Ha Na ArtZ
UNIQUE
මනුස්සයෙක්ට පුලුවන් ද ඒ තරම් ආදරේ කරන්න,
"එයාව ගවරවෙල කන්දේ මැයි මාර ගහ යටින් තියලා, මට ගහට නැගලා අතු හොලවන්න ඕනෙ. වැටෙන්න නියමිත මල් සේරම වැටෙනකොට එයා හිනා වෙන්නෙ මං හිතාගෙන ඉන්න විදියටමද කියලා මට හරියට බලාගන්න ඕනි. එදාට ඒ මොහොත මම නම් කරන්නෙ 'මැයි මාර ප්‍රසංගය' කියලා"
-මහින්ද ප්‍රසාද් මස්ඉඹුල-
අතීතයේ දේවල් ගැන කණගාටු වෙන එක අතැරලා සෑහෙන කාලයක් .ඒත් අහම්බෙන් මේ වීඩියෝ එක ඇහැ ගැටුනම හරියට කණ්නාඩියක් ඉස්සරහ හිටගෙන ඉන්නවා වගේ දැනුනා .
කෙනෙකුට ඇහින් දකිනකං විශ්වාස කරන්න බැරි දේවල් පොළොවේ සිද්ධ වෙනවා .ඒ දරුවා අඬන්නෙ නැති බව පේනවද ?......අවට ඉන්න පවුලේ මිනිස්සු දරුවට උදවු නොකරන බව පේනවද ?.....ඒවා අසාමාන්‍ය නෑ .මොකක් හරි හේතුවක් හින්දා ඒවා ඇත්තටම සිද්ධ වෙන්නෙ ඒ විදියට . මීට වඩා දරුණු අමානුෂික මොහොතවල් තිබුනා මාව වචනෙකින්වත් ආරක්ෂා කරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් නොවුනු .
ලෝකය තමන් දකින ප්‍රමාණයට වඩා ලොකුයි කියලා නොතේරෙන මිනිස්සු දුෂ්ට උන්මත්තකයො ඉස්සරහා ඇකිලිලා නිර්වින්දනය වෙනවා .
ඒ හේතුව හින්දා වෙන්න ඇති මම මනුෂ්‍ය ප්‍රජාවට කිට්ටු වෙන්නත් එයාලව විශ්වාස කරන්නත් අකමැති .මගෙ කවිවල මිනිස්සුන්ට වඩා ගස් කොලං ,ගංඟා ,කඳු ,තැනිතලා ගැන ලියවෙන්නෙ ඒකයි .කිසිම දරුවෙක් වැරදි කාලයක වැරදි පරිසරයක වැරදි අම්මලාට තාත්තලාට දාව ඉපදෙන්න හොඳ නෑ .ඒක මහ නරුම කාලකන්නි අවාසනාවක්
දවසක් ගුටිකාලා හෙම්බත් වෙලා කෙලින් ඉන්න පණනැති වෙලාවක ආච්චි කෙනෙක්(හැමෝම එයාට කියන්නෙ කිරී ලොකු අම්මා කියලා.එයා ජීවතුන් අතර නෑ දැන් ) එයාගෙ ගෙදර බිම පැදුරක් දාලා ඉන්ඳවලා මට බත් පිඟානක් බෙදලා දුන්නා.ප්‍රහාරවලින් ගැලවුනා කියන සතුටුදායක හැඟීම එක්ක රොබෝ කෙනෙක් වගේ මම වෙව්ල වෙව්ල බත් පිඟාන කන්න ගත්තා .දෙවෙනි තුන්වෙනි කට විතර කද්දි පප්පා (තාත්තට පප්පා කියලා කීවෙ ) ඒ පුංචි ගේ ඇතුලට කඩාගෙන පැන්නා.මට මතක මාව බත් පිඟානත් එක්කම උඩින් ගිහින් බිත්තියේ වදිනවා විතරයි .ආපු වේගෙන්ම එයා මට පයින් ගහලා තිබුනා .ඒක එක සිද්ධියක් විතරයි .ලියන්න මතක් කරන්න අකමැති වුනත් වීඩියෝ එකේ දරුවා බත් කන හින්දා මට ඒක මතක් වුනේ එක පාරටම .
ඒ කාලෙ මොනාද හිතුවෙ ,මොනාද කල්පනා කලේ කියලා මට හරියටම මතක නෑ .ඒත් ඒ ඔක්කොම තාඩන පීඩන මට නියමිත සහ අයිති දෙයක් කියලා බාරගන්න පුරුදු වෙලා හිටියා .හිනාවෙන එක ,අඬන එක ,කතාකරන එක පවා වරදක් විදියට පෙනෙයි කියලා භීතියෙන් හිටියා .පප්පා මගෙ නම කියලා කතාකරපු ගමන් කලිසමේ චූ ගියා.මගෙ ජීවිතය ගෙවුනෙ එහෙම .
දශක කීපයක් ගෙවිලා ගිහින් තිබුනත් තාමත් මම වගේ අසරණ වුනු පොඩි උන් ජීවත් වෙන එක දකිද්දි හිතට හරි අමාරුයි .එහෙම බලද්දි ලෝකය වෙනස් වෙන්නෙ හරි හෙමින්.දරුවෝ කියන්නෙ අසමත් උමතු මිනිස්සුන්ගෙ පරිභෝජනය සඳහා නිර්මාණය වුනු කුඩා දුර්වල මෙවලම් නෙවෙයි .එයාලා තමයි සමාජයේ ස්වර්ණමය කොටස.එහෙව් තැනකට මිනිස්සුන්ගෙ මනෝභාවය හදන්න පුලුවන් රටක් නිර්මාණය වීම අත්‍යවශ්‍යයි .දරුවෝ වෙනුවෙන් ඕනෙම තත්වයක් යටතේ පෙනී හිටින්න පුලුවන් මිනිසුන්ගෙන් මේ ලෝකෙ පිරිලා ඉතිරිලා යන්න ඕනෙ කියන එක මගෙ ප්‍රාර්ථනය .
පුතේ,ඔයාට ඉතා ඉක්මනින් ඔය අපායෙන් ගැලවෙන්න වාසනාව ලැබේවා !
ඔබට සහය වන්නට අපි සූදානම්.පැය 24 පුරා ක්‍රියාත්මක පහත දුරකථන අංක සදහා ඇමතුමක් ලබා ගන්න.
🤍කලාවේ සියලු තැන් සංස්පර්ශ කළ සකලකලා වල්ලභයාණෙනි
ජීවන අහසින් බැස ගියත් රසික හදවතේ
නුඹ සැමදා අමරණීය වනු ඇති ඔබට සුබ ගමන්..🤍🙏
සුබ ගමන් .. සුභ ගමන් ..
සුබ ගමන් පතන්නේ කෙලෙසින්ද ?
අප හද දිගේ ඇවිද ගිය..
සොඳුරු යාත්‍රිකයාණනි
සදා මධුර වූ ජවනිකාවේ
රඟ නොපා පණපොවා චරිතේ
ජීවිතේ බර ළසෝගෙක හැර
අලුත් චරිතෙක වෙස් වලා හරි
සොඳුරු බස් ගෙන යළිත් එනවද
දුලබ මිත්‍රයාණනි..!
පනාපුත්‍රයාණනී...
නිම නොකළ මේ චාරිකාවේ
සම නොකලහැකි එකම චරිතේ
පිටපතේ තව බොහෝ රස ඇත.
අතීතය යළි කරකවා හරි
ඇවිත් යන්නට යළිත් එනවද
සොඳුරු මිත්‍රයාණනි
රඟහලේ සිංහයාණනී
පද - රුවන් ගුරුසිංහ
Alone but happy 🙂
🧑 යමු
👩 කොහෙද ?
🧑 දිග ගමනක්
" මේ ජීවිතේ කෙළවරට "
" මාත් එක්ක"
"කවදාවත් අතාරින්නේ නෑ මේ අත,
පොරොන්දු වෙනවා"
" එනවා නේද ? "
🧑 ඔව් එනවා, අන්තිම හුස්ම වෙනකල් ඔයත්
එක්ක ජීවත් වෙන්න. ❤️
🛑 ආදරය දෙන දුන්න හිතකට කවදාවත් මේ වගේ දුකක් දෙන්න එපා🙏 🛑
අපේ අවුරුදු 8යි මාස 4යි දවස් 7ක් ආදර කතාව.......
මෙහෙම දාන්නෙ දරාගන්නම බැරි තැන අනිත් එක මුලු ලෝකයක් අගේ කරපු,පතපු,මිද්දෙණිය ටවුන් එකෙ තිබ්බ පරණ ම ලස්සන ම කිලුටු නැති ප්‍රශ්න නොතිබුනු ආදරෙන් ම ඉදපු දෙන්නා අපි නිසා.එ ආදරේ පටන් ගත්ත හැටි අපි හිටපු හැටි කාපු බීපු ඇවිදපු හැටි රුපියල් 100ක් අතේ නැතුව සමහර දවසට අසරණ උනු අතීතය අද එයාට අමතක වෙලා.එ වගෙම රුපියල රුපියල එකතු කරන් ජීවිතේ ගොඩ ආපු හැටි,ස්කෝලෙ කාලේ ඉදන් ගෙදරින් ගුටි කකා අඩ අඩා ප්‍රශ්න දාහක් මැද ඔයාව අත් නොහැර එක හිතකින් ඔයා එක්ක ම ඉදපු මන් අද තනිකරලා ඔයා වෙන කෙනෙක් විශේෂ උනු නිසා.ඒක තමයි එකම හේතුව නේද රත්තරනෙ.ඔයා නෑ කිව්වාට ඒක ඔයා ඔප්පු කරා.ඔයාගෙ යාලුවො මාව දන්නෙ මගෙ යාලුවොන්ට පස්සෙනෙ.මගේ උන් දන්නො මන් අපෙ ආදරෙ වෙනුවෙන් ස්කෝලේ කාලේ විදපු දුක.ගුරුවරු හැමෝම කිව්වා පුතේ ඔයා දක්ශ දරුවෙක් ඔයා කවදා හරි මේ ස්කොලෙම ටීචර් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් ඔය සම්බන්දෙ නවත්තන්න කියලා.ඔයා දන්නො 10 වසරෙ දි මුලින් ම ෆෝන් එකක් ගෙදරට අහු උනාම අපේ තාත්තා ඔයාලයි ගෙදර ආවා.එ ඇවිත් ගෙදර තාත්තා මට වැදල කිව්වා පුතේ ඕක නවත්තන්න කියලා.කොසු කැඩෙනකම් ම්න් ගුටි කාලා තියෙනවා ඔයා නිසා,දවස් ගනන් අඩලා තියෙනවා,ලැජ්ජ වෙලා තියෙනවා,සුදු ගවුම බෑග් එකේ දාන් මන් ඔයාව හම්බෙන්න එනෝ.ඒවා අහු උනාම මන් කොච්චර අසරණ වුනා ද කෙල්ලෙක් විදියට.අපි වරදක් නොකරන බව දන්නෙ අපි විතරයි එ කාලේ.දකින අය පිලිගන්නෙ නෑ.ඒක එදත් එහෙමයි අදත් එහෙමයි.ඔය වගෙ ගොඩාක් යුද්ධයක් මැද්දෙ අපි ආදරෙ කරා.ඔයත් කවදවත් මාව අතෑරියේ නෑ.පණ ට පණ වගෙ අපිට අපි හිටියා.ඔයාට මේ අතීතය අද අමතක වෙලා.මතකයි අද වගෙ බස් වල අපි තෑගි යවපු හැටි,වරු ගනන් ස්ටෑන්ඩ් එකේ කතා කරපු හැටි,හොරෙන් යාලුවො එක්ක ට්‍රිප් ගියපු හැටි,රුපියල් 500 අතේ තියන් මාතර ගිහින් ගිනි අව්වෙ ඇවිදලා දෙන්නා එක්ක අතේ ඉතුරු ගාන දාලා බඩගින්නට කාපු බීපු හැටි.මොන ප්‍රශ්න ගෙවල් වලින් තිබ්බත් අපි කොච්චර දුප්පත් උනත් පොහොසත් ඔයාගෙ ආදරෙ ගැන මන් සතුටු උනා.අපි සතුටින් හිටියා.අද ඔහොම හිටියට මුලු මිද්දෙණියක්,මෙ අපි හුස්ම ගන්න ගහක් කොලක් ගානෙ අපෙ මතක අපේ සුවද තියෙනවා.ඔයාව ගොඩ ගන්න මන් පුලුවන් හැමදේම කරා.ඔයත් ඒකට මට ගොඩක් උදව් උනා.අපි ජීවිතේ දින්නා ගොඩක් දේවල්.ආදරෙත් දින්නා.හැමදේම ලස්සනට ම තිබ්බා දැන් අවුරුදු 4ක වගෙ ඉදන්.ගෙවල් වලින් කැමති කරන් හැමදේම හොදට උනා.මන් ඔයා වෙනුවෙන් නොකරපු දෙයක් නෑ ඒක ඔයා දන්නවා රත්තරනෙ.ඉතින් ඔයා අන්තිමට මගෙ තැන වෙන කෙනෙකුට දුන්නා.ඒකත් මන් හදාගන්න ඔයාට උපරිම අවස්ථාව දුන්නා.ඒත් ඔයාට බැරි උනා.අවුරුදු 9ක් ඔයා එක්ක ඉදන් ඔයාගෙ වෙන්න මන් කොච්චර නම් හීන දැක්කා ද.කෙල්ලෙක් ගෙ ජීවිතේ ලස්සන ම දවසෙ මලගෙයක් කරලා,මගේ ජීවිතෙ අපායක් කරලා ඔයා ගියා.අවුරුදු 22ක් මන් ගොඩ නගා ගත්ත චරිතේ, මිනිස්සු, රස්සාව, මගෙ අම්මගෙ තාත්තාගෙ නම්බුව,නම්බුවටත් වඩා ඒ මිනිස්සු දෙන්නාගෙ දාඩිය කදුලු එක්ක ඔයා ලොකු සෙල්ලමක් කරලා.මට බත් එක නොබෙ දා ඔයාට බෙදලා තියෙන්නෙ.ඔයාට උනු හැම ප්‍රශ්නෙකදි ම අපි ඔයා එක්ක ඉදපු හැටි ඔයා දන්නවා.එ දේවල් කියල ඔයා අසරණ කරන්න මට කවදාවත් ඕනි නෑ.ඔයා ඔය තත්ත්වෙට වැටිලා මට මෙච්චර දෙයක් කරලත් ජුනි 26 උදේ ඉදන් මේ වෙනකම් අද වෙනකම් මන් පිස්සු බැල්ලියෙක් වගේ පාරක් පාරක් ගානේ ඔයාව හෙව්වා ඔයාට කරදරයක් ද මොකද්ද උනේ කිය කිය.මෙච්චර අසරණ කරලත් මන් අපේ ආදරේ විශ්වාස කරා.ඔයා මට මෙහෙම කරන්නෙ නෑ කියලා.......
හ්ම්ම්ම් මට වැරදිලා.මාසයයි දවස් 8ක් මන් වින්ද දුක මන් එක්ක ඉදපු උන් දන්නො.උබලා ඔක්කොම නිසයි මන් මෙහෙම අද ජීවත් වෙන්නෙ.හයියට ඉදපු මාව තනි නොකරපු ඔක්කොටම පින්.සමීර අයියා හොදින් සතුටින් ඉන්නවා.
" මට ඔයාව එපා.මන් ගැන හොයන්න බලන්න එන්න එපා.මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න. නිදහසෙ ඉන්න දෙන්න.මට ඔයාව එපා නිසා මන් ගියේ." (BOB@BABy)
ඕක තමයි මට ලැබුනු උත්තරේ අවුරුදු 9ක ආදරේට.ඒකට හේතුව හොයන හැමෝට ම උත්තරේ ............. ❤️.එයා එක්ක සතුටින් ඉන්න මැනික.
හැමදාම මට ඕනි උනේ ඔයාව රජෙක් කරන්න.පුලුවන් උපරිමෙ මන් කරා ඉතිරි දුර ඔයා යන්න.වරදින්න එපා මට ඔයා කරා වගේ කවදාවත් ඔයාට.හැමදේකට ම බොහෝ ම ස්තූතියි .
බුදු සරණයි!
පලමු ආදරය තුලින් ආදරය කුමක්දැයි වටහා දෙන අතර අවසාන ආදරය තුලින් ජීවිතය කුමක්දැයි වටහා දෙයි 💔🥺
😇🖇️
Freedom ♥️
හමුවීමක් කොහෙද
වෙන්වීමක් නොමැති...💔
ආදරය නිසා ම අන්තිම හුස්ම පොද රදවා ගන්න ගොඩක් සටන් කරන්න ඇති.
ඒත් දෛවයේ උරුම වෙන්වීම නම් 😥 කුමක් කරන්නද අමාරුවෙන් වුණත් ඒ හුස්ම වාතලයට මුසු කරන්න ඇති💔
ඉතින් ජීවිතය එයයි. සිල්ලක්ම තීරණය කරන්නේ දෛවයයි. දෛවයම මුණගස්සපු ආදර කතා දෛවය විසින් ම වෙන් කරනවා. ඒ නිසාම කළ යුත්තේ සියල්ල සම සිතින් දරා ගැනීමයි.
හැම හමුවීමක්ම පැමිණෙන්නේ වෙන්වීම දෝත දරාගෙනයි...💔
✍️ Ha Na ArtZ
දර්ශනා ♥️😍
ඔයත් එක්ක ♥️
හැම මොහොතක්ම ♥️🌎
Zyan Malik 😍😍
Most handsome person in the world 🌎 ♥️😘
අරලිය ලන්දට 🌸
සඳ පායනකොට 🌙
✈ ❤️
ඒ බැල්ම 🥺♥️
විදින්න ජිවිතේ♥️
ඔයාත් එක්කම😍
හැම මොහොතක්ම 😊
ජීවිතේ සුන්දරම හමුවීම 😍
පහුගියපු ලස්සනම දවස 😘
ගෙවුණ ආදරණීයම මතකය 💕
ඔව් ඒ එදා, ❣️
මටත් මතක් වුණා අපි මුලින්ම හමුවුණ ඒ දවස ❤️
ඉතින් ඔයාට කොහොමද එයාව හමුවුණේ ❤️
සුදු රෝස මල
දෙනුවන් වසා ගෙන
නිහඩවම නුඹ අද
මඩ වගුර සිපගෙන
රුදුරු මිනිසුන් මැද
කෑ ගසා හැඩුවාද
බියෙන් නුඹ පෙලුනාද
හුස්ම අත් හැරුණාද
නුඹට වූ ඉරණමට
වාවන්නේ නෑ දුකට
මතු දිනෙක සැනසෙන්න
නිවන් සුව සුදු දුවට
ආලේ මල්....🌼
පිපුනිද මේ දවල් 🌞
අත අල්ලාගෙන....🤝
ආවේ ඔයාදෝ 😍
අපි තමයි අපිව දන්නේ....
ලෝකය නෑ එය දන්නේ 😍♥️
බාධක නම් තව එන්නේ....
අපි ආදරයෙන් ඉන්නේ 🌼♥️
My love for you is a journey, that starts at forever and ends at never in Life...
♥️🥺
Loneliness is the poverty of self; solitude is the richness of self.... ♥️🌼
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Telephone
Website
Address
Sameera Pathegama South Kottagoda
Matara, 81180
My age is 38 years old. My country sri lanka. I work in south korea agriculture field.