Hiran ගේ කවි - K a V I Y a
කවිය.. පපුවට තේරෙන හොඳම විදිහ...�
AKD🧭
🧭🧭🧭🧭
🥺🥺🥺
අපිලට පින නෑ අප්පා...🥺🥺
එළිවෙන පාන්දර සරමත් කරට අරන්
එන්නට එපා පෙන්ෂන් ගිය මාව හොයන්
ඩිංගක් ඉවසගෙන ඉන්නට පුරුදු වෙයන්
ප්‍රතිඵල එන්නෙ නෑ පෙට්ටිය කඩපු ගමන්
ආච්චි අම්මගේ කොටහලු මගුල කියා
තබ්ලා ගහන මල්ලිත් නෑ ගෙදර ගියා
මං හිටියනම් ප්‍රතිඵල පිළිවෙලට ලියා
තට්ටම් දෙකට තල තල හරි දෙනවා මෙයා
#හිමැකොස✌️
සතුරු කැලත සඳරු තලෙහි හිඳිති මධු බිබී...
අපේ එවුන් fucaම පුදති දෙදණ බිම එබී.....
😒😒😒😒
🌷❌
#කතිරයුද්දය
කිව්වනි එකේකේවා දාන්නෙපා කියලා... 😪😪😪
🚜❌
#කතිරයුද්දය
🥺🙏🥺
🗳️🗳️
#කතිරයුද්ධය
☎️❌
#කතිරයුද්දය
මගදි අල්ලන් ගහන්නැත්නම්...🥴
උස්සන් යන්නැත්නම්...😵💫
ඔයැයිලා කේන්ති ගන්නැත්නම්...🤬
වෙන්ඩ ජනාධිපතිලට සෙත් කවියක් දෙකක් දාන්න පුලුවන්... 😪
ආධ්‍යාත්මික සුවය....😌
ලැව් යූ හත්තිකේ ....❤️🧡
Congratulations ඈ....❤️
🥺🥺🥺🥺
💛T H A R U S H I💛
පෙරහැර සජීව විකාශය.......
(බන්දුල සමන් වතුරේගම සමඟින් ජාලිය)
ජාලිය එන්න මේ පුටුවෙන් ඉඳගන්න
තුන්වෙනි කුඹල් පෙරහැර ගැන පවසන්න
කිරිකට් පිලේ අභිමානය කරපින්න
කසකරු පැතුම් මෙන්ඩිස් එනවා ඔන්න
පෙන්නා මුලින් මහ සද්දෙට හඬ තාලේ
බන්දුල ඔවුන් යනහැටි හරි මනලෝලේ
පෙරමුණ ගත්ත කස කරුවෙකි පෙර කාලේ
එනවා කුසල් කරකෝගෙන ගිණි බෝලේ
ඒ අය යද්දි හැඩකර පෙරහැර අංග
කලින්ම නැට්ටුවෙක් එනවා මනරංග
කඩියෙක් කනවදෝ දන්නෑ රන්ඩිංග
නට නට දුවනවා බන්දුල හසරංග
බාගෙට ඇඳුම් ඇඳගෙන අප චරිත් පුත
එනවා මෙන්න යනවා කෝ නැටුම් නැත
ජාලිය කොහොම වාවාගෙන ඉමුද හිත
නෙදකිං රමේසුත් පස්සෙන් දුවන කැත
සිදුවී තිබේ මුත්‍රා බර උත්සන්න
ජාලිය ඕනි වැසිකිළි පැත්තට යන්න
බන්දුල ඔයා ඒ කටයුතු කර ගන්න
කලබල නැතුව චූ ටික දාලම එන්න
අලුතෙන් ආපු චමිඳුලා කමිඳුත් එක්කා
නිලමෙට ඇඳන් නටනා හැටි ඔලු බක්කා
දුනුවායෙකුයි අසිතයි පතිරණ ලොක්කා
කාවඩි අරන් ලී කෙලි නටනව දැක්කා
වැසිකිළි ගියපු ඩිංගට අවසන් වන්න
මොනෝ # #ක්ද ජාලිය උනෙ පවසන්න
පෙරහැර ගියා නොවැ ප්‍රයිව්ට් බස් වැන්න
ට්‍රැෆිකුත් ගියා හයි ස්පිඩ් අල්ලන්න
🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶
මොක්කුද බන් මේ...... 🤮🤮🤮🤮
ආසියාවේ සිංහ ධේනුවෝ......🦁🇱🇰🦁🏆
මොකුත් ඕනිම නෑ තාත්තේ.....
දුඹුරු ගැන්වුනු සරම එක්කම අළු පාට කමිසයකි ඇත්තේ
අලුත් ඒවා කොහෙන් ගන්නද කහට පැල්ලම් කොන්ද පැත්තේ
මටම තරහයි මගෙත් එක්කම එදා ඇයි මට දැනුනෙ නැත්තේ
තාත්තගෙ මේ සළුව තරමට සුවඳ නෑ අද සඳුන් ඉත්තේ
පිරිමි පපුවක සෙනෙහෙ වාගෙම නුවර වීදියෙ සෙනග උතුරයි
තාත්තා ළඟ හිටියෙ නැත්නම් පෙරහැරම බොරු කකුල් විතරයි
බියක් කඳුළක් දැනුන හිතකට සුවය දුන්නේ රතන සුතුරයි
ඊට වැඩි රැකවරණ තිබ්බේ "තාත්තා" යන අකුරු අතරයි
උදේ රෑ මෙන් දවල් වරුවෙත් අපට කුසගිනි වෙන්න දුන්නෑ
වැඩට ගියහම ඔයා කෑවද තාත්තේ මං අදත් දන්නෑ
පාට පැන්සල් නොදුන්නොත් හෙම ආයෙ මම පාසලට යන්නෑ
එදා ඉඳලා දවස් ගානක් තාත්තා රෑ බෙහෙත් බොන්නෑ
ගමන් යන්නට අහපු මොහොතේ එපා කිව්වම දෙතොල් මතුරා
තාත්තාමයි එදා මා දුටු මගේ දිවියේ ලොකුම හතුරා
"කන්න මොනවද ඕනි කියපන්" විමසනා විට සෙමෙන් කොඳුරා
මොකුත් නොකියම ගෙට ගියේ මං ඔයා ගැන හදවතින් පුපුරා
*තාත්තා ❤️" ගෙන් කෝල් එනවා බැරිම තැන මට උනා ගන්න
" මිනිය ළඟ ඇති ෆෝන් එකෙනුයි පුතේ ගත්තේ දැනුම් දෙන්න"
ඔයා යනකොට අහපු ප්‍රශ්නෙට මගේ පිළිතුර අහන් යන්න
" මොකුත් ඕනිම නෑ තාත්තේ අනේ ආයෙම ගෙදර එන්න"........
දැන් ඉතුරු ඔච්චරයි ....🥺
පරිස්සමින් එන්න පුතේ.....
මීට,
ලක් අම්මා 🥹