News Alert Sri Lanka
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News Alert Sri Lanka, News & Media Website, .
ගාල්ල, මාතර, හම්බන්තොට පැරද්දූ කළුතරට පැමිණි මහා කාන්තා ජන ගඟ අනුර පුදුම වෙලා, සස්තරත් කියයි
තර්ජන පාට් දාන්න ඇවිත් තිස්ස කුට්ටිආරච්චි නොන්ඩි වූ හැටි හැප්පිලා මැරුණත්, බය වැඩිවෙලා අපිව අ
හැප්පිලා බලමු අඩු වෙනවද වැඩි වෙනවද කියලා ආයේ පාර්ලිමේන්තු යන්න හිතන්න එපා Online පනතට එරෙහිව
පාතාලය සහ ඝාතන රැල්ල ගැන නාමල් කට අරින්නේ දේශපාලන කුමන්ත්‍රණයක් නිසා ද ?
ඊළඟ ජනපතිවරණයේ මාතෘකාව පාතාලය මර්ධනය කිරීම ද ?
ජනපති අපේක්ෂක ගැන ඉඟියක්, සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි, පාතාල ඝාතන ගැනත් නාමල් කට අරී
මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයෙන් ඔවුන් මෙම පනතට ලබා දුන් දායකත්වය නිවරදිව පිළිබිඹු නොවන බව සිංගප්පූරුව සිය මූලස්ථානය කරගත් Asia Internet Coalition පවසනවා. තම සංවිධානය සහයෝගීතාවයෙන් ඉදිරි කටයුතු කිරීමට සූදානමින් සිටියත් මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ සංශෝධන පිළිබඳව මෙතෙක් තම සංවිධානය දැනුවත් කර නොමැති බව මේ පිළිබඳව ඊයේ (23) නිකුත් කළ නිවේදනයේ ඔවුන් සඳහන් කරානවා.
වර්තමාන ස්වරූපයෙන් මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක කළ නොහැකි අතර ශ්‍රී ලංකාවේ විද්‍යුත් ආර්ථිකයට ගලා එන සෘජු ආයෝජනවලට ද, එමගින් බලපෑමක් එල්ල වන බවයි ඔවුන් කියන්නේ.
‘2024 ජනවාරි 23 ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රී ලංකා අමාත්‍යවරයාගේ අදහස්’ යන මාතෘකාවෙන් එම නිවේදනය නිකුත්කර ඇත්තේ Asia Internet Coalition හි කළමනාකාර අධ්යක්ෂ Jeff Paine විසින්.
“අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී කියවන ලද ප්‍රකාශයේ සඳහන් ඇතැම් ප්‍රකාශයන් ආමන්ත්‍රණය කිරීමට සහ ප්‍රතික්ෂේප කිරීමට Asia Internet Coalition කැමතිය. අමාත්‍යවරයාගේ ප්‍රකාශය, AIC විසින් සිංගප්පූරුවේ වාර්ෂිකව සංවිධානය කරන ලද ඔන්ලයින් ආරක්ෂණ සංසදයේ විස්තීරණ ඉදිරිපත් කිරීම් මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයින් සඳහා සත්කාරකත්වය ලබා දීම වැනි කටයුතු ඇතුළත් ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පුරාවට AIC විසින් ලබා දී ඇති සැලකිය යුතු දායකත්වයන් නිවැරදිව පිළිබිඹු නොවේ. 2024 ජනවාරි 8 වන දින අමාත්‍යාංශයට අප විසින් අවසන් වරට ඉදිරිපත් කිරීමත් සමඟ මෙම නියැලීම් සහ නියෝජනයන් අවසන් විය.
නිර්මාණාත්මක සහයෝගීතාව සඳහා අපගේ කැපවීම තිබියදීත්, පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන සඳහා AIC පෞද්ගලිකව කටයුතු කර නැත. ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ඇති විය හැකි වර්ධනය සහ විදේශ සෘජු ආයෝජන අඩාල කරන බවත් අපගේ ස්ථාවරයේ අපි නිසැකවම පෙනී සිටිමු. පනත් කෙටුම්පත ගෝලීය හොඳම භාවිතයන් සමඟ පෙළගැස්වීමට නම්, පුළුල් සංශෝධන අත්‍යවශ්‍ය බව අපි තරයේ විශ්වාස කරමු” එම නිවේදනයේ දැක්වෙනවා.
Asia Internet Coalition (AIC) යනු ප්රමුඛ පෙළේ අන්තර්ජාල සහ තාක්ෂණ සමාගම් වලින් සමන්විත සංවිධානයකි. ආසියා පැසිෆික් කලාපයේ අන්තර්ජාල ප්‍රතිපත්ති ගැටලු අවබෝධ කර ගැනීම සහ විසඳීම ප්‍රවර්ධනය කිරීමට AIC උත්සාහ කරන බව පැවසෙනවා. Google, Apple, Meta, X (Twitter), Amazon, Yahoo, Booking.com, FedEx, Pinterest වැනි දැවැන්ත සමාගම් එහි සාමාජිකයින් වෙනවා.
ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ කහටාන, ඝනාරාම මහා විහාරස්ථානයේ වැඩසිටි කලපලුවාවේ ධම්මරතන හිමි ඝාතනයට පැමිණි බවට සැක කරන මෝටර් රථයක් කඩුවෙල, ගොඩැල්ල ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී සොයාගෙන තිබුණා. ඒ වන විටත් මෝටර් රථය එකවර හඳුනාගත නොහැකි ලෙසට ගිනිබවත්ව තිබූ බවයි කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ කියන්නේ.
ඝාතනය පිළිබඳව විමර්ශන ඇරඹු පොලිසියට සැකකරුවන් පළාගිය මොටර් රථයේ අංකය වූ CAO-5345 අංකයම දරන සුදු පැහැති මෝටර් රථයක් පානදුර, එළුවිල ප්‍රදේශයේ ගරාජයකින් ද හමුවී තිබුණා. ඊයේ (23) දහවල් එම අංක තහඩුව දරන මෝටර් රථයකින් විහාරස්ථාන භූමියට ඇතුල් වූ සැකකරුවන් සිව්දෙනෙකු මෝටර් රථය නවත්වා ආවාස ගෙය තුළට පිවිස තිබෙනවා. ඒ වනවිට ස්වාමීන් වහන්සේ 6 නමක් දහවල් දානය වළඳමින් සිටි බවයි කියන්නේ.
එහිදී ඝාතකයන් තමන් CID නිලධාරීන් බව පවසා ජ්‍යොතීර්වේදය පිළිබඳව කටයුතු කරන ස්වාමීන් වහන්සේ කවුරුන්ද යන්න විමසා තිබෙනවා. අදාළ කලපලුවාවේ ධම්මරතන හිමි මුණගැසී පළමුව ඉහලට වෙඩි පහර දෙකක් තැබූ ඝාතකයින් ඉන් පසුව උන්වහන්සේට වෙඩි තැබූ බවයි කියන්නේ. ඒ සඳහා T 56 ගිනි අවියක් යොදාගෙන තිබෙනවා.
වෙඩි ප්රහාරයන් උන්වහන්සේගේ වම් අතට සහ පපු ප්‍රදේශයට වැදී තිබුණු අතර ඉන් තුවාල ලැබූ හිමි නම කඩිනමින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව වාර්තා වනවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ වනවිටත් උන්වහන්සේ අපවත් වී සිටි බවයි.
වෙඩි වැදීමෙන් අපවත් වුණේ පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන නම් වයස අවුරුදු 44ක හිමිනමකි. යන්ත්‍ර, මන්ත්‍ර කටයුතු සඳහා නිරතව සිටි උන්වහන්සේ මීට පෙර සිට ඇත්තේ කෙසෙල්කන්ද, කුසුම් සදහම් සෙවණ විහාරස්ථානයේ යි. තමන්ගේ යන්ත්‍ර, මන්ත්‍ර කටයුතුවල පහසුව සඳහා එම හිමියන් මීට මාස 3ක ට පෙර කහටාන. ඝණාරාම විහාරස්ථානයට පැමිණ තිබුණා.
ජාතික ජන බලවේගයේ නායකයින් ඊයේ (23) පස්වරුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමුවී තිබෙනවා. නව ඉන්දියානු මහ කොමසාරිස්වරයා පසුගිය දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මුල්වරටයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා හමුවී ඇත්තේ.
ලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත් ආර්ථික අර්බුදය පිළිබඳවත් ජාතික ජන බලවේගයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳවත් මෙම හමුවේ දී අදහස් හුවමාමරු කරගත බවයි කියන්නේ.
මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද එක්ව තිබුණා.
#විසඳුම #මාලිමාව
සමාජයේ වඩාත් කතාබහට ලක්වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (24) පාර්ලිමේන්තුවෙ දී පැවැත්වෙනවා. ඊයේ සහ අද පැවැත්වෙන විවාදය සඳහා පනත් ක්ටුම්පත් යෝජනාව ඉදිරිපත් කළේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින්. අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ශව රැසක දැඩි විරෝධය එල්ල වී තිබිය දී යි.
කුමන පාර්ශවයන් විරුද්ධ වුවද මාර්ගගත සුරක්ෂිතතා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එන බව අමාත්‍යවරයා දිගින් දිගටම පවසා තිබුණා.
අද පෙරවරු 10.00ට මෙම පනතට එරෙහිව විරෝධයක් පාර්ලිමේන්තු වටරවුම අසල දී පැවැත්වෙන බව පැවසෙනවා. ඒ සඳහා ප්රජාතන්ත්රවාදය අගය කරන, භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ඕනෑම අයෙකුට සමබන්ධ විය හැකි බවයි එහි සංවිධායකයින් පවසන්නේ.
මොන ලෙඩ්ඩු ද ලෙඩ කඳන් යන යන තැන ඇම්බියුලන්ස් එකක් මීටර 20ක් ඇස් පෙන්නේ නෑ රෑට නිරීක්ෂණ චාරිකා යන
හැමෝම හොයන සම්පුර්ණ වීඩියෝව - අවලෝකිතේෂ්වර බෝධිසත්වයානන් කැලණියට වැඩම කිරිම සහ ධර්මය දේශනා ක
ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා
මිය යන විට ඒ මහතා 75 හැවිරිදි වියේ පසු වුණා.
මේක තමා යථාර්තය
හැමෝටම ස්තුතීයි
ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යොමු කළත්
ගාසා ආසන්නයට යවන්නේ නැහැ
කෘෂිකාර්මික කටයුතු සඳහා ඊශ්‍රායලය ට ශ්‍රමිකයන් යැවීමට තීරණය කර ඇති නමුත් ගාසා තීරය ආසාන්නයට ශ්‍රමිකයන් යැවීමට කටයුතු නොකරන බව විදේශ රැකියා අමාත්‍ය මනූශ නානායක්කාර මහතා පවසනවා.
අද(25) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ යුද්ධය නොමැති ප්‍රදේශවලට මෙලෙස ශ්‍රී ලංකික ශ්‍රමිකයන් යැවීමට කටයුතු කරන බවයි.
--------------------------------------------------
පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුව වෙත >>> https://www.facebook.com/newsalertssrilanka
අපගේ යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න >>> https://youtube.com/?si=aae1S9h56tEFJEvb
News Alerts වට්ස්ඇප් පුවත් සමුහයට සම්බන්ධ වෙන්න >>> https://chat.whatsapp.com/DfitOQU82JdKWhSxtVri5G
News Alerts Sports වට්ස්ඇප් පුවත් සමුහයට සම්බන්ධ වෙන්න >>> https://chat.whatsapp.com/LvjE6styl2E0mjOB0rS2Pa
C.D වික්‍රමරත්නගේ හතරවන සේවා දිගුවත් අවසන්
පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ C.D වික්‍රමරත්න මහතාට ලබා දී තිබූ හතරවන සේවා දිගුව ඊයේ(24) දිනයෙන් අවසන් වූවා.
ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය පවතින්නේ පොලිස්පතිවරයෙකු නොමැතිවයි.
කෙසේ වෙතත්, ඊළඟ පොලිස්පතිවරයා කවුරුන් ද යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.
ඔහු විශ්‍රාම ගිය ද නව පොලිස්පතිවරයෙක් පත් කර ගැනීමට නොහැකි වීම නිසා පළමු වර ඔහුට මාස තුනක සේවා දිගුව ලබා දුන්නේ මෙම වසරේ මාර්තු මස 26වන දිනයි.
ඒ අනුව ජුනි 26වනදා ඔහුගේ පළමු සේවා දිගුව අවසන් වුණා.
එම අවස්ථාවේ දී ද පොලිස්පති ධුරය සඳහා කිසිවෙකුත් පත් නොකළේ ඒ සඳහා පැවති තරගය නිසා බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
ඉන් අනතුරුව ඔහු ට යළි මාස තුනකට සේවා දිගුවක් ලබා දුන් අතර, එම දෙවන සේවා දිගුව ඔක්තෝම්බර් මස 09 වනදා අවසන් වුණා.
ඒ අනුව එදින සිට සිට එම මාසයේ 13වන දින දක්වා දින හතරක් ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක වූයේ පොලිස්පතිවරයෙකු නොමැතිවයි.
කෙසේ වෙතත් ඉන් අනතුරුවත් නව පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට අපොහොසත් වීම නිසා C.D වික්‍රමරත්න මහතාට එදින සිට යළි සති තුනක සේවා දිගුවක් ලබා දුන්නා.
ඒ අනුව එම සේවා දිගුව නොවැම්බර් මස 02වන දින අවසන් වූ අතර ඉන් පසුව ද නව පොලිස්පතිවරයෙක් පත් කර ගැනීම ට බලධාරීන් සමත් වූයේ නැහැ.
අනතුරුව නොවැම්බර් මස 03වන දින සිට යළි සති තුනක සේවා දිගුවක් ඔහුට ලබා දුන්න.
එය ඊයේ දිනයෙන් අවසන් වූ අතර මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය පවතින්නේ පොලිස්පතිවරයෙක් නොමැතිවයි.
--------------------------------------------------
පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුව වෙත >>> https://www.facebook.com/newsalertssrilanka
අපගේ යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න >>> https://youtube.com/?si=aae1S9h56tEFJEvb
News Alerts වට්ස්ඇප් පුවත් සමුහයට සම්බන්ධ වෙන්න >>> https://chat.whatsapp.com/DfitOQU82JdKWhSxtVri5G
News Alerts Sports වට්ස්ඇප් පුවත් සමුහයට සම්බන්ධ වෙන්න >>> https://chat.whatsapp.com/LvjE6styl2E0mjOB0rS2Pa
කිරිදි ඔයේ ජල මට්ටම ඉහළ ට, ඔය දෙපස ජනතාව සහ කිරිදි ඔය භාවිතයට ගන්නා ජනතාව අවධානයෙන් පසුවන්න.
🇱🇰
කිරම ආර සහ අත්තනගලු ඔය ආශ්රිත ජනතාවට ගංවතුර අවදානමක්
කිරම ආර සහ අත්තනගලු ඔයට ලැබී ඇති අධික වර්ෂාව හේතුවෙන් අදාළ ඔයවල් ආශ්රිත පහත් බිම්වල ජනතාවට ගංවතුර අවදානමක් මතු විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පග, මිනුවන්ගොඩ, ජා ඇල කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත්, අත්තනගලු ඔය ආශ්රිත පහත් බිම්වල ජීවත් වන ජනතාව විශේෂයෙන් මේ පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙසටයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ.
මීට අමතරව නිල්වලා ගංගාවේ, උප ගංගාවක් වන කිරම ආර ද්‍රෝණියේ ද ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම්වල ජනතාව අවදානයෙන් පසුවිය යුතු වනවා.
මුලටියන සහ කඹුරුපිටිය ප්‍රදේශවලට එම තත්ත්වය විශේෂ බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරන්නේ.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති ජේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශයට ඇද දැමූ බවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජේ ෂා අමතමින් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ The Hindu වෙත ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා ඊයේ(16) දිනයේ ජේ ෂා මහතාට කතා කළ බවයි.
එසේම ජේ ෂා ඉලක්ක කරමින් සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් තමා සහ අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී සමාව ඉල්ලා සිටි බව ද හරීන් ප්‍රනාන්දු මහතා සිය මාධ්‍ය ආයතනය සමග ප්‍රකාශ කළ බවයි The Hindu වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ.
ජනපති රනිල් මාලදිවයිනට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින වෙත පිටත්ව ගොස් තිබෙනවා.
ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ මාලදිවයින් නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගීවීම සඳහායි.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ චෝදනාව ගැන විමර්ශන කරන්න සූදානමක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමොද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 13වන දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
එලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ, ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශණ ඒකකය වෙතයි.
2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි වන තරග පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධිත කාරණා පිළිබදව තොරතුරු ඔහු දන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමොද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා දැනුම් දුන්නේ.
ඒ අනුව අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම ප්‍රකාශය ඔහු දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති යන තනතුර මත බරපතල ප්‍රකාශයන් වන බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනමින් පියවර ගත යුතු බවට යි.
නවතම දේශපාලනික කරුණු සහ විශේෂ පුවත් දැනගැනීම සඳහා අපගේ Youtube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න - https://www.youtube.com/
අපගේ ෆේස්බුක් පිටුව ෆලෝ කරන්න - https://www.facebook.com/newsalertssrilanka
News Alert Sri Lanka News & media website
India won by 70 runs
බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශය ඉතා රළු වියහැක.
ධීවරයන් සැලකිලිමත් වන්න.
එම ප්‍රදේශවල සිටින පිරිස් කඩිනමින් ගොඩබිමකට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන්න.
අනුරාධපුර දුම්රිය ධාවනාගාරයේ කාලයක් තිස්සේ සිදුකළ ඩිසල් සොරකමක් හේතුවෙන් අනුරාධපුර ධාවනාගාර ෆොර්මන්වරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය දුම්රිය ආරක්ෂක කාර්යභාර නිලධාරිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙක් ගේ වැඩ තහනමට ලක්ව තිබෙනවා.
ලබන වසරට අදාළ අයවැය ප්‍රකාශයට අනුව එම වසර සඳහා ඇනවුම් කළ හැකි ඖෂධ, ශල්‍ය උපකරණ සහ රාසායනාගාර අවශ්‍යතා සැපයුම් අයිතම ප්‍රමාණය 60%කින් කප්පාදුකර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරනවා.
ඖෂධ වර්ග 497ක්, ශල්‍ය අයිතම වර්ග 5,301ක් සහ රසායනාගාර උපකරණ සහ අනෙකුත් අයිතම 2,219ක් ඒ අනුව සැපයුම් ලේඛණයෙන් ඉවත් කර ඇති බවයි පැවසෙන්නේ