Pasi

���

18/06/2023

වැටෙන්න වැටෙන්න නැගිට්ට හේතුව ඔයාමයි....
නැගිටින්න බැරිවෙන්න වැටිච්ච හේතුවත් ඔයාමයි....
එච්චර ආදරේ කරන්න කියල දුන්නෙත් ඔයාමයි....
මෙච්චර ජීවිතේ තේරුම් කලෙත් ඔයාමයි.....
....❤🥺😔ලොකූ....❤🥺

12/11/2022

මං ගැන හෙව්වා අම්මා තාත්තාට වඩා...
පොඩ්ඩ පරක්කු වුණත්
නුඹ හිටියා දොරකඩ බලන්....
ප්‍රශ්න කෝටියකි මට
උත්තර බැඳන් ගෙට එන්න වෙන...
මගේ මල්ලි නොව
නුඹ මගේ ලොකු තාත්තා වුණි එදාට....
මගේ කඳුළු නුඹ දැරුවේ නෑ කිසිදිනක
හංගන්න බැරිවුණා කිසිදිනක
මගේ කඳුළු නුඹට...
අඬන්නට හේතු තිබුණත්
සැනසුණේ මං නුඹ ගාව...
අද මං තනිවෙලා නුඹ නැතුව
වැටෙනවා කඳුළු හැම රෑම....
පතන්නෙමි නුඹව
මතු හැම සසරේම...
....🥺❤😔ලොකූ....🥺

10/11/2022

පින් කඳකි නුඹෙ රූපය
නොරිද්දයි කිසි කෙනෙකුගේ හිතක්....
නැත කිසිවිටෙක කිසිදෙයක් ගැන තෘෂ්ණාවක්...
අහිංසක හීනාවයි රැඳුණේ
නුඹෙ මුව කමලෙ....
ඉලන්දාරි පෙනුමත්
එන්න එන්නම වැඩි වුණා...
දිනෙන් දින බැබලෙන්න විය
නුඹෙ ඇස් දෙකත්...
හිතුණා ඇයි මෙහෙම
හා පැංචාගෙ වාගේ ඇස් නුඹට...
හීනෙකින්වත් හිතුවේ නෑ
මට කලින් නුඹ මෙහෙම
තනිකරල යයි කියා මාව....
දිනෙන් දින නුඹ කෙරේ
ආශාව පොඳි බැඳන්.....
මමයි පව් පිරෙව්වේ නුඹට....

❤🥺.. ලොකූ....😔

10/11/2022

හුස්ම වැටෙනා වාරයක් පාසා
මනසෙහි ඇත්තේ එක රැවයි...
කොහේ හෝ ඇවිදන් ගියත්
මැවෙන්නේ නුඹෙ මතකයයි...
කොච්චරක් දුර හිත දිව්වත්
නැවතීම නූඹ ළඟම පමණයි....

❤🥺 ලොකු 😔.....

08/11/2022

සිත සැනසූ නුඹේ රුව
මනසෙහි මවමින්....
ජීවිතය ගැට ගසා ගන්නට
වෙර දරමි මම....
නුඹ දැකීමට තව එක් වතාවක්
පතමි මම දස දහස්වතාවක්....
මගේ සැනසීම නුඹ පමණක්ම විය
යලි එන්න තව වතාවක්....
නැත හයිය නුඹ නැතුව
මේ ගමන යන්න මට....
නිවන මට දුර වැඩී
එතරම්ම මම නුඹ පතමි...
....❤🥺ලොකූ😔...

05/11/2022

හිත දවාලන්නන් අතර
හිත සැනසූ එකම රුව නුඹ...
කෙටි කාලයක් වුණත්
සැනසූවේ නුඹ මාව...
අදත් මං දරන් ඉන්නේ
නුඹ නිසාමයි මගේ එකම හයිය....
කොහේ සිට හෝ පැමිණෙන්න...
එක් වරක් මට දැකගන්න...
මහන්සි දැන් මටත්...
නුඹ වෙනුවෙන්ම බලන් ඉද...
ඉක්මනින් නික්මෙන්න...
අවසර දෙන්න...
..ලොකු...

29/10/2022

හීනෙකට ගිය ජීවිතය
අද අතරමංවෙලා...
වැටී වැටී නැගිටින්න
තිබූ හයිය මගෙ
උදුරන් ගිහින්...

❤🥺ලොකු..😔

26/10/2022

නුඹ මගේ පණ විය ඉපදුණ දා පටන්ම....
නුඹ ලොකු වෙන්න වෙන්නම...
තව තවත් ළංවුණේ ඇයි මෙමට...
ජීවිතේ කිසිම දේකට...
ලෝබකම් නොකළ මේ මට...
දිනෙන් දින වැඩි වුණා...
නුඹ කෙරේ තෘෂ්ණාව...
පරිස්සම් කළෙමි මම හැමවිට...
නුඹ අහිමි දුක දරන්නට බැරි නිසා මට...
මට හොරෙන් ඇයි මෙහෙම ...
මා හැර දමා ගියේ එදින...
නැවත එනු මැන මා සොයාගෙන...

❤🥺ලොකු..😔

26/10/2022

හුස්ම වැටෙනා හැම තත්පරේකම...
සිහිවෙනා මතකයකි නුඹ....
සංසාර පුරුද්දක්මය එය....
එතරම්ම අමතක නොවේ නුඹ මට...
නිහඬව බලා සිටින්නෙමි මම...
හමුවෙනා තුරු කෙදිනක හෝ නුඹව...
එදා මෙන් මම ආදරේ කරමි
ඇස් පියවෙනා තුරාවට...

❤🥺ලොකු..😔

22/10/2022

නුඹට පව් පුරවන්න බැරි නිසා
දරන් සිටියත්...,
නුඹ ගිය දිනම යන්නට තිබුණා
මාවත් රැගෙන...,
නුඹ නැති අඩුව මට මහමෙරක්....
අයදිමි නුඹ මගේ වෙන්න
අදටත් හිතින්....
මේ හිතට බර වැඩි අදටත් ,
නුඹ මා හැර යෑම...

❤🥺ලොකු..😔

18/10/2022

🙏❤🌹

02/10/2022

අහසකුස රත් පැහැ කරමින්
හිරු බැසයයි සයුර දෙසට...
බාධක මැද ගලා ආ ගංගාව
එක්වෙයි සයුරටම...
යකඩ යකා හැල්මෙ දුවයි කොළොම්තොටට....
යකඩ පීලී මත ඇවිදන් ගියෙමි
යන මිනිසුන් පිටුපස....
සිසිල් සුළඟ හමායයි දසතින්....
සුබ පුවතකි ඇසුණේ මිතුරියකගෙන්...
නිම්හිම් නැති සතුටකි
ඒ සුබ පුවත රැගෙන ආවේ මට....

❤🥺ලොකු..😔

28/09/2022

නුඹට මිනිසුන් වෙනස් කළ නොහැක...
නුඹට වෙනස් විය හැක..
ඒ අනුව විඳවීම හා විදීම
නුඹගේම ක්‍රියාවක ප්‍රතිඵලයකි...

❤🥺😔

28/09/2022

පව් පින් රැගෙන යන සසරේ....
විදීමට නම් පින් තිබිය යුතුය....
විඳවීම නම් ගෙනා පව් ගෙවා දැමීම විය....
❤💔

28/09/2022

පෙර පිනකි නුඹෙ හමුවීම
පෙර පවකි නුඹෙ හැරයාම....

❤🥺ලොකු..😔

25/09/2022

දින සති ගෙවුනද....
මම තවමත් ඒ නැවතුණ තැනමය...
අදටත් ඒ හඬ රැව්දෙයි මා තුල...
එදා ඒ ගිලගත් වේදනාව අදටත් එහෙමමයි..
නුඹට බර වැඩී මේ කඳුළු....
ඒ නිසාම ඉවසමි දරාගන්නට නොහැකි වූවත්....🥺💔

❤🥺ලොකු..😔

24/09/2022

පෙර පිනකි නුඹ හමුවීම....
පින් රැස්කරමි නුඹ හමුවෙන තුරු මම ....🙏🥺

❤🥺ලොකු..😔

24/09/2022

හුස්ම වැටෙනා හැම මොහොතකම
සිහිවෙන සිහිවටනයයි නුඹ මට....

❤🥺ලොකු..😔

15/09/2022

මල්ලිලා කවදාකවත් අක්කලාව අතෑරිියේ නැ ,
මල්ලිලා හැමදාම අක්කලා ලගින් හිටියා
මල්ලි හැමදාම
අකිකාට හොරෙන් අක්කා ගැන හොයලා බැලුවා,
මල්ලි කවදාවත්
අක්කා අඩනවාට කැමති වුනේ නැ,
ඒ තමයි මල්ලි

Copied

#හිරුවා ( ළහිරු ගිම්හාන )

13/09/2022
Want your public figure to be the top-listed Public Figure in Horana?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Horana

Other Public Figures in Horana (show all)
Vish Kariyawasam Vish Kariyawasam
Horana

රාමුවෙන් පිට යන්න එන්න !?

මධුරාව Feats මධුරාව Feats
Olaboduwa
Horana, 12410

Welcome To The මධුරාව Feats Our Official page 🙏❤️ Create By Pubudu & Matheesha 🔥⚡

MH ᴘᴀʀᴀᴅɪs MH ᴘᴀʀᴀᴅɪs
Tangalle
Horana

පෙජ් එකටත් ලයික් කරම්න ❤

Mohan Dhananjaya Mohan Dhananjaya
Saugashandiya
Horana, 12400

Face masks sl Face masks sl
53/5 Sri Somanandha Road
Horana

Nuwana Hight Education centre .

ATHAL 4 ATHAL 4
Horana, 12400

Shamal Iroshan Shamal Iroshan
Horana, 12400

Official page of Artist/Model Shamal Iroshan

Janaka Tharanga Hewasoora Janaka Tharanga Hewasoora
Horana, 12400

අනාගත නූපන් සිව්හෙළේ දරු පරම්පාරාවේ ?

Volume Nine Volume Nine
No. 90, Ranavirugama, Dombagoda
Horana, 12416

Appeals to businesses aiming for expansive reach or volume... 💸🤝