Ashtanga Medical Centre

Ashtanga Medical Centre

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashtanga Medical Centre, Health/Beauty, .

05/08/2021

දන්න දෙයට වඩා යමක් 🧐🤔🍃
#පිණ්ඩතෛලය #

05/08/2021

දන්න දෙයට වඩා යමක් 🧐🤔🍃
#පස්පංගුව #ප්‍රතිශක්තිය

Photos from Ashtanga Medical Centre's post 17/06/2021

අවදානමෙන් මිදෙන්නට 😷

දශක ගනනාවකට පසු ලෝක වාසී සියලුදෙනාට මුහුණපෑමට සිදුවී ඇති වසංගත රෝග තත්වයක් ලෙස කොවිඩ් 19 නැතහොත් කොරෝනා රෝග තත්වය හදුනාගතහැකිය. මෙම රෝග නාමය අපහට අලුත් වුවද වසර දහස් ගණනක් පැරණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල වසංගත රෝග පිළිබදව විස්තරාත්මකව දක්වා ඇති බව දැනගත් විට ඔබ විස්මයට පත් වනු ඇත

'ජනපදොද්වංශ රෝග' (විශාල ජන කොට්ටාශයක් එකවර විනාශයට පත් කරන රෝග) යටතේ වසංගත රෝග තත්වයන් විස්තර කර ඇත. ඒ අනුව කොවිඩ් 19 වසංගත තත්වය 'ජීවාණු' (ක්ෂුද්‍ර ජීවීන්) මගින් ඇතිවන සංක්‍රාමික රෝග තත්වයක් (පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වෙන රෝග) ලෙස හදුනාගත හැකිය. රෝගය ඇතිවීමට ප්‍රදාන හේතුන් ලෙස වැරදි ආහාර රටාවන් සහ වැරදි සෞක්‍ය පුරුදු දක්වා ඇත. මෙම කාරණා හේතුවෙන් ශරීරයට ඇතුල් වන ජීවානු; කඵ දෝෂය ප්‍රධාන තිදොස් කෝප කර; රසවාහ සහ ප්‍රනවාහ ස්රෝතස් දුෂණය කර ජ්වරය (උණ) ඇති වී පසුව කැස්ස සහ ප්‍රතිශ්‍යාව ඇති වන බව සදහන් වේ.

මෙම රෝග තත්වයෙන් අත්මිදීමට උපකාරී වන කරුණු මුලික සංකල්ප කිහිපයක් යටතේ විස්තර කර ඇත .

1. ශරීරයේ ඕජස වර්ධනය - ඕජස යනු ප්‍රතිශක්තියයි .ඒ අනුව ශරීරයේ ප්‍රතිශක්ති වර්ධනයට දායක වන ඖෂධ හා ආහාර බාවිතයට ගත යුතුය .
උදා : කබලේ බැදගත් කොත්තමල්ලි ,වියළි ඉගුරු ,වෙනිවැල්ගැට ,රසකිද ,පත්පාඩගම් ,කටුවැල්බටු,ඉරිවේරිය ,බෙලි මුල් ,දේවදාර ආදී ඖෂධ වලින් සැකසු පානයන් බාවිතය.
හැකි සෑමවිටම සමබල ආහාර වේලක් ගැනීම .(ගෙවත්තේ වැවෙන පලා වර්ග ,පලතුරු ,අල වර්ග,කොස් ,පොලොස් ආදිය ආහාරයට එකතු කර ගන්න)
ක්ෂණික හා රසකාරක යෙදූ ආහාර හැකිතාක් අවම කිරීම .
මද උණුසුම් ජලය පානය කිරීම .
පැය හයක පමණ රාත්‍රී නින්ද .
දිවා කාලයට නිදා ගැනීමෙන් වැලකීම .
ජංගම දුරකථන හා පරිගණකය සමග ගතකරන කාලය සීමා කිරීම.
මානසික යහපැවැත්ම .(නිවසේ සාමාජිකයන් සමග සතුටින් සිටීම,ක්‍රීඩාවක නිරත වීම ,භාවනා කිරීම ආදිය)

2. දින චර්යා සහ ඍතු චර්යා අනුගමනය කිරීම .
උදා : උදැසන අවදි වීමෙන් පසු විනාඩි 30ක් පමණ ව්‍යායාම කිරීම හෝ යෝගා සිදුකිරීම.
මද උණුසුම් ජලයෙන් ස්නානය කිරීම .
කවල සහ ගන්ඩූශ - ඖෂධ යෙදූ ජලයෙන් උගුර සේදීම .(මද උණුසුම් ජලය ,ලුණු ,ගම්මිරිස්,මදුරුතලා ,ත්‍රිපලා ආදිය )
ධුමපාන හා වෙදු - ඖෂදීය දුම් ඇල්ලීම .(ආඩතෝඩා පංචාංගය ,බෙලි කොළ,යකිනාරන් කොළ ,මදුරුතලා ,අමුකහ,වදකහ,කොහොබ ආදිය )

3. නිදාන පරිවර්ජනය - රෝග කාරකයන් හා ගැටීම වළක්වා ගැනීම .මෙම කරුණ හා අදාලව ඔබ නිරන්තරයෙන්ම දැනුවත් වෙමින් සිටී .
උදා : සබන් හෝ සනීපාරක්ෂක දියර යොදා අත් පිරිසිදු කර ගැනීම .
නිවසින් බැහැර යාම අවම කිරීම හා බැහැර යන සෑමවිටම නිවැරදි ලෙස පිරිසිදු මුව ආවරණ පැලදීම .
නිවෙස විෂබීජ හරනය කිරීම .(පොල් කටු අගුරු මතට හල්දුම්මල ,කොහොබ තෙල් ,පෙරුම්කායම් ආදිය යොදා දුම් ඇල්ලීම )

මෙම සංකල්ප අනුව පැහැදිලි වන්නේ මෙම වසංගත තත්වයෙන් අත්මිදීමට ගත යුතු සුදුසුම ක්‍රියා මාර්ගය වන්නේ රෝග කාරකය හා ගැටීම වලක්වා ගැනීම සහ හැකිතාක් ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමයි.තවද ඔබ මෙම රෝග තත්වයෙන් සුවය ලැබුවෙකු නම් ප්‍රතිශක්ති වර්ධනය පිලිබදව සැලකිලිමත් වීම මගින් පසුව ඇති වන සංකුලතා වලින් වැළකිය හැකිය.

ඔබට කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් වහාම අදාළ නිලදාරීන් දැනුවත් කර අදාළ වෛද්‍ය උපදෙස් යටතේ කටයුතු කිරීමෙන් ජීවිත හානි වලක්වා ගත හැකිය .තවද විවිධ මාධ්‍යන් වලින් සදහන් කෙරෙන වට්ටෝරු සහ ඖෂධ භාවිතයට පෙර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට තරයේ මතක තබා ගන්න.

සැකසුම - වෛද්‍ය L.A ප්‍රනාන්දු

Photos from Ashtanga Medical Centre's post 03/08/2020

🌷ඔබගේ මුහුණේ කුරුලෑ, ලප කැලැල් වලින් ඔබත් පීඩාවට පත්වී සිටිනවාද?

🌷එසේත් නොමැති නම් අඩු මුදලකින් නිවසේදීම "clean up"එකක් කර ගැනීමට ඔබත් කැමතිද?

🍃අෂ්ටාංග වෙද මැදුරෙන් හදුන්වා දෙන නවතම මුහුණු ආලේපය "Herbal Cleanser" 100%ක් ස්වභාවික ඖෂධ සත්කාරයකි.

🍃අඩංගු ද්‍රව්‍ය - ශ්වේත චන්දන, මංජිෂ්ඨා, ධාන්‍යක, ජාතිඵල, තුලසි, දාරුහරිද්‍රා

Photos from Ashtanga Medical Centre's post 04/07/2020

🍀දිව පිනන පලතුරු සමග ඇරඹෙන අර්ශස් වාරය🍀

☘️රඹුටන්, දූරියන්, දෙල් වාරයත් සමගම බහුලව ඇතිවන රෝග තත්වයක් ලෙස අර්ශස් රෝගය හදුනා ගත හැකිය.

☘️සංහිතාවන්ට අනුව කටු, අම්ල, උෂ්ණ, විදාහී ආහාර අධික ලෙස භාවිතය, අධික උෂ්ණ හෝ ශීත දේශගුණය, දැඩි මානසික පීඩාව, සහජමය සාධක හේතුවෙන් මෙම රෝගය ඇතිවන බව දක්වා ඇත.

☘️ගුද මාර්ගයෙන් බාහිරට පැමිණි හෝ නොපැමිණි අංකුර පැවතීම, මල බද්ධය, ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීම ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හදුනා ගැනීමට හැකියි.ශරීරයේ අප්‍රාණික බව, මල පිට කරන විට හෝ පසුව ඇති වන අධික වේදනාව, අන්ත්‍ර වල වේදනාව, මානසික පීඩාව ආදී සංකූලතාවයන් ඇති වීමත් අර්ශස් රෝගය හේතුවෙන් උද්ගත වෙනවා.

☘️නවීන ජීවන රටාව අනුව අර්ශස් රෝගය සදහා මල බද්ධය ප්‍රධාන ලෙස හේතු වන බව හදුනා ගත හැකිය.

🍀මල බද්ධය වළක්වා ගැනීමට එදිනෙදා අනුගමනය කල හැකි පුරුදු.

🌼උදෑසන අවදි වූ විගස හෝ වැසිකිළි යාමට පෙර මද උණුසුම් වතුර වීදුරුවක් පානය කරන්න.එවිට අන්ත්‍ර වල චලන නිසි පරිදි සිදු වී මල පහසුවෙන් බැහැර කල හැකිය.

🌼හැකි සෑම විටම ජලය පානය කරන්න. එවිට ආහාර ජීරණය මනා ලෙස සිදු වේ.මල අධික ලෙස කැටි ගැසීම වළකයි. එමෙන්ම ජලය වෙනුවට කාබනීකෘත බීම/තේ/කෝපි පානයෙන් වළකින්න.

🌼ආහාර වේලට එළවළු, පලතුරු හා පලා වර්ග එකතු කර ගැනීමට සැලකිලිමත් වන්න.එවිට මල සැකසීම නිසිපරිදි සිදුවේ.

🌼මල පිට කිරීමට අවශ්‍ය වූ විට පමණක් වැසිකිළිය භාවිත කරන්න.අනවශ්‍ය ලෙස බොහෝ වේලවක් වැසිකිළියේ රැදී සිටීමන් වළකින්න.එමෙන්ම මල පිට කිරීම බොහෝ වේලාවක් දරා සිටීමෙන්ද වළකින්න.

🌼උෂ්ණ ආහාර ගැනීමන් පසුව ඇග නිවෙන ශීත ගුණ යුත් ආහාර හා පාන භාවිතා කරන්න.

☘️එදිනෙදා පුරුදු මගින් මල බද්ධය වළක්වා ගත හැකි උවද රුධිර වහනයක් පවතී නම් වෛද්‍ය උපදෙස් හා ප්‍රථිකාර වලට යොමු වීම අනිවාර්‍ය් වේ.

🌼ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව කිසිදු උපද්‍රවයකින් තොරව සම්පූර්ණයෙන් මෙම රෝග තත්වය සුව කල හැකිය.එම නිසා ඔබත් සැකයකින් තොරව නිසි ප්‍රථිකාර ලබා ගැනීමට යොමු වන්න.

සැකසුම - වෛද්‍ය L.A ප්‍රනාන්දු

Photos from Ashtanga Medical Centre's post 30/06/2020

☘️ඔබගේ මුහුනේ කුරුලෑ, ලප කැලැල් ආදියෙන් වැලකීමටත් සමේ පැහැපත් බව වැඩි කිරීමටත් 100%ක් ස්වභාවික හා උපද්‍රව වලින් තොර ඖෂධ සත්කාරයන් ලබා ගැනීමට අවස්ථාව අෂ්ටාංග වෙද මැදුරෙන්.

Photos from Ashtanga Medical Centre's post 17/06/2020

🌷තරබාරු බවට ආයුර්වේදයෙන් පිලියම්

නවීන ජීවන රටාව හා සම්බන්ධ වන්නා වූ; "බෝ නොවන රෝග"අතරින් වයස් භේදයකින් තොරව හමුවන රෝග තත්වයක් ලෙස තරබාරු බව හදුනා ගැනීමට හැකිය.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම තත්වය ඇති වන්නේ මේදස් ධාතුවේ වෘද්ධි තත්වයක් හේතු කොටගෙනය.

ව්‍යායාම අඩු වීම හෝ ව්‍යායාම සිදු නොකිරීම,පැණි රස,තෙල් සහිත,සෙම් රෝග ඇති කරන ආහාර අධික ලෙස ආහාරයට ගැනීම,ආහාර ගැනීමෙන් පසු නිදා ගැනීම ;විශේෂයෙන් දිවා කාලයේදී නිදා ගැනීම තරබාරු බවට හේතු වන බව සංහිතාවන්හි සදහන් වේ.

තරබාරු බව විවිධ වූ සංකූලතාවයන්ට මූලික විය හැකි රෝග තත්වයකි.අධික ලෙස දහඩිය දැමීම,දඩිය දුගද වීම,ඉක්මනින් වෙහෙසට පත්වීම ආදී සරල සංකූලතාවයන්ද; අධි රුධිර පීඩනය,දියවැඩියාව,මදසරු භාවය හා හෘද රෝග ආදී සංකීර්ණ රෝග ඇතිවීමටද තරබාරු බව හේතු වේ.

ඔබ තරබාරු බව සදහා ප්‍රථිකාර ලබා ගන්නේ නම් ඔබගේ නිරෝගී බවට හානි නොවන සේ එය සිදු කල යුතුය.විශේෂයෙන් බර අඩු කිරීමේදී අම්ල පිත්ත(gastritis),සන්ධි රෝග,පෝෂණ ඌණතා ආදියට ගොදුරු නොවන සේ සිදු කල යුතුය.

☀ නිරෝගී ලෙස ඔබගේ ශරීරයේ බර අඩු කරගැනීමට උපදෙස්.

☘ උදෑසන ඔබ පානය කරන කිරි හෝ වෙනත් මෝල්ට් පානයන් සම්පූර්ණයෙන් නතර කර ඒ වෙනුවට කොළ කැද හෝ රණවරා මල් /බෙලි මල්/ඉරමුසු ආදී ඖෂධීය පානයකට හුරු වන්න.

☘ සෑම විටම සමබල ආහාර වේලකට හුරු වන්න.ඔබගේ ආහාර වේලෙහි අඩංගු පිෂ්ඨ කොටස් හැකිතාක් අඩු කර ඒ වෙනුවට එළවලු හා පලා වර්ග එකතු කර ගන්න.

☘ ඉස්සො,දැල්ලන්,කකුළුවන්,මුහුදු බෙල්ලන්, මාංශ වර්ග හා බිත්තර කහ මදය හැකිතරම් අවම ලෙස ආහාරයට ගන්න.

☘ ආහාර පිසින විට සම්පූර්ණ මිටි කිරි පමණක් භාවිතා කිරීමෙන් වළකින්න.එමෙන්ම එක් වරක් භාවතා කල තෙල් නැවත නැවතත් භාවිතා නොකරන්න.මාගරින් හෝ බටර් වර්ග තෙම්පරාදු කිරීම සදහා යොදා ගැනීමෙන් වළකින්න.

☘ රාත්‍රී ආහාරය අවම වශයෙන් නිදා ගැනීමට පැය දෙකකට වත් පෙර ලබා ගන්න.රාත්‍රී ආහරය සදහා සුප් /කොමඩු,පැපොල්/තැම්බූ එළවළු/බත් කැද ආදී සරල ආහාරයකට හුරු වන්න.නමුත් අමු එලවළු යෙදූ සලාද ගැනීමෙන් වළකින්න.

☘ අතරමැදි වේල් සදහා කෙටි කෑම/කෘතිම බීම හා ආහාර වර්ග/චීස් වර්ග /කේක්/බිස්කට් වර්ග භාවිතයෙන් වළකින්න.ඒ වෙනුවට පලතුරු/පලතුරු බීම/තැඹිලි වැනි දෙයක් භාවිතයට හුරු වන්න.

☘ ආහාර ගැනීමෙන් පසු මද උණුසුම් වතුර පානය කරන්න.උදෑසන අවදි වූ විගස මද උණුසුම් වතුර වීදුවක් පානය කරන්න.එමගින් ඔබගේ ශරීරයේ සියළුම පරිවෘතීය ක්‍රිය හොදින් සිදු වේ.

☘ දිනකට පැය භාගයක් වත් ව්‍යායාම/ යෝග සදහා කාලය වෙන් කරන්න.ඔබගේ සන්ධි වලට අහිතකර ලෙස බලපෑ හැකි ව්‍යායාම වල නිරත නොවන්න.(උදා- පඩිපෙල් නැගීම හා බැසීම)

☘ ඔබගේ ශරීරගත මේද මට්ටම අඩු කර ගැනීම සදහා ;

කරපිංචා දළු මිටක්
සූදුරු,කළු දුරු මේස හැදි 01 බැගින්
ගම්මිරිස් තේ හැදි 01
සුදු ලූනු බික් 04

මේ සියල්ල දෙහි ඇඹුලෙන් අඹරා ශීතකරණයේ තබාගෙන දිනපතා උදේ දවල් රාත්‍රී ආහාර සමග තිබ්බටු ගෙඩියක පමණ ප්‍රමාණයක් ආහාරයට ගන්න.

කළු දුරු කුඩු තේ හැදි 01ක් උණු වතුර වීදුරුවකට දමා රැයක් තබා පෙරා උදෑසන හිස් බඩ පානය කරන්න.(බඩ දැවිල්ල තත්වයක් ඇති වුවහොත් භාවිතය නවත්තන්න)

☀️සංකූලතා ඇති නොවන සේ තරබාරු බවින් මිදීමට අවශ්‍ය නම් ඒ සදහා සුදුසු ඖෂධ හා වෙනත් ප්‍රථිකාර ලබා ගැනීමට සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත යොමූවීම අත්‍යාවශ්‍ය වේ.

සැකසුම- වෛද්‍ය එල්.ඒ.ප්‍රනාන්දු

10/06/2020

☘️🍃🍀wisdom of nature is for the healthiness of yours☘️🍃🍀

30/05/2020

The ambition of our treatment centre is to giving you an opportunity to get the best treatment methods of Ayurveda with combination of Chinese Acupuncture.
You are willing to get treatment for every sort of disease you are suffering from. Especially different types of arthritis ,piles and heamorrhoids ,vericosis , which can not be totally cured with other treatment systems.
Also we have special herbal remadies consist with pure herbs to solve your all types of skin problems.
You are willing to get the service of well trained Ayurveda Doctor qualified with BAMS degree in University of Colombo.

29/05/2020

ඔබගේ සියලුම රෝග සදහා නිවැරදි ආයුර්වේද හා චීන කටු ප්‍රථිකාර ලබා ගැනීමට අවස්ථාව අෂ්ටාංග වෙද මැදුරෙන්.

Website