Ceylon News Network
Nearby media companies
00110
Borella
Bank of Ceylon Mawatha
Echelon Square
00100
00100
01000
Colombo
Colombo
World Trade Center
00100
Colombo
Borella
No. 1 Bank of Ceylon Mawatha
Ceylon News is an all in one place for news,
sports, entertainment and lifestyle related stories, images and videos...........
සිසුන්ට ලංගමෙන්, දුම්රියෙන් ලොකු සහනයක්.
පාසල් සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන්ට නිකුත් කරනු ලබන ලංගම ගමන් වාර ප්‍රවේශ පත්‍ර මඟින් සෙනසුරාදා, ඉරිදා සහ අනෙකුත් සියලුම නිවාඩු දිනයන්වල දී ගමන් කිරීමට අවසර ලබා දෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
එම සිසුන්ට ඒ සඳහා අවසර ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබාදි තිබේ.
ඒ අනුව මාසයක් සඳහා ලබාගන්නා වාර ප්‍රවේශ පත්‍ර මඟින් අදාළ මාසයේ සෑම දිනකම ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමට හැකියාව තිබේ.
නිවාඩු දිනවල දී සිදුකරනු ලබන ගමන් වාරවල දී සිසුන් දැඩි අපහසුතාවයන්ට පත් වන බවට ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගෙන රජය මෙම තීරණය ගත්බව ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
මුද්දරයෙන් ඉගෙනගනී. අගමැතිනිගේ පින්තූර භාවිතයට සීමා පනවයි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ඡායාරූප යොදා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන වලට සීමා පනවා ඇත.
රාජ්‍ය ආයතන විසින් සංවිධානය කරන උත්සවය සහ පණිවිඩ, සමහරු සිහිවටන ආදිය සඳහා අගමැතිනියගේ පින්තූරය යොදාගන්නේ නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගත යුතු බවට අග්‍රාමාත්‍ය කාරයාලය දැනුම්දී තිබේ.
සියලුම අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී තිබේ.
සියලු විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාවක්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (10) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දෙනු ලැබීය. රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව සොයා බැලූ ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. සියලු විශ්‍රාමිකයන් හට රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබාදීම සඳහා 2024/08/24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 02/2024 නිකුත් කර තිබුණද, ඒ සඳහා මුදල් වෙන් කර නොතිබිණි. මේ පිළිබඳ සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට අදාළ මුදල් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරින්ට දැනුම් දුන්නේය.
නාමල් සටන අත හරී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මෙවර මහා මැතිවරණය සඳහා තරඟ නොකරන බව වාර්තා වෙයි.
ඒ අනුව ඔහු එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිතව තිබේ. මෙයට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහු හම්බන්තොටින් නොව කුරුණෑගලින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි.
පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ ඡන්ද 342 781ක් ලබමින් සිව්වන ස්ථානයටපත්විය. එය සමස්ත ඡන්දවලින් 2.57%ක ප්රමාණයකි
පාඨලී සජිත් දීගය අවසන්
සමගි ජනබල වේගය තම පක්ෂය සමග ඇති කරගත්, අවබෝධතා ගිවිසුම උල්ලංඝණය කර ඇති බැවින් මෙවර පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් නොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ අනුව, පාඨලී චම්පික රණවක මහතා සමගි ජන සන්ධානයෙන් ඉවත්වී ඇති බව වාර්තා වේ.
ඒ මහතා සමගි ජන සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් අපේක්ෂා කර ඇති අතර එය ප්‍රතික්ෂේප වී ඇති බවයි, වැඩිදුරටත් වාර්තා වන්නේ.
තැපැල් ඡන්දය පැවැත්වෙන දින ගැන නිවේදනයක්
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලූම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලීසියට අදාළ කාර්යාල සඳහා 2024 ඔක්තොම්බර් 30 සහ 2024 නොවැම්බර් 04 යන දෙදින සිදුකිරීමට නියමිතය.
මීට අමතරව අනෙකුත් රජයේ ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 2024 නොවැම්බර් 01 සහ 2024නොවැම්බර් 04 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතය.
සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබා දෙන ලකුණු කිරීමේ දිනය ලෙස 2024 නොවැම්බර් 07 සහ 2024 නොවැම්බර් 08 යන දෙදින නම් කර තිබේ.
මේ අතර තැපැල් ඡන්ද දායකයන්ගේ ලැයිස්තු සහතික කිරීම 2024.10.16 වන දින සිදුකරන අතර, තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.10.23 දින සිදුකෙරේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම 2024.10.26 වන දින සිදුකරන අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා විශේෂ බෙදීමේ දින ලෙස 27,31 සහ 03 වන දින නම් කර තිබේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ අවසන් දිනය වන්නේ 2024.11.07 වනදාය.
ඒ අනුව උක්ත දින පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් දැනුම්වත් කිරීමට අදාළ වැඩ කටයුතු සංවිධානය කිරීමට සැලසුම් කර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා, සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දන්වා තිබේ.
ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්.
වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර කොළඹ හිල්ටන් හෝටලේ රථ ගාලක නතර කර තිබු ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් පරීක්ෂා කිරිමේ දී එය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පරිහරණය කළ එකක් බවයි හෙළිව තිබෙන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විදෙස් තහනමක් ලබාගෙන
මහ මැතිවරණයට රටවල් 8ක නිරීක්ෂකයෝ
මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා ද රටවල් 08 ක නිරීක්ෂකයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා කියයි.
සාක් කලාපීය රටවල් හා රුසියාවෙන් එම නිරීක්ෂකයින් මෙරටට පැමිණෙන බවද ඔහු කියා සිටී.
මීට අමතරව මහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ද මෙරටට පැමිණෙනු ඇතැයි පැවසේ.
ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයින්ද මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා පැමිණෙන බව ඔහු ප්‍රකාශ කළේය.
N සීරිස් වෙනුවට P සීරිස් පාස්පෝට් ඊ පාස්පෝට් තහනම තවදුරටත්
‘N’ සීරිස් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට ‘P’ සීරිස් සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර මිල දී ගැනීමට වැඩබලන ආගමන විගමන පාලකවරියට අභියාචනාධිකරණය ඊයේ (09) අවසර ලබා දුන්නේය.
නව සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීමේදී මෙතෙක් ලබාගත් ‘N’ සීරිස් සාමාන්‍ය ගමන් බලපත්‍ර ලබා ගැනීමට අභියාචනාධිකරණය මීට පෙර අවසර දුන් නමුත් ඒ වෙනුවට ‘P’ සීරිස් සාමාන්‍ය ගමන් බලපත්‍ර ලබා ගැනීමට සිදුවී ඇති බවට වැඩබලන ආගමන විගමන පාලකවරිය දැනුම් දී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මෙම අවසරය ලබා දෙන ලදි. සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර මිල දී ගැනීමේදී අදාළ බලපත්‍ර ගාස්තු, ආරක්ෂක ක්‍රමවේද ඇතුළු කරුණු තීරණ ගැනීම සඳහා වැඩබලන ආගමන හා විගමන පාලකවරිය විසින් පත් කර ඇති පංචපුද්ගල කමිටුවේ තීරණ කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට යටත්ව මෙම අවසරය දෙන ලදි.
එම පංචපුද්ගල කමිටුවේ නිර්දේශය කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන ආගමන හා විගමන පාලකවරියට උපදෙස් දී ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණයට එහිදී දන්වා සිටියේය.
එම විදෙස් ගමන් බලපත්‍ර මිල දී ගැනීමට අදාළව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කරන ලදි. මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම මෝසම කැඳවනු ලැබිණි.
මිල දී ගැනීමට යෝජිත විදේශ ගමන් බලපත්‍රවලින් ඇතැම් ආරක්ෂක අංග ඉවත් කර ඇති බැවින් ඒවා මහජනතාව වෙත නිකුත් කිරීමේදී යම් කාලයක් ගතවිය හැකි බව එහිදී පෙත්සම්කාර එපික් ලංකා පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රමෝද් පෙරේරා මහතා සඳහන් කළේය.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා එම අවස්ථාවේදී සඳහන් කළේ මිල දී ගැනීමට නියමිත නව විදේශ ගමන් බලපත්‍රවලට අදාළ ආරක්ෂක පද්ධති සහ බලපත්‍ර ගාස්තු යන කරුණු සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම කළ යුතු බවය. පෙත්සම්කාර පාර්ශ්වය සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා වැඩබලන ආගමන හා විගමන පාලකවරිය විසින් පංචපුද්ගල කමිටුවක් පත්කර ඇති බව ඒ මහතා කීය.
එම කමිටුවේ තීරණ කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී සඳහන් කළේය.
කරණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම යළි නොවැම්බර් මස 06 වැනිදා කැඳවීමට නියම කළේය.
මේ අතර ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන 05ක් මිල දී ගැනීම වළක්වාලමින් දැනටමත් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය එදින තෙක් තවදුරටත් බලපැවැත්වෙන බව විනිසුරු මඬුල්ල සඳහන් කළේය.
එපික් ලංකා පෞද්ගලික සමාගම මඟින් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය පෞද්ගලික සමාගම් දෙකකින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස්දාහක් මිල දී ගැනීම වළක්වමින් පසුගිය සැප්තැම්බර් මස 26 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඉකුත් ඔක්තෝබර් මස 01 වැනිදා ආගමන සහ විගමන පාලක වෙනුවෙන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම අතුරු තහනම් නියෝගය හේතුවෙන් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
එම නියෝගය හේතුවෙන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන මහජනතාවට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවී ඇති බව ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.
එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු බලධාරීන්ට හැකි වන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමට එදින තීරණය කළේය.
හිටපු මහජන ආරක්ෂක ඇමැතිවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
ඇඹිලිපිටිය – කොළඹ මාර්ගයේ බස් රථයක් ගිනි ගනියි
ඇඹිලිපිටිය – කොළඹ මාර්ගයේ කහවත්ත සහ ගොඩකවෙල අතර මාදම්පේ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ගිනිගැනීමට ලක් වී තිබේ.
ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් පමණ මෙලෙස ගිනි ගැනීමකට ලක්වී ඇත.
කෙසේ වෙතත් එම අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානි හෝ බරපතළ හානි සිදුවී නොමැති බවත්, ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවත් වාර්තා වේ.
දිලිත් ජයවීර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණ සටනට.
සර්වජන බලයේ නාමයෝජනා අත්සන් තැබීම මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරුණි.
එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරගවැදීම සඳහා නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය
ඊට අමතරව මව්බිම ජනතා පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ ගම්පහ දිස්ත්‍රික් නායක මිලාන් ජයතිලක මහතාද නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදුකළේය.
මේ අතර, සර්වජන බලය අද කොළඹ දිස්ත්‍රික්කය සඳහා ද නාමයෝජනා භාරදෙනු ලැබුවේය.
හරිනිගේ කැබිනට් පත්‍රිකාව දෙවරක් ප‍්‍රතික්‍ෂෙපයි. ඖෂධ හිගයක්.
දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය නොලැබීම හේතුවෙන් ලබන වසරේදී (2025 ) ඖෂධ හිඟයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය පැවැසීය .
ඔහු ප්‍රකාශ කළේ ඉදිරියේදී මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණහොත් දේශීය ඖෂධ නිෂ්පාදකයින්ට කඩිනමින් අදාළ ඖෂධ ඇනවුම් ලබා දීමට කටයුතු කරනා බවයි.
2025 වසර සඳහා දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය ඇමති අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශය දෙවන වරටද ප්‍රතික්ෂේප විය.
මෙතෙක් කල් ඖෂධ ලබාගත් දේශීය නිෂ්පාදකයින්ට අමතරව නව දේශීය නිෂ්පාදකයින් ඖෂධ ලබා ගැනීම සඳහා ඇතුළත් කිරීමට අමාත්‍යංශය ගත් තිරණය නිසා අර්බුදයක් නිර්මාණය විය .
ඒ අනුව නව දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා අදාළ සංදේශය කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට මෙසේ කටයුතු කළේය .
කෙසේ වුවවද ලබන වර්ෂයට අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා දේශීය නිෂ්පාදකයින්ට තොග ඇනවුම් මෙතෙක් ලබා නොදීම නිසා ජනවාරි මාසය වන විට ඖෂධ සැපයීමට නොහැකි තත්ත්වයක් මතුවන බව නිෂ්පාදකයින් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇත ඊට හේතුවී ඇත්තේ ඖෂධ නිෂ්පාදනය සඳහා මාස තුනකට අධික කාලයක් ගතවීමයි .
කෙසේ වුවද පැරණි ක්‍රමවේදයට හෝ ඖෂධ ලබා ගැනිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය මෙතෙක් යොමු වි නොමැති බවද වාර්තා වෙයි .
මසාජ් එකට අමතරව බෝනස් දුන්න ස්පා එකක් මාට්ටු
නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය කියයි.
කුලි පදනම මත ලබාගෙන ඇති ගොඩනැගිල්ලක සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත උපාය දුතයන් යොදවා වැටලිමක් සිදු කර එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ එම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කලමණාකාරවරයා අත්අඩංගුවට ගෙන තිබේ
සැකපිට සම්බාහන මධ්‍යස්ථානය ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන ගිය නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් කාන්තාවන් කොලොන්නාව, හසලක, කඩවත, වැලිමඩ, හෝමාගම යන ප්‍රදේශවල පදිංචි අවු 32-47 වයස් කාණ්ඩ වල පසුවන සැකකාරිනියන්ය.
අමරවීර නිල නිවසින් යන්න කලින් නිවසට කරලා තියන දේ
හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.
මෙම නිල නිවස සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දීමට කලින් පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි ද එම යෝජනාව පැවති රජයට ඉදිරිපත් කළේ තමන් විසින් බවද හිටපු අමාත්‍යවරයා කීය.
ඒ අනුව මෙම නිල නිවාසය කොළඹ සිරිමාවෝ බන්ඩාර නායක බාලිකා විද්‍යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමට අදාල සියලු ලිපි කටයුතු අවසන් කළ බවත් ඒ අනුව අද (8) දින සිට නිල නිවස සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පැවරෙන බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය
TATA සමූහ ව්‍යාපාරයෙහි සභාපති “රතන් ටාටා” ජීවිතයට සමු දෙයි.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මියයන විට ඔහු 86 වන වියේ පසුවිය.
වසර 20 කට වැඩි කාලයක් සභාපති ලෙස Tata සමූහ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ‘රතන් ටාටා’ ඉකුත් සඳුදා සිට මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
Tata Sons හි හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව බදාදා දින නිවේදනයක් නිකුත් කරමින් Tata සමූහය නිවේදනය කර තිබේ.
ඔහු වසර 20කට වැඩි කාලයක් Tata සමූහ ව්‍යාපාරයෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය. රතන් ටාටාව හැදින්වෙන්නේ ඉන්දීය ව්‍යාපාරික ක්ෂේත්රයේ ලෙජන්ඩ්වරයෙක් ලෙසිනි.
ඔහුගේ රෝහල් ගතවීම සාමාන්‍ය පරීක්ෂණයක කොටසක් බව Tata මෑතකදී මහජනතාවට සහතික කළද, ඔහුගේ සෞඛ්‍යය පිරිහී ගොස්, ඔහු දැඩි සත්කාර ඒකකයට ගෙන යන ලද බව ද ආරංචි මාර්ග පවසයි.
ටාටා සන්ස් සමූහ ව්‍යාපාරයේ වත්මන් සභාපති එන් චන්ද්‍රසේකරන්, පවසා ඇත්තේ, තමන්ට හොඳ මිතුරෙකු සහ මාර්ගෝපදේශකයකු අහිමි වූ බවය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, සොව පළ කරමින්, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ, රතන් ටාටා දූරදර්ශී නායකයකු සහ දයානුකම්පිත, අසාමාන්‍ය මනුෂ්‍යයකු බවය.
නුවරඑළිය තැපැල්හල යළි තැපෑලට.
ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතා පැවසීය.
150 වැනි ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (09) පැවති උත්සවයකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැඟිල්ල සහ එහි පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බව ඒ මහතා කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීන්දු ගත්තා. නව රජයේ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අප වෙන් කරනවා. ඒක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අපි අත්හිටුවනවා.
ලංකාවේ වැඩිම ආදායමක් උපයන ඇගලුම් කර්මාන්තයට එකවරම සිදු වූ දේ
මෙරට ඇගලුම් කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
බංග්ලාදේශයේ ඇතිවූ ගැටුම් සහ එරට පවතින දේශපාලන අස්ථාවරත්වය මෙරටට ලැබෙන ඇගලුම් ඇණවුම් ඉහළ යාමට හේතු වී ඇති බවට විශ්වාස කරන බවයි, ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.
මෙම වසරේ මේ දක්වා අපනයනයන්ගෙන් 42% ඇඟලුම් අපනයනයන් වන 1 ඇගලුම් අපනයනයන් වු බවයි පැවසෙන්නේ.
එමෙන්ම මෙම වසරේ මුල් මාස 8 තුළදී ඇගලුම් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක් උපයා ඇති අතර, පසුගිය වසරේ එම කාලය තුල උපයා තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් පමණයි.
කෙසේ වෙතත් ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සදහන් කළේ, මෙලෙස ඇණවුම් ඉහල යාමත් සමග ඇගලුම් අපනයන ආදායම තවදුරටත් ඉහල යාම කෙරෙහි යහපත් අන්දමින් බලපානු ඇති බවයි.
අපේක්ෂකත්වය නොලැබුනු කමල් අද්දරආරච්චි මාලිමාව හැර යයි.. වෙනම මැතිවරණයට තරග කරයි.
පැවති ජනාධිපති මැතිවරණයේදී ජාතික ජන බලවේග වේදිකාවේ කථිකයකු බවට පත් පත්වී සිටි රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා දෙවන පරපුර පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇත.
ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
ජාතික ජන බලවේගය පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටි නමුත් ඔහුට ඒ සඳහා නාම යෝජනා නොලැබිනි.
ඒ අනුව ඔහු දෙවන පරපුර සමඟ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරයි.
ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ විපක්ෂයද ශක්තිමත් ලෙස ගොඩනැගීම සඳහා තමන් කටයුතු කරන බවයි.
අලුත් පක්ෂයකින් පාර්ලිමේන්තුවට එන රන්ජන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක සිය නව දේශපාලන පක්ෂය වන එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ නිල වශයෙන් අද කොළඹදී ආරම්භ වුණා.
මෙහිදී මැතිවරණයට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතයි
ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉදිරියේදී කරන දේ ගැන ප්‍රකාශයක්.
ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා නව පාර්ලිමේන්තුවට තරග නොකරන බවත්, ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගන්නා බවට ප්‍රකාශ කර තිබේ.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලනමය සංවාදයට එක්වෙමිනි.
තමා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන බැවින් පක්ෂයේ කටයුතු ඉදිරියට කරගෙන යාමට සහය දෙන බව ඔහු මෙහිදී ප්‍රකාශ කළා.
එලෙස ආණ්ඩුවේ තනතුරු දැරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි ඔහු සඳහන් කරන ලද්දේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ, තමන් විසින්ම දේශපාලනයේ නිරතව ලංකා අග්‍රාමාත්‍යවරිය බවට පත්වූ පළමු කාන්තාව ලෙස හරිනී අමරසූරිය අගමැතිවරිය පත්වන බවත් ඇය උගත්කමින් පරිපූර්ණව තම වගකීම් ඉටු කිරීම අගය කරන බවත්ය
අත්‍යාවශ්‍ය ආහාර ආනයනය කරන්නැයි ජනපති දන්වයි.
රටතුළ කිසිදු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිඟයක් මේවන විට නොමැති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙයි.
ඇතැම් රටවල මේවන විට පවතින යුධ ගැටුම් අත්‍යාවශ්‍ය ආහර ද්‍රව්‍ය ආනයනය කිරීමට බාධාවක් වී නොමැති බව එම සංගමය පවසයි.
ඉදිරි උස්සව සමයේදී හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට කටයුතු කරන බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
උත්සව සමයේ හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී එම සංගමයේ නියෝජිතයින්ට දැනුම්දී තිබෙ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහාය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත.
ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් ( Julie Chung) මහත්මිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ සුබ පැතුම් පණිවිඩය ද ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAID) මඟින් ලබාදිය හැකි මූල්‍ය සහයෝග ලබාදීමට සූදානම් බව ද මෙහිදී ඇමෙරිකානු තානාපතිනිය සඳහන් කළාය.
වංචා දූෂණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙනයන වැඩපිළිවෙලට මූල්‍ය සහ තාක්ෂණික දායකත්වය ලබාදීමටද ඇමරිකානු එක්සත් ජනපදය සහතික විය.
යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ලබා දිය හැකි ඕනෑම සහයෝගයක් ලබාදීමටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමටත් එක්සත් ජනපදය මෙහිදී එකඟාව පළ කර ඇත.
පුනර්ජනනීය බල ශක්තිය, අපනයන කෘෂි කාර්මාන්තයක් ඇති කිරීම හා ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා නව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවලටද සහයෝගය දක්වන බව ඇමෙරිකානු එක්සත් ජනපදය සඳහන් කර ඇත.
දැනට ක්‍රියාත්මක වන ග්‍රාමීය පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නාගරික පාසල් වලටද ඉදිරියේදී ලබාදීම සඳහා සහයෝගය දැක්වීමට ද කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.
ව්‍යාපෘති කිහිපයක් අවලංගු කරයි.
පසුගිය රජය මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඒ අනුව පසුගිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ ”විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය” හා “ජාතික ජන සභා ලේකම් කාර්යාලය” සහ “කෘෂි කර්ම නවීකරණ වැඩසටහන” ක්‍රියාත්මකවීම අත්හිටුවා තිබේ.
ජාතික ජන සභා ලේකම් කාර්යාලය ස්ථාපනය කර තිබුණේ සහභාගිත්ව ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම උදෙසා ය.
එම ව්‍යාපෘතීන් සඳහා කොන්ත්‍රාත් පදනම මත නිලධාරින්/උපදේශකයින් පත් කරනු ලැබ තිබේ.
කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ එම කාර්යාල සහ වැඩසටහන මඟින් අපේක්ෂිත කාර්යයන් අදාළ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බැවින්, ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබ ඇති නිලධාරින්ගේ/උපදේශකයින්ගේ සේවය සැප්තැම්බර් 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීම පිණිස පියවර ගෙන ඇති බවය.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කළ බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දුන් බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඇමෙරිකා ජනපතිගෙන් අනුර ජනපතිට ලැබුණු සුබ පැතුම
ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබේ.
එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතා සිහිපත් කරමින් සමස්ත ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක් කළ ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවදය තවදුරටත් තහවුරු කරමින් පසුගිය ජනාධිපතිවරණය සහ පශ්චාත් ජනාධිපතිවරණ සමය ඉතා සාමකාමී අන්දමින් පවත්වා ගැනීම පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපති බයිඩන් මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙහි මෙසේ සඳහන් කර තිබේ. “මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ආයතනවල ශක්තිය සහ ප්රජාතන්ත්රවාදයේ පදනම වන සාමකාමී නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ඔවුන්ගේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා ජනතාව තුළ වන කැපවීම ඉස්මතු කෙරේ.“
සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය අත්පත් කර දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපති ජෝ බයිඩන් මහතා අවධාරණය කර තිබේ.
සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ ප්‍රගතිය අත්පත් කර දීම සඳහා දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද එක්සත් ජනපද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව ඉස්මතු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ජනාධිපති බයිඩන් මහතා විසින් සුභවාදී අදහස් පළ කරන ලදී.
ආර්ථික වර්ධනය, කලාපීය ආරක්ෂාව සහ ප්රජාතන්ත්රවාදී පාලනය යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම උදෙසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් සඳහා ස්ථාවර, සෞභාග්‍යවත් සහ වඩා සාධාරණ රටක් පිළිබඳ වන දැක්ම සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා යොමු කළ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම පණිවිඩය ඇමෙරිකානු-ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ලබන අතර, කලාපයට ප්රතිලාභ ගෙන දෙන සහ ප්රජාතන්ත්රවාදී මූලධර්ම ආරක්ෂා කරන මුලපිරීම් සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට දෙරට තුළම ඇති සූදානම ද පෙන්නුම් කෙරේ.
ඩොලරය තවත් පහළට.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 288.96ක් ලෙස සහ විකුණුම් මිල රු. 298.03ක් ලෙස පහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැණුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 289.50 – රු. 297.50
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 290.00 – රු. 298.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 289.50 – රු. 296.50
සෙලාන් බැංකුව – රු. 289.25 – රු. 296.75
එන්.ඩී.බී. (NDB) – රු. 289.50 – රු. 297.50
අමානා බැංකුව – රු. 291.00 – රු.296.10
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Website
Address
Level 37, West Tower, World Trader, Colombo 01
Colombo
0010
EAP Broadcasting Company Limited, “Bellatrix Building”, No. 752/5, Drive Danister De Silva Mawatha, Dematagoda, Colombo 09 (Orion City)
Colombo, 00900
Swarnavahini TV: Best entertainment with teledramas, reality shows, news, and lifestyle programs.
Independent Television Network, Wickramasinghepura
Colombo, 10120
The Official Fan Page of the Vasantham TV | The Spring of Life
140/5/1/1A, Avissawella Road, Mahabuthgamuwa, Wellampitiya
Colombo
Knowledge sharing channel towards a better SriLanka
07 Alfred House Gardens Colombo 03
Colombo, 10100
The official media channel of the Sri Lanka Mission of Seventh-day Adventists. Launching soon!
Colombo
Your digital EDUTAINMENT television confidante! IdeaTV, an entertainment, Information & quality-oriented web channel,conceived to inaugurate a fresh approach to television content...
R. G. Senanayake Mawatha (Old Gregory Road), Colombo 07
Colombo
Peace of mind to all...!
Colombo
ආලින්දයේ මැවෙන දසුන් පෙළහර! SRI LANKA'S ENTERTAINMENT CHANNEL •Dasun TV •Dasun FM •Dasun LIVE NEWS