MMDesign

MMDesign

Since 2012
#DOPROC Number : WP10778

> Architectural House & Building Design
> 2D Plans with coun

Photos from MMDesign's post 23/11/2023

Design tips and tricks 💫

Photos from MMDesign's post 12/09/2022

#අපේ_රත්නපුර_බබා. 😍

🗺️📌️️Location: රත්නපුර
Client : Mr.රසික ප්‍රදිප් මහතා

ඔයාගේ වියදමට, ඉඩමට, ඔයා කැමති house plan එකක් ඇඳගන්න.
කතා කරන්න. 0704324427-whatsapp හෝ inbox
දිවයින පුරා සේවය.
😇

18/07/2022

අප වෙතින්

🏘️ නිවාස සැලසුම් ( )
📟 ඇස්තමේන්තු ( )
🏟️ නිවසක් ත්‍රිමානව ( ),
🛁🚽 පැරණි නිවස නවීන කාලයට අනුව වෙනස් කිරිම,
🏗️ නිවාස ඉදිකිරිම ( )

සඳහා ගන්නා ඔබ කිසිදු ලෙසකින් අපව මුන ගැසීමට කරදර විය යුතු නැත.
📌️ඔබ ශ්‍රී ලoකාව තුල කොහේ සිටියත් අපි ඔබ අසලට පැමින එම සේවය ඔබට ලබා දෙන්නෙමු.

📢 නිවාස සැලසුම් වර්ග අඩියක් රු.25/=,
📢 3D වර්ග අඩියක් රු.5/=,
📢 බැන්කු ඇස්තමේන්තු B.O.Q 8000/= සිට...
📢 ඉදිකිරීම් ව. අඩියක් රු. 12500/= සිට...

📞අපව අමතන්න. 0704324427 whatsapp මගින්.
අපගේ වෙනත් නිවාස දැකගැනීමට MMDesign Facebook පිටුවට ගොස් බලන්න.

Photos from MMDesign's post 17/07/2022
17/07/2022
30/03/2022

දහනායකගේ දස වැඩ.
==================

ගාල්ලෙ බෙලිගහ දහනායක හාඩ්වෙයාර් එකට ගියේ ඉදිකිරීම් වැඩකට වැලි එකක් ගන්න.
මිස්ල තුන්දෙනෙක් පේලියට ඉන්නවා පරිගණක තුනක් තියාගෙන A.C. කාමරේක.

"වැලි එකක් ගන්න පුළුවන්ද මිස් ?"

"පුළුවන්. සර්ට මොන වගේ වැඩකටද ?"

"කොන්ක්‍රීට් එකකට."

"එහෙනම් ගොරෝසු වැල්ලෙන් දෙන්නම්."

"කොහොමද ගණන් ?"

"ලොරි ලෝඩ් එකක් නම් 9800/= යි , කියුබ් එකක් නම් 13000/= යි."

"මට කියුබ් එකක් එවන්න."

කියුබ් එකකට සල්ලි බැඳලා මම ගියා. පැය එක හමාරකින් විතර වැලි එක ආවා.

ලෝඩ් එක බාන්න කලින් කම්බි කූරක් ගහල උස මැන්නා. බෑවට පස්සෙ ලොරියෙ තට්ටුව මැන්නා. ගණන් හදල බැලුවම තියෙන්නෙ ඝන අඩි 80 යි.

"ඩ්‍රයිවර් උන්නැහේ මෙතන කියුබ් එකක් නැහැනෙ."

"මං දන්නෑ සර් , ලොකු මහත්තයා කියපු ප්‍රමාණෙ තමයි පටවගෙන ආවෙ."

"ලොකු මහත්තයගෙ ටෙලිෆෝන් අංකෙ මට දෙන්න."

"077777 # # # #"

ගත්තා කෝල් එකක් මුදලාලිට.

"මහත්මයා දැන් ගෙනාපු වැලි ලෝඩ් එකේ කියුබ් එකක් නැහැනෙ."

"ඔයා කොහොමද එහෙම කියන්නෙ ?"

"මම Quantity Surveyor කෙනෙක්. මං මැනලයි කියන්නෙ."

"ඔයාට වැලි එක එපා නම් හරවල එවන්න."

"වැලි එක බාල ඉවරනෙ. මගේ සල්ලි දීලා ඔයා
වැලි එක පටවගෙන යන්න. නැත්නම් මගෙන් වැඩියෙන් ගනිපු 2600/= දීලා ලොරිය අරගෙන යන්න. මම ගේට්ටුව ලොක් කරල තියෙන්නෙ. දෙකෙන් එකක් කරනකල් ගේට්ටුව අරින්නෙ නෑ."

මුදලාලි කියනවා "මම පොලීසියට යනවා."

"ඕන පොලීසියකට යන්න." මම කිව්වා.

ටික වෙලාවකින් ඩ්‍රයිවර්ගෙ ෆෝන් එකට ඇමතුමක් ආවා මුදලාලිගෙන්.

ඩ්‍රයිවර් , "මෙන්න සර් 2600/= . ගේට්ටුව අරින්න මට ලොරිය අරන් යන්න."

"බොහොම හොඳයි ඩ්‍රයිවර් උන්නැහේ."

මෙවැනි හොරකම් වංචාවල් අද රටේ කොතෙක් සිදුවෙනවා ඇද්ද ?

🤔🤔🤔

පසුව ලියමි.

වැලි මැණගන්නා ක්‍රමය.
===================

වැලි එක බාන්න කලින් කම්බිකූරක් ගසා වැලි ප්‍රමාණයේ උස මැණගන්න. තුන් හතර පලකින් උස අරන් එහි සාමාන්‍ය අගය ගන්න පුළුවන් නම් වඩාත් සාධාරණයි. වැලි ලෝඩ් එක බෑවට පස්සෙ තට්ටුවේ ඇතුලත දිග සහ පළල මණින්න. දිග x පළල x උස = ඝන අඩි ප්‍රමාණය. ( ඝන අඩි 100ක් කියුබ් එකයි.)

අඩි සහ අඟල් දශම වලින් ගණනය කිරීම අපහසු නම් අඟල් වලින් මැණ , එය ගුණ කිරීමෙන් පසු 1728 න් බෙදන්න. එවිට ඝන අඩි ප්‍රමාණය ලැබේ.

Copied...

26/02/2022

📢📢
Rathnapura - Kuruvita
New Design Coming soon Babe...

Photos from MMDesign's post 25/01/2022

⭐⭐⭐තාමත් නිතරම අහන ප්‍රශ්නයක් තමයි ඉදිකිරීම් වලදි කලුගල් බැම්ම ඕනිද, නැතිනම් ටයි බීම් එක පමණක් ඇතිද කියන එක. පහල ලිපිය කියවල බලලා ඔබට පුලුවන් අදහසක් ගන්න⭐⭐⭐

Concrete සහ කම්බි වලින් තට්ටු නිවාස ගහන්න කලින් අපේ තිබුනේ තනි තට්ටුවෙ නිවාස. එවැනි ඉදිකිරීම් වල බර පොලවට සම්ප්‍රේශනය වෙන්නෙ බිත්ති සහ කලුගල් බැම්ම හරහා. එවැනි ඉදිකිරීම් සඳහා කලුගල් බැම්ම අත්‍යාවශය වෙනව බර පොලවට සම්ප්‍රේශනය කරන්න වෙන යාන්ත්‍රනයක් නොමැති නිසා. පසු කාලිනව concrete සහ කම්බි පාවිච්චි කරලා slab සහිත ඉදිකිරීම් කරනකොට පොඩි ගොඩනැගිලි වල බර පොලවට සම්ප්‍රේශනය වෙන මූලික යාන්ත්‍රනය වෙන්නෙ බේස් වල. ඒවගේ අවස්තාව බර දැරීම සම්බන්ධයෙන් කලුගල් බැම්මෙ ඇති වැදගත් කම අඩුයි. වර්තමානයේ බොහෝ ඉදිකිරීම් වල කලුගල් බැම්ම යොදාගන්නෙ, ground floor එකේ බිත්ති වල බර පොලවට දෙන්න, බිම් මහල පොලවෙන් එසවෙනකොට පිරෙන පස් රඳවගන්න සහ සත්තු හාරන එකට බාදකයක් විදිහට වගේ maintenance කාරණා වලට. බර දරන බිත්ති යොදනවා අඩුයි. දැන් බොහෝ අය ඉදිකිරීම් පිරිවැය අඩු කරන්න අඟල් 9 බිත්ති වෙනුවට අඟල් 4-6 block ගල් බිත්ති ‍යොදාගන්නවා. එතකොට බිතියේ බරත් අඩු නිසා හයිය වියලි පසක් තියන ඉඩමක, බිම් මහලේ බිත්ති වල බර ටයි බීම් එකෙන් පමනක් පොලවට සම්ප්‍රේශනය කරන්න පුලුවන්. එතකොට ගේ වටේ විතරක් කලුගල් බැම්ම දාල මැද බිත්ති යට ටයිබීම් දාන්න පුලුවන්.

ඉහත තියෙන්නෙ බොහොම සරල දළ වශයෙන් කරන පැහැදිලි කිරිමක් පමණයි. මේක තමයි හොඳම option එක කියලා සම්මතයක් නෑ සහ mind set එකක් හදාගතයුතු නෑ. අවස්තාව අනුව, ඉදිකිරීමේ කල්පැවැත්මට බලපෑමක් නොවෙන්න සහ ඉදිකිරීම් පිරිවැය අඩුවෙන විදිහට අවශ්‍ය ලෙස තීරණය ගන්න ඕනි. උදාහරණයක් විදිහට blind wall එකක් ගත්තොත්, අපිට කනුව බේස් වල මැදට දාන්න බෑ. ඒවගේ අවස්තාවක ඉංජිනේරු උපදෙස් අනුව ටයි බීම් දාල නැතිනම් කනුවෙන් 70% විතර බර බිත්තියට එනවා. එහෙම අවස්තාවක කලුගල් බැම්ම නැතිනම් ගැටලුවක්. ඒවගෙම උඩ පස් ස්තර දුර්වල තැනක නිකන් ටයිබීම් එක විතරක් හරියන්නෙ නෑ. ගලුගල් බැම්ම අවශ්‍ය වෙනවා එහෙම නැතිනම්, ටයි බීම් එකෙන් කනුවට බර ගිහින්, එතනින් බේස් එක හරහා පොලවට බර යන ලෙස ව්‍යුහය සැකසී තිබිය යුතුයි. තව සමහර වෙලාවට architect ලා කැමති නෑ 4"-6" බිත්ති වලට. එහෙම අවස්තාවල අපිට පුලුවන් 9" බිත්ති සහ ගල් බැම්ම මගින් බර දරන බිත්ති දාල ඉදිකිරීමට අවශ්‍ය කොන්ක්‍රීට් සහ කම්බි ගොඩක් අඩු කරන්න. කනු නැතිව උනත් 9" බිත්ති මත slab දාන්න පුලුවන්. 4"-6" බිත්ති උනත් අර්ධ බර දරන බිත්ති ලෙස යොදාගන්න පුලුවන්.

තව කියන්න ඕනි කාරණා තමයි තමයි, ඉංජිනේරු මගපෙන්වීම නැතුව හදන ගෙවල් වල slab කම්බි වැඩියි හැබැයි බීම් ප්‍රමානවත් ලෙස වැරගන්වන්නෙ නෑ. ඒවගේ අවස්තාවල, බීම් එකට දරන්න බැරි බර කොටස යට බිත්තියක් තියනවනම් ඒ මත එනවා. ඒ බිත්තිය යට ගල් බැම්ම නැතිනම් එතන බහිනවා. ඒ නිසා මේක තමයි හොඳම, අරක තමයි හොඳ කියලා මුලින් තීරණයක් අරන් වැඩේට බහින්නෙපා අවස්තාවට ගැලපෙනලෙස තීරනය කලයුතුයි.

ඉහත කරුණු සහ පිරිවැය අවම වෙන ලෙස ව්‍යුහය සැකසීම ගැන සැළකිල්ලක් දක්වන තැනේ හැටියට ඇණේ ගහන, විශය කරුණු සහ ප්‍රායොගික කරුණු ගැන අවබෝධයක් ඇති ව්‍යුහ ඉංජිනේරුවෙකුට පුලුවන් ඔබගේ ඉදිකිරීම සඳහ අවශ්‍ය හොඳම option එක ලබා දෙන්න.

පහතින් දැක්වෙන්නෙ තද කබොක් පසක් සහිත ඉඩමක තෙමහ්ල නිවසක (GF+1F+Terrace) බේස් සහ ටයිබීම් සැලසුමක්. නිවස වටා පමණක් කලුගල් බැම්ම යොදාගෙන ඇති අතර ඇතුලත 4” block ගල් බිත්ති ටයිබීම් එක මත තමයි තියෙන්නෙ.

උපුටා ගැනීමකී.

Photos from MMDesign's post 21/12/2021

🗺️📌️️Location: බටුවත්ත
Client : Mr.සුජිත් කුමාර මහතා

ඔයාගේ වියදමට, ඉඩමට, ඔයා කැමති house plan එකක් ඇඳගන්න.
කතා කරන්න. 0704324427-whatsapp හෝ inbox
දිවයින පුරා සේවය.
😇

14/12/2021

වැසි ජලය ගබඩා කිරීමේ පද්ධතියක්.

වැහි පීල්ලට එකතු වන ජලය ඩවුන් පයිප්පය දිගේ ඇවිත් බැරල් වල ගබඩා වෙනවා.

රටක් ලෝකයක් තාක්ෂණයෙන් ඉදිරියටම යන්න, මේ වගේ වෙනස් විදියට හිතන පුද්ගලයන් සීටීම අත්‍යාවශ්‍යයි ❤

14/12/2021

ඔබේ සිහින යතාර්තයක් කර ගැනීමට අපෙන් අත්වැලක්.

වර්ග අඩියට අයකිරිම්. (අවමය රුපියල් 15/=)

විමසීම්
0704324427-whatsapp 📞

28/11/2021

නිර්මාණාත්මක ක්‍රියාවලිය.
"නිර්මාණාත්මක ක්‍රියාවලිය යනු සිතුවිලි සහ ක්‍රියාවන්හි ප්‍රගතියක් හරහා අදහසක් එහි අවසාන ස්වරූපයට පරිණාමය වීමයි."

"ඔබේ පැතුම අපගේ නිර්මාණයයි."

Creative Process
Research · Ideas · Brainstorm · Design · Solution
"The creative process is the evolution of an idea into its final form through a progression of thoughts and actions."

"Yor Wish Is Our Design"
MMDesign
Contact us via : 0704324427(Wthatsapp, Viber, Imo, Telegram)

13/10/2021

බණ්ඩාරවෙල අවට house plan ඇඳගන්න ඔනි අය ඉන්නවනම් +94704324427 අමතා දිනය, වේලාව වෙන් කරගන්න. අපි ලඟදිම එනවා.

Photos from MMDesign's post 30/09/2021

#අලුත්_ගෙදර_
🗺️📌️Location: හංවැල්ල
Client: Ms: වෙලගෙදර

ඉඩමට, ඔබට අවශ්‍ය ලෙස නිවාස සැලසුම් නිර්මාණය සඳහා කතා කරන්න. වර්ග අඩියට අයකිරිම්. (රු .15/= ඉහළට)
**0704324427 📞 😇

For land, call to design the house you want. Charges per square foot. (Rs. 15 / = upwards)
**0704324427 📞 😇

Photos from Architecture & Engineering's post 26/09/2021
Photos from WeArchitects's post 25/09/2021
25/09/2021

මිත්‍යාව තුළින් විද්‍යාවට 😇

නිවසක් හදද්දි එක දිගට දොරවල් 3 ක් දාන්න එපා නිවැසියන්ට අපලයි.ඇයි ඒ?

මෙහෙම එකක් පැරැන්නො කියනවා ඔබ අහලා ඇති.ගෙයක් හදන කොට ඉස්සරහින් බැලුවාම පිටිපස්ස පේන්න දොරවල් 3 ක් එක එල්ලේ (ඇතුල්වන,මැද හා පිටවන දොර) දාන්න එපා කියන එක.මේක කෙනෙක් හිතයි ජ්‍යෝතිෂ කාරයෝ සල්ලි හොයන්න කියපු කතාවක් කියලා.නෑ මේක වාස්තු විද්‍යාත්මක කාරණයක්.

විද්‍යාත්මක පසුබිම

නිවසක් හදද්දි පැරණි වාස්තු විද්‍යාව වගේම නවීන ගෘහ නිර්මාණ ශිල්පය අනුවත් හැමතැනම දොරවල් ජනෙල් දාන්නෙ නෑ.බිත්තියක දොරක් හෝ ජනේලයක් දාන්නෙ කොතනටද කියලා බලලයි දාන්නෙ.

මේ කියන කාරණයට ප්‍රධාන හේතුව ජීව විද්‍යාව, වායුගතික විද්‍යාව හා තාපගතික විද්‍යාවට සම්බන්ධ කාරණයක්.එක කෙලින් දොරවල් 3 ක් තියෙනකොට ඉදිරි පස දොරෙන් ඇතුළු වන වායු ධාරාවකට කෙටි කාලයකින් නිවසේ පිටවන දොරෙන් යන්න පුළුවන්.එතකොට විශේෂයෙන් දිවා කාලයේදී නිවස තුළ උෂ්ණත්වය ඉහළ යනවා.එතකොට අර දොරට ප්‍රතිවිරුද්ධ පැත්තෙ උෂ්ණත්වය එකම තැන තියෙන්නෙ.මොකද වාතය සංසරණය වීම දුර්වල නිසා.ඒ වගේම විවිධ බැක්ටීරියා, පුස්, විෂබීජ හා වෛරස් පවා නිවසින් පිට වෙන්නෙ නෑ.එතකොට වෙන්නෙ අර දොරවල් 3 සමීපයේ තියෙන වාතය පමණයි නිරන්තර වෙනසකට භාජනය වෙන්නෙ.
සරල උදාහරණයකට ඔබ ගෙදරක කාමරයක් දවසක් හෝ 2 ක් සම්පූර්ණයෙන් දොරවල් ජනෙල් වහලා තිබ්බොත් කොච්චර දුර්ගන්ධයක් හමයිද?අන්න ඒක වගේ.මේ ඡායාරූපයේ වගේ තියෙන්නේ නැතිව දොරවල් 3න් මැද දොර අනික් පැත්තෙ බිත්තිය ගාවට ගියාම මුළු පද්ධතියෙම වාතය මිශ්‍ර වෙලා අහිතකර තත්ත්වයන් හා විෂබීජ නිවසින් ඉතාම ඉක්මනින් ඉවත් වෙනවා.
ඉස්සර ගෙවල් වල AC තිබුණේ නෑ.ස්වභාවික වාත සංසරණ ක්‍රමයක් තමා පාවිච්චි කලේ.මේකට කියන්නෙ natural ventilation ක්‍රමයක් කියලා.ඒ වගේම විවිධ හැඩ වලට ගෙවල් හදලා විශේෂයෙන් නවීන ගොඩනැගිලි වල විවෘත කලාප ගොඩක් තියෙනවා.එතකොට මේ කාරණයේ එහෙම බලපෑමක් නෑ.
මේක කොහේවත් අමුතුවෙන් ඔප්පු කරන්න ඕනෙ නෑ.ගෙදරදීම මේ මම කිව්ව එක සරලව ඇටවුමක් හදලා පොඩි පරීක්ෂණයකින් උනත් බලා ගන්න පුළුවන්.

අපලය

මෙහෙම උනාම නිවැසියන්ට අපලයි, ධන හානි, රෝග පීඩා කිව්වෙ මොකක්ද?

අපල කිව්වෙ පල නොදෙන කාලය.නැතුව මැජික් වගේ අමුතු දේවල් ගැන නෙමේ.අපේ අයට ඕනෙ මැජික් හැබැයි.අර විදිහට නිවසේ ඇතුළත උෂ්ණත්වය නිතරම වැඩි නම් ඒ නිවසේ ඉන්නා අයට උෂ්ණත්වය ආශ්‍රිත රෝග ඇති වීමේ හැකියාවක් තියෙනවා.එසේම වාත සංසරණය දුර්වල නම් විවිධ අහිතකර බැක්ටීරියා හා වෛරස් නිසා ආහාර, ඇඳුම්, පුටු, මේස හා භාවිතා කරන ද්‍රව්‍ය හරහා ශරීර ගත වෙනවා.ඒවායෙන් විවිධ ශ්වසන හා වෙනත් රෝග ඇති වෙනවා.එතකොට මේවට ප්‍රතිකාර වලට මුදල් යනවා.සමහර විට මුදල් හොයන්න බැරි වෙන්නම අසනීප වෙන්නත් පුළුවන්.

ඉතින් ඒක අපලයක්ම නෙමේද?

උපුටා ගැනීම - #පීඨය

Photos from MMDesign's post 02/09/2021

මම Design කරපු ගෙවල් වලට අමතරව මේවගේ වෙන රට වල කරපු අලුත් Design වල ගෙවල් photos දාන්නේ එකම රාමුවකට කොටු නොවි අලුත් අදහස් ඔයාලටත් දැනගන්න.

මොකද අපි Design කරන්නේ ඔයාලට ඔනී දේ නිසා.

ඒ කරන Design එක අලුත් විදිහට ඔයාලා ඉල්ලනවනම් අපිට අපේ නිර්මානත්මක හැකියාවන්, දැණුම උපයෝගි කරගෙන අපේ පාරිභෝගික ඔයාලට හොඳ, ලස්සන නිර්මාණ ලබා දෙන්න පුලුවන්... 😇😇

කැමති නම් කතා කරන්න. වර්ග අඩියට අයකිරිම්.

0704324427 📞 😇

Photos from MMDesign's post 23/07/2021

19/07/2021

/=
LIVING - DINING - KITCHEN - CAR PORCH
4 BED ROOM - TOTAL FLOOR AREA : 3242 SQ.FT

More detail Contact MMDesign 0704324427

MMDesign Since 2012
Number : WP10778

> Architectural House & Building Design
> 2D Plans with coun

Photos from MMDesign's post 19/07/2021

🗺️📌️ Location: කුරුණෑගල
Client: Mr. ප්‍රභාත්

ඉඩමට, ඔබට අවශ්‍ය ලෙස නිවාස සැලසුම් නිර්මාණය සඳහා කැමති නම් අපට කතා කරන්න.වර්ග අඩියට අයකිරිම්.

0704324427 📞 😇

https://www.facebook.com/MMDesign-100438498602232/

01/07/2021

අඩුවට Design එක කරහම ඔහොම තමයි එන්නේ... කමක් නෑ නේ...

26/06/2021

ලංකාවේ අපිටත් පුලුවන් නේද මේ විදිහට live fence concept එහෙමත් නැත්තං මේවගේ ගස් වලින් වැට වවා ගන්න.... මායිමට තාප්ප ගහ ගෙන ඉන්නවට වඩා ඒක ගොඩක් හොදයි නේද හොඳ වාතාශ්‍රයක් ලැබෙනවත් එක්ක. දැන් කියයි ආරක්ෂාව කෝ... හොරුන්ට එන්න ලේසි කියලා ඒකට තමා ඉතින් Chain link (Green Mesh) තියෙන්නෙ... (එන හොරා කොහොමත් එනවා හැබැයි...)

Photos from MMDesign's post 25/06/2021

🗺️📌️ Location: කඩවත.
Client: Mr. කාරියවසම්.

ඉඩමට, ඔබට අවශ්‍ය ලෙස නිවාස සැලසුම් නිර්මාණය සඳහා කැමති නම් අපට කතා කරන්න.

0704324427 📞 😇

https://www.facebook.com/MMDesign-100438498602232/

Want your business to be the top-listed Contractor in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

සුභ නව වසරක් වේවා! Happy New Year!

Website

Address


Maguruvila Road
Kelaniya
11630

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30