යොවුන් දහම් සක්මන Yowun Daham Sakmana
''️වියලී ගිණි ගත් තරුණ හදවත්,නිවා සනහන ?
https://youtu.be/2Cxj7Rzours?si=gP13DcpbyRKRmXUU
01. ඔබට ධර්මය ඕන ද ? එපා ද ? කියලා මුලින් හරියට දැනගන්න | Ven.Kirulapana Dhammawijaya Thero #දේශණා_අංක_764💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැන.....
නොදැන කරනා පව්කම් වලිනුත් විපාක ලැබේ ද?
රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් රචිත සුවිසි මහ ගුණය පොත් වහන්සේ කියවමු. තෙරුවන් ගුණ නමදිමු.
06 වන කොටස
පෙර කොටස
https://pitaka.lk/books/suvisi-gunaya/3-3.html
පොතම කියවන්න.
https://pitaka.lk/books/suvisi-gunaya/
අරහං ගුණය
(රහතන් වහන්සේගේ දක්ඛිණෙය භාවය )
හිසකේ විකුණා දන් දුන් කාන්තාවක්
මහාකච්චාන මහරහතන් වහන්සේ තවත් රහතන් වහන්සේ සත් නමක් හා උජ්ජේනි නුවරට වඩනා සේක්, ‘තේලප්පනාළි’ නම් නියම් ගමකට පිඬු සිඟා වැඩි සේක. එගම සිටු දූවරු දෙදෙනෙක් වූහ. එකියක් පිරිහුණු සිටු පවුලක උපත ලබා මා පියන්ගේ ඇවෑමෙන් පසු කිරි මවකගේ උපකාරයෙන් ජිවත් වන දිළිඳු තරුණියකි. ඇගේ ශරිරය හොදින් වැඩි තිබිණ. ඇගේ හිසකේ අන්‍යයන්ගේ හිසකේ වලට වඩා දික් විය. අනික් සිටු දුව මඳකෙස් ඇත්තියකි. ඕ දුප්පත් තරුණියගේ හිසකේ ටික මිලයට ගැනිම සඳහා දහසකට වුවද ගනිමි’ යි කියා දූතයන් එවුවා හ. එහෙත් දිළිඳුව තමාගේ හිසකේ නො වික්කාය. ඕ තෙමෝ එදා භික්ෂුන් සත් නමක් හා හිස් පාත්‍ර ඇතිව වඩනා මහාකච්චාන තෙරුන් වහන්සේ දැක ‘රන්වන් සිරුර ඇති බ්‍රහ්මණ භික්ෂුවක් හිස් වූ පාත්‍රය ඇතිව වැඩම කරන්නේ ය, මුන් වහන්සේට සංග්‍රාහ කිරිමට මට කිසි ධනයක් නැත. අසවල් ගෙදර සිටු දුව මාගේ හිසකේ මිලයට ගැනිමට දූතයන් එවන්නිය, මාගේ මේ හිස කෙස් ටික කපා ඇය වෙත යවා එයින් ලැබෙන මිළයෙන් මුන්වහන්සේට දන්දිය හැකිය’ යි සිතා කිරිමව යවා ආරාධනා කරවා සිය නිවසට තෙරුන් වහන්සේ වැඩමවා ගත්තාය. උන්වහන්සේලාට වැඩ සිටිමට අසුන් පනවා දී ඕ කාමරයකට පිවිස කිරිමව ලවා තමාගේ කෙස් කළඔ කපවා ‘මෑණියෙනි, මේ කෙස් අසවල් සිටු දුවට දී ආර්‍ය්‍යයන් වහන්සේට දන් දීම සඳහා ඇය දෙන දෙයක් ගෙනෙනු මැනව’යි කීවා ය. කිරිමව මහත් ශෝකයෙන් එක් අතකින් කඳුළු පිසමින් අනික් අත පපුවෙහි තබා ගෙන තෙරුන් වහන්සේලාට නොපෙනෙන සේ කෙස් කළඔ ගෙන සිටු දූ වෙත ගියාය. වෙළඳ බඩුව කොතෙක් අගය ඇතියක් වුවද විකුණා ගැනිමට වූවමනා වී අනිකකු වෙත ගෙන ගියහොත් එහි අගය අඩු වේ. ඇගේ කෙස් කළඔටත් එය සිදුවිය. පොහොසත් සිටුදුව සිතන්නී ‘කලින් මේ කෙස් කළඔ දහසකින් ද ගෙන්වා ගත නොහැකි විය. යම් කිසි තැනකට ගෙනෙන ලද ජිව කේශ කලාපයක් වටින්නේ කහවනු අටකි’ යි සිතා කිරිමව අමතා ‘තිගේ ස්වාමි දූ මේ කෙස් කලින් මට බොහෝ ධනයටත් නුදුන්නී ය. කැපිමෙන් පසු දැන් මේවා වටින්නේ කහවනු අටක් පමණි. ඒ නිසා මේ කහවනු අට ගනුව’යි කියා අටකහවණුවක් දුන්නීය. කිරිමව කහවණු ගෙනවුත් සිටුදුවට දුන්නි ය. සිටු දූ එක් එක් නමකට කහවණුවක් අගනා පරිදි පිණ්ඩපාතය පිළියෙල කරවා තෙරුන් වහන්සේලාට දෙව්වාය. තෙරුන් වහන්සේ ඒ දානය දෙවූ සිටුදුවගේ උපනිඃශ්‍රය සම්පත්තිය දැක ‘සිටුදූ කොහිදැ’යි විචාළහ. ‘ස්වාමීනි, කාමරයේය’යි කිරිමව කීවා ය. ‘ඇය කැඳවන්න’ යයි තෙරුන් වහන්සේ කීහ. හිසකේ නැතිව කෙනෙකු ඉදිරියේ පෙනී සිටීමට තරුණ කතකට මහත් ලජ්ජාවක් ඇත ද ඔ තෙරුන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් එක් වචනයටම ගැබින් නික්ම අවුත් තෙරුන් වහන්සේලාගේ පා වැඳ මහත් වූ ශ්රඬාවක් ඇතිකර ගත්තා ය. ඒ තෙරුන් වහන්සේලා සම දෙනම රහතන් වහන්සේලා ය. යහපත් පින් කෙතෙහි පිහිට වූ පිණ්ඩපාතයේ විපාක ඒ භවයේදිම ලැබෙන්නේය. තෙරුන් වහන්සේලාගේ පා වඳිනු සමඟම ඇගේ හිසකේ පළමු තුබූ පරිදිම විය. ඉක්බිති තෙරුන් වහන්සේලා ඇය බලා සිටියදීම අහසට නැඟ ගොස් උජ්ජේනි පුරයේ වණ්ඩප්පජ්ජෝත රජුගේ කඤ්චන වන නම් උයනෙහි බැස ආහාර වැළඳූහ. උයන් ගොව්වා තෙරුන් වහන්සේ දැක හැඳින වහා රජු වෙත ගොස් ‘දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ පුරෝහිත කච්චාන බ්‍රාහ්මණ පැවිදිව දැන් උයනට පැමිණ ඇතැ’යි දැන්වීය. රජු ඉමහත් සතුටට පැමිණ එකෙණෙහි උයනට ගියේය. ඉක්බිති තෙරුන් වහන්සේ වැඳ ‘භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ නො වැඩ මා මෙහි එවූ සේකැ’ යි තෙරුන් වහන්සේ වදාළහ. ‘ස්වාමීනි, අද අහර වැළඳූ සේක්දැ’ යි රජු විචාළේය. එකල්හි තෙරුන් වහන්සේ වළඳා අවසන් වී ඇති බවත් එදා පිණ්ඩපාතය දුන් සිටු දුවගේ පුවතත් රජුට කීහ. රජතුමා තෙරුන් වහන්සේලාට වාසස්ථාන පිළියෙල කරවා පෙරළා ගොස් සිටු කුමරිය ගෙන්වා අගමෙහෙසුන් තන්හි තබා ගත්තේය. රහතන් වහන්සේ කෙරෙහි පිරි නැමූ දානයේ විපාක ඇයට එසේ ඒ ආත්මභාවයේදී ම ලැබුණේ රහතන් වහන්සේලාගේ ගුණස්කන්ධයේ මහත්වය නිසා ය. දන් දුන්නවුන්ට එකෙණෙහි ම ඵල ලැබිමට හේතුවන ගුණස්කන්ධයක් ඇති බැවින් ක්ෂීණාශ්රවයන් වහන්සේලා අග්රදක්ෂිණාර්භයෝය.
තෙරුවන් සරණයි...!!
තිසරණයට අනුව කිරි අම්මාවරුන්ගේ දානය සිදු කරමු.
“අත්ථි දින්නං” හෙවත් “දන්දීමේ යහපත් ආනිශංස ඇත.” යනු ලෞකික සම්මා දිට්ඨියේ මුල් අංගය යි. එම නිසා කිරි අම්මාවරු හත් දෙනෙකුට කිරි දානයක් පිදීම ඒකාන්තයෙන් ම යහපත් විපාක ලබාදෙන පුණ්‍ය කර්මයක්. එහි දී එම දානයට සහභාගී වන කිරි අම්මාවරුන් තිසරණගත සිල්වත් ගුණවත් පිරිසක් නම් එම දානය මහත්ඵල මහානිශංස වීමට හේතුවනවා. එනමුත් මෙහි දී පත්තිනි මෑණියන් අරමුණු කරගෙන නොව මානව ඉතිහාසයේ සිටි සිල්වත් ම ගුණවත් ම මෑණියන් වූ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දස මසක් කුස හොවාගෙන මෙලොවට බිහි කළ මහා පින් ඇති මහාමායා දේවිය අරමුණු කරගෙන කිරි දානය පූජා කිරීම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ට ඉතාමත් සුදුසුයි. එහි දී මහාමායා දේවියගේ උතුම් ගුණ කඳ සිහිපත් කිරීම ද සිදු කළ හැකියි. එමෙන් ම බෝසතාණන් වහන්සේ උදෙසා සසර පුරාවට ශ්‍රේෂ්ඨ ආත්ම පරිත්‍යාගයකින් පාරමිතා පූරණයට උපකාරී වූ, අවසන් දිවියේ බෝසතුන් ගිහිගෙය හැරදා ගිය දා පටන් බ්රහ්මචාරීව ගුණ පිරූ යසෝධරාවන්ගේ අපරිමිත ගුණකඳ මෙනෙහි කිරීම ද තෙරුවන් සරණ ගිය බෞද්ධයන්ට ඉතාමත් උචිතයි. තව ද මහාමායා දේවිය මියගිය පසු බෝසතාණන් වහන්සේට සිය කිරි පොවා මහත් ආදරයකින් සෙනෙහසකින් හැදූ වැඩූ මහා ප්‍රජාපතී ගෝතමියගේ ගුණයන් මෙනෙහි කරමින් ඉතා අර්ථවත් ව කිරි අම්මාවරුන්ට දානය පූජා කළ හැකියි.
බෞද්ධ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ වනිතා රත්නයන් වූ එම උත්තමාවියන්ගේ ගුණ ප්‍රකට කරමින් එසේ අවබෝධයෙන් රැස්කර ගන්නා උතුම් පුණ්‍ය ධර්මයන් පත්තිනි මෑණියන් ඇතුළු දෙවිවරුන්ට අනුමෝදන් කිරීම තුළ දේවාශීර්වාදය ලබා ගත හැකියි. ආර්ය ශ්රාවකත්වයේ පිහිටි ශ්‍රාවකයන් හට බෞද්ධ සම්ප්රදාය රැකගෙන මෙසේ කිරි අම්මාවරුන් උදෙසා දානය පූජා කොට වටිනා පුණ්‍ය ධර්මයන් රැස්කර ගත හැකියි.
#කිරි_අම්මා_දානය #කිරි_අම්මාවරුන්ගේ_දානය
#මහාමායා_දේවිය
තෙරුවන් සරණයි...!!
අප්‍රමාදීව කුසල් දහම් රැස් කරන්න. තෙරුවන් සරණයි
අපගේ පිංවත් දුටුගැමුණු නිරිදුණ්....🙏🙏🙏
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
අතීතයේ වුව....
වරතමානයේ වුව
අනාගතයේ වුව
වෛරය...
මෛත්‍රීය ඉදිරියේ
දණ ගසනු ඇත.
සත්වයා ඝෝර සසරින් එතෙර කරවනු වස්..
ස්වකීය ජිවිතය
ආදී වු අනෙකවිධ පාරිත්යාගයෙන් පෙරුම්දම් පුරා දත යුතු
සියල්ල දැක.බුද්ධත්වයට පත් වු...
අනන්ත වුත්..අප්‍රමාණ වුත්...ගුණ ස්කන්ධයක් දැරුවා වු
ඒ...මහා කාරුණික...තථාගත...අමා මෑණි...
ගෞතම බුදු පියාණන් දොහෝත් මුදුන් දි වන්දනා කරමී.
නමස්කාර වේවා!
නමස්කාර වේවා!!
නමස්කාර වේවා!!!
ඔබට යමෙකු අප්‍රමාණව
වෛර කරයි නම්,
අපහාස කරයි නම්,
අභූත චෝදනා කරයි නම්,
ඔබ අප්‍රමාණව එම පුද්ගලයාට මෛත්‍රී කරන්න
එවිට යම් දිනයක, යම් මොහොතක
ඔබගේ නොසැලෙන මෙත් සිතහමුවේ
ඔබට එරෙහිව ආ සියළු වෛරී සිත්
ඔබ හමුවේ දණ නමනු නො අනුමානයි
මෙත් සිත් වඩමු - සියළු සිත් සුවපත් කරමු...🌹
මහරහතන් වහන්සේලාට
මාගේ නමස්කාරය වේවා!
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
සම්බුදු සසුන රකිමින් ඒ මග ගත්තූ
බොදු බැති හදවතේ වැජඹෙන පින්වත්තූ
කහ පැහැ පහන් ලොව මත කරවන පත්තූ
මගෙ දණ නමමි පා බීයස බුදු පුත්තූ ..........