Thilini Madawananrachchi

Thilini Madawananrachchi

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thilini Madawananrachchi, Psychologist, .

01/07/2024

මම කව්ද ?

Who am I ?

තමන් කව්ද කියල අපි හැමෝම හිතාගෙන ඉන්න විදියක් තියනව. ඒ විදිය තමයි අපේ ජීවිතේ ගොඩාක් දේවල් තීරනය කරන්නෙ.

මම කව්ද කියන එක අපිට විදි දෙකකින් හිතන්න පුලුවන් හරියටම බැලුවොත් ,
අඪිද්තක්සේරුවෙන්
හෝ
අවතක්සේරුවෙන්

මේ මොන ක්‍රමයට තමන් ගැන හිතුවත් , අපේ හිතෙන් අපි දන්නව අපි කව්ද, අපේ පුලුවන් බැරි දේවල් මොනවද කියල ..මම කියන්න හදන්නෙ විශේශයෙන්ම තමන් ගැන තිකක් ආඩම්බර වෙන එකේ තියන වටින කම ,,,

අපි හමෝම ටිකාක් විතර ආඩම්බර වෙන්න ඕනෙ අපි ගැනම ,
ඒක කරන්නෙ අපිට motivation එකක් එන්න අපි අපිවම පරෙස්සම් කරගන්න විතරයි .
අපි ගැන අපිටම ආඩම්බර කමක් තියනව නම් , අපි ගොඩක් වෙලාවට වැරදි දෙයක් කියන්න , කරන්න බලනව අඩුයි ,,

ඒකට හේතුව" මම කොහොමද ඒ තත්වෙට වැටෙන්නෙ " කියන feeling එක , integrity එක ,,

ඒක වැදගත් කම තේරෙන්නෙ එහෙම නැති මිනිස්සු ඒ වැරැද්දම කරල පසුතැවෙන හැටි දකිනකොට..

ඒ නිසා ජීවිතේ ,, තමන්ගෙ දක්ශකම් ගැන හෝ තමන්ගෙ හැකියාවක් ගැන , තමන් ගොඩනගාගෙන තියන දේවල් ගැන ටිකක් ආඩම්බර වෙන්න ,, ලොකු දේවල් ඕනෙ නැහැ,, තමන් බොරු නොකියන කෙනෙක් නම් ඒකත් ලොකූ දෙයක් අපිට අපි ගැන ආඩම්බර වෙන්න

තමන්ගෙ boundaries හදාගන්න උදව් වෙන්න විතරක් තමන්ගෙ ආඩම්බරකම හිතේ තියගන්න ,, මිනිස්සුන්ව පහත් කරන්න ඒ දේවල් යොදාගන්න නෙවෙයි

එහෙම පුන්චි ආඩම්බර කමක් තිබුනම , අනිත් අය අපි එක්ක හැසිරෙන විදිය අපි බලනව ,, පහලටම දාල තමන් ට treat කරන්න අපි ඉඩ දෙන්නෙ නැති වෙන්නෙ ඒ පුන්චි ආඩම්බරකම හිතේ තිබුනොත් තමයි..
ආයෙත් ලියන්නෙ , ආඩම්බර කම කියන්නෙ තමන් ගැන තමන්ගෙ values ගැන දැනගන්න එක තමටම මතක් කරගන්න එක ..
අනිත් හැම අතින්ම ,
අපිට හම්බෙන අයට අපි ආදරනීය කෙනෙක් උනොත් ඇති ,, වැරදියට සලකන කෙනෙකුට තමයි දැනගන්න දෙන්න ඕනේ ,, අපි දැනගන්න ඕනේ මොන වෙලාවක ද boundaries තියගන්න ඕන කියල..
In your mind ,Be proud of who you are ,, know your values and never let ANYONE mistreat you because you have a kind heart ,,

Save your heart ♥️

30/06/2024

Force කිරීම සහ සම්බන්දකම්

බල කරන කිසිම සම්බන්දයක දීර්ග කාලීන පැවැත්මක් නැති බව අපි තේරුම් ගන්නේ කොහොමද ,, බල කරල දෙයක් ලබ ගන්න තරම් තමන් පල්ලෙහාට දාගන්න එපා කිසිම කෙනෙක් ලග කිසිම වෙලවක.මොනතරම් ආදරේ උනත් යාලුකම් සම්බන්දකම් කිසිම දේකට අපිට තව කෙනෙකුට force කරන්න එහෙම නැත්තම් බල කරන්න බැරි බව හිතට කියල දෙන්න ඕනෙ පලවෙනි පාඩම් වලින් එකක්.

මෙහෙම හිතමු , අපි කෙනෙකුට ආදරෙයි ,, ඒත් ඒ කෙනාට එහෙම හැගීමක් නැති වෙන්න පුලුවන්. ඉතින් අපි ආදරේ නිසාම අපි කැමති නිසාම , අපිට ආදරේ වෙන්න ඕනෙ කැමති වෙන්න ඕනෙ කියල හිතන්න පුලුවන්ද ? එපා එහෙම හිතන්නවත් ,,,, අපි එක එක්කෙනාගෙ vibration එක වෙනස් ,, vibration තේරුම් ගන්න පුලුවන් හැකියාව වෙනස්,,ඉතින් අපි හිතන පතන විදිය එක වගේ වෙන්න බැහැ . මේ පුන්චි කොටස තේරුම් ගන්න ඕනෙ ජීවිතේ. හැමදාම වගේ හිත හදාගන්න නම් ,,

තව අතකින් අපි force කරල කරගන්න සම්බන්දයක්ම අපිට ගෙන්නෙ දුක විතරමයි. මවාගෙන ඉන්න තැන , හරිම පුද්ගලය ඉතුරු වෙනකොට ආයසයෙන් තොරවම හිත රිද්දගන්න පුලුවන් ,, ඒ නිසා කාටවත් කිසිම සම්බන්දකමකට බල කරන්න එපා. ඒ තමන් ගැනම හිතල ,, මොකද මිනිස්සු හැමෝම තමන්ගෙ සිතිවිලි එක්ක ගනුදෙනු කරනකොට ඉස්සරවෙලාම අයින් කරන්නෙ අමාරු බැදීම් නිසා.එතනදි ඒ පුද්ගලයා සාදාරනයි
ඒ නිසා කාට උනත් ඒ පුද්ගලයාම වෙන්න ඉඩ දෙන්න ,, ඒ අතරෙන් තමන් ඉන්නව නම් ඒ බව තේරේවි, නැත්තම් ඒ ගැන සතුටින් ඉන්න ,, හැම දෙයක්ම ලැබෙන්නෙ හරිම විදියට..බල කිරීම ඉතාම තාවකාලික බව මතක කරගන්න පුලුවන්නම් ඔබේ හිත තව පරෙස්සම්

අනිත් අතට , ආදරේ නම් අත් හරින්න ,, ඒ පුද්ගලයා ඔහුම උනොත් හැර මවාගත් කෙනෙක් නම් ඒ ආදරය එතැනින්ම ඔබට අහිමි වෙලා ඉවරයි නේද ?

ඒ නිසා හිතන්න ,, right people will always be there for you ♥️

29/06/2024

Do your share
ඔබේ කොටස උපරිමයෙන් කරන්න

ජීවිතේ අපිට
මුහ්නගැහෙන හැම මනුස්සයෙක් ජීවියෙක් එක්කම අපිට සම්බන්දයක්ම තියනව. යලුවෙක් ආදරේ කරන කෙනෙක් රාජකාරි මට්ටමේ මේ කොයි විදිහෙන් හරි අපේ සම්බන්දකම තිබුනත් , ඒ අතරෙන් අනිත් අයගෙ හැසිරීම් එක්ක අපේ හිත හදාගන්නෙ කොහොමද කියල බලමු ,
අපිට අනිත් කෙනා ගෙ හැසිරීම් ගැන ඒ හැසිරීන නිසා හිත හැදෙන වගේම , හිත රිදෙන තැන් වෙන්න පුලුවන්,
හිත රිදවගන්නෙ නැතුව ඉන්න නම් , අපි ගොඩක් ඒවා බලපොරොත්තු නොවී ඉන්න ඕන , ඒ එක්කම අපේ කොටස උපරිමයෙන් ම කරන්න පුලුවන්නම් , අපේ හිත පරෙස්සම් ගොඩක් දුරට

ආදරේ , සම්බන්දකම් අතරෙ අපි කොහොමද අපේ share එක විතරක් කරන්නෙ ?
මෙහෙම පටන් ගනිමු ,,
හොයල බලන එක , ආදරේ කරන එක , කතා කරන එක ඒ විදියටම හිත හොදින් කරල බලන්න ,, අනිත් අයත් කරන්න ඕනෙ කියල බලපොරොත්තු වෙන්නෙ නැතුව ,, මෙහෙම කරනකොට ඇත්තටම ආදරේ අය අපිට ඉතුරු වෙනව. අපේ vibration එක තේරෙන අය ඉතුරු වෙනව ,, අනිත් අය ගැන අපිට තේරුම් ගන්න පුලුවන් ,, ඕනේම සම්බන්දයකට අපේ උපරිම energy දුන්නට පස්සෙ ඒ ගැන වද වෙන්න අපිට හේතුවක් නැහැ ,, අපේ ජීවිතවල ලියල නැති දේවල් අත්හැරෙන්න ඉඩ දෙන්න ,, නිකන්ම නෙවෙවි අපේ උපරිම try කරල ඉට පස්සෙ .. ඕනම සම්බන්දයක්මකටම සීමාව දාගන්න ලේසිම ක්‍රමය තමයි තමන් ආදරේ උපරිම කරල බලන එක ,, ඒ පොඩි කාලෙදි අපේ හිත පරෙස්සම් කරගන්න නම් , ආපස්සට කිසි දෙයක් බලාපොරොත්තු නොවෙන්නත් ඕනෙමයි.
ටික දවසකදි අනිත් කෙනාගෙ හැසිරීම pattern එක එක්ක අපි කොයිතරම් බැදෙන්න ඕනෙද කියල දනෙන්න පටන් ගනිවි,,
ජීවිතේ අපේ හිත්ට දැනෙන දේවල් , කනට අහෙන දේට වඩා වටිනව ,, ඒ නිසා vibration අදුරගන්න වගේම vibration trust කරන්න ඉගන ගන්න
වචනෙන් මිනිස්සු මොනව කිව්වත් ඒ හැමෝගෙම pattern එක අපිම අදුරගන්න ඕනෙ ,, එතකොට ජීවිතේ තවත් ලේසි වේවි ♥️

28/06/2024

ආදරය සහ සන්නිවේදනය

සන්නිවේදනය (communication) කියන්නෙ ජීවිතේ අපි හැමෝම ඉතාම පිලිවෙලට පුරුදු කරන්න අත්‍යවශ්‍ය පුරුද්දක්

හැම සම්භන්දයක්ම ලේසි කරන මේ සන්නිවේදන කියන ක්‍රමය ඇයි අපි පුරුදු කරගන්නෙ නැත්තෙ ?

කාට හරි ආදරේ නම් කියන්න ,
ආදරේ නැත්තම් ඒකත් කියන්න
හිතල බලන්න ඕනෙ නම් කියන්න
හිතන්න ඕනෙ නැත්තම් ඒකත් කියන්න
හැගීම් ප්‍රකාශ කරනවට වඩා අපි කරන්නෙ අනිත් අය අපිව තේරුම් ගනිවි කියල බලපොරොත්තු වෙන එක නේද ?
එහෙම බලාපොරොත්තු වෙන්න එපා එහෙම වචනයක් කතා නොකර අපිව තේරුම් ගන්න කෙනෙක් ඉතාම කලාතුරකින් හම්බෙන්න පුලුවන් ( ලොකූ පිනකට එහෙම හම්බුනොත් ඒ කෙනාව රැක ගන්න බොහොම පර්‍ර්ස්සමෙන් ♥️ හරියටම කිව්වොත් පන වගේ ,, මොකද මේ කලබල ලෝකේ ඒ වගේ අය ආශිර්වාදයක් 🙏)

අනිත් හැමෝම එක්ක ගනුදෙනු කරද්දි පැහැදිලිව communicate කරන්න පුලුවන්නම් ජීවිතේ හොඩාක් දේවල් ලේසි වේවි

හිත රිදුනොත් කියන්න පුලුවන්නම්
සතුටු හිතුනත් ඒකත් කියන්න ,
තනියම ඉන්න ඕනේ නම් කියන්න
යාලුවෙක් එක්ක කෝපි එකක් බොන්න යන්න ඕනෙ නම් කියන්න
ඕනෙ දෙයක් කිව්වොත් තමන් ලග ඉන්න අයටත් ලේසි ,, එතකොට ඔයා එක්ක ජීවත් වෙන අය ඒකට කැමති වේවි තවත් ,, ආයාසයකින් තොරව

අපිට ඉන්න ලේසි තැන්වල තමයි අපි හමෝම ඉන්න බලන්නෙ
හැමදේම misunderstand කරන තැන්වල මිනිස්සු ඉවස ගනීවි, ඒත් ඒක ටික කාලයකටයි ,

ඒ නිසා මිනිස් සම්බන්දයක්ම් වලදි හරි විදියට communication එක පවත්ව ගන්න (ආදරේ කරන මිනිස්සුන් එක්ක වැඩිපුර)

හිත රිද්දගන්න මේ ලෝකෙ ඕනෙ තරම් හේතු තියනව, ඉතින් ආදරේ කරන අය එක්ක ජීවිතේ ටිකක් ලේසි කරගන්න ,, හරි දේ කතා කරන්න ..හිත නොරිද්ද කියන දේ කියන්න පුලුවන්නම් , ඔබ ගොඩක් දේවල් ලබාගනිවි ,, විශේශයෙන්ම හිතේ සැනසීම

Be impeccable with your words and communicate right ♥️

27/06/2024

Busy වීමත් ජීවිතේ පාඩමක්. කොච්චර ආදරේ උනත් ,

හැම වෙලාවෙම කෙනෙකුට available වෙන එක ඔයගෙ

value එක පහතට දානව කියල මම කිව්වොත් ?

ඔව් එක ඇත්ත ..
එක මිනිස් හිතේ ස්වභවය ..ආදරේ එක්ක බැදුනු හැම

සම්බන්දයක්ම , ප්‍රේමට යලුකම සහොදරකම් රැකියාවෙ

දන්න ඔනේම කෙනෙකුට , ඔනෙම වෙලවක අපි ඒ අය

වෙනුවෙන් හිටියොත් , ටික කාලයක් යනකොට ඒ දේ

සාමාන්‍ය දෙයක් වෙනව.

ඒක හැමොම හිතල කරන දෙයක් නොවෙන්න පුලුවන්.

මිනිස් හිතේ හැටි කියන්නත් පුලුවන් ( මෙහෙම වෙන්නෙ

නැති ඉතාම පොඩි කොටසක් ඉන්නව.ඒ අයට 🙏♥️ )

ආදරේ කොච්චර කරත් , ඒකෙන් දුර යන්න බලනව නම් ,

කතා කරන එක අඩු නම් ,

තේරුම් ගන්න ඔනේ හදවතින් නැතුව බුද්දියෙන් . ටිකක්

observe කරල බලන්න pattern එක.

හිත රිද්දගන්නෙ සන්වේදීම පර්ශවය.

අනිත් කෙනාගෙ නිහඩබව කියන දේ

තේරෙන අය, කොටින්ම කිව්වොත් හිත රිද්දගන්නෙ හිත

ලස්සනම කට්ටිය. මේකට කරන්න තියෙන්නෙ ටිකාක්

විතර ඔයත් බිසි වෙන එක .. හොයල බලන්න ආදරේ

කරන්න . ,, ඒ උනට තමන්ගෙ දියුනුවටත් වැඩ කරගන්න.

ආදරේ කියන්නෙ හිත බර නොකරන එකට ..

ලෝකෙනම එන හිත් රිදවීම් අතරෙ දරාගන්න ශක්තිය දෙන එකට .

ඉතින් එහෙම ආදරෙත් හිත රිදවන තැන් තියනවනම්

තමන්ගෙ හිත පරෙස්සම් කරගන්න ඔනේ තමන්මයි. නේද

හැම වෙලාවෙම කාටවත් available වෙන්නෙ නැතුව

ඉන්න බලන්න. ආදරේ මහ ගොඩක් දෙන්න. ඒත් තමන්ගෙ හිත පරෙස්සම් කරගන්න. තමන්ගෙ වටිනකම් දැනගන්න

ඒක අමාරුයි .

ඒත් පුරුදු කරල බලන්න හිත කැඩෙන තැන් අඩු වේවි..

ආදරේ කරන්න තව ලේසි වේවි .♥️

Thilini Madawanarachchi
“Love is all you need “♥️
Create your best version

21/03/2023
Photos from Thilini Madawananrachchi's post 20/03/2023
26/05/2022

😇

03/05/2022

Blessed Eid 💐

01/03/2022

*May the divine glory remind you of your capabilities and help you in attaining success. Happy Mahashivratri 🪔🌷

01/03/2022

Leave everything which make your Heart heavy

Live the moment fullest 🌷🌷🌷🌷🌷🌷

14/01/2022

Wishing you happy pongal , full of joy and prosperity.

12/01/2022

At 40, Franz Kafka (1883-1924), who never married and had no children, walked through the park in Berlin when he met a girl who was crying because she had lost her favourite doll. She and Kafka searched for the doll unsuccessfully.
Kafka told her to meet him there the next day and they would come back to look for her.
The next day, when they had not yet found the doll, Kafka gave the girl a letter "written" by the doll saying "please don't cry. I took a trip to see the world. I will write to you about my adventures."
Thus began a story which continued until the end of Kafka's life.
During their meetings, Kafka read the letters of the doll carefully written with adventures and conversations that the girl found adorable.
Finally, Kafka brought back the doll (he bought one) that had returned to Berlin.
"It doesn't look like my doll at all," said the girl.
Kafka handed her another letter in which the doll wrote: "my travels have changed me." the little girl hugged the new doll and brought her happy home.
A year later Kafka died.
Many years later, the now-adult girl found a letter inside the doll. In the tiny letter signed by Kafka it was written:

"Everything you love will probably be lost, but in the end, love will return in another way.

11/01/2022

We give time to everyone and the least for our own self ,, but giving time to yourself and make you happy is the key to keep everyone around you happier ,, remember
We can not pour from an empty cup❤️!

Thilini Madawanarachchi-

21/12/2021

Peace 🤍🤍🤍🤍

Website