රස බොජුන් - Rasa Bojun

රස බොජුන් - Rasa Bojun

කටට රසට ආහාර පිසින විදි රැසක් සමගින් රස බොජුන්.

29/11/2023

කෙසෙල්මුව සීනි සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය:

කෙසෙල් මුව 500g
ළුෑණු ගෙඩි 2
අමු මිරිස් කරල් 15
කරපින්චා
රම්පෙ කැබැල්ලක්
උම්බලකඩ කුඩා කැබලි 80g
කරාබු නැටි 3
කරඳමුංගු 3
සියඹලා යුශ මේස හැදි 2
කුරුඳු කුඩු තේ හැදි ½
මිරිස් කුඩු තේ හැඳි 1
මිරිස් කෑලි මේස හැදි 2
කහ කුඩු තේ හැදි 1
සීනි මේස හැඳි 1
පොල්තෙල්
රස අනුව ලුනු

සාදන ආකාරය:

කෙසෙල් මුව ටික හීනියට කපාගෙන කහ සහ ලුනු මිශ්‍ර කරගත්ත වතුරින් සෝදා වතුර මිරිකාගන්න.
ළුෑණු ටිකත් සිහින්ව කපා පැත්තකින් තබාගන්න. අමු මිරිස් ටික වෙන් නොවෙන්න දෙකට පලාගන්න.
දැන් බැදගැනීමට අවශ්ය ප්‍රමානයට තාච්චියකට තෙල් දමා රත්වෙනවිට එයට කපාගත් කෙසෙල් මුව ටික ටික දමා රන්වන් පාට වනතුරු බැදගන්න.
ඉන්පසු ළුෑණු ටිකත් රන්වන් පාට වනතුරු බැදගන්න.
දැන් තෙල් ස්වල්පයක් ලිප තබා රත්වෙන විට එයට රම්පෙ,කරපින්චා,අමුමිරිස්,කරාබු නැටි, කරඳමුංගු දමා ටිකක් බැදගන්න. එය බැදීගෙන එනවිට එයට උම්බලකඩ, කුරුඳු කුඩු, මිරිස් කුඩු, මිරිස් කෑලි, සීනි සහ රස අනුව ලුනු ද එක්කර හොදින් කලවම් කර ටික වෙලාවක් බැදගන්න.
පසුව එයට බැදගත් කෙසෙල්මුව ටික සහ ළුෑණු ටික එක්කර හොදින් කලවම් කර එයටම සියඹලා යුශ ද එක්කර හොදින් කලවම් කර ටික වෙලාවක් මදගින්නේ පිසගෙන ලිපෙන් බාගන්න.
රස බලන්න.

04/10/2023

ටිපි ටිප් හදමු

අවශ්‍ය ද්‍රව්ය :
තම්බා හොදට පොඩි කරගත් අල කෝප්ප 3
පිටිකිරි කෝප්ප 3
කෝන් පිටි තේ හැදි 6
මොසරැල්ලා චීස් ටිකක්
කරපිංචා (හීනියට කපාගත්)
බිත්තරයක්
කහ කුඩු
ලුණු ටිකක්
ඊස්ට් තේ හැදි 3 1/2

සාදන ආකාරය :
අල ටිකට කෝන් පිටි ටික දාල ඒකටම ලුනු, කහ කුඩු, බිත්තරය,කරපිංචා, චීස් ටික, ඊස්ට් සහ කිරි කෝප්ප 2 ක් දාලා හොදට කවලම් කරගන්න.
දිය ගතිය මදිනම් අනිත් කිරි ටිකත් දාලා හොදින් කලවම් කරගන්න. ගොඩාක් දියට නැතුව ටිකක් ගන බැටරයක් හදාගන්න.
ඊට පස්සෙ මේක පැය බාගයක් හොදට වහලා පිපෙන්න තියන්න.
දැන් තාච්චියක් ලිප තියලා ඒකට තෙල් ටිකක් වැඩිපුර දාලා රත් කරගන්න.
දැන් අර මිශ්‍රණය අරගෙන පයිපින් බෑග් එකකට දාලා පයිපින් බෑග් එක චුට්ටක් කපල ගන්න.
ඊට පස්සෙ තෙල් ටික හොදට රත් උනාම අර මිශ්‍රණය බෝල ආකාරයට එන විදියට තෙල් එකෙ තැනින් තැනට මිරිකන්න
රන්වන් පාටට ආවම ලිපෙන් අයින් කරලා තෙල් බේරෙන්න තියන්න.
මිරිස්කුඩු ටිකකුත් දාගන කවලම් කරගන්න.
රස බලන්න.

09/09/2023

මාලුමිරිස් පිරවුම් ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය:
මාලුමිරිස් කරල් 7
ලොකු ළූණු ගෙඩි 2 ක් (පොඩියට කපාගෙන)
අමු මිරිස් කරල් 4 ක් (පොඩියට කපාගෙන)
බිත්තර 1
මිරිස් කෑලි තේ හැදි 2
මිරිස් කුඩු තේ හැඳි 11/2
කහ තේ හැදි 1/2 ක්
උම්බලකඩ කුඩු තේ හැදි 2
කරපිංචා කොළ (පොඩියට කපාගෙන)
පොල් කිරි කෝප්ප 1 ක්
රස අනුව ලුනු

සාදන ආකාරය:
පළමුවෙන්ම මාලුමිරිස් වෙන් නොවන ලෙස එක පැත්තකින් පලාගෙන ඇට ඉවත් කරගන්න.
දැන් තෙල් ස්වල්පයක් රත් කර එයට ළූණු, කරපිංචා, අමු මිරිස්, මිරිස් කෑලි, උම්බලකඩ කුඩු, කහ කුඩු තේ හැඳි 1/4 ක් දමා හොඳින් මිශ්‍ර කරන්න.
එය තෙලෙන් තැම්බෙන විට බිත්තරය එකතු කර කලවම් කරන්න.
දැන් රස අනුව ලුනු එකතු කර ලිපෙන් ඉවත් කරගන්න.
හොදින් නිමුනු පසු එම සාදාගත් මිශ්‍රනයෙන් මාලුමිරිස් ටික පුරවාගන්න.
දැන් භාජනයක් ගෙන එයට පොල් කිරි ,කහ කුඩු, මිරිස් කුඩු, කරපිංචා සහ රස අනුව ලුනු එක් කරගෙන මිශ්‍රණය පුරවා ඇති මාලුමිරිස් ප්‍රවේශමෙන් එහි තබා උයාගන්න.
රස බලන්න.

15/11/2022

මාළු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය:

තලපත් මාළු 500g
ළුුණු ගෙඩි 2 (කොටුවට කපාගත් ලොකු කැබලි )
සුදු ළුුණු බික් 3 (පොඩියට කපාගත්)
මාළු මිරිස් කරල් 5 (කොටුවට කපාගත් ලොකු කැබලි )
ඉගුරු පොඩි කැබැල්ලක් (පොඩියට කපාගත්)
තක්කලි ගෙඩි 2 (කොටුවට කපාගත් ලොකු කැබලි )
කරපිංචා
සෝයා සෝස් මේස හැදී 2
තක්කාලි සෝස් මේස හැදී 4
සිනි මේස හැදී 1
මිරිස්‌ කෑලි මේස හැදී 1
ගම්මිරිස් කුඩු තේ හැදී ½
දෙහි ගෙඩි ½ යුශ
බැදගැනීමට තෙල්
රස අනුව ලුනු

සාදන ආකාරය:

මුලින්ම මාළු කොටු කැබලි වලට කපා සෝදාගන්න. ඉන්පසු එයට ලුනු, ගම්මිරිස් කුඩු, දෙහි යුශ දමා කලවම් කර විනාඩි 20 පමණ තබන්න.
විනාඩි 20 ට පමණ පසු භාජනයක් ලිප තබා එයට තෙල් දමා රත්වූ පසු මාළු ටික බැදගන්න. මාළු ටික බැදගත් පසු වෙනත් භාජනයක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු එයට සුදු ළුුණු, ඉගුරු එකතුකර රන්වන් පාට වනතෙක් බැදගන්න.
ඉන්පසු එයට මාළු මිරිස්, ළුුණු, කරපිංචා , සෝයා සෝස් , තක්කාලි සෝස් , සිනි , මිරිස්‌ කෑලි , බැදගත් මාළු සහ රස අනුව ලුනු ද එකතු කර විනාඩි 2 ක් පමන අඩු ගින්දරේ පිසගන්න.
විනාඩි 2ට පමන පසු වතුර ස්වල්පයක් එකතු කර නැවත විනාඩියක් පමන පිසගෙන එයට තක්කාලිද එකතු කර ලිපෙන් බාගන්න.
රස බලන්න.

09/04/2022

පැණි අළුවා

අවශ්‍ය ද්‍රව්‍ය:

හාල් පිටි 300g
කිතුල් පැණි බෝතල් 1/2
සීනි මේස හැදි 4

සාදන ආකාරය:

මුලින්ම හාල් පිටි ටික කර වෙන්න නොදී බැදගන පැත්තකින් තබාගන්න.
අළුවා ටික තුනීකරගැනීමට කෙසෙල් කොලයකට හෝ තැටියකට බැදගත් හාල් පිටි ටිකක් ගාගන්න.
දැන් භාජනයක් ලිපේ තියලා ඒකට කිතුල් පැණි ටික දාලා ඒ ගමන්ම සීනි ටිකත් දාලා කලවම් කරමින් පැණි ටික රත්කරගන්න.
ඉන්පසු එය ලිපෙන් බාගන ටිකක් නිවෙන්න තියන්න.
ටික වෙලාවකට පසු රත්කරගත් පැණි ටිකට බැදගත් හාල්පිටි ටික එකතුකර හොදින් කලවම් කරගන්න.
දැන් මේ මිශ්‍රනය ලෑස්ති කරගත් කෙසෙල් කොලයේ හෝ තැටියෙ තුනීකරගෙන එයට උඩින් නැවත බැදගත් හාල්පිටි ටිකක් ඉස ගන්න. කපාගැනීමට අවශ්ය කෑලි ලකුනු කරගන්න.
නිමුනු පසු කෑලි කපාගන්න.
රස බලන්න.

22/03/2022

ඇමරිකන් පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය:

පාන්පිටි 200g
සීනි මේස හැඳි 4
බිත්තර 01
මෙල්ට් කරගත් ඇස්ට්‍රා මේසහැඳි 3
බේකින් පව්ඩර් තේ හැඳි 1
පිටි කිරි කෝප්ප 1
වැනිලා තේ හැදි 1/2
ලුනු තේ හැදි ¼

සාදන ආකාරය:

මුලින්ම පාන්පිටි ටිකට බේකින් පව්ඩර් ටික දමා හලා ගන්න.
ඉන්පසු එයට ලුනු , සීනි , මෙල්ට් කරගත් ඇස්ට්‍රා , බිත්තරය සහ පිටි කිරි දමා හොදින් කලවම් කරගන්න. පිටි කිරි ටික උනුවෙන් නැතුව නිමුනට පසු එකතු කරන්න.
මෙම මිශ්‍රනය පාන්පිටි කැටි නැතිවෙන්න සහ සීනි හොදින් දියවෙන්න හොදින් මිශ්‍ර කරගත යුතුයි.
දැන් මේ මිශ්‍රනයට වැනිලා ටිකත් එකතු කර කලවම් කරගන්න.
දැන් මේ සාදාගත් මිශ්‍රනය විනාඩි 10ක් පමන වසා තියන්න.
විනාඩි 10කට පසු පෑන් එකකට බටර් ටිකක් හෝ තෙල් ටිකක් ගාගෙන රත් වු පසු සාදාගත් මිශ්‍රනයෙන් ටිකක් දමා එක පැත්තක් විනාඩි 2ක් පමන පිසූ පසු අනිත් පැත්ත හරවා ඒ පැත්තත් පිසූ පසු ලිපෙන් බාගන්න.මේ ආකාරයට සියලුම පෑන් කේක් ටික සාදාගන්න.
සාදාගත් පෑන් කේක් මීපැණි හෝ චොක්ලට් සිරප් සමග රස බලන්න.

07/03/2022

කොරියන් ෆිෂ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය:

තලපත් මාළු 400g
ඉස්සො ග්‍රෑම් 150g
කෝන් ෆ්ලා මේස හැඳි 1
සුදුළූණු බික් 5 (පොඩියට කපාගත්)
ළූණු ගෙඩි 2 (පොඩියට කපාගත්)
කැරට් ගෙඩියක් (පොඩියට කපාගත්)
අමුමිරිස් කරල් 4 (පොඩියට කපාගත්)
බිත්තර සුදු මදයක්
ගම්මිරිස්කුඩු ස්වල්පයක්
දෙහි යුෂ ටිකක්
මිරිස් කෑලි තේ හැඳි 1
රස අනුව ලුනු

සාදන ආකාරය:

මාළු ටික හොඳින් සෝදා ගෙන පොඩියට කපාගන්න.
ඉස්සන් ටිකද පොතු ඉවත්කර හොඳින් සෝදාගන කපා ගත්තු මාළු සහ ඉස්සන් බ්ලෙන්ඩ් කරගන්න.
දැන් එයට කෝන් ෆ්ලා , රස අනුව ලුනු, ගම්මිරිස්කුඩු, මිරිස් කෑලි සහ බිත්තර සුදු මදය දමා කලවම් කරගන්න.
එයටම කපාගත් සුදුළූණු, ළූණු, කැරට්, අමුමිරිස් සහ දෙහි යුෂ ටිකද දමා කලවම් කරගන්න.
දැන් මේ සාදාගත් මිශ්‍රනයෙන් ටිකක් ගෙන තෙල් ස්වල්පයක් ගාගත් මතුපිටක තුනී කර, තුනී කරගත් මිශ්‍රනය පැතලි හැන්දකින් රව්මට රෝල් කර ඒ පැතලි හැන්දෙන්ම හිමින් අරගෙන ගැඹුරු තෙලට දමා අඩු ගින්දරෙ තෙලේ බැදගන්න.
මේ ආකාරයට සියල්ලම බැදගන්න.
රස බලන්න.

08/02/2022

මාලු බිත්තර කරිය

අවශ්‍ය ද්‍රව්‍ය:

මාලු බිත්තර 500g
ලොකු ළුෑණු ගෙඩි 1
සුදු ලූණු බික් 5
අමු මිරිස් කරල් 5
කරපින්චා ඉති 2ක්
ඉගුරු පොඩි කැබැල්ලක්
තක්කාලි ලොකු ගෙඩි 1
කුරුදුපොතු පොඩි කැබැල්ලක්
මිරිස් කෑලි මේස හැදි 1
මිරිස් කුඩු තේ හැදි 1
ගම්මිරිස් කුඩු තේ හැදි 1
කහ කුඩු තේ හැදි 1/4
දෙහි යුශ තේ හැදි 1 1/2
තෙල් ස්වල්පයක්
රස අනුව ලුනු

සාදන ආකාරය:

මුලින්ම ළුෑණු, සුදු ලූණු, අමු මිරිස්, කරපින්චා, ඉගුරු, තක්කාලි ටික වෙන වෙනම කපා පැත්තකින් තබාගන්න.
දැන් ලුනු ටිකක් දමා වතුර ටිකක් රත්වෙන්න තබන්න.වතුර රත්වෙන විට එයට මාලු බිත්තර ටික දමා විනාඩි 3ක් පමන තම්බගන්න(මාලු බිත්තර ටික පොඩි නොවෙන ආකාරයට)
තම්බාගත් මාලු බිත්තර ටික වතුරින් ඉවත් කර සාමාන්ය ප්‍රමානයේ කෑලු වලට කපාගන්න.
දැන් තෙල් ටිකක් රත්වෙන්න තියලා එයට ළුෑණු, සුදු ලූණු, අමු මිරිස්, කරපින්චා, ඉගුරු සහ කුරුදුපොතු කැබැල්ල දමා ටිකක් බැදගන්න.
එය බාගෙට බැදීගෙන එනවිට එයට තක්කාලි, මිරිස් කෑලි, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු සහ රස අනුව ලුනු එකතුකර එයට වතුර කෝප්ප 2ක් පමන එකතු කර එයටම තම්බාගත් මාලු බිත්තර ටිකද එකතු කර විනාඩි 3ක් පමන අඩු ගින්දරේ පිසගන්න.
ලිපෙන් බාගත් පසු දෙහි යුශ ටික එකතු කරගන්න.
රස බලන්න.

24/01/2022

බෝංචි කරිය

අවශ්‍ය ද්‍රව්‍ය:

බෝංචි කරල් 15
බිත්තර 2 ක්
රතු ලූණු ගෙඩි 4
කරපින්චා ඉති 1
අමු මිරිස් කරල් 3
දෙහි යුෂ තේ හැදි 1/2
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4ක්
තෙල් ස්වල්පයක්
රස අනුව ලුනු

සාදන ආකාරය:

බෝංචි ටික සෝදා දිග අතට කපාගන්න. රතු ලූණු, කරපින්චා, අමු මිරිස් ටිකද හීනියට කපාගන්න.
බිත්තර 2ද ගසාගෙන පැත්තකින් තබාගන්න.
දැන් පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු එයට ළූණු, කරපින්චා ,අමු මිරිස් ටික දමා තෙලෙන් ටිකක් තැම්බුන පසු එයට බෝංචි ටික සහ දෙහි යුෂ දමා ගන්න.
දැන් ගම්මිරිස් කුඩු සහ රස අනුව ලුණු එකතු කර කලවම් කරන්න.
බෝංචි විනාඩි 10 ක් පමණ මද ගින්දරේ පිසූ විට, බිත්තර එකතු කර කලවම් කරන්න.
බිත්තර හොඳින් පිසූ පසු ලිපෙන් ඉවත් කරන්න.
රස බලන්න.

27/11/2021

කටට රසට කෑම හදන්න
ආසම කරන අය 5000යි.
බොහොම ස්තූතී අප සමග රැදුනාට..
රසම රස තව කෑම තව තවත් හදමු...

23/09/2021

පූරි රෙසිපිය
අවශ්‍ය ද්‍රව්‍ය :
ආටා පිටි කෝප්ප 1
පාන් පිටි කෝප්ප 1/4
රුලං තේහැඳි 2
තෙල් තේහැඳි 2
ලුනු ස්වල්පයක්
වතුර
බැදීමට තෙල්

සාදන ආකාරය:
මුලින්ම පිටි වර්ග දෙක භාජනයකට දාගෙන කළවම් කරගන්න.
දැන් ඒකට රුලං සහ ලුනු එකතු කර මිශ්‍ර කරන්න.
එයටම තෙල් ටික දාල කළවම් කරන්න.
දැන් එයට වතුර ටික ටික දමමින් හොඳට අනන්න. මේක ටිකක් විතර හයිය ඩෝ එකක්. වතුර දාන ප්‍රමාණය පිටි වල ස්වභාවය අනුව වෙනස් වෙනවා.
මෙය විනාඩි කීපයක් හොඳට අනන්න ඕනෙ. ඉන්පස්සෙ විනාඩි 20 ක් විතර වහල තියන්න.
ඊටපස්සෙ අතේ තෙල් ගාගෙන ඩෝ එක ආපහු විනාඩි දෙකක් තුනක් විතර අනන්න.
දැන් පොඩි දෙහි ගෙඩි තරමෙ බෝල වලට වෙන් කරගන්න.
ඊටපස්සෙ අතින් ටිකක් පැතලි කරල ලෑල්ලෙ තියල රෝලින් පින් එකෙන් රවුම් හැඩේට රෝල් කරගන්න. සාමන්‍ය පපඩමක සයිස් එකට තුනී වෙන්න ඕනෙ. රෝල් කරනකොට ඇලෙනවා නම් තෙල් සවල්පයක් ගාගන්න. පිටි ගාගන්න එපා.
පූරි එක තුනී කරනකොට එකම ගනකමට තුනී කරන්න.නැත්තම් ලස්සනට පිපෙන්නෙ නෑ. තැනින් තැන සිදුරු වෙලා තිබුනොත් ඒ තැන් පිපෙන්නෙත් නෑ.
එකපාර පූරි කීපයක් හදල තියාගන තෙල් රත් කරල පූරිය පරිස්සමින් තෙලට දාන්න. තෙල් හැන්ද තියල තෙල් ඉහින්න.දෙපැත්ත හරවල අඩු ගින්දරේ බැදගන්න.
ඕනම කරි වර්ගයක් එක්ක රස බලන්න.

17/09/2021

අළුපුහුල් ව්‍යාංජනය
අවශ්‍ය ද්‍රව්‍ය :
අළුපුහුල් ගෙඩියෙන් කාලක්
අමු තුනපහ කුඩු තේ හැඳි 2
මිරිස්කුඩු තේ හැඳි 2
රතුළූණු ගෙඩි 4-5
අමුමිරිස් කරල් 2
සුදුළූණු බික් කිහිපයක්
කහකුඩු තේ හැඳි 1/2
ලුණු
මිටිකිරි කෝප්ප 3/4
සාදන ආකාරය :
අළුපුහුල් වල පිට පොත්ත අයින් කරලා හෝදලා ඇට එක්කම මදය කෑලි වලට කපාගන්න.
දැන් මැටි ඇතිලියකට මේ ටික දාලා අමු තුනපහ කුඩු හා මිරිස්කුඩු කබලේ යාන්තමට බැදලා මේකට දාගන්න.
දැන් ළූණු, අමුමිරිස්, සුදුළූණු හීනියට ලියාගෙන පුහුල් එකට දාගෙන ඒකටම ලුණු හා කහ එකතු කරලා වතුර කෝප්ප කාලක් එක්ක ලිපේ තියන්න.
මේ ටික තැම්බීගෙන එනකොට මිටි කිරි ටික දාගන්න. දැන් කිරි ටික උතුරනකොට ලිපෙන් බාගන රස බලන්න.

08/09/2021

පරිප්පු කරිය
අවශ්‍ය ද්‍රව්‍ය :
පරිප්පු 100g
මිරිස් කුඩු තේ හැඳි 1/2
ළූණු ගෙඩියෙන් බාගයක්(පොඩියට කපාගෙන)
අමුමිරිස් කරල් 2ක්(පොඩියට කපාගෙන)
සුදුළූණු බික් 3ක්(පොඩියට කපාගෙන)
රම්පෙ, කරපිංචා(පොඩියට කපාගෙන)
මිරිස් කෑලි තේ හැඳි 1/4
කහ තේ හැඳි 1/4
අබ තේ හැඳි 1/4
පොල්කිරි කෝප්ප බාගයක්
ලුණු රස අනුව
තෙල් මේස හැඳි 1
සාදන ආකාරය :
පරිප්පු ටික හොඳට සෝදගන්න.
සෝදගත්ත පරිප්පු වලට වතුර කප් එකක් දාල ඒකට මිරිස් කුඩු, කහ, අමුමිරිස්, ළූණු දාල තම්බගන්න.
දැන් වෙන භාජනයක් ලිපේ තියලා තෙල් ටික රත් වෙන්න තියාගන්න.
තෙල් රත් උනාම අබ ටික දාල අබ පුපුරන්න ගත්තම ඒකට සුදුළූණු, රම්පෙ, කරපිංචා දාගන්න.
සුදුළූණු ටික රන්වන් පාට වෙලා තෙම්පරාදු වෙනකොට මිරිස් කෑලි, ලුණු රස අනුව, පොල්කිරි ටික දාගෙන කලවම් කරගන්න.
ඉන් පසු තම්බගත්ත පරිප්පු ටිකත් මේකට දාල කලවම් කරගෙන උතුරව ගන්න.
රස බලන්න.

30/08/2021

දඹල සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය :
ලපටි දඹල 150g ක්
රතු ළූණු 50g ක්
තරමක තක්කාලි ගෙඩි 2ක්
කොච්චි කරල් 2ක්
ගම්මිරිස්කුඩු තේ හැන්දක්
මිරිස් කෑලි තේ හැදි බාගයක්
ලුණු ටිකක්
දෙහි යුෂ ටිකක්

සාදන ආකාරය:
දඹල ටික සුද්ද කරලා සෝදලා අරගන්න.
දඹල වල කොළ පාට ගතිය නැති වෙන්න නොදී විනාඩි 2-3ක් වගේ තම්බගන්න.
දැන් දඹල ටික හීනියට කපාගන්න. රතුළූණු, කොච්චි ටිකත් හීනියට කපාගන්න. තක්කාලි ටික කොටුවට කපාගන්න.
භාජනයක් අරන් මේ ඔක්කොම ටික කලවම් කරලා ලුණු, මිරිස් කෑලි හා ගම්මිරිස්කුඩු රස අනුව දාලා රස බලන්න.

21/07/2021

චිකන් සොසේජස්
අවශ්‍ය ද්‍රව්‍ය:
කටු රහිත චිකන් 500g
සෝයාමීට් 100g
ගම්මිරිස්කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැදි 1
කහකුඩු තේ හැඳි 1/2
චොප්කරගත් සුදුළූණු මේස හැඳි 1
චොප්කරගත් ළූණු ගෙඩි 1
රස අනුව ලුනු
පොල් තෙල් ස්වල්පයක්
සාදන ආකාරය :
චිකන් වලට, ලුනු, ගම්මිරිස්කුඩු, මිරිස් කුඩු ,කහකුඩු, සුදුළූණු, ළූණු, පොල් තෙල් හා වතුර ටිකක් දාලා හොඳින් අඹරාගන්න.
සෝයාමිට් ටිකත් පෙගෙන්න තියලා වතුර පෙරාගන හොඳින් අඹරාගන්න.
චිකන් සහ සෝයාමිට් ටික හොඳින් මිශ්‍ර කරගන්න.
මේ මිශ්‍රණය පොඩ්ඩ පොඩ්ඩ අරගෙන ලන්ච් ශීට් එකක තියලා රෝල් කර ලන්ච් ශීට් එකේ දෙපැත්ත ගැට ගසන්න.
විනාඩි 25 ක් විතර ස්‍ටීම් කර ගන්න.
තැම්බුනාට පස්සෙ අයිස් වතුර එකකට දාල අරගෙන තෙත මාත්තු කරල ලන්ච් ශීට් එකින් සොසේජ් ටික අයින් කරලා ෆ්‍රීසර් එකේ දාලා තියාගන්න.
අවශ්‍ය වෙලාවට බැදගන්න.

Muffins Recipe 2 10/06/2021

Muffins Recipe 2 Today I'll teach you how to make,Lemon Blueberry Muffins,Applesauce Oat Muffins.

06/05/2021

ශවර්මා

අවශ්ය ද්‍රව්ය:

චිකන් 250g
ගම්මිරිස්කුඩු තේ හැඳි 1
මිරිස්කුඩු තේ හැඳි 2
හීනියට කපාගත් ගෝවා කැබල්ලක්
හීනියට කපාගත් ලොකු ළූණු ගෙඩියක්
හීනියට කපාගත් සුදුළූණු බික් 4 ක්
රස අනුව ලුනු
සලාද කොල
රවුම් පෙති කපාගත් තක්කාලි
තෙල් ස්වල්පයක්

සෝස් එකට අවශ්ය ද්‍රව්ය:
ටොමැටෝ කේචප් මේස හැඳි 1
මයෝනේස් මේස හැඳි 2
ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
දෙහි යුෂ මේස හැඳි 1
රස අනුව ලුනු

සාදන ආකාරය :
ශවර්මා රොටිය සාදන ආකාරය මන් කලින් රෙසිපි එකක කියලා තියෙනවා. ඒ විදිහට රොටිය හදාගන්න.
චිකන් ටික සෝදා කෑලි කපාගෙන ඒකට ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු, කපාගත් ළූණු, සුදුළූණු, ලුනු දාලා කලවම් කරලා පැය බාගයක් තබන්න.
පෑන් එකට තෙල් ටිකක් දාලා අඩු ගින්දරේ චිකන් ටික බැදගන්න.
සෝස් එකට අවශ්ය ද්‍රව්ය ඔක්කොම දාලා කළවම් කරලා සෝස් එක හදාගන්න.
ඊට පසු සාදාගත් රොටිය අරගෙන සලාද කොල දෙකක් දෙපැත්තෙන් එලියට පෙනෙන ආකාරයට තබලා ඊට උඩින් චිකන් මිශ්‍රනයෙන් ටිකක් අතුරලා ඊට උඩින් ගෝවා ටිකක් අතුරලා ඊට උඩින් තක්කාලි පෙති දෙකක් තබාගෙන සාදාගත් සෝස් එක උඩින් වක්කරගන්න. අවසානයේ රොටිය රවුමට ඔතලා ටූත්පීක් එකක් ගසන්න.මේ ආකාරයට අනිත් ශවර්මා ටිකත් සාදාගන්න.රස බලන්න.

20/01/2021

ශවර්මා රොටිය

අවශ්ය ද්‍රව්ය:
පාන් පිටි කෝප්ප 3
ලුනු තේ හැදි 1/2
බේකින් පව්ඩර් තේ හැදි 1
පොල්තෙල් මේස හැදි 2

සාදන ආකාරය:
පාන් පිටි ටිකට ලුනු,බේකින් පව්ඩර්,පොල්තෙල් ටික දාලා කලවම් කරගෙන මද රස්නෙ වතුර ටික ටික දමාගෙන අතේ නොඇලෙන ගුලියක් හදාගන්න.දැන් හදාගත්ත පිටිගුලිය භාජනයකට දාලා විනාඩි 20 වහලා තියන්න.විනාඩි 20ට පසු තමන්ට කැමති ප්‍රමානයේ බෝල සාදාගෙන ඒ බෝල ටිකත් නැවත විනාඩි 10 වහලා තියන්න.දැන් ඒ බෝල තුනී කරගෙන තෙල් ගාගත් පෑන් එකක අඩු ගින්දරේ පුච්චගන්න.(ලා දුබුරු පාට වෙනකම්)

04/01/2021

කට්ලට්
අවශ්ය ද්‍රව්‍ය :
ලොකු සැමන් ටින් 1
මධ්‍යම ප්‍රමානයෙ අල ගෙඩි 4
රතු ලූනු ගෙඩි 35
අමු මිරිස් කරල් 10
බිත්තර 4
දෙහි යුශ තේ හැදි 1
පාන් කුඩු
ලුනු කුඩු
කරපින්චා ඉති 5
ගම්මිරිස් මේස හැදි 1 ½
පොල්තෙල්

සාදන ආකාරය:
මුලින්ම අල ටික හොදින් තම්බගන්න.තම්බාගත් අල ටික පොතු ඉවත්කර පොඩි කරගන්න.ලූනු,අමු මිරිස්,කරපින්චා ටික හීනියට කපාගන්න.සැමන් ටිකත් කටු ඉවත් කරගෙන හොදින් පොඩි කරගන්න.දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැදි 2 දාලා තෙල් ටික රත් වෙනකොට කරපින්චා,අමු මිරිස්,ලූනු ටික දාලා හොදින් බැදගන්න.දැන් මේකට ගම්මිරිස් මේස හැදි බාගයක් එකතු කරගෙන කලවම් කරලා සැමන් ටිකත් එකතු කරලා කලවම් කරලා රස අනුව ලුනු,ඉතුරු ගම්මිරිස් ටික හා දෙහි ටික එකතු කරගන කලවම් කරලා ලිප නිවලා තම්බලා පොඩි කරගත්ත අල ටිකත් මේකට එකතු කරගෙන හොදින් කලවම් කරගෙන ලුනු මදිනම් නැවතත් රස අනුව ලුනු ස්වල්පයක් එකතු කරගන්න.දැන් මේ හදාගත්ත මිශ්‍රනය හොදින් නිමුනට පස්සේ අවශ්ය ප්‍රමානයට බෝල සාදාගෙන ඒවා බිත්තර සාරු වල දවටලා පාන් කුඩු වල දවටගන්න.මේ ආකාරයට දෙපාරක් කවර් කරගන්න ඕනි එතකොට කට්ලට් එක පුපුරන් නෑ.දැන් ඒ ටික හොදින් රත් උන ගැඹුරු තෙලේ බැදගන්න.
රස බලන්න.

17/12/2020

පොලොස් චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය -:
පොලොස් ගෙඩියක්
රතු ලුනු ගෙඩි 15 (පොඩියට කපාගන්න)
සුදුලුනු බික් 5
මිරිස් කෑලි මේස හැඳී 11/2
විනාකිරි කෝප්ප 1/4
සීනී 200g
කරඳමුංගු 3
කුඩා ඉඟුරු කැබැල්ලක්
අබ තේ හැදි බාගයක්
කුරුඳු පොතු අගල් 2 පමන කැබැල්ලක්
කරාබු නැටි 3
ලුනු රස අනුව

සාදන ආකාරය :
පොලොස් ගෙඩිය පොතු ඉවත් කර සුද්ද කරගෙන තරමක කැබලිවලට කපාගන තම්බාගන්න.
තැම්බුනු පසු වතුර බේරා පොඩි කැබලිවලට කපාගන්න,
ඉඟුරු ,සුදුලූනූ, අබ විනාකිරෙන් අඹරා ගන්න,
දැන් භාජනයක් ලිප තබා (මැටි භාජනයක් ගන්න)එයට අඹරාගත් පේස්ට් එක , කපාගත් රතු ලුනු ,සීනී, කරාබු නැටි , කුරුඳු පොතු , කරඳමුංගු ටික දමා හොදින් කලවම් කරගන්න. (අඩු ගින්දරේ)
ඉන්පසුව එයට මිරිස් කෑලි ටික සහ පොඩියට කපාගත් පොලොස් ටිකද එක්කර රස අනුව ලුනුද දමා කලවම් කර ඉස්ම හිඳෙන තුරු හොඳින් පිසගන්න.
රස බලන්න.

01/12/2020

චිකන් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය :

චිකන් 250g
යෝගට් 1
කහ තේ හැදි ¼
බැදපු තුනපහ තේ හැදි 1/2
මිරිස් කුඩු මේස හැදි 1 1/2
ලුනු තේ හැදි 1/2
පොල් තෙල් මේස හැදි 3
සුදු ලූනු බික් 5 (තලාගත්)
රතු ලූනු ගෙඩි 10-15 (හීනියට කපාගත්)
කරදමුන්ගු 3
ටොමැටො පේස්ට් මේස හැදි 1
කරාබුනැටි 2
කුරුදුපොතු අගල් 2 කැබැල්ලක්
වතුර 150ml

සාදන ආකාරය :
චිකන් ටික සෝදා කෑලි කපාගෙන ඒකට යෝගට් එක,කහ ටික,ලුනු ටික දාලා කලවම් කරලා පැය බාගයක් වහලා තියන්න.
ඉන්පසු භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටික දාලා රත් වෙනකොට සුදු ලූනු ටික දාල බැදීගෙන එනකොට රතු ලූනු ටික,කුරුදුපොතු කැබැල්ල,කරාබුනැටි,කරදමුන්ගු,ටොමැටො පේස්ට් ටික,මිරිස් ටික,තුනපහ ටික දාලා කලවම් කරගන්න.ඒක ටිකක් බැදුනට පස්සේ චිකන් ටිකත් ඒකටම දාල හොදින් කලවම් කරගෙන අඩු ගින්දරේ විනාඩි 5 පමන වහල තියන්න.ඊටපස්සේ වතුර ටික ඒකට එකතුකරලා කලවම් කර ගින්දර වැඩි කරලා උයාගන්න.අවසානෙදි ලිපෙන් බාන්න කලින් ලුනු බලලා මදිනම් නැවත ලුනු අවශ්‍ය පමන එකතුකරගෙන ලිපෙන් බාගන්න.රස බලන්න.

07/10/2020

හකුරු වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය :
ගා ගත් කිතුල් හකුරු 400g (වෙනම හකුරු 80g කුත් පැත්තකින් තියාගන්න)
උකු මිටිකිරි 320ml
බිත්තර 8
ලුණු චුට්ටක්
කරදමුංගු කරල් 6ක්

සාදන ආකාරය :

ගාගත් හකුරු පොල් කිරි වලට දාල හොඳින් අතින් පොඩි කරන ගමන් දියකරගන්න. හොඳට දිය කරගත්තට පස්සෙ පෙනේරයකින් පෙරාගන්න.
බිත්තර ටික බ්ලෙන්ඩරයක දමා හෝ බීටරයකින් හොඳින් ගසාගන්න. එයට ලුණු ටිකක් එක් කරගන්න.
ගසාගත් බිත්තර වලට හකුරු සහ දියකරගත් පොල් කිරි එක් කර හැන්දකින් මිශ්‍ර කරගන්න.
වටලප්පම ස්ටීම් කරන භාජනය ගෙන එහි අඩියට වෙනම අරන් තියාගත් හකුරු 80 g අතුරාගන්න.
එයට උඩින් වටලප්පන් මිශ්‍රණය හිමීට දාගෙන කරදමුංගු කරල් ටික තැනින් තැනට දමාගන්න. කැමති නම් කජුත් එක් කරගන්න පුළුවන්.
දැන් වටලප්පන් භාජනය ෆොයිල් කොළයකින් හෝ ලන්ච් ශීට් එකකින් හොඳින් ආවරණය කරගෙන ස්ටීමර් එකක තබා විනාඩි 40-50ත් අතර කාලයක් ස්ටීම් කරගන්න.
තෙත ගතිය නැතිවෙන්න හොදින් ස්ටීම් වුනු පසු රස බලන්න.

14/09/2020

අල බොන්ඩා

අවශ්‍ය ද්‍රව්‍ය:

අල 250g
උඳුපිටි 50g
හාල්පිටි 50g
ළූණු ගෙඩියක්
කරපිංචා
අමුමිරිස් කරල් දෙකක්
සුදුළූණු බික් 3
බේකින් පව්ඩර් තේ හැඳි 1/4
අබ තේ හැන්දක්
මිරිස්කුඩු තේ හැන්දක්
කහකුඩු තේ හැඳි 1/2
රස අනුව ලුනු
පොල්තෙල්

සාදන ආකාරය:

මුලින්ම අල ටික හොදින්තම්බා ගන පොතු ඉවත් කර පොඩි කරගන්න.
දැන් භාජනයක් ලිපේ තියලා තෙල් දාලා රත්වෙනකොට ඒකට කපාගත් ළූණු, කරපිංචා ,සුදුළූණු, අබ, දාලා තෙම්පරාදු කරගන්න. ඉන්පසු ඒකට මිරිස්කුඩු, කහකුඩු(ඉහත කී ප්‍රමාන වලින් බාගේ බාගේ), කපාගත් අමුමිරිස් සහ ලුනු අවශ්‍ය ප්‍රමාණයෙන් දාලා මිශ්‍ර කරගෙන ඒකටම අල ටිකත් දාලා හොදින් මිශ්‍ර කරගෙන ෆිලින් එක හදාගන්න.
බැටර් එක සාදාගැනීමට උඳු පිටි හා හාල්පිටි වලට මිරිස්කුඩු, කහකුඩු (ඉහත කී ප්‍රමාන වලින් ඉතුරු බාග ප්‍රමාන), බේකින් පව්ඩර් හා ලුනු දාලා වතුර ටික ටික එකතු කරලා උකු බැටර් එකක් හදාගන්න.
දැන් කලින් සාදාගත් අල ෆිලින් එකෙන් බෝල හදලා මේ බැටර් එකේ දවටලා ගැඹුරු තෙලේ බැදගන්න.
රස බලන්න.

08/09/2020

සුදු ළූණු අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය :
සුදුළූණු 250g
රතුළූණු 250g
අමුමිරිස් 50g (වෙන් නොවන සේ පලාගන්න)
කරපිංචා 50g
ගම්මිරිස්කුඩු මේස හැඳි 1/2
කුඩුකරගත් කුරුදුපොතු පොඩි කැබැල්ලක්
අබරාගත් අබ 25g
විනාකිරි ස්වල්පයක්
කරාබු නැටි 3ක් පමණ
ලුණු ස්වල්පයක්
තෙල් ½ L

සාදන ආකාරය :
මුලින්ම සුදුළූණු හා රතුළූණු පොතු ඉවත් කර හෝදගන්න.
භාජනයක් අරගෙන ඒකට තෙල් දාලා රත් වෙනකොට සුදුළූණු, රතුළූණු, අමු මිරිස්, කරපිංචා ගැඹුරු තෙලේ වෙන වෙනම බැදගන්න.
මේවා ටික පැත්තකින් තියා ගන්න.
ඊට පස්සෙ මැටි මුට්ටියක් අරගෙන කරාබුනැටි , ගම්මිරිස්කුඩු , කුරුඳු පොතු කුඩු , අඹරාගත් අබ, රස අනුව ලුණු, විනාකිරි,මේ සියල්ලම දමා මිශ්‍ර කර ගන්න.
දැන් තෙල් බේරුණු සුදුළූණු, රතුළූණු, අමු මිරිස්, කරපිංචා සියල්ලම ඒකට දාලා හොදින් කලවම් කරගන්න
මේක මාසයක් විතර තියාගෙන රස බලන්න පුලුවන්.

29/08/2020

සීනි සම්බෝල
අවශ්‍ය ද්‍රව්‍ය :
ළූණු 500g
මිරිස් කෑලි 50g
උම්බලකඩ මේස හැඳි 4
කුරුඳු පොඩි කැබැල්ලක්
කරාබුනැටි 4 පමන
රස අනුව සියඹලා යුෂ
කරපිංචා
රම්පෙ
රස අනුව ලුණු
බැදීමට පොල්තෙල්

සාදාගන්නා ආකාරය:

ළූණු ටික සිහින්ව කපාගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැදගන පැත්තකින් තබාගන්න.
කරපිංචා සහ රම්පේද එලෙසම බැදගෙන පැත්තකින් තබාගන්න.
වෙනම තෙල් ටිකක් රත් වෙන්නට හැර එයට උම්බලකඩ, කුරුඳු සහ කරාබු නැටි එක් කර බැදෙන්නට හරින්න.
එයට මිරිස් කෑලි සහ රස අනුව ලුණු එක් කර, තෙම්පරාදු කර එයට සියඹලා ඉස්ම එක්කර හොඳින් මිශ්‍ර කරගෙන මද වේලාවක් පිසගන්න.
ඉන්පසු එයට බැදගත් ළූණු, කරපිංචා සහ රම්පෙ එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. අවශ්යනම් සීනි ස්වල්පයක්ද එකතු කරගන්න.
රස බලන්න.

22/08/2020

හෑශ් බ්‍රවුන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය:
අල ගෙඩි 3
ලොකු බිත්තර 3
පාන් පිටි මේස හැඳි 3
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
රස අනුව ලුණු

සාදන ආකාරය:
අල ගෙඩි ටික පොතු අයින් කර සිහින්ව ග්‍රේට් කරගන්න. ග්‍රේට් කරගත් අල ටික අයිස් වතුරට දමා, අයිස් වතුරෙන් සෝදා, හොඳින් මිරිකා වතුර ඉවත් කරගන්න.
බිත්තර වලට ගම්මිරිස්, ලුණු සහ පිටි එකතු කර හොඳින් බීට් කරගන්න. ඒ මිශ්‍රණයට අල ටික එක් කර මිශ්‍ර කරගන්න.
නන්ස්ටික් පෑන් එකකට බටර් හෝ තෙල් ස්වල්පයක් දමා රත් වෙන්නට හැර හැන්දකින් සාදාගත් මිශ්‍රණය කුඩාවට රව්මට පෑන් එකේ තැන තැන තබා, හැන්දෙන් තද කර, පැතලි කරගන්න. දෙපැත්තම රන් වන් පාට වනතුරු අඩු ගින්දරේ බැදගන්න.
රස බලන්න.

21/08/2020

රේන්බෝ සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය:
පාන් ගෙඩි 1 1/2
බටර් 250g
අබ ක්‍රීම් මේස හැඳි 3
බීට් රූට් 250g
කැරට් 250g
රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු
සාදන ආකාරය:
බීට්,කැරට් වෙනවෙනම තම්බාගන ඒ දෙක වෙන වෙනම හොදින් පොඩි කරගන්න. ඒකට අබ ක්‍රීම් මේස හැඳි 1 1/2 හා බටර් 125g බැගින් එකතු කරලා වෙන වෙනම මිශ්‍ර කරගන්න. ඒවාට රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරගන්න.
දැන් පාන් පෙති තුනක් අරගෙන ඒකෙන් එක පාන් පෙත්තක බීට් මිශ්‍රනයෙන් ලේයර් එකක් ගාලා ඒක උඩින් අනිත් පාන් පෙත්ත තියලා ඒ තිබ්බ පාන් පෙත්තේ කැරට් මිශ්‍රනයෙන් ලේයර් එකක් ගාලා අනිත් පාන් පෙත්ත ඒක උඩින් තියාගන්න.දැන් මේ හදාගත්ත සැන්ඩ්විච් එකේ වාටි කපලා,පාන් පෙත්තත් දෙකට කපලා පිලිගන්වන්න.(ඉහත කී ආකාරයටම අනිත් පාන් පෙති ටිකත් සාදාගන්න.)
රස බලන්න.

20/08/2020

වණ්ඩු ආප්ප

අවශ්‍ය ද්‍රව්‍ය:

තම්බාගත් පාන්පිටි 500g
සීනි 250g
උකුකිරි කෝප්පයයි
දියකිරි කෝප්පයයි
පොල්වතුර කෝප්පයයි
එනසාල් ඇට 4-5
ආප්ප සෝඩා තේ හැඳි ½

සාදන ආකාරය:
පාන්පිටි වලට අවශ්ය පමනට ලුණු දාලා කලවම් කරගන්න. මේකට පොල්වතුර ,සීනි හා දියකිරි දාලා හොඳට අනාගන්න. එනසාල් ටිකත් එකතු කරගන්න. මිශ්‍රණය දියාරුවට එයි. දැන් මේක පැය 6ක් හෝ රැයක් වහලා තියන්න ඕනේ.
ඊට පස්සෙ අරගෙන උකුකිරි ටික දාලා අනාගෙන ආප්ප සෝඩා තේ හැඳි 1/2ක් දාලා අනලා පැය භාගයක් තියන්න.
දැන් මේක ස්ටීම් කරගන්න පොඩි කප්‍ ටිකක් ලෑස්ති කරලා ඒකට කැන්ද කොළ දාලා මේ මිශ්‍රණයෙන් ටික ටික දාලා විනාඩි 20ක් ස්ටීම් කරගන්න.
දැන් රස බලන්න.

12/08/2020

කජු මිශ්‍ර හාල්මැස්සන් බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය :
හාල්මැස්සො 100g
කජු 100g
ලොකු ළූණු ගෙඩි 2 (පොඩියට කපාගන්න)
සුදුළූණු ගෙඩියක් (පොඩියට කපාගන්න)
කරපිංචා
මිරිස් කෑලි තේ හැඳි 2
විනාකිරි තේ හැඳි 1
සීනි තේ හැඳි 1
රස අනුව ලුණු

සාදන ආකාරය:
කජු ටික, හාල්මැස්සො ටික , සුදුළූණු , ළූණු සහ කරපිංචා වෙන වෙනම රන්වන් පාට වෙනකම් බැදගන්න. කර කරගන්න එපා.
භාජනේකට තෙල් මේස හැන්දක් දාලා රත්කරගන්න. ඒකට මිරිස් කෑලි, ලුණු ,සීනි දාලා මිරිස් කෑලි ටික යන්තම් බැදෙන කොටම විනාකිරි එකතු කරන් කලවම් කරගන්න .දැන් කලින් බැදගත්තු සේරම එකට දාල හොඳට මිශ්‍ර කරගෙන, විනාඩි 5ක් පමන අඩු ගින්දරේ කලවම් කරල ලිපෙන් ඉවත් කරගන්න.
රස බලන්න

01/08/2020

ඉන්දියන් කහ බත

අවශ්ය ද්රව්ය :

හාල් 1kg
පොල්කිරි කෝප්ප 2
තරමක කෑලි කපාගත් දෙහි කොළ 3,4
කහකුඩු තේ හැදි 2
ඉඟුරු පොඩි කෑල්ලක් කෑලි කපාගෙන
සේර පොඩි කෑල්ලක් කෑලි කපාගෙන
වතුර කෝප්පයක්
ලුනු ස්වල්පයක්

සාදන ආකාරය :
හාල් ටික සෝදා භාජනයකට දාගන්න.එයට පොල් කිරි ටික දාගන්න.
දැන් ඒකටම වතුර ටිකත් දාගන්න.
දෙහි කොළ ,ඉඟුරු, හා සේර ඒකට එකතු කරන්න.
ඒකට ලුණු හා කහකුඩු දාගන්න. කලවම් නොකර ලිප තබාගන්න. බත තැම්බීගෙන එනකොට කලවම් කරගන්න.
දැන් අඩු ගින්දරේ බත උයාගන්න.
බත තැම්බුනාම ලිපෙන් බාලා විනාඩි 15ක් පමන තියලා දෙහි කොළ ,ඉඟුරු හා සේර කෑලි අයින් කරලා බත පිලිගන්වන්න.

31/07/2020

වෙනස් විදිහකට හරක් මස් කරි එකක් හදමු...

අවශ්ය ද්රව්ය:

හරක් මස් 500g
කපාගත් ලොකු ළූණු ගෙඩි 2 ක්
කපාගත් අමුමිරිස් කරල් 3 ක්
ඉඟුරු, සුදුළූණු පේස්ට් එක මේස හැඳි 1 ක්
කහකුඩු තේ හැඳි ½ ක්
ගම්මිරිස්කුඩු තේ හැඳි 3 ක්
දෙහි යුෂ මේස හැඳි 1 ක්
තෙල් මේස හැඳි 2 ක්
කරපිංචා
රස අනුව ලුණු

සාදන ආකාරය :
හරක් මස් ටික සෝදා කපාගන්න
කපාගත් මස් වලට ලුණු හා කහකුඩු දාලා කලවම් කරලා පැයක් විතර මැරිනේට් කරගන්න.
මැරිනේට් කරගත් මස් ටික භාජනයකට දාලා ගින්දර සාමාන්ය ගාණට දාල පියනකින් වහලා තියන්න.
විනාඩි 5 කින් පමන හැඳිගාලා ආයෙ වහන්න. මස් වලින්ම උනන වතුරෙන් මේක තැම්බෙන්න අරින්න.
සැරින් සැරේ කලවම් කර කර අඩිය අල්ලන්න නොදී මස් ටික උයාගන්න.
මස් ටික හොඳට තැම්බුනාම තෙල් ටික එකතු කරගන්න. දැන් මස් ටික ලාවට දුඹුරු පාට වෙනකල් තෙම්පරාදු කරගන්න.
ටික වෙලාවකින් ඉඟුරු, සුදුළූණු පේස්ට්, ළූණු, අමුමිරිස්, කරපිංචා හා ගම්මිරිස්කුඩු ටික දාගන්න. මේ සියල්ලම හොදින් කලවම් කරගන්න.
ලිපෙන් බාන්න කිට්ටුව දෙහි යුෂ ටික එකතු කර ගෙන කලවම් කරල ලිපෙන් ඉවත් කරගන්න.
දැන් රස බලන්න

30/07/2020

පරාටා
අවශ්ය ද්රව්ය :
පාන්පිටි 500g
බේකින් පවුඩර් තේ හැඳි බාගයයි
මාගරින් 50g
එළවළු තෙල් මේස හැඳි 2
බිත්තරයයි
සීනි තේ හැන්දයි
වතුර කෝප්පයයි
රස අනුව ලුණු

සාදන ආකාරය :
මුලින්ම පාන්පිටි ,බේකින් පව්ඩර්, ලුණු සහ සීනි එකට මිශ්ර කරන්න.
ඒකට බිත්තර ,මාගරින් හා එළවළු තෙල් දාලා වතුර ටික ටික දමමින් මිශ්රණය අනාගන්න.
එම මිශ්‍රනය වටේට තෙල් තවරාගෙන ඒක ලන්ච්ශීට් එකකින් වහලා විනාඩි 45ක් තියන්න.
ඉන්පස්සෙ ඒ මිශ්රණයෙන් කුඩා බෝල හදලා ඒවටත් තෙල් ගාලා තවත් පැය 1/2ක් වසා තබන්න.
ඉන්පසු ඒ බෝල රොටි වගේ රවුමට තුනී කරලා රොටී තැටියක දාලා පුළුස්සා ගන්න. රස බලන්න.

27/07/2020

කකුළුවො සුප්

අවශ්‍ය ද්‍රව්‍ය :

තම්බා කටු ඉවත් කරගත් කකුළුවො 500g
පොඩියට කපාගත් ළූණු කොළ ටිකක්
පොඩියට කපාගත් සුදුළූණු බික් 4ක් 5ක්
කපාගත් තක්කාලි ගෙඩි 4ක්
කොටුවට කපාගත් කැරට් කෝප්ප ¼ක්
තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප 1/4 ක්
තම්බාගත් කෝන් ඇට කෝප්ප ¼ක්
බටර් මේස හැඳි 3 ක්
ස්ටොක් පවුඩර් තේ හැඳි 2 ක්
ලුණු හා ගම්මිරිස්කුඩු ටිකක්

සාදන ආකාරය :

භාජනයක් ලිපේ තියලා ඒකට බටර් ටික දාගන්න. බටර් රත් වේගෙන එනකොට කකුළු මස් ඇර ඉතිරි ඔක්කොම දාලා කලවම් කරන්න.
තක්කාලි පොඩි වෙන විදියට හැඳිගාන්න.
දැන් එයට වතුර කෝප්ප භාගයක් එකතු කරන්න.
දැන් විනාඩි 30ක් අඩු ගින්දරේ වහලා තියන්න.
ඊලඟට මේකට කකුළු මස් ටික දාගන්න.
කලවම් කරන ගමන් රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න.
රස බලන්න.

25/07/2020

පොල්ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය :-
ගාගත් පොල් 200g
සීනි 100g
කලරින්
වැනිලා තේ හැන්ඳක්
වතුර කෝප්පයක්

සාදන ආකාරය :
භාජනයක් අරගෙන ඒකට සීනි ටිකයි වතුර කෝප්පයයි දාලා දියකරගන්න.
ඒක ලිපේ තියලා උතුරාගෙන එද්දි ඒකට පොල් ටිකයි කලරින් ටිකකුයි දාගන්න. හොඳට කලවම් කරන්න.
දැන් මිශ්‍රණය වටෙන් කරවේගෙන එනකොට වැනිලා දාගන්න.
තෙත ගතිය ටිකක් තියෙද්දි ලිපෙන් බාගන්න.
බටර් ගාගත් තැටියකට මිශ්‍රණය දාලා තුනී කරගන්න. ගොඩක් නිවෙන්න කලින් කෑලි කපාගන්න.
දැන් රස බලන්න.

22/07/2020

චිලි පේස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය:
මිරිස් කෑලි 200g
වියලි කූනිස්සො 200g
සීනි 40g
ඉඟුරු පොඩි කැබැල්ලක් පෙති කපා
සුදුළූණු බික් 3 පෙති කපා
පොඩියට කපාගත් ලොකු ළූණු ගෙඩියක්
විනාකිරි මේස හැඳි 2
තෙල් ස්වල්පයක්
ලුණු ස්වල්පයක්

සාදන ආකාරය :
මිරිස් කෑලි ටික යන්තම් රත් වෙන්න බැදගෙන පැත්තකින් තියාගන්න.
කූනිස්සන් ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැදගන්න.
එලෙසින්ම ළූණු, සුදු ළූණු ,ඉඟුරු ටිකද වෙන වෙනම බැදගන්න.
දැන් මිරිස් කෑලි හැර බැදගත් සියල්ල එකට එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
දැන් භාජනයක් ලිප තබා එයට තෙල් මේස හැඳි තුන හතරක් දමා රත් වූ පසු එයට බ්ලෙන්ඩ් කරගත් සියල්ල,සීනි, විනාකිරි හා රස අනුව ලුණු එක් කර එයටම මිරිස් කෑලි ටිකත් එක් කර හොඳින් මිශ්‍ර කර විනාඩි කීපයක් පිසගන්න.
දැන් රස බලන්න.

21/07/2020

තෝසෙ

අවශ්‍ය ද්‍රව්‍ය :
උළුඳු 150g
සහල් 500g
සීනි තේ හැන්දක්
ලුණු ස්වල්පයක්

සාදන ආකාරය :
උළුඳු සහ සහල් සෝදා එකට දමා විනාඩි 45ක් පමණ පොඟවා ගන්න.
ඉන්පසු පොඟවා ගත් සහල් හා උළුඳු වලට වතුර කෝප්පයක් මිශ්‍ර කර බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
දැන් මේ අඹරා ගත් මිශ්‍රණය භාජනයකට දමා විනාඩි 30ක් පමන වහලා තියන්න.
ඊට පස්සෙ හදාගත් මිශ්‍රණයට වතුර කෝප්ප 1/4ක්, රස අනුව ලුණු හා සීනි දමා හොඳින් කලවම් කරන්න.
ඉන් පසු තෝසේ තැටිය රත් කර අවශ්‍ය ප්‍රමාණයට තෝසේ මිශ්‍රණය එක් කර තුනී කරගන්න.
තැටිය මත වූ තෝසේ එකට තෙල් බිංදු තුන හතරක් එක් කර හොඳින් පිසගන්න.
පසුව තෝසේ එක අනිත්පස හරවා එලෙසින්ම පිසගන්න.
දැන් කරි එකක් සමග රස විදින්න.

Website