්
🔖 පදමට ලුනු

හදන්නේ මෙහෙමයි,

🔖 මුලින්ම භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දාලා රත් වෙනකොට අබ පුපුරුවා ගන්න.

🔖 එයට ලියාගත් ද්‍රව්‍ය ටික දාලා ටික වෙලාවක් හොඳින් තෙම්පරාදු කර ගන්න. ඒ ගමන් තක්කාලි කෑලි ටිකත් හැන්දකින් පොඩි කරන්න.

🔖 දැන් ආලංගා කැබලි, තුනපහ වර්ග ටික හා පොල්කිරි එකතු කර පදමට ලුනු දමා කිරි ටික හිඳෙනකම් මද ගින්දරේ පිස ගන්න.

හරිම රසවත් 👌
~තිලා~

19/06/2021

කෙසෙල් / පොල් කිරි .

කාලා තියනවද 😃😃

අපෙන් ගිලිහි යන ඉතාම රසවත් කෑමක්. අපි පොඩි කාලේ නම් නිතර ගෙදර හැදුන දෙයක්.තරමක ලොකු කෝලිකුට්ටු කෙසෙල් ගෙදරට ගෙනාව හැම දවසකම අපට මේ රසවත් කෑම කන්න ලැබෙනවා.
පොල් කිරි වලට සීනි. ලුණු කලවම් කර කෙසෙල් සහ සුදු බත් සමඟ තමා කන්නේ.

මේ මගේ අතීත රස මතක.ඔයාලත් හදලා රස බලන්න.කැකුළු බත් තමා මේ සදහා හොඳම වඩාත්ම ගැලපෙන්නේ.

අන්තර්ජාලයෙන් මේ සම්බන්ධව ගත්ත තොරතුරු ටිකකුත් පහලින් දාන්නම්.ඔයාලගේ දැන ගැණීමට.

රජරට ප්‍රදේශයේ බොහෝ උසස්කොට සලකන්නකි.
එදා පිරිත් ගෙදරක මේවා වැරදුනේ නැත. ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙක්ට හදාගන්න පුලුවන් බොහොම සරල දෙයක්. පොල්කිරි මිරිකාගෙන සීනියි ලුනුයි දාලා ඒකට කෙසෙල් ගෙඩියක් දෙකක් දමා පොඩි කරගන්න. නිකම්ම දියවෙනවා. එහෙම හදපු කෙසෙල් කිරි එක කැකුළු හාලෙ බත එක්ක තමයි රසම.
සමහර පලාත් වල පොල් කිරි එක මේසෙට අරිනවා කෙසෙල් වෙනම තියලා. කොහොමත් රස තව වැඩි වෙන්නෙ මුංකැවුමකුත් එකටම පොඩි කරගත්තාමයි. මේවා සරල නමුත් දැන් වියැකෙන ප්‍රකට කෑම...... හදලා රසබලන්න.

Edit.... ගැස්ට්‍රයිටිස් රෝගයට ඉතා සුදුසුය.
සුවදෙල් කෙසෙල නම් වඩාත් රසයි.
උෂ්ණ කාල වලට දාහය නිවන්න බොහෝ ගුණ දායකයි.

එදා ගැමි ගෙදර අමුත්තෙකුට පිදෙන විශේෂ සංග්‍රහයකි.
කයියක කෑම අවසන මෙය පිදේ නම්, සහභාගිවූවන්ට කෙරෙන විශේෂ ගරුකිරීමක්ව සලකයි.

© රේශානි ජයවර්ධන.

Photos from Aluth Rasak's post 19/06/2021

ගමේ විදියට මගේ පවුලේ අයට පිළිගැන් වූ උදෑසන ගැමි ආහාර වේල..

✔️ Indian Style Chicken Curry | Quick & Easy Chicken Curry Recipe by Aluth Rasak Menu 10/06/2021

වීඩියෝව 👉 https://youtu.be/kOIZINej_Uo

✔️ Indian Style Chicken Curry | Quick & Easy Chicken Curry Recipe by Aluth Rasak Menu &EasyRecipe Indian Style Chicken Curry at home !! This will help you to understand ways of making ...

Photos from Aluth Rasak's post 07/06/2021

Lovely Srilankan Food

07/06/2021

ආප්ප කන්න ආස අය Like එකක් දාන්න

05/06/2021

විනාඩි 10 කින් සුපිරි උදේ කෑමක් 👉 https://youtu.be/NDn_J005eQU

02/06/2021

වීඩියෝව 👉 https://youtu.be/_evP6IV21l0

30/05/2021

වීඩියෝව 👉 https://youtu.be/i8gClRc8OTA