Wound.lk

Wound.lk

Wound Healing

04/05/2024

Cold Plasma Therapy මගින් තුවාල වලට ප්‍රථිකාර කරන්න යොදාගතහැකි උපකරණ කීපයක් මෙවර EWMA ප්‍රදර්ශනයේ තිබුනා.

EWMA Conference 2024,
2 nd of May,
London, UK.

Photos from Wound.lk's post 03/05/2024

Topical Oxygen Therapy (TOT) කියන්නෙ තුවාලය තියෙන ප්‍රදේශයට කඩින්කඩ සම්පීඩිත ඔක්සිජන් ලබාදීම මගින් තුවාල හොඳකරන ක්‍රමයක්.

EWMA Conference 2024,
1st of May,
London, UK.

Photos from Wound.lk's post 03/05/2024

ලොකු ප්‍රදේශයක හම ඉවත් වූ හෝ කට ඇරුන තුවාල ඉක්මනට හොඳකරන්න හොඳම ක්‍රමයක් මේක.

EWMA Conference 2024,
1st of May,
London, UK.

01/05/2024

EWMA 2024 in UK

The biggest wound care conference in the world. From 1st to 3rd of May 2024.

Wound.lk Wound Healing

නහර ගැටගැසීම නිසා ඇතිවන තුවාල | Divaina 27/03/2024

https://divaina.lk/%e0%b6%b1%e0%b7%84%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%9c%e0%b7%90%e0%b7%83%e0%b7%93%e0%b6%b8-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%87%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%b1-%e0%b6%ad/

නහර ගැටගැසීම නිසා ඇතිවන තුවාල | Divaina අතිරේකවිශේෂාංගවෛද්‍යවරයා නහර ගැටගැසීම නිසා ඇතිවන තුවාල By Chinthaka - March 25, 2024 164 Share FacebookTwitterPinterestWhatsApp නහර ගැටගැසීම (Varicose Veins) රෝගී තත්...

11/03/2024

මී පැණි සහ ගස්ලබු වලින්
තුවාල සුවකරන බෙහෙත්

Wound.lk Wound Healing

28/02/2024

වැලි මැස්සාගෙන් සෑදෙන සුව නොවන තුවාලය.

Wound.lk Wound Healing

තුවාල නොවන තුවාල සඳහා ප්‍රතිකාර | Divaina 28/02/2024

ඔබේ තුවාලය සුවවීම ප්‍රමාද ඇයි?

තුවාල නොවන තුවාල සඳහා ප්‍රතිකාර | Divaina අතිරේකවිශේෂාංගවෛද්‍යවරයා තුවාල නොවන තුවාල සඳහා ප්‍රතිකාර By Chinthaka - February 26, 2024 199 Share FacebookTwitterPinterestWhatsApp අපගේ සිරුරේ ඇතිවන ඇතැම් ....

22/02/2024

Wound.lk Wound Healing

20/02/2024

සැලකිලිමත් වන්න !!!

Wound.lk Wound Healing

19/02/2024

අප ආයතනයේ තුවාල ප්‍රථිකාර සඳහා යොදාගන්නා අධි තාක්ෂණික උපකරණයක්

HBO Therapy.

Wound.lk Wound Healing

කල්ගතවූ තුවාල සුවවීම කඩිනම් කරන අධිපීඩන ඔක්සිජන් ප්‍රතිකාරය | Divaina 13/02/2024

තුවාල ප්‍රථිකාර ක්ෂේත්‍රයේ අධි තාක්ෂණික ප්‍රථිකාරය / HBO therapy
ගැන දැනගන්න පිවිසෙන්න

කල්ගතවූ තුවාල සුවවීම කඩිනම් කරන අධිපීඩන ඔක්සිජන් ප්‍රතිකාරය | Divaina අතිරේකවිශේෂාංගවෛද්‍යවරයා කල්ගතවූ තුවාල සුවවීම කඩිනම් කරන අධිපීඩන ඔක්සිජන් ප්‍රතිකාරය By Chinthaka - February 12, 2024 155 Share FacebookTwitterPinte...

16/01/2024

Woundy Wound Innovations
Contacts :- 0778899021
Location :- https://maps.app.goo.gl/pzb4WUtkMxdNgtRb8?g_st=ic

31/12/2023

Happy New Year 🙏 #2024

04/12/2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානය Woundy Wound Innovations
Contacts :- 0778899021
Location :- https://maps.app.goo.gl/pzb4WUtkMxdNgtRb8?g_st=ic

05/11/2023

තුවාල සත්කාර පාසල - Wound Academy / Woundy Wound Innovations - Sri Lanka 🇱🇰

Contacts :- 0778899021
Location :- https://maps.app.goo.gl/pzb4WUtkMxdNgtRb8?g_st=ic

01/10/2023

දියවැඩියාවට රිවස් නෑ කියන්නේ ඇයි ?
===============================

ඕනෑම ලෙඩකදී වගේම දියවැඩියාවෙදිත් අපේ ඇඟේ වෙනස්කම් ඇති වෙනවා. ඒත් දියවැඩියාවෙන් ඇතිවන වෙනස්කම් නැවත නිවැරදි වෙන්නේ නෑ.

සෙම්ප්‍රතිශ්‍යාව හැදුනම නහය හිර වෙනවා. හොඳ උනාම හිරේ හරියනවා. නියුමෝනියාවෙදි පෙනහළු ඉදිමෙනවා හොඳ උනාම හරියනවා. ඒත් දියවැඩියාවෙන් ඇතිවෙන සංකූලතා දියවැඩියාව පාලනය උනාට හොඳ වෙන්නේ නෑ.

මේක දියවැඩියා තුවාල සුවවීමටත් බලපානවා. අපිට අහන්න ලැබෙන කතාවක් තමයි "දැන් සීනි පාලනය වෙලා ඒත් තුවාලෙ හොඳවෙන්නේ නෑ" කියන එක.

එහෙම වෙන්න හේතුව මොකක්ද?

අපි මේකට හේතුවෙන කරුණු කීපයක් සලකා බලමු.

1. හිරිය.
Neuropathy.

කකුල් හා අත්වල ස්නායු වලට ලේ සපයන සියුම් නහර වල ස්ථීර වෙනස්කම් වෙලා ඒ නහර අවහිර වීම නිසා හිරිය එනවා. මේ හිරිය ආවම නැවත සීනි පාලනය උනත් දිගටම හිරිය තියෙනවා.

2. සම වියලීම හා දුර්වල වීම.
Dermopathy.

සමේ දාඩිය දැමීම ඇනහිටීම නිසා හා සමට ලේ සපයන කුඩා නහර අවහිර වීම නිසා ඇතිවන මේ තත්වයත් දියවැඩියාවෙන් ඇතිවන රිවස් නැති සංකූලතාවයක්.

3. කකුල් වල ලේ ගමනාගමනය අඩපන වීම.
Peripheral Vascular Disease.

ටිකදුරක් ඇවිදින විට බත්කෙන්ඩ ප්‍රදේශයේ ඇතිවන වේදනාවක් ලෙසින් මුලින් මෙය දැනෙන්න ගන්නවා (Intermittent Claudication). නහර වේලීම නිසා ඇතිවන තුවාල ඇතිවෙන්නේ මේ නිසයි. මේකත් රිවස් නැති සංකූලතාවයක්.

4. වකුගඩු අකර්මන්‍ය වීම.
Diabitic Nephropathy.

දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු ආබාධ වලටත් රිවස් නෑ. මේ නිසා රුධිරයේ නයිට්‍රජනීය අපද්‍රව්‍ය එකතුවීම සිදුවෙනවා. එය තවත් සංකූලතා රාශියකට හේතු වෙනවා.

5. පාදයේ විකෘති වීම්.
Diabitic Ostioarthropathy.

මේ වෙනස්කම් හා විකෘති ඇතිඋනාමත් නැවත කකුල් යථාතත්වයට පත්වෙන්නේ නෑ. මේ හේතුවෙන් කකුල් වල තුවාල ඇතිවෙනවා.

අපි මේ කතා කලේ තුවාල වලට අදාලව කරුණු කීපයක් ගැන විතරයි. මීට අමතරව දියවැඩියාව නිසා ඇතිවෙන රිවස් නැති සංකූලතා තව තියෙනවා.

ඉතින් අප කලයුත්තේ "සීනි වැඩි උනාට මට කිසි අමාරුවක් නෑනෙ" කියමින් නොසලකා හැරීම නොව රිවස් නැති සංකූලතා ඇතිවීමට පෙර දියවැඩියාව හැකි ඉක්මනින් පාලනය කිරීමයි.

Dr. Gayan jayakody
MBBS
MSc (Wound Healing - UK).

Wound.lk Wound Healing

01/10/2023

තුවාලයක් වැස්සට තෙමුනොත් මොකද කරන්නේ ?

මේ දවස්වල හරි වැස්ස. තුවාල වැස්සට තෙමෙනවා. සමහරු වැස්සට තෙමිල තුවාල වැඩි කරගෙනත් එනවා.

තුවාල වැස්සට තෙමාගන්න හොඳ නෑ. වැහි වතුර පිරිසිදු නෑ. විශේෂයෙන්ම වායු, ජල දූෂණය වැනි කාරණා නිසා වැහි වතුර අපිරිසිදු වෙනවා. ඒ නිසා වැහි වතුරෙ රසායනික සංයුතිය තුවාල වලට හානිකර වෙන්න පුලුවන්. ඊට අමතරව තුවාලය වටේ හමයාම, ඇඟිලි කරු කුණුවීම හා විෂබීජ යාම වැනි සංකූලතා පවා වැහි වතුර නිසා වෙන්න පුලුවන්.

තුවාලයක් වැස්සට තෙමුනොත් මොකද කරන්නේ.

මුලින්ම හැකි ඉක්මනින් තුවාලය ඔතා ඇති ගෝස් හා කොට්න් වැනි ද්‍රව්‍ය සහිත වැසුම ගලවා ඉවත් කරන්න. සබන් දමා පිරිසිදු වතුරෙන් හොඳින් සෝදන්න. තෙතමනය ඉවත්වනතෙක් හොඳින් පිසදා ගන්න. ඉන්පසු පිරිසිදු ගෝස් හෝ රෙදි කැබැල්ලකින් තුවාලය වසා හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවන්න.

Dr .Gayan Jayakody
MBBS; MSc (Wound Healing - UK).

Wound.lk Wound Healing

04/09/2023

දියවැඩියාවට රිවස් නෑ කියන්නේ ඇයි ?
===============================

ඕනෑම ලෙඩකදී වගේම දියවැඩියාවෙදිත් අපේ ඇඟේ වෙනස්කම් ඇති වෙනවා. ඒත් දියවැඩියාවෙන් ඇතිවන වෙනස්කම් නැවත නිවැරදි වෙන්නේ නෑ.

සෙම්ප්‍රතිශ්‍යාව හැදුනම නහය හිර වෙනවා. හොඳ උනාම හිරේ හරියනවා. නියුමෝනියාවෙදි පෙනහළු ඉදිමෙනවා හොඳ උනාම හරියනවා. ඒත් දියවැඩියාවෙන් ඇතිවෙන සංකූලතා දියවැඩියාව පාලනය උනාට හොඳ වෙන්නේ නෑ.

මේක දියවැඩියා තුවාල සුවවීමටත් බලපානවා. අපිට අහන්න ලැබෙන කතාවක් තමයි "දැන් සීනි පාලනය වෙලා ඒත් තුවාලෙ හොඳවෙන්නේ නෑ" කියන එක.

එහෙම වෙන්න හේතුව මොකක්ද?

අපි මේකට හේතුවෙන කරුණු කීපයක් සලකා බලමු.

1. හිරිය.
Neuropathy.

කකුල් හා අත්වල ස්නායු වලට ලේ සපයන සියුම් නහර වල ස්ථීර වෙනස්කම් වෙලා ඒ නහර අවහිර වීම නිසා හිරිය එනවා. මේ හිරිය ආවම නැවත සීනි පාලනය උනත් දිගටම හිරිය තියෙනවා.

2. සම වියලීම හා දුර්වල වීම.
Dermopathy.

සමේ දාඩිය දැමීම ඇනහිටීම නිසා හා සමට ලේ සපයන කුඩා නහර අවහිර වීම නිසා ඇතිවන මේ තත්වයත් දියවැඩියාවෙන් ඇතිවන රිවස් නැති සංකූලතාවයක්.

3. කකුල් වල ලේ ගමනාගමනය අඩපන වීම.
Peripheral Vascular Disease.

ටිකදුරක් ඇවිදින විට බත්කෙන්ඩ ප්‍රදේශයේ ඇතිවන වේදනාවක් ලෙසින් මුලින් මෙය දැනෙන්න ගන්නවා (Intermittent Claudication). නහර වේලීම නිසා ඇතිවන තුවාල ඇතිවෙන්නේ මේ නිසයි. මේකත් රිවස් නැති සංකූලතාවයක්.

4. වකුගඩු අකර්මන්‍ය වීම.
Diabitic Nephropathy.

දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු ආබාධ වලටත් රිවස් නෑ. මේ නිසා රුධිරයේ නයිට්‍රජනීය අපද්‍රව්‍ය එකතුවීම සිදුවෙනවා. එය තවත් සංකූලතා රාශියකට හේතු වෙනවා.

5. පාදයේ විකෘති වීම්.
Diabitic Ostioarthropathy.

මේ වෙනස්කම් හා විකෘති ඇතිඋනාමත් නැවත කකුල් යථාතත්වයට පත්වෙන්නේ නෑ. මේ හේතුවෙන් කකුල් වල තුවාල ඇතිවෙනවා.

අපි මේ කතා කලේ තුවාල වලට අදාලව කරුණු කීපයක් ගැන විතරයි. මීට අමතරව දියවැඩියාව නිසා ඇතිවෙන රිවස් නැති සංකූලතා තව තියෙනවා.

ඉතින් අප කලයුත්තේ "සීනි වැඩි උනාට මට කිසි අමාරුවක් නෑනෙ" කියමින් නොසලකා හැරීම නොව රිවස් නැති සංකූලතා ඇතිවීමට පෙර දියවැඩියාව හැකි ඉක්මනින් පාලනය කිරීමයි.

Wound.lk Wound Healing

16/08/2023

දියවැඩියා කාරයන්ගේ තුවාල හොඳ නොවන්නේ ඇය?

"සීනි නිසා තුවාලය ඔඩුදුවලා."

"කකුල කපන්න කියනවා දියවැඩියාවලු."

"තුවාලෙ හොඳකරගන්න නම් සීනි අඩුකර ගන්නලු."

ඇයි මේ දියවැඩියා කාරයන්ගේ තුවාල හොඳ නොවෙන්නේ?

දියවැඩියා තුවාල සුවකිරීමට නම් රුධිරයේ සීනි පාලනය කිරීම ඉතාම වැදගත්. අධික මිලගණන් වලට තියෙන බෙහෙත් වර්ග වලට වඩා ලොකු දෙයක් ඉන් සිදුවෙනවා.

සීනි වැඩිවූ විට තුවාල හොඳ නොවීමට හේතු ගොඩක් තියෙනවා. ඒවා එකින් එක බලමු.

1. ‍රුධිරයේ සීනි වැඩි වෙලාවල් වලදී ලේ නහර තද වෙනවා. ඒක නිසා කුඩා නහර අවහිරතා ඇතිවෙලා තුවාලයට ලේ ගමනාගමනය අඩාල වෙනවා. ඉන් තුවාලයට ඔක්සිජන් හා ආහාර ලැබීම අඩපණ වෙලා තුවාලය සුවවීම ප්‍රමාද වෙනවා.

2. ලේ ගමන අඩුවීම නිසා හා නහර තද ගතිය නිසා ලේ වල තියෙන සුදු රුධිරානු හා ප්‍රතිදේහ වගේ දේවලට තුවාලයට ලඟාවීම අපහසු යි. ඒ නිසා සීනි වැඩි වෙලාවට තුවාලයේ ආරක්ෂාව අඩුයි. ඉක්මනට පැසවනවා.

3. රුධිරයේ වැඩි සීනි තත්වයක් තියෙනකොට අපේ සුදු රුධිරානු අකාර්යක්ෂම වෙනවා. ප්‍රථිපලය කියන්න ඕනෙ නෑනෙ.

ඉතින් මතක තියාගන්න සීනි වැඩි නම් තුවාල හොඳකරන්න අමාරු බව.

සමහරු කියනවා මට දියවැඩියාව තිබුනට දැන් සීනි ගොඩක් අඩුයි. ඒත් තුවාල හොඳ වෙන්නේ නෑනෙ කියල. අපි ඊලඟ ලිපියෙන් ඊට හේතු කතා කරමු.

Dr. Gayan Jayakody
MBBS; MSc (Wound Healing - UK).

Wound.lk Wound Healing

04/08/2023

කුඩා යැයි සිතා නොසලකා සිටීම භයානක කරුණු හතරක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා.

සර්පයා
ගිනි දැල්ල
රජ කුමාරයා
කුඩා භික්ෂුව

මේ කරුණ අඩංගු වෙන්නේ සංයුක්ත නිකායෙ කෝසල සංයුක්තයේ.

දියවැඩියා රෝගියෙකුට හැදෙන ඉතා කුඩා තුවාලයක් පවා කුඩා යැයි සිතා නොසලකා හැරීමත් ඒ වගේම භයානකයි. මාරාන්තිකයි.

බොහෝ දියවැඩියා තුවාල ආරම්භ වෙන්නේ කුඩා බිබිලක්, පුංචි හම යෑමක්, කුමක් හෝ කටුවක් වැනි දෙයක් ඇනීමක්, කුඩා පිලිස්සුමක් හෝ කැපීමක් වැනි දෙයක් ලෙසයි.

නමුත් බොහෝ අවස්ථා වල රෝගියා මේ බව දන්නේ නෑ. ඔහුට දැනෙන්නෙත් නෑ. සමහර විට දැනගත්තත් එච්චර ලොකුවට ඒ ගැන හිතන්නේ නෑ.ඒකට හේතුව දියවැඩියාව ආශ්‍රිතව ඇතිවෙන හිරිය. හිරිය නිසා තුවාල රිදෙන්නෙ නෑ. ඒ නිසා මෙයාල හිතනවා මේක එච්චර සීරියස් නෑ කියල.

බොහෝ දියවැඩියා තුවාල රෝගීන් අපි ලඟට එනකොට තුවාල ගොඩක් දරුණු වෙලා ඉවරයි. දියවැඩියාව තියෙන කෙනෙක් කකුල් ප්‍රවේසම් කරගන්න කරන්න ඕනැ දේවල් කීපයක් කියන්නම්.

1. "දිනපතා" තමන් හෝ වෙන කෙනෙකුට කියල කකුල් දෙක හොඳින් පරීක්ෂා කරන්න ඕනෑ (ඇඟිලි කරු අතර විශේෂයෙන්ම බලන්න).

2. පරීක්ෂා කරනකොට කකුලේ කුඩා හෝ වෙනසක් තියෙනව නම් "වහාම" "වහාම" "වහාම" වෛද්‍යවරයෙක් හමුවෙන්න ඕනෑ.

3. දියවැඩියා රෝගීන් උණුවතුර පාවිච්චි කර කකුල් හෝදන්න එපා ///

4. කකුලේ ඇඟිලිකරු අතර ක්‍රීම් වර්ග ගාන්න එපා. තෙතමනය රැඳෙන්න දෙන්න එපා.

5. දියවැඩියා රෝගීන් සඳහා ම සෑදූ පාවහන් පාවිච්චි කරන්න. කණගාටුවට කරුණක් වන්නේ දැනට ලංකාවේ ඇති දියවැඩියා පාවහන් වර්ග සියල්ලක්ම පාහේ කුමන හෝ දෝෂයක් සහිත වීමයි. තියෙන ඒවා වලින් තමන්ට ගැලපෙනම පාවහන් දෙකක් තෝරාගන්න. නැතිනම් ඊලඟ තුවාලය සෑදෙන්න හේතුව ඔබගේ දියවැඩියා පාවහන් යුගලය වෙන්න පුලුවන්.

6. තුවාලයට ගොඩ වෙදකම් කරන්න එපා. ප්‍රථිකාර ගන්න වෛද්‍යවරයා ගේ සුදුසුකම් සොයා බලන්න. වෛද්‍යවරයා සමග තුවාලයේ තත්වය සාකච්චා කරන්න. දිගින් දිගටම තුවාලය නරක් වෙනවා නම් වෙනත් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබාගන්න.

Dr. ගයාන් ජයකොඩි
MBBS; MSc Wound Healing - UK

Wound.lk Wound Healing

22/06/2023

නිදන්ගත තුවාල ප්‍රථිකාර ක්ෂේත්‍රය ඉතා වේගයෙන් දියුණුවෙමින් ඉදිරියට යන ක්ෂේත්‍රයක් වී ඇත. ලංකාව තුල ඒ පිලිබඳ යාවත්කාලීන වූ (Updated) දැණුමක් නැතිකම අඩුපාඩුවකි. නිදන්ගත තුවාල ප්‍රථිකාර විෂය වෙනම ම විෂයක් ලෙස දියුණු වෙමින් පවතින බව සමහර වෛද්‍යවරුන් පවා තවම නොදන්නා බව පෙනේ.

ලංකාව තුල තුවාල ප්‍රථිකාර පිලිබඳව වෛද්‍යවරයෙකුට ඉගෙනගත හැකි හෝ කටයුතු කල හැකි ව්‍යුහයක් (Academic Body) ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, වෙනත් වගකිවයුතු ආයතනයක් හෝ විශ්වවිද්‍යාලයක් කටයුතු කරන බවක් ද තවම නොපෙනේ. දැනට මේ ක්ෂේත්‍රයේ සැලකිය යුතු වැඩකොටසක් හෙදියන් විසින් (Specially by Male Nurses) කරන අතර ඔවුන්ට ඇති සීමා නිසා එහි සාර්ථකත්වය ද සීමා වී ඇත. මේ බොහෝ ගැටලු විසඳීමට නම් වෛද්‍ය ක්ෂෙත්‍රයට Wound Cara Quolified වෛද්‍යවරුන් හා හෙදියන් අවශ්‍ය බව දියුණු සෞඛ්‍ය පද්දතියක් ඇති සියලු රටවල් දැන් තේරුම් ගෙන ඇත.

වෛද්‍යවරුන් සඳහා Wound Healing Fellowships ලබාදීම මූලික කරගත් පාඨමාලා ඇමරිකාව, කැනඩාව හා යුරෝපය දැනටම ඇරම්භ කර ඇත. ඒ අතරින් වඩාම සාර්ථක Fellowship Program එක ලෙස යුරෝපීය පාඨමාලාව පත්ව ඇත.

එය // The first and only politically approved education within the EU and the first and only synchronized EU based physician related education in the field of wound healing// ලෙස සලකේ.
ඒ පිලිබඳ වැඩි විස්තර පහත දිගුවෙන් බලන්න

https://mjcwoundhealing.org/become-a-european-fellow-in-wound-healing

ගාස්තු අයකිරීමේදීත් අනෙක් රටවල Fellowships සමග සැසඳීමේ දී ඉහත පාඨමාලාව වඩා නම්‍යශීලී අතර පසුගිය ඩොලර් අර්භූදය කාලයේ මගේ වාර්ෂික ගාස්තුව එකවර ගෙවීම ලංකාවේ බැංකු විසින් ප්‍රතික්ෂේප කලවිට ඒ සඳහා ඉතා සහනදායී ක්‍රමවේදයක් මා හට ලබාදෙන ලදි.

ඊට අමතරව ඔබ තුවාල පිලිබඳ පස්චාත් උපාදියක් හැදෑරීමට කැමැත්තෙන් සිටීනම් ඒ සඳහා ලෝකයේ දැනට පහසුකම් ඇති පිළිගත් විශ්වවිද්‍යාල දෙකක් ඇත. පළමුවැන්න එංගලන්තයේ වේල්ස් වල පිහිටි කාඩිෆ් විශ්ව විද්‍යාලය (University of Cardiff) වන අතර දෙවැන්න ඕස්ට්‍රේලියාවේ පිහිටි මොනෑෂ් විශ්වවිද්‍යාය (University of Monash) යි. මෙම විශ්වවිද්‍යාල දෙකම Global Universities Category Ranking වල මුලින් නම් සඳහන් වන විශ්වවිද්‍යාල දෙකකි.

කාඩිෆ් පාඨමාලාව පිලිබඳ විස්තර පහත දිගුවෙන් බලන්න.

https://www.cardiff.ac.uk/study/postgraduate/taught/courses/course/wound-healing-and-tissue-repair-msc-part-time

මොනෑෂ් පාඨමාලාව පිලිබඳ විස්තර පහත දිගුවෙන් බලන්න.

https://www.monash.edu/study/courses/find-a-course/wound-care-m6035?international=true

ලංකාවේ තුවාල ක්ෂේත්‍රය විද්‍යාත්මකව දියුණු කිරීමට අපේ රටේ වෛද්‍යවරුන්ට හා හෙදියන්ට අවශ්‍ය නම් ඔවුන් කලයුත්තේ වහ වහා මෙම ක්ෂෙත්‍රයට ඇතුලු වීමයි. හෙද ක්ෂේත්‍රයේ ද පිලිගත් නව පාඨමාලා රාශියක් ලෝකය පුරා පවතින බැවින් ඔවුන් ද එවැනි පාඨමාලා වෙත යොමුවී පිලිගත් Wound Healing Nurse කෙනෙකු වීම කාලීන අවශ්‍යතාවයකි.

Dr. Gayan Jayakody
MBBS; MSc (Wound Healing - UK)

ප.ලි.

මින් කාඩිෆ් උපාදිය හැදෑරීමට බලාපොරොත්තු වන අයෙකුට ඒ පිලිබද වැඩි විස්තර අවශ්‍ය නම් ලබාදිය හැක. උපාධිය අවසානයේ ප්‍රායෝගික පුහුණුව සඳහා වේල්ස් NHS හි Clinical Attachment එකක් ලබාගැනීමටද ඔබට අවස්ථාව ලබාගත හැකි අතර එය ඉතා ප්‍රයෝජනවත් බව මම අත්දැකීමෙන් දනිමි.

05/06/2023

අද වනවිට දියවැඩියා කාරයෙක් නැති ගෙයක් නැති තරම්‍ ය. දියවැඩියාවේ සංකූලතා ද එමට ය. දියවැඩියා රෝගීන් අතර ඇති සුලභ හා කරදරකාරී සංකූලතාව තුවාල සෑදීම යි.

දියවැඩියා රෝගියෙකුට තුවාලයක් සෑදීම වෙඩි බෙහෙත් ගොඩක් ලඟ ගිනි ගොඩක් ගැසීම බඳු දෙයකි. ප්‍රවේශමෙන් කටයුතු කලහොත් පමණක් මහා විනාශයක් වලක්වාගත හැකි නමුදු බොහෝ විට වෛද්‍යවරයෙක් ලෙස මා දකින්නේ විනාශයන්ම ය.

එසේ වන්නේ ඇයි?

පළමු වැන්න නම් දියවැඩියා රෝගීන් තමාට සිදුවූ තුවාලය එවෙලේම නොදැකීම යි. හිරිය නිසා කකුල්වලට වන තුවාල ඔවුන්ට නොදැනේ. තුවාලය ඔඩුදුවා ගඳ ගසන තෙක් ඔවුන් එය නිදනී. සමහර විට උණ ගැනෙන තෙක්ම ඔවුන් තමාට තුවාලයක් සිදුවී එය කුණුවී ඇතිබව නොදනී.

දෙවැන්න නම් තුවාල ගණන් නොගැනීම යි. එයද හිරිය නිසා වන දෙයකි. තුවාලය රිදෙන්නේ ද නැති නිසා ප්‍රථිකාරයකට යාමක් ගැන ඔවුන් නොසිතයි. සුළු දෙයක් ලෙස සැලකීම නිසා අවසානයේ කකුල පවා අහිමි වියහැකි බව ඔවුන්ට නොතේරේ.

කලයුත්තේ කුමක්ද?

"දිනපතා පාද පරීක්ෂා කිරීමයි"

මෙය දිනපතාම කලයුතු ය. පාදයේ ඇඟිලි අතර සහ ඇඟිලි යට බොහෝවිට සැඟවුණු තුවාල තිබිය හැකිය. එබැවින් තමා හෝ වෙනත් අයෙක් මඟින් කකුල් දෙක හොඳින් පරීක්ෂා කල යුතු ය.

යම් සැක කටයුතු රතුවීමක්, හම යාමක්, සීරීමක්, බිබිලක් හෝ තුවාලයක් වැනි දෙයක් තිබුනහොත් වහාම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු හමුවීම මඟින් කකුලක් අහිමිවීම වලක්වාගත හැකි බව සිතන්න.

Dr. Gayan Jayakody
MBBS; MSc (Wound Healing)

30/03/2023

හැම තුවාලයක්ම හොඳකරන්න පුලුවන්ද? බෑ, ඒත් හැම තුවාලයකටම සාධාරණ විසඳුමක් දෙන්න පුලුවන්. අපේ අරමුණ ඒකයි. අපි HBO Chamber එකක් අපේ තුවාල ප්‍රථිකාර ඒකකයට ගෙනාවෙ ඒ නිසයි.

මේක තුවාල ප්‍රථිකාර සඳහා ම යොදාගන්න ලංකාවෙ ප්‍රථම හා එකම chamber එක. මේ දක්වා කරන ලද ප්‍රථිකාර වලින් අපිට ඉතා සතුටුදායක ප්‍රථිපල ලැබිල තියෙනවා.

ලෝකයේ දියුණු රටවල් නවීන තාක්ෂණික උපකරණ රාශියක් තුවාල ප්‍රථිකාර සඳහා යොදාගන්නව. මේ සියලුම උපකරණ වලින් පිරුණ තුවාල ප්‍රථිකාර ඒකකයක් ස්ථාපිත කරන එක අපේ බලාපොරොත්තුවක්.

Wound.lk Wound Healing

Want your practice to be the top-listed Clinic in Gampaha?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Woundy Wound InnovationsContacts :- 0778899021Location :- https://maps.app.goo.gl/pzb4WUtkMxdNgtRb8?g_st=ic#WoundAcademy...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානය  Woundy Wound InnovationsContacts :- 0778899021Location :- https://ma...
Woundy Wound InnovationsContacts :- 0778899021Location :- https://maps.app.goo.gl/pzb4WUtkMxdNgtRb8?g_st=ic#WoundAcademy...
තුවාල සත්කාර පාසල - Wound Academy / Woundy Wound Innovations - Sri Lanka 🇱🇰 Contacts :- 0778899021Location :- https://ma...
තුවාල වලට ගස්ලබු දාන්නේ මෙහෙමයි.

Category

Telephone

Address


Raddolugama National Housing Scheme
Gampaha
11400

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00