SL multi
Nearby media companies
Biratnagar, New York
Bangladeshi, Dhaka
Sylhet
Karimganj 788724
Varanasi
Narayanganj
Montodine
Broadway, New York
Jatrabari 8877
Gonda
Chandpur
New York, New York
Purnia
All Video ,Audio & Comadi
එක ගෙදරක් තිබුණා. දවසක් උදේ නැගිටලා බලන කොට ගේ පුරාම වතුර. වහලෙන් වතුර බිංදුව බිංදුව වැටෙනවා. ගෙදර අය දුවගෙන ගිහින් මුට්ටියක් ගෙනත් තිබ්බා. දැන් තෙමෙන්නේ නෑ. ඉතිං සතුටුයි. රෑ නිදලා බලන කොට වතුර උතුරලා. ගෙදර අය මාරුවෙන් මාරුවට ඇහැරලා ඉදලා මුට්ටියේ වතුර අයින් කරා. අයියෝ අපි හරි මෝඩයිනෙ කියලා ඊලගට ලොකු මුට්ටියක් තිබ්බා. දවසක් හැප්පිලා ඒක බිදුනා. ඊට පස්සේ ගොඩාක් මහංසි වෙලා වැඩ කරලා සල්ලි හොයාගෙන යකඩ මුට්ටියක් ගත්තා. කල් යනකොට ඒක මලකඩ කෑවා. ඊට පස්සේ තවත් වියදම් කරලා සුදු යකඩ මුට්ටියක් තිබ්බා.
අල්ලපු ගෙදර ගිය වෙලාවක දැක්කා එයාලා වතුර වැටෙනවට තියලා තියෙන්නේ කැටයම් දාපු මුට්ටියක් කියලා. මෙයාලත් කැටයම් දාපු මුට්ටියක් තිබ්බා. අල්ලපු ගෙදර අය රිදී මුට්ටියක් තියලා කියලා ආරංචි වුනා. මෙයාලා රෑ දවල් වැඩ කරලා, OT කරලා, ණය වෙලා රත්තරන් මුට්ටියක් ගෙනාවා. මුට්ටිය හැඩ කරන්න එක එක courses කරා. මුට්ටිය පිරෙන කොට ස්වයංක්‍රීයව වතුර අයින් කරන ක්‍රම හොයා ගත්තා. මුලු ජීවිතේම හරිම busy. මොකටද? ගේ තෙමෙනවා, හිතට හරි පීඩාවයි, ඒකෙන් ගොඩ එන්න.
පව් නේද? තෙමෙනවට පිලියම් හොයනවා. ඒත් තෙමෙන්නේ ඇයි කියලා බලන්න තරම් නුවණක් නෑ. අර වහලේ පුංචි හිල වහගන්න තියෙන්නේ. පොඩි වැඩක්. ඒක කරන්නේ නැතුව මුලු ජීවිතේම අවුල් කරගෙන අවිවේකී කරගෙන මුට්ටි තියනවා. සාර්ථකද? නෑ. පොඩි වෙලාවකට විතරයි පොඩි සහනයක් දැනෙන්නේ. ආයෙත් ප්‍රශ්නය එනවා.
හැබැයි අපිත් ඔය වගේමයි.
අපි පෙලෙනවා. එතකොට අපි පෙලීමෙන් නිදහස් වෙන්න දේවල් කරනවා. අරක තියෙනවා නම් හරි, මේක තියෙනවා නම් හරි කියලා ඒවා පස්සේ පන්නනවා. අරක කෑව නම් හරි, අර තානාන්තරේ ලැබුන නම් හරි, අර රටට ගියා නම් හරි කියලා ඒ හැම දේමත් කරනවා. ඒ මොහොතට පොඩි සහනයක් ලැබෙනවා. ආයෙ පෙලෙන්න ගන්නවා. ආයෙ ඒකෙන් නිදහස් වෙන්න දේවල් කරනවා. ඉගෙන ගත්තා, රස්සා කරා, ලොකු ලොකු තානාන්තර ගත්තා, ගෙවල් හැදුවා, වාහන ගත්තා, බැන්දා, ළමයි හැදුවා, රස රස කෑම කෑවා, පාටි දැම්මා, ලෝකෙ පුරා ඇවිද්දා. අනේ ඒත් තාම පෙලෙනවා.
පෙලෙනවට ප්‍රතිකර්ම කළා. ඒත් පෙලෙන්නේ ඇයි කියලා බලන්න නුවණක් තිබුනේ නෑ. පව්.
පෙලෙන්නේ එක එක දේවල් ඕනෙ වෙන නිසා. ඕනෙ වෙන්නේ ඒවා සාරයි කියලා හිතෙන නිසා. සාරයි කියලා හිතෙන්නේ ඒවායේ යථා තත්වය නොදන්නා නිසා. යථා තත්වය දැන ගන්න කළ්‍යාණ මිත්‍රයෙක් ගෙන් සද්ධර්මය ශ්‍රවනය කරන්න ඕනෙ. ලෝකේ අනිසි බව, දුක්බව, අසාරත්වය අවබෝධ වෙන්න ඕනෙ.
එහෙම වුනා නම් පෙලෙන්නේ නෑ. පෙලෙන්නෙ නැත්නම් ඔච්චර මහන්සි වෙන්න දෙයක් නෑ. හරියට වහලේ හිල වැහුවා වගේ.
ඒ අමා නිවන් සුව ඔබට මට බොහෝ දුර නොවේවා!
නමෝ බුද්දාය...
ෂකිට හොරෙන් ගත්තේ කියන්න එපා
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matale Town
No125, Rosewatta Road, Iriyagolla, Kaudupalalla, Matale
Matale Town, 21000
Cozy Couple
Matale Town
ඔයාලගේ ෆොටස් ,විනෝදාත්මක වීඩියෝ,ජීවිතේ වැදගත්ම දේවල් පොස්ට් එකක් විදිහට දාගන්න කැමතිනන් කතා කරන්න.🫶❤