U-Turn

U-Turn

ජීවිතයට ආදරය කරන අයගේ ආදරණීය හැරවුම් ලක්ෂය

Photos from U-Turn's post 04/11/2023

මෙහෙම පෝස්ට් ගොඩක් මේ දවස් වල මං දකිනව...
ඉතිං දුකින් ඉන්න ඔයාලට මගෙ ආදරේ දෙන්න හිතුනා...🥺♥️

මෙහෙම හිතෙන දවස් වලට හිත ගොඩක් හයිය කරගන්න ලස්සන ළමයෝ...
අමාරු දවස් අපි කාටත් පොදුයි...

එහෙම දවස් වලදි හිතින් වැටෙනන්නෙපා
වෙලා අරං ඔයා වෙනුවෙන්ම
ඇස් පියාගන හොද වොශ් එකක් ගන්න... නැත්තං නාගන්න...
වතුර බින්දු ඇගට වැටෙනකොට දැනෙන හැගීමෙන්
හිතයි ගතයි දෙකම ප්‍රබෝධමත් වෙන්න දෙන්න...
උණුවෙන් මොනව හරි බොන්න
ආස දෙයක් කන්න...
ඒ ගමන් සුබවාදීව හිතන්න...
මේ විශ්වය හරිම සුන්දරයි...
ආදරණීයයි...
ඇස් ඇරගන වගේම පියාගනත් ඒක විදගන්න...

ආසම ෆිල්ම් එකක් බලන්න
තමන් එක්කම ටිකක් ආදරණීයව තනිවෙන්න...
ආසම සිංදුවක් අහන ගමං ඔයාගෙ ජීවිතේ සුබවාදීව දකින්න උත්සහ කරන්න...
ලේසී අල්ලං ඉන්න එක අමාරුයි අතහරින එක
හැබැයි කොච්චර අමාරු උනත් අතහැරීමමයි සැනසීම...
ඉතිං පුංචි ළමයෝ දුක ගේන දේවල් අතාරින්න
හිත හිත තැවෙන්නෙපා...
හිත හිත විදින්න පුලුවං විදියේ සැනසීමක් ගේන දේ විතරක් තෝරගන්න...

ඔයා හරි ලස්සන ජීවිතයක් තියන වටින ළමයෙක්...
ඉතිං නැගිටින්න වට්ටන්න බැරි වෙන්නම...
ඔයාගෙ ජීවිතේ ඔයා වෙනුවෙන්ම හරි ලස්සනට පිපෙන්න...
අනිවාර්‍යෙන්ම ඔයා කැමති ආස හැමදේම හරිම වෙලාවෙදි ඔයාට ලැබෙයි ලස්සන ළමයෝ...
ඉතිං සතුටින් ඉන්න...
අපි පුරුදු වෙන්නම ඕන තනියම සටන් කරන්න...
ඔව් අනිවාර්‍යෙන්ම ඔයාට පුලුවං...
හීන දිනන්න සටන් කරන හැම ලස්සන අහිංසක හිතකටම ජය...
ආදරෙයි...🌸♥️😘

~සාරා.✍️

සාරංගා දිල්රුක්ෂි ✍️

01/11/2023

මේ අවුරුද්දේ මාස 10 ක් ඉවරයි...

හැරිලා බලන්න මේ මාස 10 ඇතුලේ ඔයා කොයිතරම් දුර ඇවිත් ද කියලා.

තාමත් ඔයා ඔයාගේ සමහර හීන වලට ගිහින් නැතුව ඇති. ඒත් ඔයා ඒ වෙනුවෙන් මාස 10 ක්ම උත්සාහ කරනවා නේද ?

ඒ උත්සාහයන් ඇතුලේ ඔයා දරාගත්ත දේවල්, ඔයාට අහිමි උන දේවල් ඔයාට ශක්තියක් කරගන්න...

මේ අවුරුද්ද වෙනුවෙන් තව මාස දෙකක් තියෙනවා.

ඒ මාස දෙක අතාරින්න එපා!

දෙසැම්බර් 31 වෙනකල්ම මේ අවුරුද්ද ඔයාගේ ❤️

ඉතින් ඔයාගේ හීන වෙනුවෙන් ඒ මාස දෙකෙත් පරිස්සමෙන් ඉස්සරහට යන්න!

-තාරා-

31/10/2023

මේ පෝස්ට් එක මම උපුටා ගත්තෙ fb එකෙන්,
චුට්ටක් ඔලුවට තට්ටු කරලා බලන්න ... ඔයාටත් මෙහෙම කෑදර කමක් ජීවිතේ ගැන තියෙනවද, ඔයත් භාහිර මිනිස්සු හොය හොයා යනවද, ඔයාගෙ ජීවිතේට දේවතාවියක් ආවත් ඔයාට ඔයාගෙ මමත්වයෙන් කෑදරකමින් පහලවන කිලිටි සිතුවිලි වලින් අනිත් අය පේන්නෙ... ඔයාගෙ ආත්මය සුවපත් කරන්න එන කෙනාට පවා ඔයා පයින් ගහලා යයි කර්ම ස්වාභාවයට... ප්‍රේමය වෙනයි ප්‍රේතකම වෙනයි ! 👇

=====================================

එක කාලෙකදි ජීවිතේට ආව කෙනෙක්ට ඔයා මෙහෙම කියලා ඇති.

"අපරාදෙ ඇයි මට ඔයාව මීට කලින් හම්බුනේ නැත්තේ. ! "

වැරදි අයව ජීවිතේට ලං කරගෙන අපි කොච්චර කාලෙ නාස්ති කරගන්න ඇතිද.'

නෑ..

මේ හැමදේම විශ්වයේ සැලැස්මක්.
හරිම කෙනා හරිම කාලෙදි මුණගැහෙනවා.

ඒත් ඊට කලින්, අපිව ඒ තැනට හදන්න විශ්වය අපිට වැරදි මිනිස්සු මුණගස්වනවා.
ඒ හැම කෙනෙක්ම අපිට දෙයක් උගන්නනවා.

බලන්න,
වැරදි මිනිස්සු ජීවිතේට ආවෙ නැත්තන් කොහොමද ඔයා හොඳ මිනිස්සු අඳුරගන්නෙ.?

ඔයාගෙ ජීවිතෙන් කෙනෙක් අයින් වෙලා යනවනම් දුක් වෙන්න එපා.
විශ්වයේ සැලැස්ම ඊට වඩා ලොකුයි.

ජීවිතේ වැරදුනු තැන් ගැන දුක් වෙන්න, පසුතැවෙන්න එපා.
වැරදුනු හින්දයි ඔයා ඉගෙනගත්තෙ.

හොඳට බලන්න,
එදා හිටිය ඔයාද අද ඉන්නෙ.

නෑ.
හිත් රිදීම්,
කඩාවැටීම්,
වැරදීම් එක්ක මිනිස්සු ඉගෙනගන්නවා.
හිටියටත් වඩා ශක්තිමත් වෙනවා.

හැමදේම වෙන්නෙ වෙන්න තියෙන හොඳම විදිහට.

මතක තියාගන්න.
හොඳම දේ ජීවිතේට ලැබෙන්නෙ නරකම දේවල් වලින් හෙම්බත් උනාට පස්සෙ..

♥️🌻💫

උපුටා ගැනීම : Sepalika Gamage

28/10/2023

පවුලක් ලෙස සියලු සාමාජිකයින් එක්ව විසීමෙ කාලය සෑම පවුලකටම සීමා සහිතය..
මව්පියන් තරැන වයසේ මෙන්ම දරැවන් වයස දහසයට අඩු වයසේ දි පමනක් පවුලක් නිවසක් නිතර පිරී පවතී.

🧡ශබ්දයෙන්ද පිරී පවතියි.මුලුතැන්ගෙය ඉතා කාර්යබහුල ව පවතී.ශිතකරන වල ආහාර නිතර පුරවා තැබිය යුතුවේ..ඒ අතරත් සුකුරැත්තම් ආහාර වැඩිපුරම ගබඩා කර තැබිය යුතු වේ..

🧡බොහො විදුලි බුබුලු වායුසමීකරණ යන්ත්‍ර විසිහතර පැය ක්‍රියාත්මක වේ..රෙදි සෝදන මැෂිම බරපතල ලෙස තම කාර්ය කරයි..ඒවා වේලීම නැවීම සදහා වෙනම කාමරයක් උවමනා වේ.

🧡නිවස අතුගෑමෙ වාර ගනන ඉහලය..තූන් වේල මැදට තව වේලක් අනිවාර්යෙන්ම ආහාර පිසිය යුතුය.. තේ සහ නොයෙකුත් බීම වර්ග නිතර සෑදිය යුතුය..

🧡අම්මා තාත්තා සීයා අත්තම්මා යන ශබ්ද තරංග දිනකට කී වතාවක් නිවස තුල රැව්පිලිරැව් දෙනවාද ගනන් කිරීමට යන්ත්‍රයක් නිපදවිය යුතුය..

🧡එක බැගින් යමක් රැගෙන ආවත් එය කොටස් හතක් වත් ගෙන ආ යුතුය.

💙.පැය විසිහතරම ක්‍රියාත්මක නිවසක් මෙ මිහිපිට පවතින්නේ එක්තරා කාලයකට පමනි.... ඉන්පසු දිනක එය කෙමෙන් කෙමෙන් අක්‍රිය වි එක් දිනෙක ක්‍රියාත්මක නොවන නිවසක් වනු ඇත..

🩵මුලු තැනිගෙය දිනෙක කාර්යබහුල නොවනු ඇත

🩵විදුලි බල්බ විදුලි පංකා දැල්වෙන නිවෙස් වලට වඩා නොදැල්වෙන කාමර වැඩි වෙනව ඇත

🩵ශීතකරණ වල කොතරම් රසවත් ආහාර ගොඩගසා තිබුනත් ඒවා ආහාරයට ගැනීමට සාමාජිකයන් නැති වෙනවා ඇති

🩵රෙදි සේදීම අවම වෙනවා ඇත.

🩵පිසෙන ආහාර වේල් ගනන සීමා සහිත වෙනවා ඇත

🩵අමතර ආහාර කිසිදා නොසෑදෙනවා ඇත

🩵නිවසෙ අවශ්‍යතා දැඩි ලෙස අවම වෙනවා ඇත

🩵අම්මා තාත්තා ආච්චි සීයා ශබ්ද අවසානයේ දුරකථනයකින් පමනක් ඇසෙනවා ඇත.

🩵දිනෙක එම නිවස නිහඩ නිවසක් වනු ඇත.

පවුලක් එක්ව වසන කාලය පහුවෙන එම දිනය නැවත කිසිම කිසිදා පැමිනෙන්නෙ නැ.. සියලු සාමාජිකයින් එක්ව ගන්නා පිංතූරයක් කිසිදා ගන්නට ලැබෙන්නෙ නැ.. එකිනෙකා මුහුණ බලා සිනා සි එක්ව කතා කරමින් ඉන්නට දවසක් නැවත ලැබෙන්නේ නැ..සෑම තැනකම එක් අයෙක් හො අඩුවන බව ඔබට දැනෙන්නට පටන් ගනී...එය සෑම තැනකම සත්‍යයක් උවත් එය නිතර ඔබේ හදවතට වේදනාවක් වෙන්නට පටන් ගනි..

නිවසක් පිරී ඇති කාලයේ 💜

💜දුරකථන හැකි තරම් ඈත් කර තබාගන්න.. නිවසෙ ආහාර ටික නැතිව,නිවස පිරිසිදු කරගෙන නැතුව, දරැවන් හුදෙකලා වි සිටියදි,සැමියා දෙමව්පියන් ආහාර බෙදා දෙන තුරැ බලා සිටියදි ඔබ දුරකථනයෙන් සමාජ මෙහෙවර කරන්නට ගියොත් නිවසක හොදම කාලය ඔබට මග හැරෙනවා ඇත..

,💜රසවත් කුඩා ආහාරයක් ඔබට සදා දෙන්නට,ආදරය බෙදන්නට, නිවසක් එක තැනකට එකතු කරන්නට ඔබට හැකියාව තිබියදි ,අනුන්ගේ ප්‍රශ්න විසදා තෙහෙට්ටු වි නිවසෙ අයට ලගම කඩයකින් මොනවා හො ගෙනැවිත් දි දවස නිමා කරන්නට සිතුවොත් නිවසක හොදම කාලය ඔබට මගහැරෙනව ඇත..

💜අධික කේන්තිය, නම්‍යශීලී නොවීම,තනිව මුදල් ඉපයීමෙ මාන්නය, සමාජයේ ඉතා ප්‍රසිද්ධ යයි සිතා සිටීම වැඩි තද ගති නිසා ඔබ නිවසෙ තද ගති ඇති චරිතයක් නම් නිවසක හොදම කාලය ඔබට මග හැරෙනවා ඇත.

💜ආදරය,කරැනාව, මගෙ යන හැගීම නොමැති තැන ,ජීවිතය දෙස සමබරව නොපෙනීම තුල සමාව දීම සහ අද දවස තුල සතුටින් ජිවත් නොවීම තුල නිවසක හොදම කාලය අනිවාර්යෙන්ම ඔබට මගහැරි යනවා ඇත...

✍️ජනාලි මදුරසිංහ.

28/10/2023

මට ප්‍රශ්න එනව ඇති හැබැයි මගෙ ජීවිතෙ කවදාවත් මට වරදින්නෙ නැ.

මොකද අදටත් මන් කරපු හැමදේම අවංකව හිතට එකඟව කරපු නිසා.

මේ නිසා කවදාවත් මට ලෝකෙ ගැන කලකිරීමක් පසුතැවීමක් ආවත් මගෙ ගැන මට එහෙම වෙන් නැ.

"ඔයා හරි ලස්සන ආත්මයක් දරුවො" 💙

📌 මන් නිතරම හිතන්නෙ එහෙම

✍️ By Bhagyhani Jayawardhana

28/10/2023

කවුරු හරි මනුස්සයෙක් එක්ක අපි සෑහෙන කම්ෆටබල් විදියට ජීවත් වෙනවා කියන එක හරි සුන්දර අත්දැකීමක්.

එහෙම කම්ෆටබල් මිනිස්සු එක්ක,
අපි කවදාවත්ම, කාටවත්ම කියන්නෙ නෑ කියලා හිතන් ඉඳපු අපේ නරක අත්දැකීම් බෙදාගන්න පටන් ගන්නවා.

අපේ හිත ඇතුළෙ කොච්චර නම් දරුණු කැළැල් තියෙනවද කියලා අපි එයාට පෙන්නන්න පටන් ගන්නවා.

සමහර තුවාල සනීප කරගන්න අපි තනියෙන්ම කොච්චර ෆයිට් කළාද කියන එක අපි එයාට කියන්න පටන් ගන්නවා.

සරලවම කියනව නම්, අපි කොච්චර අසම්පූර්ණ මනුස්සයෙක්ද, කොච්චර බිඳුණු මනුස්සයෙක් ද කියලා අපි එයා එක්ක බෙදාගන්න පටන් ගන්නවා.

මිනිස්සු හැම වෙලාවම තමන්ගෙ ජීවිතේ ඇතුළෙ ඉන්න හැම මනුස්සයටම විවෘත වෙන්නෙ නෑ. විශේෂයෙන්ම අතිශය පෞද්ගලික කාරණා, අතීත නරක මතක සහ අනාගත හීන වගේ දේවල් මනුස්සයෙක් තව කෙනෙක් එක්ක බෙදාගන්න පටන් ගන්නෙම එයා තමන්ට කම්ෆටබල් මනුස්සයෙක් බව දැනෙන්න ගත්තට පස්සෙ.

ඉතිං කවුරුම හරි ඔයා එක්ක එයාගෙ අඳුරු අතීතය බෙදාගන්නවා නම්, ගෙවෙන වර්තමාන දවස් වල විස්තර ඔයා එක්ක බෙදා ගන්නවා නම්, දකින අනාගත හීන ගැන බයක් නැතුව ඔයාට කියනවා නම්, ඒ ඔයා එයාට කම්ෆටබල් මනුස්සයෙක් හින්දා.

ඒ නිසා එයාට ඔයා ඉස්සරහ විවෘත වෙන්න ඉඩ දෙන්න. එයාගෙ දුක, සතුට, කළකිරීම, අනාගත හීන ඔයා එක්ක බෙදා ගන්න ඉඩ දෙන්න. මොන විදියකින්වත් ඒ කෙනාට ඔයා ළඟදි දැනෙන කම්ෆටබල් බව නැති කරන්න එපා.

මොකද,
ජීවත් වෙද්දි අපි හැමෝටම අපේ ජීවිතේ බෙදාගන්න, එකම එක කම්ෆටබල් මනුස්සයෙක් හරි ඉන්න ඕනි හින්දා..! 💜️

Excerpt - Purple Vibes by Mekala - මේකලා දහනායක

26/10/2023

අපි ඉන්න තැනක ලස්සනට පැළවෙමු ❤

25/10/2023

අපිට ජීවිතයේ විවිධාකාර මිනිස්සු මුණ ගැහෙනවා
එයාලගේ හැඟීම් ලග ටිකක් නතර වෙලා බැලුවොත් ඒ හැගීම් විවිධාකාරයි
ඉතිං ඒ විවිධාකාර හැඟීම් සහිත මිනිස්සු එක්ක ගණුදෙනු කරන කොට අපි හුඟාක් පරිස්සම් වෙන්න ඕනි අවස්ථා තියෙනවා.

මොකද ,

මිනිස්සුන්ගේ ඇතුලත තුවාල පිටට අපිට නොපෙනෙන නිසා...
එයාලා එක්ක හිනා වෙද්දි, කතා කරද්දි අපි දෙපාරක්වත් අඩුම තරමේ හිතන්න ඕනි කියලයි මට හිතෙන්නේ.
මොකද අපි දන්නේ නෑ එයා ඒ මොහොතේ මොන Situation එකක ඉන්නවද කියල...
සමහරු අපි එක්ක කතා කරන්න බලන් ඉන්නවා වෙන්න පුළුවන්
තව සමහරුන්ට අපි කතා කරන එකත් වදයයක් විදියට දකින්න පුළුවන් .....

සාපේක්ෂයි ...

මොකද මිනිස්සු හුඟාක් ජීවත් වෙන්නේ අහිමිවීම් ගොඩාක්
පපුව ඇතුලේ හිර කරගෙන....
ඉතිං අවස්ථාවක් ලැබුනොත් ඔයාටත් තව කෙනෙකුව අහගෙන ඉන්න...
දෙපාරක් නොහිතා එයාව අහගෙන ඉන්න...
හරියට දේව කාර්යයක් ඉටුකරනවා වගේ

ඔයාට මුකුත්ම කරන්න බැරිවෙයි..හැබැයි එයාව අහගෙන ඉන්න පුළුවන්
ඒ නිසා හැම මොහොතකම
තවකෙනෙක්ගේ හිතක් නිවන්න උත්සාහ කරන්න..

25/10/2023
25/10/2023

Facebook ජීවිතේ නෙවෙයි කිව්වට
සමහර වෙලාවට ජීවිතේ අපි,
වැඩි කාලයක් ඉන්න තැන
ඉතින් ,,🙂
කිසිම වෙලාවක , කාටවත් ,,
කියන්න ඕන දෙයක් හංගන්න එපා
කියන්න ඕන එක කෙලින්ම කියල දාන්න..🙄

කවුරු උනත්
කොහොම කිව්වත්
වැරදිනම්
පිළිගන්න සමාව ගන්න
දෙපාරක් හිතන්න එපා 😘

Request එකක් ආවම එයා කවුද කියලා බලන්න , නරක අය වගේම ඔයාගෙ ජීවිතේට හොඳම ගැලපෙනම මිනිස්සු
එන්න පුලුවන් ..😘

උත්තර නැති කිසිම කෙනෙකුට
මැසේජ් යවන්න එපා
මකල දාන්න
Unfriend කරත් කමක් නෑ
විශ්වාසයක් නැති මිනිස්සු
එක්ක මොන යාලුකම්ද..🙂

හැබැයි දෙපැත්තක් තියෙනවා ,,
Facebook එකේ යාලුවෝම කියලා මැසේජ් කරන්නම ඕන නෑ..
සමහර විට එයා ඉන්න මානසිකත්වය ,,
අපි දන්නෙ නෑනෙ..😗
පොඩ්ඩක් ඒක ගැනත් හිතන්න..😘
හැබැයි මැසේජ් බලලා සද්ද නැතිව යනවනම්
අතාරින්න ..🙂
ඔයාගෙ ඉන්බොක්ස් ,,
කවුරු ආවත් ඇයි මොකද කියලා බලන්න ..
මොකද දන්නවද ..
හැමෝම ,,
පිළිබඳ හිතක් පහළවෙලා ම එන්නෙ නෑ..🙂
කොහොමහරි ,,
ඇයි කියලා හොයද්දී ඇත්තටම එයා ඔයා අකමැති දේකට එනවනම් , Set නැත්තම් ,,
තියෙනවා Option එකක් Block කියලා ..
ඉතින් කරල දාන්න..😉

ඒ වගේම කාලයක් තිස්සෙ දැනගෙන හිටපු කතාබහ කරපු අය
වෙනස්වෙලා තියෙනවා නේද ,,
නිතරම ඔන්ලයින් පේනකොට
අමාරුයි නේද දරාගන්න .
ඔව්,
අතෑරලා දාන්න කීවට
ඒක හරි අමාරුයි ,,🥲
ඒකට තියෙන එකම විකල්පය
විකල්පයක්ම තමයි
එක්කො වෙන අය එක්ක වැඩිපුර කතාබහ කරල ඉන්න,
නැත්තම් ඔයාට සෙට්වෙන තව යාලුවෝ සෙට් කරගන්න..
සින්දුවක් අහන්න පොතක් කියවන්න.
පුරුදු වෙන්න.

අපි හැමෝම ජීවිතේ යම්කිසි පිරිසකට
ඇබ්බැහි වෙලා ඉන්නෙ.මොකද ලෝකෙ එක්ක ගැටිල ගැටිල මහන්සි අපිට..හිතවත්කම් හරි වටිනව
Relax වෙන්න...ඒක වැඩිපුරම මුහුණුපොතෙන් වෙන්න පුලුවන් ,,
මේ කියන්නෙ ඔයාගෙ ඇබ්බැහි වීමට ඔයාව එපානම් ,,
ඉතින් වෙනත් දේකට යොමුවෙන්න ..😘
කාලයත් එක්ක ඒ වේදනාව නිවිල යයි..
කවදාවත්
කාටවත්
කොතනදිවත්
කොහොමවත්
Second වෙන්න එපා
හැබැයි තමන්ට ඉන්නවා හිතෙන අය ලඟ
ඕන එකක් 🙂
කොහේදිවත්
කවදාකවත්
තමන්ව විශ්වාස කරපු කෙනෙකුට
පසුතැවෙන්න දෙන්න එපා 😗
කොහොමවත්
කාටවත්
කරදරයක් කියලා දැනෙනවනම්
එතන ඉන්න එපා 😘
කවදාකවත්
බැනගෙන රණ්ඩු වෙවී හරි
ලඟින් ඉන්න යාලුවෙක්
අතාරින්න එපා 😘

නරකම මිනිස්සු වගේම හොඳම මිනිස්සු හම්බෙන Facebook එකේ හැමෝම එක මිම්මෙන් මනින්න එපා..🙂
ලැබෙන දැනෙන , එකම එක ඉඟියකින් ,,
එපා තැන්වලින් , නොගැලපෙන තැන්වලින් ඈත් වෙන්න ,,
ජීවිතේ ටික කාලයයි ,,
ආදරණීය වෙන්න..සවන්දෙන්න..අනවශ්‍ය දේවල් අමාරුවෙන් හරි
ජීවිතෙන් ඈත්කරන්න..
එතකොට පහුවෙලා හරි,සැනසීමක් දැනෙයි 😘
ඔයාට ගැලපෙනම ,,
සැනසීමෙන් ඉන්න පුලුවන් තැනක හිනාවෙලා සතුටින් ඉන්න..😘

© Tharanga Wickramasinghe

26/03/2023

🙏🙏🙏

22/10/2022

මනෝචිකිත්සකවේදියෙකු වන Moustafa Kamel විසින් යෝජනා කරන ලද, ඔබට උපකාර විය හැකි සමාජ රීති

1. එක දිගට දෙවරකට වඩා කෙනෙක් අමතන්න එපා. ඔවුන් ඔබේ ඇමතුම ලබා නොගන්නේ නම්, ඔවුන්ට සහභාගී වීමට වැදගත් යමක් ඇතැයි උපකල්පනය කරන්න.

2. ඔබ ණයට ගත් පුද්ගලයා මතක තබා ගැනීමට හෝ ඉල්ලීමට පෙර පවා ඔබ ණයට ගත් මුදල් ආපසු දෙන්න. එය ඔබගේ අඛණ්ඩතාව සහ චරිතය පෙන්නුම් කරයි. කුඩ, පෑන් සහ කෑම පෙට්ටි සම්බන්ධයෙන්ද එය එසේම වේ.

3. යමෙකු ඔබට දිවා ආහාරය/රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දෙන විට කිසිවිටෙක මෙනුවේ ඇති මිල අධික කෑම ඇණවුම් නොකරන්න.

4. අනේ ඉතින් ඔයා තාම බැඳලා නැද්ද?' නැත්නම් 'ඔයාට ළමයි නැද්ද', 'ඇයි ඔයා ගෙයක් ගත්තේ නැත්තේ?' එහෙමත් නැත්නම් ඇයි කාර් එකක් ගන්නේ නැත්තේ වගේ අමුතු ප්‍රශ්න අහන්න එපා. ? එය ඔබගේ ගැටලුවක් නොවේ;

5. ඔබ පිටුපසින් එන පුද්ගලයාට නිතරම දොර අරින්න. එය පිරිමි ළමයෙකු හෝ ගැහැණු ළමයෙකුද, ජ්‍යෙෂ්ඨ හෝ කනිෂ්ඨ ද යන්න ප්‍රශ්නයක් නොවේ. ප්‍රසිද්ධියේ යමෙකුට හොඳින් සැලකීමෙන් ඔබ කුඩා වන්නේ නැත;

6. ඔබ මිතුරෙකු සමඟ කුලී රථයක් ගෙන ඔහු/ඇය පලමු අවස්ථාවේ ගෙවන්නේ නම්, ඔබ ඊළඟ වතාවේ ගෙවීමට උත්සාහ කරන්න.

7. විවිධ අදහස්වලට ගරු කරන්න. ඔබට 6 ලෙස පෙනෙන දේ ඔබට ඉදිරියෙන් සිටින කෙනෙකුට 9 ලෙස පෙනෙන බව මතක තබා ගන්න. ඊට අමතරව, විකල්පයක් සඳහා දෙවන මතයකුත් තිබීම හොඳයි.

8. මිනිසුන් කතා කරන විට කිසිවිටෙක බාධා නොකරන්න. එය දිගටම කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න. ඔවුන් පවසන පරිදි, ඒවා සියල්ලම අසා ඒවා සියල්ල පෙරහන් කරන්න.

9. ඔබ යමෙකුට උසුළු විසුළු කරන්නේ නම්, ඔවුන් එය භුක්ති විඳින බවක් නොපෙනේ නම්, එය නවත්වන්න, නැවත කිසි දිනෙක එය නොකරන්න. එය තවත් දෙයක් කිරීමට කෙනෙකු දිරිමත් කරන අතර එය ඔබ කොතරම් අගය කරනවාද යන්න පෙන්වයි.

10. යමෙකු ඔබට උදව් කරන විට "ස්තූතියි" කියන්න.

11. ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්න. පුද්ගලිකව විවේචනය කරන්න.

12. කෙනෙකුගේ ශරීර බර ගැන අදහස් දැක්වීමට කිසිදා ඔබට හේතුවක් නැත. නිකමට කියන්න, "ඔබ අපූරුයි." කියා. ඔවුන් බර අඩු කර ගැනීම ගැන කතා කිරීමට අවශ්ය නම්, ඔවුන් එසේ කරනු ඇත;

13. යමෙකු ඔබට ඔවුන්ගේ දුරකථනයේ ඡායාරූපයක් පෙන්වන විට, වමට හෝ දකුණට ස්වයිප් නොකරන්න. ඊළඟට කුමක් දැයි ඔබ කිසිදා නොදනී.

14. සගයෙකු ඔබට වෛද්‍යවරුන් හමුවීමක් ඇති බව ඔබට පැවසුවහොත්, එය කුමක් සඳහා දැයි විමසන්න එපා, "ඔබ හොඳින් ඇතැයි මම බලාපොරොත්තු වෙමි" යැයි පවසන්න. ඔවුන්ගේ පෞද්ගලික අසනීප ගැන ඔබට පැවසීමට අපහසු තත්ත්වයකට ඔවුන් පත් නොකරන්න. ඔවුන්ට ඔබ දැන ගැනීමට අවශ්‍ය නම්, ඔවුන් ඔබේ විමසිලිමත් බවකින් තොරව එසේ කරනු ඇත.

15. ප්‍රධාන විධායක නිලධාරියාට සමාන ගෞරවයෙන් පිරිසිදු කරන්නාට ද සලකන්න. ඔබට පහළින් සිටින කෙනෙකුට ඔබ කෙතරම් අකාරුණික ලෙස සලකන්නේදැයි කිසිවෙකු පැහැදෙන්නේ නැත, නමුත් ඔබ ඔවුන්ට ගෞරවයෙන් සලකන්නේ නම් මිනිසුන් එය දකිනු ඇත.

16. පුද්ගලයෙකු ඔබට කෙලින්ම කතා කරන්නේ නම්, ඔබගේ දුරකථනය දෙස බලා සිටීම ඔහු සමග කතා කිරීම ඉතා රළු ය;

17. ඔබෙන් අසන තුරු කිසි විටෙක උපදෙස් දෙන්න එපා.

18. දිගු කලකට පසු යමෙකු මුණගැසෙන විට, ඔවුන්ට ඒ ගැන කතා කිරීමට අවශ්‍ය නම් මිස, ඔවුන්ගේ වයස සහ වැටුප ඔවුන්ගෙන් විමසන්න එපා.

19. ඕනෑම දෙයක් ඔබව සෘජුව සම්බන්ධ කර ගන්නේ නම් මිස ඔබේ ව්‍යාපාරය ගැන පමණක්ම සැලකිලිමත් වන්න.අනිත් අයගේ දේ විවේචනය කිරීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැත.එයින් ඉවත් වන්න.

20. ඔබ පාරේ සිටින කිසිවකු සමඟ කතා කරන්නේ නම් ඔබේ අව්කණ්ණාඩි ඉවත් කරන්න. එය ගෞරවයේ සලකුණකි. ඇස් ස්පර්ශය ඔබේ කථාව තරම්ම වැදගත් ය.

21. දුප්පතුන් මැද ඔබේ ධනය ගැන කිසි විටෙකත් කතා නොකරන්න. ඒ හා සමානව, අකීකරු හෝ හොදින් ඉගෙන නොගන්නා ඔබේ දරුවන් ගැන කතා නොකරන්න.

22. හොඳ පණිවිඩයක් කියවීමෙන් පසු "පණිවිඩයට ස්තූතියි" යැයි පැවසීමට උත්සාහ කරන්න.

අගය කිරීම ඔබ සතුව නැති දේ ලබා ගැනීමේ පහසුම ක්‍රමයයි.... ❤❤

උපුටා ගැනීම

තාරු පරණවිතාන

17/10/2022

කියවන්න -------------------------- 💙🥀💭

(1) කෙනෙක් ගැන ආදරයක් දැනුනම.
(2) අන්තිම විභාගය ඉවර උනාම.
(3) පාන්දර නැගිටලා බලනකොට තව විනාඩි කිහිපයක් නිදා ගන්න පුළුවන් උනාම.
(4) පන්තියක් / මොකක් හරි වැඩක් කැන්සල් කලා කියලා ඇමතුමක් ,මැසේජ් එකක් එනකොට.
(5) ඔයා කැමතිම පුද්ගලයාව දැක්කම , බඩ ඇතුලෙන් සමනලයෝ පියාඹනවා වගේ දැනෙන හැඟීම.
(6) පරණ හොඳම යාළුවෙක් හම්බ වෙලා, කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ වගේ හැඟීම.
(7) අලුතෙන් ඉපදුන බබාලගෙ පුංචි ඇඟිලි අල්ලනකොට.
(8) ඔයා ආදරේ කරන කෙනාගෙන් තනියම ඉන්නකොට කෝල් එකක් ,මැසේජ් එකක් එනකොට.
(9) කැමතිම සිංදුවක් අහගෙන රෑ වෙලා කොහේ හරි යනකොට.
(10) කණ්නාඩියක් ළඟට ගිහින් ඔයාට විශේෂ කෙනෙක් එක්ක කතා කරනකොට.
(11) කවුරු හරි කෙනෙක් ඔයාව අගය කරන කොට.
(12) වැස්සෙ තෙමීගෙන බයික් එකක යනකොට.
(13) ඔයා මේක කියවන කොට.සතුට තියෙන්නේ 'මේ මොහොතේ'. ඒ වගේම තමයි සතුට තීරණේ වෙන්නේ අපි තෝරා ගන්නා දේවල් මත.සෑම විටකම සිනහවෙන් කල් ගත කරන්න.

(නම සදහන් වී නොතිබුණි .) Copied

08/10/2022

මිනිසුන්ව අතහැරීම... 💔

මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම skill එක. ඒ වගේම මානසික නිදහස පවත්වාගන්න කෙනෙක් ගාව තිබිය යුතු බලසම්පන්නම අවිය. ආවට ගියාට මිනිසුන්ව අතහැරලා දාලා අතරමං කරන්න නෙමෙයි! ඔයාට ගරුත්වයක් ලබා නොදෙන, ඔයාව අවිශ්වාස කරන, සහ වැඩියෙන්ම බොරු ආදරයන් මවා පෙන්වන මිනිසුන්ව අතහැර දැමීම..

අද දවස මට විශේෂයි! ජීවිත කාලය පුරාවටම පක්ෂපාතිව සිටීවි කියලා හිතුන, පුදුමාකාර සමීපභාවයකින් සිටිය කෙනෙක්ව සදහටම හිතින් අතහැරලා දාපු දවසක්!

ඉතින් ඔයාට දුක නැද්ද හසින්ත?

ගොඩක් දුකයි! නමුත් මං විශ්වාස කරන විදිහට සෑම අහිමිවීමක් සමගම අලුත් ආරම්භයක් පටන් ගන්නවා! අහිමි වීමක් සිද්ධ වෙන්නෙම අලුත් ආරම්භයක් උදෙසාම පමණයි.. ❤️
ඒ වගේම මම ස්වාභාව දහම විස්වාස කරනවා. අපිට නොඇසෙන කතා එයාට ඇහෙනවා.
අපිට නොපෙනෙන දේවල් එයාට පෙනෙනවා! අපි හොඳ විදිහට, හෘද සාක්ෂියට අනුව ඉන්නවනම් නියමිත කාලයේදී අපි නොදැකපු, නොඇසුණු පැතිකඩ ස්වභාවදහම අපිට පෙන්නනවා.
එයා අපිට අනතුරුව අගවනවා!

ඒ අනතුරු ඇඟවීමට පස්සේ තවදුරටත් එතනම එල්ලිලා ඉන්නවාද, වෙනස් වෙනවද කියන කාරණාව ඔයාට බාරයි! ගහ මරා ගන්න උවමනා නැහැ..
පණිවිඩය තේරුම් අරගෙන පැත්තකට වෙන්න! ඒ වගේම පෙර තිබුණු ගෞරවය තවදුරටත් ඔවුන්ට නොලැබෙන බව පමණක් දැනෙන්නට හරින්න! නිදහසේ ගමන යන්න...

සමහරවිට අනාගතයේදී ඔවුන් කියාවි ඔබ වෙනස් වෙලා කියලා. ඒවට උත්තර දීමට යා යුතු නැත. කිමදයත් ඔබේ එම වෙනස යනු ඔවුන්ගේ වෙනසට ඔබෙන් ලැබුණු හුදෙක් එක් ප්‍රතිචාරයක් පමණක් බව ඔවුන්ගේ හෘද සාක්ෂිය ඒ වන විටත් දන්නා නිසාවෙනි....

Hasintha Hewawasam

උපුටා ගැනීමකි.
අයිතිය කතෘ සතුය.

( දැන් මේක කියවලා මම හොඳින්ද කියලා අහල මැසේජ් එවන්න එපා. මම ගොඩාක් හොඳින් ඉන්නවා. මමත් හැමතිස්සෙම කියන දෙයක් නිසා share කලේ 😀)
Anuj Pujitha පිටුවෙනි

07/10/2022

OCD - Obsessive-Compulsive Disorder
(😑 Google translation: උමතු-සම්පීඩන ආබාධය)

OCD කියන්නෙ මොකද්ද?

OCD කියන්නෙ පුද්ගලයෙකුට පාලනය කල නොහැකි සිතුවිලි, නැවත නැවත ඇතිවන සිතුවිලි සහ නැවත නැවත කිරිමට අවශ්‍ය යම් හැසිරීම් ඇතිවීම.මේක දිගු කාලීන සහ නිදන්ගත අබාධයක්. OCD එදිනෙදා ජීවිතේ ගත කටයුතු අතපසු වීම හෝ නිවැරදිව කිරීමට නොහැකි වීමට හේතු වෙන්න පුළුවන්.
මේකෙ obsessions සහ compulsions කියලා කොටස් 2ක් තියෙනවා. Obsessions කියන්නෙ කනස්සල්ලට (anxiety) හේතු වෙන උමතු, අනවශ්‍යය සහ එක දිගට repeat වෙන සිතුවිලි. Compulsions කියන්නෙ obsessions වලට ප්‍රතිචාර විදිහට දක්වන එක දිගට repeat වෙන හැසිරීම් වලට. බොහෝ විට ප්‍රතිචාර විදිහට අදාල හැසීරීම දැක්වුවේ නැත්නම් තමන්ට කරදරයක් වෙයි කියලා OCD තියෙන අය බය වෙනවා.
ප්‍රධාන OCD වර්ග 4ක් තියෙනවා.

1.Contamination and washing

මේ type එක තියෙන පුද්ගලයන්ට තියෙන්නෙ විශබීජ (germs) නිසා අසනීප වෙයි කියලා එන සිතුවිලි (obsessive thoughts) මේ නිසා මෙයාලා හැම වෙලේම දේවල් ගොඩක් පිරිසුදුව තියාගන්න උත්සහ කරනවා. මේක සාමාන්‍යයෙන් පිරිසිදු කම සහ සනීපාරක්ෂාව ගැන කරන දේවල් ඉක්මවලා කරන තත්ත්වයක්. මෙයාලා germs වලට අමතරව රුධිරය, බිම හෝ මේස මත ඉහිරුණු කෑම, බිඳුණු වීදුරු, ශරීර තරල (body fluids) වලට බයක් දක්වනවා. මෙයාලා නිතරම අත් සෝදනවා, අවශ්‍ය ප්‍රමාණයට වඩා සේදුම් කාරක පාවිච්චි කරනවා, සාමාන්‍යයෙන් පොදු වැසිකිලි සහ පොදුවේ භාවිතා කරන දේවල් ඇල්ලීම පවා මග හරිනවා.
2.Doubt and double-checking
මේක තියෙන අයට තමන්ගේ මතකය හරිද වැරදිද කියලා සැකයක් තියෙනවා. ඒ නිසා පොඩි වෙලාවකට කලින් කරපු දේවල් පවා නැවත නැවත පරික්ෂා කරලා බලනවා. දොර වැහුවද, අයන් එක off කලාද කියලා මෙයාලා නැවත නැවත check කරලා බලනවා. මේක හැමෝම කරන දෙයක් උනත් මෙයාලා සාමාන්‍යය වාර ගනන ඉක්මවලා මේ වැඩේ කරනවා. සමහර වෙලාවට මෙයාලට සැක කරනවා කරපු වැඩක් හරියටම කලේ නෑ කියලා. ඒ නිසා දොරවල් වහපු පළවෙනි පාරම හරියට ලොක් උනත් නිතර ඇරලා නැවත වහලා බලනවා වගේ දේවල් කරනවා.

3.Ordering and arranging

මෙයාලා ඉන්න පරිසරයේ තියෙන දේවල් තියෙන විදිහ ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම තමන්ගෙ කාලයෙන් පැය ගනන් නාස්ති කරගෙන, තමන්ම හදාගත්ත ප්‍රමිතියකට (standard) එකකට දේවල් සමමිතිකව තැබීම, රටාවකට තැබීම වගේ හැසීරීම් දක්වනවා. ගෙදර තියෙන දේවල් නැවත නැවත පිළිවෙලට තැබීම, එකම දේ රාක්කයක කිහිප වතාවක් නිශ්චිත වාර ගනනක් සම්පුර්ණ වන තුරු තැබීම, දේවල් නැවත නැවත ගනන් කිරීම වගේ දේවල් කරනවා.

4.Unacceptable or taboo thoughts

මේක යටතේ වර්ග කීපයක්ම තියෙනවා. මේ වර්ගයේ OCD තියෙන අයට තමන්වම පිලිගන්න බැරි විදිහේ සිතුවිලි ඇතිවෙනවා. මේ අය මේ සිතුවිලි යටපත් කරන්න ලොකු මහන්සියක් වෙනවා, අනිත් අයගෙන් සහතික කිරීමක් බලාපොරොත්තු වෙනවා, මේ සිතුවිලි නැති කරන්න කියලා නිතරම යාඥා කරනවා හෝ දෙවියන්ගෙන් ඉල්ලන්නවා.

Sexual orientation OCD - මෙයාලා තමංගෙ sexual orientation (lesbian,gay,bisexual,trans) එක මොකද්ද කියලා තමන්ගෙන්ම නිතර ප්‍රශ්න කරනවා. අනිත් අයගෙන් පවා තමන්ගෙ sexual orientation එක මොනවගේද කියලා නිතරම ප්‍රශ්න කරනවා.

Relationship OCD - මෙයාලා නිතරම තමන් relationship එක පවත්වගෙන යන්නෙ හරිම පුද්ගලයා එක්කද කියලා නිතරම ප්‍රශ්න කරනවා.

Harm OCD - මෙයාලා තමන්ගෙන් අනිත් අයට කරදරයක් වෙයිද කියලා නිතරම හිතනවා. මෙයාලගේ බය නිසා මෙයාලා තමන්ටම හානි සිදුකරගන්න හෝ තමන් ආදරය කරන අයට හෝ බාහිර වෙනත් පුද්ගලයන්ට හානි කරන්න පෙළඹෙනවා.

Pe******ia OCD - මෙයාලා බයෙන් ඉන්නෙ මෙයාලා අතින් ළමයින්ට sexually හානියක් වෙයි කියලා. එහෙම වෙන්න කිසිම හේතුවක් නැති උනත් තමන්වම සැක කරනවා.

Scrupulosity OCD - මෙයාලා ගොඩක් වෙලාවට ආගම හෝ සදාචාරය ගැන අනවශ්‍ය විදිහට හිතනවා. ඒ නිසා තමන් කරන වැඩ ගැන ලොකු බයකින් ඉන්නවා පව් සිද්ධවෙයි හෝ සදාචාර විරෝධී වෙයි කියලා.

ඔයාටත් OCD කියලා හිතුනොත් treatment වලට යොමු වෙන්න.

උපුටා ගැනීම : Hiran Kanishka
🦇

05/10/2022

බබා හොඳට කාලා මහතට හිටියොත් ⬇️ඇයි අනේ බබාට සෙම ද? බඩේ වාත පිරිලා ද? බඩ ඉදිමිලා වගේනේ....

කන්න බැරුව ටිකක් කෙට්ටු වුනාම⬇️
අනේ බබා ඇදිලා ගිහින්,කිරි නැද්ද,මේ වයසේ වෙන බබාලා බෝල ගෙඩි වගේ.අම්මා කන්න දෙන්නේ නැද්ද පුතාට....

කොණ්ඩේ කොටට කපලා තියෙනකොට⬇️
ඇයි අනේ මේ තට්ටේ, බබාගේ කොණ්ඩේ වැවෙනවා හොරයි නේද, දැන් ගොඩක් කල් නේද තට්ටේ ගාලා, මොනවාහරි තෙල් ටිකක්වත් ගාන්න වෙයි.....

කොණ්ඩේ හොඳට වවලා තියෙද්දී⬇️
මොකද මේ කොණ්ඩේ, කපලා දාන්න අනේ බබාට අමාරුයිනේ ඔහොම ඉන්නකොට,දාඩිය ඇති,මූණත් එක්කම වැහිලා....

බබා පෙරලෙන්න බඩ ගාන්න පරක්කු වුණාම⬇️
දැන් පෙරලෙන වයස නේද, කෝ මොකද මෙයා පෙරලෙන්න පරක්කු මෙච්චර, මේ කාලේ බඩ ගාගෙන යන්නෙපැයි ගෙදර එහා කොනටම.....

බබා පෙරලිලා බඩ ගාලා සෙල්ලම් කරාම⬇️
දැන් බබා ඔහොම ඉදලා බෑ,නැගිටින්න ඇවිදින්න ඕන කාලේ මේ, මෙයා හරි පරක්කුයි නේද,මොකද දන්නේ නෑ, අපේ ලමයි නම් ඒ කාලේ ඇවිදලත් ගියා.....

දත් නැති කාලේ ⬇️
තාම දතක්වත් පේන්න නැද්ද අනේ, දැන් දත් මෝදු වෙන්නෙපැයි,විටමින් මදි ඇති,කිරිත් නෑනේ හරියට,ඒකයි ඔය.....

දත් ආවම⬇️
දත් කහ වෙලා වගේනේ,දැන් දත් පහක් හයක් තියෙන්න ඕන වයස,පරක්කුයි ඉතින් දැන් නම්,සමහර ලමයින්ට ඔහොම වෙනවා....

🤪ඔහොම....ඔහොම....රස කතා ගොඩයි. අම්මා කෙනෙක්ගේ ඉවසීම හොඳ නිසා ගොඩක් අම්මණ්ඩිලාගේ දත් ටික පරිස්සම්😁😌

👸🖋නිලූපා වික්‍රමනායක

25/09/2022

අක්මාවේ තෙල් තැම්පත්වීම හෙවත් Fatty Liver සුව කර ගන්නා අයුරු.

1.දිනකට අවම ලෙස මිනිත්තු 40 ක් හොදින් ඇවිදින්න නැතිනම් පිහිනීම ද ඉතා සුදුසු ව්‍යායාමයකි.

2.ගැඹුරු තෙලේ බදින ලද shorteats වර්ග,තෙල් සහිත ආහාර ,පාන් පිටි අහාර වර්ග , ක්ශනික අහාර හැකි තරම් අවම කරන්න.

3.හරක් මස්, ඌරු මස් ,ඉස්සන්,දැල්ලන්,කකුලුවන්,පොකිරිස්සන්,
වැනි ආහාර හැකි තරම් අවම කරන්න.

4.fried rice,කොත්තු,පරාට ,පාන්,ඉදි ආප්ප,වැනි පිටි සහිත ආහාර නිතර ගැනීමෙන් වලකින්න.

5.කිරි පිටි,මුදවපු කිරි,බටර්,මාගරින්,චීස් වැනි ආහාර හැකි තරම් අවම කරන්න.

6.හීං බෝවිටිය කොල බෙහෙත් හීනැටි සහල් සමග කොල කැද,මොනර කුඩුම්බිය කොල කැද,යකිනාරන් කොල කැද අක්මාවේ තෙල් තැන් පත් වීම අඩු කිරීමට ඉතා වෙසෙසින් ගුණ දායකය.

7.අමතරව ගොටුකොල, කරපිංච කොල කැද පානය කිරීමද ඉතා ප්‍රයෝජනවත්‍ ය.

8.ශාක තෙල් හො සත්ව තෙල් ආහාර පිසීම සදහා භාවිතය අවම කරන්න.

9.වෛද්‍ය උපදෙස් සහිතව සුදුසු මාත්‍රාව කින් ත්‍රිපලා පව්ඩර් හෝ ටැබ්ලට් පානය කරන්න.

10.රුධිර ගත කොලෙස්ටෙරෝල් මට්ටම පරීක්ශා කර එහි වැඩිවීමක් ඇතිනම් සුදුසු ආහාර පාලනයක් සහිතව දේශීය ඖෂධ භාවිත කරන්න.

11.වෛද්‍ය උපදෙස් මත ultrasound scan report, liver profile පරීක්ශා කර අක්මාවේ ස්වභාවය සහ ක්‍රියාකාරිත්වය පිලිබදව දැන ගන්න.

12.fatty liver අවස්තාවේ අවසාන ප්‍රතිපලය cirrhosis බැවින් fatty Liver ඇති grade එක scan එකකින් සහ අක්මාවට හානී සිදු වී ඇතිද යන්න liver profile එකකින් දැන ගැනීම ඉතාම වැද ගත්ය.

13.ඇල්කොහොල් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නතර කර දමන්න.ඇල්කොහොල් අඩංගු බීම වර්ග භාවිතය අඩු කරන්න.

14.රුධිරයෙ කොලෙස්ටෙරෝල් මට්ටම වැඩි වී ඇති විට, විශේශ හේතුවක් නොමැතිව උදය අවදි වන විට ඔබගේ පාදයේ වළලු කර ප්‍රදේශ ඉදිමී ඇති නම්, ඔබගේ මූත්‍ර වල වර්නය අදුරු පැහැයට හුරු නම් ,ඔබට වෙනදාට වඩා වෙහෙස කාරි නම්, ඔබගේ අක්මාවා පරීක්ශා කර ගැනීම වටනේය.

15.ඔබ දිර්ග කාලීනව මත් පැන් භාවිත කරයි නම්,දුම් වැටි භාවිත කරයි නම් ඔබ අක්මාව පරීක්ශා කර ගත යුතුය.

16.ඔබ දීර්ග කාලිනව කිසියම් අසනීපයක් සදහා (විශේශයෙන් දියවැඩියාව කොලෙස්ටෙරෝල් ) බටහිර ඖෂධ භාවිත කරයි නම් ඔබ අනිවාර්යයෙන් අක්මාව පරීක්ශා කිරීම වටනේය.

17.ඔබ අතිස්ථූලතාවෙන් පෙලෙයි නම්, දියවැඩියාව, කොලෙස්ටෙරෝල් සහිත නම් අනිවාර්යයෙන් අක්මාව පරීක්ශා කර ගත යුතුය.

18.ඔබට cirrhosis වැනි රෝගී තත්වයක් හො fatty liver grade 2,3 මට්ටමේ ඇතිනම් ඇල්කොහොල් භාවිතය සම්පූර්ණයෙන් නතර කල යුතුමය.

අක්මාව යනු ඔබේ ශරීරයේ කාර්‍යන් 500 කට වඩා සිදු කරන ඉතාම වැදගත් ඉන්ද්‍රිය කි.
ඔබගේ වැරදි අහාර පුරුදු, නිද්‍රශීලී ජීවන රටාව,දීර්ග කාලීන බටහිර ඖශධ ,දිය වැඩියාව ,කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්ව නිසා එය රෝගී විය හැකිය.

ජීවිතය

24/09/2022

මෙය" එකම "
ඡායාරූපයක්
බව ඔබ විශ්වාස කරනවාද?

එකම ඡායාරූපයක වුවත්
පාට හතරක් ඇත්නම්...
එකම මිනිසෙකුගේ,
විවිධාකාර වෙනස්වීම් පිළිබඳ..
අප තැවෙන්නේ ඇයි?

හේතු ව ,
මිනිහෙක් හෝ ගැහැනියක්
ඔවුන් ලෙස ම පිළි නොගැනීමයි!

යමෙක් ජීවිතයට
පිළිගන්නා විට,
මේ ඡායාරූපය මතක තබා ගන්න!

මිනිසෙකුට,

ජීවිතයේ විවිධ පාට තිබිය හැකිය!

Copied

10/09/2022

ජීවිතේ ඔබ රැවටිලා ඇති... ඒ වගේම නොකල දේවල් වෙනුවෙන් චෝදනා ලබලා ඇති, එහෙම වෙලාවට ඔබට මොනවද දැනිලා තියෙන්නෙ...

එහෙම වෙලාවට මෙහෙම හිතන්න 🙏🙏🙏

🌻යමෙක් ඔබට චෝදනා කරන්නේනම් බොහෝ විට ඔවුන් අසාර්ථක පුද්ගලයන්ය... නිතරම ඔවුන් තමන්ගේ අසාර්ථකවත්ය සගවා ගන්නේ අනෙකාට චෝදනා කිරිමෙනී...

🌻යමෙකු ඔබට චෝදනා කරන්නේ නම්...අපහාස කරන්නේනම් සතුටු වන්න...ඔබ ඔවුන්ට වඩා බොහෝ ඉදිරියෙනි...ඔවුන්ට අවශ්‍ය ඔබව නැවතත් පසුපසට ඇද දැමීමට පමණී... ඉතින් කිසිවිටෙකත් චෝදනා අපහාස ගැන හැරී නොබලන්න...සිනහවකින් ප්‍රතිචාර දක්වන්න...නිහඩව ඉදිරිය බලන්න ...

🌻ඔබ දන්නවාද ...ඔවුන්ට ඔබ වෙනුවෙන් බොහෝ කාලය වැය කිරීමට සිදු වනු ඇත... මන්ද නිතරම ඔවුන් ඔබ ගැන සෙවීමට මහන්සි ගන්නවා ඇත...විශෙෂයෙන් ඔබේ මුහුණු පොත...වැනි Social Media පිටු හරහා...ඉතින් සතුටු වන්න...එවැනි folllowers ලා රැසක් හිදීම ගැන...

🌻ඔබව රවටා ඔබට චෝදනා කරන මිනිසුන් වෙනුවෙන් ඔබේ වචන වත් නාස්ති කර නොගන්න ... මන්ද ස්වභාව ධර්මය විසින්ම ඔවුන්ට දඬුවම් ලබා දී අවසානය...
මන්ද ඔවුන් ඔබට චෝදනා කරනු ලබන්නෙ තවත් කවුරුන් හෝ වෙතින් ඔවුන් රැවටෙමින් සිටින නිසාය... 🌻

🌻ස්වභාව දහමට වඩා යහපත්, සාධාරණ විනිශ්චයකරුවෙක් ⁣ඔබට මුණ නොගැසෙනු ඇත... ඒ විශ්වාසය මත අශිෂ්ට ප්‍රහාරයන් ළග ශිෂ්ට සම්පන්නව ජීවත් වන්න...ජය සතුට සැනසීම ඔබ හා අත්වැල් බැඳ ගනු ඇත...🌻

උපුටා ගැනීම

______________________________________සූ🌻

10/09/2022

සෑම ගැහැනියක්ම අති දක්ෂ මනෝවෛද්‍යවරියක්....ඇයට ඇති ගැටලුව ඇය දනි...ගැටලුව මතු වු තැන ඇය ඉතා හොදින් දනි..ගැටලුව විසදිය යුතු අයුරැත් ඇය දනි..

එහෙත් ඇය ගැටලුවක් පැන නැගුන තැන සිටම කාගේ හො පිහිටක් සොයයි...සියල්ල හොදින්ම දන්නා ඇය දුකට පිහිට බාහිරින් සොයන්නෙ ඇයි???ගෑනු එහෙමයි...ගෑනුන්ට ඕනෙ ප්‍රශ්නය කුමක් උනත් උත්තරය අත ළඟ තිබුනත් ඒක කා එක්කම හරි කතා කරන්න...කාගෙ ළඟ හරි අඬන්න..ඒ ප්‍රශ්න ඒ අතට මේ අතට දමමින් කාගෙ හෝ අවධානයට ලක් වෙන්න...ටිකක් නැලවෙන්න..හුරතල් වෙන්න....ඊට පස්සේ ඒ ප්‍රශ්නය හරි යනවා.ගෑනු ප්‍රශ්න වලට කැමතියි..සතුටට වඩා දුක හදා ගන්න ගෑනුන්ට ලේසියි...

ඒත් ඔයා එහෙම ගෑනියෙක් වෙන්න එපා..💜️

ප්‍රශ්නයක් ආවාම ටිකක් හුදෙකලා වෙන්න...සුදු කොලයක් අරං ප්‍රශ්නය ලියන්න.💜️ඊටත් උඩින් ඔබ මවක් නම් මම නැති නම් මගෙ දරැවන්ට කවුරැත්ම නැ කියලා ලියන්න.💜️ඔබ තනිකඩ නම් යුවතියක් නම් මගෙ අම්මා පව් කියලා ලියන්න.💜️.දැං .පුලුවන් තරම් ප්‍රශ්නයට උත්තර ලියන්න...එහෙම උනොත් මෙහෙම වෙයි..මෙහෙම උනොත් එහෙම වෙයි මේ සේරම හිතට එන භාෂාවකිං ලියන්න...දැං එකින් එක ඔබට කල නොහැකි දැ කපා හරින්න...කල හැකි දැ අතරින් හොඳම පිලිතුර ක්‍රියාත්මක කරන්න..

ඕනෑම ගැටලුවකට පිලිතුරැ තියෙනවා..පිලිතුරැ නැති ප්‍රශ්න කාලයට බාර දෙන්න..ප්‍රශ්නයේ ආරම්භය මැද අග හොඳින් අධ්‍යනය කරන්න..නම්‍යශීලි විය යුතු තැන එය නොපමාව කරන්න..සමාව ගත යුතු සමාව දිය යුතු තැන එය වහාම කරන්න..හඬා දියකර හැරිය යුතු තැන එය එසේ කරන්න..ඔබේ ප්‍රශ්න සමාජ ගත කර නොගැනීමට නිරතුරැවම වග බලා ගන්න....ඔබේ කඩා වැටීම් ,ඔබේ හඬා වැටීම් ඔබ තුලම තබා ගන්න..සියලු ජයග්‍රහණයන් මෙන්ම පරාජයන්ද අයිති ඔබටමයි...දුක මෙන්ම සතුටද සතුට මෙන්ම දුකද කාලයෙන් කාලයට අපේ ජිවිත වලට එන අමුත්තන් බව මතක තබා ගන්න...අමුත්තන් කියන්නෙ යන එන අයට...දෙදෙනාටම සිිනා මුසු මුහුනින් සලකන්න...ඔවුන් පිටව ගිය පසු ඒ සතුට අයිති ඔබටයි...

✍️ජනාලි මධුරසිංහ.

Photos from U-Turn's post 08/09/2022

උඩරට මුල් ඇඳුම....
===============

උඩරට මුල් ඇඳුම පළඳින්නට උරුම කරුවන් විදියට 1.රදලවරුන් 2. නිලමේවරුන් .3.බණ්ඩාරවරුන් . හැඳින්වේ . මෙම ප්‍රමුඛ පිරිස් රාජකාරි කටයුතු වල නිරතව සිටි නිසාවේනි. රාජාණ්ඩු වලට අයත් රාජකාරි කටයුතු වලට මෙම මුල් ඇඳුම ඔහුන්ට පමනක් පළඳින්නට උරුමකරුවන් විය .

උඩරට මුල් ඇඳුම නිර්මාණය කර ඇති ආකාරය ගත්කළ . මෙය අලුත් නුවර දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර දෙවියන්ගේ වස්ත්‍රාභරණ වන අතර. දෙවියන්ගේ වරම් රැගෙනයි නිර්මාණය කර ඇත්තේය. එම නිසා මෙම මුල් ඇඳුම පන්සිල් වලට දේව සංකල්පය වලට අනුව. පුදපූජා, සිරිත් විරිත්, වලට මුල්තැනක් දීම සිදුවන අතර සියලු සත්වයන් හට ගරු සරු, උදව් උපකාර, . කරුණා. මුදිතා. උපේක්ෂා වලින් පොහොසත් සුගතිගමි පිළිවේත් අනුගමනය කිරි සිදුකළ යුතුයි . මෙම මුල් ඇඳුම් දරාගත කෙනෙකු නිර්මාන්ශ වන අතර අකුසල් කර්ම වලින් වැළකීය යුතුයි .

උඩරට පරම්පරාවට අයත් මුල් ඇඳුම් දරාගත ප්‍රබුද්ධත්වයට පත් පිරිස් මෙම ක්‍රියාවලිය අනුගතව රාජකාරි කටයුතු වල නිරතව සිටිහ . තිරිසන්,පෙරේත,අසුර,නිරය, යන සතර අපයට නොවටි රජු විසින් පවරාදෙන රාජකාරි කටයුතු වලට සාර්ථකව නිම කිරීමෙන් පසු ,ගරු සරු, නම්බු නම, සහිත ඉඩකඩම් දේපොළ පිරිනමන ලදී .
පසුව සාමාන්‍ය ජනතාව උදෙසා වෙහෙර විහාරය දේවාල ඉදිකර සඟසතුව ඉඩකඩම් දේපොළ පූජා කරන ලදි. මෙම ප්‍රබුද්ධත්වයට පිරිස් සාමාන්‍ය ජනතාව උදෙසා ඉඩකඩම් නිවාස ගොවිතැන කිරීමට ඉඩකඩම් ආම්පන්න දන්දීමේන් . රට. ජතියට සමාජ තලවල "වලව්වේ හාමුදුරුවෝ"ගරු සරු නම්බු නම වලින් පිදුම් ලැබූහ .එමනිසා මෙම පිරිස් දේවත්වයට පත්වන අවස්ථා ද තිබේ ..

උඩරට පරම්පරාවට අයත් මුල් ඇඳුම නිර්මාණය කර ඇත්තේ .ඉහත සඳහන් කරපු දැඩිමුණ්ඩ දේවතාබණ්ඩාර දෙවියන්ගේ වස්ත්‍රාභරණයෙන් වන නිසා . මෙම පරිහරණය කළයුතු වන්නේ නිසි ක්‍රමවේදයක් ඔස්සේ අති පිරිසිදුවනි .එසේ නොමැති නම් වස් දෝෂ ඉක්මනින් පැමිණෙන නිසා පිරිත් දෙශනා කොට නිසි වේලාවට පළඳිය යුතුයි .

ගිහිගේය අතහැර පැවිදි දිවිය වැළඳගත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම. අවසන් වරට මුල් ඇඳුම පැළඳ සිරිත් විරිත් වලට අනුව සසර අවසන් කිරීමෙ මඟට පියමං කරයි.

1.මුළු හතරේ තොප්පියක්
2.තොප්පියේ මල් ගස්
3.ශරිරයේ උඩු කොටස හැට්ටය
4. බද පටිය
5.පපු පටිය
6.පේරුස් මුද්ද
7.මාලය
8.පිහිය
9.මිරිවැඩි සඟල
10.සුදු පටිය 2
11.කවනිය
12.රතු රෙද
13.රුලි කකුල් සහිත කලිසම ... අංගයන්ගෙන් නිර්මාණය කර ඇත.

වර්තමානයේ පරිහරණය කළයුතු ආකාරයට නොවෙයි පරිහරණය කරන්නේ මෙම උඩරට පරම්පරාවට අයත් මුල් ඇඳුම ගුණාත්මක භාවයන් කිලිටි කරමින් . පන්සිල් වලින් තොරව මත් වතුර මස්මාංශවල නියැලී නිසි කුලවංශ පිරිස් වලින් තොරව පරිහරණය කිරීමෙන් වටිනාකම නැතිව ගොසිනි .

දළදා සමිදු පිහිටායි .....

දෙහිගම අදිකාරම්ලාගේ රසික අසංක
=========================

08/09/2022

#සියළුම_දුවරුන්ගේ_කතාවක්

දුවෙක් ඉපදුන දවසේ ඉදලා
කොයි තරම් නම් ගැහැණියක් විදිහට ජිවිතේ යම් යම් තැන් වල දුක් විදිනවද
ශාරිරික වශයෙන් මානසික වශයෙන් ..

හැබැයි...
ශාරිරිකව විදින වේදනාවන් ට
අපිට ඕන තරම් බෙහෙත් ගෙදරින් එළියට ගියාම ඕන තැනකින් අපිට ගන්න පුළුවන්

ඒත මානසික වශයෙන් ....

ස්කොලේ යන කාලේ ඉදන්
කසාදයක් බදිනකල්ම දුවෙක් හැදෙන්නේ
දුවෙක් රැකෙන්නේ අම්මා තාත්තා ලග...

උදේට කෑම එක හදන්නෙ අම්මා .
රෙදි ටික හොදලා දෙන්නෙ අම්මා
බත් ටික අනලා කවන්නෙ අම්මා .

ඔය ටික ⁣ඔහොමම ස්කොලේන් අවුට් වෙලා
රස්සාවට ගිහින් ගෙදර එනකමුත්
ඒ හැමදේම අම්මා කරන්නෙ...
අපිට කරන්න වෙන කාලය ගොඩක් අඩුයි

උදේ හවා අම්මාගේ තුරුලේ ඉදලා
අම්මා එක්කම හැමදේම කරලා

කසාදයක් බැදලා ගෙදරන් යන
දවසට අම්මාගෙන් වෙන් වෙලා ඉන්න එක
ඒ දෙවල් වලට හුරු වෙන එක කෙල්ලෙක්ට
ඉක්මනට කරගන්න ගොඩක් අමාරුයි
ඒකට පුංචි කාලයක් සමහර වෙලාවට ගත වෙනවා

ඉස්සර නිදහසක් හම්බ වුනාම අපි කරන්නෙ
තමන් ආදරේ කරන කෙනා හම්බ වෙන්න යනවා
එක්කෝ ශොපින් කරන්න යනවා
ගිහින් ඇවිත් ආයමත් හවස නතර වෙන්නෙ අම්මා ලග

එත් දැන් අද වෙද්දි කසාදයක් බැන්දට පස්සේ
නිදහසක් නිවාඩුවක් ලැබුනම කරන්නෙ
අම්මාගේ මුණ බලන්න දුවගෙන
ගෙදර යන එක
එදාට වඩා සෙනෙහසක් ආදරයක් පාළුවක් තනිකමක් අම්මා ලග නැති වුනාම අද දැනෙනවා
අම්මාගේ මුණ දකින වාරයක් පසා
ලග ඉන්න තත්පරයක් ගානේ හිත නිවෙනවා
සතුට සැනසිම ඉහවහා යනවා

එකයි දුවෙක් වෙන එක ගොඩක් අමාරුයි කියන්නේ...
තමන්ගෙ ගෙදරම පිට කෙනක් වෙනවා

උදේ හවා දැකපු ලග හිටපු අම්මාගෙන්
ඈත් වෙනකොට දුවෙකුට දරාගන්න අමාරුයි
එත් එක තෙරුම් ගන්න හැමෝටම අමාරුයි
එක තෙරුම් කරවන්නත් අමාරුයි

අපි හරි ගොඩක් අසරණයි
ඒ වගේ ප්‍රශ්ණ ලගදි

උදේ හවා අම්මාව දකින කෙනාට වඩා
ඈතින් ඉදන් අම්මාව දකින කෙනාට
දැනෙන හැගිම හාත්පසින් ම වෙනස්

කෙල්ලෙක් ආසම කසාදයක් බැන්දම
තමන්ගේ මහත්තයා එක්ක තමන්ගේ
අම්මා බලන්න යන්න ....
දෙන්නම ගිහින් ඒ සතුට ඒ අම්මාට දිලා එන්න...

ජිවිතේ ඉස්සරහට යන්න යන්න
අපිට මුණ දෙන්න හම්බවෙන විභාග
හරි වෙනස් ... සමහර වෙලාවට හරි අමාරුයි

කොයි තරම් කතා කරලා නිතරම
අම්මා ගැන ⁣හොයලා බැලුවත්
අම්මා ලග ගිහින් අමිමගේ අතින් හදන
බත් ටික ⁣කලා තේ ටික බිලා
කුස්සියේ කයියක් ගහන් මහ හයියට හිනා වෙනලා ලැබෙන සතුට
අපි ලග මොන සැප සම්පත් තිබුනත් ලැබෙන්නැ සමාන කරනන බැ

ඇත්තටම

ඔයා ලග අම්මා ඇස් මානේම පෙන්න ඉන්නවානම් ඔයා හරි වාසනාවන්තයි ❤

උපුටා ගැනීම

මධු සිරිවර්ධන

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

මැරෙ"න්න ප්‍රශ්න තිබ්බත්ඊළග තත්පරේ මං කොහොමහරී හිනාවෙනවා!🙂💔🖇️
මේ දවස්වල මම 😕😫
අවවාදය - කසාද බදින්න එපා 👍👍👍😂
ඔන්න ඕකයි තත්වේ 😁
කවදාවත් ඔබ අම්මට බත් කටක් කවල නැද්ද ?මේ ඔබ ඇසිය යුතුම කතාවක් ...
බැඳීම් විවිධාකාරයි
පුරුදු වෙන්න ඕනිඅනිත් අයගේ වෙනස්වීම් දරාගෙනනිහඬව සමුදෙන්න...U-Turn (Like කරන්න, Comment කරන්න, Share කරන්න)
මගේ දර්ශනය ..අද උදා වු දිනය,මගේ ජීවිතය,මා ආදරය කරන්නන් ගේ ජීවිතය, මගේ වැඩකටයුතු සියල්ල,විශ්ව බලශක්ති මහිමයේ දෑතට දෙන්න ...

Category

Art

Website

Address

Colombo
Other Art in Colombo (show all)
Kasu Pics Kasu Pics
Colombo

Life is a journey, It will be representing Some memorable photos and it could have to say how our feelings that we have to thought.

Samudaya dayan Samudaya dayan
Mahiyangane
Colombo

Madu crafts Madu crafts
Colombo

Creative items

Sudu aiya Sudu aiya
Colombo

suranga namal .

Herbline online jobs Herbline online jobs
Colombo, 12345

Hansani Rasangani Art Studio Hansani Rasangani Art Studio
Colombo

A4 & A3 Size Single,Couple & Family Drop a Whatsapp msg for your art work..���

Chapters by Four Chapters by Four
Colombo

shares sketches and thoughts �

Life is a poem ජීවිතයම කවියක් Life is a poem ජීවිතයම කවියක්
Colombo

එන්න ජීවිතය රහට ලියන්න

Unseen Sketches Unseen Sketches
Colombo

Pencil portrait art

DK Toon DK Toon
Colombo

DK Social Media Hub