Old Palians Football Club
Welcome to Old Palian's Football Club Page,
🎖️️පාසැල් ක්‍රීඩකයින් ඇගයීම🎖️️
2024/04/19
⚽🎯අවුරුදු 🎯⚽
🌟ධර්මපාල විද්‍යාලයීය පාපන්දු ක්‍රීඩකයින්
අවුරුදු යනු සංස්කෘතිකමය වශයෙන් වැදගත් වූ උත්සවයක් වගේම ඒ හා සම්බන්ධ වූ තම ජීවිත හැඩගස්වා ගතයුතු යහපත් වූ ගුණාංග, ගුණධර්ම ජීවිතයට උකහාගෙන අවසන තම ජීවිතය ජයගත් යහපත් දිවිපෙවතක් ගතකරන පුරවැසියන් ලෙස ජීවත් වීම අප කාගේත් පැතුම විය යුතුය.
ඔබ ජීවිත තුල ක්‍රීඩා කෞශල්‍යය ගොඩනැගීම පමණක් නොව මෙවන් ක්‍රියාකාරකම් තුලින් ජීවිතය ජයගත හැකි ගුණාත්මක සාධක ඔබේ ජීවිතයට හුරුපුරුදු කරවීම අප සතු යුතුකම හා වගකීම වේ. සහ ඒ සදහා එක සිතින් සහයෝගය දක්වන සියලුම දරුවන්ට සහ එම දෙමාපියන්ට සහ ආදිශිෂ්‍යයන් ඇතුළු සියලුදෙනාට අපගේ ගෞරව පූර්වක ආදර ස්තූතිය🙏
ලලිත් දෙහිගහවත්ත
බුද්ධික ඩයස්
ආ.ධ.පා.ස
Past Pupils' Association - Dharmapala Vidyalaya Pannipitiya Lalith Dehigahawatta Buddhika Dias Dharmapale Api Ranga Pathirage Thusitha Naminda Gihan Ariyarathne
සංවේගයෙන් යුතුව දැනුම්දීමයි...!
අපගේ සහෝදර රුවින්ද මාරසිංහ මහතාගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.
අවසන් කටයුතු සිකුරාදා සවස(2024/03/01)
5.30ට කොට්ටාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත අතර
👉දේහය දියගම මල් ශාලාවේ බ්‍රහස්පතින්දා(2024/02/28) සවස 6 සිට 10 හා සිකුරාදා උදේ සිට ආගමික කටයුතු දක්වා තැන්පත් කර ඇත.
එම පියාණන්ට අවසන් ගෞරව දැක්වීම සදහා සෑම අයෙකුම සහභාගි වන්න.
පියාණනි ඔබට නිවන් සුව..!🙏
ආ.ධ.පා.ස
Past Pupils' Association - Dharmapala Vidyalaya Pannipitiya
PERAMAGA DVP
Buddhika Dias
Lalith Dehigahawatta
Dharmapale Api
Ranga Pathirage
Gihan Ariyarathne
Thusitha Naminda
Malaka Weligodapola
Dulanka Abeynanda
🌟 2024/02/12 එනම් අද දින පැවති ජාත්‍යන්තර පාපන්දු පුහුණු, වීඩියෝ දර්ශන වැඩසටහන සදහා වයස අවු 16න් පහල විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම සහභාගි වූ අතර ඒ තුලින් තම තමන්ගේ දැනුම වර්ධනයට මහත් පිටුවහලක් වන්නට ඇතැයි සිතමු. එමෙන්ම ඒ ලබාගත් දැනුම පුහුණුවීම් වලදී මෙන්ම ඉදිරි සතියේ පැවැත්වීමට නියමිත තරග වලදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් ප්‍රයෝජනයට ගැනීමෙන් එහි සාර්ථක ප්‍රතිඵල ලබා ගනු ඇතැයිද අපේක්ෂා කරමු.
මෙම වැඩසටහන සදහා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගම් කාර්යාලය සහ එම උපකරණ ලබාදෙමින් සහයෝගය දැක්වූ ආදි ශිෂ්‍ය සංගමයේ ගරු විධායක සභාපති තුමන් සහ ගරු ලේකම් තුමන් ඇතුළු එම නිලධාරී මණ්ඩලයටත්, පෙරමග දශක කණ්ඩායමටත් අපගේ ගෞරව පූර්වක ස්තූතිය🙏
ලලිත් දෙහිගහවත්ත
බුද්ධික ඩයස්
Pan Asia Bank
Football Sri Lanka
Obesekarapura
Old Palians Football Club
Old Bomiriyans FC
New Eagle S.C Rajagiriya
Buthgamuwa Youth Sports Club
Kotte FC
Maharagama Football Club & Academy
Lahiru Malinda
Kusal D Dewappriya
Prabath Tharaka Widdiyapathi
Sunil Jayaweera
Sidath Mangala
Vinod Udayakumara
Sri Jayawardenapura Kotte Football League
Football Sri Lanka
Pan Asia Bank
💥💥 14th January 2024💥💥
Dear All,
We wish you a happy and very successful 2024 New Year🙏
O.D.F.C
2023/12/24
_සමාලෝචනය_
⚽ *සුහද Futsal පාපන්දු තරගාවලිය 2023*⚽
ආදි ධර්මපාලීය පාපන්දු සමාජයේ ගරු සභාපති/පුහුණුකරු ලලිත් දෙහිගහවත්ත ගුරු පියාණන්ගේ සංකල්පයක් මත අද දින පැවැත්වූ සුහද Futsal පාපන්දු තරගාවලිය සදහා සහභාගි වූ සියලුමදෙනා හට තෑගි බෝග මුදල් නොලැබුනත් ඔබේ පාපන්දු ජීවිතයට කිසියම් වූ අත්දැකීමක්, පිටිවහලක් වන්නට ඇතැයි සිතමු ඒ වගේම ඔබ අද දවස ආසාවෙන් ගත කලා සේම ඔබගේ ශරීර සෞඛ්‍යටද යහපත් ලෙස ප්‍රයෝජනවත් වන්නට ඇතැයි සිතමු.
මෙම තරගාවලිය සාර්ථක කරගැනීම සදහා සහයෝගය දැක්වූ සියලුම ක්‍රීඩකයන්ට, සියලුම ක්‍රීඩා සමාජය වල නිලධාරි මහතුන්ට සහ පුහුණුකාර මහත්වරුන්ට අපගේ ගෞරව පූර්වක ස්තූතිය..⚽❤️🙏
මේ සදහා ක්ෂණිකව ක්‍රීඩා පිටිය ලබාදෙමින් සියලුම ක්‍රීඩා සමාජ සදහා සහයෝගය දැක්වූ දෙපානම එක්සත් ක්‍රීඩා සමාජයට සියලුම ක්‍රීඩා සමාජ වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය පුදකරමු.⚽❤️🙏
⭐ක්‍රීඩාවේ උන්නතිය උදෙසා අප හා සුහදව සම්බන්ධ වූ පහත සියලුම ක්‍රීඩා සමාජ වලට, ඉදිරියේදීත් මෙවන් එකමුතුවීම, බැදීම තුලින් ක්‍රීඩාවේ සැබෑම අරුත සමාජ ගත කරන්නට ආරාධනා කරමු.
1.Depanama United SC
2.Old Palians FC A/B
3.Old Bomiriyans FC A/B
4.HGS Blue FC
👉අද දින පැවැත්වූ සියලුම තරග ප්‍රමාණය 13කි.
තරග කාලය 5 - 1 - 5 (වි10)
සියලුම ක්‍රීඩකයින් - 52
ප.ව 2.40 සිට ප.ව 6.30
⚽තරග ප්‍රතිඵල (ඔබගේ කණ්ඩායම සකසා ගැනීම සදහා ඉදිරිපත් කරමු.)
1.
HGS Blue - 04
Old Palians B - 00
2.
Old Bomiriyans A - 01
Old Palians A - 00
3.
Old Bomiriyans B - 02
HGS Blue - 00
4.
Old Bomiriyans A - 00
Old Palians B - 00
5.
Old Palians A - 00
Depanama United - 00
6.
Old Bomiriyans B - 02
Old Palians B - 01
7.
Depanama United - 01
HGS Blue - 00
8.
Old Bomiriyans B - 00
Old Palians A - 01
9.
Depanama United - 00
Old Bomiriyans A - 04
10.
HGS Blue - 00
Old Palians A - 01
11.
Old Palians B - 02
Depanama United - 02
12.
HGS Blue - 03
Old Bomiriyans A - 00
13.
Old Bomiriyans B - 01
Depanama United - 01
ක්‍රීඩාවේ උන්නතිය සදහා සහයෝගය දැක්වූ ඔබ සැමට ස්තූතියි..⚽🙏
ආ.ධ.පා.ස
Football Sri Lanka
Pan Asia Bank
💥POSTPONED💥
කාටද මතක අතීතය ? මතක අය, ගිය අය, කියමු බලන්න⚽😃
ඔබ ලග පරණ චායාරූප එහෙම තිබ්බොත් එවන්න අපට 🙏
Past Pupils' Association - Dharmapala Vidyalaya Pannipitiya
Malaka Weligodapola
Dulanka Abeynanda
Buddhika Dias
⚽BACK TO SCHOOL⚽
අභිමානවත් ධර්මපාල විද්‍යාලයීය පාපන්දු ක්‍රීඩකයන් හැටියට වචනයෙන් කිව නොහැකි ඒ ඓතිහාසික මොහොතට සම්බන්ධ වූ ඔබට සහ සම්බන්ධ වන්නට බැරි වූ ඔබටද මෙම චායාරූප එකතුව බලා ඔබගේ හැගීම ප්‍රකාශ කරන්න. ඔබ ලගත් චායාරූප ඇතොත් අප වෙත Inbox කරන්න නැත්නම් Comment කරන්න අපි එය නැවත Upload කරන්නම්😉
එක දහස් බර ගණන්වල සිට 2022 දක්වා පාපන්දු ක්‍රීඩා කල ඒ වගේම නොයෙක් වසර වල නායකත්වය දරපු ජේෂ්ඨතමයො සහ කනිෂ්ඨයො එකම තරග බිමක මුනගැසුනු ඒ අභිමානවත් මොහොත.
🙏❤️ ආදි ධර්මපාලීය පාපන්දු සමාජයේ ගෞරවනීය ආරාධනය පිලිගෙන අතීත ආවර්ජනයේ අභිමානය මිහිරියාව විදින්නට අප හා සම්බන්ධ වූ ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තූතිය🙏
එමෙන්ම මෙම වැඩසටහන සංවිධානය කල විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයට සහ එම සංවිධායක මණ්ඩලයට අපගේ ගෞරවනීය ස්තූතිය 🙏
ආ.ධ.පා.ස
පාපන්දු පවුල
Football Family 👇
ඔන්න හෙටයි අපේ වැඩේ යාළුවනේ⚽⚽⚽
🏆⚽ඔයාලගෙ Jersey ටිකත් ලෑස්ති කරන ගමන් ඉන්නෙ😊 ඔයාල අස නැද්ද Team එකේ ඇන්ද ඔයාගෙ ආසම NO එක අදින්න. කලින් කිව්වොත් වෙන් කරල දෙන්නම් 😉
MUSIC EVENING
4.00PM ONWARDS
Palians Back to School - 2023
💜️💜️💜️
👉 මොකද්ද මේ වැඩේ 🤔? - මේක අපේ ඉස්කෝලේ කාලේ යාලුවෝ ඔක්කොම එකතු වෙලා පරණ සුන්දර මතකයන් බෙදාගන්න දවසක් . කෙටියෙන් කිව්වොත් අපේ ඉස්කෝලේ back to School event එක
👉 කවද ද තියෙන්නෙ 🤔? - 2023 දෙසැම්බර් 16 සෙනසුරාදා
👉 කොහෙද තියෙන්නෙ 🤔? - ඉස්කෝලේ ම තමයි, එහේ නැතුව 🌙 තියන්න ද 🤭😊
👉 කීයටද වැඩේ තියෙන්නෙ 🤔? - උදේ 7.30 ඉඳලා හවස 6 පහුවෙනකම්
👉 එච්චර වෙලා 🤔? - ඔව්
👉 දැන් කාටද මේ වැඩේට එන්න පුළුවන් 🤔? - ඉස්සරත් වෙන ඉස්කෝලවල අයට අනවසරයෙන් ඉස්කෝලේ ඇතුලට එන්න දුන්නේ නෑ නේහ්..🫵🤔 ඒ වගේ තමයි එදාටත් 🙃🙃.දවසක් හරි ඉගෙන ගත්ත කෙනෙකුට මේකට එන්න පුලුවන්. රට හිටපු අයත් වැඩේට එනවා කියලා තියෙන්නේ
👉 එතකොට අපි එන්න ඕනේ කීයටද 🤔? - උදේ 7.30ත් හවස 4.30ත් අතර ඕන වෙලාවක එන්න පුළුවන්. හැබැයි උදේ ඉදලම ඉන්න පුලුවන් නම් fun events ගොඩකට set වෙන්න පුලුවන් . ඒත් දවසම ඉන්න බැරි නම් පොඩි වෙලාවකට හරි ඇවිල්ලා යන්න.
👉 අප්පා... ඒ කියන්නෙ කන්න එහෙමත් දෙනවද 🤔? - නෑ, ඒත් එන හැමොටම කැමති කැමති කෑම ගන්න food stalls ගොඩක් arrange කරලා තියෙන්නෙ 👌👌.
👉 ඇඳගෙන එන්න ඕනෙ මොනාද 🤔? -school uniform තමයි ඉතිං හොදම.. බැරිම නම් ආදි ශිෂ්‍ය සංගමෙන් ගහපු ලස්සන ටී ශර්ට් එකත් එක්ක ඩෙනිමක් අදිමු. සපත්තු දෙකකුත් දාමූ.
👉 දැන් කොහෙන් ද මේ හදිසියේ uniform හොයන්නේ 🤔? කලබල වෙන්න දෙයක් නෑ මහරගම CIB එකේ තියෙනවා. ඒ නැතත් event එක දවසට CIB ජංගම රථයෙන් උනත් මිලදී ගන්න පුලුවන් 🙃
👉 සිරාවට අහන්නෙ... ටී ශර්ට් එක ගොඩක් ගනන් ද 🤔? ගොඩක් ගණන් වැඩි නෑ .. cost එකත් cover, අපි හැමොටමත් සාධාරණ රුපියල් 1900 කට ගැලපෙන size එකෙන් ගන්න පුලුවන් 🥰
👉 වැඩේට එන්න ටිකට් එකක්, පාස් එකක් වගේ දෙයක් ඕනෙද 🤔? ඔව් ටිකට් එක රුපියල් 1000 යි👍
👉 අපිව ගේට්ටුවෙන් ඇතුලට ගනී නේද 🤔- අනිවාර්යයෙන්ම ගන්නවා .හැබැයි ටිකට් එක බලලා 🤣ඒ හින්දා ටිකට් එක පෙන්නලා ,සංවිධායක මණ්ඩලයෙන් දෙන බෑන්ඩ් එක අනිවාර්යයෙන්ම දාගන්න 🤛
👉ටී ශර්ට් ,ටිකට් කලින් ගන්න බැරිද🤔? - අපොයි පුළුවන්. PPA office එකට ආවොත් වැඩි වෙලා නොගෙන ඔය ඔක්කොම අරන් යන්න පුලුවන් .තව ticket outlet ගොඩකුත් තියෙනවා.
👉 අපිට කැමති වෙන ඇදුමක් ඇදන් ආවොත් 🤔🤔🤔? ඉස්සරත් uniform නැතුව ඉස්කෝලේ ට ගත්තේ නෑ නේද 🫵 😂 back to school නිසා ඒ වගේම තමයි, ඒ නිසා uniform එක හරි , ටී ෂර්ට් එක හරි අනිවාර්යයෙන් අදින්නම ඕනී . කැමති සපත්තු දෙකක් (ඩෙක් දෙකක් උනත් )දාන්න පුලුවන් 🤛
👉 ඇවිල්ලා අපිට මොනාද කරන්න තියෙන්නෙ 🤔? - ඉස්කොලේ කාලේ වගේම උදේ රැස්වීමට ඉදලා (බොරුවට 🤥 කලන්තේ දාන්න ඔට්ටු නෑ හැබයි 🫣), යාලුවෝ එක්ක පන්තියේ එකට ඉදගෙන ඉදලා,සිංදු කියලා ,පොර කකා කෑම කාලා අපිට උගන්නපු ගුරුවරු හම්බ වෙලා, පිට්ටනියේ සෙල්ලම් කරලා, 📷 අරන්,DJ, Fun games එක්ක සතුටින් ම දවස ගෙවන්න පුලුවන්
👉 ටිකට් එදාට ගන්න පුලුවන් නේද 🤔🤔- පුලුවන් පුලුවන් ,එත් එදාට පෙට්ට්‍රල් පෝලිම් , ගෑස් පෝලිම් වගේ දිග පෝලීමක් තියේවී. වැඩේ ඉක්මනට පටන් ගන්න නිසා කලින්ම ටිකට් ගත්තා නම්, cool 😎 එකේ event එකට සෙට් වෙන්න පුලුවන්
👉 වාහන නවත්තන්නෙ කොහෙද 🤔? කට්ටිය ගොඩක් එන නිසා ඉස්කෝලේ ඇතුලේ නම් බැරි වෙනවා.😔😔 පිරිවෙන ඇතුලේ ධර්මපාල මාවතේ තියෙන හිස් ඉඩමෙයි සල්ලි💰💰 දීලා වාහන නවත්වන්න පුලුවන්. එහෙම නැත්නම් ඉස්කෝලේ ඉස්සරහ පාර දෙපැත්තේ ත්, ශිෂ්‍යභට මුලස්ථානය තියෙන තැනත් වාහනය නවත්වන්න පුලුවන්🙂🙃
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the business
Telephone
Website
Address
Colombo
22246
Opening Hours
07:00 - 10:00 |
University Of Colombo
Colombo
This is the official page for all the people who play Baskeball at UOC and for all the people who love and cheer for UOC Basketball !
Colombo
This is the “Official” WKF SRI LANKA page. Check out our world WKF Website at www.wkf.org.au
CR&FC Sports Complex, 28 Malalasekara Mawatha
Colombo
Dare to Dream BIG!