Marion_Jay
නුබම නුබ වෙන්න උමතු නොවී සිටින්න !
ඔයා එදා මල් අරන් ආවා නම් මන් නවතින්න තිබුනා
මට දැන් මේ ෆැන්ටසිය ඇති වෙලා ! ඔයා ආවෙත් නෑ . මට මල් ලැබුනෙත් නෑ . අඩුම තරමේ .
, මන් මල් බලාපොරොත්තු උනා කියලා ඔයා දන්නෙත් නෑ .
මේ ෆැන්ටසිය නිසාම මන් හුගක් දවස් බලන් හිටියා . තව සෘතු 50ක් ගියත් වසන්ත කාලෙට ඔයා මල් ගේනකල් මන් බලන් ඉන්නවා .ඒ වගේ මෝඩ වෙන්න නම් ආදරේ කරන්නම ඕනේ ලමයෝ .
ඒ මල් රෝස මල් වෙන්න ඕනේ නෑ . පතොක් මලක් උනත් ඔයා දුන්නම මන් බලාගන්නවා . ඒකට තමා ළමයෝ ආදරේ කොයි වෙලෙත් අන්ධයි කියන්නේ !
^MARION^
🙂👍
+ හුගක් සතුටුයි !
විශේෂයෙන් මේ මයික් එක ඔයා අල්ලන් ඉන්න හින්දා
+ රංගනය නිසා මට ලැබිච්ච පලවෙනි සම්මානය ඔයා !
" විටෙක වැරදි කවුරුන්ද නිවැරදි කවුරුන්ද යන්න සෙවීම අවශ්‍ය නැත !
හැගීම් වලින් උපුටා පෙන්විය හැක !
බැදීම් නැතත් ඇතැම් හැගීම් කිසිදිනක මිය නොයනු ඇත !
MARION
+ එයා ඔයාට එපා කියන් නැද්ද ?
- ඇබ්බැහි උන දේවල් කවුරුත් කිව්ව පලියට නවත්තන්න බෑ !
තමන්ට හිතිලම නවත්තන්න ඕනේ
+ ඒ කියන්නෙ එයාට ඔයාව තේරෙනවද ?
- කවුරුත් මාව තේරුම් ගත්තෙ නෑ
ඔයාට දැන් කවුරුත් නැද්ද ?
+ නෑ
- කසාද බදින්න ???
මං බදින්න හිටියේ ඔයාව !!
Miss you - short film Irudini Umali Thilakarathna
සියලු අහිමීවිම් වලින් පසුවත් මා නුබ මත්තෙම හිදියෙමි !
මං බදින්න හිටියේ ඔයාව ! කියද්දිම මට එය දැනුනි !
කෙදිනකවත් මෙවන් හමුවීමක් ගැන නොපැතුවෙමි !
නමුත් නුබ මෙසේ හමුවීමම ඇති !
~MARION~
+ " සකුරා මල ඔයා මොන අරමුණකින්ද ලිව්වේ ? "
- එදා ඒ වචන හතරට හිනා වෙලා අද ඕක මගෙන් අහලා වැඩක් තියේද ?
+ සකුරා මල ' දුටුදා නුබ
පැතුවා නුබ ' හිමි වේවා කියා
බියයි මට නුබ පරව ගියොත් කියා !
" මේ පද හතරට අද ඔයා හිනා වුනා ! ඒ හිනාවට මං කැමති "
ඒ වගේම මට ගොඩක් දුකක් දැනුනා ! මට හැමදාම ඕනේ ඔයා ළඟින් ඉන්න !
ඔයා සකුරා මලක් '
+ තාමත් පර නොවුන මගේ සකුරා මල !
CHERRY BLOSSOM - short film Nethmi Roshel Rogers
~MARION~
🥺❤
? ? ?
ඔයාට පුලුවන්ද උපන්දිනේ දවසට මාව බලන්න එන්න
+ මලුත් අරන් ! මොන මල් උනත් කමක් නෑ
+ මන් බලන් ඉන්නවා අනේ එන්න
+ එයින් එක මලක් මට ඔයාගේ පොකට් එකේ ගහන්න ඕනේ
+ ඒ නිසා පොකට් තියෙන ශර්ට් එකක් අදින්න
+ මං මල් පොකුර තියන් ඔයා ඒ මල ගහන් අපි 4ටෝ එකක් ගමු
+ අන්තිම පාරට මාව බලන්න එන්න !
+ මං ඔයා ආසම ගවුමක් අදින්නම් ! ඔයාම තෝරන්න
+ මල් අරන් එන්න ! උපන්දිනේ දවසට ❤
මං MARION !
😂❤
එ බල්ලට ඩිප්‍රෙශන් තිබිලනෙ ! එහෙම කියලා හිත හදාගනින්කෝ 😒
කල්පයක් පුරා පතාන ආ හින්දා '
අල්පයක් තරම්වත් අයිති නැති ලන්දා '
පල්පයක් හදා හදවතේ හැඩේ ඇන්දා '
ස්වල්පයක් ලේ ගියාට කමක් නෑ ! පණත් උබෙ හින්දා
හම්බෙන හැමදාම මං උබව ඉම්බා
නලලට හාදු දීලා පනටත් වඩා රැක්කා !
සංකර ගති එද්දි මං උබම හින්දා
උබට දාපු තහංචි මටම දා ගත්තා !
සමාව ඉල්ලන්නෙපා මගෙ මැණික
අමාවකට හද පායන් නෑ නේද අනික
වරෙන් පැලපදියන් වෙන්න ආයෙ මගෙ හිතට
හිනාවෙන්න තිබුනා පෙම නැත්තම් හිත් කොනක !
මං උබට ආදරෙයි පැලෙන්න මගෙ පපුව
හලන්නෙපා මැනික ඔය මගේ ප්‍රේමේ පංගුව !
මැරියන්
මං තමා ගිනි අරන් දැවුනු රෝමය '
උබ තමා නීරෝ බලා හිනවුන ස්නේහය !
ලාවා හැලියක ගිල්ලුවා මතකද මගේ ප්‍රේමය
අගුරු වී දැවෙද්දි තවත් උබ රැක්කා සීලය
අඩ අඩා දිව්වා ආත්මය හොයාන ජලය
එතකොටත් උබ හිටියේ අල්ලන්න බැරි උසක
හිනාවෙද්දි වල ගැහෙන කම්මුල් නෑ කියලා දෙඩුවා
අඩද්දි ඇස් පුංචි වුනේ නෑ කියල දෙසුවා
පුපුරද්දි ගිනි මදි උබ තවත් අඩපන් කිව්වා
අන්තිමට මමත් උබ වගේ ඉබාගාතේ දිව්වා !
කාලකන්නි මොකද උබ ඔතන
උබ ඇහුවම තිබුනේ නෑ මට කවදත් උත්තර
උබ එනකල් ඇස් එලියට එනකල් බැලුවට
උබ ආවේ නෑ මං තාමත් අඩන්නේ හොරාට !
දිව්වා පාරට උබයි මායි හම්බුන තැනට
කෝ උබ කෑ ගගහා අඩි හැප්පුවා මතකද
අහසට ආසයි කිව්වම එක පාරක් මතකද
මුලු අහසම අයින් කලා උබ මගෙ මතකෙන් හරහට !
මැරියන්
ප්‍රකාශිත වාක්‍ය වලට එහා ගිය සාක්ශී යමෙකුගේ දෑස් තුල සැඟව ඇති අතරම අප්‍රකට වූ යම් සිද්ධීන් මරණයට හේතු විය හැක !
කාලීනයි යැයි කියන ඇතැම් මානසික තත්වයන් තුල බොහෝ විට අප්‍රමාණව පීඩනයට ලක් වූ අහිංසක හදවත් ඇත !
නන්නාදුනනැයි කිවූ ඇතැම් මිනිසුන් ජීවිතයම කර ගැනීමට සැරසෙන යමෙකුට කිව හැක්කේ තමාට තමාවවත් විශ්වාස කල නොහැකි ඇතැම් තත්ව වලදි තවකෙකු විශ්වාස කිරීම කෙසේ වේවිද ?
ජීවිතයේ පර්යන්තය මෙය නොවුනද ඇතැම් විට මිනිසුන් ජීවන ගමන මගින් නතර කර සිත් සේ වෙනයම් ආත්මෙක සතුටු වනු ඇතැයි මා විශ්වාස කරමි !
අප අතරම සැරිසරන ඇතැම් ආත්ම සේම යම් දිනක නොලැබුන යමක් බලාපොරොත්තුවෙන් මාද සැරිසරනු ඇත !
යෝජනා හා චෝදනා එකෙනෙහිම කීම ප්රතිපලදායක වන අතර මෙලොවින් නික්මෙන දිනය ඔබවත් මමවත් නොදන්නේය !
මැරියන්
හැමදාම මං දාගෙන හිටපු සළුව විතරයි හුලගට උඩ ගියේ
උබ බැදන් හිටපු ජටාව හරි තදට බැදලා තිබ්බ '
විසි කරපු කෑම වලට රොද බැඳිලා ආපු පරවි '
සළුව ගන්න මං දුවද්දි විසිරිලා ගියා
වැහැලා වැහැලා තෙත් උන පොලව උඩ මං ලිස්සලා වැටෙයි කියලා '
උබ මගෙ පස්සෙන් රූට රූට ආවා
ඒ අස්සෙන් ආයෙම හිරි පොද වැස්සක් වැටුනට '
අපිට යන්න හෙවනක් තිබ්බේ නෑ !!
උබ මං දිහා බලලා හිනා වෙනකොටත් අපි තෙමිලා '
හින්දි ෆිල්ම් එකක ඊලග කොටස උනේ අයිස්ක්‍රීම් '
කොච්චර ජාති තිබ්බත් මං කන්නේ වැනිලා '
අයිස්ක්‍රීම් කකා එලියට ආපු මං උබව දිහා බැලුවා '
උබ මං දිහා බලනකොටම මට ඇහැරුනා !
මට දුක අන්තිම පාරට උබව තදට බදන් ඉබින්න බැරි උන එකට '
ඉබින්න බැරි උනත් හීනෙන් හරි උබව දකින එකත් මහමෙරක් මේ හිතට !!
මැරියන්
දුවගෙන ආවෙම උබේ අත ඉබින්න
ආයෙම හම්බෙන් නෑ මං යනවයි කියන්න
සින්ඩ්රෙල්ලගෙ නැති උන සපත්තුව හොයන්න
මට පුලුවන් එතකොට කුඩම්මව දාලා ඔහේ ලගට එන්න !!
හාද්දකට පුලුවන්ලු බැම්මක් බිඳින්න
ගෙම්බෙක් උනත් කුමාරයෙක් උනා මට පේන්න
මොනවද මං මේ කියන්නෙ මට පිස්සුද
හිට්ලර් උනත් වෙජිටේරියන් ' කලියෙන් මිනිස්සු මරන්න !!
ගල් දාලා පුරෝපු හැලියෙන් වතුර බොන්න
මල් දාලා සරසෝපු සයනයේ බැමි ලිහන්න
කල් ගියා ප්‍රේමය උබේ බව හිතන්න
මං ආවා රපුන්සල් කොන්ඩෙ බිම දාන්න !!
උබයි වියරු කලේ තේරුමක් නැති ඒවා ලියන්න
තාමත් පරක්කු නෑ අනේ ආයෙම එන්න
හැමදේටම තේරුමක් තිබ්බා උබ දන්නවද ??
ලුසිෆර් උනත් දේව දූතයෙක් ආස දේ ලැබුනනම් පැලෙන්න !
මැරියන්
කවුරුත්ම කියලා නෑ ලස්සනයි ඔය ඇස් '
ඉතින් සුදු මහත්තයා කොහොම වදින්නද වස්
මතකයි බලන් උන්න උබ ඇස් දිහා මගේ තුන් පැය තිස්
උබ දිහා බලාගන්න බැරුව මං කෑවා පොළවෙ පස්
උබේ ප්‍රේමේ දිව්වා ඇග පුරා පවා ලේ නහර මස්
උබට මතකද අපි හම්බුනා තියෙන හැමදාම පාරේ බස්
සාක්ශිත් එක්කලා පෙන්නනම් මං තමා රූකඩේ
හාන්සී වෙන්නවත් බෑ කොඳු නහර රිදෙනවා හීතලේ
කාන්සියට මා තියන් ඇයි උබ බොරු කලේ
සාංකාවට නම ඇන්සයිටි ! උබ දන්නවද දැන් මං ලෙඩෙක් !
අහුරු ගනන් බේත් බොන එකම නෙමේ ලෙඩේ
මුලු ඇගම පහුරු ගාන් රිද්දගන්නවමයි තුන් වෙලේ
අහිමිවීම් හැමතැනම එක වගේ නෑ සංසාරේ !
හිමි වීම් උනත් එච්චරයි මං අතගෑවෙම කළුවරේ
මන් හරි කාලකන්නි යන්නද දැන් මං අයාලේ !
මැරියන්
ඇතැම් ඇමතුම් වෙනුවෙන් දවස පුරාම බලා ඉදියෙමි
එයිනුත් ' ඇතැම් ඇමතුම් වෙනුවෙන් වසරක් පුරා බලා හිදියෙමි !
ඇතැම් හමුවීම් වෙනුවෙන් සතියක් පුරා බලා හිදියෙමි !
එයිනුත් ' ඇතැම් හමුවීම් වෙනුවෙන් වසර ගණනක් බලා හිදියෙමි !
ඇතැම් පණිවිඩ විනාඩියෙන් විනාඩියට ලැබුනි !
එයිනුත් ඇතැම් පණිවිඩ කිසිදා නොලැබුනි !
ඇතැම් මිනිසුන් කාලානුරූපීව මුණ ගැසුනි !
එයිනුත් ඇතැම් මිනිසුන් දෛවෝපගතව මුන ගැසුණි !
ඇතැම් රිදවීම් කදුලකට පමනක්ම සීමා උනි !
එයිනුත් ඇතැම් රිදවීම් සිහිනෙන් පවා රිදවිනි !
ඇතැම් ස්පර්ශ කිරීම් ශරීරයේ සෑමතැනම පාහේ ස්පර්ශ කිරිනි !
එයිනුත් ඇතැම් ඒවා ආත්මයේ සියුම් තැන් සිබිනි !!
ඇතැම් ජේද මා සදහා විනි !
එයිනුත් මෙවැන් ඒවා නුබ සදහා වුනි !
මැරියන් ♥️
🙂💩👍
කදුලු උනත් දස කැ #යා !!
ඉහලට ගත්ත තද උනුසුම් හුස්ම පහලට දාන ගමන් හිතුවා '
කදුලු ඉවරයි සතුට ඉවසගන්න නම් නම් බැරුවා '
ඇස් ඩිංගක් ඇරියා උබව පෙනෙද්දි හිත කොකියනවා !'
ආයෙම අඩන් නෑ කියලා හිතෙද්දි සතුටට පපුව රිදෙනවා !
හීන මාලිගා මැව්වා !
හිනාව විතරක්ම හිත හෙව්වා !
ආයෙම රැවටුනා කදුලු උනත් දස කැ #යා !
ඔච්චම් කර කරම පහලට රූට රූට මාව මැරුවා !
කාලකන්නිකම නිසාම හෙව්වා !
හිත පැලිලද කලින්ම බැලුවා !
ලුනු මිරිස් දාලා හට්ටියෙ තිබ්බා !
වෙරළු අච්චාරු කන්න ආසම හින්දා !
හිත පැලෙනකොටම අච්චාරු දැම්මා !
හින ඕනෙ නම් නිදාගනින් !
ප්‍රේමේ ඕනෙ නම් බුදියගනින් !
උබට දෙන්න ස්නේහයක් නෑ !
උබම උබව මරාගනින් !
හිත මටම කිව්වා !
මදැයි ' ප්‍රේමේ හොයන් ආපු හැමපාරම මං කදුලූ බිව්වා !
උබ හැමි #නි #යන් ! කැවුතු ඉරුවත් ප්‍රේමේ නම් එපා
මං දිවුරුවා !!
මැරියන්
සෙස්සි ක්ලික් !!
+ ඔයා දන්නවද සිතිජ ඇයි මං උඩ බලන් පොටෝස් ගන්නෙ කියල
එතකොට ඔයා හෙන සෙස්සි ශ්රැතී ! මාරම ලස්සනයි
+ ඔයා හිතන්නෙ මං ලස්සනට පේන්න එහෙම ගන්නවා කියලද
ඇයි එහෙම නෙමේද ?
+ මට හිනත් යනවා සිතිජ
ශ්රැතී ! ඇයි මේ ඇස් වල කදුලු ළමයෝ ?
+ ඔයා කිව්ව දේ ' ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්ත තමා සිතිජ ඇත්තම හේතුව
මං එහෙම පොටෝස් ගන්නේ මගෙ ඉදිමුන ඇස් හංගන්න සිතිජ !
කාටවත් මගෙ දුක නොපෙනෙන්න !
ඒ හැමෝම ඒ කදුලු එක්ක බරවුන ඉදිමුන ඇස් එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න !
මගේ දුර්වල තැන් හංගන්න විතරයි සිතිජ !
ඔච්චර ළඟින් ඉන්න ඔයාට නොපෙනුනා නම් මං දුකෙන් කියලා අනිත් අයට කෝම පේන්නද ? ඒ කියන්නේ මගේ වැඩේ සාර්ථකයි නේද ?
මැරියන්
💞
♥️