Panadura BAR Association
Panadura BAR Association is a branch association of the BAR Association of Sri Lanka.
Felicitation Ceremony 2024- Album-4
Felicitation Ceremony 2024- Album-3
Felicitation Ceremony 2024- Album-2
Felicitation Ceremony 2024- Album-1
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ යූනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගම එක්ව පවත්වාගෙන යන "යූනියන් උත්තරීතර" වැඩසටහන හරහා ලංකා හොස්පිටල්ස් සමඟ ඒකාබද්ධව පානදුර නීතිඥ සංගමයේ සාමාජික නීතිඥවරුන් වෙනුවෙන් 2023 ඔක්තෝම්බර් 16 දින පැවැත්වූණි
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වාර්ෂිකව සංවිධානය කරන නීතී සතිය වැඩසටහනට සමගාමීව පානදුර නීතිඥ සංගමය කළුතර දිස්ත්‍රික්කයේ පාසැල් සිසුන් අතර පවත්වනු ලබන කථික තරගාවලිය
2023.09.28 වන දින පෙ.ව. 8.00 සිට
පානදුර අධිකරණ සංකීර්ණයේ දී
📎 තරඟයට සහභාගී වන ඔබ ඉගෙනුම ලබන ශ්‍රේණිය තහවුරු කිරීම සඳහා විදුහල්පතිතුමා විසින් සහතික කරන ලද ලිපිය එදිනට රැගෙන ඒම අනිවාර්ය බව සලකන්න.
📎 පහත සඳහන් දුරකථන අංක වලින් ඔබ නියෝජනය කරන කාණ්ඩයට අදාළ දුරකථන අංකය වෙත ඉංග්‍රීසි භාෂාවෙන් නම, පාසල, ඉගෙනුම ලබන ශ්‍රේණිය පැහැදිළිව සඳහන් කර
2023.09.25 වන දින ප.ව. 6.00 ට පෙර කෙටි පණිවුඩයක් whatsapp මාධ්‍යයෙන් යොමු කරන්න.
- කනිෂ්ඨ අංශය
077-0474489 ( නීතිඥ නිලන්ති කොට්ටහච්චි )
- ජ්‍යෙෂ්ඨ අංශය
077-9825374 ( නීතිඥ නදීජා ඩයස් )
- ජ්‍යෙෂ්ඨ ද්විතීයික අංශය
071-6012733 ( නීතිඥ මුතූ සිංහබාහු )
📎 වැඩිදුර විමසීම් සඳහා අමතන්න.
071-4495606 ( නීතිඥ සුමේධ පෙරේරා )
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වාර්ෂිකව සංවිධානය කරන නීතී සතිය වැඩසටහනට සමගාමීව පානදුර නීතිඥ සංගමය පවත්වනු ලබන නීති සායනය.
2023.09.28 වන දින
පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා
පානදුර රාජකීය විදුහල් පරිශ්‍රයේදී
වැඩිදුර විමසීම්
075- 0224747
(නීතිඥ දුල්ෂිකා රත්නායක - ලේකම් )
ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
පානදුර නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රෝහණ මනම්පේරි මහතා විසින් රචිත සම්මත අසම්මත නවකතාව එලිදැක්වීමේ උත්සවය දිසා අධිකරණ පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණ....
අද දින පානදුර නීතීඥ සංගමය මගින් වසර අවුරුදු පහට අඩු කණිෂ්ඨ නීතිඥවරුන් සඳහා " වෘත්තිය ආචාරධර්ම " වැඩසටහනක් ජ්‍යෙෂ්ඨ නීතිඥ රමණි ද සේරම් මැතිණියගේ ශ්‍රම දායකත්වය ඇතිව එතුමියගේ නිවසේ දී පැවැත්විණි....
පානදුර අධිකරණයේ කනිෂ්ඨ නීතිඥ මහත්ම මහත්මීන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශෙවෝන් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කළ මාර්ගෝපදේශන වැඩමුළුව පසු ගියදා දිසා අධිකරණ පරිශ්‍රයේදී පැවැත්විණි.
පසු ගිය දින කිහිපය තුළ අසනීප තත්වයකින් රෝහල්ගතව සිටිමින් තවමත් ප්‍රතිකාර ලබන
➰ජ්‍යෙෂ්ඨ නීතිඥ තිලක් වන්නිගම මහතාට සහ
➰නීතිඥ ලක්ශිකා සේනාධීර මහත්මියට
ඉක්මන් සුව පතා පානදුර නීතිඥ සංගමයේ උගත් මිතුරු කැළ සංවිධානය කළ
බෝධි පූජා පිංකම
අද පස්වරුවේ තුන්බෝධී පරිශ්‍රයේදී පැවැත්විණි...
2023-2024 වර්ෂය සඳහා පානදුර නීතිඥ සංගමයේ
නව නිලධාරි මණ්ඩලය
👇
සභාපති - අජිත් පී.පෙරේරා මහතා
ලේකම් - දුල්ෂිකා රත්නායක මහත්මිය
භාණ්ඩාගාරික - උදේශිකා ජයසිංහාරච්චි මහත්මිය
උප සභාපති - ශෙවෝන් ගුණරත්න මහතා
උපුල් මුණසිංහ මහතා
සහකාර ලේකම් - බුද්ධී ඉලේපෙරුම මහත්මිය
පුස්තකාලාධිපති - නිලන්ති කොට්ටහච්චි මහත්මිය
විගණන නිලධාරි - යොහාන් ජිනසේන මහතා
නව සැළසුමක් - නව ගමනක්!!!