Social Intell
For Social Justice
සමාජ සාධාරණත්වය වෙනුවෙන්
சமூக நீதிக்காக SOCIAL INTELL does not have a pre-defined or officially accepted political tendency or subscription.
SOCIAL INTELL is not a subsidiary or dependent entity of any other bodies in its work, sustainability or decisions. Anyone who believes in the SOCIAL INTELL vision supports the mission of SOCIAL INTELL, and lives by the SOCIAL INTELL values is a part of the Social Intelligence, and hence is a SOCIAL INTELLer. They can be our partners who relate to our organizational values and vision,
අසල්වැසියාගේ දුකේදී සතුටු නොවෙමු!
එක්සත් හා ශක්තිමත්...
ආසියාවක් වෙනුවෙන් රොඳ බඳිමු!
වර්තමානයේ සිහියෙන් සිටින අයට!
At the recent United National Party (UNP) convention, President Ranil Wickremesinghe claimed that the new Central Bank Act prevents money printing.
📚 Read the full fact-check at: https://bitly.ws/ZPvC
President Wickremesinghe claimed that “money printing” is currently prevented by enacting the Central Bank of Sri Lanka Act No. 16 of 2023 (CBA23). To verify this claim, FactCheck.lk consulted the CBA23 and the repealed Monetary Law Act (Chapter 422).
In a past fact-check, Central Bank (CBSL) Governor Dr. Nandalal Weerasinghe referred to the amount of “money printed” in the country as being equivalent to the change in the amount of “reserve money”. This statement was verified by FactCheck.lk as correct. In popular media and non-technical usage, however, the term “money printing” is often used to refer to the more limited activity of “monetary financing” of the budget. Monetary financing is one part of the technical definition of “money printing” referred to above. It excludes other means of increasing reserve money, such as lending to the private sector and purchasing foreign assets.
To assess the president’s claim, FactCheck.lk interpreted his use of the term “money printing” in its non-technical sense as referring to “monetary financing”.
Sections 86 and 127 of the recent CBA23 constrains the CBSL from monetary financing in three ways:
(1) prohibits extending credit to the government or government-owned entities (with some exceptions for exigent circumstances)
(2) prohibits purchasing government or government-owned entity securities in the primary market (with secondary market purchases constrained not to circumvent this prohibition)
(3) limits providing provisional advances to the government to the first month of the financial year (up to 10% of the previous year’s revenue)
However, a transitional provision (s.128) in CBA23 allows the CBSL to purchase government securities in the primary market for 18 months from the operational date of the CBA23. Nevertheless, a countervailing commitment in the current programme with the IMF limits the CBSL from providing net credit to the government to LKR 2,740 billion by December 2023.
Monetary financing is constrained by (a) prohibitions 1 and 2 by CBA23, (b) the limited advances allowed by CBA23 that were only accessible in January, and (c) the transitional provision in monetary financing being nullified by the CBSL already being at the LKR 2.74 trillion IMF programme limit.
Therefore, the president is correct in asserting that it is not possible to secure any further monetary financing (until January 2024).
Therefore, we classify the above statement as TRUE.
"සම්‍යක් ප්‍රයෝග"
සමහර රටවල විදුහල්පති වෙනුවට ජනාධිපති යන පදය යොදා මෙම පෝස්ටුව පළ කළ බවට පැතිර යන කතා අසත්‍යයකි...
https://g.page/r/CTZuse4eohTkEAI/review
Social Intell would love your feedback Post a review to our profile on Google
මේ තියෙන්නේ ඇතුල් කෝට්ටේ හදපු Smart බස් හොල්ට් එක. ඒකේ සවිකරල තිබුන A/C එකයි. smart board එකයි දෙකම හොරු ගලවන් ගිහින්. ඉතිං කාටද කියන්නේ. මිනිස්සු වෙනස් වෙන්න ඕන.
🌑🌑භූමදානය හෝ ආදාහනය වෙනුවට “පොහොරක්” වන මිනිස් සිරුරු 🌑🌑
මිනිස් සිරුරු කොම්පෝස්ට්කරණයට අවසර ලබාදුන් නවත ම එක්සත් ජනපද ප්‍රාන්තය බවට “නිව් යෝර්ක්” පත් වී තිබෙනවා. පුද්ගලයෙක් මිය ගිය පසු භාවිතයට ගත හැකි පොහොරක් බවට මිනිස් සිරුරු මෙමඟින් පරිවර්තනය කෙරෙන අතර, භූමදානය හෝ ආදාහනයට වඩා පරිසර හිතකාමී විකල්පයක් ලෙසත් එය සැලකෙනවා.
මානව කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට අවසර දුන් ප්‍රථම එක්සත් ජනපද ප්‍රාන්ත ආණ්ඩුව වන්නේ වොෂිංටනය යි. 2019 දී පළමු වරට නීතිගත කිරීමෙන් පසු මේ දක්වා ප්‍රාන්ත හතරක් “මානව කොම්පෝස්ට්කරණය” සඳහා නීතිමය අවසරය ලබා දී තිබෙනවා. කොලරාඩෝ, ඔරිගන්, වර්මොන්ට් සහ කැලිෆෝනියා එම ප්‍රාන්ත හතර වන අතර, නිව් යෝර්ක් ප්‍රාන්තය එක් වීමත් සමඟ ප්‍රාන්ත ගණන හය දක්වා ඉහළ යනවා...
විවිධ ආගමික විශ්වාස හමුවේ “මානව කොම්පෝස්ට්කරණය” විවේචනයට බඳුන් වීමේ ඉහළ හැකියාවක් තිබෙනවා. එය සනාථ කරමින් නිව් යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුවේ තීරණය ප්‍රශ්න කිරීමට ඇතැම් ආගමික නායකයන් දැනටමත් පෙළ ගැසී අවසන්. මීට අමතර ව, සදාචාරාත්මක සහ වෙනත් ප්‍රායෝගික ගැටලුත් ඉස්මතු වෙමින් තිබෙනවා.
“Recompose”
පුද්ගලයෙක් මිය ගිය පසු දින කිහිපයක් මළ සිරුර කල්තබා ගැනීම, චාරිත්‍රානුකූල ව ආදාහනය හෝ භූමදානය සිදු කිරීම, අවමංගල්‍යයේ සංවිධාන කටයුතු, වැනි වගකීම් දරණ ව්‍යාපාරික ආයතන ඕනෑ තරම් තිබෙනවා. එහි නව මානයක් සනිටුහන් කරමින් විද්‍යාත්මක ව සහ ආරක්ෂිත ලෙස “මානව කොම්පෝස්ට්කරණය” සේවාවක් ලෙස ලබාදෙන ආයතනත් එක්සත් ජනපදයේ ප්‍රචලිත වෙමින් තිබෙනවා. “Recompose” යනු එවැනි ආයතනයක්.
ආදාහනය හෝ සාම්ප්‍රදායික භූමදානය හා සසඳන විට මෙම ක්‍රියාවලිය හරහා කාබන් ටොන් ගණනක් ඉතිරි කරගත හැකි යි. “Recompose” ආයතනයේ ප්‍රධාන විධායක සහ නිර්මාතෘ වන කැත්රිනා ස්පේඩ් පවසන පරිදි දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වන ඕනෑම කෙනකුට මෙම සේවාව ලබා ගැනීමට පුළුවන්. දැනටමත් “මානව කොම්පෝස්ට්කරණය” එක්සත් ජනපදය තුළ ප්‍රචලිත වෙමින් තිබෙනවා.
භූමදානයේ සහ ආදාහනයේ ගැටලු
සාම්ප්‍රදායික භූමදානයක දී මිනිස් සිරුරු සොබාදහමට එකතු වන බැවින්, “මානව කොම්පෝස්ට්කරණය” හරහා විශේෂිත ප්‍රතිපලයක් අත් නොවන බව කෙනකුට සිතෙන්නට පුළුවන්. භූමදානයක් බොහෝවිට සිදු කරන්නේ “සුසාන භූමිය” නමැති විශේෂිත ස්ථානයක පමණ යි. මළ සිරුරෙන් පොළවට ලැබෙන පෝෂක, සීමා සහිත ප්‍රදේශයකට සංයෝජනය වීම පමණක් එවිට සිදු වෙනවා. ඒ භූමියෙන් වෙනත් ප්‍රයෝජනයක් ලැබෙන්නේත් නැහැ.
“සාමාන්‍ය පරිදි වැතිර තිබෙන මළ සිරුරක් නැවත පෘථිවියට ලැබීම සඳහා මාස කිහිපයක් ගත වෙන්න පුළුවන්. වියළි දේශගුණයක් තුළ එය වසර කිහිපයක් මමීකරණය වී තිබීමේ හැකියාවකුත් තිබෙනවා.”
අධිකරණ වෛද්‍ය සහ මානව විද්‍යාඥයෙක් වන ඩැනියෙල් වෙස්කොට් පවසනවා.
“හොඳ බැක්ටීරියා ක්රියාකාරීත්වයක් තිබෙනවා නම් මාසයක් ඇතුළත මළ සිරුර දිරාපත් වෙන්න පුළුවන්.”
සාම්ප්‍රදායික භූමදානය හෝ ආදාහනය සමඟ පැමිණෙන තවත් ගැටලු තිබෙනවා. භූමදානයේ දී සිරුර පෙට්ටියක තැන්පත් කිරීම තමයි සුලබ ව සිදු වෙන්නේ. ඇතැම් විට සුරක්ෂිතාගාරයක තැන්පත් කිරීමත් සිදු කරනවා. එම ක්‍රියාවලියේ දී දැව හෝ වෙනත් ස්වභාවික සම්පත්, ඉඩකඩ, පරිභෝජනය වීම වැලැක්විය නොහැකි යි. අද වනවිට සීමිත වෙමින් තිබෙන සම්පත් වන්නේ ද මේවා යි.
පරිසර හිතකාමී සමුදීම
ආදාහනයේ දී බලශක්තිය අධික ව වැයවන අතර, ඉන් පිටවන වායුවෙන් සිදුවන පාරිසරික හානියත් සැලකිල්ලට ගත යුතු වෙනවා. අප දැන් සිටින්නේ පාරිසරික හදිසි තත්ත්වයක් මැද යි. අප ගන්නා ඉතා කුඩා පියවර පවා අපේ අනාගතයට වැදගත්. දැනටමත් එක්සත් ජනපදය තුළ භූමදාන කටයුතුවල දී පැන නැඟෙන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් හඬක් නැඟෙමින් තිබෙනවා.
අපේ ශරීරය පසට හරවන අන්දම ස්වභාවධර්මය හොඳින් දන්නවා. මා මියගිය පසු මට සහාය වූ මේ පොළොවට මගේ ශරීරය ලබා දීමත්, ඒ හරහා නව ජීවයක් නිර්මාණය කිරීම තමයි මට වැදගත් වෙන්නේ.”
සියැටල් නගරයේ පදිංචිකරුවෙක් වන නීනා ෂෝන්, මිය ගිය පසු සිය සිරුර හරිත සංකල්පයක් යටතේ සොබාදහමට ලබා දෙන්නට උන්නදු වන පුද්ගලයෙක්.
සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ පැමිණෙන ප්‍රායෝගික ගැටලු මතත් මානව කොම්පෝස්ට්කරණයට යොමු වන පිරිස් සිටිනවා.
පරිසර හිතකාමී ක්‍රියාවලියක් වුවත්, මිනිස් සිරුරු පොහොර බවට හැරවීමේ ක්‍රියාවලිය දැඩි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදය ඔස්සේ සිදු කළ යුතු යි. දැන් අපි ඒ පිළිබඳත් සොයා බලමු.
දිරාපත් වීමක් නොව විසංයෝජනයක්
කැත්රිනා ස්පේඩ් පවසන පරිදි “දිරාපත් වීම” යනු පොළෝ මට්ටමට ආසන්නයේ දී සිදුවන ක්‍රියාවලියක්. එය එක්තරා අන්දමකින් සීමා සහිත අවකාශයක සිදුවන ස්වභාවික ක්‍රියාවලියක් බඳු යි. කොම්පෝස්ට්කරණයේ දී මිනිස් ශරීරය නැවත පස සමඟ ඒකාබද්ධ කිරීමක් සිදු කරනවා. එය “විසංයෝජන” ක්‍රියාවලියක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි ය
ප්‍රථ්මයෙන් මළ සිරුර දැව කැබලි, පිදුරු සහ ඇල්ෆල්ෆා සහිත සංවෘත කුටීරයක තැබීම සිදු කරනවා. ඇල්ෆල්ෆා යනු රනිල කුලයට අයත් ශාකයක්. එය සත්ත්වාහාරයක් ලෙස අතීතයේ පටන් වගා කරන අතර, නයිට්රජන් සහ ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස ක්‍රියා කරමින් කොම්පෝස්ට් ක්‍රියාවලිය වේගවත් කිරීමට උර දෙනවා.
පසුව ක්ෂුද්‍ර ජීවින්ට මළ සිරුරේ සංඝටක බිඳ දැමීමට සහාය වීමක් වශයෙන් ශරීරය සහිත සංවෘත කුටීරය සෙමෙන් භ්‍රමණය වීමට ඉඩ හරිනවා. දින තිහකට පසු දේහය කුටීරයෙන් ඉවතට ගනු ඇති...
සෞඛ්යාරක්ෂිත පසක්
ක්‍රියාවලිය සරල වුවත්, කොම්පෝස්ට්කරණයට අදාළ තාක්ෂණය පරිපූර්ණ කිරීම සඳහා වසර හතරක් මුළුල්ලේ විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වූ බව සඳහන්.
වොෂිංටන් ප්‍රාන්තය තුළ පශු සම්පත් කොම්පෝස්ට් කිරීම හොඳින් ස්ථාපිත කළ ක්‍රියාවලියක්. එය මිනිසුන්ට ගළපා ගැනීමේ දී දේහය පාරිසරික වශයෙන් සහතික කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟුණා.
ඊට පිළිතුරක් වශයෙන් කැත්රිනා ස්පේඩ්, තම අදහසට උද්යෝගයෙන් යුතුව කැමැත්ත ලබාදුන් ස්වෙච්ඡා සේවකයන් සය දෙනකු සමඟ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. පාංශු විද්‍යාඥයෙක් වන මහාචාර්ය කාපෙන්ටර් බොස් ද ඊට සහයෝගය ලබා දුන් විද්වතෙක්.
යම් කාලයක් පුරා සෙල්සියස් අංශක 55 ක් වැනි උෂ්ණත්වයකට මළ සිරුර නිරාවරණය කරන්නේ නම්, රෝගාබාධ ඇති කරන ජීවින් සහ සිරුරට කිසියම් රසායනිකයක් යොදා ඇත්නම් ඒවා ද විනාශ වන බව ඔවුන් අවබෝධ කර ගත්තා. සිරුරේ සිටින තාපකාමී ක්ෂුද්‍ර ජීවින්ට තවදුරටත් ශරීරයේ සංඝටක බිඳ හෙළීම සිදු කළ බැවින්, දිරාපත් වීම අඩාල වන්නේ නැහැ. අවසාන ප්‍රතිපලය වශයෙන් ලැබෙන “කොම්පෝස්ට් පස” සෞඛ්යාරක්ෂිත වන්නේ ඒ අයුරින්.
මරණයෙන් ජීවයක්
“මානව කොම්පෝස්ට්කරණ” ක්‍රියාවලිය යනු ක්ෂුද්‍ර ජීවි සහ යාන්ත්‍රික යන ක්රියාකාරීත්වයන් ද්විත්වයක එකතුවක්. ක්ෂුද්‍ර ජීවින් සිරුර වියෝජනය කරන අතරතුර යාන්ත්‍රික ක්‍රියාවලිය මඟින් දත් හා අස්ථි බිඳ හෙලීම සිදු කරනවා. ක්‍රියාවලියේ අවසාන පියවරේ දී සෙන්ටිමීටරයකට වඩා විශාල අස්ථි කොටස් ආදාහනයට ලක් කරනවා. අස්ථි කොටස් පමණක් ආදාහනය කරන බැවින්, විශාල බලශක්ති හානියක් සිදු වන්නේ නැහැ.
මානව කොම්පෝස්ට්කරණ ක්‍රියාවලියේ දී එක් මළ සිරුරකින් කියුබික් යාරයක පසක් නිර්මාණය කරන බව පැවසෙනවා. සංවෘත බඳුනෙන් පාංශු අවශේෂ ඉවත් කළ පසු සති 2-6 දක්වා කාලයක් පදම් කිරීමකට ලක් කරන අතර, විශ්ලේෂණයක් ද සිදු කරනවා. ඒ අනුව සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා සති 6-10 අතර කාලයක් ගත විය හැකි යි. ඉන්පසු අවශේෂ ඥාතීන්ට භාරදෙන අතර, ඉඩම්, වනාන්තර හෝ උද්‍යාන සඳහා ඒවා භාවිත කළ හැකි යි. නමුත්, මෙහි දී යම් නීතිමය ගැටලුවකුත් පැන නඟිනවා. පාංශු අවශේෂය තුළ ඉතා කුඩා අස්ථි කැබලි පැවතිය හැකි බැවින්, උද්‍යානයක්, වනාන්තරයක් වැනි පොදු ස්ථානයකට බැහැර කිරීමේ දී යම් නීතිමය ක්‍රියාවලියක් හරහා ගමන් කිරීමට සිදු වෙනවා. නමුත්, එය විශාල බාධාවක් වී නැහැ.
උදාහරණයක් ලෙස වොෂිංටන් ප්‍රාන්තයේ පිහිටි “බෙල්ස් මවුන්ටන්ස්” රක්ෂිත වනාන්තරයට “Recompose” ආයතනය ලබා දෙන පස භාවිත කරනවා. අවදානමට ලක්විය හැකි දේශීය ශාක සහ අනෙකුත් වනජීවින්ට පුනර්ජීවනයක් ලබාදීම එහි අරමුණ යි.
“පිරිවැය” ප්‍රධාන ගැටලුව යි
ධනාත්මක කාරණා රැසක් තිබුණ ද “මානව කොම්පෝස්ට්කරණය” සම්බන්ධයෙන් මතුවන ප්‍රායෝගික ගැටලුවක් තිබෙනවා. ඒ පිරිවැය යි. “Recompose” ආයතනයට අනුව මේ සඳහා අමෙරිකානු ඩොලර් 7000 ක පමණ මුදලක් වැය වෙනවා. අනෙකුත් විකල්ප සහ පාරිසරික හිතකර බව සැලකීමේ දී එවැනි මුදලක් වැය කිරීම ප්රතිපලදායක බව ඔවුන් ගේ අදහස යි.
එක්සත් ජනපදයේ ජාතික අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයට (NFDA) අනුව භූමදානයක් සහිත අවමංගල්‍යයක් සඳහා එක්සත් ජනපදය තුළ වැයවන සාමාන්‍ය මුදල 2021 දී ඩොලර් 7848 ක් වැනි අගයක පැවතුණා. ආදාහනයක් සහිත අවමංගල්‍යයක් සඳහා වැය වන්නේ ඩොලර් 6971 ක් වැනි සාමාන්‍ය අගයක් පමණ යි. ඒ අනුව මානව කොම්පෝස්ට්කරණයක් සහිත අවමංගල්‍යයක් හරහා විශාල මූල්‍ය ඉතිරියක් බලාපොරොත්තු විය නොහැකි යි.
ක්‍රියාවලියේ ඇති පාරිසරික හිතවාදී බව සහ අවම සම්පත් භාවිතය යන කරුණු එක්සත් ජනපද පුරවැසියන් අතර ප්‍රචලිත වෙමින් තිබෙනවා. වොෂිංටන් ප්‍රාන්තයෙන් ඇරඹුණු “මිනිස් සිරුරු කොම්පෝස්ට් බවට හැරවීම” තවත් ප්‍රාන්ත පහක් පුරා ප්‍රචලිත වූයේ ඒ නිසා යි.
ආදාහනයත් එතරම් ලාභදායී වන්නේ නැහැ
නිව් යෝර්ක් හි ආණ්ඩුකාරවරිය වන කැතී හෝකල්, පසුගිය දෙසැම්බර් 31 වැනිදා සිට මානව කොම්පෝස්ට්කරණ ක්‍රියාවලියට අවසර ලබා දීමත් සමඟ අධි නාගරික පෙදෙස්වල ජීවත් වන වැසියන්ට විශාල සහනයක් ලැබී තිබෙනවා. සුසාන භූමිවල ඉඩකඩ අවම වෙමින් පැවතීම ඊට හේතුව යි. ලෝකය ම බලශක්ති අර්බුදයකට මුහුණ පාමින් සිටින යුගයක ආදාහනයත් එතරම් ලාභදායී වන්නේ නැහැ.
එක්සත් ජනපදයට අමතරව මිනිස් කොම්පෝස්ට් නිෂ්පාදනයට අවසර ලබාදුන් ප්‍රමුඛත ම රට වන්නේ ස්වීඩනය යි. කෙසේ නමුත්, මෙම ක්‍රියාවලිය විවිධ සංස්කෘති සහ ආගමික විශ්වාස සමඟ සෘජුව ගැටෙනවා. තවදුරටත් එවැනි විශ්වාස සැලකිල්ලට ගන්නවා ද නැතහොත්, පාරිසරික හදිසි අවස්ථාවකට ඇතුළු වෙමින් සිටින යුගයක වඩාත් ප්‍රායෝගික පියවර ගන්නවා ද යන්න සිතා බැලිය යුතු කාරණයක්...
උපුටන Roar Media
මම මේ පින්තූරයට
ගොඩාක් කැමතියි…..
කුඩා දැරියගේ කෝපය පහව යන තුරු
මුළුමනින්ම සන්සුන් මිනිසුන් දෙදෙනෙක් බලා සිටියි.
මොවුන් දෙදෙනා සාප්පු සංකීර්ණය මැද
කේන්තිගනිමින් බිම වැතිරි සිටි වයස අවුරුදු දෙකක දැරියගේ පියා සහ සීයා වේ….
මේ පිරිමින් දෙදෙනාගෙන් කිසිවෙකුට
දැරිය පිළිබඳ ඉවසීම නැති වීම,
කේන්ති යාම හෝ කෑ ගැසීමක් නැත.
ඔවුන් නිහඬව බලා සිටී.
ඔහු ඇයට අවශ්‍ය දේ සරලව ලබා නොදෙන අතර,
ඇගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඔහු ඉඩ සලසයි,
මේ අවස්ථාවේදී ඇයට අවශ්‍ය දේ නොලැබීම ගැන ඇයගේ කෝපය වේ...
කුඩා දැරිය ඉදිරිපත් කරන රඟපෑම ගැන
කිසිවෙකුට ලැජ්ජාවක් දැනෙන්නේ නැත.
මෙම ඡායාරූපය ප්‍රකාශයට පත් කිරීමේදී පියාගේම වචන සියල්ල පැහැදිලි කරයි…..
මෙම සටහන එක් දෙයක් සහ එක් දෙයක් ගැන පමණි.
"අපහසුතාවයන් තුළ සැපපහසු වන්න."
පරිපූර්ණ දෙමව්පියන් නැත,
නමුත් මම මට ඉගැන්වූ දෙයක් නම්
අනෙක් අය සිතන දේ මත දෙමාපියෙකු නොවීමයි.
මට දැනෙන දේ ප්‍රසිද්ධියේ සහ ලැජ්ජාවට පත් වුවද මගේ පියා නිතරම මට දැනෙන්නට සැලැස්සුවේය.
'ඔබ මාව අපහසුතාවයට පත් කරනවා! 'අඬන්න එපා! ' ඔහු කියනවා මට මතක නැත.
මගේම චිත්තවේගී දියුණුවට එය
කෙතරම් වැදගත් දැයි මට වැටහුනේ මෑතක් වන තුරුම නොවේ.
අපේ දරුවන් බොහෝ තොරතුරු ඉගෙනගෙන
සකසමින් සිටින අතර
මේ නව හැඟීම් සමඟ කුමක් කළ යුතු දැයි
ඔවුන් නොදනිති……
අපහසුතාවයන් තුළ
සැපපහසු වීමට අපි ඉගෙන ගනිමු.
අපේ දරුවන්ගේ කෝපය සමඟ කටයුතු කිරීමට
අපි ඉවසීමෙන් හා සන්සුන්ව ඉගෙන ගනිමු.
ජීවිතයේ එක් වරක් හෝ
දරුවන් දරුවන් වේ……
- උපුටා ගැනීම අවසන්-
"ගරු කතානායක තුමනි " - "වේදිකා නාට්‍යයේ ඉදිරිපත් කරනු ලැබු ගීතයක්"
("ප්‍රහසන නිර්මාණයකි" - අදහස සහ සංකල්පය මෙන්ම ඉදිරිපත් කිරීම මුල් නිර්මාණ කරුවන්ගේ අයිතියට සතුය!)
යුගයක නිමාව...
ස්තූතියි...
ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති ධූරයට පත් වූ පළමු දිනයේ දී සිය මංගල දේශනය පැවැත්වීමට ඇතුළු වූ විට එක් මිනිසෙක් නැගී සිටියේය. ඔහු ධනවත් වංශාධිපතියෙක් විය. ඔහු පැවසුවේ “මහත්තයා. ලින්කන්, ඔබේ පියා මගේ පවුලට සපත්තු සාදා දුන් බව ඔබ අමතක නොකළ යුතුයි. මුළු සෙනෙට් සභාවම සිනාසුණේය. ඔවුන් හිතුවේ ඔවුන් ලින්කන්ව මෝ_ඩ_යෙ_ක් කළා කියලා.
නමුත් ඇතැම් පුද්ගලයන් ඊට හාත්පසින්ම වෙනස් ගුණයකින් සෑදී ඇත. ලින්කන් කෙලින්ම මිනිසා දෙස බලා පැවසුවේ, “සර්, මගේ පියා ඔබේ පවුලට සපත්තු සාදා දුන් බවත්, තවත් බොහෝ දෙනෙක් මෙහි සිටින බවත් මම දනිමි, මන්ද ඔහු කිසිවෙකුට කළ නොහැකි ආකාරයට සපත්තු සාදන ලදී.
ඔහු නිර්මාණකරුවෙක් විය.
ඔහුගේ සපත්තු සපත්තු පමණක් නොවේ; ඔහු තම මුළු ආත්මයම ඔවුන් තුළට වත් කළේය. මට ඔබෙන් ඇසීමට අවශ්‍යයි, ඔබට කිසියම් පැමිණිල්ලක් තිබේද? මොකද මම සපත්තු හදන්න දන්න නිසා. ඔබට යම් පැමිණිල්ලක් ඇත්නම් මට ඔබට තවත් පාවහන් යුගලක් සාදා දිය හැකිය. ඒත් මම දන්න තරමින් තාත්තාගේ සපත්තුව ගැන කවුරුත් මැසිවිලි නඟලා නැහැ. ඔහු දක්ෂයෙක්, විශිෂ්ට නිර්මාණකරුවෙකු වූ අතර මම මගේ පියා ගැන ආඩම්බර වෙමි. ”
මුළු සෙනෙට් සභාවම ගොළු විය. ඒබ්‍රහම් ලින්කන් මොන වගේ මිනිසෙක්ද කියලා ඔවුන්ට තේරුම් ගන්න බැරි වුණා. එක පැමිණිල්ලක්වත් අහලා නැති තරමට තාත්තා තමන්ගේ වැඩේ හොඳට කරපු නිසා එයා ආඩම්බර වුණා.
සදාචාරය: "ඔබේ කැමැත්තෙන් තොරව කිසිවෙකුට ඔබට රිදවිය නොහැක."
“අපට රිදවන්නේ අපට සිදුවන දේ නොවේ. අපේ ප්‍රතිචාරය තමයි අපිට රිදෙන්නේ.
ජීවිතයේ අපට අවශ්‍ය සෑම දෙයක්ම අපගේ සුවපහසු කලාපයෙන් පිටත සහ අපගේ උත්සාහ කලාපය තුළ අප එනතුරු බලා සිටී ... අපට අවශ්‍ය වන්නේ පියවරක් ගැනීම පමණි.
“දැනුමට වඩා පරිකල්පනය වැදගත්. දැනුම සීමිතයි. පරිකල්පනය ලෝකය තරම් විශාලයි."
- ඇල්බට් අයින්ස්ටයින්
පොත් ඉතා වැදගත් වන්නේ දැනුම වගේම අපේ පරිකල්පනයට ඉහළනංවා ගැනීමට අවස්ථාව දීම නිසයි.
ඔබ දන්නවාද ලෝක ළමා දිනය ඔක්තෝබර් 1 වැනිදා සමරනු ලබන්නේ ශ්‍රී ලංකාව, එල් සැල්වදෝරය සහ ගෝතමාලාව යන රටවල් 3 පමණක් බව?
ලෝක ළමා දිනය දරුවන් වෙනුවෙන් වාර්ෂිකව වෙන් කර ඇති සමරු දිනයක් කියලා අපි හැමෝම දන්න කාරනයක් වුනාට ළමා දිනය එක් එක් රටවල් වල සමරන දින වෙනස් කියල දැනගෙන හිටියද?
1925 දී ජාත්‍යන්තර ළමා දිනය මුල්ම වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ ජිනීවා හි පැවති ළමා සුබ-සාධනය පිළිබඳ ලෝක සමුළුවේදී වන අතර පසුව 1950 සිට ළමා දිනය බොහෝ රටවල ජුනි 1 දින සමරන්නට පටන් ගත්තා. 1954 දී විශ්ව වශයෙන් "සුදුසු" දිනයක් තෝරාගත යුතු බවට තීරණය කළ අතර ඉන්පසුව 1959 නොවැම්බර් 20 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් ප්‍රකාශ කිරීම සිහි කිරීම වෙනුවෙන් විශ්ව ළමා දිනය නොවැම්බර් 20 දින සමරන්නට යෙදුන අතර
අදටත් ඇතැම් කොමියුනිස්ට් රටවල් ජුනි 1 දින ළමා දිනය සමරනවා.
සමහර රටවල එය ළමා දිනය ලෙස නොව ළමා සතිය ලෙස සතියක් වෙන් කර සමරනු ලබන අතර සික් ජාතිකයන් දෙසැම්බර් 20 සිට දෙසැම්බර් 27 දක්වා ළමා සතිය සමරනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ දී ළමා දිනය සමරණු ලබන්නේ සෑම වසරකම ජූනි මස දෙවන ඉරිදාය.
ඉන්දියාවේ ළමා දිනය සමරන්නේ ඉන්දියාවේ පළමු අගමැති වන ජවහර්ලාල් නේරූ මහතාගේ උපන්දිනය වන නොවැම්බර් 14 දා ය.
ගෝලිය වශයෙන් විවිධ ප්‍රභේද්‍යයන් පවතින අතර, එයින් ප්‍රධාන තැනක් ගන්නේ, එක්සත් ජාතීන්ගේ නිර්දේශය මත, නොවැම්බර් 20 දින සැමරෙන විශ්ව ළමා දිනය වෙයි.
ඔක්තෝබර් 1 වැනිදා වෙනත් රටවල සමරණු ලබන්නේ ලෝක වැඩිහිටි දිනය වේ.
මේ බොරු ස්ත්‍රී දූශන චෝදනාවකට වසර 10ක් දඬුවම් විඳලා අවසානයේ නිදොස්බව ඔප්පු වෙච්ච මොහොතේ තරුණයෙක්ගේ ප්‍රථිචාරය.
බ්‍රයන් බෑන්ක්ස්, කැලිෆෝනියාවේ ලෝන්ග් බීච්හි පොලිටෙක්නික් උසස් පාසලේ හිටපු නැගී එන ඇමරිකන් පාපන්දු ක්‍රීඩකයෙක්. වයස 16ක් වෙච්ච බ්‍රයන් ඒ වෙනකොටත් අඩි 6යි අඟල් 4ක් උස, ලයින් බැකර් කෙනෙක් විදිහට හොඳ අනාගතයක් පෙන්නපු ක්‍රීඩකයෙක්. එයා එයාගේ සීනියර් ෆුට්බෝල් සීසන් එකට තරඟකරන්න ලෑස්තිවෙලයි හිටියේ. මේ වෙනකොටත් බ්‍රයන් දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් පාපන්දු ක්‍රීඩාකරන්න වසර 4ක පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබිලා ඒක වාචිකව පිළිඅරගෙන හිටපු ක්‍රීඩාවේ වගේම ජීවිතයේ දීප්තිමත් අනාගතයක් තිබ්බ තරුණයෙක්. නමුත් බ්‍රයන්ගේ දෛවය ඊට වඩා වෙනස් ජීවිතේ අඳුරු මුල්ලකට බ්‍රයන්ව ඇදල දානවා..
දවස 2002 ජූලි 8, දවල් 11.00 විතර බ්‍රයන් අවසර ඉල්ලනවා දුරකථණය පාවිච්චි කරන්න පන්තියෙන් එලියට යන්න.ඉතින් එහෙම එලියට ගිය බ්‍රයන් දකිනවා වනිටා ගිබ්සන් කියන තමන් ටික කාලෙක ඉඳලා දන්න ගැහුනු ළමයා වැසිකිලි සංකීර්නයෙන් එලියට එනවා.
ඉතින් දෙන්නා යනවා ඉස්කෝලේ තියන පෙම්වතුන් සිපවැලඳගන්න තැනක් කියලා නම ගිය පඩිපෙලක් පැත්තට. මිනිත්තු 30කට විතර පස්සේ අනීටා පන්තියට ගියාම ඒ තරම් ප්‍රමාද වෙච්ච එකට පන්තියේ හිටපු ගුරුවරයගෙන් දොස් අහන්නත් එයාට සිද්දවෙනවා.
මෙහෙම ටිකවෙලාවක් ගතඋනාට පස්සේ වනීටා විසින් බ්‍රයන් බෑන්ක්ස් කියන තරුණයට තිබුන දීප්තිමත් අනාගතය කුඩුපට්ටම් කරලා දාන්න පුලුවන් තරම් දෙයක් කොලයට ලියනවා.
"බ්‍රයන් මාව දූශනය කරා. මම තවදුරටත් කන්‍යාවියක් නෙමෙයි"
ඊට පස්සේ වනීටා මේ කොල කෑල්ල තමංගේ යාලුවට දෙනවා.
පන්තිය ඉවරවෙලා වනීටා තමන්ගේ සහෝදරීව මුනගැහෙනවා.එතනදී එයා දිගින් දිගටම අහන ප්‍රශ්න නිසා අනීටා කියකවා බ්‍රයන් එයාව දූශනය කරා කියලා. ඉතින් දෙන්නා ආපහු හැරිලා පාසල් කාර්යාලයට යනවා මේ ගැන පැමිනිලි කරන්න.
මේ කිසි දෙයක් නොදන්න බ්‍රයන්ව එදා රෑම ගෙදරදී අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ පරීක්ශන කටයුතු පටන්ගන්නවා චෝදනා ගොනුකරන්න. ඉතින් කල් ගිහින් 2003 ජනවාරි 3 ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත දිස්ත්‍රික් නීතිපති කාර්යාලයෙන් ස්ත්‍රී දූශණය සහ බලහත්කාරයෙන් පැහැරගැනීම කියන චෝදනා යටතේ බ්‍රයන්ට විරැද්දව නඩු පවරනවා.
මෙතනදී බ්‍රයන්ගේ පැත්තට ඉන්නේ එයාගේ අම්ම විතරයි. අම්මා විශ්වාස කරනවා තමංගේ පුතා එහෙම වැරැද්දක් කරේ නෑ කියලා. ඒත් නඩු කියන්න යන වියදම දරන්න බ්‍රයන්ගේ අම්මට පුලුවන් කමක් තිබ්බෙ නෑ. නමුත් එයා පුතා වෙනුවෙන් සටන්කරනවා. නඩු කටයුතුවලට මුදල් හොයාගන්න බ්‍රයන්ගේ අම්මා ලියෝමි එයාගේ නිවස සහ මෝටරථය විකුනල දානවා.
පස්සෙ කාලෙක බ්‍රයන්ගේ අම්ම කියන විදිහට
"මම සලකන්නේ මම කරේ අම්ම කෙනෙක් විදිහට කලයුතු දේ"
මුලදී නඩුව බ්‍රයන්ගේ පැත්තට බර වෙලයි තිබ්බේ.මොකද ශෙරිෆ් කාර්යාලයෙන් ලබාගත්ත DNA වාර්ථා පවා බ්‍රයන් දිගින් දිගටම කියපු විදිහට ඝෘනාත්මක හෙවත් බ්‍රයන්ගේ DNA නෙමැති බව තහවුරැ කරලා තිබුනා. නමුත් තමන්ට තිබුන හැකියාව වෙච්ච පාපන්දු වලින් ලෝකයම දිනාගන්න NFL වගේ ලීග් තරඟ ක්‍රීඩා කරන එක ගැන හීනයක් විතරක් තිබුන බ්‍රයන්ට සහ පවුලට ඩොලර් මිලියනයක ඇප මුදලක් ගෙවන්න තරම් ආර්ථික ශක්තියක් තිබුනේ නැහැ. ඒක නිසා බ්‍රයන්ට සිද්දවෙනවා නඩුවිභාගය ආරම්භ වෙනකන් තවත් වසරක් සිරගතවෙලා ඉන්න.
කොහොම හරි නඩු දිනය කිට්ටුවෙනකොට කලුජාතිකයෙක්ම වෙච්ච බ්‍රයන්ගේ නීතීඥවරිය බ්‍රයන්ට කියනවා බ්‍රයන්ගේ වයස බ්‍රයන් කලු ජාතිකයෙක් වීම සහ උඩ මම විස්තර කරපු විදිහට අඩි 6යි අඟල් 4ක දැවැන්ත ශරීරයකට හිමිකම් කීම කියන සාධක නිසා බ්‍රයන්ට සාධාරණ නඩු තීන්දුවක් ලැබෙන්නෙ නැතිවෙන්න සෑහෙන ඉඩක් තියනව කියලා. තමන් කිසිම වැරැද්දක් කරේ නෑ කියලා දිගින් දිගටම කියා හිටපු බ්‍රයන්ට කියනවා වසර 41 ක විතර උපරිම සිර දඬුවමක් ලැබෙන්න පුලුවන් මේ නඩුවකදී නඩුකියන්න යන්නෙ නැතුව ඉන්න කියලා. ඉතින් වසර 1 සිට 5ක් දක්වා සිර දඬුවමක් ලැබෙන එකඟතාවයකට ඇවිත් සමතයකට පත්වෙන්න බ්‍රයන් කැමති වෙනවා. මෙතනදී එකඟතාව අනුව බ්‍රයන්ට ලැබෙන්න පුලුවන් උපරිම දඬුවම වෙච්ච වසර 5ක සිරදඬුවමක් නියම වෙනවා. මේ දඬුවම ලැබුන මොහොත ගැන මෙහෙම කියනවා
"මට මතකයි නඩු කාමරයේ ඉඳලා රඳවා ගැනීමේ සිරකුටියට මාව ගෙනිහින් දානවා. මම මුලු ලෝකේ ගැනම තරහින් හිටියේ"
ඉතින් මේ නඩුවට අමතරව බ්‍රයන්ට දූශන චෝදනා එල්ල කරපු වනීටා ගිබ්සන් හරිහමන් ආරක්ෂාවක් නොසැපයීම කියන චෝදනාව යටතේ පාසල් පද්ධතියට විරුද්ධව නඩු පවරනවා. ඒ නඩුවෙනුත් ඇය ඩොලර් මිලියන 1.5ක වන්දියක් දිනාගෙන සමතයකට පත්වෙනවා.
බ්‍රයන් මේ අතර තුර තමන්ගේ නිදොස්බව ඔප්පු කරන්න දිගින් දිගටම උදව් ඉල්ලනවා. 2006 දී බ්‍රයන් පෙත්සමක් ඉදිරිපත්කරනවා තමන්ට හරි නීති උපදෙස් ලැබුනෙ නැහැ, DNA ඇතුලු ජීව විද්‍යාත්මක සාක්ෂි පවා එයාට සහයට තිබ්බේ ඒක නිසා නඩුව නැවත සලකන්න කියලා. නමුත් මේ පෙත්සම පැහැදිළි කරුනු නැති බව කියමින් නිශ්ප්‍රභා කරනවා.
බ්‍රයන් නැවත California Western School of Law හි California innocence project ව්‍යාපෘතියෙන් උදව් ඉල්ලනවා තමන්ගේ නිදොස්බව ඔප්පුකරන්න. නමුත් නිදොස්බවට ප්‍රමාණවත් සාක්ෂි මෙතන නැති බව එතනින් බ්‍රයන්ට දන්වනවා.
කොහොම හරි 2007 වසරෙදී තමන්ගේ සිර දඬුවමෙන් 85% ඉවර කරලා බ්‍රයන් ඇප පිට නිදහස් වෙනවා. හැබැයි තවදුරටත් බ්‍රයන්ට ankle monitor එකක් පැලඳගෙන ඉන්න සිදුවෙනවා සහ ගමන් සීමා පැනවෙනවා. ඒ වගේම බ්‍රයන් ජීවිත කාලය පුරාවටම ලිංගික අපරාධකරුවෙක් විදිහට වාර්ථා ගතකරනවා.
මෙහෙම කාලයක් යනකොට 2011, පෙබරවාරි 8 බ්‍රයන්ගේ Facebook එකට friend request එකක් එනවා තමන්ට ස්ත්‍රී දූශන චෝදනා කරපු වනීටා ගිබ්සන් ගෙන්. බ්‍රයන් ඒක accept කරනව වෙනුවට එයාට message එකක් යවනවා ඇයි මට friend request එකක් එව්වේ කියලා. ඉතින් වනීටා කියනවා එයාට ඕන වෙච්ච දේවල් අමතක කරලා එනිනෙකා අඳුරගෙන කථාබහ කරන්න කියලා. වනීට සෑහෙන උනන්දු වෙනවා බ්‍රයන් මුනගැහිලා කථාබහ කරන්න.ඉතින් මෙතන තියන අවස්ථාව අඳුරගන්න බ්‍රයන් ප්‍රද්ගලික රහස් පරීක්ශකයෙක් වෙච්ච මිත්‍රයෙක්ගේ තාත්තා කෙනෙක්ගේ උදව් ඇතිව රහස් කැමරා අටවපු තැනක මුනගැහෙනවා.
මේ හමුවෙදී බ්‍රයන් වනීටගේ උදව් ඉල්ලනවා තමන්ගේ නිදොස්බව ඔප්පුකරන්න. එතනදී වනීටා කියනවා
"මම කැමතියි ඕනදෙයක් කරන්න ඔයාට උදව් කරන්න. ඒත් ඒවගේම මට ඒගොල්ලො දීපු සල්ලි...
ඒක ආපහු දෙන්න සිද්දවෙන්න බෑ" මේ කියන්නේ ඉස්කෝලේ එක්ක කියපු නඩුවෙන් දිනපු වන්දි මුදල් ගැන.
කොහොම හරි මේ විදිහටම දෙවනි වතාවටත් මුනගැහහෙන්න වනීටා කැමතිවෙනවා. මෙතනදී කලින් කිව්ව පුද්ගලික රහස් පරීක්ෂකයත් බ්‍රයන් එක්ක යනවා. මෙතනදී තමන්ගේ සාක්ෂි එකතුකරගන්න ඒ දෙන්න බලාපොරොත්තු වෙනවා. කථාව යනකොට පරීක්ෂකයා වනීටගෙන් මොහෙම අහනවා
"ඔහුට චෝදනා එල්ල උනා ස්ත්‍රී දූෂනය සහ පැහැරගැනීම.."
වනීටා උත්තර දෙනවා.
"සෑහෙන දේවල් ගැන චෝදනා කරා"
පරීක්ෂක
"ඔව්, මට ඕන ඒදේවල් ඔබෙන්ම අහන්න සහ ඒවා කොලයක සටහන් කරගන්න. ඊට පස්සේ මම ඔබව මුනගැහෙන්නම්. එතන ඉඳන් අපි ඉස්සරහට යමු.
වනීටා
" ඔබට අවශ්‍ය මම ඒක මේ දැන් කියන්න ද?"
පරීක්ෂක
"එහෙම උනොත් මට පුලුවන් වේවි...
ඔහු (බ්‍රයන්) ඔබව දූශනය කරා ද?"
වනීටා සිනහවෙමින්
"නෑ.ඔහු එහෙම කරේ නෑ"
පරීක්ෂක
"ඔහු ඔබව පැහැරගත්ත ද?"
වනීටා
"නෑ"
මේ හැම දෙයක්ම වනීට නොදැන රහසින් වීඩියෝ කරල තිබුනා. ඉතින් මේ සාක්ෂි එක්ක California innocence project එකට කථාකරාම ඔවුන් බ්‍රයන්ට උදව්කරලා අධිකරණය ඉදිරියේ කරුණු දක්වනවා. මෙතනදී බ්‍රයන් සියලු චෝදනාවලින් නිදොස් කරලා නිදහස් කරනවා.
අන්න ඒ විදිහට වසර 10ක් බොරු චෝදනාවක් නිසා විනාසවෙච්ච බ්‍රයන්ගේ සහ අම්මගේ ජීවිත වලට පුංචි නිදහසක් ලැබෙනවා. බ්‍රයන් නඩු කාමරයේ තමන් හිටපු පුටුවේ ඉඳගෙන මේසෙට බරවෙලා අඬනවා. ඒ තමන්ගේ නිදහස ගැන සතුටෙන්ද බොරු චෝදනාවක් නිසා විනාසවෙලා ගිය කමන්ගේ ජීවිතේ ගැන දුකෙන්ද කියල දන්නේ බ්‍රයන් විතරයි.
ඉතින් මේ හැමදේම ඉවරවෙලා ගෙදර ගියගමන් බ්‍රයන් කරන්නේ අවුරුදු 5ක් පුරාවට තමන්ව තමන්ගේ මිනිස්සු මැද්දේ හිරකාරයෙක් කරපු ankle monitor එක කපල දාන එක. හැබැයි බ්‍රයන් වනීට ගැන කිසිම තරහක් හිතේ තිබාගන්නෙවත් එයාට නඩු පවරන්නවත් යන්නෙ නැහැ.
බ්‍රයන් කියන විදිහට සිද්දිය වෙච්ච දවසේ කිසිම ලිංගික එකතුවීමක් වෙලා නෑ. දෙන්නා කැමැත්තෙන් සිප වැලඳගැනීම් විතරයි වෙලා තියෙන්නේ. එහෙම උනත් තමන්ගේ ජීවිතේ නැතිවෙච්ච දේවල් වෙනුවෙන් බ්‍රයන් පලිගන්න යන්නෙ නැහැ. එයා එයාගේ හීනය වෙච්ච ක්‍රීඩාව වෙනුවෙන් මහන්සි වෙනවා. සෑහෙන්න කාලය නාස්ති උනත් NFL එකට තරඟකරන්න තරම් වාසනාවක් බ්‍රයන්ට ලැබෙනවා. ඒත් වසර 10ක් නාස්තිවෙච්ච ජීවිතේ නිසා ඒකේ සෑහෙන දේවල් එයාට මගඇරෙනවා. ඉතින් සෑහෙන ගමනක් යන්න හිටිය තරැණයෙක්ට NFL වල යන්තම් තරඟ 4ක් විතරයි ක්‍රීඩාකරන්න ලැබෙන්නේ.
මේ වගේ වැරදි චෝදනා එල්ලවෙලා ජීවිත සම්පූර්ණයෙන් විනාසවෙච්ච ක්‍රීඩකයෝ කලාකාරයෝ ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අයට බ්‍රයන්ට වගේ තමන් නිවැරදි කාරයෙක් කියල ඔප්පුකරන්න අවස්ථාවක් ලැබෙන්නෙ අඩුවෙන්.
ඉතින් ඒක නිසා කාටවත් ලේබල් අලවන්න හිතේ තියන පුද්ගලික ඇරියස් නිසා ඔහේ ලියලා මිනිස්සු වැරදිකාරයෝ කරන්න වගේම ගෙදර ඉඳන් නඩු තීන්දු ලියන්න කලින් දෙපාරක් හිතන්න හැම කථාවකම එක පැත්තකට වඩා තියනවා කියන එක ගැන. එහෙම කරලා අවුරුදු 10කට පස්සේ තමන් නිවැරදි කාරයෙක් උනා කියල දැනගත්තම නඩු කාමරේ ඉඳන් අඬන බ්‍රයන් බෑන්ක්ස් ගේ මේ පින්තූරේ මතක් කරගන්න.
(මේ සිද්දිය ගැන 2018 දී Brian Banks නමින් චිත්‍රපටයකුත් නිර්මාණය වෙනවා)
ධනුෂ්ක දෙස නොව ඕස්ට්‍රේලියාවේ නීතියේ අප්‍රමාදය දෙස බලන්න...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔහුට එල්ල කරන ලද චෝදනා වලින් නිව් සවුත් වේල්ස් අධිකරණය නිදහස් කර ඇති බව මේ වන විටත් ලෝකය පුරා පැතිර ගොස් ඇත. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ද එයින් උද්දාමයට පත් වී ඇත. එයින් උද්දාමයට පත් වනවා වෙනුවට ඕස්ට්‍රේලියාවේ නීතියේ අප්‍රමාදය දෙස අවධානය යොමු කිරීම ලංකාවේ අපට වැදගත්.
සිදුවීම් පෙළගැස්ම මෙසේය.
♦️පසුගිය වසරේ එනම් 2022 නොවැම්බරයේදී ලිංගික බලහත්කාරීකමට අදාළ චෝදනා සදහා ධනුෂ්ක ගුණතිලක අත් අඩංගුවට ගන්නා ලදී.
♦️ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පිටත් වීම වැළැක්වීමේ නියෝගයක් කඩිනමින් ලබා ගෙන ඔහුගේ පිටත් වීම වළක්වා ඔහුව නිව් සවුත් වේල්ස් පොලීසිය අත්අඩංගුවට ගන්නා ලදී
♦️ ඔහුගෙන් ප්‍රකාශ නිව් සවුත් වේල්ස් පොලීසිය විසින් සටහන් කර ගත් අතර එය වීඩියෝ තාක්ෂණය ඔස්සේද පටිගත කර ගෙන ඇත. එම නිසා පසුව වෙනස් කිරීමට නොහැක.
♦️පැමිණිලිකාරියගේ ප්‍රකාශද සලකා බලමින් මුල් අවස්ථාවේදී ලිංගික බලහත්කාරය සම්බන්ධ චෝදනා හතරක් මත අපරාධ චෝදනා ධනුෂ්කට එරෙහිව ගොනු කරන ලදී.
♦️මුල් අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුනද පසුව ඔහුව මුදා හැර සීමා කාරී නිවෙස් රදවාගැනීමකට ඔහුව පත් කරන ලදී.
♦️CCTV දර්ශනද පැමිණිලිකාරියගේ ප්‍රකාශද තවත් කරුණුද සලකා බැලූ නිව් සවුත් වේල්ස් මහජන අභිචෝදක වරයා එසේ නැතහොත් රජයේ නඩු පවරන්නා (Public Prosecutor) විසින් 2023 මැයි මාසයේදී එල්ල කරන ලද චෝදනා හතරෙන් තුනක්ම ඉවත් කරගෙන එක් චෝදනාවක් පමණක් පවත්වාගෙන යන ලදී.
♦️2023 සැප්තැම්බරයේදී නඩු විභාගය ආරම්භ කල අතර දින හතරක් පුරා පැවති නඩු විභාගය අවසන් කර 2023 සැප්තැම්බර් 28 දින නිව් සවුත් වේල්ස් දිසා අධිකරණය ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ එකම චෝදනාවෙන් ඔහුව නිදහස් කරන ලදී.
♦️සිදුවීම සිදු වූ දින සිට සම්පූර්ණ තීන්දුව ලබා දීමට ගත වී ඇත්තේ මාස 10 ක පමණ කාලයකි.
♦️ධනුෂ්ක නිදහස් වුවද නඩු විභාගය අතරතුර හෝ ඊට පෙරද අදාළ පැමිණිලිකාරියව එළිදරව් කර නැත. කිසිදු මාධ්‍යයක් එය සිදු කලේ නැත. එසේ එළිදරව් කිරීම නීතියෙන් තහනම්. CCTV දර්ශන මාධ්‍යයට ලබා දුන්නද ඇයගේ අනන්‍යතාවය ආරක්ෂා කෙරුණි. ඇය ටින්ඩර් ඩේටින් ඇප් භාවිතා කරන කාන්තාවක් වුවද ඇයගේ පෞද්ගලිකත්වය සුරැකුණි.
මාස දහයක කාලයක් තුළ පැමිණිලිකාරියගේද අනන්‍යතාව හෙළි නොකරමින්, නඩු විභගයද අවසන් කර තීන්දුව ලබා දෙමින් ශ්‍රී ලංකා පුරවැසියකු වන ධනුෂ්ක ගුණතිලකටද යුක්තිය කඩිනමින් ඉටු කිරීමට නිව් සවුත් වේල්ස් නීතිය සමත් වී ඇත. නීතිය ඉතා දැඩිය.නමුත් අප්‍රමාදය.
දැනට පවතින නීතියක් තුළ මොනයම් හෝ චෝදනාවකට ලංකාවේ නඩු පැවරීමක් සිදු කල හොත් තීන්දුව ලබා දීමට කොපමණ කාලයක් ගත වෙයිද? ළමා අපචාර නඩු පවා වසර ගණනාවක් දිග් ගැස්සෙන නඩු බවට පත් වී ඇති රටක් ලෙස අපට ආඩම්බර විය හැකිද? ලෝකෙන් උතුම් රටේ හැටි එහෙමය.
යුක්තියේ ප්‍රමාදය යනු යුක්තිය ප්‍රතික්ෂේප වීමකි. කඩිනමින් යුක්තිය ඉටු වීම නිසා ධනුෂ්කට නැවත ක්‍රිකට් ගැන සිතිය හැක. ජීවිතය ගැන සිතිය හැක. වසර ගණනක් ප්‍රමාද වූවා නම් ඔහුගේ ක්‍රිකට් ජීවිතය සම්පූර්ණයෙන්ම අවසන් වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.
යුක්තියේ ප්‍රමාදය වැළක්වීමට මැදිහත් වෙමු.
නීතිඥ දුලාන් දසනායක.....
We Have a Dream Right to Life Sri lanka
මිහිතලය මත ඇති වටිනාකමින් අඩු ම ගල් වර්ගය කුමක්දැයි, ශීක්වරයා මගෙන් විමසූ කළ පිළිතුර වූයේ, " අඟුරු " යන්නයි.
ඉනික්බිති ඔහු, මිහිතලය මත ඇති වටිනාම ගල් වර්ගය කුමක්දැයි, විමසූ විට මා,
" දියමන්ති" යැයි පිළිතුරු දුනිමි.
" ඒ දෙවර්ගය ම සෑදී ඇත්තේ කුමකින්ද?"
,ශීක්වරයා විමසීය.
" කාබන්වලින්..." මම පැවසුවෙමි.
" ඒක නිවැරැදියි. " පැවසූ ඔහු," ඒ දෙවර්ගයෙහි ඇත්තට ම අැති වෙනස කුමක්ද? " යි විමසී ය.
" පීඩනය... ", මම කීවෙමි.
පීඩනය ඉතා සුන්දර දේ නිර්මාණය කරයි. එය සොබාදහමේ දායදයකි ; ඔබව විවිධ අසීරු තත්ත්ව යටතේ පරීක්ෂා කරනු ලබයි. ස්වභාව ධර්මයට ඔබව වඩා සුන්දරත්වයෙන් යුතු අයකු බවට පත් කිරීමට අවශ්‍ය නිසයි ඒ අසීරුතා හමුවන්නේ...
~ සූෆී කියමනකි ~
පුවතක්?
÷"බබා, මට ප්‍රශ්නයක්"
-"විකාර කියවන්නෙපා. ඕවා විහිං දාගත්ත ඒවා"
+"ඒ බං මං ප්‍රශ්නෙක"
- "හරි බං පස්සේ කතා කරමු මං වැඩක"
+"අම්මේ ,මට ප්‍රශ්නයක්"
-"උබලට නිකන් ඉදලා වෙන්න ඇති ප්‍රශ්න"
අවසන කොළයක මෙසේ ලියා
ඇය එල්ලිලා බාල්කෙක,
" ආදරය සොය සොයා
අතරමං විය
බොහෝ පිපාසා දැනුණි"
දැනුණා
තනිය ගිලගන්නා බැව්.
හදවතම හිස් මගෙ
ඇස් සමයි දැන් ඉරිතැලුනු
කතරකට
කියන්නට බොහෝ දේ
ඇත.
පවක් ඇති මා කල
ඒ නිසා අසන්නෙක් නැත
ඉතින් නිහඬ වෙමි "
ඉතින් අවසන මෙසේ කියමි..
කෙනෙක් ඔබෙන් මානසික සුවයක් බලාපොරොත්තු වේනම් පමා නොවන්න.උපදේශකයකු වන්න බැරි නමුත් ඕනෑම අයෙකුට හොද අසන්නෙක් විය හැක.ඔබේම ආදරණීයන් නොසලකා හරින්න එපා.හැකි සෑම විටකම ඔවුන්ට ඇහුම්කන් දෙන්න පුරුදුවන්න.කෙනෙක් අහිමි උනු පසු හැඩීමෙන් පලක් නැත.
Depression විහිලුවක් නෙමෙයි .කෙනෙක්ගෙ මානසික තත්වයන් සමග විහිලු කිරීම නවතාදමන්න. සමහරක් විටෙක සිනාසෙන ඇස් අතර කදුලු උල්පතක් තිබිය හැක.
ඔබේ ආදරණීයන්ට හොද සවන්දෙන්නෙකු වන්න.
ඔබේ මට්ටමින් අන් අයව සංසන්දනය නවත්තන්න....
උපුටා ගැනීම අවසන්...
රේpe ෆැන්ටසි වෙනයි, රූපවාහිනී ප්රවෘත්ති වෙනයි. ඒ නොදන්නා මාධ්‍යකරුවා අශිෂ්ටයි . දූෂකයෙක් හා පෙම්වතෙක් අතර වෙනස දැනගන්න, වල් වෙනවා වෙනුවට ශෘංගාරයෙන් ශිෂ්ට වෙන්න, Faculty of S*x පොත් තුන කියවන්න.
Do you want to meet the Giants in the Media World at the CSHR, Faculty of Law who will connect you with Media and Human Rights education ? Then join with them on 23rd September 2023
https://forms.gle/wEKGnUTb5XwGW8836
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
1905 යන කෙටි දුරකථන අංකය අමතා අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙලෙස ලැබෙන පැමිණිලි විමර්ශනයට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් ද පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
Sri Lanka has introduced a hotline for the general public to file complaints of bribery and corruption committed by government employees.
The Ministry of Public Services, Provincial Councils and Local Government announced. that these complaints can be made via the hotline 1905.
Complaints relating to acts of bribery or corruption committed by those serving at District Secretariats, Divisional Secretariats, and Grama Niladhari Offices can be directed to this number, which will cater to the public in all three languages.
In addition, complaints on such acts committed by those serving at the Registrar General's Department, and the Pensions Department can also be directed to the same number.
In addition, acts of bribery or corruption committed by Public Representatives at Government Institutions, Provincial Councils, and Local Government Institutions can be directed to the Commission to Investigate Allegations of Bribery or Corruption via hotline 1954
චේතනාව යහපත් නම්...
කවුරු ගල් පෙරළුවත්...
කවුරු බිත්තියට හේත්තු කළත් අවුලක් නෑ...
“KARMA RETURNS”
සතුටට, අතිශයෝක්තියට අකැප අවබෝධයක් වෙනුවෙන් පමණි.
කෂේරුකා බිඳ නොගෙන,
තමන් විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් පෙනී සිටි සැමට තුති.
Social Intell™
Social Intell’s main purpose is combating negative use of Social Media to promote peace in Sri Lanka and create public awareness in the community, unbiased to racial, religious and ethnic differences, towards a common goal of a reconciled society.
We use effective communication methods on social media such as notes, photos, videos, pencil art, etc. to take their ideas to the general public.
Under the above purpose, Social Intell has 3 objectives.
1. Dealing with misinformation, Identifying hoaxes and fake news as they originate, scan trusted news sources and verify the information.
Videos (show all)
Contact the organization
Website
Opening Hours
Monday | 10:00 - 17:00 |
Tuesday | 10:00 - 17:00 |
Wednesday | 10:00 - 17:00 |
Thursday | 10:00 - 17:00 |
Friday | 10:00 - 17:00 |