Lakshan Sandaru

Innovative, creative thinker with a passion for exploration."

Timeline photos 21/05/2021

Here we are proudly introducing our UGEN Administrative team, which is the largest undergraduates university entrepreneurs network in Sri Lanka.
Congratulations all!

Photos from UGEN - Undergraduate Entrepreneurs Network's post 21/05/2021
01/05/2021

තමන්ගේ හැකියාව කැමැත්ත තමන්ගේම ව්‍යාපාරයක් බවට පත්කරගත්ත තවත් සුවිශේෂී චරිතයක් තමයි අද අපිත් එක්ක එකතුවෙලා ඉන්නේ.ඔහු නමින් මිලින්ද ප්‍රසාද්. Undergradates of Sri Lanka අප සමග බෙදාගත් ඔහුගේම අත්දැකීමයි මේ.

ඔබ ගැන හැදින්වීමක් කලොත්?

ලොකු දක්ෂතා, කුසලාන නැති වුනත් දන්න පොඩි දෙයින් ප්‍රයෝජනවත් දෙයක් කරන්න උත්සාහ ගන්න කෙනෙක්........

මගේ නම මිලින්ද ප්‍රසාද් මම මූලික අධ්‍යාපනය ලැබුවෙ ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයෙන්. හය ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වාම අධ්‍යාපනය ලැබුවේ ගම්පහ තක්ෂිලා විද්‍යාලයෙන්. එහිදී උසස් පෙළ සමත්වෙලා ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ විද්‍යාවේදී විශේෂ උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලැබුවා. උසස් පෙළ විභාගය නිමකරල ප්‍රතිඵල එනකන් ගෙදර ඉන්න කාලෙදි විවිධ පාඨමාලා හදාරනවාත් එක්කම ඒ්වායේ දැනුම යොදාගෙන මගෙම ව්‍යාපාරයක් කරන්න කැමැත්තක් තිබුණ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි වැඩිදියුණු කල සැහැල්ලු පන්දු ක්‍රිකට් පිති ව්‍යාපාරය සඳහා යොමුවෙන්නෙ.

ඔබේ ව්‍යාපාරය මොකක්ද?ඒකට යොමුවන්නෙ කොහොමද?

විවිධ මාදිලිවල සැහැල්ලු පන්දු ක්‍රිකට් පිති හා ක්‍රීඩා භාණ්ඩ අලෙවිය තමයි මගෙ ව්‍යාපාරය වෙන්නෙ.
පාසැල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුනා. ඒ් වගේම ගමේ යාළුවො එක්කත් සෙල්ලම් කලා. ඇත්තටම මේක ව්‍යාපාරයක් බවට පත්කරන්න උත්සාහ දරන්නෙ ක්‍රීඩා ක්ෂේත්‍රයේ අවශ්‍යතාව මෙන්ම ආර්ථික අවශ්‍යතාවය ද මත. ඒ් කියන්නේ අපට ක්‍රීඩාවක නිරතවෙන්න අවශ්‍ය අනිකුත් උපකරණ එහෙම නැත්නම් ක්‍රීඩා භාණ්ඩ කියන දේවල් නිසි ප්‍රමිතියකින් ඒ් ඒ් ක්‍රීඩකයාට ගැලපෙන ආකාරයට සපයන්නේ කොහොමද කියන එක. ඒ් කියන්නේ ඔිනෑම භාණ්ඩයක ද්‍රව්‍යමය නිමාව මෙන්ම දර්ශනීය නිමාවද වැදගත්. දැනට ව්‍යාපාරය කරගෙන යන්නෙ මේ සියළු දේවල් අත්හදාබලමින් වගේම වැඩිදියුණු කිරීම් ද එකතු කරමින් තමයි.
අද පවතින තත්වය අනුව ඔිනෑම නිෂ්පාදනයක් මිල කිරීමකට ලක්වෙනව. මගේ අදහසට අනුව මගේ කාලයත් ශ්‍රමයත් මේ සඳහා යොදවන නිසාත් ම දැනට සිටින ආර්ථික තත්ත්වය නිසාත් මගේ ක්‍රීඩා භාණ්ඩයේ නිමැවුමට මිලක් නියම වෙනව. ඉතිං ඒත් එක්කම මගේ ව්‍යාපාරය තුලදි පාරිභෝගිකයා ගෙවන මුදලට ඉහල වටිනාකමක් ලැබෙන විදිහට වගේම පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමට ද උපරිමයෙන් කටයුතු කරනවා.

ඔබ මේ වෙනකොට ලබල තියෙන ජයග්‍රහණ මොනවද?

ඇත්තටම මම කැමතිම ක්ෂේත්‍රයවන ක්‍රීඩා විෂය ධාරාව විද්‍යානුකූලව හැදෑරීමට අතිශය තරඟකාරී තෝරාගැනීමකින් පසුව ඒ් සම්බන්ධ උපාධි පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව හිමිකරගැනීම මා ලැබූ ජයග්‍රහණයක් කියල හිතනවා. ඒ්ත් එක්කම තක්ෂිලා විද්‍යාලය නියෝජනය කරමින් 2016 විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරඟයේ ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කරමින් විදුහල් මාතාවට කීර්තියක් ගෙනදීමට හැකිවීම මාලද මහඟු ජය්‍රහණයක්.

අධ්‍යාපනයත් එක්ක කොහොමද සමබරව කරගෙන ගියේ ?

ඇත්තම කිව්වොත් මම අධ්‍යාපනය අනෙකුත් කටයුතු එක්ක සමබරව කරගෙන ගිය කෙනෙක් නෙමෙයි. ඒ් හින්ද මම අ.පො.ස. (උසස් පෙළ) විභාගය දෙවතාවකදිම විෂයයන් 07 ක්ම අසමත් වුනා. නමුත් ඊට පස්සෙ මවගේ නිවැරදි මග පෙන්වීම තුලින් හා ක්‍රීඩාවේදී ප්‍රායෝගිකව මුහුණදුන් අත්දැකීම් උදව් කරගෙන තරඟකාරී විභාග රටාව තරණයට අවශ්‍ය දැනුමත් ඒ් සමගම ක්‍රීඩාව මෙන්ම ඒ් හා සබැඳි ව්‍යාපාරයක් සාර්ථකව සිදුකරගනෙ යාමට අවශ්‍ය වටාපිටාවත් සකසාගත්තා.

විශ්ව විද්‍යාලයේදි ඔබට දක්ෂතා එලිදක්වන්න ලැබුනු අවස්තා ගැන මතක් කලොත්?

ව්‍යාපාර කරන ගොඩදෙනෙක් අතරෙ මගෙ වැඩි දියුණු කල ක්‍රිකට් පිති ව්‍යාපාරය කරගෙන යාමට වගේම ඒක පාරිභෝගිකයා අතරට ගෙනයන්න ක්‍රීඩාව පිළිබඳ විධිමත් හැදෑරිමක් කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වීම මට උදව්වක් වුනා. ඒවගෙම නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කරගන්න වෙළඳපොළක් නිර්මාණය කරගන්නත් රාජ්‍ය විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයෙක් වීම බොහෝ උපකාරී වුනා.

ඔබට ආපු අභියෝග සහ ඒවට මුහුණ දුන්නෙ කොහොමද?

අපි හැමෝම වගේ දන්නව සාමාන්‍යයෙන් ක්‍රිකට් බැට් කියන්නේ දැව ආශ්‍රිත නිෂ්පාදනයක්. දැනට මං පදිංචි ප්‍රදේශයේ ඊට අදාල දැව සොයාගැනීමට අපහසු තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඒ් හින්ද මූලික නිෂ්පාදනයෙන් අනතුරුව අනිකුත් අමුද්‍රව්‍ය භාවිතාකරල විවිධ මාදිලියේ පිති නිර්මාණය තමයි සිද්ධ කරන්නේ. ඒත් එක්කම වර්තමානයේ විශාල සෞඛ්‍ය ගැටළුවක්ව තිබෙන COVID 19 වෛරසය නිසා ක්‍රිකට් පිති නිම කිරීමට අවශ්‍ය අනිකුත් දෑ ලබාගැනීමේ ගැටළුවක් ද තියෙනවා. නමුත් දැනට පවතින සම්පත් ඵලදායිව යොදාගැනීමටත් නිෂ්පාදනයට යොදාගත හැකි ආදේශක පිළිබඳවත් ගවේෂණය කරන අතරෙම තමයි දැනට ව්‍යාපාරය කරගෙන යන්නෙ.

ඔබ තවත් දක්ෂතා දක්වන්නෙ මොනවටද?

ඇත්තටම මමත් එකවර විශ්ව විද්‍යාල වරම් ලැබු අයෙකු නෙවෙයි. නැවත නැවත උත්සාහ කරල තමයි මේ වරප්‍රසාදය ලබාගත්තේ. ඉතිං උසස් පෙළ හදාරන කාලයේ සිට මේ දක්වා ලද අත්දැකීම්, හා දැනුම තුලින් O/L වලින් පසු ව එසේත් නැත්නම් ඊට වසර කිහිපයකට පෙර සිටම පුද්ගලයෙකු තම වෘත්තිය තෝරාගන්නේ කොහොමද, කෙටියෙන් කියනවනම් තමා උසස් පෙළට හැදෑරිය යුත්තේ කුමන විෂයයන් ද කියන දෑ පිළිබඳව අවබෝධයක් ලබාදීමේ හැකියාව මා සතුව තිබෙනවා. මම විශේෂයෙන්ම කැමැත්තක් හා දක්ෂතාවයක් දක්වනවා නිවැරදි ඵලදායි අධ්‍යාපන ක්ෂේත්‍රයක් හෝ වෘත්තීමය තෝරාගන්නේ කොහොමද කියන එක සාකච්ඡාමය උපදේශනය තුලින් පුද්ගලයෙකුට අවබෝධ කරල දෙන්න.

ඒ් වගේම මම බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැලුන කෙනෙක්. කුඩා වයස් කාණ්ඩ ළමුන් සඳහා සහාය උපදේශකයෙකු ලෙස මම කටයුතුකරල තියෙනවා. ඉතිං පාසැල් ළමුන් ක්‍රිඩාව වෙත යොමු කිරිම සහ නියැලීම සම්බන්ධයෙන් උනන්දු කරවීම පිළිබඳ උපදේශන කටයුතු කරන්න පුළුවන්.

ඔබට මේ ගමනට උදවු කල අය කවුද?

“සම්පත් සීමිතයි, නිර්මාණශිලිත්වය අසීමිතයි” යන තේමාව පෙරදැරි කරගනිමින් නිපුණතා සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ තුමිය ඇතුළු නිලධාරින් පිරිස මම මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරනව. එම නිලධාරීන් කණ්ඩායම අපේ ගමේ වෘත්තීමය චාරිකාවක යෙදුන දිනෙක මට අහඹු ලෙස මුණගැහුනෙ. රටට වැඩදායි ව්‍යවසායෙකු වන්නට උත්සාහ දරන මාවැනි අයෙකු රටට ලෝකෙට හඳුන්වල දෙන්න එම මහත්ම මහත්මීන් කැප වුනා. ඉතිං තම රාජකාරිය මැනවින් ඉටුකල එම සියළුම නිලධාරින්ගේ ඉදිරි වෘත්තීය ගමනට මා සුභ පතන්නත් ස්තූතිය පුදකරන්නත් මෙය අවස්තාවක් කරගන්නවා. ඒ් වගේම මේ ගමනට මහා ශක්තියක් වෙන මාගේ ආදරනිය මව මෙන්ම මගේ මිතුරන් ද මේ අවස්ථාවේ මතක් කරනවා.

ඔබේ අනාගත බලපොරොත්තු මොනවාද?

මේ ව්‍යාපාරය දියුණු කරල රටට ප්‍රයෝජනවත් නිෂ්පාදන බිහිකිරිමට බලාපොරොත්තු වෙනව වගේම ක්‍රීඩාවට හා අධ්‍යාපනයට නව මුහුණුවරකින් යමක් කරන්නත් බලාපොරොත්තු වෙනව.

ඔබ වැනිම ගමනක් එන්න හිතන කෙනෙකුට දෙන පණිවුඩය මොකක්ද?

ඇත්තටම මම කියන්නේ සෑම පුද්ගලයෙකුටම කලහැකි යමක් තියෙනවා. ඒ් හඳුනා ගැනීම තමයි වැදගත්. සාම්ප්‍රදායික රැකියා රටාවකට යොමුවෙන්න කියන පරිසරය තරමක් දුරට නිවස තුල තිබුණත් යම් නිෂ්පාදන ක්‍රියාවලියකට එහෙම නැත්නම් ව්‍යවසායකත්වය යන්නට දායක විය හැකි යමක් කල යුතුයි කියන දේ තමයි මගේ හිතේ හැම මොහොතෙම තිබුනෙ. දැනුමෙන් අත්දැකීමෙන් සන්නද්ධ විම වැදගත්, නමුත් තමා තුල තිබෙන යම් හැකියාවක් සම්බන්ධයෙන් වන දැනුම උපයෝගී කරගනිමින් මිනිසාට හිතකර යමක් නිර්මාණය කලහැකිනම් ඒ්ක ගොඩක් වටිනව. ඉතිං ඒවැනි දේකට යොමුවෙන්න පුද්ගලයෙකුට ගොඩක් නිදහස ඔිනෙ කියලයි මම හිතන්නේ. ළමා හා පැසැල් අධ්‍යාපන කාලය තුල ලැබෙන නිදහස ඉදිරි මිනිස් ජීවිතයට ගොඩක් ඵලදායි වෙනව. ඉතිං අපේ නංගිල මල්ලිල වගේම දෙමව්පියොත් මේ ගැන අවධානය යොමුකරනව නම් හොඳයි. ඒ් කියන්නෙ පවුල් පරිසරය, පාසැල, ගම, ආර්ථික තත්ත්වය කුමක් වුවත් තමුන් ලඟ ති‌බෙන දක්ෂතා මොනවද කියල නිවැදිව අවබෝධ කරගැනීම තමයි වැදගත්. ඉන්පසුව අපට පුළුවන් ඒ් දක්ෂතාවය කොහොමද තමුන්ටත් රටටත් ඵලදායි ලෙස ක්‍රියාත්මක කරන්න. ඒ් හින්ද විභාග ප්‍රතිඵල, අධ්‍යාපන සහතික යනාදිය මතම රැඳිල තීරණ ගන්නෙ නැතුව තමුන්ට පුළුවන් දේ රටේ නීතියට එකඟව අවංකව කරන්න උත්සාහ කරන්න. එතකොට අපට වෙන රටවල් ගැන ලොකුවට කතා කරන්න වෙන්නෙ නෑ.

සටහන - Lakshan Sandaru

Milinda Prasad

18/04/2021

Special thanks to Ralla magazine and pramidu sachiranga for giving me this opportunity.❤️🤟

මිහින්තලාවට පෙනෙන සුන්දර රජරට සරසවිය 12/04/2021

මිහින්තලාවට පෙනෙන සුන්දර රජරට සරසවිය😍

මිහින්තලාවට පෙනෙන සුන්දර රජරට සරසවිය This is an opportunity for me to capture the beautiful view of Rajarata University from the sacred Mihintale Temple which is full of beautiful memories.

22/03/2021

අපේ රටේ හැම විශ්ව විද්‍යාලෙකම ඉගෙනගන්න ටිකක් වෙනස් විදිහට හිතල අලුත් දෙයක් ඉදිරිපත් කරපු ව්‍යවසායකයො පිරිසක් තවත් අලුත් වැඩකට අතගහල තියෙනවා.

ඔබ දන්නවා පසුගිය වසර පුරාම අපි කතා කලේ ඔවුන්ගේ අලුත් නිර්මාණ පිලිබදව.මේ නිර්මාණ එහෙම නැත්නම් නිෂ්පාදන කොහෙන්ද අපිට ගන්න පුලුවන් කොහොමද බලන්න පුලුවන් කියල ගොඩ දෙනෙක් අපෙන් විමසීම් කරල තියෙනවා.මේ වැඩෙත් ඒකට දීපු උත්තරයක් තමයි.ඒ තමයි UGEN(Undergraduate Entrepreneurs Network) මගින් සංවිධානය කරනු ලබන දේශීය නිෂ්පාදන වෙළද ප්‍රදර්ශනය.

👉අපේ දේ අගයන ඔයාල වෙනුවෙන් 100%ක්ම දේශීය නිෂ්පාදන දැකගන්න මිලදීගන්න ලැබෙන සුවිශේෂී අවස්ථාවක්.

👉මේ සියලුම දේ අපේම විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන අපේම සහෝදර ශිෂ්‍යය ශිෂ්‍යයාවන් අතින්ම නිෂ්පාදනය වුන දේවල්.

♦️පැවැත්වෙන්නෙ මාර්තු මාසෙ
25 , 26 , 27 මීගමුවේ bus stand එක ඉදිරිපිට

♦️25 , 26 මොරතුව K ZONE හිදී

♦️29 , 30 , 31 දියත උයනේදී

ඉතින් දේශීයත්වය අගය කරන ඔබ සියලුම දෙනාටම අපි ආරාධනා කරනවා ඔවුන්ගේ මේ ගමනට ශක්තියක් වෙන්න කියලා.🙏

Iresha Dilrukshi Thanusha Tharukirana Shan Dilanka Thanthriege Himali Suraweera Dhammika Prabhath Tharindu Lakmal Pushpakumara Dulanjana Vithanage Nadee Senanayake Harshana Piumal Niriella Samantha Dasanayaka Janani Wijenayake Lakshan Sandaru

ස්වභාවික ආයුර්වේද රුපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් බිහිකල සරසවි ව්‍යවසයිකාව - uoslmedia.com 21/03/2021

ස්වභාවික ආයුර්වේද රුපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් බිහිකල සරසවි ව්‍යවසයිකාව - uoslmedia.com පාරම්පරික හා දේශීය වෛද්‍ය විද්‍යා දැනුම උපයෝගි කරගනිමින් 100% ක් ස්වභාවික ඖෂධ සාරයන් සමන්විත රසායනික ද්‍රව්‍ය වලි....

06/03/2021

ශ්‍රී ලංකාවෙ විශ්වවිද්‍යාල,තාක්ෂණික හා උසස් අධ්‍යාපන ආයතන තුල ඉගෙනුම ලබන විවිධ දක්ෂතා සහිත සහෝදර ශිෂ්‍යයන්ගේ තොරතුරු ඉදිරිපත් කල අප Fb පිටුව නිර්මාණය කරල දැනට වසර එකහමාරක කාලයක් වෙනවා.ඔවුන් අතර ව්‍යවසායකයො,නවනිපැයුම්කරුවො,ක්‍රීඩකයො,කලාකරුවො,අධ්‍යාපනික හා විශේෂ දක්ෂතා පෙන්නපු විශිෂ්ඨයො බොහොමයක් හිටියා.පසුගිය Covid-19 වසංගතය මුලින්ම රටපුරා ව්‍යාපතවන කාලසීමාවේ සරසවි ශිෂ්‍යයන් රටට දායාද කල නවෝත්පාදන බොහොමයක් ඉදිරිපත් කරන්න හැකියාව ලැබුනා.ඔවුන්ගෙ දක්ෂතා දැකපු ගොඩක් අය ඔවුන්ව අගය කිරීම, දිරිමත් කිරීම හා තොරතුරු ලබාගෙන උපකාර කිරීමට ඉදිරිපත්වීමත් මගේ උත්සහයට ලැබුනු ඉහල වටිනාකමක් ලෙස සලකනවා.

මේ කාර්‍යයේම තවත් ඉදිරි පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ පලවෙනි වතාවට සරසවි සිසුන්ගේ දක්ෂතා ඇගයීම වෙනුවෙන් නිර්මාණය කල 👉 Uoslmedia.com අපගේ fb පිටුවේ නිල web අඩවිය කිව්වොත් නිවැරදී.ඉදිරියටත් විශිෂ්ඨයන්ගේ තොරතුරු රටට අනාවරණය කරන්න බලාපොරොත්තුවෙනවා.අදහස් යෝජනා ඉදිරිපත් කරපු වසර එකහමාරක් පුරා අපසමග එකතුවෙලා හිටපු සහෝදර ඔබ සියලු දෙනාටම ස්තූතී !

25/02/2021

Thank you to everyone who encouraged us.❤️

Earthday.org වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාව ප්ලාස්ටික් දූෂණය අතින් පස්වන ස්ථානයට පත්ව තිබෙනවා.අප දිනකට ප්ලාස්ටික් කිලෝග්‍රෑම් මිලියන 5 ක් පමණ පරිසරයට බැහැර කරනවා.එමගින් මිනිසුන්ට , සතුන්ට හා අපේ පරිසර පද්ධතීන්ට සිදුවන හානිය අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.මේ පරිසර දූෂණයට අප හදුනාගත් ප්‍රධාන සාධකය වන්නේ ලාභදායිව මහාපරිමාණයෙන් නිෂ්පාදනය වන ප්ලාස්ටික් පොලිතීන් ඇසුරුම්.

අප විසින් නිර්මාණය කරනු ලැබූ Leafleo පරිසර හිතකාමී ඇසුරුම් ව්‍යාපාරය ඊට විසදුමක් ලෙස පරිසර දූෂක වලට ආදේශක පරිසර හිතකාමී ඇසුරුම් කර්මාන්ත විශාල පරාසයකට උචිත අයුරින් නිර්මාණය කිරීමේ කාර්‍යයය ආරම්භ කරල තියෙනවා.උදාහරණ ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් මලු වෙනුවට paper bags අපේ රටට අලුත් නිර්මාණයක් වන paper pulp වලින් නිපදවෙන සවිමත් paper bottle1,දේශීය ධාන්‍යය වර්ග යොදාගෙන නිපදවෙන ආහාරයට ගත හැකි ඇසුරුම් වර්ග සහ රූපලාවණ්‍යය ඇතුලු ක්ෂේත්‍ර ගණනාවකට අවශ්‍යය වන ආදේශක පරිසර හිතකාමී ඇසුරුම් අත් හදා බලමින් පවතිනවා.ඒ වගේම martbug.com වෙබ් අඩවිය හා සම්බන්ධව සිටින නිෂ්පාදකයන්ට අවශ්‍යය ඇසුරුම් හා සුලුපරිමාණ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යයතාව පරිදි දැනටත් ඇසුරුම් විශාල ප්‍රමාණයක් අප නිර්මාණය කර තිබෙනවා.

කැළණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව සංසදට විසින් 7 වන වරට පැවැත්වූ Biz Minds 2020 ව්‍යාපාර සැලසුම් තරගාවලිය ඉතාමත් තරගකාරී උණුසුම් තැනක් වුණා.ශ්‍රී ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයක්ම නියෝජනය කරමින් තරග කරුවන් 60කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වෙලා තිබුණා.වට 3 කින් පැවති තරගයෙන් අවසාන වටයේ හොදම ව්‍යාපාර සැලසුම් 6 අතරට එකතුවෙන්න ලැබුණු එක අප ලබපු විශාල ජයග්‍රහණයක්.අප විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඒ දේ කරන්න ලැබුනු එකට ගොඩක් සතුටු වෙනවා.අපට උදවු කරපු ධෛර්‍යයමත් කරපු සියලුම දෙනාට ස්තූති කරන්න මේක අවස්තාවක් කරගන්නවා.

11/12/2020

Good start.All together💪

14/11/2020
14/11/2020

පසුගිය කාලයේ සියල්ලක්ම පිටරටින් ගෙන්වා පිටරටවල් පොහොසත් කිරීමට අප රටේ ජනතාව පෙලඹී තිබුණු අතර කොවිඩ් - 19 වෛරසයත් සමඟ නැවත අප රටේ සිටිනා දක්ෂතා ඇති තරුණ තරුණියන් හඳුනා ගැනීමට හැකියාවක් ලැබිණි. ඇත්තෙන්ම රොකට් තාක්ෂණය යනු දියුණු රටවල සිදුවන අත්හදා බැලීම්, සාර්ථක ගුවන්ගත කිරීම් දැක බලා ගැනීම පමණක් ම වූ කලෙක අප රටේ තරුණයකු ඒ ඉලක්කය කරා හඹා යෑමම අගය කළ යුත්තකි.
තව ටික දිනකින් අපට ආඩම්බරයෙන් කීමට දෙයක් ඇත. ඒ අප රටෙන් ද රොකට් යානයක් ගුවන් ගත කළා යන වාක්‍යය ය. ගුවන් ගත කිරීමට පමණක් ඇති මෙම රොකට් යානය දැනට සාර්ථකය නිම කර තිබේ. ඊට අවශ්‍ය වන්නේ දැන් ගුවන්ගත කිරීමට කාලය හා අවශ්‍ය අනුග්‍රහය පමණකි. දැන් වන විටත් ඊට රජයේ අවධානය යොමු වී ඇති අතර නුදුරේදීම ශ්‍රී ලංකාවෙන් රොකට් යානයක් ගුවන්ගත කළා කියන්නා වූ සිහිනය සැබෑ වනු ඇත
මේ එවන් දක්ෂ තරුණයකු සමඟ කළ කතා බහකි.
"මම ගිහාන් හෙට්ටිආරච්චි. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. පාසල් යන කාලයේ බණ්ඩාරනායක විද්‍යාලයේ නව නිපැයුම් සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළා. රොකට් තාක්ෂණය ගැන අධ්‍යයනය ආරම්භ කළේ 2018 වසරෙදී. මීට පෙර ගුවන් යානා තාක්ෂණය ගැන ඉගෙනගෙන දුරස්ථපාලක ගුවන් යානා පිළිබඳ අත්හදා බැලීම් සිදු කළා. රොකට් තාක්ෂණය ගැන නම් ඉගෙන ගත්තේ අන්තර්ජාලයෙන්මයි. අමුද්‍රව්‍ය සපයා ගැනීම ගොඩක් දුෂ්කර කාර්යයක් වුණා. ඒ වගේම ජාත්‍යන්තර සම්මුතීන් ගොඩක් තියෙනවා රොකට් එකක් නිෂ්පාදනය කිරීමේදී. මම හදපු පළමු රොකට් යානය 2018 වසරේදීම බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණා. එම ප්‍රදර්ශනයට ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පූර්ණ අනුග්‍රහය දක්වන්න කැමති වුණා. ඒ වගේම ඊට අවශ්‍ය මූල්‍යමය සහයෝගය, රාජ්‍ය අනුග්‍රහය හා ගුවන්ගත කිරීමට අවශ්‍ය කරන සහයෝගය ගුවන් හමුදාව මඟින් ලබා දීමට කටයුතු කළා."
"ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ගුවන් හමුදාවේ සහයෝගය මේ ව්‍යාපෘතියට ලැබුණා. 2018 දෙසැම්බර් මාසෙදි තමයි රොකට් යානය ගුවන්ගත කිරීමේ පරීක්ෂණ ආරම්භ කළේ. මුලදි රොකට් එකට ඉන්ධන පිටරටින් ගෙන්නගන්න බලාපොරොත්තු වුණත් අන්තිමේදි මම ඒක ලංකාවෙදිම නිපදවා ගත්තා. රොකට් එකේ සැකිල්ල සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවේ කොහොවත් ගන්න නෑ. ලංකාවේ තිබෙන පෞද්ගලික ආයතන මඟින් අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්නල සැකිල්ල නිර්මාණය කර ගත්තා. අමුද්‍රව්‍ය පිටරටින් ගෙනාවත් සියලුම කොටස් ලංකාවෙදිම තමයි නිර්මාණය කළේ. "
"ඊළඟට අපිට තිබුණ ලොකුම අභියෝගය තමයි මම හදපු රොකට් යානය ගුවන්ගත කිරීම පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම. කල්පිටිය ගුවන් හමුදා කඳවුරේ තමයි රොකට් එක ගුවන්ගත නොකර පොළොව මත තිබියදීම ඉන්ධන පරීක්ෂාව සිදු කළේ. මෙහිදී ඉන්ධන මිශ්‍රණ සීයකට වඩා වැඩි ප්‍රමාණයක් අපි යොදාගෙන පරීක්ෂණ සිදු කළා. අවසානයේ වැඩිම බලයක් තිබෙන ඉන්ධන සාම්පලය ගෙන ඉහළට කොච්චර බරක් රැගෙන ගුවන්ගත වීමට හැකිද යන්න අපි අත්හදාබැලීම් සිදු කළා. රොකට් එකක් කියන්නෙ අධික තාපයක් නිපදවා ගනිමින් කරන්නේ. ඉතින් අපි ඊළඟට බැලුවෙ රොකට් එකේ සැකිල්ල මේ අධික තාපයට ඔරොත්තු දෙනවද අමුද්‍රව්‍යවල ඛාදනයක් සිදුවෙනවද කියන එකයි. ඇත්තටම ඉන්ධන සාම්පලය ගොඩක් සාර්ථක වුණා. දැනට මම රොකට් යානා තුනක් නිෂ්පාදනය කරල තියෙනවා. ඒ වගේම නිවැරදි ඉලක්ක වෙත ගමන් කිරීමේ හැකියාව පවතින අයුරින් සැලසුම් ද මම දැනට නිර්මාණය කර තිබෙනවා."
"අපේ රටේ රොකට් තාක්ෂණය ප්‍රචලිත වෙලා නෑ. දැනට දුරස්ථපාලක ගුවන් යානා හා ඩ්‍රෝන තාක්ෂණය පාසල් මට්ටමින් සිසුන්ට අධ්‍යයනය කරන්න පුළුවන්. උසස් අධ්‍යාපනයෙදීවත් රොකට් තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාවක් මේ වෙනකොටත් නෑ. මගෙ අරමුණක් තමයි ලංකාවේ රොකට් තාක්ෂණය ගැන ඉගෙන ගැනීමට කැමති සිසුන්ට ඒ පිළිබඳ මා ඉගෙනගත් දැනුම ලබා දී තවත් දක්ෂතා තියෙන ඊට උනන්දුවක් දක්වන අයට උදව් කිරීම. ලංකාවෙ සැටලයිට් හදන්න අය හිටියට වැඩක් නෑ, ඒව ගුවන්ගත කරන්න රොකට් නැත්නම්. මගෙ එකම අරමුණ ලංකාවෙන් නිපදවන පළමු රොකට් යානය සාර්ථකව ගුවන්ගත කිරීමටයි. "
"දැන් රොකට් යානා තුනේම වැඩ අවසන් කරලයි තියෙන්නේ. පසුගිය අවුරුද්දේ ගුවන්ගත කිරීමට සියල්ල සූදානම් කර තිබුණත් පාස්කු ප්‍රහාරය මෙන්ම කොවිඩ් - 19 වසංගත තත්ත්වය නිසා එය සිදු කර ගන්න බැරි වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් ඇමැති සීතා අරඹේපොළ මහත්මියගෙන් රොකට් එක ගුවන්ගත කිරීමට අවශ්‍ය සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. දැනටමත් සීතා අරඹේපොළ මහත්මිය මේ ව්‍යාපෘතිය පිළිබඳ එතුමියගේ අවධානය යොමුකර මට සහයෝගය ලබා දීමට කටයුතු කරමින් පවතිනවා."
"විශේෂයෙන් කියන්න ඕන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් ඇමැති සීතා අරඹේපොළ මහත්මිය, ගුවන් හමුදාපතිතුමා ඇතුළු ගුවන් හමුදා පර්යේෂණ හා සංවර්ධන අංශය, cqao අංශය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යලයේ විදුහල්පතිතුමා අතුළු තාක්ෂණ අංශයේ ආචාර්ය මණ්ඩලය, තරංග දුනුආරච්චි ගුරුතුමා, පියා පුශ්ප කුමාර හෙට්ටිආරච්චි, මව ගයත්‍රී නෙරන්ජලා ලියනගේ යන සියලු දෙනා මට විශාල සහයෝගයක් ලබා දුන්නා."

Timeline photos 13/11/2020

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කීවත් එම වදනට අභියෝග කරමින් විවිධ අංශ වල සුවිශේෂී දක්ෂතා එලිදක්වපු සරසවි ශිෂ්‍යාවක් තමයි අද අපිත් එක්ක එකතුවෙලා ඉන්නෙ.අපි ඇයගෙන්ම විස්තර විමසා බලමු.

ඔබ ගැන පුංචි හැදින්වීමක් කලොත්?

මගේ නම අමන්දා වික්‍රමාරච්චි. මම ජීවත් වෙන්නේ රත්නපුර. මට නිවුන් සොයුරියක් හා වැඩිමහල් සොයුරියක් සිටිනවා. මම පාසල් අධ්‍යාපනය හැදෑරුවේ මාතර සුජාතා ප්‍රාථමික විද්‍යාලයෙන් හා රත්නපුර ෆර්ගියුසන් බාලිකාවෙන්. මම මේ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පළමු වසර සිසුවියක්.

ඔබ මේ නිර්මාණ කටයුතු සදහා යොමුවන්නෙ කොහොමද?

සාහිත්‍ය රසය ගත්තම විවිධ පුද්ගලයන් විවිධ ක්ෂේත්‍ර වලට කැමැත්තවල් දක්වනවා. ඉතින් කුඩා කල ඉඳල ම මගේ කැමැත්ත තිබුණේ ත්‍රාසය,භීතිය, කුතුහල දනවන සිද්ධි දාමයන්ට. ඒ ඔස්සේ යන විට එදිනෙදා සිදු වන සිද්ධි දෙස මම මගේ ම දෘෂ්ටි කෝණයකින් බලන්න පටන් ගත්තා. බොහෝ විට ඒ ඒ සිද්ධි දාමයන්ට මගේ ම නිර්වචනයක් දීමට මම හුඟක් වෙලාවට පෙළඹුණා. ඔබට මතක ඇති 2012 දී සිදුවුණ නිර්භයා ඝාතනය, එම සිදුවීමට ඡගත් අවධානය විශාල ලෙස යොමුවුන බව. එයට විශාල මහජන අවධානයක් යොමුවීමට ඇය වෛද්‍ය ශිෂ්‍යාවක කියන මේ කරුණ විශාල පිටිවහලක් වුණා. නමුත් ඒ දුක්බර සිද්ධිය එවැන්නක් සිදු වූ ප්‍රථම අවස්ථාවද? නැතහොත් අවසන් වතාවද? දෛනිකව ලොව වටා සිදුවන දස දහස් ගණනක් වූ මෙවන් අපරාධ වලට මුහුණපාන ඒ අසරණ කාන්තාවන්ට සහ කුඩා දරු දැරියන් වෙනුවෙන් ඒ නිර්භයා වෙනුවෙන්, ඇගේ යුක්තිය වෙනුවෙන් නැගුණු හඬ නොනැගෙන බව නොරහසක්. The Truth in Their Lies නම් මගේ මේ නිර්මාණයට පාදක වෙන සිද්ධි දාමය එවන් කටුක අත්දැකීමකට සිය නව යොවුන් වියේදීම මුහුණ පෑමට සිදු වූ දිරිය කතක් හා බැඳෙන්නක්. ලෝකය ඇය ඉදිරියේ එක මත එක ගොඩගැසූ මෙම අසත්‍ය නමැති මහා අන්ධකාරයේ සත්‍ය සොයා යන එම ගමන පිළිබඳව, මා විශාල අභාෂයක් නිර්භයා සිද්ධියෙන් ලබා ගත්තා. එමගින් මට හැකි වුණා මගේ මෙම ග්‍රන්ථය තවත් එක් අභිරහස් කතාවක් යන මානයෙන් ඔබ්බට යන්න. ඒ 2012 වසරේ මගේ උපන් දිනයේදී සිදුවුණ එම බිහිසුණු නර්භයා සිදුවීම මා මෙම ක්ෂේත්‍රය දෙසට තල්ලු කළා කිවහොත් මා නිවැරදියි.

ඔබ ලබල තියෙන ජයග්‍රහණ මොනවද?

මට මතකයි මම කුඩා වයසේදී මම විසින් ලියන ලද කවි පන්තියක් සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් සංවිධානය කළ තරඟාවලියකදී එම වයස් කාණ්ඩයේ හොඳ ම නිර්මාණය ලෙස තේරී පත්වුනා. තවද සබරගමුව පළාත් මට්ටමේ සාහිත්‍ය තරඟාවලි රැසකටම මා විසින් ඉදිරිපත් කළ නිර්මාණ සම්මානයට පාත්‍ර වුණා. මම මගේ පාසලේ ඉංග්‍රීසි සමූහ ගායනා හා පිහිණුම් කණ්ඩායම් වල සාමාජිකාවක් මෙන් ම පාසල් තූර්යවාදන කණ්ඩයද නියෝජනය කළා. නමුත් මා කර්තෘ ක්ෂේත්‍රයට පිවිසේවි යැයි මා එකල කිසි විටකත් සිතුවෙ නෑ.

අධ්‍යාපනයත් එක්ක කොහොමද සමබරව කරගෙන ගියේ ?

කාල කළමණාකරණය ඉතාම වැදගත් අංගයක්. එය නොමැතිව මෙවන් ඉලක්ක හඹා යාම අසීරු කරුණක්. මම හිතනවා උසස් පෙළ අවධියෙදි මා සතුව ජංගම දුරකථනයක් නොතීබීම මට කාල කළමණාකරණය පහසු කළා. මෙම ග්‍රන්ථය රචනා කරන ගමන්ම උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිට A සාමාර්ථ 2ක් හා B සාමාර්ථයක් ලබා රත්නපුර දිස්ත්‍රික්කයේ 112 වැන්නා බවට පත්වීමට එය මා හට ඉවහල් වුණා.

විශ්ව විද්‍යාලයේදි ඔබට දක්ෂතා එලිදක්වන්න ලැබුනු අවස්තා ගැන මතක් කලොත්?

මෙය නම් අපහසු ප්‍රශ්නක්, පැතිර යන කෝවිඩ් අර්බුදය සමග විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු වැඩි වශයෙන් මාර්ගගත ක්‍රමයට යොමුවීමත් එක්ක මා හට ඒ සඳහා වැඩි අවකාශ ලැබුණේ නැතත්, මා බලාපොරොත්තු වෙනවා ඉදිරි විශ්ව විද්‍යාල දිවිය තුලදී එවන් අවස්ථාවන් වලදී මගේ උපරිම දක්ෂතාවන් දක්වන්න.

ඔබට ආපු අභියෝග සහ ඒවට මුහුණ දුන්නෙ කොහොමද?

අධ්‍යාපන කටයුතුවල අතරෙම පොතක් රචනා කිරීම මට විශාල අභියෝගයක් වුණා. එය කෙතරම් අපහසු වෙහෙසකර කටයුත්තක් වුණත්, මෙම ක්ෂේත්‍රයට මගේ තිබුණ ඇල්ම ඒ සියලුම බාධක අභිබවා යන්නක් වුණා. ඒ ප්‍රයත්නයට මගේ දෙමව්පියන්, මගේ මිතුර මිතුරියන් ලබාදුන් පිටුවහලත් මට අත්වැලක් වුනා.

ඔබ තවත් දක්ෂතා දක්වන්නෙ මොනවටද?

මම සංගීත ක්ෂේත්‍රයටත් විශාල ඇල්මක් දක්වනවා. ගීත ගායනය හා සංගීත භාණ්ඩ, විශේෂයෙන්ම ගිටාරය වාදනයට ම කැමතියි. ගීත රචනය කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම චිත්‍ර කතා ලිවීමටත් මා සහභාගි වෙනවා. Moirai comics ලෙස facebook සහ instagram අප විසින් කරන comic පිටුව ඔබට සොයා ගැනීමට හැකී.

ඔයාට මේ ගමනට උදවු කල අය කවුද?

උදව් කළ පිරිස කිව්වම විශාල පිරිසක් සිටිනවා. ඒ අතරින් මගේ දෙමාපියන්, සොයුරියන්, පාසලේ හා විශ්ව විද්‍යාලයේ මගේ මිතුර මිතුරියන් මෙන්ම මාව සෑම විටම දිරිමත් කරමින් මට සහය වුණු මගේ ගුරුවරියන් මෙන්ම පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයේ ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ඉනද්‍රජී ද සොයිසා ගුරු පියාණන්ද මා ආදරයෙන් මතක් කර සිටිනවා.

ඔබේ අනාගත බලපොරොත්තු මොනවාද?

ඉදිරියේ දී මෙවන්ම නමුත් මින් ඔබ්බට වෛද්‍ය අභාෂයක් ඇති රහස් පරීක්ෂණ කතා මාලාවක් රචනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එ සමගම ශ්‍රි ලංකාවේ අතීතය හා බැදුනු චිත්‍ර කතා මාලාවක් Moirai comics පිටුව හරහා ගෙන ඒමටත් බලාපොරොත්තු වෙනවා.

ඔබ වැනිම ගමනක් එන්න හිතන කෙනෙකුට දෙන පණිවුඩේ මොකක්ද?

තමන් යම් කිසි දෙයකට කැමති නම් එය දිගින් දිගටම කරගෙන යන්න, එය ගැන වැඩි වැඩියෙන් අධ්‍යනය කරන්න. එය කෙතරම් අපහසු දෙයක් වුනත් අත අරින්න එපා. පුහුණුවෙන් හා අසාවෙන් තමා තම හැකියාව වැඩි දියුණු වෙන්නෙ. තවද, අලුත් දෙවල් අත්හදා බලන්න බය වෙන්නත් එපා. ක්ෂෙත්‍රයේ සිටින සහෝදර රචකයන් හා සම්බන්ධතා ගොඩනගා ගන්න එකිනෙකාට අත්වැල් සපයන්න, ඔවුන්ගෙන් උපදෙස් ලබා ගන්න.

ඔබට බොහොමත්ම ස්තූතී ඔබේ අත්දැකීම් සෑම දෙනක් එක්කම බෙදාගන්න එකතු වුණාට.ඔබේ ඉදිරිවැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි අපි හදවතින්ම සුභ පතනවා!

සටහන - Lakshan Sandaru

Photos from තම්බපණ්ණි's post 10/11/2020
10/11/2020

මේක මම ගොඩ දෙනෙක්ට තේරුම් කරන්න හැදුවට තේරුම් ගන්නෙ නැති දෙයක්. අපි ඕනෙ තරම් දකිනවනේ Facebook එකේ comment වල රන්ඩු වෙන ඒවා, Arguments, එක එක විදිහට මඩ ගහන ඒවා. හැමෝම try කරන්නේ තමන්ට හරි කියලා හිතෙන දේ අනිත් අයටත් හොදයි කියලා තේරුම් කරවන්න, එහෙම නැත්නම් තමන් අකමැති දේට කැමති අය හරි තමන් කැමති දේට අකමැති අය හරි අනිත් පැත්තට හරවන්න.

හරි හෝ හොද කියන එක මිනිස්සුන්ට සාපේක්ශයි, එහෙමත් නැත්නම් ඒ ඒ වෙලාවට සාපේක්ශයි. හරියට ගිය අවුරුද්දේ මූන වහගෙන ගිය මිනිස්සු එක්ක ගහ ගන්න ගිය අය දැන් මූන වහගෙන යන්නෙ නැති මිනිස්සු එක්ක ගහගන්න යනවා වගේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ලෝකෙ තියෙන දේවල් වලින් 1% වගේ තමයි මට තේරෙන විදිහට හැමෝටම පොදුවේ හරි සහ හොද කියලා ගන්න පුළුවන් දේවල් තියෙන්නේ. උදාහරනයක් විදිහට සතුටින් ඉන්න එක හැමෝටම හොදයි. නිරෝගීව ඉන්න එක හැමෝටම හොදයි. අනිත් හැමදෙයක්ම වගේ ඒ ඒ වෙලාවේ හැටියට වෙනස් වෙනවා. ඒ නිසා තමන් කැමති හෝ අකමැති උනා කියලා අනිත් අයව ඒ පැත්තට හරවන්න, අනිත් අයත් එක්ක රන්ඩු වෙන්න යනවනම් ඒක මෝඩ වැඩක්. තමන්ගේ අදහස විතරක් පැහැදිලිව ප්‍රකාශ කලාම හොදටම ඇති.

ඔය අතරේ තව සමහරු ඉන්නවා කවුරු හරි දැම්ම comment එකක් හරි පෝස්ට් එකක් හරි තමන්ට අදාල කරගෙන ඒ අය එක්ක එල්ලි එල්ලි වලියට යන අය. ඒ comment හරි පෝස්ට් හරි තමන්ට කෙලින්ම අදාල උනත් නැතත් ඒවා එක්ක engage වෙන්න කලින් දෙපාරක් හිතන්න. හොදම උදාහරනය තමයි. අපි හැමෝටම තියෙනවා dreams. නිකමට හිතන්න අපේ dream එක කන්දක් මුදුනට නගින එක. අපි දන්නවා එතනට ගියාම තියෙන ලස්සන. ඒක විදින්න උඩටම නගින්න ඕනෙ. අපි ඒ කන්ද නැගගෙන යන අතරේ මග ඉන්න බල්ලෙක් අපිට බුරනවා. ඌ බුරන්නේ අපිට වෙන්නත් පුළුවන්, නැත්නම් නිකන් පුරුද්දට වෙන වැඩක් නැති නිසා බුරනවා වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවක අපිට කරන්න පුලුවන් දේවල් දෙකක තියෙනවා. එකක් තමයි බුරන එක ඇහුනේ නෑ වගෙ අපේ ගමන යන එක. අනිත් එක තමයි අර බුරන බල්ලා පස්සෙ පන්නගෙන ගිහින් එලවලා දාන එක. හැබැයි දෙවනි එක කලොත් අපිට අපේ යන්න තියෙන ගමන යන්න පරක්කු වෙනවා. ඒ වගේම අර ගමන යන්න තියෙන ශක්තියෙන් සෑහෙන කොටසකුත් අර කොහෙවත් ඉන්න බල්ලෙක් පස්සේ ගිහින් නිකන් නාස්ති වෙනවා. හැබැයි අර බල්ලට කිසි පාඩුවක් නෑ. මොකද ඌට යන්න ගමනක් නෑ. ඌට තියෙන වැඩේ නිකන් මගට වෙලා එක එක්කෙනාට බුර බුර ඉන්න එක විතරයි. හැබැයි අපිට ලොකු පාඩුවක් වෙනවා.

ඒක නිසා හැම වෙලේම Facebook එකේ argument එකක් පටන් ගන්න කලින් දෙතුන් පාරක් හිතන්න අපි කොහෙවත් ඉන්න බල්ලෙක් පස්සේ ගිහින් අපේ වෙලාව නාස්ති කරගන්නවද, නැත්නම් අපිට යන්න තියෙන ගමන යනවද කියලා.

බුරන බල්ලෝ ignore කරන්න. හැබැයි ඌ හපන්න වගේ එනවනම් ignore කරන්න එපා ලග තියෙන පොල්ලක් අරගෙන දෙකක් දෙන්න.

හරියට තේරුම් ගත්තොත් තමන්ගේ වෙලාවයි ශක්තියයි සෑහෙන්න ඉතුරු කරගන්න පුළුවන්. අනිත් දේ තමයි තමන් හදාගනන් personality එක social media එකක comment එකකින් හරි පෝස්ට් එකකින් හරි නැති කරලා දාන්න පුළුවන් තරම් දුර්වල විදිහට හදාගන්න එපා. මොකද computer එකක් ඉස්සරහ ඉදගත්තම, smartphone එකක් අතට ගත්තම social media ඇතුලේ හැමෝටම තියෙන්නෙ එක වගේ power එකක්. හැබැයි ඇත්ත මිනිස්සු විදිහට එලියට බැස්සම ඇත්ත ලෝකෙදි අපි එක එක්කෙනා අතරේ ලොකු වෙනසක් තියෙනවා. තමන්ගේ personality එකත් අන්න ඒ වගේ කාටවත් ලේසියෙන් හොල්ලන්න බැරි වෙන්න හදාගන්න. එහෙම හදාගත්තට පස්සේ තමන්ට නොගැලපෙන තැන් වල ඉන්න, ලගට ඇවිත් හපන්න බය දුර ඉදලා බුරන බල්ලෝ පස්සෙ එලවන්න වෙලාව නාස්ති කරන්න ඕනෙ වෙන එකක් නෑ.

07/11/2020

අද අපිත් එක්ක එකතුවෙලා ඉන්නෙ අධ්‍යාපනයේදී මෙන්ම ක්‍රීඩාවේදීත් විශිෂ්ඨ දක්ෂතා දක්වපු චරිතයක්.අපි ඔහුගෙන්ම ඔහු ගැන විස්තර විමසා බලමු.

ඔබ ගැන හැදින්වීමක් කලොත්?

මගේ නම අමිත් බංඩාර. මහනුවර තමයි පදිංචි. මගේ අප්පච්චි නැති උනේ 2012 වර්ෂයේ. මට ඉන්නේ අම්මයි නංගි. අම්මා පෙර පාසැල් ගුරුවරියක්. නංගි රජරට විශ්ව විද්‍යාලයේ තුන්වෙනි වසරේ ඉගෙන ගන්නවා. මං ආදරෙන් මතක් කරන්න කැමතී මගේ පාසල, මොකද මං අද මේ තැන ඉන්න ප්‍රදාන හේතුවක් තමා මගේ පාසල. මගේ පාසල මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය. උසස් පෙළ කරේ වාණිජ අංශයෙන්. ඊට පස්සේ රජරට විශ්ව විද්‍යාලයේ කළමණාකරන අද්‍යයන පීඨයේ ව්‍යාපාර තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී විශේෂ පාඨමාලාව හදාරන්න අවස්ථාව හම්බුනා. මම දැනට Associate Software Engineer කෙනෙක් විදිහට රැකියාව කරනවා.

ඔබ ක්‍රීඩාවට යොමු වන්නේ කොහොම්ද?

ඒක අහම්බෙන් සිද්ද උන දෙයක්. දවසක් හයේ පන්තියේදී එවකට රගර් බාර ගුරුතුමා උනු විජේවංස සර් කතා කරල කිව්වා සෙනසුරාදා රගර් පුහුණුවීම් වලට එන්න කියලා. මගේ වැඩි කැමැත්තක් තිබ්බේ නෑ. අම්මත් වැඩි කැමැත්තක් තිබ්බෙ නැති එක තවත් හේතුවක් උනා. ඒත් කවදාවත් රගර් තරගයක්වත් දැකලා නැති අප්පච්චි කිව්ව යන්න කියලා. ඒක හින්දා මේ මොකක්ද කියලා බලන්න මං පුහුණුවීම් වලට සහභාගී උනා. ඒත් එදා ගත්ත ඒ තීරණය මගේ ජීවිතය වෙනස් කරපු සාර්ථක තීරනයක් කියලා හිතුනේ නෑ. එදා ඉදන් පාසල් ජිවිතය අවසන් වෙනකල්ම මම රගර් ක්‍රීඩාව සෙල්ලන් කරා. අපි මැච් දින්නා, මැචි පැරදුනා, බැනගත්තා, ගහගත්තා, හිනා උනා, ජේසලා කවිදුලා යුවින්ලා ටිකිරිලා හිමශ්ලා දනිලලා තවත් ගොඩක් අය ඉන්නවා. අපි සෙට් එක එකටම හිටියා.

ඔබ ලබලා තියෙන ජයග්‍රහන මොනවද?

* 2018 ශ්‍රි ලංකා ජාතික ආධුනික බර ඉසිලීමේ තරගාවලියේ 105 kg බර පන්තියේ 2 වන ස්ථානය දිනාගැනීමට පුළුවන් උනා.
* 2016 අවුරුද්දේ Sri Lanka University Games (SLUG) වල බර ඉසිලීමේ ඉසව්වෙන් 105 kg බර පත්තියේ 2 වන ස්ථානය දින්නා.
* 2015, 2018 අවුරුදු වල අන්තර් විශ්ව විද්‍යාලයීය බර ඉසිලීමේ ඉසව්වෙන් 4 වන ස්ථානය දිනා ගන්න පුළුවන් උනා
* බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් විශ්ව විද්‍යාලයීය වර්ණ 2015, 2016, 2017, 2018 වර්ෂ වලදී ලබා ගැනීම පුළුවන් උනා.
* 2015, 2016, 2018 වර්ෂ වල දක්ෂතම බර ඉසිලීමේ ක්‍රීඩකයා සම්මනය දින්නා.
* 2017 වර්ෂයේදී 105 kg බර පන්තියේ විශ්ව විද්‍යාලයේ බර ඉසිලීමේ වාර්තාවක් තියන්න පුළුවන් උනා. 2018 වර්ෂයේදී එම වාර්තාව අලුත් කරන්න පුළුවන් උනා.
* 2016 බර ඉසිලීමේ කණ්ඩායමේ උපනායකයා සහ 2017, 2018 අවුරුදුවල කණ්ඩායම් නායකයා උනා.
* 2018 වර්ෂයේ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සංගමයේ සභාපති තනතුර හම්බුනා.
* 2016, 2017, 2018 අවුරුදු වල විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සංගමය නියෝජනය කරා.
* 2015, 2016, 2017, 2018 අවුරුදු වල අන්තර් පීඨ බර ඉසිලීමේ ඉසව්වේ 105 kg බර පන්තියේ 1 වන ස්ථානය දිනන්න පුළුවන් උනා.
* 2017, 2018 හොදම බර ඉසිලීමේ ක්‍රීඩකයා (අන්තර් පීඨ තරගාවලියේ).
* 2015 නවක ක්‍රීඩා උළේලේ රගර් ක්‍රීඩාවෙන් දෙවන ස්ථනය දිනා ගැනීමට පුළුවන් උනා.
* 2016, 2017 අවුරුදු වල අන්තර් පීඨ තරගාවලියේ රගර් ක්‍රීඩාවෙන් 3 වන ස්ථානය දින්නා.
* 2015 අන්තර් පීඨ මල්ලව පොර තරගයේ 2 වන ස්ථානය දින්නා.
* 2018 අවුරුද්දේ Baseball ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය තරගාවලියට සහභාගී උනා.

පාසැල් මට්ටම
* රගර් ක්‍රීඩාව සදහා පසැල් වර්ණ 2006, 2007, 2008, 2011, 2012 අවුරුදු වල හම්බුනා
* මළල ක්‍රීඩාව සදහා පාසැල් වර්ණ 2008 අවුරුද්දේ හම්බුනා
* අවු 13 පහළ ශ්‍රී ලංකා අන්තර් පාසැල් රගර් තරගාවලියේ bowl ශූරතාවය දින්නා.
* අවු 15 පහළ මධ්‍යයම පලාත් රගර් plate ශූරතාවය දින්නා.
* 2011 අවුරුද්දේ ශ්‍රී ලංකා අන්තර් පාසැල් රගර් තරගාවලියේ 'B' Division ශූරතාවය දින්නා
* අවු. 13 පහළ, අවු. 15 පහළ, අවු. 18 පහළ, අවු. 20 පහළ පාසැල් රගර් කණ්ඩායම නියෝජනය කරා.
* 2012 අවුරුද්දේ ශ්‍රී ලංකා පාසැල් ක්‍රීඩා උළෙලේ බර ඉසිලේමේ ඉසව්වෙන් 105kg බර පන්තියේ 2 වන ස්ථානය දින්නා.
* 2012 අවුරුද්දේ ශ්‍රී ලංකා පාසැල් ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ 105 kg බර පන්තියේ 3 වන ස්ථානය දින්නා.

අධ්‍යාපනයත් එක්ක කොහොමද කරගෙන ගියේ?

ඒක ඇත්තටම ලේසි වැඩක්. මගේ අධ්‍යාපන කටයුතු වලට පන්නරය ලැබුනෙනේ ක්‍රීඩාවෙන්. අපි මොකක් හරි දේකට ආදරයෙන් කැමැත්තෙන් ඒ දේ කරනවා නන් ඒ දේ අපේ ඇගට එන්න වැඩි කාලයක් යන්නේ නෑ. මම පඩම් කරන වෙලාවට පුහුණුවීම් ගැනවත්, ground එක ගැනවත් හිතන්නේ නෑ. ඒ වගේම තමයි මම පුහුණුවීම් කරන වෙලාවට කිසිම අධ්‍යාපන කටයුත්තක් ගැන, assignment, exam, research ගැන හිතන්නේ නෑ. කරන දේ ගැන විතරක් අවදානය යොමු කරනවා. ක්‍රීඩාවයි අධ්‍යාපනයයි සමබරව කරගෙන යන්න අමරු වෙන්නේ දෙකම බාගෙට කරද්දී තමයි. සරලව කිවොත් ක්‍රීඩා කරන වෙලාවට හති වැටිලා එපා වෙනකල්ම ground එකේ ඉන්නවා. පඩම් කරන වෙලාවටත් හති වැටෙනකල්ම පඩම් කරනවා. ඒ වගේම මේ දෙක සමබරව කරගෙන යන්න ගොඩක් අය උදව් කරා. අවසානෙදී මට 1st class එකකින් උපාධිය අවසන් කරන්න පුළුවන් උනා.

ඔබට ආපු අභියෝග සහ ඒවාට මුහුණ දුන්නේ කොහොමද?

මගේ අප්පච්චි නැති උනේ මං 1st shy A/L විභාගේ ලියන්න මසෙකට කලින්. ඒක තමා මගේ ජීවිතයට ආපු පළවෙනි සහ ලොකුම අභියෝගේ. ඒත් මං එතනදී ජිවිතෙන් අඩියක්වත් පස්සට ගියේ නෑ. ඒකට ප්‍රධාන හේතුවක් තමා ක්‍රීඩාවෙන් මගේ ජිවිතයට ලැබුනු පන්නරය. මොකද අපි ක්‍රීඩා කරද්දී හැම වෙලේම දිනන්නේ නෑ, පරදින වෙලාවල් ඕනේ තරම් තියෙනවා. එතකොට අපි බලනවා ඒ තරගය පරදින්න හේතු මොනවද කියලා. ඊළග තරගෙට අපි ඒ වැරදි හදාගෙන යන්නේ. ඒ වගේම තමා අපේ ජිවිතයෙත්. පරදින වෙලාවට අපි පස්සට නොයා ඉන්න ඕනේ. ඒ වගේම තමයි මගේ ජීවිතේ මොකක් හරි දුකක්, තරහක් ඇති උන වෙලාවට මං යන්නේ ground එකට, ඒ දුක, තරහා නැති වෙනකල් මං practice කරනවා. අපේ ජිවිතයේ ක්ෂනික සහ හරි තීරණ ගන්න වෙන වෙලාවල් එනවා. එතනදි හැම දෙයක් ගැනම හිතලා තීරනය ගන්න වෙනවා. ඒ සදහාත් අපිට ක්‍රීඩාව පන්නරයක් වෙනවා.

ඔයාට මේ ගමනට උදව් කළ අය කවුද?

උදව් කර අය නන් ගොඩක් ඉන්නවා. මුලින්ම මගෙ අම්මයි අප්පච්චි. ඒ දෙන්නා කරපු කැපකිරීම පුදුමාකාරයි. ඒ වගේම පවුලේ සියළු දෙනාම මට උදවු කරා. ඒ වගේම මගෙ ඉස්කෝලේ ගුරුවරු, යාළුවෝ හැමෝටම ස්තුති කරන්න ඕනේ. අනිල් සර්, නලින් සර් ඇතුළුව මට රගර් උගන්නපු සර්ල ඔක්කොටමත්, පාසැල් කාලයේ මට weightlifting උගන්නපු දයාන් සර්ටත් ස්තූති වන්ත වෙනවා. ඒ වගේම රජීව් සර්වත් මතක් කරන්න ඕනේ. ඒ වගේම විශ්ව විද්‍යාලයලේ weightlifting බාරව හිටපු මට සහෝදරයෝ වගේ ඉන්න තුෂාර සර්, සමීර සර්. ඒ වගේම සමන් සර් ඇතුළුව physical education එකේ සර්ලා, මැඩම්ලා ඔක්කෝටම ස්තුති. අපේ විශ්ව විද්‍යාලයලේ ආචර්‍ය්වරුන්ටත් ස්තූති. ඒ වගේම ground එකේ ගුනේ අයියා, වාසල ඇතුළු ඔක්කොටම ස්තූති. ඒ වගේම මට ඉගෙනීම් කටයුතු වලට උදව් කරපු චතුරංග ඇතුළු යාළුවෝ හැමෝටම ස්තූති. මං අමරුවෙන් room එකට එනකොට බාම් ටිකක් ගපු යාළුවාගෙ ඉදන් යාළුවෝ හැමෝටම ස්තූති. විශේෂයෙන් 44 gang එකට ස්තූති. අන්තිමට, මට වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තූති.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?

මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Rugby, Weightlifting ගැන මං දන්න දේවල් වලින් සිසුන් පිරිසක් හදන්න අදහසක් තියෙනවා.

ඔබ වැනිම ගමනක් එන්න හිතන කෙනෙකුට දෙන පණිවිඩය මොකක්ද?

මට කියන්න තියෙන්නේ කැපකිරීමන් තොර ජයග්‍රහනයක් නෑ. කැපකිරිමක් නැති ජයග්‍රහන වල අගයකුත් නෑ. කැපකිරීමක් කරන්න ඒකට ප්‍රතිඵලයක් කවදාහරි ලැබෙයි. ලැබෙන පොඩි අවස්තාවත් ප්‍රයෝජනයට ගන්න. කවදාවත් හිතන්න එපා මේක මගේ උපරිමය කියලා. මට තව පුළුවන් කියල හිතන්න. ඔබට ජය.......

ඔබේ වටිනා අත්දැකීම් මෙලෙස අප හා බෙදාගන්න එකතු වුණාට ඔබට බොහොමත්ම ස්තූතී.ඔබේ ඉදිරිකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි අප හදවතින්ම සුභ පතනවා.

සටහන - Lakshan Sandaru

07/11/2020

අපි හිතුවොත් අපිට අනිවාර්යෙන් කරන්න පුලුවන් කියලයි මම හිතන්නේ වයස අවු 24 මම ආසවෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන 10 වැනි ව්‍යාපෘතිය "ඩිජිටල් ගම" මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රධාන හේතුව මා ජීවත් වන උතුරු මැද පළාත තුල තොරතුරු තාක්ෂණ භාවිතය යම් අඩුවක් දක්නට ඇති නිසා මේ නිසා අපේ පළාත තුල ග්‍රාමීය නංගිලා මල්ලිලාට යම් අඩුපාඩුවක් මා අවුරුදු 04 සිට දකින නිසාවෙනි ප්‍රායෝගිකව ඔවුන් විදින ගැටලු මා ද අත්විද ඇති නිසාවෙනි, අපේ පළාතේ ගොඩක් නංගිලා මල්ලිලා තොරතුරු තාක්ෂණයට ආසයි නමුත් එයාලට ඒ තාක්ෂණය ලගට ලගා වීමට විවිධ බාධක රැසක් පැනනැගී ඇත ඒ බාධක සදහා තාවකාලික විසදුම් ලබා දුන්නත් ඔවුන්ගේ හීන සැබෑ කරගන්න ඔවුනට යම් අවස්ථා තුලදි මග ඇරී ගොස් ඇත.

පාසල් රැසක අත්දැකීම් ඇති මා හට හැගී ගියේ අප පළාත තුල තොරතුරු තාක්ෂණය හැදැරීම සදහා මධ්‍යස්ථානයක විශාල අඩුපාඩුවක් ඇති නිසාවෙනි, අවුරුදු ගණනාවක් මා මේ සදහා විසදුම් සොයා බැලුවත් අපිට උදවු කිරීමට කෙනෙකු නොසිටියහ ඒ නොමිලේ අධ්‍යාපනය ලබා දීමට විවිධ ආයතන අකමැති නිසාවෙනි, සමහරක් පොඩි නංගිලා මල්ලිලා අගහිගකම් මැද මේ තාක්ෂණ ලෝකයට ඇතුල් වෙනවා බලන් හිටියා යම් මොහොතකදී නමුත් ඔවුන් විවිධ ආයතන සදහා විශාල මුදල් වියදම් කරමින් ප්‍රථිඵලයක් ලබා ගැනීමට නොහැකි විය මෙහිදි සමහර තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතන තුලින් කරනු ලබන වංචා සහගත තත්වයන් පිලිබද මා දැනටත් අධ්‍යයනය කර ඇත. සමහර අම්මාලා තාත්තාලා තමන්ගේ දරුවට උගන්වන්න ගෙදර තියන රූපවාහිනිය පවා උකස් කර ඇත. අපේ මිනිසුන් වෙනුවෙන් දෙයක් කරන්න අපිට බැරිද මගේ පුංචි වයසට හිතුනේ එක දෙයයි ඒ මේ පුංචි නංගිලා මල්ලිලා වෙනුවෙන් දවසක අන්තර්ජාල රැකියා මධ්‍යස්ථානයක් බිහි කරනවා කියන අධිෂ්ඨානය පමණයි.

මා හැමදා විශ්වාස කරන අනුරාධපුර ස්වර්ණමාලි මහා සෑය ලගට ගොස් මගේ අධිෂ්ඨානයේ මූළික ආරම්භය මා ලබාගත්තා ඒ විශ්වාසය සමග මා දන්නා විදේශ ආයතන තුනක් සදහා මගේ ව්‍යාපෘතිය මා ලබා දුන්නා පසුව ඔවුන් මෙම ව්‍යාපෘතියේ අකෘති සැලස්මක් අවශ්‍ය බව මාවෙත ඉදිරිපත් කර තිබුනු අතර ඉදිකිරීමට නියමිත ගොඩනැගිල්ලේ 3D Design එක Alindaya Home Design ආයතනයේ නිර්මාතෘ ප්‍රසාද් ඉන්ද්‍රජිත් මහතා මා වෙත නොමිලේ නිර්මාණය කර ලබා දුන්නේ ඒ අප පළාතේ දරුවන් වෙනුවෙන් ඔහුට යුතුකමක් කිරීමට අවශ්‍ය වූ බැවිනි ඒ අතර මෙම ව්‍යාපෘතිය සදහා ආයෝජනය කිරීම සදහා සාකච්ඡා මට්ටම් කිහිපයක් මේ වන විට අවසන් කර ඇති අතර රැකියා 1000 බිහි කිරීමයි මගේ අරමුණ මෙහි කාණ්ඩ රැසක් යටතේ ක්‍රියාත්මක කිරීමින් ඉදිරියේදි මේ මාතෘ භූමිය වෙත විදේශ විනිමිය අනුපාතිකයක් ලගා කර ගැනීමට අපට හැකි වනු ඇත.

‍‍මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා මා වෙනුවෙන් උදවු කරනු ලබන සියලු දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා.

දවසක අනුරපුරෙන් තාක්ෂණ රැකියා වෙළදපොලක් නිර්මාණය වන අතර ගම්වල සිටින තොරතුරු තාක්ෂණ ලෝකය හීනයක් කරගත් සියලු දෙනාගේ හීන සෑබෑවන බවත් මා වීශ්වාස කරමි

රවිදු දිල්ෂාන් ඉලංගකෝන්
2020.11.07

Want your public figure to be the top-listed Public Figure in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Gampaha

Other Gampaha public figures (show all)
UP Online Store UP Online Store
Pugoda
Gampaha

Mr. PASIYA.. This page is for get ideas for my YouTube chanel

Dilum Niroshini De Costa Dilum Niroshini De Costa
Gampaha

ඔබ වෙනුවෙන් සිතමි. ඔබ වෙනුවෙන් ලියමි.

Minu Creations Minu Creations
Gampaha

We provide hand made creations to make your life beautiful

Wooden Art Wooden Art
Gampaha, 11870

Novels with Lash*tha Novels with Lash*tha
Gampaha

All Stories of this page belongs to @la shi

Kylie's Baby Mart Kylie's Baby Mart
Gampaha

baby lifestyle

Lakshani ground orkid Lakshani ground orkid
Henegama
Gampaha

Ground orkid , Anthuriyam , Aglonima, waterplant , Crotan for sale �

Smarty Plants Smarty Plants
Gampaha

Selling of beauty and cosmatic products

Dhamsi Landscaping & Garden Services Dhamsi Landscaping & Garden Services
372-C, Uggalboda West
Gampaha

A landscaper who is responsible for building and maintaining gardens, parks, property and other outdoor landscapes. We ensure plant growth, the cleanliness of outdoor facilities an...

Win Titles Win Titles
Gampaha

Young pulsatile personality | Travel Enthusiast , I motivate all around the world to start and grow