Hasi's Joyful Nest

come and vist and learn to build up a joyful nest just like mine�

10/11/2024

අපේ සමාජයේ අපි යාළුවො කියන් හිතන් ඉන්න අය අතරේම

අපිට කරදරය , දුකක් වෙලාවට හැරිලවත් නොබලන සෙට් එකක් ඉන්නවා .

තව් සෙට් එකක් , හිත යටින් හිනා වෙවී ඒත් පේන්න උදව් කරනවා.

මේ අතරේ ඔවුන්ගේ කාර්‍ය බහුල වේලාවෙන් ඔබ වෙනුවෙන් උදව්වට එන්නත් කට්ටියක් ඉන්නවා.

මේ හැමටම වඩා තමන්ගේ වැඩ ගැන නොබලා ඔයා වෙනුවෙන් , අවශ්‍යතාවයට අනුව කැප වෙන ගොඩාක් ආදරණීය යාලුවොත් ඉන්නවා.

හැමෝම හොදින් හදුනා ගන්න.

තමන්ගේ ශෙඩියුල් එකවත් නොබලා ඔබ වෙනුවෙන් කැප වෙන යාළුවන්ට ආදරේ වෙන්න .

තමන්ගේ රාජකාරි අස්සේ උනත් ඔබ වෙනුවෙන් වෙලාව සොයා ගත්තු යාළුවන්ට ගරු කරන්න

ඔබට කරදරයක් වූ විට හිනා වන, ඔබ වෙනුවෙන් මොහොතක් වත් නැති යාළුවන් ගැන අනුකම්පා කරන්න.

සැම විටම කල්පනාකාරිව ඇසුරු කරන්න.

සතුට පිරුන දවසක්!

හසී
Hasi's Joyful Nest

09/11/2024

අපි කෙනෙකුට දෙයක් දෙනවිට, උදව්වක් කරන විට ඒ දේ හැමතැනම කියන්නෙ නැතිව, ඒ දේ ගැන නිතරම මතක් කරන්නේ නැතිව ඉමු.
කියනවනේ දකුණතින් දෙන දේ වම් අතටවත් දැනෙන්න දෙන්න එපා කියලා..නේද?

ඒත් ඔබට දෙයක් ලැබුනොත්, කෙනෙක් වචනෙකින් හරි උදව්ව්ක් කලොත්.
ඒ දේ කවදාවත් අමතක කරන්න එපා.

සුභ උදෑසනක්!

හසී
Hasi's Joyful Nest

Photos from Hasi's Joyful Nest's post 08/11/2024

උදේ කෑම ❤

08/11/2024

අපි හැමෝම ආස අපි ජීවත් වෙන තැන ලස්සන නම්..
ඒත් ජීවත් වෙන්න ලස්සන තැනක් සොයනවා මිසක්
ජීවත් වන තැන ලස්සන කරන්න කී දෙනෙක් වෙහෙසෙනවාද?

හැමදේකම ලස්සන දකින්න පුරුදු වෙමු.
හැමදෙයක්ම ලස්සන කරමු.
හැමෝම තම තමන් ඉන්නා තැන ලස්සන කලොත් ඉක්මනින් ලෝකයම ලස්සන තැනක් වෙයි.

ජයග්‍රාහී දවසක් !

හසී
Hasi's Joyful Nest

08/11/2024

දවසක් තාත්තෙක් ළඟට ආව දියනියක් එයා ජීවිතේ එක පිට එකක් ප්‍රශ්න ඇවිත් විඳින දුක ගැන මැසිවිලි කිව්වා.

ඒ තාත්තා චෙෆ් කෙනෙක්ලු. ඉතින් එයා හොඳින් දුවට ඇහුම් කන් දීලා මුකුත්ම නොකියා දූව එක්කගෙන කුස්සියට ගියාලු.

ගිහින්....
එකම සයිස් භාජන තුනකට එකම ප්‍රමාණ වතුර දමා
🥔 එකකට අල ගෙඩියක්
🥚අනෙකට බිත්තරයක් සහ
🌰 අනෙත් භාජනය කෝපි ඇට ටිකක් දැම්මා.

තමාටම මුමුණමින් නොඉවසිලිව තම පියා කරන දේ ගැන කිසිම අදහසක් නැතිව ඇය බලා උන්නා.

පියාත් මුනිවත රකිමින් දියණියට තම සිතිවිලි අතරේ අතරමං වන්නට ඉඩ දුන්නා.

එකම රස්නින්, එකම කාලයක් විනාඩි විස්සකට පසුව රත් වෙන්න තැබූ ලිප් තුනම නිවුන පසු ඔහු දියණියට කතා කලා.

"මේ මොනාද තාත්තේ" දියණිය ඇසුවා.
හොඳින් ළඟට ඇවිත් බලන්න.

ඉන් පසුව ඔහු ඇයට අල ගෙඩිය ඇඟිල්ලෙන් ප්‍රෙස් කර බලන්න කීවා.
ම්ම්ම් සොෆ්ට් එකට තැම්බිලා.

දෙවනුව බිත්තරය කටුව ඉවත් කළ ඇය එය හොඳින් තැම්බී ඇති බව කීවා.

අවසානයේ කෝපි බඳුන දෙස නලත්ම නිරායාසයෙන්ම සිනාවක් ආවේ කෝපි වලින් ආ සුවඳින් ඇය ලැබූ ආශ්වාදයටයි. උගුරු කීපයක් බිව් ඈ කීවේ හරිම රස කෝපි එකක් කියලයි.

ඒ සිනාවත් එක්කම දියණිය පියාගෙන් ඇසුවේ

"ඉතින් තාත්තේ මේකෙන් මොකක්ද ඔයා කරන්නේ" කියලයි.

දියණියගේ පරීක්ෂණ, නිරීක්ෂණ දිහා ඉතා හොඳින් බලා සිටි පියා කටහඬ අවදි කළා.

බලන්න.

📌️📌️ අල ගෙඩිය කොච්චර තද මතුපිටක් තිබුනත් ඒ රස්නින් ඒක සොෆ්ට් උනා.

📌️📌️බිත්තරය බලන්න මතුපිට කටුවෙන් ආවරණය වුන ඒ දියරය ඒ රස්නියට ඝන වෙලා තද බවක් පෙන්නුවා.

📌️📌️ඒත් දුවේ කෝපි ..ඇට ටික....
බලන්න ඒ රස්නිට වතුරට මුහු වෙලා කොච්චර රස සුවඳවත් පානයක් අපිට දුන්නද?

ඔයා මෙතනින් කොයි වර්ගයේද?

පියාගේ මුහුණ බැලූ දියනියට පියා තවත් කතා කලා.
අපි කවුරුත් ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ප්‍රශ්න අපේ ජීවිතය නම් දොරට තට්ටු කරද්දී ඔයා ඔයාගේ හිතට තට්ටු කරලා අහන්න
මං ඕනෑවට වඩා සංවේදී වෙනවාද
තව තවත් හිත දරුණු කර ගන්නවාද
නැත්නම් ඒ ගැටළු වලට මුහුණ දෙන ගමන් ඒ තුලින් ජීවිතය ගොඩ නගා ගන්නවාද කියලා

ඉතින් පාඩම

ජීවිතේ ලැබෙන දුක් ගැහැට, ප්‍රශ්න කිසි දෙයක් නිසා
ඕනෑවට වඩා සවේදී ( soft) වෙන්නත් එපා, ඕනෑවට වඩා නොඉවසිලිමත් (hard) වෙන්නත් එපා
කෝපි ඇට වතුරට මුහු වෙලා රස පානයක් ලැබුනා වගේ ඒ දේ ජීවිතයට බද්ධ කර ගන්න ඕනේ.

නමුත් අපි ජීවිතය ජය ගමු.

සුබ උදෑසනක්!!

හසී
Hasi's Joyful Nest

Photos from Desert Lions Football Academy's post 07/11/2024

දරුවො ක්‍රීඩාවට යොමු කරන්න ඕනෙ, විශේශයෙන්ම team work , discipline, වගේ දේවල් එයාල ප්‍රායෝගිකව පුරුදු වෙන්නෙම ක්‍රීඩාවෙන්.

මං ගොඩාක් සතුටුයි මගේ පුතාව මං ඒ විදියට brought up කලා වගේම දැන් එයා ඒකෙන් සමාජයට දෙන පනිවිඩය සහ සේවාව ගැන. 💚

07/11/2024

යකඩ ගොඩාක් ශක්තිමත් ලෝහයක්.
ඔව්..
කිසි කෙනෙකුට විනාශ කරන්න බැරි තරම් ශක්තිමත්...

ඒත් එය තුලින්ම හැදෙන මලකඩට පුළුවන් යකඩ දිරාපත් කරන්න. යකඩ විනාශ කරන්න.

අපේ ජීවිතෙත් ඒ වගේමයි.
ඔබ කෙතරම් ශක්තිමත් කෙනෙක් උනත් එක් තැනකදී ඔබ

ඔබව අවතක්සේරු කලොත්
ඔබට ඔබ ගැන විශ්වාසයක් නැති උනොත්
ඔබේ ධනාත්මක සිතිවිලි මඟ හැරුනොත්
ඔබේ යහපත් ගුණාංග ඔබෙන් ඈත් උනොත්

ඔබේ දුර්වල ආත්මයම ඔබව විනාශ කරයි..

ශක්තිමත් වන්න.
කිසිම විටෙක බිඳ වැටෙන්න එපා.
ඔබ ඔබට ආදරය වන්න.
ඔබව විශ්වාස කරන්න.

සුභ උදෑසනක්!!
නැවුම් දවසක ආරම්භයක්!!

Belive in yourself...

හසී
Hasi's Joyful Nest

07/11/2024

මේ දුව කතා කරද්දි මට මගේ දූලා තුන් දෙනාවමයි මතක් වෙන්නෙ. එයාලත් ඔය වගේ vocabulary , accent ඔක්කොම. එක වයසෙ වගේ නිසා වෙන්නැති.
ඒ වගේම මගේ දූලා දෙන්නෙක්ම qualified makeup artists.
මේ Luna Peech දුව කියන දේවල් එයාලා ඒ විදියටම කරනවා. සහ එයාලගෙ ක්ලයන්ට්ස්ලාටත් කරනවා.

Luna peach කියන්නේ හරිම ලස්සනට එයාගෙ social medias කරන දුවෙක්. ඔයාලත් එයාගෙ පේජ් එකට ගිහින් බලන්නකෝ. ගොඩාක් ප්‍රයෝජනවත් දේවල් හරිම සරලව කෙටියෙන් කියා දෙනවා.

06/11/2024

පීඩනය..
ජීවිත ගමනේ අපට බොහෝ අවස්තාවල බොහෝ පීඩනයන්‍යට මුහුණ දීමට සිදු වෙයි.
🔶පවුල
🔶සමාජීය
🔶සංස්කෘතික

වශයෙන් සරලව බෙදෙන නමුත් මෙය මානසික, අධ්‍යාපනික, වෘතීමය වගේ මෙන්ම යහළුවන් අතර ඇතිවන පීඩනය ලෙස තවත් බොහෝ ඇත.

මෙහිදී පීඩනය ඉතාම සරල ලෙස විසඳා ගත හැකි අවස්ථා ද තිබේ.

නොසැලකිල්ල හා උත්සාහ නොකිරීම නිසා ප්‍රශ්න බැරෑරුම් වන අවස්තා එමටයි.

පීඩනය හා ඒ ගැන මා කියවා ඇති කරුනු තුලින් ඉක්මනින්ම ලිපියක් ගේන්නම්.

එතකල් මේ පුංචි අවවාදය සරල උදාහරණය තුළින්..

බිත්තරයක් දෙස බලන්න

එයට ඇතුළතින් පීඩනයක් ඇවිත් එය බිඳුන විට එයින් ජීවයක් ඇතිවේ.
නමුත්
බිත්තරය පිටින් පීඩනයක් දී වෙනකෙකු එය බිඳා හල විට ජීවයක් නැති වේ.

සැම විටම වටිනා උසස් දේ ලැබෙන්නේ ඇතුලාන්තය තුලින් ඇතිවන උත්සාහය මතයි.

කල්පනාකාරීව ජීවිතේ ගෙනියමු.

පීඩනය නැති දවසක් සතුටින් ආරම්භ කරමු.
Good morning !!

හසී
Hasi's Joyful Nest

05/11/2024

#සතුටුවන්න...

හැමදේම හොඳින් නිසා නෙවෙයි..
හැමදේකම හොඳ ඔබට පෙනෙන නිසා

සුභ උදෑසනක්! සුබ දවසක්!!
හසී
Hasi's Joyful Nest

04/11/2024

තවත් කෙනෙකුට හිනාවක් ගේන්න ඔබට පුළුවන්ද?

හදවතින්ම ඔබට හැකිනම් කෙනෙක්ගේ හිනාවක කොටස්කාරයෙක් යැයි උදම් අනන්න.

සමහර වෙලාවට ඒ වෙනුවෙන් ඔබට කැපකල යුත්තේ මිල මුදල් නොවේ..
ඔබේ කාලය, අවධානය සහ ඔබ තුළ ඇති යහපත් ගුණාංග.

කෙනෙකුගේ තත්වය, තරාතිරම නොතකා කෙනෙකුට සැබැවින්ම අවැසි මොහොතක ඔබට හැකි නම් ඔබේ ජීවිතයේ කොහේ හෝ තැනක් ඒ පුද්ගලයාට ඉඩක් දෙන්න...

ඒ පුද්ගලයාගේ ජීවිතය ජජ් නොකර...

එයාගෙ ජීවිතේට වටිනාකමක් දෙන්න..

ඒ කෙනාගේ ගැටළු නිරාකරණය කරන්න උදව්
වෙන්න..

අපිට පුළුවන් නම්

අපේ ජීවිතයෙන් ආලෝකයක් දෙන්න..

කොන්දේසි විරහිතව උදව් කරන්න..

පිටතින් බලා ඒ ජීවිතය ජජ් නොකරන්න..

තව කෙනෙක්ට උසස් ජීවිතයක් දෙන්න..

ඒ ජීවිතය සිනා මලකින් සරසන්න...

ඒක තමා ජීවිතේ ඔබට ලැබිය හැකි උසස්ම වින්දනය.

කෙනෙකුව පරදවා, පාගා බැබලෙන්නේ නැතිව හැමෝටම එකසේ බබලන්න..

එකිනෙකාට උදව් කරමු.

අහස ලස්සන තාරකා ගොඩක් බැබලෙද්දී.
එක තරුවකින් ලැබෙන එලිය කිසි ලස්සනක්, දීප්තියක් නොගෙනෙන බව මා වගේම ඔබත් දන්නවා යයි සිතමි.

තරු බබලන්න හවුල් කාරයෙක් වෙමු.

ලස්සන සතියක ආරම්භයක්!!

ආදරණීය දවසක්!
හසී
Hasi's Joyful Nest

04/11/2024

💚💚

Photos from Hasi's Joyful Nest's post 04/11/2024

❤❤

Want your business to be the top-listed Home Improvement Business in Dubai?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Yellow rice lunch menu!!
Chocolate chip cookies හදමුද?
#desertlionfa
Desserts...
කොලකැඳ
Pasta dishes
ශවර්මා එකක් හදාගෙන කමුද?
මේ coach  තමා මගේ පුතු. ඉතින් එයා අද මෙතන ඉන්නවා දැක්කාම මට දැනෙන්නෙ පුදුම ආඩම්බරයක්!!ඔව් ඒක එයාගෙ හීන පොකුරෙන් එකක්. ඒත...

Category

Website

Address


Dubai

Other Home Improvement in Dubai (show all)
Maxcom Technologies Maxcom Technologies
Dubai UAE
Dubai

The Leading Distributor in the UAE of Hi-Tech & Innovative Solutions for Corporates & Homes, Retail to Industrial scale: from ZeroSetup Video Alarms to HD Megapixel Cameras.

Home Improvment UAE Home Improvment UAE
Dubai

Breaking news, investigative reporting, business coverage and features from The Online Journalism

Home Fixer Dubai - Premium Renovation Services Home Fixer Dubai - Premium Renovation Services
103, Al Mari Building, Near Al Nakheel Center, Deira
Dubai

House Room vilha Shop   Maintenance page House Room vilha Shop Maintenance page
Al Satwa
Dubai, 00000

home work maintenance

Carpet, Binnel, Artificial Grass, Carpet, Binnel, Artificial Grass,
Dubai International City Dragon Mart
Dubai, 9572

Carpet, Binnel, Artificial Grass,interlock, kar western, I work.and business

Miss House keeper Miss House keeper
P. O. Box :236887, Office 4201C, ASPiN Commercial Tower, Sheikh Zayed Road
Dubai, 00000

Miss House keeper is a company in Dubai & UAE. We provide professional cleaning services for homes and offices.

Correct maintenance LLC Correct maintenance LLC
Dubai

Providing you the best services for all your home and office maintenance

DESIGN & BUILD DESIGN & BUILD
Business Bay
Dubai

Create an undisputed modern world including nature

Techtiq Building Maintenance Techtiq Building Maintenance
Conrad Building 15th Floor, Room 1507-1508, Sheikh Zayed Road Dubai UAE
Dubai, 212937

"Personalized Services, Proven Results"

Wrapping Studio Wrapping Studio
Dubai
Dubai, 0000

Interior Wrapping | Peel and Stick Tiles for all types of Surfaces!