Dilshan T Amarasinghe

Founder and CEO Mr. Beard (PVT) Ltd | Featured on The entrepreneur
MR. BEARD

03/04/2023

ඔයාගේ ව්‍යාපරයටත් මහින්ද රාජපක්ෂ වගේ කරන්න පුලුවන් බ්‍රෑන්ඩ් නේම් එකක් දාන්න. | 📈🧣

අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න අය ව්‍යාපර පටන් අරන් ඒවා අවුරුදු 5 - 6 කරලා ඒවා බ්‍රැන්ඩ් කියලා ඒ අය විතරක් හිතන් ඉන්න අය ඔය වගේ විදිද අය මට හම්බෙනවා ඒ අයගේ ව්‍යාපර වලට මම දන්න දැනුමෙන් උදව් ගන්න.

ඉතින් මේ හැමොටම මම පෞද්ගලිකව කියන්නේ අපි ව්‍යාපාරයක් බ්‍රැන්ඩ් එකක් කියන ලෙවල් එකට ගෙනවා නම් අපි හදන්න ඕනේ මහින්ද රාජපක්ෂ වගේ බ්‍රැන්ඩ් එකක් කියලා.

මොකද ඉතින් මෙච්චර කෙලවෙලා තියෙද්දිත් මහින්ද අමුඩයක් ගහලා මාකර්ට් එකට දැම්මත් "අහ්හ් මහින්ද මහත්තයේ අමුඩ බ්‍රැන්ඩ් එක" කියලා අදින පිරිසක් ඒක වටේ ඉන්නවා.

ඒක නෙමේ මෙකේ කතාව ඕනම ව්‍යාපරයක් යම් කිසි එක ප්‍රඩක්ට් එකකට සර්විස් එකක් දෙන්න ආරම්භ කරලා ඒක ව්‍යපාරයේ දියුණුවත් සමග ඉහලට එද්දි ඒ බ්‍රැන්ඩ් එක තව Expand කරන්න අවශ්‍යය වෙනවා විවිද ක්ෂ්ත්‍යන් වලට පුලුල් කරන්න වෙනවා මෙතනදි අපිට ඕනෑම දෙකට යූස් කරන්න පුලුවන් නමක් අපි බ්‍රැන්ඩ් කරලා තිබ්බා නම් අපිට පුලුවන් ඒ නම ඕනම ක්ෂ්ත්‍රයක් ඇතියේ භාවිතා කරන්න.

ජය..!!!

10/03/2023

ඔබට කොතරම් වටින දක්ෂතාවක් තිබුනත්, ඔබ සතුව හොඳ පුරුදු නැතිනම් එහි රදා පැවැත්මක් නොමැත. | 🍃🫱🏽‍🫲🏻

12/02/2023

සියල්ල දෙස ඉවසිමෙන් බලාසිටින්න. | 🍃🧠

04/02/2023

අදම සිදු කල හැකි සරලම පියවර 09 | 📊📈

24/01/2023

What’s more important to you? | "ඔබේ මෙවලම් නොව ඔබේ වැඩ පෙන්වන්න." 🧠🌱

Image Copied Instagram

19/01/2023

"ආදරය වියකී ගිය සමාජයක ආදරය ඉගෙන ගන්න" | 🫴🏼❤️

බොහොමියානුවා Teledrama https://www.youtube.com/watch?v=tr7kUm3Xoas&list=PLyqRGgPwQwjrsKUyUzSK2Pu7b3iElLxfO

18/01/2023

"ජිවිත ගමන තුල හමු වූ සොරුදු හමුවීම්" | 🌱 -මේක අපි ලව් නිසා එකට සෙට් උන එකක්-

Sadara Bandara | Me | Nadun Malshan

16/01/2023

ලංකාවේ පලවෙනි ඉන්ටර්නැෂනල් බියර්ඩ් කෙයාර් බ්‍රෑන්ඩ් එක හදපු මගේ කතාවෙන් ඔබේ දැනුමට යමක්. | ✍️ "නවලිය"

🗣 ඔබට රැවුල මුල් කර ගත් ව්‍යාපාරයක් ගොඩ නගන්න අවශ්‍ය වුනේ ඇයි...?

ඔව්. කාන්තාවන්ගේ රූප ලක්ෂණය හිසකෙස් එහෙම නැත්නම් වරලස සමග
සම්බන්ධයි. ඒ වගේම රැවුල පිරිමින්ගේ පෞරුෂය සහ ඔවුන්ගේ අනන්‍යතාවයට බද්ධයි. හිසකෙස් ගැන අපි නිතරම කතා කරනවා. කේශකළ්‍යාණිය වඩවන ඖෂධ, තෙල්, ඛෙහෙත්, සත්කාර ගැන කථා වුනත් පිරිමි රැවුල වඩවන සහ සකස් කරන කලාවක් එවකට ලංකීය සමාජයේ බිහි වෙලා තිබුන් නැහැ. ඉතින් මට හිතුනා රැවුල මුල් කර ගත් ව්‍යාපාරික සංකල්පයක් නැතිනම් සන්නාමයක් ආරම්භ කරන්න.

🗣 ව්‍යාපාර ගැන ඔබට අත්දැකීම් තිබුනාද..?

එහෙම ලොකු දැනුම් පද්දතියක් තිබුන් නෑ මම අන්තර්ජලය හරහා දැන ඉගෙන ගත් දැනුමක් සහා තිබුනේ. මම 2019 වසරේ මුලින්ම ආයතනයකට සම්බන්ධ රැකියාවක් කළා. එතැනිදී මට කාර්යාල ක්‍රම ගැන අත්දැකීම් ලැබුණා. ඒවගේම හැම දෙමව්පියෙක් වගේම මගේ අම්මා, තාත්තා බලාගෙන හිටියේ සුදු අත්දිග කමිසයක් අදින රැකියාවක් ගැන වුනත් ආයතනගතව සිර වී කටයුතු කරන්න මගේ කැමැත්තක් තිබුනේ නැහැ. මොකද මගේ නිර්මාණාත්මක සිතිමට ඒවගේ තැනකින් ඉඩක් ලැබෙන් නැ. ඉතින් ඒ නිසා මම මේ ව්‍යාපාරයට මුල පුරන විට අපේ ගෙදරින් වැඩි කැමැත්තක් දැක්වුයේ නෑ.

🗣 රැවුල මුල් කර ගත් ව්‍යාපාර සංකල්පයක් වෙත ඔබ යොමු වුනේ කොහොමද..?

මට මේ අදහස මුලින්ම ඇති වුනේ 2018 වසරේදී එතනදි තමා මම . Beard - රැවුල් මහත්තයා ෆේස්බුක් පිටුව නිර්මානය කරන්නේ. අපේ රටේ අතිතයේ මේ රැවුල කොණ්ඩය මුලික කරගෙන මිනිස්සු හිටියට පසුකාලිනව මේක ලාංකීය සමාජය විසින් වියකි ගිය දෙයක් නමුත් 2018 මැද භාගයේ දී ලංකාවේ නැවත මෙම කලාව ගොඩ නැගෙමින් තිබු කාලයක්.

ලංකාවෙන් පිටත් බොහො රට වල රැවුල වැවිම යම් සංකල්පයක් සමග ගොඩ නැගුණු කාරනයක්. ඉතින් මට ඒ කාලේ හිතුනා රැවුල මුලික කරගෙන ව්‍යාපාරයක් පටන් ගත්තොත් මේ කලාව නැත්නම් විලාසිතාව නැවත සමාජය තුල ප්‍රචලිත කරන්න පුලුවන් වෙයි කියලා.

🗣 කොටින්ම කිව්වොත් ඔබේ ව්‍යාපාරික සිහිනය ජයගන්න ඔබට හවුල් වුනේ කවුද...?

මම රැවුල ගැන තොරතුරු හොයන්න පටන් ගත්තා. ගූගල්, යූ ටියුබ් ඔස්සේ මම දැණුම සොයා ගෙන ගියා. ඒ සඳහා මෙතෙක් රැවුල ගැන සිදු කර තිබුන පර්යේෂණයන් අධ්‍යනය කළා. ඒවගේම මට ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවසායක අධ්‍යන අංශයේ ඒකකය සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. ඔවුන්ගේ දැනුම වගේම ව්‍යාපාරික ලෝකයේ විවිධ චරිත හමු වී ඔවුන්ගේ දැනුම ලබා ගන්න මට හැකියාව ලැබුණා.
මම 2018 ආරම්භ කල ෆේස් බුක් පිටුව ඔස්සේ රැවුලට කැමැති, රැවුල වවන්න කැමැති සහ රැවුල වවා ඉන්න කණ්ඩායමක් එකතු කර ගත්තා. ඒ ඇයි කිව්වොත් අපි නිෂ්පාදනයක් හඳුන්වා දෙන්න පෙර අතුව ඊට ගැලපෙන ගනුදෙනුකරුවන් ඉන්නවාද කියල දැන ගන්න ඕන මේකට අපි කියන්නේ Market Research එකක් කියලා. මට මේ තුලින් මගේ වටේ ගොඩ නැගුණ හොද සමුහයක් හමු වුණා.

🗣 ඔබේ නිෂ්පාදන ගැන..

මම මුලින්ම එක්සත් රාජධානියේ හොදම Beard Care නිෂ්පාදන සමාගම් සොයා ගත්තා. මගේ අතේ තිබ්බ රු.8000 දාලා එයාලගේ මුලින්ම Beard Oil බෝතල් 03 ඇනවුම් කරලා ඊට පස්සේ එම නිෂ්පාදන ලංකාවට ගෙන්වීමේදි විශාල මුදලක් යන නිසා මම තවත් ආයතයකින් ගත්තා මේ නිෂ්පාදන මගේ “Mr. Beard - රැවුල් මහත්තයා” පේජ් එක ඔස්සේ අලෙවි කළා. මට මේ කාලයේ අවශ්‍යය උනේ ගුණාත්මක නිෂ්පාදන වලට සමාජයේ තියෙන ඉල්ලුවම බලා ගන්න. මොකද මගේ නිෂ්පාදනයක් වෙලදපලට දාන්න කලින් වෙලදපලේ තියෙන නිෂ්පාදනයකින්ම අපිට ඒ ගැන ලොකු අදහසක් ගන්න පුලුවන්.

ඒත් එක්කම Beard care සදහා අවශ්‍යය නිෂ්පාදනයක් වන ලී පනාවක් මම ebay හරහා ඇනවුම් කරලා මේකත් පේජ් එක ඔස්සේ අලෙවි කරන්න දැම්මා.

මෙහෙම යම් කාලයක් යන කොට රැවුල වෙනුවෙන් වූ නිෂ්පාදන වෙනුවෙන් හොඳ වෙළඳපොළක් තිඛෙන බව මට තේරුම් ගියා. ඉල්ලූම වගේම මේ ගැන උනන්දුවක් ඇති පිරිසක් ඇති බව මට තේරුනා. මම මේ වෙනුවෙන් යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ ගැනත් මම අධ්‍යනය කරමින් සිටියේ.

🗣 ඊට පස්සේ ඔබ වැඩට බැස්සා..

ඔව්. මම 2020 මැද භාගයෙ දී තිරණය කරා මම ගිය රැකියාවෙන් ඉවත් වෙලා මගේ ව්‍යාපාරයට සම්පුර්ණ කාලය යොදවන්න. ඒ වෙද්දි අපි යම් ආයතයකින් නිෂ්පාදන මිලදි ගෙන අලෙවි කරනවා. ඒ සමග මේ වෙද්දි මම ලංකාවේ හොදම ආයුර්වේදී නිෂ්පාදන නිෂ්පාදක ආයතයක් මගේ Beard Care නිෂ්පාදන වැඩ කටයුතු සදහා සාකච්ඡා කරමින් තිබුනේ. ඇත්තටම මේකේ හිමිකරු මගේ මිත්‍රයෙක්. අපි 2021 ඔක්තෝම්බර් වල අපේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරා. ඒවගේම අපේ ලී පනාව නිෂ්පාදනය කරන්නත් ලංකාවේ හොදම මැෂින් තියෙන තවත් ආයතයක් එකතු වෙලා හිටියේ මාත් එක්ක.

මම මගේ ව්‍යාපරය සැලසුම් කරලා තියෙන විදිහ ගොඩක් වෙනස් මේක ව්‍යාපරය ක්ෂ්ත්‍රය තුල Asset Ligt Model කියලා කියන්නේ. Apple / Whatsapp / Uber වගේ ව්‍යාපාර ගනනාවක් සිදු කරන්නේ මේ ක්‍රමවේදය.

ඉතින් මම ව්‍යාපාරයක් වෙනුවෙන් යොමු වීම ගැන මුලින් දෙමව්පියන්ගේ අකැමැත්ත 2020 මැදබාගය වෙන කොට යම් තරමක් අඩු වෙලා තිබ්බා මොකද ඒ වෙද්දි මම රැකියාවකට ගිහින් එයාලටම තෙරුම් ගිහින් තිබුනා මට රැකියාවට වඩා ගැලපෙන්නේ මගේ දෙයක් කරන එක කියලා.

2020 අගෝස්තු මාසයේ මම MR. BEARD STORE මගේ ව්‍යාපාර පිටුව ආරම්භ කරා ඉතින් මේ හරහා “Mr. Beard - රැවුල් මහත්තයා” මගේ නිෂ්පාදන අපේ පාර්භෝගිකයන්ට මිලදි ගන්න පුලුවන් ආකාරයට නිර්මානය කරා.

🗣 නිෂ්පාදන ගැන..

මට පෞගලිව භාවිතා කරන්න නුසුදුසු කිසිම නිෂ්පානයක් මගේ පාරිභෝගිකයන්ට දෙන්නේ නැ. නිෂ්පාදනයේ ගුණාත්මකතාවට වගේම මම නිෂ්පාදන ඇසුරුමටත් ප්‍රදාන තැනක් දෙනවා. ඒ වගේම ලංකාවේ පලවෙනි ඉහළම ප්‍රමිතියකින් යුක්ත ලී පනාව වෙලදපලට දුන්නේ මගේ සන්නාමය තුලින්. මේ පනාව රැවුලට වගේම කොණ්ඩයටත් පාවිච්චි කරන්න පුළුවනි. මේක නිකම් ලී කැබැල්ලකින් පනාවක් හැඩයට කැපූ නිෂ්පාදනයක් නොවෙයි. රට රටවල්වල ලී පනා ගෙන්වා බලලා , විවිධ පර්යේෂන පත්‍රිකා වලින් අදහස් අරගෙන බිහි වුන නිෂ්පාදනයක්.

අපේ බියර්ඩ් ඔයිල් එක ගැන කිව්වොත් මේක රැවුල පිලිවෙලට පවත්වා ගන්න සහා රැවුල වවන අයගේ රැවුල පිරිපුන්ව වවා ගන්න කියන අවස්තා දෙක සදහාම භාවිතා කරන්න පුලුවන්. මේ වෙන කොට Beard Care සදහා අවශ්‍යය සියලු නිෂ්පාදන අපගෙන් මිලදි ගන්න පුලුවන්. යම් ප්‍රමාණයක් වෙලදපලට අපි නිකුත් කරලා තියෙනවා සහා තවත් කොටසක් නිෂ්පාදන කටයුතු සිදු වෙන ගමන් තියෙන්නේ.

🗣 ව්‍යාපාර ලියාපදිංචිය ගැන…

නිෂ්පාදනය හඳුන්වා දෙන්න නොකාපු කට්ටක් මම ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ගිහිං වින්දා. මාස හයකට වඩා වැඩි කාලයක රස්තියාදු උනා. තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න බැහැ කිව්වා. ඔන්ලයින් ස්ටෝර් යන සංකල්පය ගැන නීති රීති නැති නිසා සහා ඒ ඔෆිස් වල අය මේ ඔන්ලයින් ක්‍රමවේදය ගැන දැනුම අඩු කම නිසා අවසානයේදී මේ ව්‍යාපාරය (pvt) Ltd විදිහට ලියාපදිංචි කලා. ඇතත්ටම අනාගතයේදී සියලූ ව්‍යාපාර කටයුතු ඔන්ලයින් සිදු වෙන සමාජයකදී මේ අණ පනත් යාවත්කාලීන වීම අවශ්‍යතාවයක් . එහෙම නැතුව ව්‍යාපාරික ලෝකයට ප්‍රවිෂ්ට වෙන පුද්ගලයන් අධෛර්යට පත් කිරීම නම් කිසිසේත්ම සුදුසු නැහැ.

🗣 අද ඔබ සිටින තැන…

2018 වෙන විට මට තිබුනේ ජංගම දුරකථනයක් විතරයි. අද මගේ නිෂ්පාදන ජපානය , දකුණු කොරියාව, සිංගප්පුරුව වැනි රටවල පවා අලෙවි වෙනවා. ඒ වගේම ශ්‍රි ලංකාවෙන් පිටත මාලදිවයිනේ අපේ ශාඛාවක් ආරම්භ වුණා. ශ්‍රි ලංකවේ හොඳම යන්ත්‍රෝපකරණ සහිත ආයතනයක් අපිත් සමග සම්බන්ධව වී සිටිනවා සහා මේ වෙනකොට මගේ ව්‍යාපාරයත් සමග වැඩ කරන්න දක්ෂ සහා ප්‍රවින ඡායාරූප ශිල්පින් , නිර්මානශිලි ග්‍රැෆික් ඩිසයිනවරුන් , බෙදාහැරීම් නියොජිතයන් වගේ බොහො පිරිසක් මාත් එක්ක මගේ Mr. Beard සන්නාමය සමග වැඩ කරනවා.

එවගේම විශේෂයෙන් කියන්න ඕනේ අන්තර්ජාල වෙලදපල පමනක් ආක්‍රමනය අර තිබ්බ මගේ සන්නාමය සමග මේ වෙන කොට ලංකාවේ Kandy Selection , Thilakawardana Textiles වගේ ප්‍රබල ආයතන අපගේ Authorised Reseller විදිහට එකතු වෙලා තියෙනවා සහා තව බොහො ආයතන එකතු වීමට නියමිතයි.

ඒවගේම මම තව දෙයක් කියන්නම් මේක කියවන ව්‍යවසායකයෙක් වෙන්න සැලසුම් කරන කෙනෙක්ට මම මගේ සන්නාමයේ ප්‍රඩක්ෂන් කටයුතු සදහා එකතු වු ඒ දැවැන්ත ආයතය වන Herbals වෙත යද්දි මගේ පලවෙනි ප්‍රඩක්ෂන් එක කර ගන්න මගේ අතේ තිබ්බේ රු.8000 වගේ මුදලක් මොකද ඒ කාලයේ රුකියාවට ගියත් වෙන නිෂ්පාදන ගෙනත් වෙලදාම් කරත් ලොකු ලාබ ඒ තුලින් ලබලා තිබ්බේ නැ සහා 2020 අගොස්තු ආරම්භ කරපු MR. BEARD STORE එක 2021 අප්‍රේල් සිට කඩා වැටෙමින් තිබුනා රටේ තිබු තත්වයත් සමග අප නිෂ්පාදන මිලදි ගත් ආයතන තුලින් නිෂ්පාදන මිලදි ගැනිමට නොහැකි වීම නිසා.

ඉතින් මගේ අතේ මුදල් ආයේ අර 2018 දි තිබ්බ රු 8000 කියන තැනට එනවා කොහොම හරි කාලයාගේ ඇවෑමෙන් ඒ දැවැන්ත ආයතයේ හිමිකරු Dhammika Prabhath ඉල්ලිම පරිදි 2022 අඟ භාගයේ සිට එම ආයතයේ CEO කියන තනතුර මේ වන විට මම හොබවනවා.

මම මෙතැනදී ව්‍යාපාරික අවස්තාවන් සොයන ව්‍යවසායකයකුට කියන්නේ මුලදී ඔබට කට්ට කන්න සිද්ධ වෙනවා. ඒක ඇත්ත. නමුත් නවතින්න එපා. කොහොම හරි ඉදිරියට යන්න. පොඩියට පටන් ගන්න දවසක ලෝකෙම හොල්ලන්න ලොකු වෙන්න පුලුවන්.

ඉතින් වගකිව යුතු ආයතන වෙතින් ව්‍යවසායකයන්ට සහයෝගය ලැඛෙනවා නම් මීට වඩා දුරක් යන්න පුළුවනි. ඩොලර් රටට අවශය නම් යල් පැන ගිය සමාගම් අණ පනත් දැන්වත් යාවත්කාලීන වීම අවශ්‍යයි.

අපේ නිෂ්පාදන ගැන දැන ගන්න මිලදි ගන්න අපේ Mr. Beard - රැවුල් මහත්තයා මගේ පෞද්ගලික් පිටුව හරහා හෝ MR. BEARD STORE මගේ ව්‍යාපාරික පිටුව හරහා සම්බන්ද වෙන්න පුලුවන්.

-පුන්‍යා චාන්දනි ද සිල්වා-

07/01/2023

"ඔබ ගමන් ගන්නා මාර්ගයේ ඇති බාධාව ඔබගේ මාර්ගය කර ගන්න" | 👣

06/01/2023

හරිත පැහැයෙන් වූ මානසික නිදහසයි | 🍃

Artwork Jayaweera ස්තුතියි..!!!

01/01/2023

අලුත් වෙන්න නම් අලුත් විදිහට හිතමු | 🫴🏼🌱

27/12/2022

"ඔබ සතුව නිවැරදි මානසිකත්වයක් ඇති නම්, ඕනෑම අභියෝගයක්, අවස්තාවක් (opportunity) බවට පත් කර ගැනිමට හැක." | 🧠🌱

24/12/2022

කොල්ලෙක් කෙල්ලො ඕනම කෙනෙක් ආස දෙයක් තමා තමන්ටම කියලා ව්‍යාපාරයක් නැත්නම් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න එක.

"මොකද ඉතින් තැනකට ගිහින් මම තමා අහවල් බ්‍රෑන්ඩ් එක කරන්නේ කියලා කියන්න කැමතිනේ" ඉතින් ඒ අයට වැදගත් වෙන්න මම දන්න දැනුම් පද්ධතියෙන් සහා Mr. Beard " Mr. Beard - රැවුල් මහත්තයා | MR. BEARD STORE "මගේ සන්නාමය හදද්දි මම ලබා ගත්ත අත්දැකිම් වලින් බ්‍රෑන්ඩ් එකක් හදන විදිහ ගැන පොඩි කරුණු ටිකක් කියන්න හිතුවා.

අලුතෙන් ව්‍යාපාරක් පටන් අරන් ඒවා බ්‍රෑන්ඩ් එකක් දක්වා දියුණු කරන්න හිතන අය මුලින්ම කරන්නේ ලෝකයේ ජනප්‍රිය බ්‍රෑන්ඩ් ෆලොර් කරන එක මොකද මාත් එහෙම තමා ඉස්සෙල්ලාම කරේ ඉතින් ඒවා වල මතුපිටින් බලලා හිතනවා මේක බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන්නේ,
- දාලා තියෙන නම (name)
- ඒ නමට ගැලපෙන ලොගො එක (logo)
- ව්‍යාපාරයට අදාල color palette එක (ව්‍යාපාරයට අනන්‍යය වර්ණයක් හෝ වර්ණ කිහිපයක් මේනෙටෙන් කිරිම)
- PR හෙවත් සන්නාමය සමග ඇති Public Relations

මේ වගේ කාරණා ටිකක් නිසා තමා යම් ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් රදාපවතින්නේ කියලා හිතෙනවා. ඇත්තටම මේ ටික විතරක් නෙමේ බ්‍රෑන්ඩ් එකක් උනාම මේක පිටිපස්සේ නැත්නම් මේ බ්‍රෑන්ඩ් වල එලියෙන් බලලා කියන්න බැරි නැත්නම් නොපෙනෙන කාර්යයන් ගොඩක් සිද්ද වෙනවා මේ කාර්යයන් සියල්ලගෙම එකතුවක් විදිහට තමා යම් ව්‍යාපාරයක් බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ සහා ඒක රදාපවතින්නේ.

මොනාද මේ කාරනා කියලා මම කෙටියෙන් කියන්නම්. මේවගේ වැඩිදුර විස්තර ඕනම කෙනෙක්ට Youtube එකෙන් සිංහලෙන්ම හොයා ගන්න පුලුවන්. එකවත් හොයන්න බැරි කම්මැලියො බ්‍රෑන්ඩ් හදන්න එන්නේ නැ.
- ව්‍යාපාරයේ හෝ සන්නාමයේ දැක්ම සහා මෙහෙවර (vision and mission of the business or brand)
- ව්‍යාපාරයේ තරඟකරුවන් (competitors in the business)
- පාරිභෝගිකයන් (customers)
- පාරිභෝගික අත්දැකිම් (customer experience)
- පාරිභෝගික සේවාව (customer service)
- නිර්මාණාත්මක සිතිම් (creative thinking)
- මිල ගනන් තීරනය කිරිම් (pricing)
- සමාජ සේවා (corporate social responsibility - CSR)

මේ වගේ කරණාත් එකතු වෙලා තමා යම් ව්‍යාපාරයක් බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙන්නේ. එහෙනම් ඔයා පටන් ගත්ත වැඩෙත් සාර්ථවක කරන් යන්න මේ දැනුමත් භාවිතා කර ගන්න. මොනවා හරි දැන ගන්න තිබ්බොත් මැසේජ් එකක් දාලා තියන්න.

"ව්‍යාපාර වට්ටන්න පුලුවන් නමුත් බ්‍රෑන්ඩ් එකක් හදාගත්තොත් ඒක වැටුනත් ආයේ නැකිටින්න පුලුවන්"

22/12/2022

"ඕනෑම දිගු ගමනට අවශ්‍යය වන්නේ ඔබ අද ආත්මීය විස්වාසයෙන් තබන පලමු පියවරයි." | 🫱🏽‍🫲🏻

19/12/2022

"ක්‍රියාවෙන් ආරම්භ කරන තුරු අනෙක් කිසිම දෙයකට වටිනාකමක් නොමැත." | 🫴🏼

18/12/2022

Be happy for this moment. This moment is your life. 👽🍃

𝐍𝐨 𝐬𝐡𝐚𝐯𝐞 𝐧𝐨𝐯𝐞𝐦𝐛𝐞𝐫 https://youtu.be/ACInt_XNtw4

18/12/2022

ඕනෑම මිනිසකු ජිවිතය තුල මුදල් වියදම් කරන ආකාර දෙකක් පවතී.
01) අවශ්‍යතා
02) වුවමනා

මෙහි ඔබ අවශ්‍යතා මත පමනක් මුදල් වියදම් කරන්නේ නම් ඔබට ඉදිරි ජිවිතයේදී හොද ආයෝජන අවස්තා ලගාකර ගනිමින් ඔබගේ ව්‍යාපාර දියුණු කර ගනිමින් ඔබගේ සාර්ථකත්වයේ ඉලක්කය වෙත පියවරින් පියවර යා හැක.

නමුත් ඔබ වියදම් සිදු කරන්නේ ඔබගේ වුවමනාතාමත නම් ඔබ කිසිදු සාර්ථකත්වයක් ලගා කර ගන්නේ නැත. ඔබ සෑම විටම මුදල් නොමැතිකම හේතුවෙන් කනස්සල්ලෙන් පසුවන මිනිසකු බවට පත් වේ.

උදාහරනයක් ලෙස ඔබ ඇසුරු කරන මිතුරකු විසින් මේ වන විට වෙලදපලේ ඇති Latest mobile phone එකක් මිලදී ගැනීමත් සමග ඔබ ඔබද ණය වී එය මිල දී ගැනීමට උත්සහා දරන්නෙක් නම්, එහිදී ඔබ සිදු කරනු ලබන්නේ ඔබගේ උවමනතා මත සිදු කරනු ලබන අනවශ්‍යය වියදමකී.

නමුත් ඔබට හැකිනම් වුවමනාතාමත සිදු කරන මේ අනවශ්‍යය වියදම ආයෝජනයක් ලෙස තැන්පත් කිරීමට, ඉදිරියේදී ඔබට එම ආයෝජනයේ ලැබෙන ලාභයෙන් ඔබගේ අවශ්‍යයතා සදහා වියදම් කර ඔබගේ සාර්ථකත්වය වෙත ගමන් කිරීමට.

අවශ්‍යයතා මත වියදම් සිදු කරනු ලබන පුද්ගලයන් මඩෙන් උඩවිත් පිපෙන නෙලුවම්ක් පිපෙන්නේ මෙන් සාර්ථකත්වය වෙත ගමන් කරන අතර, වුවමනාතාමත වියදම් සිදු කරනු ලබන පුද්ගලයන් එක තැන පල් වන මඩ වගුරක් මෙන් තමන්ගේ සර්ථකතව සිහිනෙන් පමනක් දකිමින් ජිවිතයක් ගත කරයී.

21/10/2022

"මම හොයන්නේ ගස් දෙකක් තියෙන කන්දක්..."

"මං හොයන්නේ ඇස් දෙකක් තියෙන මිනිහෙක්..."

"ඇයි, මේ පළාතේ මිනිස්සුන්ට ඇස් නැද්ද..? "

"තියෙනවා, ඒත් පේන්නෙ නෑ..."

"පේන්නෙ නෑ..?"

"පේනවා, ඒත් දකින්නෙ නෑ..."

- ඇහිපිල්ලමක් යට ටෙලිනාට්‍යයෙන් -

තිර පිටපත : මංජුල වෙඩිවර්ධන
අධ්‍යක්ෂණය : ප්‍රදීප් ධර්මදාස

20/10/2022

When you read, you get a rain of ideas. | 📚

අත්දැකිම් නැති බහුතරයක් මිනිසුන්ට ජිවිතයේ නිර්මාණාත්මක අදහස්ද නැත. ඔබ නොදුටු ලොවක් දකින්න දිනට පිටු 10 කියවන්න.

15/10/2022

Marketing Tips: Use psychology for marketing 😎

12/10/2022

"Train your mind to see the good in every situation." 🍃

03/10/2022

අපිට සිහින සහා ඉලක්ක පැටලුනාද? | 🫵🏼

ගොඩක් අය මේ සිහින සහා ඉලක්ක පටලවගෙන ඉන්නේ ඇත්තටම ඉලක්ක කියන්නේ මොනාවද? එතකොට සිහින කියන්නේ මොනාද?

මම දකින විදිහට සිහිනය කියන්නේ "හිස් මැටි කලයක්" මේකට වටිනාකමක් දෙන්න බැ. දෙන්න බැ කියන්නේ වටිනාකමක් නැ කියන එක නෙමේ. මම කියන්නේ මේ හිස් මැටි කලේ මිල කල නොහැක කියලා. ඒක ලක්ෂයක් දෙකක් කෝටියක් කෝටි දෙකක් මේ කිසිම විදිහකට මිනිහෙගේ සිහින වලට වටිනාකමක් දෙන්න බැ.

එතකොට ඉලක්ක කියන්නේ මොනවද? ඉලක්ක වලින් තමා අර අපි ලග තියෙන හිස් මැටි කලය පුරවන්නේ. ඉලක්ක වලට විවිද වටිනාකම් සහිතයි. රු.දාහක දෙදහක ලක්ෂයක ලක්ෂ දෙකක මිලියනයක කෝටියක ඉලක්යක් විය හැක.

තේරුන් නැ වගේද එහෙනම් මේ කතාවත් කියවන්න. මිනිහෙක් ඉන්නවා ඒ මිනිහට තියෙන සිහිනය තමා දවසක එයා ඉන්න රට තියෙන තැනට වඩා Next Level එකට ගෙනියන්න පුලුවන් ජනාදිපති කෙනෙක් වෙන එක. ඔන්න අපි අර කිව්ව "හිස් මැටි කලේ" කියන්නේ මේ ජනාදිපති සිහිනය.

දැන් මේ මිනිහා කරන්න ඕනේ මේ කලේ පුරවන එක ඒ තමා ඒ මිනිහගේ "ඉලක්ක" කියන්නේ. ඉතින් දූෂිත පාලකයෙක් වෙන්නේ නැතුව හොදින් රට පාලනය කරන්න නම් ඒ මනුස්සයා තමන්ටම ආදයම් මාර්ග කිහිපයක් හදන්න ඕනේ.
රජයේ වාහන නැතුව තමන්ගේ සල්ලි වලින් ගත්ත යාන වාහන ගෙවල් ඕනෙ නම් ආරක්ෂක ටීම් එකක්.
හැම ක්ෂ්ත්‍රයක්ම කවර් වෙන විදිහේ හොද දැනුම් ගබඩාවක් හදාගන්න ඕනේ. විවිද රට වලින් හොද කනෙක්ෂන් හදාගන්න ඕනේ. නව තාක්ෂනය ගැන අප්ඩේට් වෙන්න ඕනේ.

මේ එක එක ඉලක්ක වලින් අර හිස් කලේ පුරව ගත්තට පස්සේ ඔන්න දැන් අර හිස් කලේ කට මට්ටමට පිරිලා දැන් මේ මනුස්සයාගේ ජනාදිපති සිහිනයට යන්න පුලුවන්. පුලුවන් නෙමේ ජනාදිපති කියන තනතුරට ඒ මනුස්සයා නොදැනීම ගිහින්.

ඉතින් මිනිහෙගේ සිහිනයක් කියන්නේ ඒකට මිලක් නැ අපේ බහුතරයක් අය කරන දෙයක් තමා මුදලට ගන්න හැම දේම my dream achievement වගේ එකක් කැප්ෂන් එකට දාලා ශෝෂල් මිඩියා දාන එක ඇත්තටම එහෙම ලක්ෂයකට ලක්ෂ 10කට ලක්ෂ 20කට ගත හැකි සිහින කියන්නේ "හිඟන හීන" ඒවා හින නෙමේ ඒවා තමා ලයිෆ් එකේ ඉලක්ක කියන්නේ.

ඉලක්ක සහා සිහින පටලව ගන්න එපා. මේක කියවපුවාම ටිකක් අවුල් යන්න ඇති මොකද මම කිව්වේ ඔයාලා හිතන් හිටපු රාමුවෙන් පිට කතාවක්. ඉතින් ගොඩක් අය සිහින කියන්නේ සල්ලි දිලා පුටුවක් ගන්න එක කාර් එකක් ගන්න එක ගෙයක් හදන එක ෆෝන් එකක් ගන්න එක වගේ දෙයක්. හැබැයි මම සිහින කියන්නේ මිල කල නොහැකි දෙවල් වලට.

Tip "ලයිෆ් එකේ හිස් මැටිකල 1-3 අතර ගානක් හදාගන්න. ඒක විදිද Category වලින් නම් ගොඩක් හොදයි ඒ කල ඔයාගේ ඉලක්ක වලින් පුරවගන්න"

එහෙනම් ඔයත් ඔයාගේ වටිනාකමක් දිය නොහැකි හිස් මැටි කලය තෝර ගන්න.

ජය..!!!

28/09/2022

"Vision"

26/09/2022

මිනිසුන්ගේ ජිවිතයට පැමිණෙන ප්‍රශ්න නිර්මාණය කරන්නේ කවුද? | 🤔

මට හම්බෙන සමහර මිනිස්සු කියන දෙයක් තමා අයියො මට හෙනට ප්‍රශ්න ස්ට්‍රෙස් වෙලා ඉන්නේ වගේ දෙවල් ඉතින් මම දන්න කුඩා දැනුමෙන් මම ඒ අයට ඒයගේ ප්‍රශ්ණ විසඳ ගන්න පොඩි පොඩි ටිප් ටිකක් කියලා දෙනවා. ඉතින් මේ පෝස්ට් එක ලියන්න හිතුවෙන් එහෙම ප්‍රශ්න නිසා දුකක් හදන් ඉන්න අයට,

මේක පොඩි කතාවක් මේ කතාව තේරුම් යනකන් හොදට කියවන්න එතකොට තේරුම් යයි මොනාද මේ අපි අල්ලන් ඉන්න ප්‍රශ්ණ ඇයි මේ අපි ප්‍රශ්ණ වලින් දුක් වෙන්නේ සහා මේ ප්‍රශ්ණ වලට තියෙන විසදුම් කියන දේ.

ඔන්න ජෝන් කියලා එක්තරා මිනිහෙක් ෆැක්ටරි එකේ දවල් කෑමට ඇවිත් කෑම පෙට්ටිය දිග අරිනවා. ජෝන් එකපාර මෙහෙම කියනවා "අයියො අදත් චීස් සැන්විචස්" කියලා බෙරිහන් දෙනවා.

ඔහොම ඉතින් ජෝන් දවස් දෙකක් තුනක් හතරක් කෑමට ඇවිත් මේකම කියනවා.

මේක මේ දවස් ටිකේම බලන් හිටිය තව කෙනෙක් මේ ජෝන්ට මෙහෙම කියනවා "ඉතින් තමුසේ චීස් සැන්විචස් වලට කැමති නැත්නම් තමුසේගේ වයිෆ්ට කියනවකො වෙන මොනා හරි හදලා දෙන්න කියලා"

දැන් ජෝන් මෙහෙම උත්තර දෙනවා "වයිෆ්? වයිෆ් කෙනෙක් ඉන්න මම බැදලා නැනේ ඕයි"

අර අනිත් මිනිහා අහනවා "එතකොට කවුද ඔය කෑම හදලා දෙන්නේ"

දැන් ජෝන් කියනවා "මම තමා මේ සැන්විචස් හදාගන්නේ."

ඕක තමා කතාව ඉතින් මේක හරි සරල තියරියක් හැබැයි තේරුම් ගන්න ටිකක් අමාරුයි. ජිවිතයට පැමිණෙන සෑම ගැටලුවක්ම එන්නේ ඒක අපි නිසා මොකද තමන්ගේ සියලු ප්‍රශ්ණ වල නිර්මාතෘවරයා තමන්ම තමා.

Tip "ප්‍රශ්ණ නැති ජිවිතයක් හොයන්න එපා ඔයා ඔයගේ ගමන යන්න එන ප්‍රශ්ණ පැත්තකින් තියලා ඔයා ඔයාගේ එදිනෙදා වැඩ ටික හොදට කරන්න. ඔයාට යම් තැනකදි අර මග තියලා ආපු ප්‍රශ්න වලට උත්තර හමුවෙනවා අන්න එතනදී ඒ ප්‍රශ්ණයට උත්තර දෙන්න. ගමන අතර මැද නවත්තලා ප්‍රශ්න වලට උත්තර හොයන්න එපා."

එහෙනම් හැමෝටම ජය..!!!

19/09/2022

"දත් තියෙන කාලේ මස් කන්න ඕනේ" | ජිවිතේට වදනක්

මේ වාක්‍යය මම පෞද්ගලිකව කැමති එකක් මේකේ ඩබල් Meaning තිබ්බට 😉 මම කැමති මේකේ මම හදාගත්ත Positive Meaning එකට.

මේක විශේෂයෙන්ම කියන්නේ අවු 20 - 30 අතර වයසේ අයට. මොකද අවුරුදු 20 - 30 කියන්නේ හොදට මහන්සි වෙලා, මහන්සිය නොබලා වැඩ කරන්න පුලුවන් වයසක් සහා ගහන කිසිම ගේමක් ෆේල් උනා කියලා බය වෙන්න ඕනේ නැති කාලයක්. මොකද අවු 30 පස්සේ පවුල් බර වගේ දෙවල් මිනිස්සුන්ට ආවාම මිනිස්සු රිස්ක් ගන්නේ ගොඩක් හිතලා.

Tip 01 "අරමුනකින් ගේම ගහනවා නම් අනිවාර්යෙන් ෆේල් නොවී අරමුණු වලට යන්න පුලුවන්. ඒ නිසා පුලුවන් කාලේ බය නැතුව රිස්ක් ගන්න."

සාමාන්‍යයෙන් මම දෙයක් කරන්න ගත්තාම මම ඒ දවසේ පැය 24 ඇතුලේ ඒ ටික උපරිම වෙලාව අරන් කරලා දාන්න තමා බලන්නේ මොකද වැඩ කරන්න පුලුවන් කාලේ ඕක කල් දදා ඉදලා අන්තිමට අපි වයසට ගියාම කියන්න වෙන්නේ "ඒ කාලේ රජයෙන් අපිට කරේ නැනේ කියලා තමා." ඉතින් අපි තත්වයට වැටෙන්නේ නැතුව වැඩ කරන්න ඇගේ වගේම හිතේ හයිය තියෙන කාලේ වැඩ කරන්න. එතකොට අපිට පුලුවන් "දත් තියෙන කාලේ රසට මස් කලා දත් නැති කාලේ ඒ මස් හොද්දේ රස බලන්න."

අද ඉදන් වැඩ කරන්න දේවල් කල් දාන්නේ නැතුව මේ වෙලාවෙම පටන් ගන්න.

Tip 02 "To Do List එකක් හදන් දවසේ වැඩ ප්ලෑන් කරලා දවස සාර්ථක ලෙස ඉවර කර ගන්න."

ජය..!!!

16/09/2022

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් සඟරාවට සම්මුඛ වීම. | "2022 පෙබරවාරී 20"

Magazine Ralla - රැල්ල
Writer Pramindu Sachiranga

14/09/2022

ව්‍යාපාරික අදහසක් ආව ගමන් අන්තර්ජාලය හරහා ව්‍යාපාර පටන් ගන්න එපා. | "?"

මොකක්ද යකෝ ඒ කතාව? හරි මෙහෙයි සමහර යට මොකක් හරි බිස්නස් අයිඩියා එකක් ආව ගමන් කරන්නේ අතේ තියෙන සල්ලි ටික දාලා හරි ණය වෙලා හරි ලොකු ස්ටොක් එකක් ගහගෙන් ෆේස්බුක් පේජ් එකක් හදාගෙන ඒ ටික දාලා බලන් ඉන්නවා විකුණන්න කියලා. ඊට පස්සේ ටික දවසකින් කාට හරි අර ගත්ත බඩු ටික අඩු ගානකට විකුනලා දාලා ඔන්ලයින් කියන්නේ බොරුවක්ය, ඕවා ලංකාවේ කරන්න බෑ ය, කිය කිය ඉන්නවා.

ඇත්තටම මේ ක්‍රමය හරිද? කොහොමද එහෙනම් පටන් ගන්නේ.

හරි මේකට මම දැක්ක ප්‍රදානම හේතුවක් තමා මේ අය පොඩි අදහසක් ආව ගමන් ඒක ක්‍රියාවෙන් පටන් ගන්න යනවා. අපි සමහර වෙලාවට කියනවා "මොනා හරි දෙයක් ආරම්භ කරන්න ඕනේ නම් මේ මොහොතේ තමා ආරම්භ කරන්න ඕනේ කියලා" ඔවු ඇත්ත හැබැයි ඒක ආරම්භ කරන්න ඕනේ ක්‍රියාවෙන් නෙමේ. ඒක ක්‍රියාවෙන් ආරම්භ කරන්න කලින් ඒ ගැන ඔයා ලග දැනුමක් තියෙනවද කියලා හිතන්න එහෙම දැනුමක් නැත්නම් ඒ පිලිබද ඉගෙන ගන්න.

මොකද 2015 - 2016 දී වගේ දෙයක් පටන් ගන්න තිබ්බ ට්‍රැෆික් එක නෙමේ අද තියෙන්නේ ඒ දවස් වල සුලු දැනුමකින්, දැනුමක් නැතුව නිකන් ආතල් එකට හරි පටන් ගන්න පුලුවන් උනාට අද වෙද්දී ඒකට සාමාන්‍යය හොද දැනුමක් තියෙන්න ඕනේ. මොකද දැන් බහුතරයක් මිනිස්සු අප්ඩේට් වෙලා ඉන්නේ සහා ටික ටික මිනිස්සු භාණ්ඩ මිලදී ගන්නේ නැතුව බ්‍රෑන්ඩ් මිලදී ගන්න පුරුදු වෙලා ඉන්නේ.

උදාහරණයක් විදිහට ගමු මට ඔන්ලයින් ඇදුම් විකුනන්න හිතෙනවා කියලා හිතමු එතකොට මම මුලින්ම කරන්න ඕනේ හොද කොලිටි එකකින් ඇදුම් ගන්න පුලුවන් සප්ලර් චේන් එකක් හදාගන්න එක. කොහොමද රෙදි වල කොලිටි බලන්නේ මොනවද රෙදි කොලිටි අපි මොකක් හරි ප්‍රින්ට් එකක් ගහනවා නම් අපි ගහන්න ඕනේ ඩිජිටල් ප්‍රින්ට් එකක්ද ස්ට්‍රින් ප්‍රින්ට් එකක්ද වගේ බේසික් දේවල් හොයලා දැන ගන්න ඕනේ. ඕකත් හරි කියමුකො ඊට පස්සේ අවශ්‍යයම කාරනාව හොද ඩිලිවර් ආයතයක් හොයා ගන්න ඕනේ.

මේ හැමදෙයක්ම ෆේස්බුක් එකෙන් හොයා ගන්න පුලුවන්. බැරි උනොත් මැසේජ් එකක් දාන්න ඕන තරම් තැන් හොයලා දෙන්නම්.

අනිත් දේ ශෝෂල් මීඩියා ගැන පොඩි හරි දැනුමක් හදාගන්න එක කරන්න ඕනේ. මේවා වැඩ කරන්නේ කොහොමද?
හරියට පේජ් එකක් හදාගන්නේ කොහොමද?
ෆේස්බුක් ඇඩ් කියන්නේ මොනවද?
ටික්ටොක් බිස්නස් එකට පාවිච්චි කරන්නේ කොහොමද?
ඉන්ස්ටග්‍රෑම් පාවිච්චි කරන්නේ කොහොමද?
මේවගේ යම් මූලික දැනුමක් හදාගන්න පස්සේ කාලයත් එක්ක ඉක්මනට ඒක හොදට දැනුම හදාගන්න. ඉතින් මේවා ඉගෙන ගන්න මහාලොකු සල්ලි යට කරන්න අවශ්‍යය නැ YouTube එකේ ඕන තරම් නොමිලේ මේ දේවල් ඉගෙන ගන්න පුලුවන් අවස්තා තියෙනවා.

"මම උනත් අදටත් දෙවල් ඉගෙන ගන්නේ YouTube හරහා"

ඉතින් ඔයාට තියෙන්නේ Search එකේ How to කියාලා ඔයාට අවශ්‍යය දේ ටයිප් කරන එක විතරයි.

ඒවගේම තවමත් ෆේස්බුක් ඇඩ්ස් කියන්නේ මොකද්ද කියන්නේ කියලවත් දන්නේ නැති, පේජ් එකක් හරියට මේනෙටෙන් කරන්නේ කොහොමද නොදන්න ව්‍යාපාර අයිතිකරුවන් ඉන්නවා. ඔයා ඒ තැනට පත් නොවී පුලුවන් හැමදේම ඉගෙන ගන්න. "දැනුම තමා අවිය"

මේ වැඩ ටික ඔයාට සති දෙකක් තුනක් යද්දි A to Z කර ගන්න පුලුවන් හැබැයි ඉතින් ඒ කාලය තීරන වෙන්නේ ඔයාගේ මොරාල් එක අනුව තමා.

මෙන්න මේ වැඩ ටික කරලා ඊට පස්සේ ඔයාගේ බිස්නස් එක පටන් ගන්න. පටන් ගත්ත ගමන් දවසට ඕඩර් නැති වෙයි දවසට එකක් එයී දෙකක් එයී ඔහොම ඔහොම වැඩේ අල්ලන් ඉන්න. මාස 03 -04 ඔයා වැඩේ නවත්තන් නැතුව අල්ලන් හිටියොත් අනිවාර්යෙන් ඔයාට ඔය පටන් ගත්ත දේ ඇතුලේ ගේමක් ගහන්න පුලුවන්.

Tip 01 "බිස්නස් එක ඇතුලේ ඒක එන්ජෝයි කරන්න එතකොට ඒක ඔයාට අත අරින්නේ නැතුව ඕනම කාලයක් අල්ලන් ඉන්න පුලුවන්."

Tip 02 "හැබැයි දවසින් දෙකෙන් i8 ගන්න status maintain කරන්න my achievement ගගා ශෝ ඕෆ් දාන්න හිතාගෙන ව්‍යාපාර පටන් ගන්න එපා. ඉස්සෙල්ලා ඔයා ඔයාගේ බිස්නස් එක තැනකට ගෙන්න. ඊට පස්සේ ඔයා එකෙන් ආදායම ලබන්න."

"ඔය කිව්ව හැම දෙයක්ම මම ප්‍රැක්ටිකලී කරලා තමා මගේ Mr. Beard (Mr. Beard - රැවුල් මහත්තයා | MR. BEARD STORE) සන්නාමය හැදුවේ ඒක නිසා බැ කියලා දෙයක් නැ උත්සහා කරන්න."

එහෙනම් හැමෝටම ජය..!!!

Want your public figure to be the top-listed Public Figure in Gampaha?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

MR. BEARD STORE | Mr. Beard - රැවුල් මහත්තයා 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚, 𝐭𝐡𝐞 𝐰𝐚𝐢𝐭 𝐢𝐬 𝐟𝐢𝐧𝐚𝐥𝐥𝐲 𝐨𝐯𝐞𝐫 🇱🇰 #mrbeard #marketing #business #motiv...
"මම හොයන්නේ ගස් දෙකක් තියෙන කන්දක්...""මං හොයන්නේ ඇස් දෙකක් තියෙන මිනිහෙක්...""ඇයි, මේ පළාතේ මිනිස්සුන්ට ඇස් නැද්ද..? ""...

Category

Address


No: 571/A Nadungamuwa
Gampaha

Other Entrepreneurs in Gampaha (show all)
UP Online Store UP Online Store
Pugoda
Gampaha

Mr. PASIYA.. This page is for get ideas for my YouTube chanel

Minu Creations Minu Creations
Gampaha

We provide hand made creations to make your life beautiful

Wooden Art Wooden Art
Gampaha, 11870

Kylie's Baby Mart Kylie's Baby Mart
Gampaha

baby lifestyle

Lakshani ground orkid Lakshani ground orkid
Henegama
Gampaha

Ground orkid , Anthuriyam , Aglonima, waterplant , Crotan for sale �

Smarty Plants Smarty Plants
Gampaha

Selling of beauty and cosmatic products

Dhamsi Landscaping & Garden Services Dhamsi Landscaping & Garden Services
372-C, Uggalboda West
Gampaha

A landscaper who is responsible for building and maintaining gardens, parks, property and other outdoor landscapes. We ensure plant growth, the cleanliness of outdoor facilities an...

Win Titles Win Titles
Gampaha

Young pulsatile personality | Travel Enthusiast , I motivate all around the world to start and grow

Sandu Mart Sandu Mart
Bauddaloka Lane
Gampaha

Jani Cakes Jani Cakes
Gampaha

� Jani Cakes - Birthdays - Anniversary - Other Special days Now You can celebrate with us..!