Galle ගාල්ල

Galle ගාල්ල

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Galle ගාල්ල, Shopping & retail, .

02/06/2023

✔️සත්‍ය සිදුවීමක් ඇසුරින් සමාජයේ සුභසිද්දිය උදෙසා ගොනු කරන ලදී.
නම් සත්‍ය ඒවා නොවේ.

කමල් අවුරුදු 14ක දක්ෂ සිසුවෙකි. ඔහු ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන අතර සියලුම ගුරුභවතුන්ගේ සහ යහළු යෙහෙළියන්ගේ අවධානය දිනා ගනිමින් ඉතාමත් සාමකාමී ලෙස පාසල් පරිසරය තුල හැසිරෙයි.
උපදේශනය සඳහා දරුවා රැගෙන එන මව මා හට පවසනුයේ දරුවා නිතරම ඇය සමග රණ්ඩු වන බවත් ඔහුට තිබු ආදර සම්බන්ධතාවකට මව විරුද්ධ වීම මත මේ සියල්ල ඇති වූ බවත්ය.

මව -: "මැඩම් එයාගෙ වැඩේම ෆෝන් (phone) එකේ එල්ලිලා ඉන්න එක විතරයි . ඒ විතරක් නෙමෙයි ලැප්(laptop) එක තියා ගත්තු ගමන් ඒකමයි මෙයා දවසම කාලේ ගත කරන්නේ. "කන්න ,බොන්න ,නිදාගන්න උවමනාවක් නෑ." අනේ මන්දා මට මෙයා මොනව කරනවද කියලා මටනම් හිතාගන්නවත් බෑ. මෙහෙම ගියොත් මෙයා විභාගය fail වෙයි. ගුරුවරු කියන්නේ නම් මෙය හරි දක්ෂයි කියලා ඒ උනාට මම නිදන්නේ මෙයා ගෙදර රංගන රැගිල්ල. මට මෙයා අයියේ ගැහුවත් එක්ක මැඩම්. ගෙදර wifi එකේ බිල ගෙවන්න මට බැරි වුණා ඒකෙ ගෙව්වේ නෑ කියලා මෙයා මට හොඳටම ගැහුවා. ඒ විතරක් නෙවෙයි මැඩම් කුණුහරප කියාගත්ත ගමන් හැමවෙලේම. මේ වගේ පුංචි දරුවෙක්ගේ මට මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ මට මට හරිම දුකයි මේ ගැන. මෙන්න මේ මනුස්සයාට තේරුම් කරලා දෙන්න මැඩම්. "

දරුවා සමග මනෝවිද්‍යා උපදේශන සැසිය පැවැත්වීමට මා හට සිදු වුයේ වූයේ මවගේ මෙම විස්තර කිරීමෙන් පසුවය.

දරුවා සමග තනිව කතා කිරීමට මා තීරණය කළ පසු දරුවා ඔහුගේ කතාව පවසමින් ඔහුට තිබූ ගැටුම්කාරී තත්වයන් බෙදාගන්නට විය.

"මැඩම් මට අම්ම එක්ක හරි තරහයි. මට එයාව පෙන්න බෑ. කොටින්ම කිව්වොත් එයා කතා කරද්දි මට අහන් ඉන්න බැරි තරම් අප්‍රසන්නයි.

අම්මා කියන්න ඇතිනෙ මැඩම් මම ඊයෙ අම්මට ගැහුවා. ඒ විතරක් නෙමෙයි මම ගොඩක් නරක වචන පාවිච්චි කලා. ඒ නිසානෙ මෙයාලා මාව මෙතෙන්ට එක්කන් ආවේ.

මට ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධ තාවයක් තියෙනව මැඩම්. අපි දෙන්නම එකම පංතියේ. මට එයාව හම්බ වෙන්නේ ටියුෂන් පන්තියේ විතරයි. මොකද අපි දෙන්නා වෙනම පාසල් දෙකක තමා ඉන්නේ. මම යන්නේ එයා යන පන්ති වලට විතරයි. එයා එයාගේ තාත්ත එක්ක තමා පන්තියට එන්නේ. අපි දෙන්න පන්තියේදී වත් නිතරම කතා කරන්නේ නෑ. මොකද මම කැමති නෑ එයාගෙ චරිතෙට හානියක් වෙනවාට. එයා මං දිහා හොරෙන් බලනවා මම එයා දිහා හොරෙන් බලනවා ඇස්වලින් කතා කර ගන්නවා. මට හොඳට ගණන් පුළුවන් මැඩම්. එයාලට ගණන් අපහසු උනහම සර් මට කියනවා එයාලට ගණන් කියලා දෙන්න කියල. මම ඒකට හරි ආසයි. හැම විෂයකටම අපි දෙන්නගෙ ලකුණු එක සමානයි. ඒ උනාට උනාට එයාට මට වඩා ලකුණක් හෝ දෙකක් වැඩියි. එයාට පෝන් එකක් නෑ. zoom හරහා තමා අපි දෙන්නා පණිවිඩ යවාගන්නෙ. එයාට හැමවෙලේම ඔන්ලයින් එන්න බෑ. එයා කොයි වෙලේ හරි ඔන්ලයින් එයි කියලා හිතල මම හැමවෙලේම ඔන්ලයින් ඉන්නවා. ඉතින් ඒ නිසා මට හැම වෙලේම Wifi ඕන.

මට අම්ම එක්ක තියෙන ලොකුම තරහ තමයි මැඩම් මේ සම්බන්ධතාවය අම්මා දැනගත්තට පස්සේ එයා ඒ ගෑනු ලමයගෙ ගෙදර ගිහිල්ලා බැණලා තිබුණා.

එදා ඉඳන් තමයි මේ ගැටළු සේරම ඇතිවුණේ. අම්මා ඒ පණ්ඩිත වැඩ නොකරම් මම අදත් අම්මා එක්ක හොදින් ඉන්න තිබ්බා. එයාට ගෙදරින් ගොඩක් ගහලා තිබ්බා. එයාව පන්ති එවන එක නවත්තලා තිබ්බා. මේ හැම දේටම මුල අම්මා. අනික මැඩම් මට ගැහැණු ළමයෙක් හිටියා කියලා මම ඉගෙනගන්න එක නැවැත්තුවේ නෑ. අපි දෙන්නා තරඟෙට වැඩ කරේ.

"දැන්නම් මට පොතක්වත් අල්ලන්න හිතෙන්නෙනෑ. මට කන්න බෑ.මගේ ඇඟට පණ නෑ වගේ. මට වෙලාවකට ඔලුව බදාගෙන කෑ ගහන අඬන්න හිතනවා. මම නිතරම බූට් සින්දු අහනවා. "

-----------------------------------------------------------------------------------
මේ සිදුවීම හෙට ඔබේ දරුවාට ද අත්විය හැකියි. දෙමාපියන් දෙස අප නිතරම සැලකිලිමත් විය යුත්තේ දරුවාගේ හැඟීම්, ඔහුගේ ක්‍රියාකලාපයන්, ඒ වගේම දරුවන්ගේ යහපත් සමාජ සම්බන්ධතා.

දෙමාපියන් ලෙස ඔබ බොහෝසෙයින් බුද්ධිමත් විය යුත්තේ , වෙන කවර හේතුවක් වත් නිසා නොව, ඔබේ දරුවාගේ යහපත උදෙසාමයි.

මෙවන් වූ ගැටළු දෙස දෙමාපියන් ලෙසින් ඔබ බලන ආකාරය වෙනස් කරගත යුතුයි. එසේ නැතහොත් ඔබේ දරුවා ඔබටම වෛරක්කාරයකු ලෙස පෙනිය හැක.
මෙවැනි අවස්ථාවලදී දරුවා සමඟ, මව සමගත් කතාබහ කරමින් මනෝ විද්‍යා උපදේශක වරුන්ට කිරීමට ඇති කාර්යභාරයන් බොහෝය.

ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝ චිකිස්සක
පූර්ණිමා ජයකොඩි
076- 5328999
හමුවීම් .
Galle - Ruhunu Hospital
Galle - Cooperative Hospital Galle
Galle - Queensbury Hospitals
හා
Online උපදේශනය සැසි පවත්වයි

17/12/2022

ඔබගේ සියලු ගමන් අවශ්‍යතා සඳහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් එසැනින් වාහනයක් අමතන්න 077 377 3742

Photos from Land For Sale in Sri Lanka ඉඩම් අඩුවට's post 29/09/2021
24/06/2021

පොසොන් පොහෝ දින ආශිර්වාදාත්මක බෝධි පුජාවා හා ආලෝක පහන් පුජාව අප මීපේ ශ්‍රී පියදශ්‍යාරාම පුරාණ මහා විහාරස්ථානයේ සිට සජීවීව...

තෙරුවන් සරණයි...🙏🙏🙏

24/06/2021

මීපේ ශ්‍රී පියදශ්‍යාරාම පුරාණ මහා විහාරස්ථා ස්වාමීන් වහන්සේලා විසින් සිදුකරනු ලබන යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව සජීවීව

තෙරුවන් සරණයි... 🙏🙏🙏

Zoom class / zoom for students / study by zoom / zoom meeting / parents involvement to studies 22/06/2021

Subcribe ❤

Counsellig Sinhala
https://youtube.com/watch?v=4k8M8j1csbY&feature=share

Zoom හරහා ඔබේ දරුවා අධ්‍යාපනය ලබනවානම්, දෙමාපියන් ලෙස ඔබ ඇසිය යුතුම කරුනු 5ක්.

Zoom class / zoom for students / study by zoom / zoom meeting / parents involvement to studies Zoom හරහා දරුවන්ගේ අධ්‍යාපනය කරගෙන යන විට දෙමාපියන්හට දෙනෙන හැගීම්.

soldier lover sinhala / ආදරණීය රණවිරුවන් / රණවිරුවන්ගේ සෙනෙහස / රණවිරුවන්ගේ දරාගැනීම් 15/06/2021

ඔබ රණවිරුවකු ද? ඔබේ සැමියා ,ඔබේ පුතා ,ඔබේ පියා , ඔබේ සහෝදරයන් , ඔබෙ පෙම්වතා රණවිරුවකු ද? ඔවුන්ගේ ආදරණීය හැගීම් ඔබ තේරුම් ගත්තාද? නොපෙනෙන ආදරය හදුනගත්තද.?❤❤
ආදරණීය රණවිරුවන් වෙනුවෙන් කල නිර්මාණයකි. ඔබ හිතන් විදිහ ආදරණීය❤️ නම්. ඔබේ ජීවිත හැමදාමත් ආදරණීය ❤වේවි.
මේ වගේ videos බලන්න youtube එකේ
subscribe කරන්න.

https://m.youtube.com/channel/UCJFOvByfJPOLueoVqQM6AWw

soldier lover sinhala / ආදරණීය රණවිරුවන් / රණවිරුවන්ගේ සෙනෙහස / රණවිරුවන්ගේ දරාගැනීම්

14/03/2021

Website