EconExplained
EconExplained is operated by the Economic Research Department of the CBSL
Understanding the inflation fan chart of the CBSL
இலங்கை மத்திய வங்கியின் ‘பணவீக்க வீச்சு வரைபடத்தினைப்’ புரிந்துகொள்ளல்
ශ්‍රී ලංකා මහ බැංකුවේ “උද්ධමන ව්‍යාප්ති සටහන” (Fan Chart) කියවා තේරුම් ගැනීම
Understanding the ‘Inflation Fan Chart’
of the Central Bank of Sri Lanka
ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය /අවප්‍රමාණය නිවැරදි ලෙස ගණනය කරන්නේ කෙසේද?
USD 1 billion more workers’ remittances during Jan-May 2023 compared to year earlier…
Lower energy prices and smoothened energy supply are expected to support the recovery in economic activity and ease inflationary pressures…
මහ බැංකුව ගිය සතියෙ පොලී අනුපාත සියයට 2.5කින් අඩු කළා. දැන් මොකද වෙන්නෙ?
මේ බොහෝ පිරිසක් අහපු ප්‍රශ්නයක්.
මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තමයි රටේ පොලී අනුපාත තීරණය කරන ප්‍රධාන සාධකය. මහ බැංකුව අනෙකුත් බැංකුවලට දිනපතා කෙටි කාලීනව ණය දෙන පොලී අනුපාතය පසුගිය බ්‍රහස්පතින්දා (2023.06.01) සියයට 2.5කින් අඩු කළා. දැන් එම පොලී අනුපාතය සියයට 14යි.
දැන් වානිජ බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන මෙම පොලී අනුපාත අඩුවීම ණය ලබා ගන්නා පාරිභෝගිකයන්ට හැකි ඉක්මනින් ලබා දිය යුතුයි. ඒ වගේම තැන්පතු පොලී අනුපාතත් අඩු වේවි. මේ ක්‍රියාවලියට කියන්නේ මුදල් ප්‍රතිපත්තිය සම්ප්‍රේෂණය වීම කියල. මහ බැංකුව තමයි පොලී අනුපාත වෙනස් කරමින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ.
මහ බැංකුව පොලී අනුපාත අඩු කළේ උද්ධමනය පාලනය වෙමින් තියෙන නිසා. ගිය අවුරුද්දේ සැප්තැම්බර් වලදි සියයට 70ක් පමණ වුන උද්ධමනය පසුගිය මැයි මාසේ සියයට 25ට අඩුවුණා. පුරෝකථන අනුව ජූලි මාසයේදී එය සියයට 10ටත් වඩා අඩුවිය යුතුයි. පැවති අධික උද්ධමනය පාලනය කරන්න ගිය වසරේ සිට මහ බැංකුව පොලී අනුපාත සියයට 10කටත් වඩා වැඩි කළා. ඒ කියන්නේ දැඩි මුදල් ප්‍රතිපත්තියක් පසුගිය වසර පුරාම මෙන්ම මේ වසරේ මේ දක්වාත් ක්‍රියාත්මක කළා. එමගින් උද්ධමනය පාලනය උනා.
උද්ධමනයේ අඩුවීම මෙන්ම විදේශ අංශයද ශක්තිමත් වීම නිසා දැන් මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා, ඒ ආර්ථික කටයුතු ප්‍රවර්ධනය කිරීමට. නැවතත් ආර්ථික කම්පන සිදු නොවුනොත් ලිහිල් මුදල් ප්‍රතිපත්තියත් සමග පොලී අනුපාත ඉදිරි කාලයේදී ක්‍රමානුකුලව අඩුවේව්. මැදි කාලීන උද්ධමන ඉලක්කය සියයට 4-6ත් අතර වන නිසා පොලී අනුපාත සාමාන්‍යකරණය වූ විට කෙටි කාලීන පොලී අනුපාත සියයට 10ටත් වඩා අඩුවෙන් පවතිනු ඇති.
Sri Lanka's external sector performance is improving gradually...
The Extended Fund Facility (EFF) of the IMF
Key Highlights of Sri Lanka's Arrangement