WP/KE/Deshamanya HK Dharmadasa M.V.
Education Institute
ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පවත්වනු ලැබූ අනාගතයට සූදානම් තරුණ නායකත්ව පුහුණු පාඨමාලාව සඳහා 2023.08.03 සහ 2023.08.04 යන දෙදින බප/කැල/ දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස විද්‍යාලයේ දරුවන් 53ක් නේවාසිකව සහභාගි වී එම පාඨමාලාව සාර්ථකව නිම කරන ලදී.
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට දම්දස් ආශිර්වාදය ...
කිරිබත්ගොඩ වෙසක් කලාපයට සමගාමීව කැලණිය ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කළ වෙසක් බැති ගී තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගත් අප විද්‍යාලයීය බැති ගී කණඩායමට විද්‍යාලයීය විදුහල්පතිනිය ඇතුලු දම්දස් ප්‍රජාවගේ සුභ පැතුම්.....
ඒ සඳහා දරුවන් මෙහෙයවූ නාට්‍ය හා රංගකලා ආචාරිණි අශෝකා මහත්මියට, සංගීත ආචාරිණී සදුනිකා මෙනවිය හා එරන්දි මහත්මිය ඇතුළු සෞන්දර්ය අංශයේ ගුරුභවතුන්ට විශේෂ ස්තූතිය... 🙏🙏🙏
දම්දස් වෙසක් .......
වෙසක් උත්සවය තේමා වූ වැඩසටහන් මාලාවේ පලමු වැඩසටහන
උතුම් මානව ගුණාංග හමුවේ දණ නමනු
දියණයනි, පුතණුවනි..
අගයමි, හදවතින් පොහොසත් ඔබ සැම...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සංවිධානය : විද්‍යාලයීය බෞද්ධ සංගමය හා උසස් පෙළ සිසුන්
දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස ප්‍රාථමික විද්‍යාලය, පෑලියගොඩ රෝමානු කතෝලික විද්‍යාලය හා වෙදමුල්ල විද්‍යාලය අතර තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය අද දින පෑලියගොඩ විජය කුමාරතුංග ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.
දම්දස් අවුරුදු පොළ හා සැණකෙළිය 2023
සහය වූ සැමට විද්‍යාලයීය ස්තූතිය.....
2023.04.05
දම්දස් අවුරුදු උදානය 2023
ඔබ සැමට ආරාධනා
අභිනවයෙන් පත් වූ දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ නිලධාරි මණ්ඩලයට විදුහල්පතිතුමිය ඇතුළු සමස්ත දම්දස් ප්‍රජාවගේ ම සුභාශිංසන ....
විශ්වයේ නොනිම් සම්පත
බිලිදියක, දැරියක, යුවතියක
බිරිඳක, මවක ලෙස
දිවි රග මඩල තුල
රඟ පෑ නෙක භූමිකා
නිම්නැත වරුණා කරන්නට
නුඹට වෙන්වූ දිනයේ ....
නුඹේ මෙහෙවරට ප්‍රණාමය
දම්දස් දරුවන්ගේ
රිද්ම රටා ගෙතුම්.....
2023.03.08
හෙට දිනෙන් අරඹන අ.පො.ස. උසස් පෙළ විභාගයට හොදින් මුහුණ දෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඔබට ලැබේවා!
විදුහල්පතිතුමිය
නියෝජ්‍ය විදුහල්පති ඇතුලු ආචාර්ය මණ්ඩලය
2023 නව වසරේ පාසල් ආරම්භය සනිටුහන් කරමින් සමස්ත දම්දස් ප්‍රජාවට ම ආශිර්වාද කරමින් පිරිත් සජ්ජායනය කිරීම අද දිනයේ දී සිදු කරන ලදී.
ලැබුවා වූ නව වසර සිත් සුවපත් වන සතුට පිරුණු සුභ නව වසරක් වේවායි යන්න විදුහල්පතිතුමිය ඇතුළු සමස්ත දම්දස් ප්‍රජාවගේ ම පැතුමයි.
සාමයේ අරුත
දැයට දුන් සමිදාන
ඔබේ ගුණ කදම්භය
වයන්නට අවසරයි
මේ පුංචි මල්වලට....
සියලු දුක් ගිනි නිවා
පාපයෙන් දැවෙන සිත්
මුදවන්න සමිදාන...
වැඩ ඉන්න අප හදේ
හැමදාම ජේසු සමිඳන..
නත්තල් කැරොල් ප්‍රසංගය - 2022.12.22