Copied

Copied

copied �

20/07/2022

_____කුඩම්මා ගැන රචනාවක්_____

------------------------------------- 🖤 -----------------------------------

ගුරුතුමී කියු නිසා නොලියාම ඉන්න බෑ
අම්මා ගැන කිසි දෙයක් මං තාම දන්නෙ නෑ
කුඩම්මා ගැන මිසක් ලියන්නට දෙයක් නෑ
සඳ හැංඟි ගියාමුත් තනි තරුව මැකුණෙ නෑ...

අප්පච්චිගෙන් ලැබුණ ආදරේ නිමක් නෑ
කුඩම්මගෙ පණ මමයි ඈ ඊට දෙවෙනි නෑ
ඒ සෙනේ පිරුණ දා අඬන්නට ඕනි නෑ
අම්මා ගැන සිහිවෙද්දි ටිකක් ඉවසන්න බෑ...

මං උපන් දවසෙමලු අම්මගේ පණ ගියේ
කුඩම්මා ගෙට ආවෙ ගතවෙද්දි තුන්මහේ
මූසලයි මේ කොලුවා දකින්නටනම් උදේ
ඇහෙනකොට කුඩම්මයි මගේ හිත සැනසුවේ...

කියනවා කුඩම්මා මාව දකිනා වෙලේ
රකිමි නුඹ ආදරෙන් මගේ ඇස් දෙක වගේ
මවුසෙනේ කවදාද කුමකටද පැරදුනේ
කියන්නට ඒ අරුම වචන නෑ ගැළපුනේ...

උයන්නත් පිහන්නත් මිදුල අතුගාන්නත්
ඇය උදෙන් නැඟිටින්නෙ ඊයෙ වාගෙම අදත්
දර පලා ගෙනෙන්නත් වතුර ටික අදින්නත්
කඩිසරයි කුඩම්මගෙ හිත හරිම ශක්තිමත්

පමා වී වැරදුනොත් වේ වැලෙන් දෙසන්නත්
ඇගේ ඉස්කෝලයේ අකුරටයි නීතියත්
ඇය නොසිතා ඉන්නෙ නෑ මං තාම පොඩි උනත්
චක්කරේ වැරදුනොත් ප්‍රමාදයි බත් කටත්...

අම්මගේ හිත පිරුණ සෙනෙහෙ ජීවිතයේ
කිසිම අඩුවක් නැතුව පිදුව ඇය හැමදිනේ
ලබන්නට පිනක් නැති වුනත් මට මේ භවේ
ඇගේ ලේ කිරි නොවුන එක නොවෙද පුදුමේ...

මවුසෙනේ කිසිදාක නොලද්දත් කම් නැතේ
ඊට නොදෙවෙනි වන්න දෙවෙනි මව් දෙනවනේ
නුඹ වගෙ කුඩම්මෙක් එපා මට මතු භවේ
මගෙම අම්මා වෙයන් ආයෙ නුඹ කුඩම්මේ...

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ගුරුතුමී: "පුතාට කොච්චර හොඳ කුඩම්මා කෙනෙක්ද ඉන්නෙ... එයා පුතාට මේ තරම් ආදරෙයිද?"

ගුරුතුමී අහනවද කතාවක් කියන්නම්
කුඩම්මගෙ ආදරෙත් වගෙයි කරවිල වැලක්
අප්පච්චි ඉන්නකොට ඔහොම දේවල් උනත්
ඇගේ ගුණ වැයුවෙ මං හංඟලා කතාවක්...

සමා වී රචනාවෙ මුලට නුඹ යන්න
පේළියක් හැර පේළියක් කියවගන්න
කුඩම්මගෙ ආදරේ ඒ තරම් ඔන්න
මේ රහස කාටවත් අනේ නොකියන්න...

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

Credits goes දර්ශිකා නුවන්මිණි ගුරුගේ

13/07/2022

ගැහැණිය බලාපොරොත්තු වෙන්නෙ...

මගේ ඔළුව කකියනව කිව්වම පැනඩෝල් දෙකක් බිව්වම හරියයි කියන පිරිමියෙක් නෙවෙයි වතුර එකක් එකක් පැනඩෝල් පෙත්ත අතර ගෙනත් දීලා මෙන්න මේක බොන්න කියලා ඔළුව අතගාන කෙනෙක්ව.....

අනේ මගේ අත කැපුනා කියද්දී පැත්තවත් නොබලා ඕකත් ගනන් ගන්න ඕන දෙයක් ද අපිට ඔයිට වඩා දේවල් වෙනවා කියන පිරිමියෙක්ව නෙවෙයි කෝ බලන්න කියලා රෙදි කෑල්ලක් හරි අතේ ගැට ගහන කෙනෙක්ව .....

මට අද උයාගන්න අමාරුයි කඩෙන් මොනවහරි ගේනවද අහද්දි අනේ මේ මට කඩෙන් කන්න බෑ ගෙදර බත් ඕන කියන පිරිමියෙක්ව නෙවෙයි,හරි අද එහෙනම් කඩෙන් කමු ඔයත් ලෙඩවෙලානෙ ඉන්නෙ කියන කෙනෙක්ව

ඇඳුමක් ඇන්දම ඔයා ඕකට ලස්සනයි කියලා කියන්න වචන පිට වෙන්නෙ නැත් නම් කෑමක් හැදුවම අද කෑම ටික රසයි කියන්න දිව නැවෙන්නෙ නැත් නම් එහෙම පිරිමියෙක්ගෙන් වැඩක් නෑ
අගය කිරීම තුළ තියෙන හැම හැඟීමකටම ගැහැණිය මාරම ආසයි...

තමන්ගෙ මනුස්සය එක්ක හැමදේම කතා කරන්න විහිළුවක් කරලා හිනාවෙන්න උකුලට පැනලා හුරතල් වෙන්න බිරිඳක් වුණත් ළමයි ඉන්න මවක් වුණත් ආසයි

තමන්ගෙ උපන්දිනේ මතක තියාගෙන තෑගි නැතත් පුංචි හාදුවක් හරි දීලා උපන්දිනේට විශ් කරනව නම් ඒ තරම් සතුටක් තවත් නෑ.. තමන්ගෙ උපන්දිනේ වත් මතක නැති මනුස්සයෙක් මොකටද ..?
ආදරේ කරන කාලෙදි විතරමද ඒ හොයා බැලීම්....

ගැහැණියා ආදරේ බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ සුළු සුළු දේවල් වලින් පවා ඒ වුණත් ඒකත් මහා ලොකු දෙයක් ගැහැණියට ...මොකද ආදරේ මනින මිම්මක් එක එයාලට .....

දරුවො හිටියා කියලා නෑ ගැණුන්ට ඕන ආදරේ දැනෙන්න විඳින්න, බඳින්න කලින් තිබ්බ ආදරේ අඩු වෙනව නම් බැන්දට පස්සෙ වැඩක් තියෙද ..?

අයිති කර ගත්තට පස්සෙ පරිස්සමට ඒ ආදරේ රැකගන්න පිරිමි අය දැන ගන්න ඕන අයිති කර ගන්නකන් පුංචි ලැඩේටත් බෙහෙත් අරන් දුන්නු කෙනා පොඩි දෙයක් වුණත් කලබල වෙලා බලන්න හනිකට දුවන් එන කෙනා පොතක අත්සන් කරලා සින්නක්කරව ලියා ගත්තට පස්සෙ වෙනස් වෙනවනම් ඒක ආදරේ නෙවෙයි .....

හැමදාටම එක වගේ ආදරේ සෙනෙහස රැකවරණය දෙන්න ඕන.....
ගැහැණිය මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ ...

පුංචි සැලැකිලිමත් කමක් හොයා බැලීමක් ආදරණියා ආමන්ත්‍රණයක් පුංචි හරි අගය කිරීමක් මහා පරිමාණෙන් බලාපොරොත්තු වෙනවා...

එක පෙන්නන්නෙ නෑ පිටට එහෙම කටින් කියලා කරව ගන්න දේවල් වලිනුත් වැඩක් නෑ ගැහැණියට....

ඇත්තටම ආදරේ රැක ගන්න නම් අයිති කර ගත්තට පස්සෙත් පරිස්සම් කරන්නම ඕන..පුංචි පුංචි දේවල් පවා හොයා බලන්න ඕන අගය කිරීම් තියෙන්න ඕන....

ඒ ආදරේ රඳා පැවැත්ම තියෙන්නෙ එතකොට ....
හැමැදාම ඒ ආදරේ දෙන්නගේම හිත් තුළ රැඳේවි .....

ගැහැණියට වගේම
පිරිමියත් ආසයි
ඒ ආදරේ විඳින්න ......🌸💙

Copied ..

Website