Cuteee

Cuteee

නුබව හදුනන්න මෙමට බැරි වෙන්න ආදරේ තිබුනා මට මාව අහිමි වෙන්න.... 🚶............🧎‍♀️

10/06/2024

ඇත්තටම
හිතට හිතෙන දේවල් හිතෙන්ම හිතලා නවත්තන්නේ කොහොමද ..?🥹🫶🏻

22/05/2024

ප්‍රේමය නම් ප්‍රේමයයි මිතුරනි....!!

14/05/2024

#ඉටිරූපේ❤️

17/04/2024

🖤

ඇත්තටම ...🥀🥺🖤

__________________________

22/03/2024

හිතන්නේ නෑ වගේ හිටියට
හිත බලාපොරොත්තු වුනා
ඒ සුභ පැතුම,
ලන් වෙන්න බැරි තැනක
අපි දෙන්නා හිටියට
හිතුවා ඒවි කියලා
සුභ පැතුම අද මට
ආපු නැති නිසා ඒක අද මට
දැනගත්තා ඒ තරම් වත් වටින්නේ නැති බව
ආයෙත් හිතුනා
ඔයා නැති මට
සුභ පැතුම මොකටද

මේ මොනවා හිතුවත් මම
ලබන අවුරුද්දෙත් බලයි
ඇවිද්දැයි සුභ පැතුම....!cutee 🌹❤️

17/02/2024

🌼

කව්රු හරි ආදරේ කියන්නේ මොකද්ද කියලා මගෙන් ඇහුවොත් මම පෙන්නවා,

ඔයා දිහා ආදරෙන් බලන් ඉන්න එයාව!

ඒ ඇස් වල පිරිලා තියෙන සැනසීමයි ලෝභකමයි පිරුන හැඟීම තමයි ආදරේ කියලා පෙන්නන්නවා...

කව්රු හරි ජීවිතේ කියන්නේ මොකද්ද කියලා මගෙන් ඇහුවොත් මම පෙන්නවා,

ඔයාලගේ ආදරේ දිහා බලන් ඉන්න මාව!

ඔව්! ඇත්තටම ජීවිතේ කියන්නේ රිදෙනම දේවල් උනත් හිනාවෙලා උපේක්ෂාවෙන් දරාගන්න එක ❤️

-තාරා-

30/11/2023

.
Cuteee ..🌷

16/11/2023

සමහර විට ඔබට කීමට බොහෝ තිබියදී පවා නිහඬ ව සිටීමට ඉගෙන ගත යුතුය.Cutee..🌷

11/11/2023

මං හොදම කෙනා නොවෙන්න ඇති
හැබැයි ,
මං මට පුළුවන් උපරිමයෙන් ඔයාට ආදරේ කරා
ඉස්සරහටත් ඒ ආදරේ එහෙමම තියෙයි..

ඒ නිසා මට හොදම කෙනා වෙන්න බැරි වුන එකට මන් දුක් වෙන්නේ නෑ ළමයෝ.... Cutee...🌷

06/11/2023

රැදෙන්න බැරි තැන් වල
පොරොන්දු තියලා යන්න එපා.. 🙂cutee..🌷

06/11/2023

"ඒක අතඇරපන් ඌ උබට හරි යන්නේ නෑ ඌ උබට ආදරේ නෑ උබට කියන එක තෙරෙන්නේ නැද්ද දැන් අවුරුදු කීයක් ගිහින්ද තව කොච්චර කල් බලන් ඉන්නද උබ හදන්නේ "
ගොඩක් අය කියන කතාවක් මට 🍂
මට උබලා කියන එක තේරෙන්නේ නැතුව වත් මන් ඒක තේරුම් ගන්නේ නැතුව වත් නෙවෙයි මට තේරෙනවා 😩
හැබැයි තේරෙන හැම දෙයක් ම කරන්න මිනිස්සුන්ට බෑ කියලා තෙරුම් ගන්න අනිත් මිනිස්සුන්ට බෑ ඒක අනිත් අය තේරුම් ගන්න නම් ප්‍රශ්නේ එයාලගේ වෙන්න ඕනේ ..🍃
ප්‍රශ්නේ අනුන්ගේ වෙන තාක් උත්තර දාර්ශනිකයි සහෝදරයා .. 🙂👍cutee..🌷

06/11/2023

ඔබ සිටිනා තැන
මා සිටිනා විට
එහි ඇති සැනසුම
ලොව නොදනි.... 🙂

ලොව පවසන දෙය
නොකරන හේතුව
එම සැනසුම බව
දැන් මටද සිතේ...🫶🏻🧸
cutee..🌷

06/11/2023

හැමෝම තුන්වෙනියෙක් ගැන කතා කරන්න පටන් අරන්....
කවුද මේ තුන්වෙනියා
ඇත්තටම ඒ මමද__?
මම තුන්වෙනියා කියන එක කොයිතරම් දුරට සාධාරණද..?
සාධාරණ අසාධාරණ කම් ගැන
කවුද හොයනේ.."
ඔය දෙන්නා අතරට ආපු තුන්වෙනියා මම ද..?
අපි දෙන්නා අතරට එයා නෙවෙයිද තුන්වෙනියා වුනේ "
ඇයි හැම වැරැද්දක්ම මං කරා වගේ මිනිස්සු කතා කරන්නේ...
මොකද්ද මං කරපු වැරැද්ද ?
•ආදරේ කරන්න ඔයාව තෝරගත්තු එකද..
•නැත්තම් එයා තුන්වෙනියා වෙලා ආවට පස්සේත් මං ඔයාට මගේ ආදරේ වෙනසක් නොකරපු එකද..

හරි වැරදි සාධාරණ අසාධාරණ කම් ගැන කතා කරනවට වඩා
හැමදේම වෙන්න තියෙන විදියට ඉවර වෙලා යනකම් බලාගෙන ඉන්න එක හොදයි නේද......"cutee..🌷

06/11/2023

අපි හැමෝටම ඉන්නවා ඉවරයක් නැතුව කතා කරන්න අපේ දේවල් බෙදා ගන්න කෙනෙක් සමහර අයට දවසක් එනවා ,
ඒ කෙනා එක්ක ඇයි අපි එච්චර කතා කරේ දෙවල් බෙදා ගත්තේ කියලා හිතෙන 🍃
සමහර වෙලාවට ඒක ජීවිතේට ලොකු පසුතැවීමක් එකතු කරනවා..👣 cutee..🌷

06/11/2023

"තමන්ගේ වෙන්නම ඕනෙද ආදරේ කරන්න "
ගොඩක් මිනිස්සු හිනා වෙලා ඉන්න ඔනේ නිසා කියන බොරු කතාවක්
කවුද ආදරේ කරන දෙවල් අනුන්ගේ වෙනවට කැමති අපි හැමෝම කැමති ආදරේ කරන ආස කරන දේචල් ළග තියා ගන්න ….෴ cutee..🌷

06/11/2023

"එයාවද ?
මාවද?
මට දෙන්නවම ඕන..
එහෙම කොහොම ද?
මන් දෙන්නටම ආදරෙයි ..
දෙන්නෙක්ට එකපාර?
ඔව්...."
මේ නිසදැස මන් දැක්කේ fb එකෙන් දැක්ක ගමන් හිතුනා එයාටත් වෙලා තියෙන්නේ මේක නේද කියලා
මෙහෙම දෙයක් වුනාම කරන්නේ මොක්දද කියලා මන් දන්නේ නෑ දෙන්නගෙන් කෙනෙක් එයා තෝරගන්න කම් ඉන්නවද නැත්තම් එයාව අමතක කරනවද....?
" ආදරේ කරනවට වඩා අමාරුයි එයා එනකන් ඉන්න ඕනේද නැත්තම් අමතක කරලා ඉන්න ඕනෙද කියන එක දන්නේ නැතුව ඉන්න එක ..."cutee..🌷

05/11/2023

අත් හැරීම ඔය කියන තරම් ලේසිද
සුන්දරද
එහෙම වුණා නම් ගොඩක්
මිනිස්සු ආදරේ නොකර ඉදිවි හැමදාම

ආදරය අත් හැරීමට වඩා සුන්දර බව දන්න මිනිස්සු
තමයි.
බලාගෙන ඉන්නේ ඉඩෝරය ගෙවෙනකන්.....|cutee...🌷

05/11/2023

සමහර දවස් තියෙනවා ලස්සන මතක ජීවිතේට එකතු වෙන
ඒ දවස් එන්නේ ජීවිතේට එක පාරක් වෙන්න පුළුවන්

හැබැයි,
ඒ මතක වලට පුළුවන් මිනිස්සුන්ව ජීවිත කාලයක් ජීවත් කරවන්න |

ඒ නිසා කෙනෙක්ගේ හිත ආදරණිය මතක වලින් පුරවන්න පුළුවන් ප්‍රේමනීය මිනිසෙකු වන්න 🫂cutee..🌷

05/11/2023

හැම කෙනාම ලොකු දෙවල් බලාපොරොත්තු වෙන්නේ නෑ
ආදරේකදි සමහරුන්ට ඕනේ
ජීවිත කාලේම තමන්ව තනි නොකරන තමන්ට හයියක් වෙන ආදරයක් 🫂

හැබැයි ගොඩක් වෙලාවට වැරදුනෙත් එහෙම අයට ආදරේ මහා ගොඩක් විශ්වාස කරපු අයට .....|🌷cutee..🌷

05/11/2023

අනිත් මිනිස්සුන්ගේ ආදරේ සෙල්ලමකට ගන්න මිනිස්සුන්ට කවදාවත් ආදරේ දැනෙන්න එපා___🥹🫰🏻cutee...🌷

04/11/2023

වචනේට මිනිස්සු ගොඩක් හිටියට ඕනේ වෙලාවට කවුරුත් නෑ...!
මට මම විතරයි ඔයාට ඔයා විතරයි ළමයෝ... 🙂👍 Cutee...🌷

04/11/2023

-: ඔයා එයාට ආදරේ කරන්නේ මොන හේතුවක් නිසා ද ?
•එහෙම හේතුවක් නෑ...!
-:හේතුවක් නැතුව ආදරේ කරන්න පුළුවන්ද?
•පුළුවන්. හේතුවක් ඇතුව එයාට ආදරේ කරා නම් ඒ හේතුව නැති වුන දවසක ආදරේත් නැති වෙනවා නේ. හේතුවක් නැතුව ආදරේ කරන නිසා තමයි
හැමදාම එයා වෙනුවෙන් ආදරේ මන් ළග ඉතුරු වෙලා තියෙන්නේ.. "cutee....🌷

04/11/2023

හරි ආමාරුවෙන් ඔයා රැක ගන්න හදන්නේ ඔයා හිටියත් වෙන කෙනෙක්ට ලන් වෙන්න පුළුවන් කෙනෙක්ව... 👥
හරි ලේසියෙන් ඔයා අතඅරින්න හදන්නේ ඔයා නැතුව ඉන්න හිත හදාගන්න බැරි කෙනෙක්ව... 👤

ඉතින් ළමයෝ තේරිම ඔයාගේ පසුතැවෙන්න වෙන්නේ නැති දෙයක් කරන්න...... 💔cutee....🌷

04/11/2023

"මට ඔයා නැති වුනොත් වෙන කෙනෙක් ළගට යන්න හිත හදාගන්න බැරි වේවි
හැබැයි,
ඔයාට මන් නැති වුනොත් වෙන අය ඕනේ තරම් ඉදිවි
ඔයාට ඔය ඉන්න ඕනේ තරම් කට්ටියට ඔයා නැති වුනත් වෙන අය ඉදිවි "

තේරුම් ගන්න උත්සහා කරන්න එපා
අනිවාරෙන්ම තේරෙන දවසක් ඒවි ළමයෝ... 🤍
cutee...🌷

04/11/2023

ඔයාට මාව ඕනේ වෙන හැම වෙලාවකම මන් ඔයා එක්ක
හිටියා..☺️
ඒත් මට ඔයාව ඕනේ කිසිම වෙලාවක ඔයා මාත් එක්ක හිටියේ
නෑ.. 🥺
ඔයා මාත් එක්ක හිටියේ නැති එකට ඔයාට වැරදි කියන්නත් බෑ..🙂

මොකද,
මන් ඔයාට ආදරේ කරාට ඔයා මට ආදරේ නෑනේ cutee..🌷

04/11/2023

මිනිස්සුන්ට මෙහෙම වෙනස් වෙන්න පුළුවන්ද
තමන්ට ඔනේ වෙලාවට ඔනේ තැනට මිනිස්සු මෙහෙම වෙනස් වෙන්නේ කොහොමද
හරියට මැරිලා ඉපදිලා වගේ

තමන් ගැන විතරක් හිතන මිනිස්සු ජිවිතේ කිසිම මනුස්සයෙක්ට හම්බෙන්න එපා... 🌬🍃 cutee..🌷

04/11/2023

පමණටත් වැඩියෙන්
සොයා බැලීම
දුක් වීම
කේන්ති ගැනීම
මාගේ ප්‍රේමයේ අඩුපාඩුය ,
මා ප්‍රේමයට ප්‍රේම කරන්නේ සීමා විරහිත ලෙසිනි....
ඒ සීමා විරහිත ආදරය තේරුම් ගැනීමට හැකි කෙනෙකු මා හට තවම මුණගැසී නැත.

ඉතින් '
මා හට මා තරම් ප්‍රේමණිය කෙනෙක් මේ තාක් හමු වී නැත....♥️ cutee...🌷

04/11/2023

මේ තාක් කාලයකට වේයැයි මා බියෙන් සිටි දෙය වීමට ආරම්භ වී තිබේ... 🍂

ඔව් ඒ කාලය ඇවිත්
මා මෙතෙක් කල් සටන් කරමින්
ලබා ගැනීමට උත්සහා කළ
මාගේ ආදරය මා සතු වීමට හෝ නොවීමට වෙලාව පැමිණ
ඇත...🥺 ❤️‍🩹
ආදරය ලැබුන ද නොලැබුණ ද මා එය දරා ගත යුතුය.. 💔
මන්ද එය මාගේ දෛවයයි
හිමි වුවද නොවුවද සැමදා නුබ මාගේ ප්‍රේමයේ හිමිකරුය... 😊 Cuteee ...🌷

Videos (show all)

🥺
🤫
ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද ...♥️‼️
...Cuteee ..🌷
සමහර විට ඔබට කීමට බොහෝ තිබියදී පවා නිහඬ ව සිටීමට ඉගෙන ගත යුතුය.....Cutee..🌷

Website