Genova නවකතා එකමුතුව
Negozi nelle vicinanze
16122
16122
16136
16100
16122
16122
16122
16100
16122
16122
16122
16122
Area Metropolitana
කියවන්න ආස අයට හොයා ගන්න බැරි පොත් හොයා ගන්න අවකාශයක් මෙහි තිබෙනව.
Clouds
Genova, 27/03/2024. 'Clouds '
PORTO ANTICO, Genova, Italy. 16/03/2024
දිනය පෙබරවාරි 2 සිකුරාදා 2024. ස්ථානය:
පෘථිවියේ මතුපිට ඉතාලියේ Genova නගරයට හිරු බැස යන ආකාරයයි මේ චයාරූ වල සටහං වන්නෙ. ඇත්තටම එම දර්ශනය හරිම විචිත්‍රවත්. හිරු බැසයන දර්ශන තිබේ නම් කමෙන්ට් කරන්න. පෘථිවිය තම අක්ෂය වටා වේගයෙන් කරකැවෙමින් සූර්යයා වටා අධික වේගයකින් ගමන් කලත් මේ අපූරු වර්ණ රටා අපිට නිශ්චලව ඉදං බලන්න පුලුවන්. විදින්න සොබා දහම. පෘථිවිය හරිම ලස්සනයි!
vmf.
# / සීතල ජනවාරි මාසය /2024
උතුරු බටහිර ඉතාලියේ මූද අයිනෙ තියෙන සුන්දර නගරයක් Genova. පෝට් එක නිසා නගරය තවත් ලස්සනයි. Google Maps search 🔍 කරල බලන්න. ඹබ ඉතාලියේ නොසිටියත් ඉතාලියේ ඉන්නව වගේම street view ගිහිං බලන්න පුලුවන්. ඒ වගේම ලෝකෙ ඹ්නම රටක ඹ්නම නගරයක් ඹබට බලන්න පුලුවන්. මතකනෙ ක්‍රමය.
1) Google Maps
2) choose your favorite city and county
3) street view ගිහිං බලන්න
පෘථිවිය හරිම ලස්සනයි. ඒ ලස්සන ඹබ බැලිය යුතුමයි!
v.m.f
# .. 2
ඹයා ගන්න කියපු පොත හරිම ලස්සන කතාවක්. ඹයාට තැන්ක්ස් කරන්න හිතාගෙන සරසවියට කීප දවසක්ම ගියා.Thank you Dorathi..මම තේමිය බණ්ඩාර.වැඩිදුර හිතන් නැතුව මම කියල දැම්ම.
සමහර පොත් තියනව අපිට කවදාවත් අමතක කරන්න බැරි. ඹය පොතත් ඒවගේ එකක්. මම කියවීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක් තේමිය. සමහර කතා ඇතුලෙ අපිට ජීවත් වෙන්න පුළුවන්.. දැං මේ යන්නෙත් public library එකට. මගේ යාළුවා වසුන්දරාත් එනව කීව. එයා බලාන ඉන්න නිසා ඊගල බස් එකේ මම යනව.
ට්‍රීං.. ට්‍රීං... ට්‍රීං..
ආලෝක මචං තව ටිකකින් කතා කරමු ද?
පොඩි වැඩක ඉන්නෙ.
ඹයා යාළුවත් එක්ක කතා කරන්න. අපි දවසක ආයෙ හමුවෙමු. සමහර විට මෙතන. බස් හෝල්ට් එකේම...
ඈ කතා කරද්දි ඇයි මේ තරම් ලෙංගතුකමක්..
විදුලි කොටන ඇස් දෙක දිහා බලන්නත් බෑ..ඒ තරම් ඒ ඇස් කතා කරනවා. ඒ කතාවට අහුවෙයි ..ඒ ඇස් වල පැටලෙයි කියල තේමියට බයක් දැණුන.
තේමිය if you don't mind please give me your contact number..ඹයාට දෙයක් කියන්න තියෙනවා. මම text කරන්නම්.
කොල්ලෙක් කරන්න ඹ්න කියන්න ඹ්න දේවල් කෙල්ලක් මෙහෙම අහන්නෙ ඇයි.. මාර ෆෝවඩ්නෙ...එහෙම හිතමින් මගේ නම්බර් එක ඈට දුන්න.
තේමිය වෘර්තියෙන් වෛද්‍යවරයෙක්. අම්මගෙ ආශාව ඉශ්ඨ කරන්න එහෙම කලත් ඹහු වැඩිපුර ආශ කලේ ගණිත ගැටළු විසඳීමට. ඉංජීනේරු වරයෙකු වීමට තිබූ ඹහුගේ හීනය අම්ම වෙනුවෙන් කැප කලත් ගණනය කිරීම් වලට දක්වන ආශාව නිසා නිර්වින්දන වෛද්‍යවරයෙක් වීමට ඹහුට පුළුවන් වුනා.
උසස් පෙළ අතිරේක පන්තියක සිටි එරන්දතී ඹහුගේ මතකයට ආවෙ නිමේෂයකින්. ඇත්තටම ඈ කොහේ ඉන්නව ඇද්ද. මොනව කරනව ඇතිද? ඈත් මාත් අතර තිබුනේ කුමන ආකාරයේ සම්බන්ධයක්ද? යාළුවො ඒකට කිව්වෙ උඹේ ටියුට් ලව් එක කියල. කව්රු කොහොම කිව්වත් තේමිය ඈ සමග කාලය ගත කිරීමට ප්‍රිය කලා. ඈ ඉතා අහිංසක යුවතියක්. නැන්දාගෙ ගෙදර නතරව තක්සලාවට පංති ආවත් ඇගේ ගම නුවර.
ඇයි මට අන්තිම දවසෙ පංතියට යන්න බැරි උනේ.... අරුංදතී මම එනකම් බලාන ඉදල. අද මතක් කරද්දි තමයි තේරෙන්නෙ ඇය කුමක් හෝ මට කියන්න හැදුව. ඒත් ඒක මට කියන්න එයාට අවස්තාවක් ලැබුනෙ නෑ. ඒ මොකක් වෙන්න ඇද්ද.
ඇයි අද මට ඈව මතක් වුනේ.... ඩොරති සහ අරුංදතී අතර මනස දෝලනය වෙමින් තිබියදී මේ ජීවිතේ හරිම අහම්බයක් නේද කියල තේමියට සිතුන. එහෙම හිතමින් සැර බීම බෝතලයෙන් මදක් අයිස් කැට දෙකක් සමග මිශ්‍රකර එය තොල ගාමින් සැප පුටුවට බර වූ තේමිය ගැබුරු කල්පනාවකට වැටුන....
Contd....
v.m.f
# # Dorathi
ඹහු තේමිය. තේමිය බණ්ඩාර. මේ කියන්න යන්නෙ කාල අවකාශය ඹස්සේ සරල රේඛීයව ගතවන ඹහුගේ ජීවිතයේ යම් යම් අවස්ථාවලදී සිදුවූ දේවල් ටිකක්. තේමිය කියන්නෙ ටිකක් අමුතු චරිතයක්. තමන් හරියි කියල නිතරම හිතන ජීවිතයෙ එක් වරක් කල දෙයක් නැවත කිසි දිනක නොකරන තමන් අවංක මිනිහෙක් කියල හිතාගෙන ඉන්න කෙනෙක්! මේ දිගහැරෙන්නේ ඉස්පිලි පාපිලි කොම්බු යොදා ඹහු අකුරු කරන කතාවයි!
ඒ 2014 වර්ෂයේ එක්තරා වැසිබර දිනයක්. සරසවියෙ පොත් තෝරමින් සිටි තේමිය නුහුරු කටහඩකින් තිගැස්සුනා.
ඹයාගෙ අතේ තියෙන පොත ලස්සන කතාවක්!
එම කටහඬ ආ දෙස හැරී බලද්දී ඹහු දුටුවෙ හීංදෑරි යුවතියක්. තප්පර කිහිපයක් ඒ ඇස් තේමියට සම්මුඛ වුනා. තවත් තප්පර කිහිපයක් එලෙසම සිටි තේමිය, තමන්ගෙන් මෙසේ ඇසූ තරුණිය කව්දැයි සිතුව. තමන් ඇයව නොදන්නා නමුත් තමාට මෙසේ පැවසීමට ඈ කෙතරම් එඩිතර ෆෝවඩ් කෙල්ලෙක් දැයි සිතුව.
මොනවද ඹච්චර හිතන්නෙ. ඹච්චර හිතන්න දෙයක් මම කිව්වෙ නෑ. ඹය කතාව ලස්සනයි.
එච්චරයි! ඈ හඩ අවදි කලා.
ඇත්තද...මමත් ආවෙ කියවන්න හොද පොත් ටිකක් ගන්න...
ඹ්ක ගන්න. එක පාරක් කියෙව්වොත් තුන් හතර පාරක් කියවන්න හිතෙයි. ඒ තරම් කතාව ලස්සනයි! කියවගෙන යද්දි තේරෙයි මම කිව්වෙ ඇත්ත කියල.
එහෙම කියූ ඇය යහලුවත් සමග යන්න ගියා. ඒ සිදුවීම හරිම අහම්බයක්. වැඩ කටයුතු බහුල වීමෙන් තේමියට මේ සිද්ධිය අමතක වී ගියා.නැවත සරසවියට කීප වතාවක් ගියත් තේමියට ඈ මුන ගැසුනේ නෑ.
නැවත ඈ මට මුන ගැසුනෙ 138 බස් හෝල්ට් එකේ. දිගටි පා යුවල සීරුවට තබමින් මා ඉදිරියට පැමිණි යුවතිය. ඒත් එදාට වඩා අද ඇදුම වෙනස්. ඇත්තටම මේ එදා සරසවියෙදි හමුවූ කෙනාමද?
Hi, මම ඩොරති. ඩොරති සිංහවංශ!
Nice to meet you!
ඩොරති! මාර නමක්. ඊටත් වඩා සිංහවංශ!
Nice to meet you... එහෙම හිතමින් මම hand shake කලා..
Contd...........
v.m.f
.බීර සුවදැති හාදු
අද කතාව දිල්ෂි තත්සරණි විසින් රචිත "බීර සුවදැති හාදු" කෘතිය පිළිබඳවයි. ඇලීෂා සහ දේවන් වටා ගෙතී ඇති ඉතාමත් ආදරණීය කතාවක් මෙහි අන්තර්ගතයි.
ඇත්තටම කියවීම කියන්නෙ ඇබ්බැහි වීමක්. සුන්දර ඇබ්බැහි වීමක්. දේවන් එවැන්නෙක්. ඒ වගේම ඹහු තනිකමට ඇබ්බැහි වූවෙක්. තමන්ගේ ගැහැණුන්ට කියන්න බැරි හිතේ හිර කරගෙන ඉන්න දේවල් පිරිමි ආසයි සමහර ගැහැණුන්ට කියන්න. ෆීසියා අවන්හලත් එවැනි තැනක්. කියන දේවල් අහං ඉන්න ඒව තේරුම් ගන්න පුළුවන් ගැහැණු ෆීසියා අවන්හලේ සිටිය. ඇලීෂා එහි ටෙම්පරි වැඩට ආ විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක්!
ඇලීෂට මොකද උනේ. දේවන් කවුද? පිරිමි ලිකර් ගද්දි සැන්ඩි නොකර නීට් ගන්නෙ දුක දියකරල යවන්න ඹ්න නිසාද? ජීවිතයේ මදකට හරි මත් වන මිනිසුන් කාන්තාවන් ඒ මොහොත ඇත්තටම විදිනවද?
පරිපූර්ණත්වය ජීවිතය උදාසීන කරවන බවත් තමන් සතු නොවන තාක් කල් ආදරය සුන්දර බවත් මෙහි කියවෙනව.
ඉතිං කියවන්න මේ කතාව. නම් ගම් අමුතු වුනත් ලස්සන අහඹු කතාවක්.
v.m.f
Sunflower ( Girasole 🌻)
"අසනග වැසි"
අද කතාව මේ නවකතාව ගැනයි! ආලත්ති අම්මලා, සෙන්ද අම්ම, පොකුට ,රතු මහත්තය, පිංතූර මහත්තය, රෝස්මරී, බ්‍රයන්, වසුන්දරා, රවිනාථ ආදී චරිත ඇතුලත් මේ කතාව පිටු 400 පුරා දිවයනව.
කතාවෙ ප්‍රධාන චරිත දෙක තමයි වසුන්දරා සහ රවිනාථ! අපටත් දවසක අපේ ජීවිත වල ඹවුන් දෙදෙනාව මුණ ගැහෙන්න පුළුවන්. ඹවුන්ගේ කතාව අපේ කතාව නොවුනට ඒ කතාව තුළ අපේ ජීවිත සමග සමපාත වන කොටස් තියෙන්න පුළුවන්! හමුවීම් වෙන්වීම් කොච්චර තිබුනත් සමහර හමුවීම් බැදීම් අත් හරින්න හරිම අමාරුයි. දරුවන් හතර දෙනයි රවිනාථවයි වසුන්දරාට අත්හරින්න බැරි වුනේ ඇයි?
ආඩම්බරකාර පිංතූර මහත්තයගෙ බොරපාට ඇස් ආලත්ති අම්මව වෙනම ලෝකෙකට අරං යනව. ඒ ඇස් වලට ඇය ආස කලා. ආදරය කලා. මොකද ඒ ඇස් කතා කරන නිසා! ගොඩක් වෙලාවට ඹවුන් දෙදෙනා අතර අදහස් හුවමාරු වුනේ ඇස් වලින්!
දර්ශනා ශම්මි විජේතිලක විසින් රචිත මෙම නවකතාව ඹබත් කියවන්න. ඒක සුන්දර අත් දැකීමක් වේවි!
V.M.F
අද කතාව Genova ගැනයි. උතුරු බටහිර ඉතාලියේ Liguria පලාතේ ප්‍රධානතම නගරය තමයි Genova. ඈත අතීතයේ සිටම Genova ප්‍රසිද්ධ එහි ඇති වරාය නිසා. ක්‍රිස්ටෝපර් කොලොම්බස්ව අහල ඇතිනෙ. එයා ඉපදිලා තියෙන්නේ Genova. එයාගෙ නිවස බලන්න මෙහි සංචාරය කරන අයට පුළුවන්. Google search 🔎 කරල බලන්න. ( Street view ගිහින් piazza de Ferrari හරිය බලන්න) මධ්‍යධරණි මුහුදට මායිම්ව පිහිටා ඇති මෙම නගරය එක් පසෙකින් මූදත් අනෙක් පැත්තෙන් සුන්දර කදු වැටියකිනුත් මායිම් වෙලා තියෙනව. මූද අයින දිගේ පටියක් වගේ විහිදී පවතින නගරයේ දිග 30 km කට අධිකයි.
ඈත අතීතයේ Genova ප්‍රසිද්ධ රුවල් නැව් සෑදීමටයි. ඹවුන් ඒවා ස්පාඤ්ඤ රජුට විකුණා අධික මුදලක් උපයා තිබෙනව. Museo del mare ( Genova සාගර කෞතුකාගාරය) හි එහි විස්තර අඩංගු වනව. එම නැව් පෘතුගීසීන්ටත් අලෙවි කරන්න ඇති. සමහර විට වර්ෂ 1505 දි ලංකාවට ආවෙ Genova නගරයේ හදපු රුවල් නැවක් වෙන්නත් ඉඩ තිබෙනව!
යුරෝපයේ තිබෙන විශාලතම මින් මැදුර තිබෙන්නෙත් Genova. ඩොල්ෆින් සතුන් පෙන්ගුයින් විවිධ මෝරු වර්ග එතුල ඹබට බලන්න පුළුවන්. ( Acquario di Genova Google search කරල බලන්න)
ග්‍රීස්ම සෘතුව එළඹෙත්ම මූදෙ දියනෑම ආරම්භ වනව. පහල වීඩියෝව Genova Boccadasse ( බොක්කදාස). ලස්සන තැනක්. බොහෝ වෙරළවල් ගල්පර සහිතයි. 2/3 m තරම් නොගැඹුරු මුහුදේ කිමිදී මාළු බලන්නත් ඹබට පුළුවන්. වෙරලෙ වැලි වෙනුවට තිබෙන්නෙ කුඩා ගල්. ( Live we**am Genova Boccadasse කියල Google searchකරල බලන්න. ඹබට සජීවී දර්ශන බලන්න පුළුවන් වේවි)
ඇත්තටම ජෙනෝවා කියන්නෙ සුන්දර නගරයක්. මෙහෙම කෙටි සටහනක් මගින් කියල ලියල ඉවර කරන්න බැරි විස්තර ගොඩක් තියෙනව. ඉඩක් ලැබුනොත් බලන්න Genova. බෝම්බ පල්ලිය, මින් මැදුර, සාගර කෞතුකාගාරය, ක්‍රිස්ටෝපර් කොලොම්බස් නිවස, පැරණි නගරය, වරාය....Piazza de Ferrari ඉදල via xx settembre පාරෙ ඇවිදින්න අමතක කරන්න එපා!
V.M.F
Verona- මතක
වැනීසිය වගෙම වෙරෝනා නගරයත් අයත් වන්නෙ උතුරු ඉතාලියේ තියෙන Veneto පලාතට. Google සර්ච් කලොත් ඹයාලට බලාගන්න පුළුවන් වැනීසියෙදි වගේම Verona හරහාත් ඉංග්‍රීසි S අකුරක හැඩයෙන් යුක්තව ගලාබසින Adige ගංගාව. ඒ ගග ආශ්‍රිතව තමයි නගරය ගොඩ නැගිල තියෙන්නෙ.
ෂේක්ස්පියර්ගේ රෝමියෝ ජුලියට් කතාවට අදාල නගරය ලෙසත් Verona ප්‍රසිද්ධයි. රෝමියෝ කෙසේ වෙතත් ජුලියට් ගේ නිවස බලන්න අවස්ථාවක් අපට ලැබුණ. ඇගේ ලෝහමය ප්‍රතිමාවක් මහජන ප්‍රදර්ශනයට තබා තිබෙනව. නිවෙසේ උඩු මහලේ බැල්කනියේ සිට ජුලියට් රෝමියෝ එනකම් බලාන ඉන්න ඇති!
ඊට අමතරව කෞතුකාගාර, පෞරාණික පල්ලිත් තිබෙනව. ඇත්තටම ඉතාලියේ ගොඩක් නගර කෞතුකාගාර වගේ. ලැබුනොත් ඉඩක් යන්න Verona. ඇවිදින්න නගරය පුරාම. විශේෂයෙන් පැරණි නගරය. Arena එක ලග ඉදල සෙල්ෆියක් ගහන්නත් අමතක කරන්න එපා!!
V.M.F
Venice මතක!
අද කතාව වැනීසිය ගැනයි! ඉතාලියේ Veneto පලාතේ අගනගරය තමයි වැනීසිය. වැනීසිය කියන්නෙ දූපතක්. දූපතක් කීවට ඇත්තටම වැනීසිය හැදිල තියෙන්නෙ එකිනෙකට ලගින් පිහිටි පුංචි පුංචි දූපත් 120 ක් විතර පාලම් 400 කට අධික ප්‍රමාණයකින් සම්බන්ධ වෙලා.
භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 414 විතර. Google Maps සර්ච් කලොත් ඹයාලට බලාගන්න පුළුවන් වැනීසිය හරහා ඉංග්‍රීසි S අකුරක හැඩයෙන් යුත් ප්‍රධාන ඇල. ඒකෙ නම Grand canal. ඊට අමතරව Murano සහ Burano කියල දූපත් දෙකකුත් තියෙනව.
ඇත්තටම වැනීසිය ඇතුලෙ වාහන ධාවනයක් සිදු වන්නෙ නැහැ. ආරුක්කු හැඩැති පාලම් වලින් යන්න පුළුවන් පා ගමනින් පමනයි. පොදු ප්‍රවාහන බෝට්ටු සේවා මගින් ප්‍රධාන ඇල මාර්ග හරහා ගමන් කිරීමට පුළුවන්.
ඹබ වැනීසිය බැලීමට එනවානම් Venice Railway station සිට Grand canal ඹස්සේ බෝට්ටු වක යන්න. Ponte di Rialto, piazza San Marco බලන්න. Murano දූපතේ වීදුරු භාණ්ඩ හදන තැන් බලන්න යන්නත් අමතක කරන්න එපා.
Murano වීදුරු භාණ්ඩ මිලෙන් අධිකයි. 1100'C ක් වගේ අධික උෂ්ණත්වයකට රත් කල මෙලෙක් වූ වීදුරු ඹවුන් හරි අපූරුවට කලාත්මකව හසුරුවා ලස්සන වීදුරු භාණ්ඩ නිෂ්පාදනය කරනව.
Venice මතක ෆොටෝ ඹබත් බලන්න. හැකි වුනොත් දිනක බලන්න වැනීසිය! අමතක කරන්න එපා ඇවිදින්න වැනීසිය පුරාම. ඒක අමුතුම අත්දැකීමක්. ඒක දිනක ඹබ විද ගන්නම ඹ්න අත්දැකීමක්!
V.M.F
Trentino Alto Adige
ඔය උඩ ලියල තියෙන්නේ ඉතාලියේ එක් පලාතක නමක්. ඉතාලිය පලාත් 20 කට බෙදා පරිපාලන කටයුතු සිදු කරනව. Sardegna සහ Sicilia කියන දූපත් දෙකකුත් ඉතිරි පලාත් 18 බූට් සපත්තුවක ( ස්තිවාලි) හැඩයෙන් යුත් අර්ධද්වීපය තුලත් පිහිටනව.
ඉතාලිය යුරෝපෙට සම්බන්ධ වන්නෙ ඇල්ප්ස් කදු වලින්. Trentino Alto Adige පලාතෙ ප්‍රධානම නගරය තමයි Trentino. ඊට අමතරව තවත් ප්‍රධාන නගරයක් තමයි Bolzano. ඇල්ප්ස් කදු අතරින් ඹස්ට්‍රියා දේශසීමා කිට්ටුවෙන් අපිට යන්න අවස්ථාවක් ලැබුණා. ඒ ගමනෙදි ගත්ත ෆොටෝ කීපයක් පහතින් නරඹන්න පුළුවන්! . ලොව පැරණිම හිම මිනිසා ගෙ මමිය තියෙන්නෙ Bolzano වල. ඒ ගැනත් තොරතුරු ඩිංගිත්තක් අන්තර් ජාලයට සම්බන්ධ වෙලා හොයල බලන්න.
V.M.Fernando
Lise Meitner,
අද කතාව ඇය ගැනයි. ඹස්ට්‍රියාවේ වියානා නුවර 1878 නොවැම්බර් 7 වනදා උපන් ඇය භෞතික විද්‍යාවට සහ ගණිතයට සහජ දක්ෂතා දක්වනව. නීතීඥ වරයෙක් වන ඇගේ පියා ඇගේ දක්ෂතා හදුනා ගන්නව. කාන්තාවන් ඉහලට ඉගෙන ගැනීම සිදු නොකල පසුබිමක ඇය භෞතික විද්‍යාව හැදෑරීමට වියානා සරසවියට ඇතුළ් කිරීමට ඇයගේ පියා කටයුතු කරනව. ඹස්ට්‍රියාවෙන් බිහිකල පලමු කාන්තා භෞතික විද්‍යා උපාධි දාරිනිය ඇයයි. වියානා සරසවියෙදි ඇයට භෞතික විද්‍යා හසල දැනුමකින් යුත් Ludwig Boltzmann යටතේ අධ්‍යාපන කටයුතු කරන්න අවස්ථාව ලැබෙනව. පලමු උපාධියෙන් පසුව ඇය මාරි කියුරි සමග විකිරණශීලීතාවය පිලිබඳ පරීක්ෂණ කටයුතු කරන්න අවස්ථාවක් ඉල්ලා සිටියත් පැරිස් නුවරින් ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේ එහි ඉඩකඩ නොමැති වීමෙන්. පියාගේ මුදල් ආයෝජනයෙන් ඇය ඊලගට තෝරා ගන්නේ ජර්මනිය. ජර්මනියේ බර්ලින් නුවර Max Plank ගේ දේශන වලට සහභාගී වෙමින් ඇගේ ප්‍රියතම විකිරණශීලීතාවය පිලිබඳ පරීක්ෂණ කටයුතු වල නියැලෙනව. ඇය හුදෙක් මේ කටයුතු කරන්නෙ විශය කරුණු ගැබුරින් අධ්‍යනයට ඈ තුල තිබූ දැඩි ආශාව හා උනන්දුව නිසයි. ඒ බව තේරුම් ගන්නා Max Plank ඇයට උදව් කරනවා. එවකට කාන්තාවන් විශ්ව විද්‍යාලය ට ඇතුලත් කර නොගන්නා පසුබිමක එකම කාන්තා නියෝජනය ලෙස ඇය දේශන වලට සහභාගී වනව.
ඇගේ පරීක්ෂන නව මානයකට යොමු වූයේ සුවිශේෂ රසායන විද්‍යා දැනුමක් සහිත Otto Hahn හමුවීමත් සමග. 1938 හෞතික රසායන විද්‍යාවට විශේෂ වසරක්. ඒ වෙද්දි ඉතාලි ජාතික Enrico Fermi මන්දගාමී නියුට්‍රෝන (slow neutron) ප්‍රායෝගිකව භාවිතා කරමින් සිටිය. 1938 නොබෙල් ත්‍යාගය Enrico Fermi ලබාගන්නත් මෙය හේතුවක් වුණා.1938 වසරෙදි ඇය හරි අපූරු පරීක්ෂණයක් සැලසුම් කරනව. එය සැලසුම් කරද්දි ඇය නිකමටවත් හිතන්න නැතුව ඇති මෙම පරීක්ෂණයෙන් ලැබෙන දැනුමින් යම් දිනෙක පරමාණු බෝම්බය නිපදවාවි කියා!
ඇගේ සැලසුම වුනේ බරින් වැඩි යුරේනියම් න්‍යෂ්ටි මන්දගාමී නියුට්‍රෝන( slow neutron) ප්‍රහාරයකට ලක්කලවිට කුමක් සිදුවේ දැයි අධ්‍යනය කිරීමයි. ඇගේ උදව් සගයා Otto Hahn විය. පරීක්ෂණ කටයුතු දිගටම සිදුවද්දි ඇයට ජර්මනියෙන් පලා යාමට සිදුවනව. ඒ ඇය යුදෙව්වකු නිසා හිට්ලර් ගෙන් බේරෙන්න.
Otto Hahn සහ ඹහුගේ සගයා Fritz Strassmann දෙසැම්බර් මාසෙදි අපූරු සොයාගැනීමක් කරනව. ප්‍රතිඵලයක් ලෙස බේරියම් ඇති බව ඹවුන් සොයා ගන්නව. පරමාණුක ක්‍රමාංකය 92 වන යුරේනියම්, පරමාණුක ක්‍රමාංකය 56 වන බේරියම් බවට පත්වූයේ කෙසේද? එය පහදා දෙමින් Lise Meitner සහ Niels Bhor සමග වැඩ කර අත්දැකීම් ලැබූ ඇගේ බෑණා Otto Fischer පැවසූයේ මෙවැනි දෙයක්: යුරේනියම් න්‍යෂ්ටිය, බේරියම් සහ ක්‍රිප්ටන් බවට බිද වැටෙන බවත් එහිදී විශාල ශක්තියක් පිටවන බවත් ඹවුන් පැහැදිලි කලා.
ඒත් සමගම මේ සොයා ගැනීමට අදාළ තොරතුරු බටහිර භෞතික විද්වතුන් මවිත කරමින් යුරෝපය පුරා පැතිර ගියා. යුරේනියම් බලගැන්වීමෙන් සිදු කරවනු ලබන න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් මගින් අතිවිශාල ශක්තියක් ජනිත වන බවත් ඒ ඹස්සේ පරීක්ෂණ සිදුකර අති විනාශකාරී බෝම්බයක් නිපදවිය හැකි බවත් ඹවුන් පසක්කර ගන්නව.
හිට්ලර්ට කලින් පරමාණු බෝම්බය නිපදවීමට ඹවුන් සැලසුම් කරන අතර ඒ සදහා Lise Meitner ගේ උදව් ඇගේ බෑණා හරහා ඉල්ලන අතර ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනුයේ, මිනිසුන් දහස් ගණනක් විනාශ කරන බෝම්බයක් තැනීමට තමා දායක නොවන බව පවසමින්. Manhattan ව්‍යාපෘතිය මගින් පරමාණු බෝම්බය නිපදවා 1945 අගෝස්තු 7 හිරෝෂිමා වට හෙලද්දී ඇය සිටියේ මධ්‍ය ස්විඩනයේ ග්‍රීස්ම නිවාඩුව ගත කරමින්!
1944 දී න්‍යෂ්ටික විඛණ්ඩනය ( nuclear fission) සිදුකිරීම සදහා නොබෙල් ත්‍යාගය Otto Hahn ට තනිව ලැබෙන අතර Lise Meitner ව ලෝකයට අමතක වී ගියා.
හිට්ලර්ගේ ජර්මනියෙන් පලාවිත් බටහිරට න්‍යෂ්ටික බෝම්බය නිපදවීමට අවශ්‍ය රහස් ලබා දුන්නේ ඇය බව බොහෝ දෙනා අද විශ්වාස කරනව. ඒ සදහා ඇගේ බෑණා Otto Fischer සෑහෙන කාර්යභාරයක් කරන්න ඇති. ඒ නිසාම වෙන්න ඇති ඇයව the mother of bomb කියා හැදින්වීමට සමහරු පෙලබී ඇත්තෙ. 1968 වසරෙදි ඇය එංගලන්තයේදි මිය යනව.
Vajira Manjula Fernando.
# # #කෙටි කතාව # # #
🚀🚀🚀 ගගන් 🚀🚀🚀
මම ගගන්.. ගගන් වෙත්තසිංහ. අම්ම කියන්නෙ මට ඒ නම දැම්මෙ එයා අහසට ගොඩක් ආස කල නිසාලු. මාව ලැබෙන්න ඉන්න කාලෙ එයා වැඩිපුරම කලේ රෑට තරු පිරිච්ච අහස දෙස බලා සිටීමලු. තාත්තා ගෙත් කැමැත්ත ඇතිව ඒ නම දැම්මත් මම කවදාවත් මගේ තාත්තාව දැක නැහැ........
බීප්.......බීප්....බීප්.....
කවාකාර කවුළුවෙන් පෙනෙන දර්ශනයෙන් කුල්මත් වී සිටි මා හදිසියේ දුරකථනය නාද වීමෙන් තිගැස්සුනි.
තාත්තා....
ඒ මගේ එකම දූ තරුෂි ගේ කටහඩ.
දූ... කොහොමද? මම ලගදිම ඹයාව බලන්න එනව..
තාත්ති මම අද උදේ අහස බලද්දි තිතක් වගේ තාත්තිව දැක්කා..
# # # # # # # # # # # # # # # # # # # # # # # # # #
තරුෂි කියන්නෙ ඇත්ත. දැන් මාස පහකුත් හරියටම දවස් විසි නවයක් මම ඉන්නෙ පොලොවට 400km උඩින් තියෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුල.
ගුරුත්වයෙන් තොර සත්ත්ව අභිජනන ක්‍රියාවලිය අධ්‍යනය වූ මගේ ප්‍රධාන පැවරුම ඉතා සාර්ථකව නිම කරමින් පෘථිවි කක්ෂය තුල ගතකරන අවසන් දවස අදයි.
කවාකාර කවුළුවෙන් පහල ලංකාව ඉතා පැහැදිලිව පේනව.වලාකුලුවලින් තොර පැහැදිලි දර්ශනය දෙස බලාගෙන මා සිත අතීතයට පියමැන්නෙ මටත් නොදැනුවත්වමයි
ඇය සෝනියා. සෝනියා පරෝඩි.
මගේ ඉතාලි ජාතික මිතුරිය. ඇගේ මව ශ්‍රී ලාංකික වූවත් පියා ඉතාලි ජාතිකයෙක්.
පත පොතට සහ මූදට පෙම් බැඳි මා
හට මුල්වරට සෝනියා හමුවන්නෙ මාතර පොල්හේන බීච් එකේදි......
කාන්තාවකට හා පිරිමියෙකුට මිතුරන් ලෙස
ලග ඇසුරක් පවත්වා ගන්න අමාරුයි කියන කියමන සනාථ කරමින්....
කෙටි කලකින් ම ඇයයි මමයි පෙම්වතුන් බවට පත් වුනා.
# # # # # # # # # # # # # # # # # # # # # # # # #
පටු සංස්කෘතික බැදීම් නැති යුරෝපා සමාජයේ මා සෝනියා සමග ජීවිතය විදින්න පටන් ගත්ත.දිගටි පා යුවල, සිහින් සිරුර, බොබ් කට් කපා ඇති කොන්ඩය.... ඒ ඹක්කොටමත් වඩා කතා කරන ඇස් යුවල මා සෝනියා වෙත වඩ වඩාත් ආකර්ශනය කලා කීවොත් නිවැරදියි!!!!!!!
වයලීන වාදන ශිල්පිනියක් වූ ඇය ජීවිතයෙන් වැඩි කාලයක් පරීක්ෂණාගාර තුල ගත කල මට ඇත්තටම සැනසීමක් වුනා! අපි දෙදෙනාගෙ ආදරයෙ සන්කේතය තමයි තරුෂි....
බීප්...බීප්... බීප්...
මනස වෙහෙස වී ඇති බැවින් නිදාගන්නා ලෙස දැක්වෙන අවවාදයක් තිරය මත දිස්වීමෙන් මා අතීතාවර්ජන යෙන් මිදුනෙමි.
# # # # # # # # # # # # # # # # # # # # # # #
හෝරා කිහිපයක නින්දෙන් අවදි වූ මා,මාගේ අනුප්‍රාප්තිකයා ට අවශ්‍ය පරිදි පරිසරය සකස් කලෙමි. පෘථිවිය බලා යාමට මා එන තෙක් සෝයුස් යානය තුල රැදී සිටින ඇමරිකානු සහ රුසියානු ජාතික මා මිතුරන් හා එක්වීමට මා පිටත්වූයේ තරුෂි ගේ පුංචිම පුංචි පිංතූරයක් රහසිගත තැනක ඇලවීමෙන් පසුවයි.
# # # # # # # # # # # # # # # # # # # # # # #
පෘථිවි ගමනට සියල්ල සූදානම්.....
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මිදී අප තිදෙනා රැගත් රුසියානු සෝයුස් යානය හිස් අවකාශයට මුසු වෙද්දී එක් පසෙකින් පෙනෙන පෘථිවි යත් අනෙක් පසින් පෙනෙන චංද්‍රයා දෙසත් මා උපේක්ෂා වෙන් බලා සිටියෙමි.......
# # # #නිමි # #
Vajira Manjula F.
..කෙටි කතාව
# # #
මම එන්නෙ ගොඩක් දුර ඉදල, හිතේ කොනක තැම්පත් වී ඇති මතකයන් අහුරක් සමග දුර ගමනක් යන්න. මා මේ යන්නෙ ගැටවර වියේ මගේ සිත සොයාගත් ඒ විදුලි කොටන දෑසේ හිමිකාරියට කුමක් වී ඇත්දැයි දැන ගැනීමට.
ඇය නමින් පුලෝමජා. නම ටිකක් අමුතු වුනත් ඒ තමයි එයාගෙ නම.ඇයට මා දුන් ප්‍රථම සහ අවසාන පෙම් පත මට අද වගේ මතකයි. ඇයි... ඇයි... අපිට එහෙම වුනේ!! මගේ ගමනේ අරමුණ ඒ ප්‍රශ්නයට උත්තරයක් සොයා ගැනීමයි. වසර අටක් තිස්සේ හිතේ හිර කරගෙන හිටිය ඒ ප්‍රශ්නයට පිළිතුරක් මේ ගමනින් ලැබේවිද??හිත නිදහස් කරගන්න නම් මේ ගමන යන්නම වෙනව.
බීප්... බීප්.... හඩින් ආ කෙටි පණිවුඩයක් නිසා මාගේ අවධානය ස්මාර්ට් දුරකථනය වෙත යොමු වූයේ නිසැකින්. එය ලැබී තිබුනේ මාගේ හිතවතියක් වන ඇනා ගෙනුයි. මාගේ ගමනට ඇයගේ සුබ පැතුම් එක්වූ ඒ පණිවිඩයේ සගවා ඇගේ සෙනෙහසත් එවා ඇති බව හැගවෙන පද වැලක් එහි අගට ලියා තිබුන.
ඇනා සුන්දර යුවතියක්. ඇනා විලියම්ස් ඇගේ සම්පූර්ණ නම. සුදු ජාතික මගේ මිතුරිය.බ්ලොන්ඩ් කොණ්ඩය, සිහින් සිරුර ඈවෙත ගෙන ආවේ දුටුවන් සිත් ඇදගන්නා රූපයක්. තවමත් විසිතුන් වියැති ඈ ඉතා කාරුණිකයි. ඈ හා මා අතර මිත්‍රත්වයක් ඇති වීමට ඒ හේතුවත් බලපෑව. සේරටමත් වඩා ඇගේ නිල්වන් දෑස් දුටුවන් වශී කරන සුලුයි.
ගුවන් යානය පිටත් වීමට බද පටිය තද කර ගන්නා මෙන් දැක්වෙන නිවේදනයෙන් මා නැවතත් පියවි ලෝකයට පිවිසියා.
ගුවන් නියමුවාගේ අපැහැදිලි ඉංග්‍රීසි නිවේදනයෙන් පසුව ලංකාව බලා ගුවන් යානය පිටත් වූවා. ඇනා සහ පුලෝමජා අතර දෝලනය වන මා සිත සැනසීමට නිදාගැනීමත් අත්‍යවශ්‍ය ඖෂධ යක් ලෙස විස්කි වීදුරුවක් තොල ගෑමටත් මට සිදුවුණා.
# # # # # # # # # # # # # # # # # # # # # # # # # # # #
එක්ස්කියුස් මී.. ආ යූ මිස්ටර් දෙනුවන්??
යස් අයි ඈම්..
කැන් යූ රිමැම්බර් මී...
ඩියුටි ෆ්‍රී ෂොප් වල විස්කි තෝරමින් සිටි මාත් සමග නන්නාදුනන යුවතියක් කතාවට එක් වූයේ එලෙසින්.
ම්...ම්....... මට නම් මතක නෑ. ඒත් දැකල පුරුදු ගතියක් දැනෙනවා.
මම සමනලී..සර්ට මතකද නුගසෙවනෙ සර්ගෙ රිවිශන් පන්තියට ආව ගර්ල්. අර සර් ඇහුවම ඇයි සර් ගෙ පන්තිය තෝර ගත්තෙ කියල, මම කිව්වේ සර් ගෙ දෙනුවන් කියන නමට ආස කරල පන්තිය තෝර ගත්ත කියල..
ඇය ගිරවියක මෙන් කියෝගෙන කියෝගෙන යයි.මා අවට බැලූවේ මේදෙබස කාට නමුත් බාධාවක් වී ඇත්දැයි බැලීමටයි.
ආ.... මට දැන් මතකයි. අපි එන්තැල්පිය කරද්දි ඒ පාඩම අමාරුයි කියලා ආවෙ ඹයානෙ. ඹයා නුවරනෙ......
මගේ මතකය වේගයෙන් අතීතයට දිව ගියා.
*උඹ කොහෙද යකෝ ඉන්නෙ!!! ඉක්මන් කරල එලියට වරෙන්.....ඒ භානුක ගෙන් ආ කෝල් එකෙන් මා ඇමතූ සුන්දර වදන්..
ඒ ඇසිල්ලෙන් සමනලීව මට මග හැරුණා.වසර අටකට පසුව ලංකාව ට ආ මා තරමක් නොසන්සුන් වී සිටිය. මාගේ ගමනේ අරමුණ ට බාහිර දෙයක් බැවින් ආයාසයෙන් ඇයව අමතක කර භානුක වෙත ගමන් කලා.
# # # # # # # # # # # # # # # # # # # # # # # # # # # #
නා නා ප්‍රකාර සැර බීම බෝතල් අඩංගු රාක්කයෙන් මා ආසම කරන විස්කි වර්ගයක් තොල ගාමින් අතීත මතක පිටු එකින් එක පෙරලන්නට පටන් ගත්ත.
දෙනුවන් වෙත්තසිංහ වෛද්‍ය උපාධිය ලබන්නේ අම්මගෙ හීනයක් හැබෑ කරන්න.ඒ හීනෙ හැබෑ කරගන්න ගොඩක් කැපකිරීම් කරන්න වුනා.ඒ කැපකිරීම් වලින් එකක් තමයි පුලෝමජා...
වෛද්‍යවරයකු වීමේ මගේ හීනය හැබෑ වුවත් මා ආදරය කල, විදුලි කොටන දෑසේ හිමිකාරිය මට අහිමි වුනා.ඇගේ වෙන්වීම මේ තරම්ම...මට දැනෙයි කියලා එදා හිතුන නම් මම කවදාවත් ඒ දේ කරන්නෙ නෑ.
ඇනාට කැමැත්ත දෙන්න බැරි වෙන තරමට මගේ හිත නතර කර ගන්න ඒ විදුලි කොටන ඇස් වලට පුළුවන් වුනා.වෛද්‍යවරයකු වූ පසු මා ඇයව හැම තැනම හෙව්වා. කිසිම තොරතුරක් හොයා ගන්න මට බැරිවුණා. ලැබී තිබූ ශිශ්‍යත්වයත් සමග වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත වුණා. මට අමතක කරන්න අමාරුම අවසන් වතාවට ඇය මට කියූ වදන් පෙළයි.
"දෙනුවන් මතක තියාගන්න මගේ මුළු ජීවිතයම ඹයයි"
ඇයට වූදේ දැනගන්න තුරු මා කෙලෙස තවකෙකු හා බැදෙන්නද?? මුළු ශරීරයම පිච්චෙනව බදු හැගීමක් දැනෙද්දී මා තවත් විස්කි වීදුරුවක් තොල ගෑමට පටන් ගතිමි.
# # # # # # # # # # # # # # # # # # # # # # # # # # #
ඇයව සෙවීමට මට තව ඉතිරිව ඇත්තේ එක් දිනක් පමනි. ගොඩ කාලෙකින් FB එකනොබැලූ නිසා නිකමට මෙන් මුහුණු පොතට පිවිසිය. නා නා ප්‍රකාර නාදුනන friendරික්වෙස්ට් අස්සෙ මට හිතාගන්න ක් බැරි friendරික්වෙස්ට් එකක්.... Pulomaja.. ගැහෙන හදින් මම ඇයව ඇඩ් කර ගත්ත. ඒ එක්කම මෙසෙන්ජර් හරහා ඇයට කෙටි පණිවුඩයක් තැබුව.
දෙනුවන් ඹයා.....ඹයා.. හොදින්ද??
ඹව්. .. ඒත් ලංකාවේ නෙමෙයි...
මම දන්නවා. මම දන්නවා ඔයා ලංකාවේ නෑ කියල..
නයා ගැන මම හැම තැනම හෙව්වා. ඒත් ඒත් මට කිසිම විස්තර යක් හොයා ගන්න බැරි වුණා. ඇයි මේfriendරික්වෙස්ට් එක කලින් නොකලෙ??
මම දන්නවා ඔයා ගොඩාක් දක්ෂයි කියලා. ඹයාගෙ ස්ටඩීස් වලට බලපාන නිසයි එහෙම කලේ. ඹයාට මතකද මට ගොඩක් කල් තනිවම ඉන්න අපේ අම්මල ඉඩ දෙන්නෙ නෑ කියල. දෛවයට ඉඩ දීල මම ඹහේ බලාගෙන හිටියා.මාව මට වඩා ගොඩක් වැඩුමල් කෙනෙක් ට බන්දල දුන්න. මට දැන් අවුරුදු තුනක දරුවෙකුත් ඉන්නව.
මගේ මුළු ලෝකයම මා ඉස්සරහ කඩාගෙන වැටෙන්න පටන් ගත්ත.
මම තවමත් ඹයාට ආදරෙයි. මම මැරෙන තුරුම ඒක වෙනස් වෙන් නෑ දෙනුවන්.... මගේ මුළු ජීවිතයම තාමත් ඹයා.......
ඒ වදන් තාමත් එහෙමමයි....ඇය හොදින් ඉන්න බව දැන ගැනීම සතුටක්.
# # # # # # # # # # # # # # # # # # # # # #
සියල්ල සූදානම්.... ගුවන් නියමුවාගේ අපැහැදිලි ඉංග්‍රීසි නිවේදනයෙන් පසුව ක්‍රියාත්මක වූ ජෙට් එන්ජින් වලින් ලද බලයෙන් ඉදිරියට ඇදී ගුවන් යානය ඉහලට එසවෙද්දී ලංකාවේ අතීතය අමතක කිරීම ටත් ඇනා සමග ඉදිරි ජීවිතය ගත කිරීමටත් තරයේ තීරණය කල මා තදින් දෑස් වසා ගතිමි.
# # # # #නිමි # # # # #
Vajira Manjula. F.
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Video (vedi tutte)
Digitare
Contatta l'azienda
Telefono
Sito Web
Indirizzo
Genova
16122
Piazza Vittorio Veneto, 29 R
Genova, 16149
Abbiamo tutto il catalogo della Fratelli Frilli Editori, ma anche tante altre offerte editoriali da ve**re a scoprire.
Via Degli Orefici 37r
Genova, 16123
Via degli Orefici 37r, 16123 Genova 📚
Genova, 16122
I libri custodiscono i sogni e le speranze, i libri sono crescita e scoperta... i nostri bambini sono la nostra ricchezza e i libri la loro!
Genova, 16138
Usborne è libri lettura/attività, giochi, materiale CLIL. Fatti guidare da me tra i suoi 3000 titoli
Genova
Genova, 16100
L'amore per la lettura nasce sin da piccolissimi. Usborne con oltre 3000 titoli offre un panorama ampissimo da 0 a 13+ anni, e un'ampia sezione young adult, il mio compito consigli...
Corso
Genova, 16142
La nuova libreria Mondadori a Genova in Corso Sardegna (ex mercato ortofrutticolo).