DilSketchs
❤Art Breathes and Lasts Forever ❤
❤❤❤❤
Sending Lots of Wishes......
Happy Birthday
❤
කාලෙකින් කලු සුදු වැඩක්...
ස්තූතියි තෝරගත්තට....❤
"ලස්සනයි..." මගෙ චිත්‍ර දිහා ඕනි කමින්ම බලල මට මෙහෙම කියන මගෙ පුංචි Audience එකට මං හදවතින්ම ආදරෙයි...❤🫶
විශ්වීය ආදරේ මුණගැහෙන්නෙ අම්මා ළඟ විතරමයි....❤
Nishantha Jayasinghe ස්තූතියි ගැන තිබ්බ විශ්වාසෙට...❤❤❤❤
ටික දවසකින් මගෙ පිටුවෙ මොකුත්ම අලවලා යන්න බැරි වුන නිසා ....
( පහුගිය ටිකේම කලේ මේ පොඩි පොඩි කාටූන් කෑලි ටික ඇඳපු එක තමයි..)
හීන වලට දින වකවානු දාගන්න එපා...මොකද හීන කල් ඉකුත් වෙන්නෙ නෑ...ඇති තරම් කල් ඔයාගෙ හීනෙ ඔයා දකින්න..සමහරවිට මේ තත්පරේ ඒ හීනෙට යන පාර ගැන අංශුමාත්‍රයක ඉඟියක් ඔයා ළඟ නැතුව ඇති...ඒත්....හීනෙ ඇතුලෙ හුස්ම ගන්න...මං ආයෙත් කියනව...හීන කල් ඉකුත් වෙන්නෙ නෑ...
❤❤
පුංචිවුන්ගෙ හිනාවල් වල තියෙන්නෙ හරි අමුතුම කාන්තියක්. අඳින්න පටන් ගත්ත මොහොතෙ ඉඳන්ම ඉවර වෙනකම්ම කිසිම වෙහෙසක් දැනුනෙ නැති ආදරණීයම සිත්තමක්...❤
මං පාට කරපු ආදරණීය මිනිස්සු...🫶😘❤
අපිට අපි එක්ක තනි වෙන්න වෙලාවක් හැම දවසකම තියෙන්න ඕනි. දවස තිස්සෙම මුලු ඔලුවම ආක්‍රමණය කරගත්ත අනේකවිධ පීඩාකාරී හැඟීම් සහ සිතුවිලි සමුදායෙන් එලියට ඇවිත් එක තප්පරේකට හරි හිස් වුන මනසක කාන්තිය විඳින්න වෙලාවක් අපි හොයාගන්නම ඕනි...
"ඉතිං ඇතුළතින්ම නිහඬ සහ සාමකාමී මිනිස් ජීවියෙක් වෙන්න."
්මා
Padmini Gunawardhane
#අම්මාගේපැන්සල Padmini Gunawardhane
ජීවිතේ අපිට ලැබිල තියන අපිට ආවේණික හැකියාවන් වල මූල බීජ බොහෝවිට අපේ පෙර පරම්පරාවෙ කොහෙහරි කොණක පැලවෙලා තියනව..
මගේ මුල්ම චිත්‍ර ගුරුවරිය මගෙ අම්මා.. අම්මට ආවේණික චිත්‍ර කලාවක් අම්මට තිබුණ..
කාන්තා මුහුණක තියන ලාලිත්‍ය ඇස් වල තියන කාන්තිය හරි ලස්සනට අඳින්න අම්මගෙ කලාව ඇතුලෙ අම්මට පුලුවන්..
මම අම්මව අනුකරණය කලා..අම්ම මේ අඳින කාන්තා මූණමයි මගේ චිත්‍ර වලත් මුල්ම කාලෙ තිබුණෙ..
අවුරුදු ගානකින් චිත්‍රයක් ඇඳල නැති අම්මට කියල මේ රූප දෙක අන්ද ගත්තෙ මගෙ පිටුවෙ අම්මගෙ චිත්‍රයක් හැමදාටම අලවල තියාගන්න හිතුන හින්ද...
❤🫶
🍂 ඔබ විසින් මුදාහරින සුභවාදී සහ යහපත් ශක්තීන් නැවත ඔබ කරාම ආකර්ෂණය වන බව විශ්වාස කරන්න !
Earth's Diary - පෘථිවියේ දිනපොත
දවසේ සමාප්තිය වෙනුවෙන් මෙහෙම සටහනක් තියන්නම ඕනි...
මං හරි ආදරෙයි මාව නිර්ව්‍යාජවම අගය කරන මිනිස්සුන්ට...
ඇත්තටම මට එහෙම මිනිස්සු ගොඩක් ඉන්නව..
මගේ රැකියා ස්ථානය තමයි මගෙ චිත්‍ර වල ලොකුම ප්‍රේක්ෂකාගාරය..❤
ජීවිතේ අපි හැල්මෙ දුවන ජීවන අරගලේ පැත්තකින් තියල වටපිට බැලුවම තේරෙනව අපි වටේ හරි ආදරණීය මිනිස්සු පිරිසක් ඉන්නව කියල...
ඉතිං මගෙ දවස ලස්සන කරන, මං ඇතුලෙ ඉන්න මාව අභිප්‍රේරණය කරන මායාකාරී වචන වලින් මට ප්‍රතිචාර දක්වන ලස්සන හිත් තියන ආදරණීය ඔයාලට මං හරි ආදරෙයි....
~ Dil ~
හදවතින්ම ආදරය කරන්න දන්න කෙනෙක්ට විතරයි හදවතේ ගැඹුරුම තැනින් ආදරේ විඳින්න පුලුවන්...
ඉතිං ආදරේ කරන්න...
හදවතින්ම...
ඉස්සෙල්ලම ඔයාගෙන් පටන් ගන්න...
💛
💙💚💛🧡🫶
" මම යනු, මේ අනන්ත වූ විශ්වය තුළ බිහිවූ ආදරණීයම අංශුවක් බව මා දැඩිව විශ්වාස කරන්නෙමි. එබැවින්, මේ ගෙවෙන මොහොතට ස්තූතිවන්ත වී අප්‍රමාණ සුවයක් සැනසීමක් අත්විදින්නෙමි "
වෙන වෙනම තිබුන ඡායාරූප 3ක් එකම සිතුවමකට..❤
සිනා බෝ වේවා..🙏❤😘
2 0 2 4 ....
#විසිතුනේඅවසන්කාර්තුව ❤❤❤❤
2023 / 12/ 31
විසිතුනේ අන්තිම පිටුවට මේ වචන ටික ලියල එවපු ඔබට ස්තූතියි ❤
යාලුකම් කියන්නෙ හරි හයිය බැඳීමක්...
කවදාවත්ම වියපත් වෙන්නෙම නැති....
#විසිතුනේඅවසන්කාර්තුව
ප්‍රේමණීය සුභ නත්තලක් වේවා...❤🙏🎁🌻
#විසිතුනේඅවසන්කාර්තුව
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the business
Website
Address
Kegalle
71000
Warakapola
Kegalle, 71600
Wall clocks, Jewellers & more! Unique art pieces made with resin & acrylics. ✨
Kegalle
Handmade Greeting Cards according to your desire.Contact us to Order Birthday Cards, Valentine Cards, Anniversary Cards, Teacher' s day cards and any type of greeting cards.
Kegalle
The online shop sell batik frocks and batik dresses and dress making place
Mawanella
Kegalle, 71500
You can buy customized Hand Craft, Gift Boxes, Birthday Card & Dream Catchers.