RN Products
100% Natural herbal tea products
අක්මාවේ මේදය නසන ආයුර්වේද සත්කාරය…
උපුටා ගැනිමකි ✍️
යකිනාරං-
(Atalantia ceylanica)
සෙම් ප්‍රතිශ්‍යාව කැස්ස ඇදුම ආදි ශ්වසන රෝගවලට එරෙහිව ක්‍රියාකිරීමේ විශේෂ හැකියාවක්. ඇති යකීනාරං
මෙවැ නි ශ්වසන වසංගත සමයක දී මහෝපකාරීවන ශාකයක්.
එය ප්රතිශක්තිවර්ධක හා වෛරස්නාශක ගුණ සහිතයි .
එසේම ආහාර රුචිය වඩන්නක් ලෙසත් ක්‍රියාත්මක වන්නක්.
.යකි නාරං කොළ තැම්බූ වාෂ්ප හිසට මුහුණට ඇල්ලිමෙන් ශ්වසන අපහසුතා මග හැරෙන අතර ඉන් උණ හිසරදය ආදී තත්ත්වයන්ද පාලනය කෙරෙනවා.
සෙම පැසවීමට කැස්ස සුවපත් කිරීමට කොළ කැඳත් උපකාරීවෙනවා.
නිතර යකි නාරං කොළ කැඳ පානය කරන්නේ නම් අක්මාවත් ආරක්ෂාවනවා
එහි ඇතිවන සෙංගමාලය ෆැටි ලිවර් ආදි රෝගවලින් ද වැළකිය හැකි බව සඳහන් වෙනවා.
ඉන් විසවීම් හා අසාත්මිකතා දුරුවන බව ද සඳහන්.
සෙංගමාලය සෑදුණුවිට එය පාලනය කිරීමටත් යකි නාරං කොළ කැඳ කිතුල් හකුරු සමග පානය කිරීමට ලබා දෙනවා.
යකිනාරං මීටර් 2 ක් පමණ උසට වැවෙන අතු පැතිරෙන ශාකයක් .
අලංකාර සුදුමල් පොකුරුවලින් පල ලබා දෙන අතර ඵලාවරණය පැඟිරි සහිතයි. බීජ හා මුල් මගින් ව්‍යාප්තිය සිදුවනවා.Rutaceae කුලයට අයත්.
යකි නාරං උඩුදෙහි වල් දෙහි යක් දෙහි ලෙස ද හැඳින්වෙනවා.
සම්බෝල සඳහා ගෙඩියේ යුෂ යොදා ගන්නා අතර. විනාකිරි සමග මිශ්‍රකර රසකාරකයක් ද ඉන් සකසා ගනු ලබනවා.
එය උණ නිසා ඇතිවන කෑම අරුචිය ද දුරුකරන්නක්.
යකිනාරං බලි තොවිල් ගුරුකම් සඳහා ද යොදාගනු ලබන්නක්.. යාග හෝම ආදියේදී අවශ්‍යවන පස්පැඟිරි එකතුවට දෙහි දොඩම් නාරං . නස්නාරං සිදරං සමග එක්කරගන්නවා.
ජ්‍යෝතීර්වේදීන් යකි නාරං ගසට ලබා දෙන්නේ ඉමහත් ගෞරවයක්.
නපුරු සිහින පෙනෙන්නේ නම් ඉන් මිදීමට යකි නාරං අත්තක බාරයක් ගැටගැසිය යුතු යයි ඔවුන් පවසනවා.
එසේම සරු පලදා ඇති ගස් ඇස්වහ කටවහවලින් ආරක්ෂා කිරීමටද යකිනාරං අත්තකට හැකි බව කියා සිටිනවා.
ශාකයේ සියලු කොටස් ඔසු ගුණයෙන් යුතු අතර විවිධ රෝග ප්‍රතිකාර සඳහා ඖෂධ ලෙස යොදාගන්නා බව සඳහන්.
අක්මා සෙම් රෝග වලදී මෙන් ම , උණ , අරුචිය අජීර්ණ, පක්ෂඝාත ස්නායු රෝග , සන්ධි ඉදිමුම්, ආමාතිසාර චර්ම රෝග , සන්නි රෝග, සර්ප විෂ ආදියේදී යකි නාරං කොළ මුල් පොතු ගෙඩි යොදාගෙන ප්‍රතිකාර කෙරෙනවා.
මුහුණෙන් කොටසක් අකර්මණ්‍ය වන අර්දිත තත්ත්වයේදී යකි නාරං කොළ කෙටූ ප්‍රලේපය ආලේප කරන බව සඳහන් .
සමේ කැසීම් වැනි චර්ම රෝගවල දී කොළ තැම්බූ වතුරෙන් සෝදනු ලබනවා.
පනු දද ආදියට ප්‍රතිකාර සඳහා ද කොළ යොදාගන්නවා.
අනෙකුත් පැඟිරි ගෙඩිවල මෙන්ම යකි නාරං ගෙඩියේ ලෙල්ලද පිළිකා නාශක ගුණයෙන් යුතු බව සඳහන්වනවා
ඉන් ලබාගන්නා තෙල් ආලේප කිරීමෙන් සන්ධි ඉදිමුම් , පක්ෂඝාත රෝග තත්ත්වවලදී සහන ලැබෙන බවද සඳහන්.
මීමැසි බමර විෂ දුරුකිරීමට යකිනාරං මුල් දෙහි ඇඹුලෙන් ගලගා කෑ මුඛයෙහි ගල්වනවා.
අජීර්ණ අතිවූවිට ශාකය කොටා යුෂගෙන ගිනියම්කළ යකඩයක් ඔබා මීපැණි මුසුකර ලබාදීමෙන් ගුණ ලැබෙන බවද සඳහන් කෙරෙනවා.
යකිනාරං රුධිරගත මේදය පාලනයටත් උපකාරිවන්නක්.
කරපිංචා හා හීන් බෝවිටියා සමග මාරුවෙන් මාරුවට යකිනාරං කැඳ පානය කිරීමෙන් කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරගත හැකි බව සඳහන්.
උපුටාගැනිමකි…
සුභ අලුත් අවුරුද්දක් වේවා… 🙏🏻❤️
RN Green Products 🩷💚
Orders From Last Week 🚚😍🥰
RN Green Products 😍
හීං බෝවිටියා / osbeckia octandra
බෝවිටියා සදහා කුරුවීනා යන නාමය අතීතයේ භාවිතා කර ඇත. හීංබෝවිටියා බහුලව අතු බෙදී පඳුරක් ලෙස වර්ධනය වන බහුවාර්ෂික ශාකයකි. මේ ශාකය අප රටට ආවේනිකය. කුඩා අතු ශක්තිමත් බවින් අඩු අතර පිට පොත්ත රතට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. කොළවල මද වශයෙන් බූව ඇත. පෙති පහකින් යුක්ත ලා දම්පැහැති මල අලංකාරවත්ය. දම් පැහැති අලංකාරවත් මල දකුණු පලාත් පුෂ්පය වශයෙන් නම් කර ඇත. කුඩා ගෙඩි තුල හට ගන්නා බීජ මගින් සහ අතු කැබලි මගින් ප්‍රචාරණය සිදුවේ. දම් පැහැති ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. මෙහි කොළ සහ ළපටි දඬු ආහාරයට ගනී. හීං බෝවිටියා Melastomataceae උද්භිද කුලයට අයත් ශාකයකි. බෝවිටියා වර්ග ගණනාවක් ලංකාවේදී මෙන්ම ඉන්දියාව ඇතුලු රටවලදී ද දැකගත හැකිවුවද හීන්බෝවිටියා ශාකය ලංකාවේම පමණක් දකින්නට ඇති ඖෂධීය වටිනාකම් සහිත ශාකයකි.
දියවැඩියාව , අර්ශස් , සෙංගමාලය , අක්මාවේ රෝග , රුධිරයේ අධික මේදය පැවතීම යන රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ කොළ , පොතු, මුල් ආදිය යොදාගනී.
* රුධිරයේ මේදය අධික පුද්ගලයින්ට සහ සෙංගමාල රොගීන්ට හීං බෝවිටියා කැඳ බොහෝ සේ ගුණදායකය.
* සෙංගමාලය රෝගයේ දී හීන් බෝවිටියා වෑංජනයක් ලෙස ආහාරයට ගැනීමද නිර්දේශ කෙරේ.
බඩේ රිදීමකින් තොරව කීප වරක් බඩඑලියේ යන විට හීන් බෝවිටියා කිරට උයා ආහාරයට ගැනීමෙන් එම රෝගී තත්ත්වය සුව වෙයි.
* තරමක මේරූ පත්‍ර කොටා පොල් , කැකුළු හාල් සමඟ කැඳ පිස උදෑසන කිතුල් හකුරු සමඟ බීමෙන් ශරීරයේ අධික උෂ්ණය නැති වී යන බව සඳහන් වෙයි.
* මුත්‍රා දැවිල්ලට හීං බෝවිටියා ශාකයම තම්බා බීම ඔසුවකි.
* හීං බෝවිටියා පිළිකාවන්ට ප්රතිවිරෝධීතාවයක් දක්වයි.
* ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර වීෂබීජ වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහල නංවන බව ද සඳහන්.
$$$ හීං බෝවිටියා , උඩහලු , මොනරකුඩුම්බිය , මුස්සැන්ද හා යකිනාරං කියන ශාක හා මුං ඇට දමා සදා ගනු ලබන කැද මාසයක් පමණ අක්මා රෝගීන්ට දෙන්නේ නම් අක්මා රෝගය සදහා සාර්ථකම ඔසුව එයම බව කියවෙයි. අක්මාවේ දිය වුනු කොටස් පවා එම කැද පානය කිරීමෙන් නැවත ලියලන බවද සදහන් කල යුතුමයි.$$$
සෙංගමාලය රෝගයේ දී හීන් බෝවිටියා වෑංජනයක් ලෙස ආහාරයටත් උදෑසන හිස් බඩ කැඳක් ලෙසටත් භාවිත කරන ලෙස දේශීය වෙදකමේත් ආයුර්වේදයේත් නිර්දේශ කෙරෙයි. බඩේ රිදීමක් නැති ව කීප වරක් බඩ යන විට හීන් බෝවිටියා කිරට උයා ආහාරයට ගැනීමෙන් එම රෝගී තත්ත්වය සුව වෙයි. හීං බෝවිටියා ළපටි කොළ වෑංජනයක් ලෙස උයා ආහාරයට ගත හැකි ය. මේරූ පත්‍ර සලාද සැදීමට ද ගනී. දිනපතා දින 5ත් 7ත් අතර කාලයක් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව අඩු වන බව සඳහන් වෙයි. තරමක මේරූ පත්‍ර කොටා පොල්, කැකුළු හාල් සමඟ කැඳ පිස උදෑසන කිතුල් හකුරු සමඟ බීමෙන් ශරීරයේ අධික උෂ්ණය නැති වී යයි. රුධිරයේ මේදය පාලනය වේ. සෙංගමාලය රෝගයේ දී මේරූ හීන් බෝවිටියා කොළ පොල් සමඟ කොටා මිරිකා හීනටි හාලෙන් කැඳ උයා දින කීපයක් ලුණු නො දමා හිස් බඩ බීමෙන් සුවය ලැබෙයි.
හීංබෝවිටියා ශාකයේ ඉතා කලාතුරකින් ඇතිවිය හැකි දක්නට ලැබෙන සුදුමල සහිත හීන්බෝවිටියා ශාකය ඖෂධීය ගුණාත්මක භාවයෙන් ප්‍රබල ශ්රීලංකාවේම පමණක් ඇති ඉතාම දුර්ලභ හීං බෝවිටියා ශාකයකි. මෙය එලබෝවිටියා වශයෙන් හඳුන්වයි. මෑත කාලිනව සොයාගත් මෙම එල බෝවිටියා ශාකය, හීන්බෝවිටියා ශාකයේ ඇලි තත්වයක් බව ඒ පිලිබඳව පර්යේෂණ සිදුකරන ඌව පලාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සහය මහාචාර්ය කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා පවසයි. ඉහල ඖෂධීය ගුණාත්මක බවින් පිරිපුන් එල බෝවිටියා ශාකය කොතැනක හෝ දුටුවහොත් එය සංරක්ෂණය කිරීම ලාංකීය අපට පමණක් නොව ලෝකයටම කරන සත් කාර්යයක් බවද ඒ මහතා ප්‍රකාශ කලේය.
හීං බෝවිටියා ගෙඩි පළතුරක් ලෙසටත් , දලු , කොල ව්‍යංජන හා මැල්ලුම් සදහාද කොල ඖෂධීය කැද සදහාද සම්පූර්ණ ශාකයම වියලා තම්බා ගෙන පානය කිරීම ආදී වශයෙන් දෛනික ජිවිතයට මෙම ශාකය එක්කර ගෙන නීරෝගීව සිටීමට ප්‍රාදේශීය වශයෙන් ජනතාව හීං බෝවිටියා ශාකය භාවිතා කරනු ලබයි.
හීං බෝවිටියා ව්‍යංජනය සාදන අයුරු --
ලා හීං බෝවිටිය කොළ අවශ්‍ය පමණ , රතුළුෑණු ගෙඩි 5 - 6 ක් අමු මිරිස් කරල් 2 - 3ක් සුදු ළුණු බික් කිහිපයක් සියඹලා හෝ ගොරකා පොඩ්ඩක් උම්බලකඩ ස්වල්පයක් තුනපහ , කහ , මිරිස් කුඩු ,ලුනු අවශ්‍ය පමණට කරපිංචා
දියකිරි හා මිටිකිරි ...
හීං බෝවිටියා කොළ ටික තම්බා ගෙන ඒ කොළ ටික හොඳින් අබරාගන්න. අබරාගත් කොළ ටික මැටි හට්ටියකට දමා එයා රතුළුෑණු , සුදුළුණු , උම්බලකඩ , අමුමිරිස් , කරපිංචා හීනියට කපා එයට දමා තුනපහ , මිරිස් කුඩු , කහ , ගොරක හෝ සියඹලා ද එක්කරන්න. පසුව දියකිරි දමා ලිප තබා හිදීගෙන එද්දි මිටි කිරි දමා හොදින් පැහෙන විට අවශ්‍ය පමණට ලුනු දමා ලිපෙන් බා ගන්න.
උපුටා ගැනිමකි … ✍️
Dr. Irosha Lakmali - Ayush Arana Ayurveda Medical Center
Thank you Doctor For Your Recommendation 🥰
🔹අපි හැමෝම සමහර වෙලාවට ආතතියට පත් වෙනවා.
🔹අපට ආතතියක් දැනෙන විට, අපගේ මොළයේ හයිපොතලමස අධිවෘක්ක ග්‍රන්ථි වලට කෝටිසෝල් සහ ඇඩ්රිනලින් ( එපිනෙප්ෆ්රින්) ඇතුළු ආතති හෝමෝන මුදා හැරීමට සහ වැඩි කිරීමට සංඥා කරයි. කෙටි කාලිනව ආතතියට ප්‍රතිචාර දැක්විමට මෙය සිදු වේ
🔹අපගේ ශරීරය අපව තැතිගන්වන තර්ජනය පහව ගිය පසු, අපගේ කෝටිසෝල් සහ ඇඩ්රිනලින් මට්ටම සාමාන්‍ය තත්වයට පත්වේ.
🔹නමුත් දිගුකාලීන ආතතිය නිසා කෝටිසෝල් සහ ඇඩ්රිනලින් මට්ටම ඉහළ මට්ටමේ පවති
🔹 මෙය හෝමෝන අසමතුලිතතාවයක් ඇති කළ හැකි අතර අපගේ සෞඛ්‍යයට,ප්‍රබල බලපෑමක් ඇති කරණ අතර ලෙඩ රෝග වැලදිමේ හැකියාවත් පවතින ලෙඩ රෝග තව තවත් වර්දනය විමේ හැකියාවත් වැඩි වේ.
🔹අධික කෝටිසෝල් අධි රුධිර පීඩනය, මනසික වියාකුලතාවය බර වැඩිවීම සහ තවත් රෝග රැසකට හේතු වේ .
🔹 දිගුකාලීන ආතතිය ටෙස්ටොස්ටෙරෝන්, ඉස්ට්රොජන් සහ ප්‍රොජෙස්ටරෝන් ඇතුළු අනෙකුත් හෝමෝන වලට බාධා කළ හැකි අතර, මෙම ගැටළු තවදුරටත් උග්‍ර කරයි.
🔹ඉහළ කෝටිසෝල් මට්ටම් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩුවීමට හේතු විය හැක.ටෙස්ටොස්ටෙරෝන් පිරිමින්ගේ මුලික ලිංගික හෝමෝනය වන අතර එය ,ලිංගික අප්‍රානිකත්වය වැනි ගැටලු රැසක් ඇති වේ.
🔹 කාන්තාවන්ටද එය ඇති අතර, එය ඊස්ට්‍රජන් හෝ ප්‍රොජෙස්ටරෝන් තරම්ම වැදගත් වේ.
🔹කාන්තාවන් තුළ, ටෙස්ටොස්ටෙරෝන් මාංශ පේශි වර්ධනයට සහ පවත්වා ගැනීමට උපකාරී වේ, ඇටමිදුළුවල රතු රුධිර සෛල නිෂ්පාදනය උත්තේජනය කරයි, කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනිමට සහාය වේ, බර පාලනය කිරීමට, වඩා හොඳ නින්දක් ඇති කිරීමට සදහා සහාය වේ.
🔹ටෙස්ටොස්ටෙරෝන් තරබාරුකම, මාංශ පේශි අහිමි වීම, සන්ධි වේදනාව, නින්ද නොයාම,අධිකකොලෙස්ටරෝල්,ඔස්ටියෝපොරෝසිස්, වඳභාවය ඇතුළු විවිධ ගැටළු වලට දායක විය හැක.
🔹අධික කෝටිසෝල් ඉස්ටජන් මට්ටම ද අඩු කරයි.
🔹 අඩු ඉස්ටජන් අක්‍රමවත් ඔසප් වීම, බර වැඩිවීම, රාත්‍රී දහඩිය, තෙහෙට්ටුව,අදික ලෙස තරහායාම සහ වෙනත් ගැටළු ඇති කළ හැකිය.
🔹කාන්තාවන්ගේ අඩු ප්‍රොජෙස්ටරෝන් අසාමාන්‍ය ගර්භාෂ ලේ ගැලීම, අක්‍රමවත් ඔසප් වීම, හිසරදය හෝ ඉරුවාරදය, මනසික වියාකුල විම අධික ලෙස තරහා යාම කාංසාව, මානසික අවපීඩනය, බර වැඩිවීම, ලිංගික ආශාවන් අඩුවීම, පියයුරු මුදු මොළොක් බව, ෆයිබ්‍රොයිඩ් සහ පිත්තාශයේ ගැටළු ඇති කළ හැකිය.
🔴නිදන්ගත ආතතිය බලපාන අනෙකුත් හෝමොන
🔹තයිරොයිඩ් හෝමෝන,
🔹Ghrelin සහ leptin, ආහාර රුචිය පාලනය කරන හෝමෝන, කුසගින්න වැඩි කරයි
🔹මෙලටොනින්, නොසන්සුන්තාවය සහ නින්ද නොයාම ඇති කරයි
🔹ඉන්සියුලින්, දෙවන වර්ගයේ දියවැඩියාවට හේතු වේ
🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰
නිදන්ගත ආතතියේ වර්ග
🟣චිත්තවේගීය ආතතිය (කෝපය, දුක හෝ කලකිරීම වැනි දුෂ්කර හැඟීම්)
🟢පාරිසරික ආතතිය (ඔබ ජීවත් වන සහ වැඩ කරන ස්ථානය)
🟠සබඳතා ආතතිය (ඔබ මිතුරන්, පවුලේ අය, සම-සේවකයින්, හවුල්කරුවන් , සමඟ සම්බන්ධ වන ආකාරය)
🔴වැඩ ආතතිය (ඔබේ රැකියාවට අදාළ අභියෝග සහ පීඩනය ,)
🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰
🔴නිදන්ගත ආතතිය මාංශ පේශි, ශ්වසන, හෘද වාහිනී, හෝමොන ,ආමාශ ආන්ත්රියක, ස්නායු සහ ප්‍රජනක පද්ධති ඇතුළුව ශරීරයේ සියලුම පද්ධති වලට බලපායි.
🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰
✡️ දිගු කාලින ආතතිය නිසා ඇතිවිය හැකි රෝග සහ රෝග ලක්ෂණ
🔹තෙහෙට්ටුව
🔹තරහා යාම
🔹මානසික වියාකුලත්වයවය
🔹අමතක විම
🔹හිසරදය
🔸ආමාශ ආන්ත්රයියික ගැටළු ගැස්ට්‍රයිටිස්, බඩේවෙදනාව
🔸කොලෙස්ටරොල් වැඩි විම
🔹පැහැදිලි කළ නොහැකි බර වැඩිවීම හෝ අඩු වීම
🔹අක්‍රමවත් ඔසප් වීම
🔹හිසකෙස් නැතිවීම හෝ සුදු වීම
🔹අඩික ලෙස දහඩිය දැමිම
🔹 ලිංගික අප්රානිකාත්වය
🔸බ්‍රොකන් හෘද සින්ඩ්‍රෝමය (ටකොට්සුබෝ සින්ඩ්‍රෝමය) ...
🔸හෘද රොග ,හර්ට් ඇටැක් ...
🔸අධි රුධිර පීඩනය. ...
🔸දියවැඩියාව
🔹 නින්ද නොයාම. ...
මෙය ඔබේ නීරොගිභාවය තවත් දුර්වල කරයි
🔸 කාංසාව. මානසික අවපීඩනය. ..(ඩ්ප්ප්‍රෙශන්).
🔹ශරිරයේ විවිඩ තැන්වල වේදනාව (හයිපර්ල්ජීසියා)
🔸ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග,
ආතර්යිටිස්,,
🔸ප්‍රතිශක්තිය අඩු වීම
මෙය නිතර විෂ බීජ ආශ්රිත රෝග වැලදිම
ආසාදන බෝවිම
🔸තරබාරුකම
🔸පශ්චාත් කම්පන ආතති ආබාධය
🔸ශ්වසන ආසාදන
🔸සමේ රෝහ
🔸භින්නෝන්මාදය
🔰කායික රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය
බන්දුල සත්කුමාර
උපුටාගැනිමකි…෴
නිම් නැති ගුණැති රසඟුලාව "නෙල්ලි"✨
👉නෙල්ලි (𝘗𝘩𝘺𝘭𝘭𝘢𝘯𝘵𝘩𝘶𝘴 𝘦𝘮𝘣𝘭𝘪𝘤𝘢), යනු ඉන්දියානු gooseberry නැතහොත් අම්ලා ලෙස හැඳින්වෙන, 𝘱𝘩𝘺𝘭𝘭𝘢𝘯𝘵𝘩𝘢𝘤𝘦𝘢𝘦 පවුලට අයත් පතනශීලී ශාකයකි.
👉මෙම නෙල්ලි, ශ්‍රී ලාංකීය ආහාර නිෂ්පාදන ක්ෂේත්රය තුළ, ඌන පරිභෝජනයට ලක්වන පළතුරක් ලෙස සලකනු ලබයි.
👉ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාපයේ විශේෂයෙන්ම බිබිල, බදුල්ල, මොණරාගල, ගල්ඔය, බුත්තල, අනුරාධපුර, රත්නපුර හා පොළොන්නරුව ආදී ප්‍රදේශ වල වනාන්තර තුළ ස්වාභාවික නෙල්ලි ව්‍යාප්තියන් දැකිය හැකිය.
👉 ආයුර්වේදයේ හඳුනාගෙන ඇති පරිදි, පැණි රස, ඇඹුල් රස, තිත්ත රස, කහට රස ඇතුළු රස පහකින් සමන්විත අද්විතීය රසයක් නෙල්ලි සතු වේ.
👉 නෙල්ලි ගෙඩියක ආහාරයට ගත හැකි කොටසෙන් 100g ක ප්‍රමාණයක් තුළ 200 - 900 mg පමණ විටමින් C අන්තර්ගත වේ.
👉 එමෙන්ම නෙල්ලි, කාබෝහයිඩ්රේට, තන්තු සහ කැල්සියම් සහ යකඩ වැනි ඛනිජ වලින් පොහොසත් වන අතරම ඇමයිනෝ අම්ල ද අන්තර්ගත වන පළතුරකි.එලෙසම නෙල්ලි වල සැලකිය යුතු ජල ප්‍රමාණයක් ද අඩංගු වී ඇත.
👉 නෙල්ලි ගෙඩියෙහි ඇති ෆීනෝලික් සංයෝග ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරයි. තවද, එහි ඇති ටැනින් (Tannins) වඩාත් ප්රමුඛ රසය වන කහට රසට දායක වේ.
👉 ආයුර්වේදයේදී නෙල්ලි ශාකයේ පලතුරු, පොතු, පත්‍ර සහ මුල් විවිධ රොගී තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා යොදා ගනී. අර්ශස්, කැස්ස, ඇදුම, උදරාබාධ, දියවැඩියා රෝග, සමේ රෝග, හිසරදය, මානසික ආබාධ ඒ අතරින් ප්‍රධානය.
👉 නෙල්ලි ආහාර භෝගයක් ලෙස ඌන පරිභෝජනයට ලක්ව ඇත්තේ, නිසි රෝපණ ද්‍රව්‍ය නොමැති කම, නිසි අස්වනු නෙලීමේ ක්‍රම සහ ගබඩා කිරීම පිළිබඳ දැනුම නොමැතිකම හේතුවෙනි.
👉ශ්‍රී ලංකාව තුළ නෙල්ලි වගා කිරීම අවම වීමත්, වෛද්‍ය ප්‍රතිකාර සදහා නෙල්ලි වලට ඉහළ ඉල්ලුමක් පැවතීමත් මෙයට තවදුරටත් හේතු වේ.
👉 නෙල්ලි වල පරිභෝජනය ඉහළ නැංවීම උදෙසා රෝපණ ද්‍රව්‍ය, පසු අස්වනු කළමනාකරණය, සංරක්ෂණය සහ ගබඩා කිරීමේ ක්‍රම පිළිබඳව ගොවීන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සිදු කළ යුතුය.
👉 ඊට අමතරව නෙල්ලි ශාකයේ විවිධත්වය සහ ව්‍යාප්තිය පිළිබදව පුළුල් අධ්‍යනයන් සිදු කිරීම, එය ඌන පරිභෝජන තත්ත්වයෙන් මුදවා ගැනීමට දායක වනු ඇත.
👉 මීට සමගාමීව, වාණිජ මට්ටමින් සිදු කෙරෙන ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම ද සිදු කළ යුතුය.
👉 වර්තමානයේ නෙල්ලි, jam, jelly, චට්නි, අච්චාරු වැනි විවිධ නිෂ්පාදන සැකසීමට භාවිතා වේ. පැසුණු නෙල්ලි ස්වභාවික පළතුරු යුෂ පානයන් සහ කෝඩියල් නිපදවීමට යොදාගන්නා අතර වියළන ලද නෙල්ලි රසකැවිලි (confectioneries) සෑදීමේදි යොදා ගැනේ.
👉 තවදුරටත් නෙල්ලි ආශ්රිත නිෂ්පාදන පරාසය පුළුල් කිරීම සදහා, නෙල්ලි ආශ්රිත අගය එකතු කළ (value-added) නිෂ්පාදන වන, නෙල්ලි ක්‍රීම් (fruit cream), නෙල්ලි පවුඩර් (fruit powder) සහ ආහාර අතිරේක (dietary supplements) වැනි දෑ නිපදවිය හැකිය.
නෙල්ලි වලට ආවේණික සුවිශේෂ රස සංකලනය නිසාම එය පාරිභෝගිකයාගේ රස නහර පුබුදුවන නවමු ආහාර නිෂ්පාදන නිපදවීමට භාවිතා කළ හැකි වනු ඇත.
උපුටා ගැනිමකි…….✍️
“Nelli” the divine taste from woods ✨
👉𝘗𝘩𝘺𝘭𝘭𝘢𝘯𝘵𝘩𝘶𝘴 𝘦𝘮𝘣𝘭𝘪𝘤𝘢, also known as indian gooseberry, "amla" or "Nelli" is a deciduous tree of the family 𝘱𝘩𝘺𝘭𝘭𝘢𝘯𝘵𝘩𝘢𝘤𝘦𝘢𝘦.
👉In Sri Lankan food industry, Nelli is considered as an underutilized fruit, as it is not being used in its highest possible capacity.
👉Nelli cultivars are found naturally in the dry and intermediate zones of Sri Lanka, especially in the forests of Bibile, Badulla, Moneragala, Galoya, Buttala, Anuradhapura, Ratnapura and Polonnaruwa.
👉Nelli has a distinct flavor profile that includes five flavors (as defined by Ayurveda): sweet, sour, bitter, pungent, and astringent.
👉Nelli fruit is considered one of the finest sources of Vitamin C. With 200–900 mg of Vitamin C per 100g of edible portion.
👉These fruits are also high in carbohydrates, fiber, and other minerals, particularly calcium and iron. Moreover, the Nelli drupe is high in amino acids as well.
👉Nelli fruit is primarily made up of water, making it an excellent source of both water and other nutrients.
👉Most importantly, some of the phenolic compounds found in Nelli drupe are antioxidants.
👉Furthermore, the drupe's tannins contribute to the astringency, which is the most prominent flavor.
👉In Ayurveda, the fruits, bark, leaves, and roots of the Nelli plant are used in treating Hemorrhoids, Cough, Asthma, Abdominal Diseases, Diabetes mellitus, Skin Diseases, Headaches, and Mental Disorders.
👉Unavailability of proper planting material and lack of knowledge in proper harvesting and storage methods of Nelli are some of the major obstacles to its ability to establish itself as a fruit crop.
👉Lack of domestic production and high demand for medicinal purposes make Nelli an underutilized fruit in the food industry.
👉For Improving utilization, the enhancement of farmers' knowledge in planting material, post-harvest management, preservation, and storage strategies of Nelli is important.
👉In addition, initiating proper diversity mapping programs will facilitate the promotion of the Nelli crop from its underutilized status.
👉In the interim, it is important to maximize the commercial production of Nelli-based food items.
👉Currently, Nelli is used as an ingredient in manufacturing several processed food items such as Jam, Chutney, Jelly and Pickles.
👉Fresh fruit juice and cordials can also be made from mature drupes, whereas the dried fruit is used for Confectionaries.
👉Moreover, the range of Nelli-based food products can be broadened by encouraging the development of value-added products such as fruit cream, fruit powder, dietary supplements etc.
Given the unique flavor profile of the Nelli fruit, much attention should be paid to develop innovative products to suit your taste buds.
Copped .... ✍️
Written by : Sachini Wanigabadu
Post designed by: Savindu Sumuditha
https://www.organicfacts.net/health-benefits/fruit/indian-gooseberry-amla.html(accessed May 11, 2022).
“(PDF) Genetic improvement of medicinal plant Phyllanthus emblica L. (V.Nelli) as a potential cash crop.” https://www.researchgate.net/publication/302472005_Genetic_improvement_of_
medicinal_plant_Phyllanthus_emblica_L_V_Nelli_as_a_potential_cash_crop
(accessed May 11, 2022).
(PDF) Genetic improvement of medicinal plant Phyllanthus emblica L. (V. Nelli) as a potential cash crop PDF | Phylanthus emblica L. (V Nelti) is an important constituent of indigenous medicine and a commercially important species which provides fresh... | Find, read and cite all the research you need on ResearchGate
මුරුංගා තේ පානය ….
මෙන්න කදිම දිමනාවක් !!!!!! 🔉🔉🔔🔔
ඔබ මිලදි ගන්නා ඕනැම මුරුංගා තේ පැකට්ටුවක් සදහා තවත් එවැනිම මුරුංගා තේ පැට්ටුවක් නොමිලේ….. 🤩🤩
දිනකට අවශ්‍ය සියළුම පෝෂක කොටස් ඔබට එකම එක තේ පානයකින් ලබා ගත හැකිද ???? 🧐🧐🧐🧐
RN Products මගින් ගෙන එන 100% ස්වභාවික මුරුංගා තේ පානය සමග එක් වන ඔබට කිසිදු වෙහෙසක් නොදරා මේ සියල්ල එකවර ලබා ගත හැක.. 🤩🤩🤩
මාසයක් පුරා භාවිතා කල හැකි වන පරිදි තේ බැග 30 කින් සමන්විතවේ.. මිල රු890/= පමනි..
තොග සිමිතයි…. ✌️✌️
අදම ඔබේ ඇණයුම වෙන් කරවා ගන්න. 🥰
📞 අමතන්න 077 220 80 68
වද මල් යුෂ පානය කිරීමෙන් ශරීරයේ සිදුවන දේවල් 9 ක්
උපුටා ගැනිමකි… ✍️
අයිතිය මුල් හිමිකරු සතු වේ..🙂
RN Products 💚🤍
Happy New Year 2024 🤍💚🤍
RN Green Products 💚🤍
Merry Christmas 💚🤍🌲🌲
RN Green Products 🤍💚🤍
කටුපිල
🌱කටුපිළ මීටර් හතරක් දක්වා ඉහලට වර්ධනය වන පඳුරක ස්වරූපය ගන්නා කටු සහිත කුඩා දේශීය ශාකයකි.
🌱පොත්ත අළු හෝ සුදු පැහැති ය. ඒකාන්තරව පිහිටා ඇති කුඩා පත්‍ර ඕවලාකාර හැඩයක් ගනියි . මල්, කොළ පැහැයට හුරු කහ පැහැතිය. ගසේ කක්ෂවල මල් කළඹ සේ හටගනී. මිලි මීටර් 3 ක පමණ විශ්කම්භයක් සහිත කුඩා ගෙඩි කොළ පැහැති වන අතර ගෙඩි ඉදුනු විට සුදු පැහැයක් ගනී. කටු පිල ශාකය Euphorbiaceae කුලයට අයත්ය.
🌱කටුපිළ බඩවැලේ සෑදෙන රෝග වලට ප්රත්යක්ෂ ඖෂධයකි.
🌱පිළිකා සඳහා කටුපිළ කොළ වලින් සාදාගන්නා කැඳ ගුණ දායකය .
🌱ස්ත්රීන්ගේ ගර්භාෂ හටගන්නා ගෙඩි දියකර හැරීමේ ශක්තියක් කටුපිළ වල ඇති බව සඳහන් වේ .
🌱එමෙන්ම,
✔️දත් කැක්කුම,
✔️යටි පතුලේ හටගන්නා කටුපිළිකා ,
✔️ප්ලීහාවේ සහ අක්මාවේ හටගන්නා රෝග,
✔️මී විෂ ,
✔️සර්ප විෂ
✔️කැස්ස ,
✔️ඇදුම ,
✔️අණ්ඩ වෘද්ධිය ,
✔️රක්ත අර්ශස් ආදී රෝග සදහා ප්‍රතිකාර කිරීමට කටුපිළ යොදා ගනියි.
🌱කටු කටුපිළ ශාකයේ කොළ පොතු මුල් සහ පංචාංගයම එකවර ඔසු සඳහා භාවිතා කරයි .
🌱කටුපිළ කොළ ගස් කරල්හැබ කොළ එක පමණ ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ නිවෙන්නට හැර මී පැණි අනුපාන වශයෙන් යොදා උදේට පානය කිරීම බඩවැලේ සෑදෙන ගෙඩි වණ තුවාල ලප සඳහා ප්රත්යක්ෂ ප්‍රතිකාරයකි.
🌱කටුපිළ කොළ මෙන් අඩක් කන්සා කොළ ගෙන චූර්ණය කර හෝ මී කිරි සමග මුල් චූර්ණය යෙදීම රක්තාර්ශස් රොගයට ප්‍රතිකාරයකි.
🌱යටි පතුලේ හටගන්නා පිළිකාවන්ට කටුපිළ ගසේ පංචාංගය කහ සහ ලුණු සමඟ කොටා මලවා බැදීම සිදුකරයි.
🌱කටුපිළ කොළ පොතු දිවුල් ලාටු කුකුරුමාන් කොළ පොතු සහ ලුණු දමා කොටා බැඳීමෙන් කටු පිළිය සුව වෙයි.
🌱කටුපිළ විෂබීජ නාශක සහ රුධිරය පිරිසිදු කරන ගුණයන්ගෙන් සමන්විත ය .
☘️_____☘️_____☘️_____☘️_____☘️_____☘
උපුටා ගැනිමකි..෴෴෴
👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.
Christmas Offer .... 🥳 christmas Offer.... 🥳
සිතල දෙසැම්බර් මාසය පුරාම RN Products වෙතින් මිලදි ගන්නා ඕනැම තේ පානයන් පැකට් 3 හෝ ඊට වැඩි ඕනැම ගනනක් සදහා කිසිදු ඩිලිවරි ගාස්තුවක් අය නොවේ… 🤩🤩
Buy Any 3 Or More With Free Delivery .... 😲😲🥳🥳
RN Green Products ... 💚
RN Green Products 💚
Oder To United States ✈️✈️✈️ 🇺🇸🇺🇸
අක්මාවේ තෙල් තැන්පත්වීම හෙවත් Fatty Liver සුව කර ගන්නා අයුරු හා ආහාර,
================================
1. දිනකට අවම ලෙස මිනිත්තු 40 ක් හොදින් ඇවිදින්න. නැතිනම් පිහිනීම ද ඉතා සුදුසු ව්‍යායාමයකි.
2. ගැඹුරු තෙලේ බදින ලද short eats වර්ග,තෙල් සහිත ආහාර ,පාන් පිටි අහාර වර්ග , ක්ෂණික අහාර හැකි තරම් අවම කරන්න.
3. හරක් මස්, ඌරු මස්, ඉස්සන්, දැල්ලන්, කකුලුවන්, පොකිරිස්සන්,වැනි ආහාර හැකි තරම් අවම කරන්න.
4. fried rice, කොත්තු,පරාට ,පාන්,ඉදි ආප්ප, වැනි පිටි සහිත ආහාර නිතර ගැනීමෙන් වලකින්න.
5. කිරි පිටි,මුදවපු කිරි,බටර්,මාගරින්,චීස් වැනි ආහාර හැකි තරම් අවම කරන්න.
6. හීං බෝවිටිය කොල, බෙහෙත් හීනැටි සහල් සමග කොල කැද,මොණර කුඩුම්බිය කොල කැඳ,යකිනාරන් කොල කැඳ, අක්මාවේ තෙල් තැන් පත් වීම අඩු කිරීමට ඉතා වෙසෙසින් ගුණ දායකය.
7. අමතරව ගොටුකොල, කරපිංච කොල කැඳ පානය කිරීමද ඉතා ප්‍රයෝජනවත් ය.
8. ශාක තෙල් හෝ සත්ව තෙල් ආහාර පිසීම සඳහා භාවිතය අවම කරන්න.
9. වෛද්‍ය උපදෙස් සහිතව සුදුසු මාත්‍රාවකින් ත්‍රිපලා පව්ඩර් හෝ ටැබ්ලට් පානය කරන්න.
10. රුධිර ගත කොලොස්ටෙරෝල් මට්ටම පරීක්ෂා කර එහි වැඩිවීමක් ඇත්නම් සුදුසු ආහාර පාලනයක් සහිතව දේශීය ඖෂධ භාවිතා කරන්න.
11. වෛද්‍ය උපදෙස් මත ultrasound scan report, liver profile පරීක්ෂා කර අක්මාවේ ස්වභාවය සහ ක්‍රියාකාරිත්වය පිලිබඳව දැන ගන්න.
12. fatty liver අවස්ථාවේ අවසාන ප්‍රතිපලය cirrhosis බැවින් fatty Liver ඇති grade එක scan එකකින් සහ අක්මාවට හානී සිදු වී ඇතිද යන්න liver profile එකකින් දැන ගැනීම ඉතාම වැද ගත්ය.
13. ඇල්කොහොල් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නතර කර දමන්න.ඇල්කොහොල් අඩංගු බීම වර්ග භාවිතය අඩු කරන්න.
14. රුධිරයේ කොලෙස්ටෙරෝල් මට්ටම වැඩි වී ඇති විට, විශේෂ හේතුවක් නොමැතිව උදය අවදි වන විට ඔබගේ පාදයේ වළලු කර ප්‍රදේශ ඉදිමී ඇත්නම්, ඔබගේ මූත්‍ර වල වර්ය අදුරු පැහැයට හුරු නම් ,ඔබට වෙනදාට වඩා වෙහෙසකාරී නම්, ඔබගේ අක්මාවා පරීක්ෂා කර ගැනීම වටනේය.
15. ඔබ දීර්ගකාලීනව මත්පැන් භාවිතා කරයි නම්,දුම් වැටි භාවිත කරයි නම් ඔබ අක්මාව පරීක්ෂා කර ගත යුතුය.
16. ඔබ දීර්ග කාලිනව කිසියම් අසනීපයක් සදහා (විශේෂයෙන් දියවැඩියාව කොලෙස්ටෙරෝල් ) බටහිර ඖෂධ භාවිතා කරයි නම් ඔබ අනිවාර්යයෙන් අක්මාව පරීක්ෂා කිරීම වටනේය.
17. ඔබ අති ස්ථූලතාවෙන් පෙලෙයි නම්, දියවැඩියාව, කොලෙස්ටෙරෝල් සහිත නම් අනිවාර්යයෙන් අක්මාව පරීක්ශා කර ගත යුතුය.
18. ඔබට cirrhosis වැනි රෝගී තත්වයක් හෝ fatty liver grade 2,3 මට්ටමේ ඇත්නම් ඇල්කොහොල් භාවිතය සම්පූර්ණයෙන් නතර කල යුතුමය.
අක්මාව යනු ඔබේ ශරීරයේ කාර්යන් 500 කට වඩා සිදු කරන ඉතාම වැදගත් ඉන්ද්‍රියකි.
ඔබගේ වැරදි අහාර පුරුදු, නිද්‍රශීලී ජීවන රටාව,දීර්ග කාලීන බටහිර ඖෂධ ,දිය වැඩියාව ,කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්ව නිසා එය රෝගී විය හැකිය.
උපදෙස් පිලි පදින්න.නිරෝගී වන්න.
තෙරුවන් සරණයි..!!
උපුටා ගැනිමකි ….
සටහන - වෛද්‍ය .ප්‍රසාද් විජේසේකර .
🍒 කොලෙස්ටරෝල් වැඩියි කියන්නේ ඇයි? 👉
👉කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයේ තිබෙන මේද වර්ගයකි. මෙය ශරීරයට අත්‍යවශ්‍ය ය. හමේ විටමින් D නිෂ්පාදනයට,ස්නායු පටකයට, සමහර හෝමෝන වර්ග නිෂ්පාදනයට මූලික සංඝටකය වන්නේ කොලෙස්ටරෝල් ය.
👉කොලෙස්ටරෝල් නිපදවෙන්නේ සතුන් තුළ පමණි. අපගේ ශරීරයේ කොලෙස්ටරෝල් වලින් 80 % අක්මාවේ නිපදවෙන අතර 20% පමණක් අප ගන්නා ආහාර වලින් ලැබේ. එබැවින් කෑම පාලනය පමණක් කොලෙස්ටරෝල් අඩු කිරීම්ට ප්‍රමාණවත් නැත .ක්‍රියාකාරී ජීවන රටාව කොලෙස්ටරෝල් අඩු කිරීමට අත්‍යවශය.
🔥ඔබේ කොලෙස්ටරෝල් මට්ටම දැනගත යුත්තේ කෙසේද?
වයස අවුරුදු 30 ක් හෝ එයට වඩා වැඩි සෑම අයෙක්ම අවම වශයෙන් අවුරුදු 3 කට වරක් වත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කල යුතුවේ. ඒ සඳහා නිර්දේශිත පරීක්ෂණය, lipid profile ලෙස හැඳින්වේ. මෙම පරීක්ෂණය සඳහා රුධිර සාම්පලය ගත යුත්තේ ආහාර පාන ගැනීමෙන් වැළකී පැය 12-14 ක කාලයකට පසුවය.
🔥කොලෙස්ටරෝල් පරීක්ෂාව
සාමාන්‍ය රුධිර පරීක්ෂාවක දී ලබා ගන්නා Lipid Profile වාර්තාවක අඩංගු වන කොටස් නම්
🍓Total Cholesterol
🍓HDL - හොඳ කොලෙස්ටරෝල්
🍓LDL - නරක කොලෙස්ටරෝල්
🍓Triglycrides - මේද අම්ල
🥑LDL කොලෙස්ටරෝල් (නරක කොලෙස්ටරෝල්)
LDL අක්මාවේ සිට තෙල් අනික්ුත් අවයව දක්වා ගෙන ගොස් තැන්පත් කිරීම් සිදු කරයි .ශරීරය තරබාරු කමට, හෘදයාබාධ අංශභාග වැනි රෝග තත්ත්වලට ූලික හේතුව LDL කොලෙස්ට්‍රෝල්ය.
🥑HDL කොලෙස්ටරෝල් හොඳ කොලෙස්ටරෝල් කියා හදුන්වයි. එමගින් අනෙකුත් අවයව වල සිට තෙල් අක්මාව වෙත ගෙන එනු ලබයි. ඒ හරහා ශරීරයේ තෙල් තැන්පත් වීම අවම කරයි.
🔥කොලෙස්ටරොල් නිසා ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් මොනවා ද?
කොලෙස්ටරෝල් කාලයත් සමඟ රුධිර වාහිනී බිත්තියේ තැන්පත් වේ. එසේ තැන්පත් වීමෙන් පසු එම ස්ථානයේ රුධිර වාහීනී බිත්තිය දුර්වල වී ලේ ගමනය අවහිරවෙයි .මෙසේ අවහිර වන රුධිරවාහිනිය පිහිටන ඉන්ද්රිය අනුව විවිධ රෝගාබාධ ඇති වේ.
🍓හෘදයේ ධමනියක් අවහිර වුවහොත්, හෘදයාබාධයක් ( Heart Attack)
🍓මොළයේ රුධිර වාහිනියක් අවහිර වුවහොත් අංශභාගය ( අඝාතය , Stork)
🍓පාදවල රුධිර වාහිනී අවහිර වුවහොත් ගමන් කරන විට පේශී වල වේදනාව (
Intermittent Claudication) හෝ ඇඟිලි කුණු වීමට පුළුවන.( Gngrene).
🍓වකුගඩුවලට ඇති රුධිර වාහිනිය අවහිර වුවහොත් වකුගඩු දුර්වල විය හැකිය
🔥ඇයි හැමෝටම කොලොස්ටරෝල් ප්‍රශ්නයක් නොවන්නේ ?
කොලෙස්ටරෝල් තැන්පැන්පත් වීමට බලපාන ප්‍රධානම හේතුව අධික LDL ප්‍රමාණයයි. නමුත් ,
🍓දියවැඩියාව
🍓අධික රුධිර පීඩනය
🍓දුම්පානය
🍓ව්‍යායාම මඳිකම
🍓ජානමය තත්ත්වයන් සෘජුවම කොල්ෙස්ටරෝල් තැන්පත් වීමට බලපායි.
🔥සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට තිබිය යුතු කොලෙස්ටරෝල් ප්‍රමාණය කුමක් ද?
රුධිරයේ කොලෙස්ටරෝල් අඩු වු විට රුධිරවාහීනීවල තැන්පත් වීම ද අඩු වේ. එම නිසා කොලෙස්ටරෝල් අඩු වන තරමට හොඳ ය. නිරෝගී තරුණ පුද්ගලයෙකුට තිබිය යුතු ප්රශස්ත මට්ටම නම්
LDL< 130 mg/dL
HDL> 45 mg/dL
Triglycrides < 150 mg/dL
Total Chorelrol < 230 mg/dL
🍓වයසක අයට සහ ව්‍යායාම මදි අයට හෝ වෙනත් රෝගී තත්ත්වයක් ඇති අයට , ඉහත අගයන්ට වඩා අඩු කොලෙස්ටරෝල් ඉලක්කයන් පවත්වා ගැනීමට වෛද්‍යවරු උපදෙස් දෙති .එබැවින් කොලෙස්ටරෝල් වාර්තා බලා තමාම ප්‍රතිකාර නොගත යුතුය.
🍟🍟🍟
🔥කොලෙස්ටරෝල් අඩු කර ගන්නේ කෙලෙස ද?
කොලෙස්ටරෝල් අධික ආහාරවලින් වැළකීමෙන් සහ ව්‍යායාම මඟින් තරමක් දුරට කොලෙස්ටරෝල් අඩු කර ගත හැක. නමුත් බොහෝ විට ඖෂධ ගැනීම අවශ්‍ය වේ. ව්‍යායාමවලින් සිදු වන වැදගත්ම දෙය වන්නේ කොලෙස්ටරෝල් තැන්පත් වීම අඩු වීම ය.
🔥කොලෙස්ටරෝල් ඖෂධ කොපමණ කාලයක් ගත යුතු ද?
ඖෂධ මඟින් සිදු කරන්නේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩු කිරීම ය.එය සිදු වන්නේ ඖෂධ ගන්නා තෙක් පමණි. කොලෙස්ටරෝල් මට්ටම අඩුවෙන් තබා ගැනීම දීර්ඝ කාලීනව සිදු කළ යුතු දෙයකි.එම නිසා ඖෂධ දීර්ඝ කාලීනව ගත යුතු ය.
🔥කොලෙස්ටරෝල් නිසා අක්මාව හෝ වකුගඩු නරක් විය හැකි ද?
එය බොරු මිත්‍යාවකි. ඖෂධ නොගත හොත්, රෝගී තත්ත්වයන් නිසා මිය යෑමට පුළුවන. මරණයට වඩා අතුරු අබාධවලට බිය වීම විහිලුවකි
🔥නරක කොලෙස්ටරෝල් බහුල ආහාර
🚫බදින ලද ආහාර🍟🍟🍟🍟🍟
බදින ලද ආහාරවල බොහෝ විට සංතෘප්ත හා ට්‍රාන්ස් මේද දෙකම ඉහළ වන අතර, එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. ෆ්‍රෙන්ච් ෆ්රයිස්, ෆ්‍රයිඩ් චිකන් සහ ඩෝනට්ස් වැනි බදින ලද ආහාර සඳහා මේ උදාහරණ වේ. ඔබේ ආහාර බදිනවා වෙනුවට, ඒවා පිලිස්සීම හෝ ග්‍රිල් කිරීමට හෝ උත්සාහ කරන්න. මෙය ඔබගේ සෞඛ්‍යයට අහිතකර මේද ප්‍රමාණය අඩුකර ඔබගේ ආහාර සෞඛ්‍ය සම්පන්න කිරීමට උපකාරී වේ.
🚫 සැකසූ මස්🍟🍟🍟🍟🍟
බේකන්, සොසේජස් සහ හැම් වැනි සැකසූ මස් බොහෝ විට සංතෘප්ත මේදය සහ සෝඩියම්වලින් ඉහළ මට්ටමක පවතින අතර, මේ දෙකම ඉහළ කොලෙස්ටරෝල් මට්ටමට දායක වේ. සැකසූ මස් අනුභව කිරීම වෙනුවට, කුකුළු මස්, මාළු සහ රනිල කුලයට අයත් ආහාර වැනි සරල ප්‍රෝටීන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.
🚫 අධික මේද සහිත කිරි නිෂ්පාදන🍟🍟🍟🍟🍟
චීස්, හෙවික්‍රීම් සහ බටර් වැනි කිරි නිෂ්පාදන සංතෘප්ත මේදයෙන් ඉහළ මට්ටමක පවතින අතර එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. අධික මේද සහිත කිරි නිෂ්පාදන පරිභෝජනය කරනවා වෙනුවට, අඩු මේද හෝ මේද රහිත කිරි නිෂ්පාදන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න. එනම්, මුදවපු කිරි හෝ අඩු මේද යෝගට් වැනි දේයි.
🚫 බේක් කළ ආහාර🍟🍟🍟🍟🍟
කුකීස්, පේස්ට්‍රි සහ කේක් වැනි බේක් කරන ලද ආහාරවල බොහෝ විට සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද දෙකම පිරී පවතින අතර එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කළ හැකිය. මෙම බේක් කරන ලද ආහාර වෙනුවට, සම්පූර්ණ තිරිඟු පිටි, පලතුරු යුෂ සහ ස්වාභාවික රසකාරක වැනි විකල්ප අමුද්‍රව්‍ය භාවිත කරමින් සෞඛ්‍ය සම්පන්න විකල්පයන් නිවෙසේදීම සාදා ගැනීමට උත්සාහ කරන්න.
🚫 ක්ෂණික ආහාර🍟🍟🍟🍟🍟
ක්ෂණික ආහාරවල බොහෝ විට අධික කොලෙස්ටරෝල් මට්ටමට දායක විය හැකි සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද මෙන්ම සෝඩියම් ද අධික වේ. ඒ නිසා ඒ වෙනුවට, සරල ප්‍රෝටීන් සහිත සලාදයක් හෝ සම්පූර්ණ තිරිඟු පාන්වලින් සැකසූ සැන්ඩ්විච් එකක් වැනි දෙයකින් ඔබේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේල සකසා ගැනීමට උත්සාහ කරන්න.
🚫 රතු මස්🍟🍟🍟🍟🍟
haරක් මස් සහ බැටළු මස් වැනි රතු මස්වල බොහෝ විට සංතෘප්ත මේදය අධිකවන අතර, එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. මීට අමතරව, රතු මස් බොහෝ විට අධික උෂ්ණත්වවලදී පිසිනු ලබන අතර, හෘද රෝග සඳහා දායක විය හැකි හානිකර සංයෝග නිපදවිය හැකිය. රතු මස් අනුභව කිරීම වෙනුවට, කුකුළු මස්, මාළු සහ රනිල කුලයට අයත් සරල ප්‍රෝටීන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.
තෙල්🍟🍟🍟🍟🍟
ආහාර පිසීමේදී virgin පොල්තෙල්, virgin ඔලිව් තෙල් වැනි අසංතෘප්ත මේද බහුල තෙල් භාවිත කිරීමට උත්සාහ කරන්න.
බිත්තර කහ මදය🍟🍟🍟🍟🍟
බිත්තර කහ මදය අධික කොලෙස්ටරෝල් පැවතියද එහි ඇති න්සයිම හා ප්‍රෝටීන මගින් අහිතකර භාවය අඩු කරයි. එම නිසා භාවිතය සුදුසුය.
🚫ස්නැක්ස් ෆුඩ්ස්🍟🍟🍟🍟🍟
චිප්ස් සහ පොප්කෝන් වැනි කෙටි ආහාරවල බොහෝ විට සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද මෙන්ම සෝඩියම් ද ඉහළ ය. මෙම සෞඛ්‍යයට අහිතකර ආහාර අනුභව කරනවා වෙනුවට, නැවුම් පලතුරු, එළවළු හෝ ඇට වර්ග වැනි සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.
🚫සීනි සහිත බීම🍟🍟🍟🍟🍟
සෝඩා සහ පලතුරු යුෂ වැනි සීනි සහිත බීම බොහෝ විට සීනි සහ කැලරි අධිකවන අතර එය බර වැඩි වීමට සහ ඉහළ කොලෙස්ටරෝල් මට්ටමට දායක වේ. සීනි සහිත බීම වෙනුවට, පිපාසය සඳහා ජලය, පැණිරස නොකළ තේ හෝ පලතුරු යුෂ පානය කිරීමට උත්සාහ කරන්න.
----------------------------------------------------------------------------------------------
🔥ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ කොහොමද?
👉 සන්තෘප්ත මේදය, ට්‍රාන්ස් මේදය, සහ කොලෙස්ටරෝල් වැඩිපුර ඇති ආහාර පරිභෝජනය අවම කරන්න.
👉 දියවන තන්තු (Soluble fibres) බහුල ආහාර වැඩිපුර ගන්න.
👉 ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රමාණය වැඩිකරන්න.
👉 ශරීරයේ බර වැඩි නම්, අඩු කරගන්න.
👉 දුම්පානයෙන් වළකින්න.
👉 මත්පැන් භාවිතයෙන් වළකින්න.
👉 වෛද්‍ය උපදෙස් අනුව, කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලන ඖෂධ නිසි අයුරින් භාවිතා කරන්න.
🔥කොලෙස්ටරෝල් වලින් මිදීමට වෙනස් විය යුතු ආහාර රටාව
සංතෘප්ත මේදය❌❌🚫🚫
මස් වල තෙල් අඩංගු කොටස්, සම සහිත මස්, සම්පූර්ණ යොදය සහිත කිරි ආහාර ,වැනි සත්ත්වමය ආහාර වල මෙන්ම, පොල් තෙල් සහ පාම් තෙල් වැනි ශාඛ තෙල් වලද, සංතෘප්ත මේදය බහුලව ඇත.
ට්‍රාන්ස් මේදය🚫🚫❌❌
ට්‍රාන්ස් මේදය මගින්, සංතෘප්ත මේදය සේම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිකරයි. ට්‍රාන්ස් මේදය, හයිඩ්රජනීකරණය වූ ශාඛ තෙල් වල බහුලව අඩංගු වේ. සකසන ලද ආහාර (Processed food), කෙටි ආහාර (Short eats), ක්ෂණික ආහාර (Instant food), ඇතැම් මස් වර්ග, මාගරින්, කිරි ආහාර, බිස්කට්, කේක්, බනිස් වර්ග, පාන්, වෙනත් බේකරි කෑම වර්ග, සහ හයිඩ්රජනීකරණය වූ තෙල් වලින් බදින ලද ආහාර වල ට්‍රාන්ස් මේදය බහුලව ඇත.
අසංතෘප්ත මේදය (Unsaturated fat)✅✅
මෙය හිතකර මේදය වර්ගයකි. අසංතෘප්ත මේදය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එනම්, ඒක-අසංතෘප්ත මේදය (Mono-unsaturated fat) සහ බහු-අසංතෘප්ත මේදය (Poly-unsaturated fat) වශයෙනි. මේවා රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම පහත දැමීමට උපකාරී වේ. ඔලිව් තෙල්, සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, කැනෝලා තෙල්, රටකජු තෙල්, රටකජු, කජු, බඩ ඉරිඟු, සෝයා බෝංචි, අලිගැටපේර, තල, සූරියකාන්ත ඇට, සහ මේදය අඩංගු ලොකු මාළු වැනි ආහාර වල අසංතෘප්ත මේදය බහුලව ඇත.
දියවන තන්තු✅✅
දියවන තන්තු, එළවළු, පළතුරු, රනිල භෝග, කුරුට්ට සහිත ධාන්‍ය, සහ එවැනි ධාන්‍ය වලින් සාදන ලද ආහාර වල බහුලව පවතී. දියවන තන්තු මගින් ආහාරයේ ඇති කොලෙස්ටරෝල් ශරීරයට අවශෝෂණය කරගැනීම අඩුකරන අතර, රුධිරයේ ඇති LDL මට්ටම පහත හෙලයි.
ස්ටැනෝල් සහ ස්ටෙරෝල්✅✅
එළවළු සහ පළතුරු වල බහුලව ඇත. මේවා ආහාරයේ ඇති කොලෙස්ටරෝල් අවශෝෂණය අඩුකරන අතර, රුධිරයේ LDL මට්ටම අඩුකරයි.
🔥ශාරීරික ක්‍රියාකාරකම් වැදගත් වන්නේ ඇයි?
නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලීම, ශරීරයේ බර පාලනයට මෙන්ම, රුධිරයේ ඇති LDL මට්ටම අඩුකිරීමට ද වැදගත් වේ. එය රුධිරයේ ඇති HDL මට්ටම වැඩිකරන අතර, ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩුකරයි. දිනකට අවම වශයෙන් විනාඩි 30 ක් වත්, සතියකට අවම වශයෙන් දින 5 ක් වත් බැගින්, මධ්‍යම-තීව්‍රතාවයකින් යුතු වේගයෙන් ඇවිදීම, සෙමෙන් දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම, නර්ථනය, වත්තේ වැඩකිරීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම අවශ්‍ය වේ.
සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගත යුත්තේ ඇයි?
බර අධික වීම හෝ තරබාරු වීම, ඔබගේ රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම සහ LDL මට්ටම වැඩිකිරීමට හේතුවන අතර, HDL මට්ටම අඩුකරයි. ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) 18.5 ත්, 24.9 ත් අතර පවත්වා ගත යුතුවේ.
🔥කොලෙස්ටරෝල් සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?
කොලෙස්ට්‍රෝල් පෙති ව්ද්ය්වරයෙකුගේ අනුමැතියකින් තොරව භාවිතා නොකරන්න. අනවශ්‍ය මාත්‍රාවන් අක්මාවට අහිතකරය.
ව්‍යායාම්, ක්‍රියාශීලි දිවි පෙවත හා ආහාර වෙනස ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනු ඇත.
👉 කායික රෝග විශේෂඥ වෛද්‍යය ලක්නාත් වෙලගෙදර
උපුටා ගැනිමකි…
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Contact the business
Telephone
Address
No 14/1 , Udugama Road, Makuluwa
Galle