Y U J E N Physio
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Y U J E N Physio, Physical therapist, Colombo.
We provide Physiotherapy Treatments for many common conditions such as,
Joint & Muscle pain ( Back pain,Neck pain,Knee pain,Arthritis )
Stroke (Paralysis)
Postural problems
Sport Injuries
Post operative conditions
*HOME VISITS can be arranged*
PHYSIOTHERAPY TREATMENTS
Prashad Karunarathne
BSc (Hons) in Physiotherapy
Dip in Exercise & Sports Sciences
Y U J E N Physio
0705336683
🧠 ලෝක ජනගහනයෙන් 16-75% අතර ප්‍රමාණයක් ඔවුන්ගේ ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවක බෙල්ලේ වේදනාව අත්විඳිනු ලබයි.එක්සත් ජනපදයේ ජනගහනයෙන් 10-20% ක් පමණ ප්‍රමාණයක් ගෙල ආශ්රිත වේදනා තත්වයන්ගෙන් පීඩා විදින අතර එය එරට වැඩිම පිරිසකට බලපාන ප්‍රධාන ආබාධ පහ අතර ඇත.
👁🗨 බෙල්ලේ වේදනාවට හේතුව කුමක්ද?
❇️ සරලවම බෙල්ලේ වේදනාව ඇති වන්නේ ඔබේ ගෙලහි කොඳු ඇට පෙළෙහි හෝ ඒ අවට මාංශ පේශීන් ආශ්‍රිතව ඇති වන ආබාධ තත්වයක් නිසා වේ.
මේ සදහා බලපාන හේතූන් පුලුල් පරාසයක පැතිර පවතින අතර බොහෝ විට මාංශ පේශීන්හි දුර්වලතාවය, හර්නියකරණයට ලක් වූ තැටි හෝ වෙනත් රෝග තත්වයන් නිසා ඇති විය හැක.පහත දැක්වෙන්නේ බෙල්ලේ වේදනාව සඳහා වඩාත් බලපාන පොදු හේතු කිහිපයකි.
▶️ ගෙලෙහි අස්ථි සහ මාංශ පේශි ආශ්රිත හේතූන්
▶️ බෙල්ලේ මාංශ පේශී,බන්ධනී සහ කණ්ඩෙරා වල සිදුවන ඇදීමේ තත්වයන්
▶️ වැරදි ඉරියව්
▶️ whiplash injuries (බොහෝවිට රිය අනතුරු නිසා ක්ෂණිකව හිස ඉදිරියට සහ පිටුපසට යාම නිසා බෙල්ලට සිදුවන අනතුරු )
▶️ ගෙල ආශ්රිත කශේරුක ස්පොන්ඩිලෝසිස් තත්ව
▶️ ගෙලෙහි discogenic වේදනාව
▶️ මාංශ පේශී ආශ්රිත වේදනාව ( trigger points )
▶️ ස්නායු ආශ්රිත හේතූන් ( Cervical radiculopathy )
✳️අතැම් විට ඔබට මෙම බෙල්ලේ හට ගන්නා වේදනාව අත දිගේ පහලට ගමන් කරනා වේදනාවක් ලෙසද දැනිය හැක.
✳️ ඔබගේ වෛද්‍යවරයා නියම කරනු ලබන ඖෂධ මගින් සුවයක් නොලැබේ නම් ඔවුන් ඔබව
X ray හෝ MRI පරීක්ෂණයකට යොමු කිරීම මගින් අදාල රෝග තත්වය තහවුරු කර ගැනීම සිදු වේ.
🤗 ඔබේ බෙල්ලේ වේදනාව ඉක්මනින්ම සුවපත්බාවයට පත් කර ගැනීම තීරණය වනුයේ නිවැරදි රෝග විනිශ්චයන් මත වේ.නිවැරදි රෝග විනිශ්චයක් මත සිදු කරන භෞත චිකිත්සක ප්‍රතිකාර සහ ව්‍යායාම මගින් මෙම තත්වයෙන් ඉතාම ඉක්මනින් අත් මිදීමට ඔබට හැකියාව ඇත.
⭕ බෙල්ලේ වේදනාව සදහා වූ භෞත චිකිත්සක ප්‍රතිකාර ලෙස,
👉 ව්‍යායාම ප්‍රතිකාර (Theraputic Exercises)
👉 විද්‍යුත් චිකිත්සක ප්‍රතිකාර ( Electrotherapy )
👉 කටු චිකිත්සාව (Dry Needling)
👉 Manual Therapy
👉 Activities Modification
👉 Cupping Therapy
👉 Taping Techniques
ආදී වූ විවිධ ප්‍රතිකාර ක්‍රම රැසක් මගින් ඔබේ සුවපත් බාවය සලසා දේ.
🏃♂️ ව්‍යායාම ප්‍රතිකාර
✳️ ගෙල ආශ්‍රිතව සිදු කරන ව්‍යායාම ගෙලෙහි වේදනාව සඳහා ඕනෑම ප්‍රතිකාර සැලැස්මක පාහේ පොදු අංගයකි.එමගින් ඔබගේ ගෙල පෙදෙස හි පවතින මාංශ පේශීන් හී තද ස්වභාවය අඩු කර වේදනාව සමනය කිරීමට උපකාරී වේ.එමෙන්ම ඔබේ බෙල්ල අවට මාංශ පේශී දිගු කිරීමේ සහ පේශී ශක්තිමත් කිරීමේ ව්‍යායාමද මීට අන්තර්ගත වේ.
✳️ වර්තමානයේ බොහෝ දෙනා කාර්යාලීය රැකියා වල නිරත වන අතර ඔවුන් දවසේ වැඩි කාලයක් එකම ඉරියව් වල ගත කිරීම නිසා බෙලෙලේ වේදනාව සුලභ ලෙස දක්නට ලැබේ.එමෙන්ම බොහෝ විට පරිගණක සහ රූපවාහිනී ආශ්‍රිතව දවසේ වැඩි කාලයක් ගත කරන පුද්ගලයින් අතර ද මෙය බහුලව පවතී.
✳️ වත්මන් තරුණ පරපුර ජංගම දුරකථන සහ අන්තර්ජාලය සමග වැරදි ඉරියව් වල හිදිමින් විශාල කාලයක් ගත කිරීමට පෙලඹීමද මෙම බෙල්ලේ වේදනාව වඩාත් තීව්ර වීමට හේතු කාරණා වී ඇත.
❇️ මෙවන් ඔබ නොදත් වටිනා සෞඛ්‍යයම කරුණු සම්බන්ධයෙන් දැනුවත් වීමට අපගේ YUJEN Physio Page යට ලයික් 👍 කර අප සමගින් රැදී සිටින්න.ඔබට අවශ්‍යය භෞත චිකිත්සමය ප්‍රතිකාර ලබා ගැනීම සදාහා අපගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ වට්ස් ඇප් මාර්ගයෙන් අප හා සම්බන්ද වීය හැක.🩺🤗
Prashad Karunarathne
Physiotherapist
BSc (Hons) in Physiotherapy
Dip in Exercise & Sports Sciences
Y U J E N Physio
0705336683 ☎
✳️දණහිසේ ඇති වන වේදනාව වර්තමානයේ බොහෝ දෙනෙක් අතර ඉතා සුලබ නමුත් වැඩි අවධානයක් නොදෙන රෝගී තත්වයක් බවට පත් වී ඇත.එය දීර්ඝකාලීනව පැවතීමෙන් පසුව දැඩි අපහසුතා ගෙන දෙන තත්වයක් බවට පත් විය හැකිය.
✳️ බහුතරයක් දෙනා දණහිසේ වේදනාවක් ඇති වූ විට වහාම ස්වයං විනිශ්චයන්ට ගොස් එය ආතරයිටිස් තත්වය නිසා ඇති වූවාක් සේ සිතා දීර්ඝකාලීනව වේදනා නාශක පෙති භාවිතා කිරීමෙන් වකුගඩු වලට මෙන්ම ශරීරයේ වෙනත් ඉන්ද්‍රියන්ට ද හානි සිදු කර ගත් අවස්ථා සුලභය.
✳️ නමුත් මෙම පහත රූපසටහන මගින් දක්වා ඇත්තේ ආතරයිටිස් තත්වය මෙන්ම ඊට අමතරව දණහිස් සන්ධියෙහි වේදනාවන් ඇතිවිය හැකි වෙනත් හේතු කාරක තත්වයන් සමූහය කි.
ඔබේ දණහිසෙ හි වේදනාව ඇති වන කලාපය අනුව ඊට හේතු වන රෝගී තත්වයන් එකිනෙකට වෙනස් වේ.එය ඉතා පැහැදිලිව පහත රූපසටහනෙ හි දක්වා ඇත.
❇️ එම නිසා ඔබත් මෙවන් වූ වේදනාත්මක තත්වයකින් පෙලෙන්නේ නම් සුදුසුකම් ලත් භෞත චිකිත්සක වරයෙකු හෝ වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙම අපහසුතාවයන්ගෙන් මිදී නිරෝගී දිවි පෙවතක් ගත කිරීමට හැකි වනු ඇත.
✴️ ඔබ නොදත් මෙවන් වටිනා සෞඛ්‍යයමය කාරණා සම්බන්දයෙන් දැනුවත් වීමට අපගේ Yujen Physio Page යට like 👍 කර අප සමගින් එක් වන්න.එමෙන්ම ඔබට අවශ්‍යය භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමට සහ මෙවන් කරුණු සම්බන්දයෙන් දැනුවත් වීම සදහා අපගේ වට්ස් ඇප් අංකය අමතන්න.😊
Prashad Karunarathne
BSc (Hons) in Physiotherapy
Physiotherapist
Dip in Exercise & Sports Sciences
Y U J E N Physio
0705336683 ☎️
✳️ඔබත් දිගු කාලයක සිට දණහිසෙ හි වේදනාවෙන් පීඩා විදින්නෙක් ද ?
✳️පඩිපෙල් / කදු නැගීමට සහ බැසීමට අපහසුතාවයෙන් පෙලෙන්නෙක් ද ?
✳️දිගු වේලාවක් ඇවිදීමේදී දණහිස් වේදනාව උත්සන්න වේද ?
✳️දණහිසෙන් අමුතු ශබ්ද ඇසේද ?
✳️නිරන්තරයෙන් දණහිසෙ හි ඉදිමුම් තත්වයක් ඇති වේද ?
⚠️️බොහෝ විට මෙය දණහිස ( knee ) ආශ්‍රිතව ඇති වන ඔස්ටියෝආතරයිටිස් ( Osteoarthritis ) තත්වයෙ හි ප්‍රතිඵලයක් විය හැක.මෙම ලිපියෙන් ඔබට මේ සම්බන්ධව ඇති අත්‍යාවශ්‍ය තොරතුරු දැන ගත හැකි වනු ඇත.
🔴ඔස්ටියෝආතරයිටිස් යනු කුමක් ද ?
🔎සරලවම මෙය අපගේ සන්ධි අතර ඇති කාටිලේජ වල සිදු වන ගෙවී යාමක් නිසා ඇති වන ප්‍රදාහක (inflammation) තත්වයකි.බහුල වශයෙන්ම මෙය දණහිස,අත්, උරහිස් සන්ධි ආශ්‍රිතව හට ගනී.ක්‍රමයෙන් සන්ධිය තුළ ඇති කාටිලේජ බිඳ වැටීම ආරම්භ වන අතර මේ නිසා එම අස්ථියෙහි ස්වභාවය වෙනස් වීමට පටන් ගනී.දීර්ඝ කාලයක් මෙසේ සිදු වීමෙන් කාටිලේජ ගෙවී ගොස් අස්ථි එකිනෙක ගෑවීමට පටන් ගනී.එවිට එතෙක් පැවති වේදනාව සීඝ්රයෙන් වර්ධනය වීම සිදු වේ.
📌️බොහෝ විට මෙම තත්වය ඔබේ දණහිස ආශ්රිත ව ඇති වේ.ඊට හේතුව ඔබේ සිරුරේ බරින් විශාල ප්‍රමාණයක් ගමන් කරනුයේ මෙම දණහිස් සන්ධිය ඔස්සේ බැවිනි.දීර්ඝ කාලයක් මෙම Osteoarthritis (OA) තත්වය පැවතීම ඔබේ දණහිස සන්ධි යේ විකෘතිතාවයන් ද ඇති වීමට ද හේතු පාදක වේ.
👉Knee OA හි රෝග ලක්ෂණ -
📍දණහිසේ තද/හිර ගතියක් ඇති වීම
📍දණහිස් සන්ධියෙහි වේදනාව
📍දණහිස් සන්ධිය සහ ඒ අවට ඉදිමීම
📍දණහිස් සන්ධිය අවට සමෙහි උෂ්ණත්වය ඉහල යාම
📍දණහිස් සන්ධිය චලනයේදී ඇතුලතින් ඉරිතැලීම් වැනි ශබ්ද පිට වීම
📍දණහිස් සන්ධිය අවට මාංශ පේශී දුර්වල වීම සහ ක්ෂය වීම.
📍දිගු කාලයක් පැවතීමෙන් පාද ආශ්රිත බකල් තත්වයන් ඇතිවීම
Knee OA ඇති වීමට බලපාන හේතූ -
➡️වයස් ගත වීම (අවු.45 ට වඩා වැඩි )
➡️ස්ත්‍රී පුරුෂ භාවය ( බොහෝ විට කාන්තවන් අතර සුලභය.)
➡️දේහයේ අධික බර
➡️දණහිස් සන්ධිය ආශ්‍රිතව ඇති වන අනතුරු( ක්‍රීඩාමය/මාර්ග අනතුරු )
➡️දීර්ඝ කාලීනව දණහිසට පීඩා ඇති කරන රැකියා හෝ ක්‍රීඩා වල නිරත වීම
➡️ජානමය හේතූන්
➡️අස්ථි විකෘතිතා
👉දීර්ඝ කාලයක් මෙම knee OA රෝගී තත්වය නොසලකා හැරීම සහ ප්‍රතිකාර නොගෙන සිටීමෙන් ඔබට පසු කාලීනව කෘතිම දණහිස් සන්ධියක් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට (Total Knee Replacement) පවා යොමු වීමට සිදු විය හැක.
✳️Knee OA සදහා වූ භෞත චිකිත්සක ප්‍රතිකාර -
👉ව්‍යායාම ප්‍රතිකාර (Theraputic Exercises)
👉විද්‍යුත් චිකිත්සක ප්‍රතිකාර ( Electrotherapy )
👉කටු චිකිත්සාව (Dry Needling)
👉Activities Modification
👉Cupping Therapy
👉Taping Techniques
👉ඔබත් දණහිස ආශ්රිත වේදනාවෙන් පෙලෙන්නෙකු නම් ඉතා ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමු වීමෙන් පසු කාලීනව ශල්‍යකර්ම අවස්ථාවකට නොගොස් නීරෝගී දිවි පෙවෙතක් ගත කිරීමට හැකි වනු ඇත.
👇භෞත චිකිත්සමය ප්‍රතිකාර වලට අමතරව පහත දක්වා ඇති ව්‍යායාම වරකට වාර 10 -15 අතර සංඛ්‍යාවක් දිනකට දෙවාරයක් සිදු කිරීම මගින් ඔබට මෙම තත්වයෙන් ඉතා ඉක්මනින් මිදීමට උපකාරී වනු ඇත.
😊 මෙවන් ඔබ නොදත් වටිනා සෞඛ්‍යයම කරුණු සම්බන්ධයෙන් දැනුවත් වීමට සහ භෞත චිකිත්සමය ප්‍රතිකාර උදෙසා අපගේ YUJEN Physio Page යට ලයික් 👍 කර අප සමගින් රැදී සිටින්න.✌️
Prashad Karunarathne
BSc (Hons) in Physiotherapy
Dip in Exercise & Sports Sciences
Y U J E N Physio
0705336683
❎කොන්දේ වේදනාවෙන් ඔබත් අපහසුතාවයෙන් ද ? 😖
පහත දක්වා ඇති පිටුපස කොන්ද ආශ්රිත පේශී ඇදීමේ සරල ව්‍යායාමයන් හි වරකට 10 - 15 අතර ප්‍රමාණයක් බැගින් දිනකට දෙවතාවක් යෙදීමෙන් ඔබට කොන්දේ ඇති වන වේදනාකාරී තත්වයන්ගෙන් ඉතා ඉක්මනින් අත් මිදීමට හැකි වනු ඇත.
අවම සතියක පමණ කාලයක් හෝ මෙම ව්‍යායාමයන් හි නිරත වීමෙන් වේදනාවේ අඩු වීමක් සිදු නොවුන හොත් වෛදයවරයෙකු වෙත යොමු වීම වඩා යෝග්‍ය වේ.
Prashad Karunarathne
BSc (Hons) in Physiotherapy
Dip in Exercise & Sports Sciences
Y U J E N Physio
📌️උරහිස ආශ්රිත වේදනාවන් රැසකට භෞත චිකිත්සාව සතුව ප්‍රතිකාර ක්‍රම විශාල ප්‍රමාණයක් ඇත.ඒ අතරින් බොහෝ දෙනෙක් එතරම් දැනුවත් භාවයක් නොමැති නමුත් සුලභ රෝගී තත්වයක් සම්බන්දයෙන් මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
📌️එදිනෙදා වැඩකටයුතු සිදු කිරීමේදී විශේෂයෙන්ම ඇතමෙකුට තම ඇදුම් ඇදීමේදී,හිස පීරන මොහොතකදී,නිවසේ පිරිසිදු කිරීම් සිදු කරන මොහොතක හෝ රාත්‍රී නින්දට යන මොහොතේදී උරහිස ආශ්‍රිතව වේදනාවක් දැනීමට හැකිය.ඇතැම් විට එය අප මේ සාකච්ඡා කෙරෙන Frozen shoulder අවස්ථාවේ මුල් අවධිය විය හැකියි.
🔎Frozen shoulder තත්වය Adhesive capsulitis ලෙසද හදුන්වනු ලබන අතර මෙය බොහෝ අයට තම උරහිස සන්ධියේ ඇති වන තද ගතියක් සහ තද වේදනාවක් ලෙස ප්‍රධාන ලෙසම දැනේ.මෙහි රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ක්‍රම ක්‍රමයෙන් ආරම්භ වන අතර ප්‍රතිකාර සදහා යොමු නොවුන හොත් කාලයත් සමඟ එය වඩාත් නරක අතට හැරීමට හැකිය.
📌️Frozen shoulder හී රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සෙමින් වර්ධනය වන අතර, අදියර 03 කට යටත්ව ඒවා සාකච්ඡා කෙරේ.මෙම සෑම අදියරය ම මාස කිහිපයක් පැවතිය හැකිය.
⏭️ 02.පළමු අදියරය (Freezing Stage) -
මෙහි දී ඔබේ උරහිසෙහි සිදු කරන ඕනෑම චලනයක් මගින් යම් වේදනාක් ඇති කරනු ලබයි.රාත්‍රී කාලයේදී වේදනාව උත්සන්න විය හැකියි.එමෙන් ම ක්‍රමයෙන් ඔබේ උරහිසේ චලනයන් සීමා වීමට පටන් ගනී.මෙම අදියරය සති 6 - 9 ත් අතර කාලයක් පවතී.
⏭️ 02.දෙවන අදියරය (Frozen Stage) -
මෙම අදියරේදී වේදනාව කෙමෙන් අඩු වීමට පටන් ගැනේ.ඒ කෙසේ වෙතත්, ඔබේ උරහිස පෙරට වඩා දැඩි වන අතර චලන පරාසය ද පෙරට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වේ.මෙම අවධිය මාස 4 ක සිට 9 ක කාලයක් පැවතිය හැක.
⏭️ 03.තෙවන අදියරය (Thawing Stage) -
මෙම අවධියේ දී ඔබේ උරහිසෙහි චලන පරාසය ක්‍රමයෙන් වැඩිදියුණු වීමට පටන් ගනී.ක්‍රමයෙන් එය සාමාන්‍ය ශක්තියට හා චලනයට ආසන්න වේ.මෙම අවධිය මාස 06 ක සිට අවුරුදු 02 කට ආසන්න කාලයක් පවතී.
👉 මෙම තත්වය ඇති වීමට බලපාන හේතූ -
📍 ඔබේ උරහිස් සන්ධිය සෑදී ඇත්තේ අස්ථි (bones), බන්ධනීයන් (ligaments ) සහ කණ්ඩරාවන් (tendons) ගෙන් වන අතර සම්බන්ධක පටක කැප්සියුලයක් මගින් ඒවා ආවරණය කර ඇත. මෙම කැප්සියුලය ඝන වී උරහිස් සන්ධිය වටා තද වෙමින් එහි චලනය සීමා කරමින් මෙම Frozen shoulder තත්වය ඇතිවේ.
📍 ඇත්ත වශයෙන්ම මෙම රෝගී තත්වය ඇති වීමට හේතුවක් හරි ආකාරව සොයා ගෙන නොමැති මුත් ඔබේ අත උරහිස මට්ටමට හෝ හිසට ඉහලින් චලනය කරන ක්‍රියාකාරකම් අඩු කිරීමට හේතු වන ආඝාතය (Stroke) , පියයුරු ඉවත් කිරීමේ ශල්‍යකර්ම වැනි උරහිස ආශ්‍රිතව කිසියම් වෛද්‍යමය තත්වයකට යටත්ව ප්‍රතිකාර ලබමින් හෝ සුවය ලබමින් සිටී නම් බොහෝ විට Frozen shoulder තත්වය වර්ධනය වීමේ අවදානම වැඩි වේ.
👉 මේ සදහා බලපාන අවධානම් සාධක -
⭕වයස සහ ලිංගිකත්වය
වයස අවුරුදු 40 සහ ඊට වැඩි පුද්ගලයින්ට, විශේෂයෙන් කාන්තාවන්ට, මෙමෙ තත්වය ඇති වේ.
⭕නිශ්චලතාවය හෝ සංචලනය අඩු වීම
දිගු කලක් නිශ්චලතාවයෙන් ගත කරන හෝ උරහිසේ සංචලනය අඩු වූ පුද්ගලයින්ට Frozen shoulder තත්ව වර්ධනය වීමේ වැඩි අවදානමක් ඇත.
නිශ්චලතාවයේ පැවතීම බොහෝ සාධකවල ප්‍රතිඵලයක් විය හැකිය, ඒවා අතර:
👉Rotator calf injury
👉අතෙහි සිදුවන අස්ථි බිදීමක්(Broken arm)
👉ආඝාතය(Stroke)
👉ශල්‍යකර්මයකට පසු සුවය ලබමින් සිටින කාල වකවානුව
⭕වෙනත් රෝගී තත්ව
👉දියවැඩියාව
👉අධි ක්‍රියාකාරී තයිරොයිඩ් (Hyperthyroidism)
👉අඩු ක්‍රියාකාරී තයිරොයිඩ් (Hypothyroidism)
👉හෘද වාහිනී රෝග ( Cardiovascular diseases)
👉ක්ෂය රෝගය ( Tuberculosis )
👉පාකින්සන්ස් රෝගය ( Parkinson's disease)
💪 ඔබේ භෞත චිකිත්සක වරයා විසින් රෝග නිධානයට අනුකූලව සිදු කරනු ලබන විශේෂ තහවුරු කිරීමේ පරීක්ෂා මගින් මෙම Frozen shoulder තත්වය හදුනා ගනු ලැබේ.එමෙන්ම මේ සදහා විශේෂ වූ චිකිත්සකමය ප්‍රතිකාර ක්‍රම රැසක් ඇති අතර ඒවා උපයෝගී කර ගනිමින් ඔබව ඉක්මන් සුවය කරා ගෙන යනු ඇත.
👇භෞත චිකිත්සමය ප්‍රතිකාර වලට අමතරව පහත දක්වා ඇති ව්‍යායාම දිනකට දෙවාරයක් සිදු කිරීම මගින් ඔබට මෙම තත්වයෙන් ඉතා ඉක්මනින් මිදීමට හැකියාව ලැබෙනු ඇත.
😊 මෙවන් ඔබ නොදත් වටිනා සෞඛ්‍යයම කරුණු සම්බන්ධයෙන් දැනුවත් වීමට සහ භෞත චිකිත්සමය ප්‍රතිකාර උදෙසා අපගේ YUJEN Physio Page යට ලයික් 👍 කර අප සමගින් රැදී සිටින්න.
Prashad Karunarathne
BSc (Hons) in Physiotherapy
Dip in Exercise & Sports Sciences
Y U J E N Physio
✳️සයටිකා (Sciatica) යනු බොහෝ දෙනෙක් හට එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී විශාල පීඩාවක් ගෙන දෙන රෝගී තත්වයකි.එය කකුලට සංවේදනය සපයන sciatic ස්නායුවේ ඇතිවන ගැටලුකාරී තත්වයක් නිසා හට ගනී.
✳️මෙම තත්වය බොහෝ අයට, පහල කොන්දේ වේදනාවක් ඇතිවිට විදුලියක් කකුල දිගේ යනවා මෙන් හෝ කකුල දිගේ සිදුවන හිරිවැටීමක් ලෙස දැනේ.වැඩිහිටියන්ගෙන් 40% ක පමණ ප්‍රමාණයකට මෙම තත්වය ඇති අතර බොහෝ දෙනක් Sciatica සම්බන්ධව වැරදි අවබෝධයන්හී ද ඇත.
👉සයටිකාව යනු කුමක්ද?
Sciatic ස්නායුව යනු ශරීරයේ දිගම සහ විශාලතම ස්නායුව වේ.එය පිටුපස කොන්දේ පහල ප්‍රදේශයේ සුෂුම්නාවෙන් (L4,L5,S1,S2 ) නිකුත් වන වන ස්නායූ එකතුවකින් ආරම්භ වේ.
මෙම sciatic ස්නායුව,එහි ගමන් මාර්ගයෙහි කුමන හෝ ස්ථානයකදී සිදුවන තෙරපුම් තත්ත්වයක් හෝ ඇදීමක් නිසා සරලවම sciatica තත්වය ඇති වේ.
👉සයටිකා තත්ත්වයට බලපාන හේතු ?
▶️කෙටියෙන් කිවහොත්, sciatic ස්නායුව (විශේෂයෙන් එය කොඳු ඇට පෙළෙන් පිටවන ස්ථානයේ සිට) එහි ගමන් මාර්ගයෙහි දී සම්පීඩනය කරන ඕනෑම දෙයක් නිසා sciatica ඇති කළ හැක. වඩාත් සුලභ හේතූන් සමහරක් පහතින් දක්වා ඇත.
↪️හර්නීයකරණයට ලක් වූ කශේරුක තැටි (Lumbar Herniated Disc) -
▶️lumbar තැටියේ ජෙලි වැනි කේන්ද්‍රයට පිටත ඝන තට්ටුව කැඩී ඒ අසල ඇති sciatic ස්නායු මූලය උද්දීපනය කළ හැකිය. තැටියේ හර්නීය කරන වූ කොටස ප්‍රෝටීන් වලින් පිරී ඇති අතර ඒවා ස්නායු මූලයට ළඟා වන විට දැවිල්ල ඇති කරන අතර දැවිල්ල මෙන්ම ස්නායු සම්පීඩනය ද ස්නායු මූල වේදනාවටද හේතු වෙයි.මෙය ඉතා දැඩි වේදනාවක් ඇති කරයි.sciatica ඇති වීමට ප්‍රධානම හේතුව මෙම තත්වයයි.
↪️අන්තර් කශේරුක තැටි පරිහානිය ( Intervertebral degenerative disc ) -
▶️කාලයත් සමඟ මිනිසුන් වයසට යත්ම තැටි වල සජලනය නැති වී යයි. තැටියේ සජලනය නැති වීම නිසා එයට බලවේග වලටද ප්‍රතිරෝධය දැක්වීමට නොහැකි වන අතර, හර්නියා ඇතිවීමට මෙය හේතුවිය හැක.මේ නිසා sciatic ස්නායු මුලය මත පීඩනය ඇති වේ.spinal ස්ටෙනෝසිස් තත්වයට ද මෙය හේතුකාරක වේ.
↪️කොඳු ඇට පෙළේ ස්ටෙනෝසිස් ( spinal stenosis)-
▶️මෙම තත්ත්වය නිසා sciatic ස්නායු මූලයන් පිහිටි කොඳු ඇට පෙළ පටු වීම තුළින් වේදනාව ඇති කරයි. පටු වීම කොදු ඇට පෙලේ පහල තනි මට්ටමක හෝ මට්ටම් කිහිපයක ඇති විය හැකිය.
↪️ස්පොන්ඩිලොලිස්තේසිස් ( Spondylolisthesis)-
▶️මෙම තත්ත්වය ඇති වන්නේ එක් කශේරුකාවක් යාබද කශේරුකාවක් මතින් ලිස්සා යාමේදී ය.මෙහි ආකාර 5 ක් ඇත.නමුත් වඩාත් සුලභ වන්නේ ෆැසෙට් සන්ධිවල යාන්ත්‍රික අස්ථාවරත්වය නිසා ඇති වන ස්නායු සම්පීඩනය හේතුවෙන් ඇතිවන වේදනාවයි.මෙමගින් sciatic ස්නායුව තද කල හැක.
↪️අසාමාන්‍යය අස්ථිමය කොටස් (Bony spurs)-
▶️කශේරුකාව මත අස්ථි කොටස් (ඔස්ටියෝෆයිට්) අධික ලෙස වැඩීම sciatic ස්නායු මූලයන් මත පීඩනය ඇති කල හැක. මෙම අස්ථි කොටස් බොහෝ විට ඔස්ටියෝ ආතරයිටිස් මගින් පීඩාවට පත් වූ කශේරුකා අසල ඇතිවේ.
↪️පිරිෆෝමිස් රෝගය ( Piriformis syndrom )-
▶️piriformis මාංශ පේශිය සාමාන්‍යයෙන් තට්ටම් වල ඇති sciatic ස්නායුව මතින් ගමන් කරන අතර මාංශ පේශි ඉතා තද වුවහොත් sciatic ස්නායුව සම්පීඩනය කළ හැකිය. දිගු වේලාවක් වාඩි වී සිටීම, පඩිපෙළ නැගීම, ඇවිදීම හෝ දිගු වේලාවක් වාහන ධාවනය කිරීමෙන් රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරිය හැක. Piriformis මාංශ පේශිය යනු ඔබේ කොඳු ඇට පෙළට පහළින් ඇති ත්‍රිකෝණාකාර අස්ථියේ සිට උකුල් සන්ධියේ කලවා අස්ථියේ ඉහළට දිවෙන පැතලි පටියක් වැනි මාංශ පේශියකි.
⛔ sciatica හා සමාන රෝග ලක්ෂණ ඇති කරන වෙනත් රෝග තත්වයන්ද පවතින මුත් ඒවාට sciatic ස්නායුවේ බලපෑමක් නොමැත.උදාහරණයක් ලෙස
සේක්රෝඅයිලියැක් සන්ධි අක්‍රියතාවය (sacroiliac dysfunction) යනු ශ්‍රෝණියෙහි ඇති වන සන්ධි ගැටලුවක් වන අතර එය උඩු කකුල සහ තට්ටම් ප්‍රදේශයේ දක්වා විහිදෙන වේදනාවක් ඇති කරයි.
👉සයටිකාහී රෝග ලක්ෂණ ?
➡️පිටුපස කොන්දේ පහල පෙදෙසින් වේදනාව ආරම්භ වී විදුලියක්,හිරිවැටීමක් හෝ දැවෙන්නක් ලෙස කකුලේ පිටුපස ඔස්සේ පහලට ගමන් කෙරේ.ඇතැම් විට කකුලේ හදිසි පණ නැති වීමක් ලෙසද මෙය දැනිය හැක.මෙම වේදනාව ඔබේ තට්ටම,කලවා වල සිට විලුඹ දක්වාම ගමන් කල හැක.
➡️Sciatic ස්නායු වේදනාව මෘදු බවේ සිට ඉතා වේදනාකාරී තත්ව දක්වා වෙනස් විය හැකි අතර ඔබ බොහෝ වේලා පහතට නැමී සිටින විට, ඔබේ කොඳු ඇට පෙළ කරකවන විට හෝ කැස්ස ඇති වන විට වේදනාව නරක අතට හැරිය හැක.
👉 ඔබේ එක් කකුලකට එක් sciatic ස්නායුව බැගින් කකුල් දෙකට sciatic ස්නායූ දෙකක් (ඔබේ ශරීරයේ එක් පසකට එකක්) තිබුණද, sciatica රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සිදුවන්නේ ශරීරයේ එක් පැත්තක පමණි. ඔබට ඔබේ පාද දෙකෙහිම පහළට විහිදෙන වේදනාවක් ඇත්නම්,ඇතැම් විට එම වේදනාව Sciatica තත්වය නොවිය හැක.සාමාන්‍යයෙන් sciatica ඇති වන්නේ එක් කකුලක් දිගේය.
⏩කෙසේ නමුත් මෙම කුමන තත්වයක් පැවතියත් ඔබගේ භෞත චිකිත්සක වරයාට එය හදුනාගෙන ප්‍රතිකාර කල හැකි අතරම ඔබට මෙවැනි ආකාරයේ යම් වේදනාවක් දැනුනහොත් ස්වයං විනිශ්චයන්ට යාමෙන් වැලකී වෛද්‍යවරයෙකුට හෝ පිළිගත් භෞත චිකිත්සක වරයෙකුට යොමු වී ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔබගේ වටිනා කාලයත් අනවශ්‍ය පරීක්ෂණ වලට වැය වන මුදලත් ඉතිරි කර ගත හැකි වනු ඇත.
👊 ඔබට නිවසේ සිටම කල හැකි මෙම sciatica රෝගී තත්වය මග හරවා ගත හැකි සරල ව්‍යායාම ආකාර කිහිපයක් පහත ජායාරූප මගින් දක්වා ඇත.මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු සහ ප්‍රතිකාර සදහා අප හා සම්බන්ධ වන්න.🤗
😊 මෙවන් වටිනා සෞඛ්‍යයම කරුණු සම්බන්දයෙන් දැනුවත් වීමට සහ භෞත චිකිත්සමය ප්‍රතිකාර උදෙසා අපගේ YUJEN Physio Page එකට ලයික් 👍 කර අප සමගින් දිගින් දිගටම රැදී සිටින්න.✌️
Prashad Karunarathne
BSc (Hons) in Physiotherapy
Dip in Exercise & Sports Sciences
Y U J E N Physio
✨️👇
✳️ ජීවිතයේ කිසියම් හෝ අවස්ථාවකදී ඕනෑම අයෙකුට තට්ටම පෙදෙස ආශ්‍රිතව සහ කකුලේ පහලට වන්නට ගලා යන ආකාරයේ වේදනාකාරී සංවේදනයක් ඇති විය හැක.බොහෝ දෙනෙක් එක් වරම එය සයටිකාව (sciatica) යන රෝගී තත්ත්වය ලෙස සිතිය හැක.නමුත් sciatica තත්ත්වය ඇතිවීමට බලපාන හේතූන් රාශියක් පවතී.මෙම ලිපියෙන් විස්තර කෙරෙනුයේ sciatic ස්නායු වේදනා තත්ත්වයට බලපාන වෙනත් ප්‍රධාන හේතුවක් වන Piriformis Syndrome යන රෝගී තත්ත්වය පිලිබදවයි.
🔎 Piriformis සින්ඩ්‍රෝමය යනු
Piriformis මාංශ පේශිය මගින් සයටික් (sciatic) ස්නායුව දීර්ඝකාලීනව සම්පීඩනය කිරීමෙන් ඇති වන ස්නායුකපේශිමය ආබාධ තත්ත්වයකි.😞
▶️ Piriformis මාංශ පේශිය යනු උකුල් සන්ධියේ මුදුනට ආසන්නයේ තට්ටම් ප්‍රදේශයේ පිහිටා ඇති පැතලි පටියක් වැනි මාංශ පේශියකි. මෙම මාංශ පේශිය ශරීරයේ පහල කොටස චලනයේදී වැදගත් වනවා සේම එමගින් උකුල් සන්ධිය ස්ථායී කරන අතර කලවා පෙදෙස එසවීමට සහ කරකැවීමට උපකාරී වේ.
💪 මෙය අපට ඇවිදීමේදී අපගේ බර එක් පාදයක සිට තවත් පාදයකට මාරු කිරීමට සහ සමබරතාවය පවත්වා ගැනීමට උපකාරී වන මාංශ පේශියකි.
🤗 කෙටියෙන්ම කිවහොත්, උකුල් සන්ධියේ සහ පාදවල සෑම චලනයකදීම පාහේ වැදගත් වේ.
බොහෝ පුද්ගලයන් තුළ Sciatic ස්නායුව Piriformis මාංශ පේශියට යටින් ගමන් කරන අතර තවත් සමහරුන්ගේ (ජනගහනයෙන් 7-21%) මෙම මාංශ පේශිය හරහා ගමන් කරයි.මොවුන් හට මෙම Piriformis Syndrome තත්ත්වය ප්‍රධාන වශයෙන් හට ගනී.
👉 Piriformis Syndrome යේ රෝග ලක්ෂණ -
Piriformis සින්ඩ්‍රෝමය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ තට්ටම් වල වේදනාව හෝ හිරිවැටීමෙනි. වේදනාව දරුණු විය හැකි අතර sciatic ස්නායුව ඔස්සේ කකුලේ පිටුපස කලවා හරහා දණහිසේ ඉදිරිපස ඉහල කොටස දක්වා ගමන් කල හැක.කැක්කුම නැතිනම් වේදනාව ඇති වන්නේ piriformis මාංශ පේශිය මගින් sciatic ස්නායුව සම්පීඩනය වීමේදීය.
👉 Piriformis Syndrome තත්වය ඇති වීමට බලපාන හේතු -
↪️දීර්ඝ කාලයක් වාඩී වී හිදිමින් කරන ක්‍රියාකාරකම් (මෝටර් රථ ධාවනය,බයිසිකල් පැදීම,කාර්යාලීය රැකියා)
↪️නිතර නිතර පඩිපෙළ නැඟීම
↪️ගැබ් ගැනීම
↪️දුර්වල මාංශ පේශීන්
↪️නිරන්තරයෙන් කලිසමේ පසුපස සාක්කුවේ පසුම්බියක් සහිතව බොහෝ වේලා වාඩී වී හිදීම
↪️හදිසි අනතුරු
↪️ක්‍රීඩාමය අනතුරු
⚠️️ බොහෝමයක් දෙනා මෙම තත්වය සයටිකාව ( sciatica ) ලෙස වැරදියට හදුනා ගැනීම සිදු කරයි.නමුත් Piriformis සින්ඩ්‍රෝමය යනු Sciatic ස්නායු වේදනාවේ තවත් ආකාරයක් පමණි.ඇතැම් විට මෙම තත්වය පහල කොන්දේ ඇති වන වේදනාවක් ලෙසද දැනිය හැක.
👉 කෙසේ නමුත් මෙම කුමන තත්වයක් පැවතියත් ඔබගේ භෞත චිකිත්සක වරයාට එය හදුනාගෙන ප්‍රතිකාර කල හැකි අතරම ඔබට මෙවැනි ආකාරයේ යම් වේදනාවක් දැනුනහොත් ස්වයං විනිශ්චයන්ට යාමේන් වැලකී වෛද්‍යවරයෙකුට හෝ භෞත චිකිත්සක වරයෙකුට යොමු වී ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔබගේ වටිනා කාලයත් අනවශ්‍ය පරීක්ෂණ වලට වැය වන මුදලත් ඉතිරි කර ගත හැකි වනු ඇත.
👊 ඔබට නිවසේ සිටම කල හැකි මෙම Piriformis Syndrome තත්වය මග හරවා ගත හැකි සරල ව්‍යායාම ආකාර 03 ක් පහත ජායාරූප මගින් දක්වා ඇත.මේ සම්බන්දයෙන් වැඩි දුර තොරතුරු සදහා අප හා සම්බන්ද වන්න.🤗
😊 මෙවන් වටිනා සෞඛ්‍යයම කරුණු සම්බන්දයෙන් දැනුවත් වීමට සහ භෞත චිකිත්සමය ප්‍රතිකාර උදෙසා අපගේ
👉YUJEN Physio Page👈
එකට ලයික් 👍 කර අප සමගින් එක් වන්න.
Prashad Karunarathne
BSc (Hons) in Physiotherapy
Dip in Exercise & Sports Sciences
Y U J E N Physio
✳️දණහිසේ වේදනාව කාලයත් සමඟ වඩ වඩාත් වේදනාකාරී විය හැකි අතර ප්‍රතිකාර නොකළහොත් දණහිස් සන්ධි හානි හා ආබාධිත තත්ත්වයන්ට පවා පත් විය හැක.
👉බාහිර අනතුරු බොහෝ විට දණහිසේ වේදනාව ඇති කරයි.නමුත් කාලයත් සමඟ දණහිසේ වේදනාව ඇති කරන අපගේ එදිනෙදා ජීවිතයේ නරක පුරුදු නොසලකා හැරීමට අප හුරු වී ඇත.එමෙන්ම ඔබේ දණහිසෙහි නිදන්ගතව පවතින තත්වයන් ද ,වේදනාව හා කාටිලේජ බිඳවැටීමට වලට හේතු විය හැක.
👉 දණහිස් වේදනාව බොහෝ විට සියුම් අපහසුතාවයක් ලෙස ආරම්භ වන අතර එම තත්වයන් නොසලකා හැරීමෙන් පසුව එය වඩාත් නරක අතට හැරීමට පුලුවනි.අප විසින් අනුගමනය කරන වැරදි ක්‍රියාකාරකම් නිසා මූලිකවම බොහෝ විට අභ්‍යන්තරිකව නිදන්ගව පවතින හේතූන් නරක අතට හැරීමට හේතු වේ.
👉 සිරුරේ බොහෝ සන්ධි , අනතුරු සහ අධික ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වන අනතුරු වලට භාජනය විය හැක.ඒ අතුරින් දණහිස් සන්ධිය යනු ප්‍රධාන වශයෙන් ඉක්මනින්ම අනතුරු වලට භාජනය වන සන්ධියකි. එදිනෙදා සිදු කරනු ලබන ක්‍රියාකාරකම් වලදී වැඩි පීඩනයක් මෙම සන්ධිය ඔස්සේ ගමන් කිරීම හේතුවෙන් දණහිස ඉක්මනින් අනතුරු වලට බදුන් වේ. මෙම සන්ධිය සරනේරුවක් මෙන් එහාට මෙහාට පමණක් නොව ඇඹරී කැරකෙන නිසා ද අනතුරු සිදුවීම වඩාත් ඉඩකඩ ඇත.
👉දණහිස් වේදනාව ඔබේ පහල කොන්දේ, උකුලේ හෝ වළලුකරයේ ඇති වන තත්ත්වයක ප්‍රතිඵලයක් විය හැකි අතර එම වේදනාව ඔබේ ස්නායු ඔස්සේ ඔබේ සිරුරේ වෙනත් ස්ථාන කරා ගමන් කළ හැකිය (Referred pain).
👉👉 දණහිස් වේදනාව සම්බන්දයෙන් වැඩිදුර තොරතුරු අපගේ ඉදිරි ලිපි තුලින් බලාපොරොත්තු වන්න.
💪 මෙවන් වටිනා සෞඛ්‍යයම කරුණු සම්බන්දයෙන් දැනුවත් වීමට සහ භෞත චිකිත්සමය ප්‍රතිකාර උදෙසා අපගේ YUJEN Physio page එකට ලයික් 👍 කර අප සමගින් එක් වන්න.
👉ඔබ දැනටමත් දණහිසේ වේදනාවෙන් පෙළෙන්නේ නම්, පහත දැක්වෙන පොදු වැරදි ක්‍රියාකාරකම් නිසා ඔබේ වේදනාව තීව්ර වන බව මතක තබා ගන්න. 👇
Prashad Karunarathne
BSc (Hons) in Physiotherapy
Dip in Exercise & Sports Sciences
Y U J E N Physio
0705336683
✳️ඕනෑම අයෙකු තම ජීවිතයේ එක් වරක් හෝ මුහුණ දෙනු ලබන සුලබ තත්ත්වයක් ලෙස කොන්දේ ඇති වන වේදනාව සැලකේ️.😣මෙම තත්වය නිසා බොහෝමයක් දෙනා හට තම එදිනෙදා වැඩ කටයුතු පවා කරගැනීමේ අපහසුතා ඇති වේ.🏃 මූලිකවම මෙය සරල ප්‍රතිකාර මගින් මග හරවා ගත හැකි මුත් බහුතරයක් දෙනා මෙය නොසලකා හැරීම නිසා පසු කාලීනව බොහෝ ගැටලු වලට මුහුණ පෑමේ අවදානම පවතී.⚕️👇
💥කොන්දේ වේදනාව යනු කුමක් ද ?
👉 කොන්දේ වේදනාව යනු සිරුරේ පසුපස පෙදෙසෙ හි එනම් අවසන් ඉල ඇට කිහිපයට පහලින් සහ තට්ටම් වලට ඉහලින් ඇති කලාපයේ හට ගන්නා වූ යම් වේදනාකාරී තත්වයකි.ඇතැම් විට මෙම වේදනාව එම කලාපයේ එක් ස්ථානයක් ආශ්‍රිතව ඇති වන වේදනාකරී සංවේදනයක් මෙන් දැනෙන්වා සේම ඇතැම් විට එය කකුල දිගේ පහලට ගමන් කරන්නාක් මෙන් ද දැනිය හැක.
👉බොහෝ විට මෙම කොන්දේ වේදනාව ශරීරයේ අස්ථි හෝ මාංශ පේශීන්හී ආතතීන් ගේ සිදු වන වෙනස්කම් නිසා හෝ නැවත නැවත අධික බර ඉසිලීම හෝ ක්ෂණිකව අක්‍රමවත්ව ලෙස චලනය වීම නිසා ඇති විය හැක.
ප්‍රධාන වශයෙන් කොන්දේ වේදනාවේ ආකාර දෙකක් පවතී.
1. කෙටි කාලීනව පවතින වේදනාව (Acute Pain)
මෙය සාමාන්‍යයෙන් දින කිහිපයක සිට සති කිහිපයක් ( සති 6 ක් වගේ) දක්වා පැවතීමට හැකිය.ප්‍රතිකාර ගැනීමෙන් ඉක්මනින් මෙම තත්ත්වය මග හරවා ගත හැක.
2. දීර්ඝ කාලීනව පවතින වේදනාව ( Chronic Pain )
මෙම තත්වය කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් මාස 03 කට වඩා වැඩි කාලයක් පැවතිය හැක.
මෙම තත්වය අඛණ්ඩව මාස කිහිපයක් පවතින නිසා එදිනෙදා කටයුතු සිදු කිරීමේදී දිනපතා ගැටලු ගණනාවක් ඇති කරයි.
⚠️️කොන්දේ වේදනාවට බලපෑ හැකි ප්‍රධාන හේතූ මොනවා ද ? 👇
😱 මාංශ පේශි සහ බන්ධනී වල ආතතිය (Muscle strain & Ligaments sprain ) -
මෙම පේශී වල සිදු වන ඇදීම් සහ බන්ධනී වල සිදු වන උලුක්කූ වීම් හදිසියේ ඇති විය හැකි සේම දිර්ඝ කාලීනව සිදු වන ඒකාකාරී චලනයන් නිසා ද එසේ විය හැක.
මාංශ පේශි වල සිදු වන ඇදීම් සහ බන්ධනී (ligaments) වල සිදු වන උලුක්කුවට බලපාන පොදු හේතූන් වනුයේ ,
↪️බර වස්තුවක් එසවීම හෝ එසවීමේදී කොඳු ඇට පෙලෙහි සිදු වන ඇඹරීම
↪️පහල පිටේ අධික ආතතිය ඇති කරන හදිසි චලනයන්
↪️කාලයක් තිස්සේ පවතින්නා වූ දුර්වල ඉරියව්
↪️ක්‍රීඩා අනතුරු
😱හර්නීයකරණයට ලක් වූ කශේරුක තැටි (Lumbar Herniated Disc) -
lumbar තැටියේ ජෙලි වැනි කේන්ද්‍රයට පිටත ඝන තට්ටුව කැඩී ඒ අසල ඇති ස්නායු මූලයන් උද්දීපනය කළ හැකිය. තැටියේ හර්නීය කරන වූ කොටස ප්‍රෝටීන් වලින් පිරී ඇති අතර ඒවා ස්නායු මූලයකට ළඟා වන විට දැවිල්ල ඇති කරන අතර දැවිල්ල මෙන්ම ස්නායු සම්පීඩනය ද ස්නායු මූල වේදනාවට හේතු වෙයි.මෙය ඉතා දැඩි වේදනාවක් ඇති කරයි.
😱 අන්තර් කශේරුක තැටි පරිහානිය ( Intervertebral degenerative disc ) -
කාලයත් සමඟ මිනිසුන් වයසට යත්ම තැටි වල සජලනය නැති වී යයි. තැටියේ සජලනය නැති වීම නිසා එයට බලවේග වලටද ප්‍රතිරෝධය දැක්වීමට නොහැකි වන අතර, හර්නියා ඇතිවීමට මෙය හේතුවිය හැක. තැටි බිද වැටීමට හා spinal ස්ටෙනෝසිස් තත්වයට ද මෙය හේතුකාරක වේ.
😱 සේක්රොඅයිලියැක් සන්ධියේ ක්‍රියා විරහිත වීම- ( Sacroiliac joint dysfunction)
සැක්රොලියැක් සන්ධිය කොඳු ඇට පෙළේ පතුලේ ඇති sacrum ය ශ්‍රෝණියේ එක් එක් පැත්තට සම්බන්ධ කරයි. එය ශක්තිමත්, අඩු චලන සන්ධියක් වන අතර එය මූලික වශයෙන් ඉහළ ශරීරය සහ පහළ ශරීරය අතර කම්පනය සහ ආතතිය අවශෝෂණය කරයි. සක්රොලියැක් සන්ධියේ සිදුවන ආසාදන (සැක්රොයිලයිටිස්) හෝ සන්ධියේ වැඩි හෝ අඩු චලනය වීමක් සිදු වුවහොත් වේදනාකාරී විය හැකිය.
😱 කොඳු ඇට පෙළේ ස්ටෙනෝසිස් ( spinal stenosis)- මෙම තත්ත්වය ස්නායු මූලයන් පිහිටි කොඳු ඇට පෙළ පටු වීම තුළින් වේදනාව ඇති කරයි. පටු වීම කොන්දේ පහල තනි මට්ටමක හෝ මට්ටම් කිහිපයක ඇති විය හැකිය.
😱 ස්පොන්ඩිලොලිස්තේසිස් ( Spondylolisthesis)-
මෙම තත්ත්වය ඇති වන්නේ එක් කශේරුකාවක් යාබද කශේරුකාවක් මතින් ලිස්සා යාමේදී ය.මෙහි ආකාර 5 ක් ඇත.නමුත් වඩාත් සුලභ වන්නේ ෆැසෙට් සන්ධිවල යාන්ත්‍රික අස්ථාවරත්වය නිසා ඇති වන ස්නායු සම්පීඩනය හේතුවෙන් ඇතිවන වේදනාවයි.
😱 අස්ථිමය අක්‍රමිකතා ( Deformities)-
*ස්කෝලියෝසිස් ( scoliosis ) -පැති කුදය
*ලෝඩෝසිස් ( Lordosis ) - කොන්දේ පහල ප්‍රදේශයේ කොදු ඇට පෙල සිරුරේ ඉදිරි පස පෙදෙසට නෙරා ඒමෙන් හට ගන්නා වු තත්වයකි.
*කයිපෝසිස් ( kyposis ) - කොන්දේ පහල කොටසේ කොදු ඇට පෙල සිරුරේ පසු පසට නෙරා යාමෙන් හට ගන්නා වූ තත්වයකි.
😱 හදිසි අනතුරු ( Traumatic Injury )
මෝටර් රථ අනතුරුකදී හෝ ක්‍රීඩා කරන අවස්ථාවකදී කොදු ඇට පෙලෙහි ඇති වන්නා වූ හදිසි අස්ථි බිදීමක් හෝ අස්ථි විසන්ධි වීමක් නිසා හට ගන්නා කොන්දේ වේදනාකාරී තත්වයකි.මෙමගින් මාංශ පේශීන්ට තුවාල සිදුවීම මෙන්ම හර්නීයකරණයට වැනි තත්ත්වයන් ද ඇති විය හැක.
😱 සම්පීඩිත බිදවැටීම් (Compression Fracture)
සිලින්ඩරාකාර කශේරුකාවේ අස්ථි බිඳීම් සිදු වන අතර එමඟින් අස්ථිය පලුදු බවට පත්වන අතර එය හදිසි වේදනාවක් ඇති කරයි. ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි දුර්වල වීම හේතුවෙන් මෙවැනි අස්ථි බිඳීම් බහුලව ඇති වන අතර වැඩිහිටි පුද්ගලයින් තුළ බහුලව දක්නට ලැබේ.
😱 ෆැසට් සන්ධි ක්‍රියා විරහිත වීම ( Facets joint dysfunction )
කොඳු ඇට පෙළේ එක් එක් චලන ඛණ්ඩයේ එක් එක් තැටියේ පිටුපස පැති සන්ධි දෙකක් ඇත. මෙම සන්ධි වල අස්ථි අතර කාටිලේජ ඇති අතර ඒවා වටා කැප්සියුලර් බන්ධනයකින් වට වී ඇති අතර එය ස්නායු වලින් පොහොසත් වේ.මෙම සන්ධි වල චලන පරාසයන්හී ඇති වන දුර්වලතා නිසා කොන්දේ වේදනාව හට ගත හැක.
😱 සයටිකාව (Sciatica )
Sciatica යන්නෙන් අදහස් කරන්නේ ඔබේ කොන්දේ පහළ පිටුපස සිට උකුල සහ තට්ටම් සහ එක් එක් කකුල හරහා අතු බෙදී යන සයටික් ස්නායුවේ ඇති වන පීඩනකාරී තත්ත්වක් නිසා හට ගන්නා වේදනාවයි. සාමාන්‍යයෙන් Sciatica ඔබේ ශරීරයේ එක් පැත්තකට පමණක් බලපායි.මෙය සාමාන්‍යයෙන් නිරන්තර දැවෙන සංවේදීතාවයක් හෝ කොන්දේ පහල සිට ආරම්භ වන වෙඩි තැබීමේ වේදනාවක් ලෙස දැනෙන අතර කලවා සහ කකුලේ ඉදිරිපස හෝ පිටුපස පැතිර යයි.Sciatica වේදනාව සමඟ කකුලේ පිටුපස හිරිවැටීමක් ද ඇති විය හැක.
😱 ඔස්ටියෝපොරෝසිස් ( Osteoporosis )
මෙමගින් ඔබේ අස්ථි දුර්වල කරන අතර ඔබේ කොඳු ඇට පෙළේ අස්ථි බිදවැටීමට හෝ හානී වීමට ඉඩ ඇත.කශේරුක සම්පීඩන බිඳීම් ( Compression fractures ) ලෙස හැඳින්වෙන මෙම කොඳු ඇට පෙළේ අස්ථි බිඳීම් නිසා දැඩි කොන්දේ වේදනාවක් ඇති විය හැකි අතර එමඟින් නැගී සිටීමට, ඇවිදීමට, වාඩි වීමට හෝ වස්තූන් එසවීමට පවා අපහසු වේ.
😱 ආසාදනය ( Infections )
*ඔස්ටියෝමයලයිටිස්( osteomyelitis )
*සැක්රෝලයිටිස් ( Sacroilitis)
*ඩිස්කයිටිස්(Discitis)
ලෙසද හැඳින්වෙන කොඳු ඇට පෙළේ ආසාදනයන් දුලභ නමුත් දැඩි වේදනාවක් ඇති කළ හැකි අතර ප්‍රතිකාර නොකළහොත් ජීවිත තර්ජනයක්ද ඇති වේ. එය ශල්‍යකර්ම, එන්නත් කිරීම් හෝ රුධිර ප්රවාහයන් හරහා ව්‍යාප්ත වීමෙන් ඇති විය හැකිය. ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වූ රෝගීන්ට කොඳු ඇට පෙළේ ආසාදනයක් ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.
👉මෙම තත්වයන් එකක් හෝ කිහිපයක් තිබීම වේදනාවට හේතුව එයම විය යුතු යැයි මින් අදහස් නොවන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. නිදසුනක් වශයෙන්, ඔස්ටියෝ ආතරයිටිස් හෝ පරිහානීය තැටි රෝගය රූප අධ්‍යයනයකින් දිස් විය හැකි නමුත් පුද්ගලයා වේදනාව වාර්තා නොකළ හැකිය.👈
⚠️️ කොන්දේ වේදනාව සදහා හේතුවන අවදානම් සාධක (Risk factors) මොනවා ද ? 👇
🛑වයස (Age)
බොහෝ රෝගීන් වයසට යත්ම පහළ පිටුපස කොන්දේ වේදනාව අත්විඳිති. අස්ථි බිඳීම දක්වා මෙය (ඔස්ටියෝපොරෝසිස්) වර්ධනය විය හැකිය.ඊට අමතරව වයසට යද්දී කොඳු ඇට පෙළේ ස්ටෙනෝසිස් තත්ව, මාංශ පේශි නම්‍යතාවය අඩු වීම නිසා වැඩිවේ.
🛑ශාරීරික යෝග්‍යතාවය( Fitness level )
නිසි උසට සරිලන බරක් රහිත පුද්ගලයින්ට කොන්දේ කැක්කුම ඇතිවීමට වැඩි ඉඩක් ඇත. දුර්වල උදරීය මාංශ පේශි කොඳු ඇට පෙළට ආධාරකත්වය දුර්වල කරයි.
🛑ගැබ් ගැනීම (Pregnancy )
ගර්භණීභාවයේදී බර වැඩිවීම හේතුවෙන් ශ්‍රෝණිය ආශ්රිත වෙනස්වීම් නිසා කොන්දේ ආබාධ ඇති විය හැක. දරු ප්‍රසූතියෙන් පසු මෙය ඇතැම්විට සාමාන්‍යයීකරණය නොවිය හැක.
🛑තරබාරුකම (Obesity )
අධික බර නිසා පිටුපස කොන්දේ වේදනාව ඇති විය හැක.
🛑ජාන(Genes)
ජානමය උරුම වූ තත්වයන් නිසා කොන්දේ අමාරු ඇති විය හැක. ආතරයිටිස් වල ජානමය ස්වරූපයක් වන ඇන්කිලෝසිං ස්පොන්ඩිලයිටිස්( Ankylosing Spondylitis) හි දී කොඳු ඇට පෙළේ සන්ධි එකට තදට සම්බන්ධ වීම නිසා කොන්දේ වේදනාව ඇති විය හැක.
🛑රැකියාව හා සම්බන්ධ අවදානම්(Job related risks)
බර වස්තූන් එසවීමෙන් හා තල්ලු කිරීමෙන් හානී සිදුවිය හැක. දිගු කාලීන වාඩි වී සිදු කරන රැකියා නිසා ඇති වන දුර්වල ඉරියව් හෝ වැරදි පිටුපස ආධාරක හේතුවෙන් කොන්දේ වේදනාව ඇති විය හැක.
🛑මානසික රෝග(Mental Health)
කාංසාව සහ මානසික අවපීඩනය පුද්ගලයෙකුට වේදනාව දැනෙන ආකාරය වෙනස් කළ හැකිය. නිදන්ගත වේදනාව ශරීරයට විවිධ ආකාරයෙන් බලපාන මානසික ගැටලු වර්ධනය වීමට ද හේතු වේ.
🛑ගමන් මලු අධික ලෙස පැටවීම(Backpack Overload)
බර බෑග් වලින් කුඩා දරුවන්ගේ පිටුපස මාංශ පේශි වෙහෙසට පත් විය හැකිය. බෑග්වල බර දරුවාගේ ශරීර බරෙන් සියයට 20 කට වඩා නොවිය යුතුය.
⚠️️කොන්දේ වේදනාව හදුනා ගනු ලබන්නේ කෙසේද ?
➡️ශාරීරික පරීක්ෂණයක් ආරම්භ කිරීමට පෙර රෝග ලක්ෂණ සහ වෛද්‍ය ඉතිහාසය පිළිබඳ තොරතුරු රෝගියා විසින් ලබා දිය යුතු වේ.
➡️අනතුරුව සිදු කරනු ලබන විශේෂ තහවුරු කර ගැනීමේ විශේෂ පරීක්ෂණ ක්‍රම භාවිතා කරමින් කොන්දේ වේදනාවට හේතුව තහවුරු කර ගනු ලබයි.
➡️රෝගියෙකුගේ වේදනාවට හේතුව ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා ඇතැම් විට ස්කෑන් පරීක්ෂා කිරීමක් අවශ්‍ය වේ.☢️( Xray ,CT scan,MRI scan & injection studies)
🕺මේ සදහා ඇති භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම ( Physiotherapy Treatments) -
👉ව්‍යායාම ප්‍රතිකාර (Theraputic Exercises)
👉විද්‍යුත් චිකිත්සක ප්‍රතිකාර ( Electrotherapy )
👉කටු චිකිත්සාව (Dry Needling)
👉Manual Therapy
👉Activities Modification
👉Cupping Therapy
👉Taping Techniques
🤸 👇පහත චායාරූප වලින් ඔබට නිවසේදී සිදු කල හැකි පිටුපස කොන්ද ප්‍රදේශයේ සංචලනතාවය වැඩි කල ගත හැකි සරල ව්‍යායාම ආකාර 4 ක් දක්වා ඇත.💪
🤗හැකි සෑම විටකම නීරෝගීමත් ක්‍රියාශීලි දිවි පෙවෙතක් ගත කිරීම මගින් මෙම කොන්දේ වේදනාවට හේතු වන ඉහත බොහෝ හේතු කාරණා වලින් මිදීමට හැකි බව මතක තබා ගන්න.
🤗හැකි සෑම විටකම ව්‍යායාම කෙරෙහි නැඹුරු වන්න.
🤗තමන්ට අවශ්‍යය වන පරිදි විවේකය සලසා ගන්න.
💪 මෙවන් වටිනා සෞඛ්‍යයම කරුණු සම්බන්දයෙන් දැනුවත් වීමට සහ භෞත චිකිත්සමය ප්‍රතිකාර උදෙසා අපගේ YUJEN Physio page එකට ලයික් 👍 කර අප සමගින් එක් වන්න.😊✌️
Prashad Karunarathne
BSc (Hons) in Physiotherapy
Dip in Exercise & Sports Sciences
Y U J E N Physio
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Website
Address
Opening Hours
Monday | 09:00 - 17:00 |
Tuesday | 09:00 - 17:00 |
Wednesday | 09:00 - 17:00 |
Thursday | 09:00 - 17:00 |
Friday | 09:00 - 17:00 |
Saturday | 09:00 - 17:00 |
Sunday | 09:00 - 17:00 |
Colombo
Physiotherapy home visiting service in Colombo district and Kurunegala. Consultations are done by hi
8/1, Athula Place, Kirulapone Avenue, Colombo 5
Colombo, 0500
Physiotherapy | Rehabilitation | Wellness
Colombo
Competent, Diligent and Result Oriented Physiotherapist holding Master of Physiotherapy (MPT)-Sports from RMMCH (Rajah Muthiah Medical College & Hospital,) Annamalai University, In...
Colombo
Australia, New Zealand, England and Sri Lankan medical council registered Physiotherapist (SLMC 1066)
Colombo, 01
We are a dedicated team of Physiotherapists and Sport therapist who are well qualified in the field
Colombo
SENASRO is a newly established healthcare center which use modern medical technics. We offer variety
Colombo
Physio IN Colombo. If anyone needs appointment; inbox ur contact details . Mon/ wed/thurs/fri/sat
Thimbirigasyaya Road
Colombo, 00500
Personal Fitness Training Combat, Massage & Cupping Therapy Injuries & Pain Treatment Diet Planning
52 Kitulwatte Road Colombo 8
Colombo, 00800
Musculoskeletal and Sports Physical Therapy Clinic based in Colombo, Sri Lanka
Colombo, Western
Colombo, 01
Physiotherapist REG :- SLMC 148(Sri Lanka) Sport Injuries, Neurological Conditi...
Colombo
Being a graduate in physiotherapy,I created this page to publish medical conditions & its physio interventions,through which I can portray all my knowledge & let you take whatever ...
All Islandwide
Colombo
Physiotherapy treatments for Sport injuries,Back and neck pain,Nerve conditions,Body Paralysis