Ravi2U
Hello, I'm a songwriter. This is the collection of my lyrics.
“උරමු ද?“
ඉතින් දිග විරාමයකින් පස්සෙ ආවෙ.
මා ලියන පදවැල් අතරෙ ලස්සන කතා සැඟවිලා තියෙනවා. මේ අතරින් එක් නොකී කතාවක් මන් ඔබට කියන්නම්.
“මීදුම් සළුවෙන් දෑස වසාගෙන
වා නළ තුළ මා තාර දමන සඳ
පිඹුරු කඳට හසු වූ සුසුමන් පොද
කෙඳිරිය නඟමින් නිහඬ වුණා මිස“
මේ ගීතයට නිමිත්ත වුනේ දුම් පානය කරන අයෙක්. ඉතින් දුම් වැටිය තුළින් ලබන ආශ්වාදය නිසා මෙයා “මීදුම් සළුවෙන් දෑස වසාගෙන“ එයාගෙ “වා නළ“ ඇතුලෙ එයා ම තාර පුරවා ගන්නවා. ඉතින් සිගරට් දුමේ අඩංගු නිකොටින්, තාර, ආසනික් වගේ දේවල් එයාටත් නොදැනීම පිඹුරෙක් වගේ එයාව වෙලා ගෙන, කාලයක් තිස්සෙ හෙමි හෙමින් එයාව මරලා දානවා.
“දැහැනට සම වැද - ගෙඋයන් සැරුවෙමි
සිපිමින් නුඹ දෙතොලින් අදරින්
හිසින් පැතිර ගිය - නුඹගේ කුයිලේ
ආස්වාදයෙන් බඹරු බමනු ඇත“
මෙයා මැරෙන්න ඔන්න මෙන්න තියලත් හිතන්නෙ එයා සිගරට් උරමින් ගත කරපු කාලය ගැන. සිගරට් එකට කොච්චර ආදරේ ද කිව්වොත් “සිපිමින් නුඹ දෙතොලින්“.... අපේ සමාජෙ ඉන්න මොන තරම් නම් “බඹරු“ සිගරට් එකේ කුයිලට“ වහ වැටිල ද?
“අග්නිය දෙස මා - ගෙන ගිය ඉටි රුව
පෙණ කැදලි පිපී - තුනී වන කලට
දෙතොල් පුරවා හාදු දෙන්නට
නුඹ සිප ගන්නට වරම් නොමැත මට“
දැන් මොකද වෙලා තියෙන්නෙ? ඉටි පිළිමයක් ගින්දරට දාලා වගේ පිළිකා නිසා මේ මනුස්සයා ගෙ මුළු ශරීරමෙ දිරනවා. මෙහෙම යද්දි මේ මනුස්සයා ට වෛද්‍යවරයා තහනම් කරනවා සිගරට් බොන එක. “දෙතොල් පුරවා හාදු දෙන්නට - නුඹ සිප ගන්නට වරම් නොමැත මට“
“කළුවර යහනක මා සැතපෙන කල
සෝක සුසුම් වැල් උරුම නොවේ මට
මා සිත ගත් ඒ මගේ ප්‍රියාවිය
මා දෙතොල‘තරේ ඈ සතපනු මැන
ඉතින් වැලේ වැල් නැති ව, කතා කර ගන්නවත් බැරිව ඉන්න මේ මනුස්සයාගෙ ඇස් වලින් කියවෙන ඒ ඉල්ලීම මොකක්ද? එයා “කළුවර යහනක“ එහෙම නැත්නම් මිනී පෙට්ටයේ එයාගෙ බොඩි එක තැන්පත් කරන කොට එයාගෙ “ප්‍රියාවිය“ එහෙම නැත්නම් සිගරට් එක එයා ගෙ කටේ ගහන්න කියන එක යි!!!
පංතියේ දි ඉඳිද්දි පිටින් වැස්සක් වහින්න ගත්තා. ඒක මනස්කාන්ත දර්ශනය ක්. ඉතින් මේක මගේ හිතේ වැඩ කරන්න ගත්තා. ප්‍රතිඵලය තමයි මේක.
ඔයාලගෙ අදහස් පහලින් comment කරන්නකෝ ☺
මේක මම කියවපු පොත ක් ඇසුරෙන් ගොඩ නඟා ගත්තු මනෝ චිත්‍රය ක්, මවා ගත්තු අත්දැකීමක් පදනම් කරගෙන ලියපු ගීයක්. ඉතින් මම හිතනවා ඔය ගොල්ලො රසවිඳිවි කියලා
ඔයාලගෙ අදහස් පහලින් comment කරන්නකෝ ☺
හ්ම්... මේක පැති කිහිපයකට ගන්න පුළුවන් ගීතයක්. මේක ලියන්න අදහස ආවේ අපේ පීඨයේ Gym එකට යන පාලම උඩ ඉඳන් ලේනබටුව ජලාශය දිහා බලාගෙන ඉඳිද්දි... මතුපිටින් බලනවා ට වඩා සංකිර්ණ තේරුම් කීපයක් තියෙනවා මේකේ.
ඔයාලගෙ අදහස්, ඔයාලට දැනෙන දේ comment කරන්නකෝ... ☺
ආයෙත් මම එක්ක හිටපු හැමෝටම ස්තූති වන්ත වෙනවා... ඔයාල හැමෝටම ආදරෙයි ♥ ♥.. අපි ඉදිරියට යමු ඉතින් 🔥 ♥ 💪 ☺
අද English එකක් දාන්න හිතුණා... මේක ලියන්න අදහස ආවේ පීඨයේ ඉන්න කොට - වැස්ස දවසක එළිමහන බලාගෙන ඉන්න කොට...
මේ post එක දාන්න කළින් page එකට likes 50+ වෙලා තිබුණා. උදවු කරපු හැමෝටම ආදරෙයි... ♥ අපි යමු ඉදිරියට එහෙනම්...
පරණ එකක්... මුල්ම එකක්... බලලා කියන්නකෝ ඔයාලගෙ අදහස් ☺
හ්ම්... මේක ජුනි මාසෙක මැද හරියේ දි රෑ 6.30 ට විතර ගෙදරින් පිට කල්පනා කර කර ඉන්නකොට ආපු අදහසක්... මම දැක්කා ළඟ ගෙදරක තිබුණු වෙසක් කුඩූ වැලක්... ඉතින් මම මේක ලිව්වා 🤭
ඔයාලගෙ අදහස්, ඔයාලට දැනෙන දේවල් මට කියන්න ☺
සැබෑ ජීවිතයේ මගේ අත්දැකීමක් නෙමේ. ඒත් මම හිතින් මවාගත් අත්දැකීමක් මත ලියපු දෙයක්. ඔයාලා ගෙ අදහස් මට කියන්න ☺
මේක... මේක කියවලම බලන්න. මට මේක ට idea එක ආවේ fb cricket page වල post වල commentry කියවමින් උඩට පහළට යනකොට. ඔයාලගෙ අදහස් conment වලින් මට කියන්න ☺
(post එක ඊයේ රෑ නිදි මතින් upload කරේ. Image එක වැටිලා නැහැ. ඒ ගැන සමාවෙන්න)
මොකක් හිතයි ද දන්නෙ නෑ කියවන කොට. මෙහි ඉන්නේ මරණාසන්න වුණු මනුස්සයෙක්. එච්චරයි කියන්නේ ☺
ඔයාලගෙ අදහස් පහලින් comment කරන්නකෝ ♥
Page එක හොඳ නම් like කරන්න
මෙක පරිසරය සම්බන්ධ එකක්. News එකක් ආශ්රිත ව ලිව්වේ.. ☺ ඔයාලගෙ අදහස් පහලින් comment කරන්නකෝ
මෙක මන් ලියපු මුල්ම එකක්. අදහස ආවේ පෝය කිට්ටුව රෑ ක beach එක ගාවින් යද්දී. ඔයාලගෙ අදහස් comment කරන්නකෝ ☺
දින කිහිපයක ට පෙර ලියපු එකක්. මෙයත් මගේ imagination එකක් නමුත් අදහස ආවේ මිතුරෙකු ගෙන්. ඔයාලගෙ අදහස් මට කියන්න
බලන්න මෙකෙන් මොනවාද කියවෙන්නේ කියලා... ඔයාලගෙ අදහස් පහලින් comment කරන්න
මේක අපි හැමෝම අත්දකින දෙයක්. මොකක්ද කියවෙන්නේ මොකක්ද ඔයාලට දැනෙන්නේ? පහලින් comment කරන්න
මගේ අත්දැකීම ක් නෙමේ. ඒත් මගේ imagination එකක්. කියවෙන්නේ මොකක්ද? ඔයාලට හිතෙන දේ පහලින් comment කරන්න
මගේ අත්දැකීම් අනුව ලියපු දෙයක්. ඔයාලා හිතන විදිහට මේකෙන් කියවෙන්නෙ මොන වගේ දෙයක්ද?