Henry Olcott Vidyalaya Kolonnawa

Henry Olcott Vidyalaya Kolonnawa

Henry Olcott Maha Vidyalaya is situated in Colombo District in Western Province.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 13/04/2024

දරුවන්ටත් , දෙමාපියන්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා.
ජිවිත ප්‍රාර්ථනා ඉටු වේවා.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 09/04/2024

ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
අන්න හිනාවෙනවා

අවුරුදු උදාවත් එක්ක පුංචි පැටවුන්ගේ සතුට පිරී ඉතිරී යනවා.
අපි ඒ සතුටට අරුතක් දුන්නා.

අද බප/ජය/ හෙන්රි ඕල්කට් විද්‍යාලයේ අවුරුදු උත්සවය.

ස්තූතියි...
සාර්ථකත්වයට පාර කියපු සියලුම දෙනාට.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 08/04/2024

හෙළ සිරිත් විරිත් දරුවන්ට පුරුදු කිරීමට දරන උත්සාහය...

අලුත් අවුරුදු උදාව වෙනුවෙන් අප විද්‍යාලයේ පවත්වන අවුරුදු උත්සවයේ නැකත් පත්‍රය විදුහල්පතිතුමා වෙත සුභ මොහොතින් භාර දීම සිදුවිය.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 05/04/2024

ලොක්කෙක් සහ නායකයෙක් අතර ඇති වෙනස කුමක්ද?

ලොක්කා බලය පතුරනවා
නායකයා හොඳ හිත පතුරනවා

ලොක්කා හැමතිස්සෙම කතා කරන්නේ මම ගැන
නායකයා හැමතිස්සෙම කතා කරන්නේ අපි ගැන

ලොක්කා සොයන්නේ වැරදිකරු කවුද කියලා
නායකයා සොයන්නේ වරද කොතනද කියලා

අපි අද දින උත්සාහ කළේ අන්න ඒ නායකයෝ බිහි කරගන්න.
අද බප/ජය හෙන්රි ඕල්කට් විද්‍යාලයේ ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීම සහ දිවුරුම් දීම.

දරුවන්ගේ මේ සත්කාරය සාර්ථක කරගැනීමට උදවු කළ ඔබ සියලු දෙනාටම අප විද්‍යාලයේ ස්තූතිය.

22/03/2024

කායෙන සංවරො සාදූ
සාදු වාචාය සංවරො
මනසා සංවරො සාදූ
සාදු සබ්බත්ථ සංවරො
සබ්බත්ථ සංවුතො භික්ඛු
සබ්බ දුක්ඛා පමුජ්ජතී

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 22/03/2024

සතර වරම් දෙව් මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්

බප/ ජය/ හෙන්රි ඕල්කට් විද්‍යාලයේ කොත් වහන්සේ නිරාවරණය කිරීම අද දින සුභ මොහොතින් සිදුවිය.

වැඩමවා වදාළ ගරුතර සංඝ රත්නයට
විද්‍යාලීය දරුවන්ගේ දෙමාපියන්ට
විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට
ප්‍රදේශ වාසීන්ට

මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දැක්වූ දායකත්වයට අනේක වාරයක් ස්තූතියි.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 19/03/2024

ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොවග බුදු සමිඳේ

බප/ජය හෙන්රි ඕල්කට් විද්‍යාලයේ කොත් වහන්සේ පැළඳවීමේ අවස්ථාව.

දෙමාපියන්ට, දරුවන්ට, විදුහල්පතිතුමාට වගේම ගුරුවරුන්ටත් අනේක පින්.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 01/03/2024

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී...

කුමාරතුංග මුනිදාස.

3 ශ්‍රේණිය පුංචි හපන්නුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය අද අපේ පාසල් භූමිය තුළ තිබ්බා.
දරුවන්ගේ නිර්මාණ හැකියාව හරිම අපූරුයි.

ස්තූතියි
පංති භාර ගුරුතුමියන්ට
දරුවන්ට පෙන්නපු මගටත්
දරපු මහන්සියටත්.

22/02/2024

එක යායක පිපුණු පුංචි මල්...

හෙන්රි ඕල්කට් විද්‍යාලයට 1 ශ්‍රේණියට අද දින දරුවන් බදවා ගත්තා.
මේ අපූරු පොඩිත්තන් පිලිගත්තේ 2 ශ්‍රේණියේ දරුවෝ.

මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 22/02/2024

පාසල නම් රන් දෙවොලේ
දෙවියන් වන් ගුරු කැලගේ
සිත දිනමින් පා සෙවනේ
ශිල්ප ලබා මතු දවසේ
ලෝකය දකින්න එහි සැරි සරන්න
එන්න මගේ නංගී එන්න මගේ මල්ලී...

හෙන්රි ඕල්කට් විද්‍යාලයට 1 ශ්‍රේණියට අද දින දරුවන් බදවා ගත්තා.
මේ අපූරු පොඩිත්තන් පිලිගත්තේ 2 ශ්‍රේණියේ දරුවෝ.

මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

03/01/2024

හෙට දින අ.පො.ස. උසස්පෙළ විභාගයට පෙනී සිටින
සියලුම දූ පුතුන්ට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට
ශක්තිය , ධෛර්ය ලැබේවා..!

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 20/12/2023

එකතු කිරීම
අඩු කිරීම
ගුණ කිරීම
බෙදීම එක්ක පුංචි පැටවුන්ගේ හෙට දවස

අද ඕල්කට් විද්‍යාලයේ පුංචි පැටවුන්ගේ ගණිත කඳවුර පැවැත්වුණා.
ප්‍රාථමික අංශයේ ගුරු උපදේශිකා චම්පා සිගේරා මහත්මියට වගේම ගුරුවරුන්ගේ මහන්සියටත් ස්තූතියි.

තමන්ගේ අනේක විධ වැඩ රාජකාරී පැත්තකට දමලා දරුවන් වෙනුවෙන්
ශ්‍රමය, කාලය කැපකරපු දෙමාපියන්ටත් පාසලේ ස්තූතිය අපි මේ මොහොතේ පුද කරනවා.

12/12/2023

2024/2025 උසස් පෙළ පන්ති ආරම්භය...

බප/ජය හෙන්රි ඕල්කට් විද්‍යාලයේ උසස් පෙළ සදහා කලා, වාණිජ විෂයන්‍ යටතේ පන්ති ආරම්භය සිදු වේ.

දිනය - 2022.12.14 (බ්‍රහස්පතින්දා)

නව පන්ති සදහා ඇතුළත් වීමට බලාපොරොත්තු වන සිසුන් එදිනට පාසලට පැමිණෙන්න.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 12/12/2023

දරුවන්ගේ ආකල්ප සංවර්ධනය කළ යුත්තේ ඇයි.?

මේ පිළිබදව අපූරු වැඩමුළුවක් අප විද්‍යාලයේදී පැවැත්වුණා.

දරුවන් විෂයන් පිළිබදව මෙන්ම ඉන් පරිබාහිරවත් තීරණ ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු මෙහිදී සාකච්ඡා කළා.

බොහොමත් ස්තූතිය...

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරී තමරා ප්‍රියන්ති විතාරණ මහත්මියට.
ඒ වගේම මත්ද්‍රව්‍ය නිවාරණ බාහිර සේවා නිලධාරී තුෂාරා නිල්මිණි මහත්මියටත්.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 01/12/2023

මේ පාර ශිෂ්‍යත්ව විභාගයට අපේ පුංචි පැටව් හුගක් මහන්සි උනා.

ඒ මහන්සියේ ප්‍රතිඵල අද අපි ඇගයීමට ලක් කළා.

දරුවන්ට , දෙමාපියන්ට වගේම 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සියලුම ගුරුභවතුන්ට අප විද්‍යාලයේ ගෞරවණීය උපහාරය.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 01/12/2023

O/L ෆේල් උනත් ජීවිතය පාස් කර ගන්නේ කොහොමද දන්නවාද?

බප/ජය හෙන්රි ඕල්කට් විද්‍යාලයේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය 2023 වර්ෂයේ ඉදන් ආරම්භ වෙනවා.

ඇත්තටම මේක හොද වැඩක්.
අවුරුදු දෙක අවසානයේ අධ්‍යාපන අමාත්‍යාංශය මුල් වෙලා NVQ - 4 සහතිකයක් ලබා දෙනවා.

විභාගය ෆේල් නම් ත්‍රීවිල් එකක් අරගෙන පාරට යන්න එපා.එන්න අපිත් එක්ක එකතු වෙන්න. ජීවිතය හරි මගට ගන්න.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 14/10/2023

පුංචි අඩි තිය තියා
ටිකෙන් ටික ඇදෙන
මහා ගමනක
පළමු කඩඉම

ශිෂ්‍යත්වය වෙනුවෙන්
5 ශ්‍රේණියේ දරුවෝ ආගමික වතාවත්වල යෙදුණා.

නිරවුල් මනසකින් යුතුව සෑම දරුවෙකුටම ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවශ්‍ය ශක්තිය ලැබේවා.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 08/10/2023

ගංගාවක් වී ගලන්න
උල්පත පසු කර
වැවක් වෙලා නතර වෙන්න
නෙලුම් මලක් යට

ගුරු දිනය සාර්ථක කරගැනීමට උර දුන්න ගුරුවරුන්ටත් , දෙමාපියන්ට සහ දරුවන්ටත් ස්තූතියි.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 03/10/2023

කවුරුද කවුරුද දැන් ලොක්කෝ
අපිමයි අපිමයි දැන් ලොක්කෝ

ඇත්තටම අද පුංචි පැටවුන්ගේ දවසක්. දරුවන්ගේ හිත් වල තිබ්බ සතුට මුළු පාසල තුළම පියාඹලා ගියා.

අද ඕල්කට් විද්‍යාලයේ දරුවන්ගේ ළමා දිනය.

ස්තුතියි.
ළමා සිත් සුවපත් කරන්න උර දීලා වැඩකරපු සියළුම ගුරුවරුන්ට.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 28/08/2023

සරුංගලේ වරල් සැලේ
නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී
වෙන රටකද
යන්න හදන්නේ.

හෙන්රි ඕල්කට් විද්‍යාලයේ ක්‍රීඩා පිටිය පුරාවටම පුංචි දරුවෝ සූදානම් වෙලා හිටියේ සරුංගල් යවන්න.

2012 - 2018 ක්‍රිකට් ක්‍රීඩා කරපු ආදි ක්‍රිකට් දරුවෝ මේ උත්සවය හරි අපූරු විදියට සංවිධානය කරලා තිබුණා.

අප විද්‍යාලයේ ක්‍රිකට් භාර රනෝජ් රුක්ෂාන් මහතා මේ හැමදේම සම්බන්ධීකරණය කරලා තිබුණා.

ස්තූතියි.
දරුවන්ගේ සිනහව වෙනුවෙන් දැක්වූ සහයෝගයට.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 09/08/2023

අපේ පාසලේ ක්‍රිකට් ක්‍රීඩා කරන පුංචි පැටවුන්ට අද හරිම සතුටු දවසක්.

ඕල්කට් විද්‍යාලයේම 2012 - 2018 ක්‍රිකට් ක්‍රීඩා කරපු ආදි ක්‍රිකට් සංගමය අද ආපහු ඉස්කෝලෙට ආවේ තෑගිත් අරගෙන.

සජිත් ප්‍රසාද් , එරන්ද මධුසංඛ , චමිල පතිරනගේ , තරින්ද ධනුෂ්ක , කාවින්ද මධුභාෂ , මලිත් කෞෂාන් , චලිදු සසිමාල් ඇතුළු මේ සත් කාර්යයට සහභාගී වූ සියලුම දෙනාට ස්තූතියි බොහොමත්.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 09/08/2023

ළමා සෞඛ්‍ය සහ සංවර්ධනය උදෙසා කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලැබෙන පිටුවහල ඉමහත් ඉහලයි.

අද දින ඕල්කට් විද්‍යාලයේ ප්‍රාථමික දරුවන්ගේ සෞඛ්‍ය පරීක්ෂා කලා.

සාලමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ සහයෝගයටත් ඕල්කට් විද්‍යාලයේ ස්තූතිය.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 02/08/2023

පාසල් උදේ රැස්වීම කියන්නේ දරුවන්ට වේදිකාවක්.

අද බදාදා 6-B පන්තියේ දරුවන්ගේ දවස.

පාසලක් විදියට දරුවන්ගේ මේ දක්ෂතා වලට අපි හදවතින්ම සුබ පතනවා.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 02/08/2023

නිතිනි දන මන නයන පිනවන
දුල් සිරින් දෙවගනක විලසා

2023 සමස්ථ ලංකා අන්තර් පළාත් නර්තන තරඟාවලිය පසුගියදා නිමාවට පත්විය.

පත්තිනි සවුදම - පහතරට ඒකල වාදනය යටතේ තුන්වන ස්ථානය හිමි කර ගැනීමට
හෙන්රි ඕල්කට් විද්‍යාලීය නර්තන අංශයේ දූ දරුවන් සමත්විය.

ඒ සදහා කැපවු ආචාර්ය මණ්ඩලයටත් දරුවන්ටත් සුබ පැතුම්.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 26/07/2023

මගේ ආගම සහ
රට කෙරෙහි යුතුකම්
ඉටු කිරීමටද,
පෝතක බාලදක්ෂ නීතියට
කීකරු වීමටද
මම පොරොන්දු වෙමි.

හෙන්රි ඕල්කට් විද්‍යාලයේ
ප්‍රාථමික අංශයේ බාලදක්ෂ දිවුරුම් දීම අද දින මෙසේ අවසන් විය.

කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ දිසා කොමසාරිස් අමිල් අබේසුන්දර මහතාට වගේම කොළඹ දිස්ත්‍රික් පෝතක බාලදක්ෂ (පුහුණු) කොමසාරිස් රවින්ද්‍ර රණසිංහ මහතාටත් අප පාසලේ ගෞරවණීය ස්තූතිය.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 07/07/2023

සාධු සාධු සාධු...!
මුළු පාසල් භූමියම සාධුකාර‍යෙන්
ගිගුම් දුන්නා.

පෙර පෝය වැඩසටහන.
හෙන්රි ඕල්කට් විද්‍යාලය.

වැඩමවා වදාළ,
ගරු ස්වාමීන් වහන්සේලාට
නමස්කාරපූර්වක ස්තූතිය.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 25/06/2023

මතුයම් දින ලබන ජයග්‍රහණය උදෙසා පාසල හොදම වේදිකාවයි.

අද දින කලාප තරග වලට සහභාගී වන සියලුම දරුවන්ට අපගේ සුභපැතුම්.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 22/06/2023

"අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම..."

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් වශයෙන් ප්‍රියනාත් පෙරේරා මහතාගේ අපූරු සමාරම්භයක් ලෙස,
හෙන්රි ඕල්කට් විද්‍යාලීය භූමිය තුළ කොස් පැළ සිටුවීම සිදුවිය.

සත්කාරය වෙනුවෙන් මහන්සි වූ සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතාට, සමෘද්ධි සංවර්ධන නිලධාරී චින්තන මුතුකුමාරණ මහතාට වගේම ප්‍රදේශවාසි සියලු දෙනාටම ස්තූතියි.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 22/06/2023

බිත්ති පුරා අලුතින් වර්ණ ගැන්වූ සෑම පින්සල් පහරකටම ස්තූතියි.
පුංචි පැටවුන්ගේ සෙල්ලම් මිදුල ලස්සන කරන්න උර දුන්න ලස්සන හිත් ඇති හැම තාත්තෙක්ටම ආපහු ස්තූතියි.

Photos from Henry Olcott Vidyalaya Kolonnawa's post 27/05/2023

O/L වලින් පස්සේ මොකද කරන්නේ?

මෙවර අ:පො:ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් විද්‍යාලයේ දී පැවැත්වුණා.

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි තමරා ප්‍රියන්ති මහත්මිය හරි අපුරු විදියට වෘත්තිය අධ්‍යාපනයේ වැදගත්කම දරුවන්ට කියා දුන්නා.

Want your school to be the top-listed School/college in Kolonnawa?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

කායෙන සංවරො සාදූසාදු වාචාය සංවරොමනසා සංවරො සාදූසාදු සබ්බත්ථ සංවරොසබ්බත්ථ සංවුතො භික්ඛුසබ්බ දුක්ඛා පමුජ්ජතී

Category

Telephone

Website

Address


Salamulla
Kolonnawa

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30