Derma Ayur
Market place for green products.
🌿 Herbal soap
🌿 Herbal soap for a golden skin
🌿 Fairness cream
100% natural with the essence of many skin whitening natural ingredients.
🌿 Face pack for pimples / acne
🌿 Face packs for
🌻 Normal skin
🌻 Dry skin
🌻 Oily skin
🌿 Anti-aging face pack
🌿 Moisturizing night cream
🌿 Moisturizing fairness cream
🌿 Rose water toner
🌿 Essential oils
🌿 Kokum fairness soap
🌿Charcoal soap
🌿Anti- dandruff herbal soap
🌿Neem detox soap
🌿 Aloe vera soap
🌿Milk & honey soap
🌿 Anti- acne herbal soap
Natural hair oil
100% ස්වාභාවික නිශ්පාදනයකි
🍀 හිස කෙස් අකලට හැලීම වළක්වයි
🍀 හිස කෙස් පැලීමෙන් වන හානියෙන් ආරක්ෂාව සලසයි
🍀 හිස කෙස් වර්ධනය කරයි
🍀 ඝනකමින් යුත් දීප්තිමත් නීරෝගී වරලසක් ලබා දෙයි
Anti acne herbal soap
🌿Gift pack containing natural cosmetics
Enhance your beauty with natural ingredients with no added chemicals
100% natural
Face packs for all skin types - Oily skin, Normal skin, Dry skin
Anti aging rejuvenating face packs
Pimple healing face packs
Enriched with Vitamins - Anti- acne herbal soap
Natural Whitening Cream
Natural Moisturizing Night Cream
අකලට වියපත් වීම වළකා තරුණ බව රැක දෙන නෙල්ලි
===================
ප්‍රතිශක්තිකාරක ආයුර්වේද ඖෂධ - 3 කොටස
+++++++++++++++++
නෙල්ලි යනු සියලුම දෙනා දන්නා ඉතා ගුණවත් පළතුරකි. උද්භිද විද්‍යාත්මකව Phyllanthus emblica L. නමින් හඳුන්වන නෙල්ලි සංස්කෘත භාෂාවෙන් ආමලකී, ධාත්‍රී ආදී නම් වලින් හඳුන්වයි. එයට යෙදෙන වයස්ථා සහ කායස්ථා යන නම් වලින් සිරුර වියපත් වීම වළක්වා එහි තාරුණ්‍යය සහ අරෝග්‍යය ලබා දෙන බව අදහස් වේ. නෙල්ලි ගැන සිදු කර ඇති පර්යේෂණ වලින් එහි ප්‍රතිප්‍රදාහයික ( anti-inflammatory), ප්‍රතිඔක්සිකාරක (antioxidant) ශෛත්‍යාරක්ෂක (cryoprotective), සෛලාරක්ෂක (cytoprotective), වයස්ථාපන ( antiaging), ප්‍රතිධූලක (antitoxic), යකෘතාරක්ෂක (hepatoprotective), වෘක්කාරක්ෂක (nephroprotective) ආදී ගුණ සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී තිබේ. නෙල්ලි වල පළතුරක් ලෙස ඉතා අධික සී විටමින් ප්‍රතිශතයක් අන්තර්ගතය. එහි අඩංගු සක්‍රිය සංඝටක ලෙස ellagic acid, chebulinic acid, gallic acid, chebulagic acid, apeigenin, quercetin, corilagin, leutolin, quercetin, kaempferol, ආදී polyphenol වර්ග flavone glycosides, phenolic glycosides, proanthocyanidins සහ flavonol glycosides මෙන්ම emblicanin A, emblicanin B, phyllaemblicin B, සහ punigluconoin වැනි ටැනින් වර්ග ද හඳුනාගෙන තිබේ.
නෙල්ලි බොහෝ දුරට ගවේෂණය කර ඇත්තේ පිළිකා ඇතුළු විවිධ රෝග වලට එරෙහි චිකිත්සක හැකියාවන් සඳහා ය. නෙල්ලි සාරයේ ප්‍රති-පිළිකාකාරක යාන්ත්‍රණයන් අතර මුක්තඛණ්ඩක හාරක හා ප්‍රතිඔක්සිකාරක බලපෑම, ප්‍රදාහජනක විවිධ එන්සයිම ක්‍රියාවන් පාලනය කිරීම, පිළිකාකාරක උත්පාදනය (carcinogenesis) වැළැක්වීම, සෛල චක්‍ර ප්‍රෝටීන් නියාමනය, අනවශ්‍ය වර්ධනයක් සහිත සෛල මරණය (apoptosis in neoplastic cells) ප්‍රේරණය කිරීම සහ හානිකර වර්ධන (metastasis) වැළැක්වීම ඇතුළත් වේ. එසේම නෙල්ලි සාරය සැලකිය යුතු මට්ටමකින් සෛල ගුණනය වැළැක්වීමේ (antiproliferative activity) ක්‍රියාකාරකම් වාර්තා කර ඇත. මානව පැපිලෝමා වයිරසයේ (HPV) ප්‍රතිලේඛන ක්‍රියාකාරිත්වය (transcriptional activity) සහ සක්‍රියකාරක ප්‍රෝටීන් -1 (AP-1) කෙරෙහි නෙල්ලි සාරයේ බලපෑම අධ්‍යයනය කර තිබෙන අතර එමගින් HPV16 සහ HPV18 ධනාත්මක ගර්භාෂ පිළිකා සෛල මර්ධනය කරයි. සාර්ථක නෙල්ලි වල සංඝටක පියයුරු, ගර්භාෂය, අග්න්‍යාශය, ආමාශය, අක්මාව ඇතුළු ඉන්ද්‍රියන් ගේ විවිධ පිළිකා වර්‍ධනය හා පැතිරීම වළක්වයි.
විවිධ පිළිකා සෛල උපයෝගී කර ගත් පූර්වසායනික පර්යේෂණ සාක්‍ෂි වලින් පෙන්නුම් කළේ නෙල්ලි වල ජලීය සාරය සැලකිය යුතු ලෙස අඩු සාන්ද්‍රණයන්ගෙන් පිළිකා සෛල මරණය ඉක්මන් කළ බවයි. එහි පොලිෆිනොලික් වලින් පොහොසත් සාරය අවධියේදී සෛල චක්‍ර වැළැක්වීම ද ඇති කරන බව පෙන්වා දී ඇත. නෙල්ලි සාරය මඟින් ඇති කරන ලද සෛලනාශක ක්‍රියාව (cytotoxicity) පිළිකා සෛල සඳහා පමණක් වැඩියෙන් බලපාන අතර සාමාන්‍ය සෛල වලට අවම බලපෑමක් සිදු විය. ඩිම්බකෝෂ පිළිකා සෛල වලට එරෙහිව ප්‍රබල ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළ අතර එමගින් සෛල වල මරණය ඉක්මන් කිරීමට වඩා වාහිනීජනක (angiogenesis) සහ ස්වභක්ෂක (autophagy) ක්‍රියාවන් තුළින් මැදිහත් විය. නෙල්ලි නිස්සාරණයේ සෛල ප්‍රතිගුණන ක්‍රියාකාරිත්වය එහි සංඝටක වන ටැනින් සහ phenolics. Geraniin, isocorilagin වල සංශක්තිමය (synergistic) බලපෑමක් ලෙස සැලකේ. විශේෂයෙන් ජලවිච්ඡේදක ටැනින් (hydrolysable tannins) මෙවැනි හානිකර සෛල වලට එරෙහිව ක්‍රියාත්මක වන බව පෙනී ගොස් තිබේ.
නෙල්ලි වල ඖෂධීය ගුණ වලට ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිශක්තිකාරක, පිළිකා නාශක, සෛලාරක්ෂක, වේදනානාශක, ක්ෂුද්‍රජීවීනාශක ක්‍රියාකාරකම් ආදිය ඇතුළත් වේ. නෙල්ලි බොහෝ පිළිකාවල වර්ධනය හා ව්‍යාප්තිය වළක්වන අතර එය විකිරණ චිකිත්සාව සහ රසායනික චිකිත්සාවේ අහිතකර බලපෑමද අඩු කරයි. එහෙත් නෙල්ලි වල අන්තර්ගත ද්විතියික පරිවෘත්තීය සංඝටක වල විභවය තවමත් ගවේෂණය කර නොමැති නිසා නව ස්වාභාවික පිළිකා නාශක ඖෂධ සොයා ගැනීම සඳහා ඒ පිළිබඳව පූර්ණ පර්යේෂණයක් කිරීම අවශ්‍ය වේ. නෙල්ලි වල අඩංගු එලාජික් අම්ලය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එයට ජාන වල විකෘති වීම වැළැක්වීමේ හැකියාව ඇත. එසේම වර්ණදේහ අසාමාන්‍යතා අළුත්වැඩියා කරයි. එහි තිබෙන ක්වෙර්සෙටින් අක්මාව ආරක්ෂා කිරීමේ හැකියාවක් තිබේ. emblicanin A සහ emblicanin B වල ශක්තිමත් ප්‍රතිඔක්සිකාරක සහ පිළිකා නාශක ගුණ ඇත. විශේෂයෙන් ම පෙනහළු ශක්තිමත් කිරීමට සහ එහි පටක අලුත්වැඩියාව කෙරෙහි ඉතා ප්‍රබල බලපෑමක් නෙල්ලි වලින් ලැබේ.
නෙල්ලි ආහාරයක් ලෙස ඉතා පෝෂ්‍යදායී වන අතර විටමින් සී, ඛනිජ ලවණ සහ ඇමයිනෝ අම්ල වල වැදගත් ප්‍රභවයකි. විවිධ පිළිකා සෛල භාවිතා කරමින් සිදු කළ රසායනාගාර පරීක්ෂණ සාක්‍ෂි වලින් පෙන්නුම් කරන්නේ නෙල්ලි වල ජලීය සාරය මයික්‍රොග්‍රෑම් 50 සිට 100 දක්වා සාන්ද්‍රණයකින් පිළිකා සෛල මරණය ඉක්මන් කළ බවයි. මෙම අධ්‍යයනයේදී සාමාන්‍ය ෆයිබ්‍රොබ්ලාස්ට් ද ඇතුළත් කර ඇති අතර මෙම සාරය කෙරෙහි 4 ගුණයකින් අඩු සංවේදීතාවයක් පෙන්නුම් කළේය සරල ජලීය සාරය හෝ පොලිෆිනෝල් වලින් පොහොසත් නෙල්ලිසාරය ගැබ්ගෙල සහ ඩිම්බකෝෂ පිළිකා සෛල වලට එරෙහිව සෛලනාශක ක්‍රියාකාරිත්වය පෙන්නුම් කර ඇත. ගැලික් අම්ලය ප්‍රධාන පොලිෆිනෝල් හේතුවෙන් පිළිකා සෛල වර්ධන වේගය අඩු කිරීමට බලපෑමක් ඇති වාර්තා වී තිබේ. කැටෙචින් සංයෝගයක් වන Pyrogallol නෙල්ලි සාරයේ සක්‍රීය සංරචකයක් වන අතර එය සමහර මානව පිළිකා සෛල කෙරෙහි ගුණන විරෝධී බලපෑමක් ඇති කරයි. මානව පෙනහළු පිළිකා සෛල - H441 (පෙනහළු ඇඩිනොකාර්සිනෝමා) සහ එච් 520 (පෙනහළු සාකෝමා සෛල පිළිකා) කෙරෙහි Pyrogallol වල ඇති වාසිදායක බලපෑම ගැන පරීක්ෂා කළ විද්‍යාඥයින් Pyrogallol පිළිකා නාශක ඖෂධයක් ලෙස ස්ථාපිත කළ හැකි බව පෙන්වා දෙයි.
නෙල්ලි වල ආමාශයික හා ගර්භාෂ පිළිකා වැනි පිළිකා සෛල වර්ධනය වීම වළක්වන සංයෝග 18 ක් අඩංගු වේ. එය විවිධ ගැටිති වල ඇති ස්වාභාවික ඝාතක සෛල (NK) ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි. එම පලතුරෙන් ලැබෙන ආරක්ෂාව එහි ප්‍රතිඔක්සිකාරක ධාරිතාව සහ අක්මාව සක්‍රීය කිරීම සහ විෂ ඉවත් කිරීමේ එන්සයිම වල ප්‍රතිශක්තිකරණ බලපෑම හේතුවෙන් විය හැකිය. නෙල්ලි වලින් ලබා ගන්නා ෆීනෝලික් සංයෝග වාසිදායක බලපෑම් ගණනාවක් විදහා දක්වන අතර එමගින් පිළිකා සෑදීමේ අවධීන් කිහිපයක්ම වැළැක්විය හැකිය. නෙල්ලි වල අන්තර්ගත ටැනින් ලෙස හැඳින්වෙන ඉහළ සහ අඩු අණුක බර පොලිෆිනොලික් සංයෝග වන pedunculagin, puniglucanin, emblicanin A, and emblicanin B මගින් සමේ ගෙඩි, පෙනහළු පිළිකා, අග්න්‍යාස ගෙඩි, මහා බඩවැලේ ගෙඩි වලට එරෙහිව ක්‍රියාකරයි. සතුන් ඇසුරෙන් කළ පර්යේෂණ වලදී ගලනාලය, ග්‍රහණිය, අග්න්‍යාශය, අක්මාව, පෙනහළු පිළිකා වලට එරෙහිව එහි ආරක්‍ෂක බලපෑම් කළ හැකි බව පෙනී ගොස් තිබේ. සමහර ටැනින්, විශේෂයෙන් acrimonium සහ ornithine B මගින් ස්වාභාවික ඝාතක සෛල (ටී සෛල) සහ සාර්ව සෛල වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමෙන් ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කළේය.
වසංගත කාලයක දී වෛරස රෝග වලට මුහුණ දීමට ශක්තිමත් ප්‍රතිශක්ති පද්ධතියක් පවත්වා ගැනීමේදී නෙල්ලි වැනි ඖෂධ අපේ ආහාරයට එකතු කර ගැනීම ඉතා අවශ්‍ය වන්නේ ඇයි යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. නෙල්ලි හෘදය, අක්මාව, පෙනහළු සහ මොළය වැනි ඉන්ද්‍රියන් හි ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරන අතර ඒවා ආරක්ෂා කිරීමද සිදු කරයි. එලජික් සහ ගලික් අම්ල වල මුක්ත ඛණ්ඩක කා දැමීමේ ක්‍රියාවලිය (free radical scavenging) නිසා නෙල්ලි වලින් අක්මාව අරක්ෂා කිරීමට යම් බලපෑමක් ඇති බව අධ්‍යයන මගින් හෙළි වී තිබේ. සිරුරේ සෛල වල සමතුලිත ක්‍රියාවලිය පවත්වා ගෙන යන redox homeostasis නම් ස්වස්ථ සමස්ථායිභාවය නිසි ලෙස තබා ගැනීමට නෙල්ලි වැනි ප්‍රතිඔක්සිකාරක වලින් මහඟු පිටිවහලක් ලැබේ. විශේෂයයෙන්ම වියපත් වන විට ඉන්ද්‍රිය වල අවම කාර්යක්ෂමතාව පවත්වා ගැනීමට මෙය ඉතා අවශ්‍ය ක්‍රියාදාමයකි. රුධිර සැපයුම අඩාල නොවී පවත්වා ගැනීමට රුධිර පටක වල පෝෂණය හා ඒවායේ ඒකාබද්ධතාව හොඳින් තබා ගැනීම අවශ්‍ය වේ. විවිධ සාන්ද්‍ර බලයෙන් යුක්ත නෙල්ලි නිස්සාරක (50, 100, 150, and 200 μg/mL) යෙදූ රතු රුධිරාණු වල malondialdehyde (MDA) අඩු වූ අතර glutathione (GSH) මට්ටම වැඩි විය. ඒ අනුව නෙල්ලි වල වයස්ථාපන ගුණය ඉතා හොඳින් වටහා ගත හැකිය.
විද්‍යාගාර පරීක්ෂණයකදී පාලක සෛල හා සසඳන විට පිළිකා සෛල වලට එරෙහි සෛලධූලක ගුණය සහ සෛල මරණය ඉක්මන් කිරීමේ ගුණය නෙල්ලි වලින් සැලකිය කිසිදු ආකාරයක උත්තේජකයක් නොමැතිව සැලකිය යුතු ලෙස වැඩි කළේය. නෙල්ලි වල අඩංගු geraniin, isocorilagin, quercetin 3-β-d-glucopyranoside, kaempferol 3-β-d-glucopyranoside, isocorilagin, quercetin, kaempferol සහ rutin එහි පිළිකා නාශක ගුණයට හේතු වන බව පර්යේෂකයින් පෙන්වා දී තිබේ. එසේම නෙල්ලි වල තිබෙන අධික සී විටමින් ප්‍රතිශතය එහි ප්‍රතිඔක්සිකාරක ගුණයට හේතු වන බවත් එනිසාම සෛල හා පටක වල වියපත් වීම වළක්වන බවත් ඉතා පැහැදිලි කරුණකි. එදිනෙදා ආහාර සහ පාරිසරික හේතු නිසා සිරුරේ පටක තුළ ඇති වන ඔක්සිකාරක ආතතිය හේතුවෙන් ඒවාට දිරා යාම හෝ වියපත් වීම සිදුවන විට නෙල්ලි එම තත්වය වළක්වා එම හානිය පිළිසකර කිරීමට මහඟු මෙහෙයක් ඉටු කරයි. ප්‍රතිඔක්සිකාරක ගුණය ග්‍රෑම් 100 කට 261,500 μ mol ක් බව සඳහන් වේ. නෙල්ලි වලින් නිෂ්පාදිත ආයුර්වේද ඖෂධ වලින් මෙවැනි ගුණ බොහොමයක් ලබා ගත හැකි අතර ඒවා වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබේ.
වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා
Amazing results of our herbal hair oil - 100% natural ingredients
රෝගනාශක ගුණ සහිත විස්මිත ආහාරය කහ
++++++++++++++++++++
ප්‍රතිශක්තිකාරක ආයුර්වේද ඖෂධ - 2 කොටස
==================
කහ යනු වසර 4000 කට ආසන්න කාලයක් තිස්සේ ආසියානු ආහාර සංස්කෘතියේ ප්‍රමුඛ කුළුබඩුවක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය තුළ මෙන්ම ජන වෙදකමේ ද විවිධ ආකාරයේ ඖෂධ සංස්කරණ වලට භාවිතා කරයි. Curcuma longa යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ශාකය ආයුර්වේදය හරිද්‍රා නමින් හඳුන්වයි. කහ වල අඩංගු රසායනික සංඝටක අතර ප්‍රධාන වන්නේ curcumanoids සහ tumerone, atlantone, zingiberene වැනි වාෂ්පශීලී පදාර්ථයන් වේ. මේ අතුරින් curcumin, demethoxycurcumin, සහ bisdemethoxycurcumin කහ වල curcumanoids සංයුතියෙන් 70-75% ක අන්තර්ගත වන අතර demethoxycurcumin (15-20%) bisdemethoxycurcumin (3%) ද අඩංගු වේ. එම curcumanoids වලින් කහ වලට දීප්තිමත් කහ පැහැය ලැබේ. කහ වල ඖෂධීය ගුණයට හේතුවන සක්‍රිය සංඝටකය වන්නේ ද curcumin (diferuloylmethane) නමින් හඳුන්වන curcumanoid වර්ගය වේ.
ආහාරයට ගනු ලබන කහ වල අඩංගු curcumin ශරීරයට උරා ගැනීම (bioavailability) අඩු මට්ටමක පවතින නිසා 40–65% ප්‍රතිශතයක් අන්ත්‍ර හරහා ජීර්ණය නොවී ගමන් කරයි. සාමන්‍ය ආහාර වේල් හරහා සිරුරට curcumin මිලිග්‍රෑම් 100 ක් පමණ ඇතුල් වෙන අතර මිලිග්‍රෑම් 12000 ක් හෙවත් ග්‍රෑම් 12 ක් දක්වා කිසිදු විෂ වීමකින් තොරව සිරුරට දරා ගත් හැකි බව පර්යේෂණාත්මකව ඔප්පු කොට තිබේ. ඖෂධීය ශාකයක් ලෙස ගත හොත් කහ සම්බන්ධයෙන් සිදු කොට ඇති පර්යේෂණ සංඛ්‍යාව ඉතා විශාලය. ඒ අනුව කහ වල තිබෙන ප්‍රතිපදාහයික (anti-inflammatory), ප්‍රතික්ෂුද්‍රජීවී (antimicrobial), ප්‍රතිවෛරස (antiviral), දිලීරනාශක (antifungal), ප්‍රතිඔක්සිකාරක (antioxidant), රසායනික සංවේදීකාරක (chemosensitizing), කිරණසංවේදීකාරක (radiosensitizing), සහ ව්‍රණරෝපණ (wound healing) ගුණ ඇති බව විද්‍යාත්මකව හෙළි වී තිබේ.
විශේෂයෙන්ම පිළිකා සෛල වර්ධනය සහ අර්බුද ඇතිවීමට එරෙහිව කහ වල තිබෙන ප්‍රබල ඖෂධීය ක්‍රියාව ද විද්‍යාඥයින් ගේ අවධානයට යොමු වී ඇත.
නිදසුනක් වශයෙන්, curcumin පිළිකා සෛල අකාලයේ මිය යාමට හේතු වන මාර්ගය (apoptosis) සක්‍රීය කරයි. එසේම මෙම සෛල වර්ධනය වීමට, බෙදීමට හා ගුණනය කිරීමට හැකි වන මාර්ගය (mitosis) අවහිර කරයි. ඒ අනුව කහ ප්‍රතිප්‍රගුණන කාරකයක් (antiproliferative agent) ලෙස ක්‍රියා කරයි. කහ වලට සෞඛ්‍ය සම්පන්න සෛල ඉතිරි කොට පිළිකා සෛල ඉලක්ක කර ගත හැකි බැවින් පිළිකා පර්යේෂකයන් කහ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වයි. පියයුරු පිළිකා, මහාන්ත්‍ර- ගුදමාර්ග පිළිකා, පුරස්ථි ග්‍රන්ථි පිළිකා ආදී පිළිකා වර්ග වල සෛල සමඟ සිදු කළ පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ කහ එම පිළිකා සෛල වර්ධනය වළක්වන අතර එම සෛල වල මරණය සක්‍රිය කරවන බවයි. එසේම පිළිකා සෛල වලට එරෙහිව යොදන chemotherapy සහ radiotherapy ප්‍රතිකාර වල සාඵල්‍යතාව ද ඉහළ නංවන බව ද පෙනී ගොස් තිබේ. එසේම කහ මගින් හෘදයාරක්ෂක (cardioprotective), නාඩිරක්ෂක (neuroprotective), සහ යකෘත්රක්ෂක (hepatoprotective) ගුණ පෙන්වන බව ද විද්‍යාත්මක පර්යේෂණ හරහා ඔප්පු වී ඇත.
කහ වල බලපෑම ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාවලිය කෙරෙහි සිදුවන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵල ආයුර්වේද සමාජය දිරිගන්වන සුළුය. මිනිස් සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය B-lymphocytes වලින් නිපදවන ප්‍රතිදේහජනක සමඟ ක්‍රියාත්මක වන තරලමය ප්‍රතිශක්තිය (humoral immunity) සහ T-lymphocytes වලින් උත්පාදනය වන සෛල මැදිහත් වන ප්‍රතිශක්තිය (cell-mediated immunity) ලෙස විස්තර වේ. මෙම ආකාර දෙක කෙරෙහිම Curcumin වල බලපෑම අධ්‍යයනය කර තිබේ. එහිදී වසාපටක සෛල ගහණය (lymphoid cell populations) සහ ශ්වේතාණු (white blood cell) නිපදවීම වැඩි කිරීමට කහ වලින් රසායනික බලපෑමක් සහිත බව පෙන්වා දිය හැකිය. ඒ අනුව සති කීපයක් ඇතුළත T-lymphocytes සහ B-lymhocytes වල ඉහළ යාමක් නිරීක්ෂණය කළ අතර T suppressor cells වලට බලපෑමක් නොවී T helper cells වල ප්‍රමාණාත්මක වැඩි වීමක් පෙන්නුම් කර තිබේ. Curcumin වල බලපෑම dendritic cells හරහා IL-12, IL-1β, IL-6, සහ TNF-α ඒවායේ නිෂ්පාදනය අඩාල කරනු ලබයි.
මේ කොවිඩ් වසංගතය තුළ වඩාත්ම කතාබහට ලක්වන සයිටෝකයින් කුණාටුව කෙරෙහි බලපාන විවිධ ප්‍රතිශක්ති ප්‍රතිචාර පාලනය කිරීමට ද කහ වලට හැකියාවක් ඇතැයි විද්‍යාඥයින් ගේ අදහස වී තිබේ. Curcumin මගින් විවිධ සෛල වල IL-1, IL-2, IL-6, IL-8, IL-10, සහ IL-12 යන ඉන්ටර්ලියුකින් වර්ග වල ක්‍රියාවට බලපෑම් කළ හැකි බවට පර්යේෂණ දත්ත තිබේ. කහ යනු ඈත අතීතයේ සිටම සංක්‍රාමික රෝග වළක්වා ගැනීමට දායක වන ප්‍රබල විෂබීජ නාශකයක් ලෙස භාවිතා කර තිබෙන අතර එහි රෝගකාරක ක්ෂුද්‍රජීවීන්ට එරෙහි ක්‍රියාව ද විද්‍යාත්මකව තහවුරු කොට ඇත. සෑම දිනකම විවිධ හානිකර පරිසර දූෂක හා රෝග කාරක ගණනාවකට නිරාවරණය වන හෙයින් සංකීර්ණ ජාලයකින් සමන්විත අපගේ ප්‍රතිශක්ති පද්ධතියට අයත් සෛල, පටක සහ අවයව එවැනි හානිදායක විය හැකිය. ඔක්සිකාරක හානිය වැළැක්වීම හරහා Curcumin ප්‍රතිශක්ති පද්ධතියේ ඇති කරන ප්‍රතිලාභ එහි ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වය දක්වාම ව්‍යාප්ත වේ. මුක්ත ඛණ්ඩක ඉවත් කිරීම සඳහා Curcumin ඉතාමත් ඵලදායී වන අතර එමඟින් ඔක්සිකාරක හානි වළක්වා ගත හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.
එසේම ප්‍රතිශක්තිය දුර්වල වීම හේතුවෙන් වැළඳෙන සමහර රෝග සුව කිරීම සඳහා කහ වලින් ලැබෙන දායකත්වය ගැන ද විද්‍යාත්මක සාක්ෂි තිබේ. හෘදයාබාධ වලදී lipid peroxidation නිෂේධනය, creatinine kinase, සහ lactate dehydrogenase මට්ටම අඩුකිරීම, glutathione, glutathione peroxidase සහ, superoxide dismutase මට්ටම සාමාන්‍ය තත්වයට ගෙන ඒම, හෘදපේශි වල TNF-α සහ MMP-2 අඩුකිරීම, eNOS mRNA වැඩි කිරීම වැනි ක්‍රියාවන් curcumin හරහා ඉටුවේ. එසේම දියවැඩියා රෝගයේ දී රුධිර සීනි අඩු කිරීම සහ අග්න්‍යාසයේ බීටා සෛල වල ප්‍රතිඔක්සිකාරක ගුණ වැඩි කිරීම ද PPAR-γ සක්‍රිය කිරීම ද සිදුවේ. ඇදුම රෝගයේ දී curcumin යෙදීමෙන් වසා සෛල වලින් IL-2, IL-5, GM-CSF, සහ IL-4 නිපදවීම අඩු කළ හැකිය. amyloid මගින් ඇති කරන ප්‍රදාහය සහිත ඇල්ෂයිමර් රෝගයට යෙදීම හරහා cytokine (TNF-α and IL-1β) සහ chemokine ( MIP-1b, MCP-1, and IL-8) අඩුකිරීම ද amyloid-β plaque ඇතිවීම වැළැක්වීම ද සිදුවේ.
දැනට තිබෙන සාක්ෂි අනුව curcumin ස්වයං-ප්‍රතිශක්ති රෝගයක් වන multiple sclerosis රෝගයේ දී IL-12-induced tyrosine phosphorylation of Janus kinase 2, tyrosine kinase 2, and STAT3 and STAT4 transcription factors නිෂේධනය කරයි. එවැනිම රෝගයක් වන පොතුකබර රෝගය (psoriasis) සඳහා curcumin ස්ථානීකව ආලේප කිරීමෙන් CD8+ T cells සාන්ද්‍රණය අඩු කිරීමටත් phosphorylase kinase ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමටත් හැකි විය. Scleroderma රෝගය ඇති වන්නේ අධික කොලජන් තැන්පත් වීම සහ තන්තු සෛල වල ප්‍රගුණනය අධික වීම නිසාය. එහිදී curcumin වලින් එම ක්‍රියාව අඩාල කිරීමටත් ඒ හරහා චිකිත්සීය ප්‍රතිලාභ අත්කර දීමටත් හැකියාවක් ලැබිණ. අසාත්මිකතා නිසා ඇති වන ප්‍රතිශක්ති ප්‍රතිචාර පාලනය කිරීමට උපයෝගී වූ කහ වල සාම්ප්‍රදායික භාවිතයන් ද විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ සනාථ වී තිබීම ද වැදගත් කාරණයකි. කහ යනු මැජික් ඖෂධයක් නොවුණත් විස්මිත කුළුබඩුවක් ලෙස ආහාරයට එකතු කරගැනීමෙන් ද බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්පත් කරගත හැකිය.
වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Address
Gampaha, 11320
Provide Pain Free Life And Thus Restoring Normal & Healthy Lifestyle Without any Medicine Or Surgery
21/A, Malwathuhiripitiya, Buthpitiya
Gampaha, 11720
Herbal Tea, Ayurveda Medicines & all types of Herbal products......