Meet YouRself

Meet YouRself

Meet and love your true self 🍄✨️

20/06/2024

Welcome All To A Magical dayyy 😌❤️😍

ඔයාලා දන්නවා දැන් ස්තූති කරන්න,🤗

ඒ වගේම හිතින් මවාගන්න,😍

ඒ සතුට විඳින්න...🥺😍

හැමෝම දන්නවා වගේම ගොඩක් අය ඒක කරනවා...🥰❤️

මේ මැජික් එක කරපු පලවෙනි දවසෙම ඔයාලට වෙනසක් තේරෙන්න ඇති...😊❤️

ඒක හදවතින්ම එන හරි අවංක සතුටක්...😘😘
තමන් ගැනම ආදරේ වැඩි වෙන ලස්සන සිතුවිල්ලක්...🥰😍

ඉතින් මේ මැජික් වචන වලට ගැලපෙන ලස්ස්නම ලස්සන music එකක් මං හොයාගත්තා...❤️😁

මේක හොයාගත්තේ kepelsu කියන යූටියුබ් චැනල් එකෙන්.

🌻 මේවාට කියන්නේ Subliminals කියලා...

🌻 මැජික් මැජික් කියලා මං මේ හොරාට ඔයාලගේ ඔලුවට කාවද්දන්නේ Law of attraction 🥰🥰

මගේ වචන වලින්..😁

ඉතින් පැංචිලා මේ subliminals කියන්නේ පොසිටිව් තරංග... 😌❤️
මේක අහද්දි වෙනම ෆීලින් එකක් එන්නේ...😁

මං ඕක අහම්බෙන් දැක්කේ...

අහපු පලවෙනි දවස ගැන කියනවා නම්...
මේ මියුසික් එක මාරම ලස්සනයි🥺❤️

ඕනේ තරම් වෙලා අහන්න පුලුවන්...🥰

අහද්දී මාව වෙනම ලෝකෙකට යනවා..😊
මට හිතෙන්නේ මගේ කොණ්ඩේ ගැනමයි..❤️
මේක අහද්දි මං හිතන්න ඕනේ මැජික් වචන ටික..❤️
කොණ්ඩේ දිගයි...❤️❤️
හිතින් මවාගන්න ඕනේ කොණ්ඩේ දික් වෙන හැටි..🥰❤️

ඒ වැඩේ මං කොච්චර සාර්ථකව කරාද කියනවා නම් මට නිකන් තේරෙනවා කොණ්ඩේ ඇදිල දික් වෙනවා වගේ එකක්😁😁😁

ඒ තරම්...❤️❤️

🌸 මේක අහන ගමන් හොඳට වතුර බොන්න...

🌸ගොඩක් සද්දෙන් නැතුව ලාවට දාගෙන අහන්න..

🌸හෑන්ඩ්ෆ්‍රී එකකින් අහනවා නම් හොඳයි
නැති වුණත් ප්‍රශ්නයක් නෑ.

🌸Visualize කරන එක දිගටම කරන්න

🌸3,4 පාරක් වගේ අහන්න දවසට...

වෙනස ඔයාලම කියන්න මට🥰❤️

මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න ළමයී...

https://www.facebook.com/groups/452861179112872/permalink/612165263182462/?app=fbl

20/06/2024

මේ දවස් වල කොණ්ඩේ තියන ප්‍රශ්න මොනවද ළමයි

11/06/2024

කට්ටියම හොඳින් නේද😍 ගොඩක් දවසකින්

දැන් මේ ඉන්න හැමෝටම වගේ ඕනේ ලස්සන කොණ්ඩයක්😁
කොට කොණ්ඩෙකට කැමති කට්ටියත් ඉන්නවා..
කොහොමහරි කමක් නෑ...
දිග වුණත්, කොට වුණත් කොණ්ඩේ ලස්සන වෙන්න ඕනේ😌❤️

ඉතින් සමහර අය කියනවා
මොනා කරත් වැවෙන්නේ නෑ😐
මං ඔක්කොම ටික ගෑවා,හරි යන්නේ නෑ🙁
මේ බලු නැට්ට වගේ😥
ගොඩක් හීනී🤧
කිසිම ලස්සනක් නෑ😣😣
එකී මෙකී නොකී එක එක කතා
හැබැයි කවුරුවත් අහන්න ආස කතා නෙමේ😒😒

ඉවසීම, ආදරය, ආරක්ෂාව ඔන්න ඔය කියන 3ත් එක්කයි මේ ගමන යන්න ඕනේ.🥰🥰
විශේෂයෙන්ම ඉවසීම😌

එක රැයකින් අඟල් 5ක් වගේ වවාගන්නේ කොහොමද😍😍

මොංගල්ද ඩාලිං...එහෙම වැවෙන කොණ්ඩ නෑ🤣🥲🥲

ඔය වගේ ගැට වලට එහෙම අහු වෙනවා නෙමෙයි ඔන්න.😁😂

සාමාන්‍යෙන් කොණ්ඩේ යන එක සති 2ක් වගේ ඇතුලත නතරකරන්න පුලුවන්.
ඒත් වැවෙන එකට මාසයක් යනවා මයි.
ඊට කලින් වැවෙන කොණ්ඩත් තියෙනව..

ඒත් මාසයක් කාලය තියාගන්න.

ඊලඟට
අනේ අක්කේ ගොඩක් කොණ්ඩේ යනවා..🙁
මං මෙන්න මේවා කරන්නේ..
බැලින්නම් මං දාපු පොස්ට් පනස් ගානෙම වගේ තියෙන ට්‍රීට්මන්ට්ස් ඔක්කොම ටික කරන්න අරන්🥲🥲😐

හත්තිලක්කේ... එහෙම එපා.😑😑😑

මං ඔය ට්‍රීට්මන්ට් හැට හුට හමාරක්ම දාලා තියෙන්නේ එක එක අයගේ එක එක කොණ්ඩ තියෙන නිසා..
හැමෝටම හැම එකම හරියන්නේ නෑ ඔන්න..
මං ඒක නිතරම කියන දෙයක්.
ට්‍රීට්මන්ට් 4ක් වගේ නම් හොඳටම ඇති.

ස්ප්‍රේ වර්ග නම් මාරුවෙන් මාරුවට කරාට කමක් නෑ.
හැමදාම මොනාහරි ගාන්න යන්න එපා🥲
නිදහසේ ඉන්න දවසක් තියන්න.😒

🌻ඔයාගේ කොණ්ඩේ අඳුරගෙන ඉන්න ඕනේ.
🌻තියෙන ප්‍රශ්න මොනවද, මුලින් මොකටද ට්‍රීට් කරලා ඉන්න ඕනේ..
🌻මට ඕනේ මේ වගේ කොණ්ඩයක්..
🌻ඔය වගේ එයාව හොඳට අධ්‍යනය කරලා ඉන්න.
🌻ඔයාව අනිත් අයත් එක්ක සංසන්දනය කරලා නම් අහුවෙන්න එපා.
🌻ඔයා ඔයා වෙන්න අනේ...😘😘

කාගෙ හරි ලස්සන කොණ්ඩයක් දැක්කම...
අනේ අර කොන්ඩේ🥺🥺🥺 කිව්වට කමක් නෑ...
අනේ අර කොණ්ඩේ ලස්සන,ඒකට මගේ..හැටි, 😐වැවෙන්නෙත් නෑ.. 🙁ඔහොම කියන්න හිතෙනවා නම් කෙලින්ම තට්ටේ ගාන්නකෝ😒😒වැඩේ ඉවරයි.
ඒ වගේ කොණ්ඩෙකින් වැඩක් තියෙනවද..😑

එහෙම නෙමේ...අනේ එයාගේ කොණ්ඩේ ලස්සනයි🥺❤️..මගේ කොණ්ඩෙත් ඒ වගේම ලස්සන වෙයි...😍❤️
අද මොනාහරි ගාන්න ඕනේ..😁❤️
ඔයාව ලස්සන කරලා ගන්නම්කෝ මැණිකේ..😘😘😘
කියලා කොණ්ඩෙට කියන්න...එතකොට තමා දෙන්නටම චිල් එකක් එන්නේ..😌❤️

🌸මතකයි නේද මං මැජික් කියලා දුන්නා,මැජික් මියුසික් එකකුත් දුන්නා... ඒවා කරන්න.😘
🌸පොසිටිව් වෙන්න බැරි නම් කාටහරි...ඒක පොඩි නෙමේ ලොකු හිඩසක්..
🌸කොණ්ඩේ සම්බන්ධව විතරක් නෙමේ මුළු ජීවිතේම..

🍀අනේ අරයා ලස්සනයි ශික් මගේ මූණේ හැටි, ගෙඩි ගොඩයි..ඉතින් ඔහොම හිතුවොත් තව තව ඵලදාව වැඩි වෙයි මූණේ😒
🍀එයාගේ ලස්සන අගය කරන්න🥰, ඊරිසියා කරන්න නම් එපා🥰
🍀ඔයාගේ මූණේ ගෙඩි නම් ඒකට පිලියමක් හොයාගන්න ඕනේ.
🍀ගෙඩි ඇවිත් තියෙන්නේ වටේ පිටෙ අයගෙන් බෝවෙලා නෙමෙයිනේ..🤭
🍀ඔයා ඒවට විසඳුම් හොයන්නේ නැතුව අනිත් අයට හූල්ල හූල්ල ඔයාව පාතට දානවා නම්....එතනින් එහාට කියලා වැඩක් නෑ😐😒

පොසිටිව් විදිහට හිතෙන්නේ නැද්ද🙄😏
ජීවිතේ වෙනසක් කරගන්න හිතුනේ නැත්තම්..අපි ඒක කරමු..😌❤️
ඊලඟ පෝස්ට් එකෙන් ඒ ගැන කතා කරමුද..😁
ඔය විදිහට හිත හිත කොණ්ඩේ වවන්නත් ඩීංගිරිත්තක් අමාරුයි😒😒

Be positive & love more

කියපු දේවල් ගැන ටිකක් හිතලා වෙනස් වෙන්න ඕනේ කොතනද කියලා පොඩි නෝට් එකක් දාගන්න.
රපුන්සල් හීනය හැබෑ වේවී ඉක්මනටම❤️😘

ඉක්මනට එන්නම්
Love You penchiisss ❤️😘

30/05/2024

හායි පැංචීස් 😁🍄✨️
Baby hairs ආයෙමත් අලුතෙන් වවාගන්න ට්‍රයි කරන, කොණ්ඩේ ප්‍රමාණේ ගොඩක් වෙන්න ආස අයට... tips 3ක් 😌❤️ ආස නැති අය නම් නෑ නේහ් 😁

🍀🍀 හිස්කබල සම්බාහනය කිරීම

මේ කියන්නේ අපේ තස්ට ගෙඩියට මසාජ් පාරක් දාන එක ගැන.
මේකෙන් හිසකෙස් වැවීම යථා තත්ත්වයට පත් වෙන්න හෙල්ප් වෙනවා.
ඔය වැවෙන්නේ නෑ නෑ ගාන පැංචිලා මේක කරලා බලන්න.
මේකෙන් හිස්කබල උත්තේජනය කරන නිසා හිසකෙස් ඝනකම වැඩි කරගන්න පුලුවන්.
හැමදාම ඔයාගේ හිස්කබල සම්බාහනය කිරීමට කාලයක් ගන්න.
ඒකෙන් මානසික ආතතිය නැති කරගන්නත් පුලුවන්... 😌❤️

🍀🍀 කෝමාරිකා

කොණ්ඩේ යන එක වගේම වැවෙන්න කදිමයි.
කෝමාරිකා වලින් හිස්කබලට soothing effect එකක් වගේම හිසකෙස් වලට හොඳ කන්ඩිශනර් එකක්.
ඉස්සොරි වලට වගේම අනවශ්‍ය තෙල් හින්දා කොණ්ඩේ වැවෙන එක අඩුවෙන එක නතර කරනවා.
පිරිසිදු කෝමාරිකා ජෙල් සතියකට දෙවතාවක් වගේ හිස්කබලේ සහ හිසකෙස්වල ගාන්න..

🍀🍀 ළූණු යුෂ

ළූණු යුෂ වල සුවඳ කේස් එකක් නැත්තම් එළකිරි ට්‍රීට්මන්ට් එකක් තමා මේ..
ළූණු යුෂ රුධිර සංසරණය වැඩි කරනවා කියලා කතාවක් තියෙනවා.
ළූණු කිහිපයක් මික්ස් කරලා යුෂ මිරිකලා ගන්න පුලුවන්..
ඔයාට ඒක සැරයි කියලා හිතෙනවා නම් වතුර දාලා සැර අඩු කරගන්න.
වතුර වෙනුවට කෝමාරිකා දාන්නත් පුලුවන්.
හදාගත්තු යුෂ හිස්කබලට සහ හිසකෙස් වලට දාලා විනාඩි 15 ක් 20ක් තියන්න.
ඊටපස්සේ ෂැම්පු කරන්න.

උපුටා ගැනීම තහනම් 😏😏

Loveee Youu penchiiis 😘❤️

Photos from Meet YouRself's post 29/05/2024

අද.....ගෙදරදිම කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරමූ😍😍😍😋

මොකද්ද මේ කෙරටින් ට්‍රීට්මන්ට් එකකින් වෙන්නේ🙄🙄

😍 කොණ්ඩෙට අමතර පෝශණයක් ලබා දීම..

ඒකට මේකම ඇයි🙄

කාලයක් යන්න යන්න ඔය කෙමිකල්ස් දාලා කරපු එක එක ජාති රීබොන්ඩින්, කලර්.., ඊලඟට පරිසරයේ වෙනස්කම් හිංද...තද....අව්ව වගේ කොණ්ඩේ සවුත්තු වෙනවා...

අන්න ඒ සවුත්තු කොණ්ඩේ ලස්සන කරලා ගන්නයි මේ කෙරටින් ට්‍රීට්මන්ට් එක කරන්නේ..😋😍
Frizzy & dry ගතිය නැති වෙනෝ😁❤️

🌻සති 2කට සැරයක් මේක කරන්න.

🌻මුලින්ම කොණ්ඩේ හොඳට ශැම්පූ කරගන්න ඕනේ කලින් තෙල්, හෙයා මාස්ක් එකක් එහෙම දාලා තිබ්බා නම්.

🌻කන්ඩිශනර් දාන්නේ නෑ..
ඇයි🙄
🌻මං කිව්වේ.....කන්ඩිශනර් වලින් කොණ්ඩේ සීල් වෙනවා කියලා..
ඉතින් කන්ඩිශනර් කරොත් කෙරටින් ට්‍රීට්මන්ට් එක අහකට..
ඇයි අනේ අර පෝශ්ණේ ඇතුලට යන්නේ නෑ..

🌻එකම දවසේ 2පාරක් නාන එක කරදරයි නම් කලින් දවසේ නාලා ඉන්න.

🌻කර්ලි අයත් හොඳට නාලා කොණ්ඩේ පීරන් ඉන්න.

🍄✨️🍄✨️🍄✨️🍄✨️

හරි දැන් කෙරටින් ට්‍රීට්මන්ට් එකට ඕනේ කරන ඒවා ටික රෙඩි කරමූ. ( ප්‍රමාණ ගනිද්දි ඔයාගේ කොණ්ඩෙට ගැළපෙන විදිහට ගන්න )

🍀කෝමාරිකා

🍀පොල්කිරි /යෝගට් /කිරිහට්ටි මේස හැඳි 1ක් වගේ

🍀කෝන් පිටි මේස හැඳි 1

🍀එඬරු තෙල් හෝ ඔලිව් තෙල් තේ හැඳි 1ක් හෝ 2ක්
මේවා නැත්තම් ඔලුවේ ගාන තෙල් එකෙන්

🍀විටමින් ඊ 1 (නැත්තම් ඕනේ නෑ )

🍀ඇඹුල් කෙසෙල් ගෙඩි 1

හරි එහෙනම් හදමු අනේ😁😁

🍂මුලින්ම කෝමාරිකා සූරලා අරන් කෙසෙල් ගෙඩියත් එක්ක ඒ ටික කෑලි නැති වෙන්න බ්ලෙන්ඩර් කරගන්න, නැත්තම් පෙරා ගන්න,හැන්දකින් පොඩි කරන ගමන්

🍂ඊලඟට භාජනේකට කෝමාරිකා, කෙසෙල්, පොල්කිරි, කෝන් පිටි, තෙල්, විටමින් ඊ දාන්න.

දාලා හැඳිගාලා හොඳට මික්ස් කරගන්න.
ගොඩක් උකුවට ගන්න එපා. දියාරු වෙද්දි ගාන්න ලේසී.

🍄✨️🍄✨️🍄✨️

🌹දැන් ඔයා කොණ්ඩේ පොඩි පොඩි තීරු ගන්න.
අරන් මුලින් චුට්ටක් තෙත් කරලා ඊලඟට ගාන්න.

🌹මුලු කොණ්ඩෙම අඟලක් නෑර ගෑවෙන්න ඕනේ..
හිස් කබලෙත් එහෙමයි..

🌹පරිස්සමට කෑලි කෑලි අරන් ගාන්න.

🌹ගාලා ශවර් කැප් එකක් හරි ශොපින් බෑග් එකක් හරි දාන් පැය 2ක් ඉන්න ඕනේ.

🌹ඊට පස්සේ ඔන්න නාන වෙලාව..

ශැම්පු කරද්දි වතුර එක්ක මික්ස් කරලා දාන්න.

🌹කන්ඩිශනර් එකක් නැති ලමයි කෝමාරිකා පේස්ට් එකක් කන්ඩිශනර් එක විදිහට ගන්න.
නැත්තම් හාල් වතුර උනත් කමක් නෑ..

එච්චරයි එච්චරයි..😁😌😌
කොණ්ඩේ ශයින් වෙලා අමුතුම ලස්සනක් එයි😍❤️

කරලම කියන්නකෝ ෆීලින් එක කොහොමද කියලා..😇😇

එහෙනම් ඔන්න මං ගියා😁😁

(උපුටා ගැනීම තහනම් 😏)

Loveee Youu Maa penchiiis ❤️😘

29/05/2024

This is called Happiness 😌❤️
Curly කොණ්ඩයක් තමා වැවිලා තියෙන්නේ❤️

29/05/2024

Be your Own Beauty Queen ❤️✨️

ඔන්න ඉතින් තවත් ලස්සන දවසක් තමයි ඇවිත් තියෙන්නෙ 🥰

Self love ❤️🍄✨️

💙 ඔයා ඔයාගෙම හොඳම යාලුවා වෙන්න.🥰

ඔයා නොදන්නවා වුණාට ඔයාගේ යටි හිත තියෙනවනේ...

ගොඩක් දක්ශයි එයා...😍

පොඩ්ඩක් එයා එක්ක කතා කරලා බලන්න
ප්‍රශ්නෙකට විසඳුම් එකට දාහක් දෙයි.❤️

ප්‍රශ්නයක් වුණාම අඬන්න නෙමේ..❤️

ප්‍රශ්නෙන් එලියට ඇවිත් ටිකක් බලන්න ඒ දිහා.❤️

ඔයාට අගේටවත් විසඳුමක් ලැබෙයි.❤️

💙 ඔයා ඔයාටම ආදරේ කරන්න.😍

ඔයාවම අගය කරන්න.😍

ඔයාවම සතුටු කරන්න.😍

ඔයාට හිනාවක් අරන් එන්න.😍

💙වටින කෙනෙක්ගෙන් හම්බෙන පුංචි පුංචි තෑගි වලින් වුණත් අපි ගොඩක් සතුටු වෙනවා නේද❤️

ඔයා ඔයාටම වටින කෙනෙක් නේද❤️

ඔයාට පුලුවන්නේ ඔයාටම තෑග්ගක් දෙන්න.😁

හිතන්න ඔයා අද කොණ්ඩෙට ට්‍රීට්මන්ට් එකක් කරා කියලා..😁

දෙන්නකෝ ටොපියක් තෑග්ගක් විදිහට.😁

පුංචි පුංචි දේවල් වලිනුත් සතුටු වෙන්න.😍

එතකොට නිකංම ඔයා ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් වෙයි.😍

💙 අතීතේ මත්තේ නැහෙන්න එපා.☺️
එහෙන් ඉගෙන ගත්තු පාඩම් වලින් නැගිටින්න.

💙 දන්නවද දුක කියන්න ඕනෙම කෙනෙක්ට පුලුවන් හරිම ලේසී ඒක.🤗

ඒත් සතුට බෙදන්න....හැමෝටම බෑ පැංචිලා☺️❤️

ඔයාලත් සතුට බෙදන කෙනෙක් වෙන්න.😍❤️

ආදරේ කරන්න❤️
ගහට කොළට පවා💚

අද ඔන්න හැමෝටම ගොඩාරියක් ලස්සන දවසක් වෙනවා😍❤️

ඔයාලා කරන වැඩ හරිම ලස්සනට සාර්ථක වෙනවා.😍❤️

ඉතින් මගේ පැංචීස්ලා හිනා වෙලා හොඳ..ට වැඩ ටික කරන්න.😍❤️

ප්ලෑන් එකක් තියාගන්න.😍❤️

පුංචි පුංචි ටාගට් ජයගන්න ගමන් ලොකුම ලොකු හීනෙට යන්න.🥰🥰❤️

හැමෝටම පුලුවන්.🥰🥰

හැම දේම හොඳ විදිහට හිතන්න.🥰🥰

අහ් ඔය පහලින් ඉන්නේ Meet YouRself උත්තමාවිය 😌❤️

කෙරටින් ට්‍රීට්මන්ට් එකත් එක්ක දවල්ට එන්නම්

Loveee Youu ma penchiiiss😘❤️

28/05/2024

ගෙදරදීම කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරමුද පැංචීස් 😌❤️

28/05/2024

Morning Secrets 🍄✨️

උදේට නැගිටිද්දි කොට්ටේ දිහා බලලා මූඩ් අවුල් කරගන්න වෙන්නෙ නෑ මෙහෙම කරොත් 😏❤️

27/05/2024

කොණ්ඩේ වවන්න මුලින්ම පටන් ගන්න අයට වැදගත් කරුණු මෙන්න 😌❤️

Be A RapunZeL😍❤️
Part 2🍄✨️

Part 1 බලපු නැති අය බලලා එන්න 😁❤️

https://www.facebook.com/61550680990262/posts/122147537882022699/?app=fbl මේ ඒක

💚 ඊළඟට කොණ්ඩේ පීරන්න ගන්න පනාව ගැන හිතන්න ඕනේ.

🍁 ගැට ගොඩයි නම් අවුල් ගොඩයි නම් පනාවේ අර චූට්ටන් පැත්තෙන් පීරුවම හරි සනීපෙට තියෙයි😅😅

🍁 එපා එපා පීරන්න ඔඉනේ දැති ලොකු පැත්තෙන්..
දැති ලොකු පනා තියෙනවා ගන්නත්...

පනා 2ක් තිබ්බා කියලා ප්‍රශ්නයක් නෑ හොඳේ😁😁

💚 දික් වෙන්න පිරීම, පීරන්න අමාරු අය ඇඟිලි තුඩුවලින් දිවීම😁

මොකක් කිව්වා🙄🙄

🌻 දික් වෙන්න පීරන්නත් පුලුවන්😍

කොහොමද🙄

🍁 මුලින්ම කොණ්ඩේ හොඳට පීරනවා.

🍁ඊලඟට ඔලුව නමනවා

🍁දැන් ආයේ පීරන්න බෙල්ල ගාව ඉඳන් නලල ගාවට..

🍁පරිස්සමට කරන්න ඕනේ වැඩක්.

🍁පීරලා ඉවර වෙලා ඔලුව උස්සද්දි...අනේ මායම් වෙලා වගේ කරකන් නැගිටින්න එපා🥲😂

🍁කොණ්ඩේ ඔක්කොම අවුල් වෙයි

🍁හිමීට කොණ්ඩේ අතින් හදන ගමන් ඔලුව උස්සන්න.

🍁එතකොට ඔය පසුවට කරදර කියන ඒවා එන්නේ නෑ..

🍁හදිස්සි වැඩකට යන්න ඉන්නකොට වගේ මේක කරන්න ගන්න එපා😁😁😁

ගමනත් නෑ කොණ්ඩෙත් නෑ

🌻 දික් වෙන්න ඇඟිලි තුඩු වලින් දිවීම

දුවන්නේ කොහෙද😁

☘️ ඔලුව පුරා...

☘️ඔලුව පාතට හරෝලා හිමීට...ඇඟිලි වලින් ඔලුව මසාජ් කරන්න...

☘️තද කරලා හොල්ලන්න එහෙම එපා ඈ😂

☘️ඔලුව රදේ එයි

☘️කුරුලු පැටියෙක්ව අතගානවා වගේ හිමින්..

💚 මේක කරන්න පුලුවන් විදි 2ක් තියෙනවා.

🌻1ක් පුටුවක ඉඳගෙන ඔලුව නමන්

🌻අනික ඇඳ යට හොල්මන් බැලීම

🍁හිමී...ට නැමිලා බලන්නේ මොකෙක් හරි ඇඳ යට ඉන්නවද කියලා...

🍁අන්න ඒ විදිහේ ඉන්නෙ මුනින් අතටනේ..මේකේ ඉන්නේ උඩුබැලි අතට..

පහල ෆොටෝ එකේ වගේ

🍁ඔයා ඉන්න ප්‍රමාණෙට වඩා පහලට වෙන්න ඔලුව තියන් හිමින් හෙඩ් මසාජ් එකක් දෙන්න

💚 ඇයි අප්පා ඔලුව පාතටම කරන්න කියන්නෙ🙄

මේකයි දවසම අපි ඉඳගෙන හෝ හිටගෙන😒

ඉතින් ඔලුව නමපුවම ඔලුවට ලේ ගමනා ගමනය කියන එක සප්ලයිවෙන්න පටන් ගන්නව...🥰

හොඳ සප්ලයි එකක් එක්ක හෙඩ් මසාජ් එකක් එනකොට කොණ්ඩේ වැවෙනවා🥰

💚 මෙන්න මේ ටික ඔලුවේ තියාගන්න😘😘

🍁 ඉතුරු ටික ඊලඟ එකෙන්😍

ඔන්න අලුතෙන් පටන් ගන්න පැංචිලාට දැන් වැඩේ ලේසී😘😘

ආදරෙයි පැංචීස්😘❤️

#

Photos from Meet YouRself's post 23/05/2024

Dream hair 🥺❤️
මේ dream එකට යන්න මේ වෙද්දි ඔයාලා කරන දේවල් මොනවද පැංචීස් 😌❤️

21/05/2024

The Magical Jouney To Be a RapunZeL😍💕

මේ සීතල රජකරනා වෙලාවේ යන්නකෝ කණ්ණාඩිය ඉස්සරහට

ගිහිල්ලා කොණ්ඩේ පීරලා... දැන් ඔයා කැමති දිග තියෙනවනේ..

ආන්න ඒ දිග මවාගන්න.😍

කණ්ණාඩියෙන් පේන ඔයාගේ කොණ්ඩේ දැන් දිගයි ලස්සනයි.😍❤️

ටික වෙලාවක් ඒ ෆීලින් එක විඳින්න.🥰

ටික ටික දික් වෙන හැටි මවාගන්න.🥰

දැන් කොණ්ඩයක් ගොතාගෙන නිදාගන්න.😁❤️

උදේට නැගිටලා යන්න ආයෙමත් ඔයාගේ රපුන්සල්ව බලන්න😁❤️

කොණ්ඩේ දික් වෙලා😍😍

සතුටු වෙන්න ඒ ගැන.

💕 චූටි චූටි ටාගට්ස් හදාගන්න.❤️

මගේ පළවෙනි ටාගට් එක මගේ තියෙන ටී ෂර්ට් ඔක්කොම ආක්‍රමණය කරන එක😁 දැන් මේ ටී ශර්ට් ආක්‍රමණය කරන 4 වෙනි වතාව 😌❤️

එතකොට දැන් තියෙන තත්ත්වෙත් එක්ක මං කොහොමහරි ඒ සීමාව පන්නනවා..❤️😍 තව අඟල් 2ක් වගේ අඩු

ආන්න ඒ වගේ ටාගට් එකක් හදාගන්න.😍❤️

එතකොට වැඩේ තවත් ලේසී..🥰🥰

අමාරු වැඩක්, එපා වෙනවා කියලා හිතන්න එපා...

ආසාවෙන් වැඩේ කරන්න.

ඔයාලා ට්‍රීට්මන්ට කරන්න ඒවා හදාගන්න කොට ඒකේ ෆොටෝ එකක් ගහන් පුලුවන් නම් පේජ් එකට දාන්න..

එතකොට කම්මැලිකමේ ඉන්න කෙනෙක්ට වුණත් කරන්න උනන්දුව ආසාව ඇති වෙනවා🥰

දවස ගානේ කොණ්ඩේ දිග මනින්න එපා😁

මාසෙන් මාසෙට මනිමු..

මං කියපු වැඩේ අනිවාරෙන් කරන්න🥰🥰🥰

උදේට රෑට... වෙන දේ ඔයාටම හිතාගන්න බැරි වෙයි😁❤️

මැජික් එක පුරුදු වෙන්න🥰🥰

Love you penchis 😘❤️

21/05/2024

මේක තමා කොණ්ඩේ යන එකට දාපු හොඳම එක ළමයි 🥰❤️❤️

Love Your Hair with me 🍄✨️
කොණ්ඩේ දික් වෙන්න, කොණ්ඩේ යන එක නතර වෙන්න සුපර් ස්පීඩ් ට්‍රීට්මන්ට් එකක් මේ😋😍

ඒකට ඕනේ වෙනවා
🌻හාල් ටිකක් (ගොඩක් එපා..තේ හැන්දක් ඇති)
🌻කෝමාරිකා
🌻 ලූණු කෑල්ලක් තලලා

හරි දැන් මුලින්ම හාල් ටිකට වතුර ටිකක් දාලා..කෝප්ප බාගයක් විතර..රත් කරන්න.
අඩු ගින්දරේ වගේ..

දැන් වතුර හිඳෙන්න දෙන්න එපා..

හොඳට බත් ටික ඉදුණම ඒකට කෝමාරිකා මදේ පොඩිවට කපලා දාන්න. ඊලඟට ලූණූ..
දැන් හොඳට හැඳි ගාන්න.

වතුර මදි නම් ටික ටික එකතු කරන්න.
විනාඩි 5කින් වගේ බාගෙන පෙරාගන්න.

දැන් මේ වතුර එක තමා හිස් කබලෙයි කොණ්ඩෙයි ගාන්නේ.

හොඳින් ගාලා පැයක් ඉඳලා නාගන්න.

ඉක්මනට රිසාල්ට්ස් ලැබෙනවා..

මේක ගොඩක් සාර්ථක ට්‍රීට්මන්ට් එකක් ලමයී...

අනිවාර්යයෙන්ම කොණ්ඩේ යන අය කරලා බලන්නකෝ..

රිසාල්ට්ස් ශුවර් ශොට් 😌

හරි නේද පැංචිලා😍❤️

Loveee Youu 😘❤

අනවසරයෙන් උපුටා ගැනීම තහනම් 😏❤️

20/05/2024

Warning😒😒

💕 අසනීප වෙලා ඉන්න ළමයි...කොණ්ඩය වැවීමේ හදිස්සිය මත ට්‍රීට්මන්ට් කරන්න යන්න එපා.

💕 හෙම්බිරිස්සාව, කැස්ස, උණ, ඒ වගේම ලාවට වගේ ඔලුව රදයක් ආවොත් මොකුත් ඔලුවේ ගාන්න යන්න එපා

💕 ගාලා අහුවෙනවා එහෙම නෙමෙයි😒

💕 අද සනීප වුණා කියලා හෙට ආයේ කරන්න ගන්නේ නෑ.
අඩුම දවස් 3ක් 4ක් යනකම් පාඩුවේ ඉන්න ඕනේ..

💕වැස්සත් එක්ක සීතල ජාති වැඩිය ඕනේ නෑ. මං තව දවස් කීපයක් මුකුත් ගාන්නේ නෑ 🤭

💕 කොණ්ඩේ හොඳට බලාගන්න නම් තමන් හොඳ සතුටෙන්, හිතේ නිදහසෙන්, නීරෝගිමත්ව ඉන්න ඕනේ😘😘

💕 කෝමාරිකා වගේ සීතල ජාති උදේම,හවසට ගාන්න එපා🥰

💕 සීතල, වැහි දවස් වල කොණ්ඩෙට එක එක ඒවා ගාන්න යන්නත් එපා...😘

💕 අහස අපිට සපෝර්ට් දවස් බලලා වැඩේට බහින්න😁

💕 පිටින් ට්‍රීට්මන්ට් කරනවා වගේම ඇතුලෙනුත් වැඩ වෙන්න ඕනේ😁

මොනාද🙄
🍁 මැල්ලුම් කන්න ඕනේ.

🍁 කොළකැඳ බොනවා නම් හොඳයි.. ඒවත් ඩීංගිරිත්තක් සීතලයි

🍁 හොඳට කෑම කන්න, වෙලාවට

🍁 පිරිසිදුව පිලිවෙලට ඉන්න.

🍁 දවස් 2 3නේ තෙල් ගාන් ඉන්න එපා එක දිගට..
ඒ කිව්වේ අද ගාපු තෙල් හෙටත් ඔලුවේ, අනිද්දත් ඔලුවේ😑😑😑

එහෙම වුණාම ඔලුවට දූවිලි බැදෙනවා..
කොණ්ඩේ කැත වෙනවා😐

🍁 හොඳට වතුර බොන්න ඕනේ🥰

තේරුණා නේද😁😁

හරි එහෙනම් මං ගිහින් එන්නාම් බබීස්ලා😘😘

Loveee Youuu ma penchiiis 😘❤️

Doctor කෙනෙක්ටයි වැස්සයි එක්ක මෙයාව තමා මතක් වුණේ😁

W😁❤️

උපුටා ගැනීම තහනම් 😏❤️

20/05/2024

Results results 🥺❤️
මේවාට තමා ආසම 🥹❤️❤️
මගේ ගෲප් එකේදි මං ට්‍රීට්මන්ට් දාලා ඒවා කරලා රිසාල්ට්ස් ගත්තු පැංචියෙක්.. Hair With Sanda group එක 😁

ෆොටෝස් උස්සන්නේ එහෙම නෑ හරිතේ 😏😏

19/05/2024

ඔන්න බහුතර ඉල්ලීම පරිදි curly hair ගැන තවත් විස්තර අරගෙන ආවා😍

මං කලින් Curly අයට පෝස්ට් එකක් දැම්මා..☺️

බලපු නැති අය ඒකත් බලන්න😋

🌸🌸🌸🌸🌸🌸Curly Hair🌸🌸🌸🌸🌸🌸

ඔයාලා කොණ්ඩේ පීරනකොට පීරන්න ඕනේ අග ඉඳන් මුලටයි🤗

පීරන්න ගන්නේ දැති ඈත් වුණ පනාවක්💕

කර්ල්ස් කැඩෙන්නේ නැතුව පරිස්සමට පීරගන්න පුලුවන් එතකොට🌸

කොණ්ඩය අගින් පැලිලා වගේ නම් සහ ඒක ගොඩක් දුරට පැලි පැලී යනව නම් දවස් 30කට 45කට වරක් යටින් ටිකක් කපන්න
ටිකයි...🌻🌻

රෑට නිදාගන්නකොට Pineapple trick එක යොදාගන්න.🍍🍍🍍🍍

මං පහළින් ඒකේ පිංතූරයක් දාන්නම්🐝🌸

ඒකෙන් පුලුවන් curl pattern එක වගේම කොණ්ඩේ volume එක පවත්වාගන්න උදව් වෙනවා.🌹🌹🌹🌹

ඒ වගේම නිදාගද්දි කොණ්ඩේ කැඩෙන එකත් අඩු කරගන්න පුලුවන්.🌺🌺🌺

Pineapple trick එකට හීනී බූලයක් නැතුව Hair crunches band එකක් ගන්න.🌷🌷

එතකොට ගලවන්නත් ලේසී🍃🍃

උදේ නැගිට්ටම pony එක ගලවලා පොඩ්ඩක් කොණ්ඩේ ගසන්න(Shaking).
හිමින් හොඳද😁😁

මතකද මං ඔලුව පාතට කරලා කොණ්ඩේ පීරන්න කියලා දුන්නා... Curly අයට නම් එපා කිව්වා..🤗

ඔන්න curly ළමයි...😍😍

ඔයාලට මෙන්න මේ විදිහ කරන්න පුලුවන්🤩

ඔලුව පාතට නමන්න🙃🙃

පනාව වෙනුවට ඔයාලගේ ඇඟිලි තුඩු යොදාගන්න.😄

හිමින් ඇඟිලි තුඩු ඔලුව පුරාම අරන් යන්න.😊

සම්භාහනයක් කරන්නෙ.

ගොඩක් තද කරන්න එපා ඔලුවේ අමාරුවත් එයි🤭🤭

කුරුළු පැටියෙක්ව අතගානවා වගේ හිමින් කරන්න.🤗☺️

විනාඩි 15ක් 20ක් ව්තර කරන්න.

මුල්න් අමාරුයි වගේ නම් ටික ටික වැඩිකරන්න
විනාඩි 5ක් ඊලගට 10ක් ඔහොම😊

දැන් කට්ටිය කොණ්ඩෙට ආදරෙයි නේද😍😍😉

එහෙනම් ගිහින් එන්නම්😘😘
ආයෙත් එනවා😁😁

Dream big

Loveee Youuu ❤️😘

උපුටා ගැනීම තහනම් 😏❤️

18/05/2024

ඔන්න curly hair එකක් තියෙන පැංචියන්ටයි අද වැඩි ඉඩක් හම්බෙන්නේ🥰🥰🥰

🌺🌺🌺Curly Hair🌺🌺🌺

Curly කියන්නේ ඉතින් ගොඩක් පරිස්සමෙන් බලාගන්න ඕනේ කොණ්ඩයක්💛💛

Curly කොණ්ඩයක් පීරන්නේ කොහොමද🙄🙄

කර්ලි කොණ්ඩයක් පීරන්නේ තෙත පිට💧💧

නාල ඉවර වෙලා තමයි පීරන්න ඕනේ💕

අපි ඒකට ගන්නවා දැති ගොඩක් ඈත් වෙච්ච පනාවක්. (කර්ලි කොණ්ඩ පීරන්න වෙනම පනාවකුත් තියෙනවා. දැති 3 පනාවක්)💚

නැත්තම් අතින් ලස්ස්නට කර්ල්ස් ටික හදාගන්න😘❤️

හිමින් පරිස්සමින් තමා මේ වැඩේ කරන්නේ☺️
අග ඉදන් මුලටමයි පීරන්නේ💞
නිවාඩුව කොණ්ඩේ පීරගන්න

පීරලා 🌸Leave on conditioner🌸 එකක් පාවිච්චි කරන්න.

ඒක කොණ්ඩේ ගාපුවම කර්ල්ස් ටික ලස්සනට සෙට් වෙලා තියෙනවා😍😍
Curls කැඩෙන්නේ නෑ🤗

ඒ වගේම,
කොණ්ඩේ පිහිනකොට...පිහින්න ටී ෂර්ට් එකක් ගන්න.
පිහින්නෙ ගස ගස එහෙම නෙමෙයි🙄🙄

පොඩි කර කර😁
තැනින් තැන පොඩ්ඩ පොඩ්ඩ පොඩි කර කර තෙත මාත්තු කරන්න🤗🌸

හැමදාම කර්ලි කොණ්ඩ පීරන්නේ නෑ🙃🙃
ඇගිලි වලින් පොඩ්ඩක් කොණ්ඩේ හදාගන්න💛💚

මං මේ ටික හොයාගත්තේ ලස්සන කර්ලි කොණ්ඩයක් තියෙන පැංචියෙක්ගෙන්.

ඔයාලා කරන මීට වඩා වෙනස් දේවල් තියෙනවා නම් කියන්න හරිද 😁😁

කර්ලි 2 වෙනි පෝස්ට් එකත් එනෝ..

පරිස්සමට කොණ්ඩේ බලාගෙන ලස්සනට ඉන්න😍😍😍💕💕

ආයෙත් එන්නම් ළමයි🥰🥰🥰

Loveee Youuu 😘❤️❤️
Dream big❤️

උපුටා ගැනීම තහනම් 😏❤️

17/05/2024

Egg hair care🥚

බිත්තර හෙයා මාස්ක් හදමූ❤️

🍁🌺 කොණ්ඩේ වේලිලා, අවුල් වෙන ගතිය නම්,

🌼 බිත්තර 1

🌼 පොල්තෙල් මේස හැඳි 1 හෝ ඔලිව් තෙල්

🌼 යෝගට් 1

💙 3ම එකට මික්ස් කරලා විනාඩි 30ක් තියලා සෝදන්න

🍁🌺 ☘️

🌼 බිත්තර 1

🌼 දෙහි බිංදු කීපයක්

💙 හොඳට කළවම් කරලා විනාඩි 30ක් තියලා සෝදන්න.

🍁🌺 Protein Hair mask

🌼 බිත්තර 1

🌼 පොල් කිරි

🌼 උළුහාල් බ්ලෙන්ඩර් කරලා තේ හැඳි 2ක්

💙 ඔක්කොම ටික කලවම් කරලා පැයක් විතර තියලා සෝදන්න.

ඒ වගේම,

Highly recomended එකක් තමා

🌼 බිත්තර

🌼 යෝගට්

🌼 මී පැණි

ඔය ටික තමා🥰

ඕකෙන් කැමති එකක් ගන්න.

ඔක්කොම ටික කරන්න ඕනේ නම් සතියට 1ක් 2ක් අරන් කරලා බලන්න😁😁

මේකෙන් පුලුවන් කොණ්ඩේ ලස්සන වැඩි කරගන්න😍😍😍

Try it girls😘❤️

Loveee Youuu❤️😘

අනවසරයෙන් උපුටා ගැනීම තහනම් 😏

Photos from Meet YouRself's post 17/05/2024

Hi කෙලීස්😍
ඔයාලගෙ hair type එක මොකද්ද..

මගේ නම් 1A & 2A mix 😍😍 ගොඩක් Dry නෑ.. Normal❤️❤️

හැමෝටම එකම ට්‍රීට්මන්ට්ස්ම හරි යන්නේ නැතුව ඇති නේ...☺️☺️

Type එක දාන ගමන්

Dry වියළි🙃
Oily තෙල් ගොඩයි🙃
Frizzy අවුල් වුණ ගමන්මයි🙃 ද කියලත් කියන්න.

එහෙම ප්‍රශ්න නැත්තම් ඕනේ නෑ🤗🤗

15/05/2024

හෝව් හෝස් බබීස්ලා 😁😁❤️ අද නිදාගන්න කලින් කොණ්ඩෙට මෙන්න මේ ටික කරලම නිදාගමු💙💙

🌺🌺 No. 1

🌼 මුලින්ම පරිස්සමට හොඳට කොණ්ඩේ පීරගන්න ළමයි

🍄 දික් වෙන්න පීරන අයට ඔලුව පාතට නමලා පීරන්න පුලුවන්🌸🌸

🍄 නැත්තම් ගැට නැති වෙන්න පීරගන්න 😁

විනාඩි 5ක් 10ක් ඔලුව හෙමීන් මසාජ් කරන්න...

🌺🌺No.2

🌼 කොණ්ඩේ කරල් 2ක් හෝ 1ක් ගොතාගන්න.

🍄 ගොඩක් තදට නෙමේ🙄🙄 ලාවට

🍄 ටිකක් උඩ..ට වෙන්න ගොතනවා නම් හොඳයි.

🍄 එතකොට උඩට කරලා නිදාගන්න පුලුවන්.
ඇඟට යට වෙන්නේ නෑනේ🤭😁

🌼 High pony tail එකකුත් ඕකේ🌸

මතකනේ මං කලින් පෝස්ට් එකේ නිදාගන්නකොට දාන්න පුලුවන් hair styles කියලා දුන්නා 😁

🌺🌺No.3

🌼Warning
කොණ්ඩේ තෙත පිටින් එහෙම නිදාගන්නේ නෑ ඔන්න😒😒

🍄 හවස නාන අය ඉන්නවා නම් හොඳට වේලගන්න. හවස නාන්න් නැත්තම් හොඳයි 😏

🍄 ඩ්‍රයර් එකකින් හෝ ටවල් එකෙන් තෙත නැති වෙනකම් පිහින්න. ඩ්‍රයර් එකේ ගොඩක් රස්නෙන් පාවිච්චි කරන්න එපා 😏 කොණ්ඩෙට ගොඩක් රස්නේ හොඳ නෑ කෙල්ලනේ

🌺🌺No.4

🌼 සිල්ක් හෝ සැටින් කොට්ට උරයක්💙

🍄 තාමත් මාරු නොකරපු අය මාරු කරගන්න.

කොණ්ඩේ යන එක අවම වෙනවා..

රෑට කොණ්ඩේ කැඩෙන ප්‍රශ්නෙට හොඳම විසඳුම🌸

🌺🌺No.4

🌼 කොණ්ඩෙට දාන්න Scrunchies ගන්නවා නම් ගොඩක් හොඳයි.

🍄 සිල්ක් නිසා කොණ්ඩේ පැටලෙන්නේ, කැඩෙන්නේ එක එහෙම අඩු වෙනවා

🌺🌺No.5

🌼 අගිස් පැලිලා තියෙන ළමයි අගිස්සේ තෙල් ටිකක් ගාල පහුවෙනිදට හෝදන්න.

🍄 පැලෙන එකත් අඩු වෙයි

එච්චරයි වගේ☺️☺️

පුරුද්දක් විදිහට මේ ටික හැමදාම කරමූ🥰🥰

හිතේ ආසවෙන් වැඩ කරන්න.❤️

නිකන්ම හොඳ දේවල් ජීවිතේට එනවා😘

අපේ මැජික් එක අමතක නොකර කරන්න...

එහෙනම් කෙල්ලනේ ගුඩ්නයිට්😁🥰

Loveee Youuuu😘❤️

#රෑටනිදාගද්දිමෙහෙමනිදාගන්න

Photos from Meet YouRself's post 15/05/2024

Beetroot Ice cube 🧊🧊
Glass skin එකකට ට්‍රයි කරලා බලන්නකෝ...

හදාගන්නේ මෙහෙම

🌸බීට් අලයක් අරන් වතුර චුට්ටක් දාලා බ්ලෙන්ඩර් කරගන්න.

🌸ඊට පස්සේ ඒක පෙරාගන්න.

මෙන්න මේ වගේ ලස්සන අයිස් කියුබ් හදාගන්න.
(ෆොටෝ ගනිද්දි පෝඩ්ඩක් දිය වෙලා හොඳේ 😁😁)
සිම්ප්ල් 😌❤️

🌸☘️ මූණ පාට වෙනවා
☘️ ලස්සන glow එකක් එනවා
☘️ Dark circles නැති වෙනවා
☘️ මූණ smooth වෙනවා

මේ වගේ දේවල් හම්බෙන ශෝක් ට්‍රීට්මන්ට් එකක් තමයි මේ 🥰🥰❤️

එන්නාම්...

Loveee Youu penchiiiis 😘❤️❤️❤️

Photos from Meet YouRself's post 13/05/2024

English වලට බය අයට
Part 2 🍄✨️

3. Korean drama😋😋😋😋❤️

මං ආසම එක..😋😘
මේකෙන් කනට කොරියන් ඇහැට english
උපරිම ජොලියෙන් බලන්න පුලුවන්😍😍
K drama links කියලා search කරාම ඕනේ තරම් එනවා..

4. English songs

🌹මෙන්න අනික් එක.
🌹Lyrics එක්කම සිංදු අහන්න.
🌹වචන කියන ගමන්
🌹එතකොට බොරු වචන දාලා සිංදුව කියන්න ඕනේ නෑනේ🤭😁
🌹අපිටත් profesional sigersla වගේ වොයිස් එක ටකරම් උනත් වචන ටිකත් එක්ක කියාගන්න පුලුවන්..
🌹English පුලුවන් වෙනෝ සුපිරියටම😋😋😋❤️

5. ඊලඟට ලිවීම

🌷ඔයාලට හිතෙන දේ ලියන්න.
🌷ඉංග්‍රීසියෙන්
🌷හැඟීම් එහෙම
🌷Gratitude journal, Gratitude jar වගේ ලියන අය ඒවා ඉංග්‍රීසියෙන් ලියන්න තැනින් තැන හරි..
🌷එහෙම ලියනකොට පොඩි ගැම්මක් එහෙම තියෙනවා..❤️
🌷Writing skills වැඩි කරගන්න පොඩි පොඩි රචනා ලියන්න ගන්න.
🌷ඔව්වා ආසාවෙන් කරනකොට මරු ඉතින්

5. Facebook videos

☘️හැමෝම වගේ පැකේජ් දාගනන්නේ ඉන්නේ..
ශෝක් වීඩීයෝ තියෙනවා...
☘️ඒවා බලන්න..english ඒවා.
☘️මං යටින් දාන්නම් ඒවගේ ශෝයි ඒවා ටිකක්.. ☘️පොඩ්ඩක් ඒ සයිට් පැත්තේ ගිහින් බලලා එන්න.

ඔය ටික තමා මං නම් කරන්නේ..

😁ආහ් පාරේ යද්දි බව්වන්ටත් english වලින් කතා කරන් යන්න🤭🤭
😁ලැජ්ජයි වගේ නම් මාස්ක් එකක් එහෙම දාගෙන කියවන්න. පේන්නෙත් නෑනේ..
ඕක ඊලඟට පුරුද්දකට යනවා🤭🤭❤️

තව දෙයක්
ඔයාල වීඩීයෝ,ෆිල්ම් බලද්දි දන්නේ ඇති වචන තියෙනවා නේද🙄

හිතන්න ඔන්න මං බලන එකේ පොඩි සීන් එකක් ගිහින්Angry කියන වචන එනවා..😐

මං මේකේ තේරුම දන්නේ නෑ ඕන්..🥴

දැන් මුලින්ම ඩික්ශනරි/ට්‍රාන්ස්ලේටර් එකෙන් බලන්න කලින් මං කතාවෙන්ම තේරුම හොයන්න පොඩි ට්‍ර්‍යි එකක් දෙනවා..😌

වචනේ තිබ්බ සීනරියේ මූණේ හැඟීම් ප්‍රකාශනය කොහොමද, අන්න ඒ වගේ...😋

Angry?
අහ් බඩගිනී කියනවද දන්නෑ🙄🙄
ඒත් නෑ මූණේ නපුරු පාටක්නේ තියෙන්නේ..😐
තරහ ගිහින් වෙන්න බැරිද..ඔව් ඔව් ඒ වගේම තමා.😁
ඔන්න දැන් මං ඩික්ශනරි එක ගන්නවා..
අඩ්ඩ වඩේ තරහ ගිහින් නේන්නම්😋😋😋

වැඩේ ගොඩ.😋
🌻අන්න ඒ විදිහට කතාවෙන්ම තේරුම ගන්න බලන්න. බැරිම නම් ඩික්ශනරිය.☺️☺️
🌻ආයේ වචනේ තේරුම ඉංග්‍රීයෙන්ම බලන්න
🌻Oxford ඩික්ශනරි එකේ තියෙන්නේ ඒ වගේ.
🌻එතකොට ඒකට සමාන වචන එහෙමත් එනවනෙ.
🌻අපි දන්නම වචනයක් වෙනත් විදිහකට දාලා වෙන්නත් පුලුවන්නේ😋❤️

ඔන්න ඔය ටිකෙන් ඔයාලට හිතාගන්න බැරි ලෙවල් එකකට මාස 3 4කින් යන්න පුලුවාන්...ඊටත් කලින්❤️❤️😘

Loveee Youu penchiis 😘❤️

(Ong Squad
Jeniece and isaiah මේවගේ ලස්සනට කතා කරනවා..)
Ong Squad
Dhar Mann
තව මේ වගේ ඒවා ගොඩ තියෙනවා.

උපුටා ගැනීම තහනම් 😏❤️

Photos from Meet YouRself's post 13/05/2024

අයිස් කියුබ් අයිස් කියුබ් 🧊🧊
ඔන්න අද skincare day එකක් පැංචීස් 😁❤️

අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක හැමෝම අතරේ ගොඩක් ප්‍රසිද්ධ එකක්නේ..දැනටමත් ඔයාලා කරනවා ඇතී..

අයිස් කියුබ් වලින් මූණට තියෙන වාසි මොනාද...

☘️පිම්පල්ස් වලට හොඳයි
☘️ඇස් යට පෆි වෙලා, ඉදිමිලා වගේ තියෙන එකට හොඳයි
☘️මූණට ග්ලෝව් එකක් එනවා
☘️Glass skin ටයිප් එකේ මුණක් හම්බෙනවා
☘️මූණේ රැලි වැටීම නැති වෙනවා
☘️මූණේ තෙල් ගතිය අඩු වෙනවා

මේ වගේ ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙන ට්‍රීට්මන්ට් එකක් තමා අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක.

මේක හදාගන්න හැටි නම් කියන්න ඕනේ නෑනේ..
පිරිසිදු වතුර ගන්න හොඳද..

අයිස් කියුබ් හදාගන්නකොට චූටි චූටි කියුබ්ස් අරන් මූණේ ගාන්න අමාරු නිසා මේකට හොඳින් පිරිසිදු කරගත්ත ඇස්ට්‍රා කප් එකක් ගන්න පුලුවන්.

අයිස් කියුබ් සත්කාරය කරද්දි කරන්න පුලුවන් ක්‍රම 2ක් තියෙනවා

🌸🌸1. අයිස් කියුබ් එක කෙලින්ම මූණේ තියන්න එපා. රෙදි කෑල්ලක ඔතලා තියන්න.
ඒ අයිස් වලට මූණ ගොඩක් සීතල වෙන නිසයි.
විනාඩි 2ක් හෝ 3ක් කරාම ඇති.
එකම තැන ගොඩක් වෙලා තියන්න එපා.
මූණ පුරා කියුබ් එක අරන් යන්න.

🌸🌸2. අයිස් වතුරේ මූණ දාගෙන ඉන්න එක.

මේ විදි 2කටම අයිස් එක්ක GLOW වෙන්න පුලුවන් 😌❤️

ට්‍රයි කරලා බලන්නකෝ...
මං නම් හොඳ රිසාල්ට් එකක් අත්විඳීමින් තමා ඉන්නේ.. 😁😁

එන්නාම්...❤️🥰

Lovee Youuu ma penchiiiiissss❤️😘😘

උපුටා ගැනීම තහනම් 😏❤️

12/05/2024

ඔන්න එන්නලා රහස කියන්න😁😁❤️❤️
කොණ්ඩේ වැවෙන්න, ඝනකම් වෙන්න, ඒ වගේම කොණ්ඩේ යන එකත් අඩු වෙනවා😍😍

මේකට ඕනේ කරන්නේ මෙන්න මේ ටික

🌹හාල් ටිකක්
🌹වද මලක්
🌹වද කොළ 2ක් විතර

☘️මුලින්ම එක පාරක් හාල් ටික සෝදගන්න.
ඊලඟට ඒක ලිපෙන් තියන්න රත් වෙන්න.
බත් ඉදෙද්දි වතුර සුදු පාට වෙනවනේ..
අන්න ඒ වෙද්දි ලිපෙන් බාලා වතුර ටික පෙරලා ගන්න.

☘️දැන් ඒ වතුර එකට වදමල් පෙති, කොල දාලා අයෙමත් රත්කරන්න.
මල් වල, කොළ වල පාට වෙනස් වෙන්න ගන්නකොට ලිපෙන් බාලා ඒ ටිකත් පෙරලා වෙනම එකකට දාගන්න..

☘️දැන් අපේ ස්ප්‍රේ එක රෙඩී..😍

☘️මේ ස්ප්‍ර්‍රෙ එක තට්ට ගෙඩියේ ගාලා පැයක් විතර ඉඳලා නාන්න..
රිසාල්ට්ස් නම් හොඳටම හොඳයි😍❤️

කොණ්ඩේ වේලෙන්නේ නම් නෑ මේකට...
සීතලත් නෑ...
ශෝයි😍❤️

හරි😁😁❤️❤️

Loveee Youuu❤️😘

Photos from Meet YouRself's post 10/05/2024

Self Love 🍄✨️

09/05/2024

Be positive and love more 🍄✨️
කොණ්ඩේ දික් කරගන්න නම් කරන්න ඕනේ පලවෙනිම සහ අත්‍යවශ්‍යම දේ මොකද්ද🙄🙄

Love affair එකක් තිබීම😌

(අඩේ කෙ ල් ලේ බොට ඔල්මාදෙ ද😳😬😖)

කොණ්ඩෙත් එක්ක අයියෝ😏😏

(ආහ් ඒක මිසක්😒 ආවා මෙතන අපේ සූටි හිත් තලන්න😒😒😂)

කොණ්ඩෙත් එක්ක ඔයාට හොඳ strong bond එකක් තිබිය යුතුමයි.

ඒක ඇති කරගන්නේ කෙසේදැයි කියා දස අතේ කල්පනා කරන ඕන්න ඔය උඩ බිම් බලන දැරිවියෝ ටික මෙන්න අහගන්නකෝ😁😁❤️

☘️☘️ආත්මීය බැඳීමක් නැතුව මේක කොරන්ට බැහ්.
මේ බැඳීම ඇති කරගන්න පුලුවන් හොඳම තැනක් තමා කණ්ණාඩිය ඉස්සරහ.
එතෙන්ට ගිහිල්ලා ඔයාව ඔය ඉන්නවට වඩා වෙනස් විදිහකින් දකින්න ඕනේ.
ඒ කියන්නේ මවාගන්න ඕනේ.
කොණ්ඩේ දිගම දිග සුරංගනාවියක් කියලා හිතන්නකෝ..
නැත්තම් රපුන්සල්වම මවාගන්න
හැබැයි ඔයාගේ වර්ශන් එකෙන්

☘️☘️දැන් කොණ්ඩේ යන්නේ නෑ
නිකන් ඇල්ලුවත් කොණ්ඩේ දික්වෙනවා වගේ ෆීලින් එකකින් ඉන්න ඕනේ..
එයා එක්ක කතා කරන්න.
ඉක්මනට වැවෙන්න කියන්න.
ඔහොම ඔහොම..
පොඩි වෙලාවක් අරන් ආදරේ කරන්න.

මං මේක මැජික් එකේ විස්තරේදීත් කිව්වා.

☘️☘️ඔයාට නිදහස් තැනකට යන්න..
ඕනේ නම් ඔයා ආස කරන කොණ්ඩේ දිග ෆොටෝ එකක් ඉස්සරහින් තියාගෙන..
මේ මගේ කොණ්ඩේ..
අනෙ අප්පේ දික් වෙලා නේද..
තව දික් වෙනවා..
ඕම ඕම හිතාගෙන හිතාගෙන් හිතාගෙන යන්න.

☘️☘️අර යටිසිත කියල ගැජමැටික් එකක් තියෙනවනේ..
අපි කොණ්ඩේ දික්.වෙනවා...දික් වෙනව...කියල කියන්න කියන්න ඔන්න ඔය යටිසිත ඕක පැලපදියම් කරගන්නවා..
ඉතින් ඕක පැල වුණු වෙලේ ඉඳන් ඇත්තටම දික් වෙනවා දික් වෙනවා..

☘️☘️මේ පෝස්ට් එක ලියන ගමනුත් මට තේරෙනවා මගෙ කොණ්ඩේ දික්.වෙනවා වගේ😅😅
ඒක පිස්සුවක්
කරුණාකරලා හදාගන්න..

☘️☘️දැන් මොනා ගෑවත් දික්.වෙන්නෑ කියන අයගේ ඉතින් දික් වෙන්නෑ තමා..
ඇයි දෙයියනේ කටෙයි හිතෙයි අරහෙයි මෙහෙයි එකී මෙකී නොකී හැම තැනකින්ම කියන්නේ දික් වෙන්නෑ..
ඉතින් සරලයි දික් වෙන්නෑ 🥲🥲

මේ ක්‍රමේ කරන්න පටන් ගන්න.
ඔයාට තියෙන ප්‍රශ්නේ පොසිටිව් කරන්න..
ටික දවසකින් ප්‍රශ්නේ චක බ්ලාස්ට්😌

ඕක පුරුදු වෙන්න සති 3ක් එක දවසක්වත් මග අරින්නේ නැතුව..

හිතාගන්න බැරි ප්‍රතිපල ලැබෙනු ඇත.
අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි

5ස් පාරකට වැඩිය කොණ්ඩේ කපලා මං ටුන් ටුන් ගාලා කොණ්ඩේ වවාගන්නවා 😌😌❤️
එහෙනම් ඔන්න මං ගියා..
මතකයිනේ... අදම love affair එක පටන් ගන්න 😌❤️ ඔකේයී එහෙනම්..

Loveee Youuu ma Rapunzel penchiiisss😘❤️

09/05/2024

💚 කොණ්ඩේ නිකන් කිසි මෙව්වා එකක් නැතුව, Dull look එකක් තියෙන , ශයින් එකක් නැති බබීස්ලා ඉන්නවද😐😊

ඔයාලට තමා මේ අරන් ආවේ🥰

ඕනේ කරන්නේ

🌹 යෝගට් කෝප්ප 1
🌹 නෙල්ලි කුඩු මේස හැඳි 1
🌹 පොල්තෙල් හෝ එඬරු තෙල් හෝ ඔයාලා ගාන තෙල් එකකින් මේස හැඳි 1

ඕකේ🥰

කරන්න තියෙන්නේ මික්ස් වෙල් ඇන්ඩ් ඇප්ලයි😁

විනාඩි 45කින් වගේ නාන්න හැකිය🥰

මේකට කොණ්ඩේ වැවෙනවත් එක්ක හරි😁❤️

හරි එච්චරයි

Loveee Youu❤️😘

Photos from Meet YouRself's post 08/05/2024

Hi පැංචීස් 🍄✨️ අද Self improvement කතාවක්
Learning English😌❤️ English වලට බයද😏

Part 1 🍄✨️

කම්මැලි නැතුව ඔක්කොම කියවන්න😁❤️

ගොඩක් අය English කතා කරන්න බයයි, පොඩ්ඩක් දැක්කමත් ටොයින් වෙලා වගේ යනවනේ..😐

English කතා කරන්න ඉගෙන ගන්න ඕනේ නම් මුලින්ම බයයි, අනේ මට බෑ, අම්මෝ ඉංග්‍රීසී නේද, අනේ අපි සිංහල, බුදාම්බෝ ගාන ඒවා අයින් කරලා දාන්න ඕනේ...😅🤭

බය වෙන්න ඕනේ නෑ හරි ලේසී..😋😋

Grammar දැනගත්තා කියලා English කතා කරන්නම බෑ... අනේ ග්‍රැමර් නැති නිසා බැරි වෙයි කියලා උත්සහ නොකර ඉන්නත් එපා.. ❤️❤️

හැමදේම ඉගෙන ගෙන තමන්ව improve කරගන්න උත්සහ කරන්න ඕනේ.

මං කියන්නම් ලේසියෙන් ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් විදි ටිකක්.. තව තියෙන ඒවා ඔයාලත් එකතු කරන්න...☺️☺️

මං කරේ මෙන්න මේ ටික.

🍄✨️✨️✨️✨️

මුලින්ම ඉංග්‍රීසි කිව්වම ටොයින් වෙන එක නැවැත්තුවා...😁😁

ආහ් ඉංග්‍රීසිද😌 අනේ මට බැරිනම් කාට ඕවා පුලුවන් වෙන්නද😁😌 ඔන්න ඔහොම හිතන්න ගත්තම නිකන්ම බය නැති වෙලා යනවා.

1. 🌻ඔයාලට පුලුවන් චූටි බබාලගේ කතා කියවන්න.
රස විඳින ගමන් හරිද...

☘️ආහ් ඔන්න මං ඉංග්‍රීසි ඉගෙන ගන්න තමා මේ හදන්නේ 🥴

☘️හරි අපි මේක කියවලා බලමු🤭
එහෙම නෙමෙයි😁

☘️අඩ්ඩ වඩේ මරු කතාවක්නේ.බලමු කියවලා...
හප්පා සෝයිනේ නකූ...😍😍
කියලා ජොලියේ කියවන එක කියවන්න.😁

🍄✨️✨️මං ගත්තා ඇප් එකක් 1000 stories offline තියෙන එකක්..😋
චූටි චූටි කතන්දර ජීවිතේටත් වැදගත්😘
බඩ අල්ලන් හිනා වෙන ගමන්, ආදර්ශ ගන්න ගමන්, අඬන ගමන් කියවන්න පුලුවන්.😁😁
පහලින් තියෙන App එකේ screenshot එකක්.

2. ෆිල්ම් බැලීම😋😋😋

🌸English films
🌸බලද්දි උපසිරැසි subtitles සිංහලෙන් දාගෙන නම් බලන්න එපා හොඳේ🥴
ගන්න ඉංග්‍රීසි ඒවම.

🌸මං බැලුවේ නම් supernatural season 15ක් තියෙනවා.
8ක් බැලුවා.
ඒකේ බනින සීන් එහෙම තියෙනවා හොම්මන් මිශ්‍ර එකක්නේ...😁😌
ඔයාලට කියන්න මං හොඳ වචන සෙට් එකක් අල්ලගත්තා..😁😁

ආයේ Bridgerton බැලුවා..
After movie series එක.
තව ගොඩයි.

English film ම බලන එකේ වාසිය මොකද්ද

🍀එයාලා කතා කරන එකමයි යටින් යන්නෙත්
කනට, ඇහැට දෙකටම එක පාර වචනේ යනවා.

🍀වේගෙන් කියවන්න පුරුදු වෙනවා.

🍀ඔයාලට යටින් යන එක කියවගන්න්න බැරි නම්
නවත්තල 4, 5ස් පාරක් ඒකම කියවන්න.

🍁මං නම් එහෙමයි මට තේරෙනකම්...එ වේගෙට කියවගන්න පුලුවන් වෙනකම් එතනින් යන්නේ නෑ. ඇයි ඒ🙄

මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ හිංදද නෑහ්😌
මගේ රස වින්දනේට ඒක බාධාවක්😑

එතන වේගේ හදාගත්තේ නැත්තම් මුලු සීසන් එකම මට නවත්තවට වඩා දෙයක් කරගන්න බැරි වෙනවා..😑🥴

එපිසෝඩ් 3ක් 4ක් යද්දි මට තේරෙනවා මගේ ස්පීඩ් එක යන්තම් හැදීගෙන එනවා කියලා😍

එතකොට මං මගේ කම්මුලට ආදරෙන් තට්ටුවක් දාලා හොඳ කෙල්ල ලව් යූ කියනවා..😁
😋❤️😘

තමන්ව motivate කරන හොඳම motivation එක තමන්මයි.

Part 2 එක බලාපොරොත්තු වන්න.. 😁❤️❤️

Lovee Youu පැංචීස් ❤️😘😘

උපුටා ගැනීම තහනම් ඕකේයී 😏❤️

Videos (show all)

Dream hair 🍄✨️හායි ඉත්තෑකුරනී 😁😁❤️ආසයි නේහ් 🥹❤️#meetyourself #hairgrowth #HairGoals #selflove #longhair
කොණ්ඩේ අගිස් පැලෙන එකට වගේම වේලිලා වගේ තියෙනවා නම් තෙල් ටිකක් අරන් අගිස් වල ගාන්න. 🍄✨️#meetyourself #splitends #loveyour...
Hair Colors 🥺❤️
ලස්සනම ලස්සන hair styles 🥹❤️❤️ ට්‍රයි කරලා බලන්න ළමයී ❤️😘😘
ඉක්මනටම කොණ්ඩේ වවාගන්න 🍄✨️ළූණු පොතු එක්ක කරාඹු නැටි මික්ස් වුණාම හිතාගන්න බැරි විදිහට කොණ්ඩේ වැවෙනව කියලා දැනන් හිටියද ප...
හෙට ඉඳන් මේ විදිහට කොණ්ඩේ දාන්න 😍🍄✨️#hairroutine #hair #hairgrowth #hairstyle #meetyourself #HairCare #hairgoals #beauty...
Hair Style  🍄✨️#meetyourself #selflove #longhair #haircare #hairstyle #hair #hairgrowth #hairstyles #haircut #hairgrowth...

Website