Hiru and Kali

Hiru and Kali

"A picture is worth a thousand words. But a memory is priceless" 👫

TikTok · Hiru_Maleesha❤️ 21/04/2024

සුභ ඉරිදා දිනයක් වේවා..❤️
අද අපි දෙන්නටම නිවාඩු දවසක්.. ඉතින් උදේ ඉදන් අපි හිතුවා අද නම් කොච්චර වැඩ තිබුනත් පන්සල් යනවා කියලා.. මොකද අලුත් අවුරුදු කලේ හින්දා ගොඩ දවසකින් හිතේ නිදහස හොයා ගන්න හම්බුනේ නැහැ..

කොහොමින් කොහොම හරි හවස් වෙද්දි අපි දෙන්නා කැලණි පන්සල් ගියා..
මල් පහන් පුජා කරලා බෝ මලූවට වෙලා ටික වෙලාවක් ඉදගෙන ඉන්නකොට පන්සල් මළුවේ එහෙට මෙහෙට ඇවිදයන මිනිස්සු ඔනි තරම්. ඒ හැමොගෙම හිතේ එක එක දහසකුත් බලාපොරොත්තු..👫

මිනිස්සු ඉපදුන දවසේ ඉදන් මැරෙන මොහොත දක්වාම මේ කරන සසර ගනුදෙනුව💫
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ වේවා වෙලාව ආවහම නික්මෙන්න ඔනි.. 🕓
අපි මොන තරාතිරමක හිටියත් ස්භාවදහමට🌳අනුව එක වෙනස් කරන්න බැහැ...
ඒ මොහොත අද එවිද හෙට එවිද කවුද දන්නේ..🌹🌳

ඉතින්..
හැකිතාක් සරල නිහතමානී මිනිසෙකු වෙන්න..
ස්භාවදහමට අනුව ජිවත් වෙන්න..
එතකොට අපි කාටත් ඒ සසර ගනුදෙනුව අවසන් කරන්න හරිම පහසුයි..

(Editing ගැන ලොකු දැනුමක් නැති වුනත් පොඩි විඩියෝ එකක් කලා 😬
Like, share , Comment කරන්න අමතක කරන්න එපා)

TikTok · Hiru_Maleesha❤️ Check out Hiru_Maleesha❤️’s video.

31/03/2024

මගේ හිතේ නිදහස...👫

අපි දෙන්නටම අද නිවාඩු ඉරිදාවක්.. උදෙන්ම නැගිටින්න හිතේ කොනකවත් ඔනී කමක් තිබ්බේ නැති මට, එත් මතක් උනා සතියකට පස්සෙ අපේ මිරිස් වගාවේ පලදාව අද කඩන්න ඔනි කියලා. 🌶 කාර්‍යබහුල ජිවිතයෙන් ටිකකට හරි මිදෙන්න අපි දෙන්නම පුංචි ඉඩක හිටවපු , හරිම අසාවෙන් පැලකරපු මිරිස් ගස් වල මිරිස් කරල් පිරිලා තියෙනවා දැක්කහම හිතට පුදුම සතුටක් දැනුනා..

මේ එක්කම පොඩි පොච්චි වල හිටවලා තිබුන තවම දලු දාගෙන එන කොමාරිකා පැල ටිකත් ලොකු පොච්චි වල හිටෙව්වා..ඒ වැඩටික ඉවර වෙලා එනකොට දවල් 12 ත් පහුවෙලා..

හොදටම බඩගින්නේ හිටපු නිසා ඉක්මනට මම දවල්ට කන්නම කැම හැදුවා.. අලුත් මිරිස් කරල් තිබුන හින්දම ඇති තරමට සැරට කැම ටික හැදුවා.. ඊට පස්සේ ඉතුරු වැඩටික කරලා එනකොට දවසින් භාගයකටත් වැඩියෙන් ගෙවිලා ඉවරයි..

හ්ම්ම්ම්.. 😶
සමහර දවස් තිබුනා, ගෙවිලා ඉවර වෙන්නේ නැත්නම් කියලා හිතෙන තරමටම ලස්සන 🥺❤️
අද දවසත් ඒ වගේ

කොච්චර මහන්සි උනත්, කොච්චර වැඩ තිබුනත් අපි ආදරය කරන අය ලගින් ඉදන්, එකට ඒ දේවල් සිද්ද වෙනවා නම් හිතේ සැනසිම ඔනී තරම්..

ඉතින් ජීවිතේ කටුකම කාලවල් වලදි හමුවන සමහර හමුවීම් අපේ ජීවිත අපි නොහිතපු විදියට වෙනස් කරනවා ❤️‍🩹😌

ඔයත් ඒ වගේ මට.. ❤️

මං
හිරු... 📝

24/03/2024

සියලු දෙනාටම පිංවත් මැදින් පුර පසලොස්වක පොහොය දිනයක් වේවා..🙏

🌳 ස්භාවදහමේ සුන්දරම දවසක් වගේම ලෝකයට විශ්ව ශක්තිය වැඩියෙන්ම ආකර්ශනය වෙන පිංවත් දවසක් වුන අද දවස අපි දෙන්නටත් ගොඩක් විශේෂ දවසක්.. අවිවෙකි සතියකින් පස්සෙ විවේකි මේ මොහොත හරිම ආදරයෙන් ගත කරන්න අපි දෙන්නම ගොඩක් උත්සහා කරනවා..

අපි කවුරුත් නොමැරෙනා මිනිසුන් නොවේ..👫 ඒ නිසාත් අපි ඉපදුනේ ඇයි කියන ප්‍රශ්නාර්තයත් සමග මේ සංසාර ගමන් කොහෙන් හො කොතැනක හෝ කෙලවර වෙයිදැයි නොදැනිම බැදිම් සමුදායක් සමග තවමත් ජිවත් වෙනවා..

බුදු දහමෙන් ඉගැන්වෙන්නේ ප්‍රත්‍යක්ෂ නුවනින් ඇති කර ගත් අවබෝධයේ හරයයි.. ඒ උතුම් දහම මනාව අවබෝධ කර ගනිමින්, භව නිරෝදයත්, මෙලොව සුවයත් පිණිස කටයුතු කිරිමට මේ මැදින් පොහොය දිනයේ අපි අදිටන් කරගනිමු...
ඒ සදහා සියලුදේනටම මෙත් සිත පහල වේවා..
කුසල් වැඩෙත්වා...

උතුම් වූ නිවන අවබෝධය වේවා.. 🙏

ආදරයෙන්,
හිරු... ❤️

01/03/2024

මාර්තු 🌹

ඔයලා හැමෝගෙම බලපොරොත්තු ඉටුවෙන ලස්සන මාසයක් වේවා..

දහසක් බාදක ආවත් උත්සහයෙන් ඉදිරියට යන්න..
ජය..

හැමදාම අපේ විඩියෝ බලන්න ආදරයෙන් එකතු වෙන්න..

හිරු ✏️


❤️

Couplesලට වගේම Family එකටම ඉන්න, මේ දවස් වල කවුරුත් හොයන ලස්සන Villa එක 🥰💕🌊 Villa Havana Hues ❤️ 27/02/2024

හැමෝම අපේ විඩියෝ එක බලන්න.. ❤️

Couplesලට වගේම Family එකටම ඉන්න, මේ දවස් වල කවුරුත් හොයන ලස්සන Villa එක 🥰💕🌊 Villa Havana Hues ❤️ we are hope you guys enjoyed this video, and if you do, please give it a like, share and don’t forget to subscribe to hiru and Kali channel.

25/02/2024

නුබේ සිනහව දකින්න කැමති අයට විතරක්
නුබේ අයිතිවාසිකම ලියලා දෙන්න...👫👫

මේ දවස් වල කවුරුත් හොයන ලස්සනම ලස්සන Villa එකක අපේ ගිය Family Trip එක බලන්න කැමතිද..?
අගහරුවදා හවසට අපිත් එක්ක එකතු වෙන්න... 💕👫❤️

23/02/2024

හැමෝම ආදරෙන් පිලිගන්නවා අපේ අලුත්ම Page එකට..

අපි දෙන්නා මේ යන ජිවින ගමනේ ලස්සන මතකයන් වලට ඔයලවත් එක්කගෙන යන්න ආදරයෙන් බලාපොරොත්තු වෙනවා..
මාතර ට්‍රිප් එකේ දෙවෙනි Vlog එක අද හවසට ගෙනවා..
අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

ආදරයෙන්... 📝
හිරූ...

Website