Sinhala School - Bahrain
Sinhala School of Bahrain is an educational programme conducted by Sri Lanka Club to teach our Children Sinhala Language, Buddhism and cultural heritage
Sri Lanka Club – Bahrain was established in 1978 by a group of Srilankans working in Bahrain to create a forum for promoting social activities. From the inception, the Club has conducted numerous activities to cater for the needs of members, their families and children. In 1992, the first Sinhala Class was introduced. However, it was only in 1995, the Club was able to introduce a proper Sinhala
මෙවර කේම්බ්‍රිජ් සා පෙළ විභාගයට පෙනී සිටි දැරියන් තිදෙනාම ඉතාමත් විශිෂ්ට ලෙස(A*& 2As) සමත්වී ඇති බව ඉතාමත් සතුටින් දැනුම් දෙන අතර ඔවුන්ට අපගේ හදපිරි ප්‍රණාමය පුදකර සිටිමු. ඒවාගේම ඊට ඇප කැප වී ලංකාවේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු කල අනෝමා ගුරැ මහත්මියටත් පාසලේ සෙසු ගුරැ මහත්මීන්ටත් අපගේ ස්තුතිය. තවද තම දරු දැරියන් වෙනුවෙන් වෙහෙස මහන්සිවී කටයුතු කල දයාබර දෙමාපියන්ටත් අපගේ ප්‍රණාමය.
පොසොන් පොහෝය නිමිති කොටගෙන ශ්‍රී ලංකා සංගමය සහ සිංහල පාසලේ දරැ දැරියන් , ගුරැමහත්මීන් සහ දෙමාපියන් විසින් ඉදිරිපත් කරන භක්ති ගීත ගායනය. 21වැන සිකුරාදා සවස 7:30සිට ශ්‍රී ලංකා සංගම් පරිශ්‍රයේදී...
මෙවර පරිවාර පැටව් 100කට අධික කැරකෙන කූඩුව, සිකුරාදා සහ සෙනසුරාදා දෙදින පුරා ප්‍රදර්ශනය කෙරේ.
1,2 සහ 3 වන පන්තිවල සිසුන් විසින් බුද්ධාගම පාඩම ඇසුරෙන් එදින "සාලිකේදාර" ජාතකයේ අවස්ථාවන් චිත්‍රයට නැගු ආකාරය...
Today we received a token of Appreciation from one of the parents...💐
සිංහල පාසලේ පළමු අධ්‍යයන වාරයේ අවසන් දිනය වු අද දින අපගේ පාසලේ ආදරණීය දෙමාපියෙක් විසින් ගුරැමහත්මීන් සහ කමිටුව ඇගයිමට ලක් කල ආකාරය... අපගේ හෘදයාංගම ස්තුතිය ඔබට...💐
සිංහල පාසල විසින් පසුගිය සිකුරාදා පැවැත් වු වෙසක් සීල වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස නිමාවට පත්විය. එදින සිල් සමාදන් වීමට ළමුන් 58ක් සහ වැඩිහිටියන් 25ක් පමණ සහභාගි වු අතර, වැඩසටහන අවසන්වන තුරුම අප සමඟ රැදෙමින් දෙමාපියන් ලබාදුන් සහයෝගය ඉතාමත් අගය කොට සලකමු. ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයන් වලින් පැවැත් වු මේ වැඩසටහනට පූජ්‍ය ගිරාඳුරැකෝට්ටේ සිරි සීවලී ස්වාමීන් වහන්සේගේ වැඩමවීම හේතුවෙන් අප වැඩසටහන තවත් විචිත්‍ර වු බව නොරහසකි. ඒවාගේම උන්වහන්සේ විසින් පැවැත් වු ධර්ම දේශනාව සහ අනුශාසනාව අවසන් වුයේ දරු දැරියන්ට තම ජීවිතයට වටිනා පණිවිඩයක්ද එක්කරමිනි. උන්වහන්සේ මෙම අවස්ථාවට වැඩවීම සඳහා සහසම්බන්ධ වු සියලුම දෙනාට අපගේ හදපිරි ස්තුතිය පුදකරන්නෙමු. එදින සියළුම දෙනා සඳහා දානය සහ ගිලන්පස සඳහා උදව් උපකාර කල දෙමාපියන්ට සහ ස්ථානය ලබාගැනීමට උදව් උපකාර කල අනුග්‍රහයක භවතුන්ට අපගේ ස්තුතිය පුදකරන අතර, මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට ගුරැ මහත්මීන් ලබාදුන් දායකත්වය සහ කැපවීම ඉතාමත් විශිෂ්ටයි. එවාගේම මෙම වැඩසටහනේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ආවරණය කල මාධ්‍ය ඒකකයට අපගේ විශේෂ ස්තුතිය.
අධ්‍යාපන අණු කමිටුව 2024/2025
Photo credit to Kasun Dharmawansha.
වෙසක් සීල වැඩසටහනට සම්බන්ධ වු සිංහල පාසලේ දරු දැරියන් විසින් භාවනා වැඩසටහනේදි සතිමත් බව පුරුදු පුහුණු කරන ආකාරය සහ එම අවස්ථාව අප මාධ්‍ය කණ්ඩායමේ කැමරාවල අහඹුලෙස සටහන් වු අයුරුයි මේ. එදින වැඩමවා වදාල පූජ්‍ය ගිරාඳුරැකෝට්ටේ සිරී සීවලී ස්වාමීන් වහන්සේ විසින් ළමුන්හට ඉතාමත් හරවත් කාලෝචිත සුමදුර ධර්ම දේශනාවක් කරමින් අපේ වැඩසටහන වඩාත් විචිත්‍රවත් කළ සේක, ළමුන් ඉතාමත් උද්යෝගයෙන් සහ උනන්දුවෙන් උන්වහන්සේගේ දේශනාවට සම්බන්ධ විය. එදින ළමුන් සහ වැඩිහිටියන් ඇතුළුව 90ක් පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව සිල් සමාදන් වු අතර, දෙමාපියන් විසින් වැඩසටහන අවසානය වනතෙක් සංවිධායක කමිටුව සමඟ සම්බන්ධවෙමින් ලබා දුන් සහයෝගය ඉතාමත් ප්‍රශංසනීයයි. එසේම ගුරැ මහත්මීන්ගේ සහ අධ්‍යාපන අනු කමිටුවේ සාමාජික මහත්වරැන්ගේ මෙන්ම දෙමාපිය කමිටුවේ දායකත්වය සහ අපරිමිත කැපවීම මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට හේතු පාදක විය.
පූජ්‍ය ගිරාඳුරැකෝට්ටේ සිරි සීවලී ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සහ දරුවන් සඳහා කරන ලද ධර්ම දේශනාව...
වෙසක් සීල වැඩසටහන පැවැත්වෙමින්...
සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
Happy Vesak festival...
ඔබගේ දරු දැරියන් විසින් වෙසක් මංගල්‍යය නිමිතිකොට කොටගෙන නිර්මාණය කරන ලද වෙසක් කාඩ් පත්...
20.05.2024
Media Unit-Sinhala School
සිංහල පාසලේ දරු දැරියන් විසින් වෙසක් සීල වැඩසටහනට සමගාමීව නිර්මාණය කරන ලද වෙසක් කාඩ් සහ විවිධ නිර්මාණ.
17.05.2024
Media Unit-Sinhala School
වෙසක් සීල වැඩසටහනට සමගාමීව සංවිධානය කරනු ලැබු වෙසක් කූඩු නිර්මාණය කිරීමේ වැඩමුළුවට සම්බන්ධ වු සිසුන් සහ එහි විවිධ අවස්ථාවන්.
Photo credit @ Bandula Rajapaksha /Asanka Jayakody
Media Unit- Sinhala School 2024
වෙසක් සීල වැඩසටහනට සමගාමීව සිංහල පාසලේ දරු දැරියන් සඳහා සංවිධානය කරන ලද වෙසක් කූඩු නිර්මාණය කිරීමේ වැඩ මුළුවට සහභාගි වු සිසුන් සහ එහි විවිධ අවස්ථාවන්...
මාධ්‍ය ඒකකය -සිංහල පාසල
Photo Credit @ Athula Jagoda
සිංහල පාසල මගින් ඉදිරිපත් කරන සීල සමාදාන වැඩසටහන... Sinhala school Vesak celebrations...
සීල සමාදාන වැඩසටහනට සමගාමීව ළමුන් සඳහා සිංහල පාසල විසින් සංවිධානය කරන...
Parallel to Vesak festival Sinhala school conducts Vesak lantern workshop for children on 10th Friday at school premises . Timing from 10:00am to 11:30am. Parents also can join & support us.
සුර්ය මංගල්‍යය 2024, සිංහල පාසලේ දරු දැරියන්ගේ අවුරුදු සැමරුම...
Photo Credit Pathmasiri Bandula Rajapaksha
Media Unit-Sinhala School
ශ්‍රි ලංකා සංගමයේ සිංහල පාසලේ දරු දැරියන්ගේ සුර්ය මංගල්‍යය 2024 අවුරුදු සැමරුම, බුදේයියා අබු නිෂාර් පිහිනුම් තටාක පරිශ්‍රයේදි සියළුම දෙනාගේ සහය ඇතිව ඉතාමත් වර්ණවත් ලෙස පවත්වන ලදී. මේ ඔබ පහත ජායාරූප වලින් දකින්නේ අපගේ මාධ්‍ය කණ්ඩායම විසින් විවිධ අවස්ථාවල ආවරණය කරන ලද අවස්ථා වලින් කිහිපයකි.
Photo Credit Pathmasiri Bandula Rajapaksha
Media Unit- Sinhala School
ශ්‍රි ලංකා සංගමයේ සිංහල පාසලේ දරු දැරියන්ගේ සුර්ය මංගල්‍යය 2024 අවුරුදු සැමරුම, බුදේයියා අබු නිෂාර් පිහිනුම් තටාක පරිශ්‍රයේදි සියළුම දෙනාගේ සහය ඇතිව ඉතාමත් වර්ණවත් ලෙස පවත්වන ලදී. එදින විශේෂ ආරාධිත අමුත්තා ලෙස බහරේන් තානාපතිතුමිය වන එච් එම් ජී ආර් ආර් කේ විජේරත්න මෙන්ඩිස් මැතිනිය සහභාගි වු අතර, බහරේන් හි විවිධ සමිති සංගම්වල නිලධාරීන්ද ආරාධිත අමුත්තන් ලෙස සහභාගි විය. එදින දෙමාපියන් සහ ළමුන් 250ට අධික පිරිසක් සහභාගි වු අතර උදෑසන 9:30 සිට සවස 6:00 දක්වා විවිධ අංගවලින් උත්සවය විචිත්‍රවත් විය. එදින අවුරුදු චාරිත්‍ර, දෙමාපිය වන්දනාව, සජීවීව කැවිලි පෙවිලි සෑදීම, කිරි ඉතිරවීම සහ අවුරුදු ක්‍රීඩා අංගයන් විශේෂයෙන් කැපී පෙනෙන්නට විය. මේ ඔබ පහත ජායාරූප වලින් දකින්නේ අපගේ මාධ්‍ය කණ්ඩායම විසින් විවිධ අවස්ථාවල ආවරණය කරන ලද අවස්ථා වලින් කිහිපයකි.
Photo Credit Pathmasiri Bandula Rajapaksha
Media Unit- Sinhala School
සුර්ය මංගල්‍යයේ 2024 අවුරුදු සැමරුමේ විවිධ අවස්ථාවලින් කිහිපයක්...
Few captions from SLC Sinhala school Awurudu celebrations.
Photo credit Kasun Lahiru Dharmawansha
Media Unit-Sinhal School
සුර්ය මංගල්‍යය 2024 තව සුළු මොහොතකින් ආරම්භවන වගයි.
සුර්ය මංගල්‍යයට සුදානම් වෙමින්...
සුබ පැතුම්!!!
2024 අප්‍රේල් 26 වන දින පැවැත්වෙන Cambridge IGCSE සිංහල භාෂා විභාගයට පෙනී සිටින
හිමායා තත්සරණී
ෂාවින්දි දම්රුවනි
සචින්ති ෆනෑන්ඩු
යන අපගේ දූ දරුවන්ට සාර්ථකව එයට මුහුණ දී උසස් ප්‍රතිඵල ලබාගැනීමට හැකිවේවා යි අපගේ හද පිරි සුභ පැතුම් මෙසේ එක් කරන්නෙමු.
බහරෙන් ශ්‍රී ලංකා සංගමයේ විධායක කමිටුව, අධ්‍යාපන අනුකමිටුව සහ සිංහල පාසලේ ගුරු මහත්මීන්ගෙන්!
සිංහල පාසලේ ළමුන්ගේ "සුර්ය මංගල්‍යය" 26 වැනි සිකුරාදා උදෑසන 9:00සිට සවස් වනතුරු බුදේයියා අබු නෂාර් පිහිනුම් තටාක පරිශ්‍රයේදි පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත. මෙම උත්සවය සහ අදාල තරඟ සියල්ල නොමිලේ පවත්වන අතර මෙම උත්සවය සියළුම දරැ දැරියන්හට විවෘතයි.
Sinhala school children will be celebrating their "Soorya Mangalya" Awurudu celebrations on 26th April, Friday, from 9:00am onwards at Budaiya 'Abu Nazer Swimming pool' premises. This event is free of charge and open for all the children. Come and experience the true colours of our students performing the traditonal awurudu celebrations.
නොවැළැක්විය හේතුවක් නිසා සිංහල පාසලේ සුර්ය මංගල්‍යය පෙර පවැත්වීමට තිබු ස්ථානයෙන් බුදේයියා අබු නිෂාර් පිහිනුම් තටාක පරිශ්‍රය වෙත ගෙනයෑමට විධායක කමිටුව තීරණය කරන ලදී.
Due to unavoidable circumstances, we have changed our Awurudu celebrations location to Budaiya Abu Nezar Swimming pool premises. You all are welcome.
Location https://maps.app.goo.gl/SZYVJYoMw2cAyujX9
සිංහල පාසලේ ඊඩ් සැමරැම 12වැනි සිකුරාදා දින බංග්ලාදේශ් පාසැල් පරිශ්‍රයේදි ප්‍රථමවතාවට පැවැත්විණි. Sinhala School - Bahrain EID celebration on 12th April at Bangladesh school premises.
සිංහල පාසලේ පලවෙනි වාරයේ අවසන් දිනය වූ මැයි 26 වන දිනය අප සැමට ඉතා විශේෂ දිනයක් විය. එනම් බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන අති ගරු එච්.එම් .ජී.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස් මැතිනිය ප්‍රථම වරට සිංහල පාසලට පැමිණීමයි. ප්‍රථමයෙන්ම තානාපතිතුමිය පන්ති කාමර වලට ගොස් ගුරු තුමියන් සහ දු දරුවන් සමග සුහද පිළිසඳරක යෙදුනි. මෙහිදී දු දරුවන් දැක්වූ ප්‍රතිචාර සහ කුසලතා තානාපතිතුමියගේ විශේෂ ප්‍රසංශාවට ලක්විය. තානාපති තුමිය පිළිගැනීම සඳහා අවසානයේ විශේෂ රැස්වීමක් පැවැත්වුන අතර එහිදී විශේෂ නර්තන සහ ගායනා අංග කිහිපයක් අපගේ දූ දරුවන් ඉදිරිපත් කරන ලදී. මෙම වැඩ සටහන ඉතා කෙටි කාලයකින් සූදානම් කල අධ්‍යාපන අනු කමිටුවට, ගුරු මණ්ඩලයට, දු දරුවන්ට සහ සහයෝගය ලබා දුන් දෙමාපියන්ට අපගේ ස්තුතිය
Videos (show all)
Website
Opening Hours
10:00 - 14:00 |