RaSi

The place of Romance

21/05/2024

Every time I remember that moment, my heart is thrilled❤️🍃. There are no words to describe that feeling🥰🍃.

26/11/2023

රාත්‍රිය කොතරම් මනරම්ද?

සියත නොපෙනෙන මේ රැයේ
නිරිඳුන් වෙනතක ගිය වෙලේ
කිමද අඳුරට පෙම්බැන්දෙ නුබ
සිතුනා නිරන්තරේ..

නිරිඳුන් වැඩි විට නොදකින ඔබෙ රුව
අඳුරේ වෙලුනත් පින් පාටයි
ආඩම්බර නුබෙ රන් පැහැ නොදකින
සිහින දකින ඇස් පවු කාරයි..

ආලෙන් වෙලෙන්න බෑ මට උබ ලඟ
නුබෙ අයිතිය ඇත්තේ සඳුටයි
කවි ගී ලියුවත් අහසට පොලවට
නුබව මතක මට මහ රෑටයි..

කනාමැදිරියෝ නුබ පෙම්බැඳි රැය
තනියම වින්දත් මම කොතරම්
දැනුනේ නෑ තුටු තිබුනේ දුක් කඳු
පුදුමයි උබ දානා විගඩම්

එලියට නොපෙනෙන අඳුරේ දිදුලන
තවත් කතා ඇත ලොව කොතරම්
ඉතින් සබඳ මේ අඳුරට හේතුව
දැන ගත්තොත් මට රැය මනරම්
✍🏼Rasi

26/11/2023

අම්මා ❤️

26/11/2023

රැය කොතරම් මනරම්ද?

26/11/2023

ගී ලොවක් තනන්නට නොහැකියි මා හට
ඔබේ මියුරු ස්වර නොමැතිව තාලෙට
සුසිනිදු මල් පෙති විසිරෙන සුලඟට
විසිරී යනු බෑ සිතුවිලි සයුරම

පහන් රැයක උනුසුම නෑ සයනෙක
ඔබේ හුස්ම පොද නැති නම් මා ලඟ
සුමුදු පියාපත් ගැටෙන අහස් කුස
රහසේ වින්දා සිහිනෙක පෙර දින

ඔබේ ගීයෙ සොඳුරු තනුව
වෙන්නට මට ඉඩ ඇතිනම්
ප්‍රේමනීය මිහිර අරන්
නොසිතු ලෙසින් හැඩ වන්නට
එන්නම් මම නොදුරු දිනක
දෑත දරන් පියාඹන්න

ස්ථාවර කල ඔබේ ස්වර පෙල
අස්ථාවර කෙඳිරිල්ලක් වීමට
රැයක් පුරා මල් සුවඳ විඳින්නට
ඔබේ ස්වරය මට දෙනවද තාලෙට..?

✍🏼Rasi

#නිසදැස්

25/11/2023

Too late😪

19/11/2023

#ආශාව_කියන්නෙම_තාවකාලික_හැඟීමක්,

අද මම වැඩ ඇරිල කෝච්චියෙ අසුනකින් ඉඳගෙන මගෙ පෞද්ගලික ලෝකයට යද්දිම හරි අපූරු දසුනක් දැක්ක..
ලස්සන කොල්ලෙක් සහ කෙල්ලෙක් මුහුද අයිනෙන් යන කෝච්චි ගමන හරි අපූරුවට විඳිනව, ලස්සන වෙරළ තීර වීඩියෝ කරනව, ඡායාරූප ගන්නව.. ඉතින් හිතවත මමත් එසැනින් ගියා මගෙ අතීත ලෝකෙට…,
ඉස්සර මං ගොඩක් ආසයි මුහුද අයිනෙන් යන කෝච්චියක
මුහුදට මුහුන දා තියෙන ජනේලයක් අයිනෙ ඉඳගෙන ගමනාන්තය තෙක් මුහුද දිහා බලන් යන්න.. ලස්සන වෙරළ තීර, සරුවට වැවුනු කඩොලාන, අබලන් මුඩුක්කු, සෙල්ලම් කරන ළමයි, ආදරය කරන මිනිස්සු, අහසෙ පියාඹන වැහි ලිහිනි.. බැස යන හිරු, තවත් ලියන්න බැරි තරම් ගොඩක් දසුන් හිතට මාරම හැඟීමක් එක්කරනව නොමැකෙන මනෝපාරකුත් එක්කම.. අදටත් ඒ දවස් වල එකතු කරපු ඒ සුන්දර මතක මගෙ දුරකථනයෙ එක් මුල්ලක තියෙනව අමතක වෙලා ගිහින් මකුලු දැලුත් බැඳපු..
ඉතින් හිතවත මං ඒ අත්දැකීම හැමදාම විඳිනකොට ටිකෙන් ටික ඒ අපූරු දේවල් හැමදෙයක්ම සාමාන්‍ය දේවල් වෙලා.. එදා මං නොඉවසිල්ලෙන් බලන් උන්නු කියන්න බැරි තරම් ආශා කරපු ඒ කෝච්චි ගමන අද මට සාමාන්‍ය ගමනක්..
අතහැරුනු හැඟීමක්.. අමතක උනු ආශාවක්..!

ඉතින් හිතවත, මොකක්ද මේ ආශාව?
බොරු දෙයක් නේද? තාවකාලික වින්දනයක් සඳහා හිත රවටා ගැනීමක් නේද?

ඒත් මම සීමාවක් නැතිව වෙරළේ වැලි සිඹින රැල්ල, ලෝකයක් අමතක කරවන හෝ හඬ, ඈතින් මතු වී නේක රටා මවන දිය රැළි වලට ගොඩක් ආදරය කරනව.. හැමදාමත් කෝච්චිය එනකල් ස්ටේශන් එක ලඟ ගලක් උඩ ඉඳගෙන ඒ හැඟීම විඳිනව.. නිවාඩු දවසට වෙරළේ හුදෙකලා උනු මුල්ලක ඉඳගෙන ඒ හැඟීම විඳිනව.. අදටත් මං ඒ දේවල් එලට ගොඩක් ආදරෙයි..

ඒක අමුතුම හැඟීමක්.. එපා නොවන බැඳීමක්..!

ඇයි මට තවම ඒ දේ එපා නොවුනෙ?🤔
එතන තියෙන්නෙම බාදාවකින් තොර වූ නිදහස සහ සැනසීම..

ඉතින් හිතවත,
අපි ආදරය කියල කෙනෙක්ගෙන් බලාපොරොත්තු වන්නෙ ඒ දේ නේද?
නිදහස, සතුට, සැනසීම විඳින්න පුලුවන් හදවතක්.. සැකයක් නැතිව ඕනම දෙයක් ගැන කතා කරන්න , එක එක වෙලාවට ඇගේ නලියන හැඟීම් විඳගන්න පුලුවන් කෙනෙක්..

ඇයි ඉතින් අපිට බැරි ඒ නිදහස සැනසීම අපි ආදරය කරන කෙනෙක්ට දෙන්න.. ?
බැරි නෑ පුලුවන්.. නමුත් අපි තව කෙනෙක්ට කරන්නෙම ආශා කරන එක.. ආදරය කියල දකින්නෙම වැසුනු ආශාව..

ඉතින් හිතවත,
කාලය විසින් ආශාව ගෙවා දමන අතර ආශාව සිත රවටන තාවකාලික දෙයක්මය..!
අපි නොදකින නොහිතන ලෙස ආදරය නොපෙනෙන ලෙස සැඟ වී අපි දෙස හරි ආදරයෙන් බලාගෙන ඇති..! ❤️

කාලයට ගෙවා දැමීමට බැරි ඒ ආදරයට මම ගොඩක් ආදරෙයි! ❤️
සංකීර්නයි!
✍🏼Rasi

06/10/2023

පන සේ රකින්නම් දිවිතුරා… ❤️🫀

06/10/2023

සංසාරය කෙසේ දැයි නොදනිමි..!
නමුත් තවමත් මේ බියකරු සසර තුල,
අතරමං වී සිටින හැඟීම දිනපතා විඳිනු ඇත🥺

05/10/2023

මොන භාදක ආවත්,
කවුරු ඔබව ප්‍රතික්ශේප කලත්,
හිනා වෙලා මුහුන දෙන්න😃
💥

මොකද,
තම සිතවත් තමන්ට ඕන විදිහට නැතිකොට,
වෙනත් දේවල් ගැන කවර කතාද?💤

05/10/2023

විඳින්න දන්න කෙනාට,🚶‍♂️🚶‍♂️🚶‍♂️
තනිකමත් හරි සුන්දරයි! ❤️

Send a message to learn more

05/10/2023

Welcome All ❤️🥰

Want your business to be the top-listed Grocery Store in Kotte?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Every time I remember that moment, my heart is thrilled❤️🍃.  There are no words to describe that feeling🥰🍃.    .... ..#b...
වැස්සයි + මනරම් වටපිටාවයි + ජනේලයක් අයිනෙ අසුනයි + දිගු ගමනයි = ජීවිතේ විඳින්න පුලුවන් මාරම ලස්සන හැඟීමක් ❤️🍃⛈️.
පිංතූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි ❤️
පන සේ රකින්නම් දිවිතුරා… ❤️🫀
සංසාරය කෙසේ දැයි නොදනිමි..!නමුත් තවමත් මේ බියකරු සසර තුල,අතරමං වී සිටින හැඟීම දිනපතා විඳිනු ඇත🥺
මොන භාදක ආවත්,කවුරු ඔබව ප්‍රතික්ශේප කලත්,හිනා වෙලා මුහුන දෙන්න😃💥මොකද,තම සිතවත් තමන්ට ඕන විදිහට නැතිකොට,වෙනත් දේවල් ගැන ක...

Category

Website

Address


Thalawathugoda
Kotte

Other Food & Grocery in Kotte (show all)
Akiya Akiya
Bandarawela
Kotte, KOTTE

Kotte Vegi Shop Kotte Vegi Shop
85, Thalawathugoda Road
Kotte

All your vegitable needs under one roof

USDT USDT
93/22c Pragithi Pura Madiwela
Kotte, 10100

marketing

GIfts by shine_Y GIfts by shine_Y
Colombo
Kotte, 10200

item4u item4u
Kotte, 10100

your items

Nadee carft  page Nadee carft page
354/26A. Suhada Mawatha . Madiwela . Kotte
Kotte, KOTTE

Craft Arts

හ ර් ෂි රසකැවිලි - Harshi Sweets හ ර් ෂි රසකැවිලි - Harshi Sweets
Baddagana
Kotte, 10100

"Indulge in the authentic taste of Sri Lanka with Harshi Sweets! 🍬✨ Discover a rich assortment

tanu.meena156 tanu.meena156
Jaipur Rajasthan
Kotte

aap sabhi support Karo

Danul boyge chuti kade Danul boyge chuti kade
33, Darmapala Mawatha, Madiwela, Pita
Kotte

one deyak aduwata